Thursday 16 March 2017

පරකන්දෙණියේ ධම්මවංශාභිධාන කතා වස්තුව – Buddhism betrayed


එකල්හි අප මහා පස්වෙනි ජෝර්ජ් මහ රජාණන්දෑ හිරු නොබසින අධිරාජයේ දැහැමෙන් සෙමෙන් රාජ්‍යය විචාරමින් කල් යවනා කාලයේ, ඉන්දීය සයුරේ කඳුළු බිඳුව නම් වූ විරුදාවලි ලද එක්තරා කොදෙව්වක බස්නාහිර පළාතේ සියනෑ කෝරළයේ පරකන්දෙණිය නම්වූ පසල් දනව්වේ විසුවා වූ කෙළෙඹි පුත්‍රයෙකි.

තම බිරින්දෑ සමග කාලයක් තිස්සේ පවුල් කෑවා වුව ද, දරුවෙකු නොමැති වූ නිසා, ඔහු විසුවේ තරමක කනස්සලෙන් බව අද අපට සිතිය හැක.

මේ කාරණය නිසා හෝ වෙනත් හේතු කාරණා නිසා හෝ මේ අඹුසැමි යුවළ අතර නොහොඳ නෝක්කාඩු, අමනාපකම්, හැල හැලැප්පීම්, වලි හෝ කචල් තිබුණේ දැයි පාරම්පරික ප්‍රවාදයෙහි සඳහන් නොවේ.

එසේ වතුදු, මේ කෙළෙඹි පුත්‍රයාට තම බිරිඳ ගේ කනිටු සොහොයුරිය සමග යම් කිසි පහිරු-පාසානයක්, අනියම් සබඳකමක්, ඇති කරගන්නට මූලික වූ යම් යම් කාරණා තියෙන්නට ඇත.

එකල මේ ධර්මද්වීපයෙහි ප්‍රීති ය, මිතුරි ය, කොන්ඩොම් ය, මෝනිං ආෆ්ටර් ෆිල් ය යනාදී විවිධාකාර උපත් පාලන විධික්‍රම නොතිබුණි. එසේ තිබුණේ වුව ද, මේ පටලැවිල්ලට ඒවා අවැසි නොවන්නට ඉඩ තිබුණි.

මෙසේ කාලයක් කොටු පනිමින් සිටියායින් අනතුරුව, තම අනියම් බිරිඳ හෙවත් ස්පෙයාවීලය ගැබ්ගත් කල් හී අප කෙළෙඹි පුත්‍රයාණෝ කල්පනා කරන්නේ, මා මේ නූපන් දරු ද, උන් මෑණියන් ද දෙඇස මෙන් රකින්නෙමියි සිතා අදිටන් කොට ගෙන තම පසල් දනව්වේ අනිත් කෙළවර ගෙපැලක් අටවා තම ගැබ්බර පෙම්බරිය එහි පදිංචි කරාවාලූ හ.

මෙසේ දස මස් ඇවෑමෙන් පින්වත් පුත් කුමරුවෙක් එමව්කුසෙන් මෙලොවට ජනිත විය. හේ සූරියආරච්චිගේ බුද්ධදාස ලෙසින් නම් ලද්දේ ය.

තම පියා සපයා දී, මව උයා පිහා දෙන අහරින් මනාව පෝෂණය ලද එකුමරු තෙමේ කෙමෙන් වැඩී පුෂ්ටිමත්, බුද්ධිමත් දරුවෙකු බවට පත්විය. ගමේ පාසලේ ගුරුන් ගේ සිත් දිනා ගනිමින් අකුරු උගත්තේ ය.

මෙලෙස තව කලක් ගත විය.

ආරෝහ පරිණාහ උත්තුංග දේහයෙන් ද, මනා ඡවි කල්‍යානයෙන් ද, සිය පිය පාර්ශවයෙන් හොඳින් සම්මාදම් ලද පිරිපුන් සඳක්වන් පින්වන්ත මුහුණෙන් ද යුතු වූ අප බුද්ධදාස තරුණ තෙමේ, ජන්මාන්තර පුරුද්දක් නිසා දෝ කල්පනා කළේ මහණ දම් පිරීමටයි.

බුද්ධදාස කුමරා වාසය කළ නිවස පිහිටි පසල් දනව් ග්‍රාමයට අයිති වූයේ නුදුරින් තිබූ කොස්සින්න රජමහා විහාරයේ හතර පේරුවටයි. මෙකී කොස්සින්න රජමහා විහාරය වනාහී තායිලන්ත නිකායේ අස්ගිරි චැප්ටරයට අයත් වූවකි. ඒ නඩයේ පන්සලක මහණ දම පුරන්නට වරම් ලැබෙන්නේ උභය කුල පාරිශුද්ධ අයට පමණි.

