Tuesday 17 February 2015

දින සීයේ ප්‍රගති වාර්තාව නිකුත් කිරීම දින එකසිය දහතුනක් දක්වා කල් යයි! - I.O. Rasikologist


දිනය සියයේ වැඩ පිළිවෙල ගැන මා මේ කියන්නට යන කාරණය පිළිබඳව, අපේ හෙළ ජාතික චින්තනය ගැන කප් ගැසූ, නාථ දෙවි නියෝජිත, ආචාර්ය නලින් ද සිල්වා දැනටමත් ලියා ඇතුවාට සැක නැත. නමුත්, දැන් ඔහු ගේ ඉරිදා දිවයින කොලම ද, එය නැවතුණු පසු ඇරඹුණු රිවිර කොලමද නතර වී ඇති බවට ආරංචි පැතිර ඇති නිසා එසේ නොවන්නට ද ඉඩ ඇත.

එසේ වෙතත්, නොවෙතත්, මා මේ කියන්නට යන්නේ මේ "දින සියයේ වැඩ පිළිවෙල" යන්න බටහිර-යුදෙව් චින්තනයට අනුව සැකසුණු එකක් මිස අපේ හෙළ උරුමයට හෝ ජාතික චින්තනයට අදාල එකක් නොවන බවයි.

අපේ සිංහල ක්‍රමය නම් එක්කෝ තුන් මාසය සැමරීමයි. මිනිසෙක් මැරුණු විට තුන් මාසයේ දානයක් දෙන්නේ එබැවිනි. නැතිනම්, නිතිපතා මාසයේ සැමරුම් කිරීමයි. ඇඩ්වාන්ස් දා ට සහ මාසේ පඩිදාට අපේ අයියයලා පොඩ්ඩක් විතර හෝ අනුමත වෙන්නේ එබැවිනි.

සත් දවසේ දානය, සත් සතිය, දස මසක් කුසේ සිටීම, හත් අවුරුද්දක් කඹුරා පබාවතිය ලබා ගැනීම හෝ ඊට අඩුකාලයක් වන සය අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කිරීම වැනි දේ ගැන අප නිරතුරු අසා තිබුණද මේ දින සියයේ සංකල්පයක් ගැන අපේ ජනකතා, කටකතා, ප්‍රවාද, කෙප්ප කිසිවකට සම්බන්ධව අප අසා නැත.

නලින් සිල්වා මේ බව පවසා ඇත්ද, නැද්ද නොබලා, මා මේ දින සියය යනු තනිකරම බටහිර-යුදෙව් වැඩක් බව පවසන්නේ එනිසා ය.

විකිපීඩියාව වැනි තැනකින් සොයා බලන කළ අපට පෙනෙන්නේ, සැලසුම් කිරීමේ හෝ ක්‍රියාත්මක කිරීමේ හෝ වෙන යම් කර්තව්‍යකට අදාලව මේ දින සියය යන සංකල්පය ගැන කතා වෙන්නේ එක්කෝ යුරෝපීයානු යුද්ධ සම්බන්ධව හෝ නැතිනම් ඇමරිකානු ජනාධිපතිලා ගේ කෙරුම් සම්බන්ධව බවයි.

එදා තම්බපන්නියේ රජ වූ විජය රාජා ගේ සිට ඊයේ පෙරේදා සිංහලයේ අවසන් රජු වූ පළමුවෙනි මහේන්ද්‍ර දක්වා එකදු රාජ්‍ය සමයක් තුල මේ දින සීයේ කතාවක් තිබුණු බවට කිසිදු සඳහනක් විකිපීඩියාවේ නොදැක්කෙමි.

මගේ රසිකොලොජිය සඳහා මේ ආකාරයේ දින සියයක වැඩ පිළිවෙලක් ගැන කිසිදු සැලැස්මක් නොකළේ එනිසා ය.

පසුගිය ඔක්තෝබර් විසිහත්වෙනිදා හෙවත් මගේ උපන් දිනය දා ඇරඹුණු රසිකොලොජියේ ප්‍රගතිය ගැන සඳහනක් කරන්නට දිනය සියය පන්නා, දින එකසිය දහතුනක් වෙනතුරු සිටියේ ද එනිසා ම ය.

දැන් මෙන්න රසිකොලොජියේ මුල් දින එකසිය දහතුනේ ප්‍රගතිය.

ලිපි ගණන- 43
කමෙන්ටු ගණන- 2061
හිට්ස් ගණන- 36,136
බ්ලොගර් ෆලෝවර්ස්ලා ගණන- 97
ගුගල්+ ෆලෝවර්ස්ලා ගණන- 30

ඒ නිර්නායකවලින් කියවෙන පරිදි රසිකොලොජියේ මුල් දින එකසිය දහතුනේ ප්‍රගතිය නරක ම නැති බව මගේ අදහසයි. මක්නිසාද යත්, රසිකොලොජිය ඇරඹීමේදී මගේ සිතේ තිබූ එකම දළ අදහස වූයේ සතියකට ලිපි දෙකක් ලිවීම පමණක් වීමයි.