එනම් මූලිකව ම. මහණ දම් අපේක්‍ෂිත පින්වත් කුමරුවා ගේ මව්පිය දෙපළ ම ගොවිගම කුලයේ විය යුතු ය.

එපමණක් නොව කුමරුවා ගේ පැටිකිරිය ද පාරිශුද්ධ විය යුතුය.

අප කතානායක බුද්ධදාසයන්ට නොතිබුණේ මේ දෙවැනි සුදුසු කමයි.

සිය මව, සිය පියා ගේ නීත්‍යානුකූල බිරිඳ නොව ස්පෙයාවීලය වූ හෙයින් ගමේ පන්සලේ සංඝරාජලාට අනුව බුද්ධදාස යනු අවජාතකයෙක් වී ය.

එදා සුනීතලා, සෝපාකලා, අංගුලිමාලලා මහණ දම් පිරුවේ ද, නන්දලා, ආනන්දලා, රාහුලලා සමග එකම ශාසනයේ, එකම දෙව්දම් වෙහෙරේ, එකම අනාථපිණ්ඩිකස්සාරාමයේ බව මෙකී මහණුන්ට අමතක වී තිබුණි.

එයින් උකටල වූයේ අපේ බුද්ධදාසයන් නොවේ.

බුද්ධදාස තෙමේ වාසය කළ පසල් දනව්වට ගව්වක් දුරින් පිහිටි සූරිගම නම් වූ ග්‍රාමයේ පන්සල අයත් වුයේ රාමඤ්ඤ නිකායට ය. මේ නිකාය වනාහී පෙරකී තායිලන්ත නිකාය මෙන් කුල-මල, වත-ගොත, පෙළපත, කසාද සහතික යනාදිය මත මහණකම දෙන නිකායක් නොවේ.

එසේ හෙයින් අප බුද්ධදාසයන් ගේ මහණදම් පුරන ප්‍රාර්ථනය ඒ ආකාරයෙන් ම ඉෂ්ටප්‍රාප්ත වී ය. හේ පරකන්දෙණියේ ධම්මවංශ නමින් පැවිදි දිවියට ඇතුළත් විය.

එතැන් සිට මෙම වෘතාන්තය ඉතා කෙටියෙන් පවසන්නේ නම් මෙසේ ය.

මනා ලෙස තම පිරිවෙන් අධ්‍යාපනය නිමවා ප්‍රාචීන, පණ්ඩිත ආදී උපාධි ලැබූ ධම්මවංශ හිමියෝ පසු කලෙක ඉන්දියාවේ කල්කටා විශ්ව විද්‍යාලයට ඇතුළත්ව එහිදී ශ්‍රාස්ත්‍රවේදී (Bachelor of Arts) සහ ශ්‍රාස්ත්‍රපති (Master of Arts) උපාධි ලබා යළි සිරිලකට වැඩම කොට සූරිගම නාගර්ජුන පිරිවෙනේ පරිවේනාධිපති ලෙස සඟ පරපුරට ද, සුමධුර ධර්ම කථිකයෙක් ලෙස උපාසක, උපාසිකා පරපුරට ද සේවය සලසමින් වැඩ වාසය කරමින් හිඳ, සංඝ නායක තනතුරකින්ද පිදුම් ලදුව, පසු කලෙක තම ආයුෂහරණය වූ කල් හී අපවත්වී වදාළ හ.

-රසිකොලොජිස්ට්

ප/ලි:
සූරියආරච්චිගේ බුද්ධදාස කුමරුන් මෙලොව එළිය දුටු විසිවන සියවස මුල් කාලයේ ලක්බිම පැවති බුද්ධ ශාසනයේ අජූත නිකාය භේදය ගැන විස්තර දැන ගැනීමට පියදාස සිරිසේන ලියූ "විමලතිස්ස හාමුදුරුවන් ගේ මුදල් පෙට්ටිය" නමැති කෘතිය කියවන්න.

වසර සියයකටත් පසුව තවමත් ඒ තත්වය බොහෝ දුරට නොවෙනස්ව පවතින බව පසුගිය දා මහනුවර මගුල් මඩුවේ දී පැවැත්වුණු කැප්පෙටිපොළ ෂෝ එකේ දී, සිදුවී ඇතැයි පැවසෙන නිකාය පිළිබඳ කේසය නිසා අපට වටහා ගත හැක.

වසර කිහිපයකට කලින් ලියවුණු මේ ලිපිය යළි සකසා පළකරන්නට සිතුණේ එනිසා ය.

(image: http://www.panoramio.com/photo/79103209#)

53 comments:

  1. රසිකගෙ නෑයොද ?

    ReplyDelete
    Replies
    1. ලබන 25 වෙනිදා බත්තරමුල්ල වෝටර්ස්ඒජ් හීදී පැවැත්වීමට නියමිත සිංහල බ්ලොග් සම්මාන උළෙලේදී විශේෂ කාර්යයක් කිරීමට නියමිතව ඇත. එනම් මේ වන විට අසනීප තත්වයේ පත්වන විචාරක බ්ලොග් අඩවියේ රචක විචාරක නොහොත් විශ්‍රාමික හමුදා නිලධාරී මේජර් WMJ ගුණරත්න මහතාට සිංහල බ්ලොග් අවකාශය වෙනුවෙන් කල මෙහෙය වෙනුවෙන් විශේෂ කුසලතා සම්මානයක් සහ මුදල් ත්‍යාගයක් පිරිනැමීමයි. මේ සම්බන්දව කටයුතු කිරීම සම්බන්දයෙන් මෙම බ්ලොග් සම්මාන උළෙල සදහා වෙහෙසෙන සැමට අපගේ ප්‍රණාමය මෙසේ පල කරමු.

      Delete
    2. ඒ කොටු පැන ඇත්තේ මගේ සීයා ගේ වැඩිමහල් සොහොයුරෙකි!

      Delete
    3. @ Anonymous 17 March 2017 at 02:45

      පුදුම මහන්සියක් නේද වෙන්නේ විචාරක බ්ලොග්කරුවා ගැන. රෙජිමේන්තු ප්‍රශ්නයක් නේද?

      Delete
    4. විචාරක ගැන හොයලා බලන එක හොදයි රසික. ඒක මහන්සියක් නෙමෙයි. මොකද විචාරක කියන්නේ සිංහල බ්ලොග් වලින් වැඩිපුරම මහන්සි වෙලා කරුණු සොයලා, පින්තුර ආදිය වෙනම සකසලා, ලොකු කාල වෙලාවක් අරං සැහෙන්න කැපවීමෙන් බ්ලොග් එක කරපු කෙනෙක්. ඔහුට කේන්ති යෑම තමයි අඩුපාඩුවක් විදියට මම දකින්නේ. ඒ උනාට ඔහුගේ බ්ලොගය තරම් දැනුමක් ලබා දුන්නු වෙන සිංහල බ්ලොග් එකක් නැහැ. ඔහු ගැන සොයා බැලීම රෙජිමේන්තු ප්‍රශ්නයක් ලෙස ඔබ දකින්නේ ඇයිදැයි කියා නොදනී.

      Delete
    5. @ Anonymous 17 March 2017 at 15:02

      මා කියා ඇති කාරණය නිසා විචාරක සමග අවුලක් ඇති අයෙකු සිටින බව මට පෙනී ගොස් තිබේ. ඒ ඔබ නොවේ නම් අවුලක් නැත.

      චිචාරකගේ දුරකථන අංකය දන්නා අය බ්ලොග් අවකාශයේ සිටිති. ඔහු ගේ නම දන්නවා නම්, දුරකථන නාමාවලියෙන් ද සොයා ගත හැකි වෙනු ඇත.

      Delete
  2. පව්, රසිකගෙ ඩේටා සහ කාලය!

    ReplyDelete
    Replies
    1. What about ourselves? Same happened to our data & time as well. Hmmm

      Poor us? ��������

      Delete
    2. මගේ මොබයිල් දුරකථනයේ දත්ත සඳහා ගෙවීම් පිළිබඳව විස්තර මෙතැනින්.
      https://rasikalogy.blogspot.com/2016/06/7-buy-one-get-another-one.html

      Delete
    3. @ Anonymous 17 March 2017 at 00:14

      ස්තුතියි, නැවත එන්න!

      Delete
  3. ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සංඟනායක ධුරන්ධර පරකන්දෙනියේ රසික හරිචන්ද්‍ර සූරියආරච්චි (53) ස්ථිවර.

    ReplyDelete
    Replies
    1. හූ කියන්න පින්වත......!

      හූ, හූ, හූ.......!!

      Delete
    2. ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සංඝනායක ලෙස පත්විම් කොලේ ලබා ඇත්තේ සිනුවර ලංකාරාමයේ ඉන්නා මීගහකුඹුරේ ධම්මගවේෂී හාමුදුරුවන් ය!

      1. පත්විම
      http://jumala.buddhistnews.lk/?p=456

      2. පොත්
      http://rasikalogy.blogspot.com/2015/10/sydney-based-sinhala-writers.html

      3. ලංකාරාමය
      https://rasikalogy.blogspot.com/2016/06/sinhala-buddhist-temples-in-sydney.html

      Delete
  4. රසික,

    "විචාරක" නමින් බ්ලොග් එකක් පවත්වාගෙන ගිය හිටපු හමුදා මේජර්වරයා අභාවප්‍රාප්ත වී ඇතිද? මට ඔහු මියගොස් ඇති බවට දූෂමාණ කතාවක් ආරංචි උනා. දුරකථන අංකයක් හෝ එතුමාගේ වෛද්‍යවරියක් වන දියණිය සම්බන්ධ කරගත හැකි ක්‍රමයක් තිබේද? කරුණාකර මේ ගැන සොයා බලන්න. විස්තර දැනුම් දෙන්න. ප්ලීස්.

    ReplyDelete
    Replies
    1. // එතුමාගේ වෛද්‍යවරියක් වන දියණිය සම්බන්ධ කරගත හැකි ක්‍රමයක් තිබේද? //

      මොනාද බූරුවෝ මෙහෙම වල් කතා කියන්නේ? බැරිවෙලාවත් විචා තාම පණ පිටින් නම් මේ කියල තියෙන්නෙ වෙඩි කන වර්ගයේ කතාවක්.

      Delete
    2. වල් කතාව? මං ඇහැව්වේ විචාගේ දුව ඩොක්ටර් කෙනෙක් නිසා එයාව සම්බන්ධ කරගන්න විචාගේ අසනීපෙ ගැන දැනගන්න. (මං වෛද්‍ය ශිෂ්‍යයෙක්. එතුමා කලින් ඊමේල් කර තිබුනා මට එතුමාගේ දියණිය සහ බෑනා වෛද්‍යවරු බව. ) දැන් එතුමා ඊමේල් වලට රිප්ලයි නැහැ. උදව්වක් හෝ අපෙන් කල යුතු දෙයක් ඇත්දැයි කියා සොයාබැලීමයි අරමුණ වුයේ මගේ.

      Delete
    3. මං නං ඊ-මේල් වලින් ලෙඩුන් බැලීම නොකරමි. ලෙඩ වුනු කෙනෙක් ට ඊ-මේල් යවා ඉක්මනට සුව වෙන්න යැයි ප්‍රාර්තනා කිරීම මා දකිනා විදියට අමුම අමු හොර කපටි වැඩකි.

      කෙනෙක් ලෙඩ වී ඇත්නම් පෞද්ගලිකව ගොස් ලෙඩා හමුවී සුවදුක් විමසා ඔහුව මානසිකව සැනසීමත් ඉක්මන් සුවය සඳහා දිරිමත් කිරීමත් කරමි. නමුත් මෙබඳු හොර වැඩ නොකරමි. ඔහු ගැන දන්නා අයගෙන් විමසා (ඔය ඊමේල් ඇඩ්‍රස් දුන්න එකා ඇතුළු) පාර හොයාගෙන් ගිහින් බලන්න මෙතන බොරුවට අපිට පව් නොදී.

      Delete
    4. හා මචං !

      Delete
    5. @ Anonymous 16 March 2017 at 13:04

      මට ඔහු දෙදිනක් හමු වී කතා බහ කර ඇති නමුත් දුරකථන අංකයක් නොදනිමි. දුක සැප විමසා සුව ප්‍රාර්ථනා කර ඊ-මේලයක් සති කිහිපයකට කලින් යැවූවෙමි.

      Delete
  5. 'වසර සියයකටත් පසුව තවමත් ඒ තත්වය බොහෝ දුරට නොවෙනස්ව පවතින බව පසුගිය දා මහනුවර මගුල් මඩුවේ දී පැවැත්වුණු කැප්පෙටිපොළ ෂෝ එකේ දී, සිදුවී ඇතැයි පැවසෙන නිකාය පිළිබඳ කේසය නිසා අපට වටහා ගත හැක'

    mokakda e?

    ReplyDelete
    Replies
    1. මහනුවර මගුල් මඩුවේ දී පැවැත්වුණු කැප්පෙටිපොළ ෂෝ එක සඳහා නිකාය තුනේ ම භික්‍ෂූන්ට රජයේ දෙපාර්තමේන්තුව විසින් ආරාධාන කළ ද, වෙනත් නිකායේ භික්‍ෂූන් සමග තමන්ට අසුන් ගත නොහැකි බව හෝ වෙනත් නිකායවල අයට මගුල් බඩුවට පැමිණිය නොහැකි බව හෝ කියා සියම් නිකායේ අස්ගිරි පාර්ශවයේ අයිතිකාරයින් විසින් තහනමක් පනවා ඇත.

      http://thecolombopost.net/

      !!!

      Delete
    2. ජාතික වීරයෝ නම් කළ දවසෙත් සංඝයා අතර කුලවාදය මතු වෙලා 0
      13 March 2017 Submitted by Reporter

      මහනුවර මගුල් මඩුවේදී පසුගිය මාර්තු පළමුවෙනිදා පැවැත්වුණ 'උත්තමාභිවන්දනා' රාජ්‍ය උළෙළේදී රාමඤ්ඤ සහ අමරපුර මහනායක හිමිපාණන් වහන්සේලා ඇතුළු කාරක සභාවන්හි හිමිවරුන්ට මගුල් මඩුවේ අසුන් ගැනීමට ඉඩ ලබා නොදීම පිටුපස අස්ගිරි පාර්ශවයේ මහනාහිමියන් ඇතුළු සංඝ සභාව සිටින බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග තහවුරු කරයි.

      ⁣ත්‍රෛ නිකායික මහනායක හිමිවරුන් ඇතුළු කාරක සංඝ සභාවන්හි නායක හිමිවරුන්ට මෙම මගුල් මඩුවේ පැවැත්වෙන රාජ්‍ය උළෙළ සඳහා සහභාගී වන ලෙස රජය වෙනුවෙන් ඉල්ලීම් කරනු ලැබ ඇත්තේ ජනමාධ්‍ය ඇමහිවරයා විසිනි.

      නමුත්, මෙවැනි උත්සව සඳහා - විශේෂයෙන් මගුල් මඩුවෙහි පැවැත්වෙන උත්සව සඳහා අනුගමනය කරනු ලබන සම්ප්‍රදායන් වන්නේ සියම් නිකායට සම්බන්ධ අස්ගිරි සහ මල්වතු පාර්ශවයන්හි මහනායක හිමිවරුන් ඇතුළු කාරක සංඝ සභාවන්හි හිමිවරුන් පමණක් වන බවට අස්ගිරි පාර්ශවයේ හිමිවරුන් දැඩි සේ රජයට අවවාද කර ඇතැයි දැන ගන්නට ඇත.

      මෙම දැනුම්දීම දැඩි සේ කරනු ලැබ ඇත්තේ අස්ගිරි පාර්ශවයේ අනුනායක හිමියන් විසින් යැයි දැනගන්නට ඇත. කෙසේ වෙතත් මෙම ඉල්ලීම හමුවේ දැඩි අසරණ තත්ත්වයට පත් රජය රාමඤ්ඤ නිකායේ මහනාහිමිවරුන් මුණ ගැසී කරුණු දක්වා ඇතැයිද දැනගන්නට ඇත.

      මෙම උත්තමාභිවන්දනා රාජ්‍ය උත්සවයට සපැමිණි රාමඤ්ඤ නිකායේ මහනාහිමියන් ඇතුළු කාරක සභාවේ හිමිවරුන් සියල්ල මගුල් මඩුවට ඇතුල් නොවීම හේතුවෙන් ඉන් නික්ම ගොස් තිබුණි.

      කෙසේ වෙතත් තමන් වහන්සේලා ඇතුළු සමස්ත රාමඤ්ඤ නිකායේ ස්වාමීන් වහන්සේලාට සිදු වූ අසාධාරණය පිළිබඳව එම නිකායේ විරෝධය රාමඤ්ඤ නිකායේ මහනාහිමියන් විසින් එම උළෙළ සංවිධානය කළ ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාරත්නට ලිපියකින් දන්වා යවා ඇති බවද පැවැසේ.

      සරලව කිවහොත් මෙම ගැටලුවට මුල් වී ඇත්තේ කුලවාදය බව මෙම සිදුවීම දන්නා සමාජයේ බොහෝ තැන්වල සාකච්ඡාවට බඳුන් වී තිබේ.

      The Colombo Post

      Delete
  6. අද උදෙත් ‍මේ නිකාය භේදය ගැන කතා කළා :) එය අජූත බව අමුතුවෙන් කිව යුතු නොවේ - බයි ද වේ රසික සමඟ අවුලෙන් සිටින කිසියම් ඇනෝවෙකු විසින් මීට කලින් රසිකොලොජියේ ලිපියේ මගේ කමෙන්ටුවට දෙන ලද පිළිතුරක අසත්‍යභාවය මේ ලිපිය මඟින් සනාථ වේ

    ReplyDelete
    Replies
    1. එම ඇනෝවා කියා ඇති කාරණය අසත්‍යක් ම නොවේ. තතු දත් අය පවසන පරිදි මෙහි සඳහන් බුද්ධදාස ගේ සැබෑ "වාසගම" මෙහි සඳහන් එක නොව අනෙකකි. මෙහි සඳහන් වන්නේ පසු කලෙක සමාජ පීඩනයෙන් මිදීමට වෙනස් කරගත් වාසගමක් ලු. කෙසේ නමුත් කුල මල පරතෙරට හොයන තායි නිකායේ ගෝත්‍රික අන්තවාදී ජඩ ගණයින් කුල ප්‍රශ්නය මත බුද්ධදාසව පිළිකෙව් කල අතර රාමඤ්ඤ නිකායේත් අදාළ කුලයේ අය මහණ කරනා උප නිකායක මහණවීමට බුද්ධදාසට සිදු වී ඇත. කෙසේ නමුත් මේ ගඳ ගහන පිළිකුල් සහගත් කුල භේද වාදය ලක්දිවින් තුරන් කරලීමට අප සියලු දෙනාම තදින් ඉටාගෙන කටයුතු කළ යුතුය.

      Delete
    2. ලක්‍ෂාන්, සංඝ සමාජයේ සහ පොදුවේ ලංකාවේ තිබුණු කුල භේදය ගැන දැන ගන්න පියදාස සිරිසේන ලියූ "විමලතිස්ස හාමුදුරුවන් ගේ මුදල් පෙට්ටිය" නමැති පොත කියවන්න. උඩින් යුනිකෝඩ් වලින් ලියන ලද පොත ඈදා ඇත. It is a detective story as well.

      Delete
  7. https://18sanniya.blogspot.com/2017/03/blog-post_15.html

    ReplyDelete
  8. ඔස්ට්‍රලියාවේ ප්‍රධාන සංඝනායක සිනුවරවාසී පරකන්දෙණියේ චුල්ලවට්ටි නායක ස්ථවිරයන් වහන්සේද යහපාලන අවජාතකය ඇසුරෙන් බන තලන විචිත්‍ර ධර්ම කථිකයෙකි !

    ReplyDelete
    Replies
    1. ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන සංඝනායක සිනුවරවාසී පරකන්දෙණියේ චුල්ලවට්ටි නායක ස්ථවිරයන් වහන්සේද යහපාලන අවජාතකය ඇසුරෙන් බන තලන විචිත්‍ර ධර්ම කථිකයෙකි !

      Delete
    2. //ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන සංඝනායක සිනුවරවාසී පරකන්දෙණියේ චුල්ලවට්ටි නායක ස්ථවිරයන් වහන්සේ//

      උන්වහන්සේ වයෝවෘද්ධ ඥානහීන මන්දබුද්ධික සිනුවර තලිසෙනදිට්ඨ මහනාහිමියන්ගේ ගෝලයෙක් ද?

      Delete
  9. රසික අංකල් මේ පාර අවෝඩ් සෙරමනි එකට ලංකාවට ආවම අර නන්දසේන සූරියාආරචිචි (රසික අංකල්ගේ තවත් නෑයෙක් නේද?) වගේ හොර වෙදුන්, පල් හොරුන් මාකට් කරන ජඩ මාද්දියවේදියෙකුට කීයක් හරි අත මිට මොලවල පේපර් ආටිකල් එකක් කරමු. හෙඩිම මං ගානේ;

    මේන් හෙඩිම;
    "බුදු බව පතන ඔස්ට්‍රේලියානු ජාතික සිනුවරවාසී පරකන්දෙණියේ චුල්ලවට්ටි ස්වාමීන්වහන්සේ"
    සබ් හෙඩිම; "- බුදු වෙන්නේ තැඹිලි ගහක් යටලු !"

    මැදින් දාන හයිලයිටඩ් කෑලි;
    "ආත්ම ගණනක් පෙරුම් පුරනා බෝසතෙක්", "ඔස්ට්‍රේලියාවට ගියේත් පාරමිතා කිහිපයක් සපුරා ගන්නලු" !

    හොඳයි නේද වැඩේ? ඔය බුකියෙ රසික අංකල්ට අමු තිත්ත කුණුහබ්බෙන් බැනපු මහබයියා හොර මරාගේ කාලකණ්ණි වහල් බයි බලු පාහරයිනුත් එතකොට වැඳගෙන පස්සෙන් එයි, කොහොමද ආතල් එක? මගේ අයිඩියා එක මරු නේද බං අංකල්?

    ReplyDelete
    Replies
    1. ඇත්තටම තැඹිලි බුද්ධා (අංකල්) සීයේ, මේ යෝජනාව නම් ශෝයි.

      Delete
    2. Anonymous 16 March 2017 at 19:01

      නියම යෝජනාව.

      නන්දදාස සූරියආරච්චි හෝ මියගිය කරුණාදාස සූරියආරච්චි හෝ ලක්බිමේ විහිළු කතා ලියන චන්දන සූරියආරච්චි හෝ අපේ ලඟ හෝ දුර නෑදෑයින් බව නොදනිමි.

      සූරියආරච්චිලා පිරිසක් බද්දේගම සිට කඩවත ප්‍රදේශයට සංක්‍රමණය වී ඇත්තේ ලන්දේසි යුගයේ අග දී ය.
      http://rasikalogy.blogspot.com.au/2016/11/roots.html

      එලෙසම වෙනත් ප්‍රදේශවලට ගිය අය ද ඇත. පරම්පරා තුන හතරක් යද්දී එක කුසේ උපන් සහෝදරයින් ගේ පරම්පරා පවා ඉතා දුරස්ත වේ!

      Delete
    3. නැසීගිය එස්. කේ. කේ. සුරියආරච්චි මහතා ඔබගේ ඥාතියෙක්ද?

      Delete
  10. කවුද මේ හැමතැනම කක්කා දාන් ඇනෝ ? විචාරක පවු, මොලේ කචල් කියල ආරංචියි. වයස වැඩියිනෙ, දැන් මිනිහා එක්ස්පයර්ඩ්.

    ReplyDelete
    Replies
    1. කරුණු හරි හැටි නොදැන විචාරක මහතා ගැන එවැනි කතා කීම හොඳ නෑ නේද රොබට් - මොනව වුනත් විචාරක හොඳ දැනුමක් ලබා දුන්න

      Delete
    2. රොබට්,

      විචාරක මහතාට මානසික ව්‍යාධියක් වැලදී ඇත්ද? මා සිතුවේ රිය අනතුරක් සිදුවී ඇති බවයි. එතුමා ගැන වැඩි විස්තර දන්නවද? දැන් කොහොමද එතුමාට?

      සිංහල බ්ලොග් වලින් හොදටම මහන්සි වෙලා කරුණු හොයලා ලිපි පලකෙරුව බ්ලොග්ලේ ඛකයෙක් තමයි විචාරක කියන්නේ. කේන්ති ගිහින් හිටපු ගමන් අනික් අයට බනින එක වෙනම දෙයක්. ඒත් විචාරකගෙ බ්ලොග් එක නැති එකනම් ලොකු අඩුවක්.

      Delete
    3. 88-89 කාලයේදී මුදල් ගෙන අහිංසක තරුණයන් (JVP ත්‍රස්තවාදී කාඩයන් නොවේ ) ඝාතනය කල සන්නද්ධ සේවාවල සාමාජිකයන් සියලුදෙනාම පාහේ මිය යන්නේ පිස්සු වැටී බව පෙන්නුම් කෙරේ. මොවුන් බොහොමයක් එකල පැවතුනු එක්සත් ජාතිකපක්ෂ රෙජීමයේ ගැත්තන් වූ බැවින් නිදහසේ ගම්වල තම දේශපාලන විරුධවාදීන් ඝාතනය කළහ. මේ තිරශ්චින ව්සලයන්ට පිස්සු නොහැදී මැරුනොත් කර්මය බොරු වේ.

      Delete
    4. විචාරක අසනීපව සිට සුවය ලබමින් සිටින බවයි මා නම් දන්නේ.

      විවිධ හේතු නිසා ඔහුට විරුද්ධව ලියන කිහිප දෙනෙකු සිටින බව පෙනේ.

      Delete
  11. ලබන 25 වෙනිදා බත්තරමුල්ල වෝටර්ස්ඒජ් හීදී පැවැත්වීමට නියමිත සිංහල බ්ලොග් සම්මාන උළෙලේදී විශේෂ කාර්යයක් කිරීමට නියමිතව ඇත. එනම් මේ වන විට අසනීප තත්වයේ පත්වන විචාරක බ්ලොග් අඩවියේ රචක විචාරක නොහොත් විශ්‍රාමික හමුදා නිලධාරී මේජර් WMJ ගුණරත්න මහතාට සිංහල බ්ලොග් අවකාශය වෙනුවෙන් කල මෙහෙය වෙනුවෙන් විශේෂ කුසලතා සම්මානයක් සහ මුදල් ත්‍යාගයක් පිරිනැමීමයි. මේ සම්බන්දව කටයුතු කිරීම සම්බන්දයෙන් මෙම බ්ලොග් සම්මාන උළෙල සදහා වෙහෙසෙන සැමට අපගේ ප්‍රණාමය මෙසේ පල කරමු.

    ReplyDelete
    Replies
    1. @ Anonymous 17 March 2017 at 02:46

      පුදුම මහන්සියක් නේද වෙන්නේ විචාරක බ්ලොග්කරුවා ගැන. රෙජිමේන්තු ප්‍රශ්නයක් නේද?

      Delete
    2. අනේ බං ඔය අවිචාරකය උපන්ගෙයි යූඇන්පී බත්ගොට්ටෙක්.

      ඒ කාලේ දැරණියගල යූඇන්පී මන්ත්‍රී වුන වනිගරත්නය පිටිපස්සේ ගිහින් මුලින්ම 77 ආණ්ඩුවෙන් "කැකිරි ගුරුකමක්" ගත්ත. ඊට කලින් මුලින්ම සාමාන්‍ය සෙබල විදියට interview ගිහින් උඩින්ම fail වුනා.ඊට පස්සෙත් කීප පාරක් fail. පස්සෙ යන්තං වනිගරත්නයගෙ මාර්ගයෙන් සිරිල් රණතුංගට කියවල පස්සෙ දොරෙන් හමුදාවට ආව.

      හමුදාවෙදී රජ බයිට් එක. අවුරුදු විසිගානක මුළු හමුදා ජීවිතේටම ප්‍රමෝෂන් තුනයි. ඒවත් batch එකම promote වෙනකොට ලැබුන ඒව.

      junior officers course ටිකවත් හරියට කරගන්න බැරිවුන පොරකට මොන ndc/ndu, rcds වගේ පාඨමාලාද?

      WWV,RWP.RSP පදක්කම් ලැබෙන්නෙ යුද්ධෙට ගිහින් කරන වීර ක්‍රියා වලටනේ. වීර ක්‍රියා කරන්න කලින් යුද්ධ පෙරමුණට යන්න එපැයි.

      මෙස් ඇතුලේ කරන ක්‍රියාවලට නම් මෙයාට පදක්කම් ගානක් දෙන්න තිබුණ.

      දැන් බලන්න පල්හෑලි ලියලිය හීනමානය වහගන්න හදනවා. ඔය හීනමානයට මූලික හේතුව ඈත අතීතයේ විතරක් නෙමෙයි වර්තමානයේදීත් සමහර පුද්ගලික කාරණා වලදී මතුවන "සමාජ ප්‍රශ්නයක්".

      ඒ ගැන නම් මෙයාට දොස් කියන්න බැහැ.

      Delete
  12. මේ සිදුවිමෙත් හැම තැනදීම වගේ වැරැද්ද ගන්නේ ආණ්ඩුව.කරන හැම වැඩේම මල්වත්තට,අස්ගිරියට ගිහිල්ලා රපෝර්තු කරන එක නතර කරන්න ඕන.

    ReplyDelete
    Replies
    1. නැති බලක් අනවශ්‍ය ලෙස දීමක්.

      ඕක අනුර කුමාර දිසානායකලාත් කරනවා නේද?
      http://www.ft.lk/ftadmin/wp-content/uploads/2014/09/P9170454.jpg

      Delete
  13. බුදුනේ බුදු පියානනේ
    මනුසථ පෙරදි අදුර මකා
    පුනරාගමනය කල මැනැවී
    පුනරාලෝකය දෙනු මැනැවී////////////

    ReplyDelete
    Replies
    1. ඔව්, මිහිඳු ආවාට නම් වැඩක් නෑ. ඔය කුල පරම්පරා ඉන්දියාවෙන් ආවේ එතැණ සිටයි!

      Delete
  14. අනේ මන්දා ඉති නෙ

    ReplyDelete
  15. Replies
    1. අනේ බොල දවල් තාරකා විද්‍යාඥ චාටර් ඉංජිනේරු කොට තට්ට ලපිපියො මගුල් මඩුවෙ මගුල් ගැන කතා කරන්න කලින් පුහුල් යාය ලී කොට කෙලිය ගැන අහන ප්‍රශ්ණ වලට උත්තර දීපන්.

      උඹ ලපිපියො රෙදි අඳින්නෙ ලජ්ජාවට නෙමෙයි මදුරුවො කනවට වෙන්න ඇති නේද ?

      Delete
    2. අජිත්, වසර කිහිපයකට කලින් ලියූ මේ ලිපිය නැවත පළ කළේ ඔය සිදුවීම නිසා ය.

      Delete
    3. අප්‍රතිහත ධෛර්යෙන් යුතුව තම කාලය, ශ්‍රමය සහ ධනය වැය කර ගනිමින් එකම කරුණ පුන පුනා ලියන මේ ඇනෝනිමස්ලා පිළිබඳ මගේ විශ්ලේෂණය මෙලෙස වේ.

      නෙළුම් යාය" බ්ලොග් සම්මාන උළෙල සහ බයි වෛරය
      https://rasikalogy.blogspot.com/2017/01/nelum-yaya-blog-awards-ceremony-2017.html

      Delete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.