බ්ලොග් එකේ ඉදිරි අනාගතය ගැනත් ලොකු සැලසුම් කිරීමට මගේ සැලසුමක් නැත! මේ අනවශ්‍ය ඉලක්ක අරමුණු කරගෙන ඒවා හඹා ගොස්, අනවශ්‍ය හිසරද ඇති කර ගැනීමට කාලය නොවේ.

ඔබ සැමට මගේ ස්තුතිය මෙයින් පිරිනමමි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
පසුගිය දින එකසිය දහතුන තුළ මා ලියා පළකළ ලිපිය අතරින් මා කැමති ම පහත ඒවාටයි.

1. ජනාධිපතිවරණයේ නැකත් බැලිල්ල නොහොත් රටට එදිරිව මම - Country Vs I
http://rasikalogy.blogspot.com/2014/11/blog-post.html

2. ජුඩෝ පන්තිය සහ වලිගය නැති ගොනා ගේ භූමිකාව - It was just a matter of sixty five Rupees!
http://rasikalogy.blogspot.com/2014/10/it-was-just-matter-of-sixty-five-rupees.html

3. ඡන්ද ඔට්ටුවක් - "මෙදා පොටේ දුන්න බැටේ!" : I was an UNPer once
http://rasikalogy.blogspot.com/2014/12/i-was-unper-once.html

4. ජෝන් අමරතුංග (සහ/හෝ) යූඇම්පීය අද කළ යුත්තේ කුමක්ද? - How Australia gets rid of its corrupted politicians
http://rasikalogy.blogspot.com/2015/02/blog-post.html

5. හාෆ් ෂීට් කඩෙන් ගැනීම නම් වූ විශ්මයජනක කාරණය - Unbelievable (for some)
http://rasikalogy.blogspot.com/2015/02/unbelievable-for-some.html

23 comments:

  1. මම හිතුවා වෙන එකක් කියන්ට යනවා කියලා.

    I.O.???

    ReplyDelete
    Replies
    1. අයියෝ ඕකවත් දන්නේ නැද්ද?

      Delete
    2. Maathalan - Priyantha HewageFebruary 17, 2015 at 1:05 AM

      අනගාරික ධර්මපාල කියන්නේ පිස්සෙක්.. ඒ පිස්සා කියපුවා අහපු හරක්ට වඩා.. ඒ යකා පිස්සෙක් බව දැන ගන්න අපේ උන්ට මොළේ තිබුනා..

      එකනේ අන්තීමට ලංකාවත් එපා උනේ.. දැන් ඉන්න අනගාරික ධර්මපාලලාටත් භාගෙට පිස්සු.. ඊළඟ ඉලෙක්සොන් එකෙන් කෙලින්ම අංගොඩ..

      පිස්සෝ කවදත් උන්ට පිස්සු කියලා කියන්නේ නෑ.. පිස්සුද ඕයි කියලා අහනවා මිසක්..

      Delete
  2. ජයවේවා....!!!

    දින සීය කියලා බයිලාවක් ලියන්නකෝ රසික මහත්තයා...

    ReplyDelete
    Replies
    1. මේ ලියලා තියෙන්නේ බයිලාවක් තමයි!

      Delete
  3. කව්ද අප්පා පබාට හත් අවුරුද්දක් කැඹුරුවේ

    ReplyDelete
    Replies
    1. වෙන කවුද බෝසත් කුස කුමාර මිසක්!

      Delete
    2. AnonymousFebruary 15, 2015 at 7:31 PM

      'සරීරෙ කෙංචියට තිබුනට සිරාගෙ අවයවේ නං එහෙම කෙංචි නෑ.ලොකු වෙනිවැල් ගැට දැකල තියනවද? කිව්වට ඇස්වහක් කටවහක් වදින්න එපා අන්න ඒ වගෙමයි.'

      හැලපෙ කොහොමද දන්නේ සිරාගේ අහවල් එකේ සයිස් එක? කකා වගේ සබ්ජෙක්ට්කාරයෙක්ද මන්දා.

      Helapa kadeFebruary 15, 2015 at 11:54 PM

      කකා සබ්ජෙක්ට් කාරයෙක්ද?

      Delete
  4. දින සියය කියන්නේ මම හිතන විදියට අපේ රනිල් මහත්තයාගේ එදා ඉඳන් තියෙන අදහසක්.... මොකද 2002දි එජාප ආණ්ඩුව පිහිටවපු අළුතත් ඔහොම දින සියයේ වැඩපිළිවෙලක් තිබුනා.... මම එතකොට රජයේ සේවයේ හිටියේ. අපි දින සියයට අළුත් ප්‍රොජෙක්ට් වගයත් කරා මතකයි....

    ReplyDelete
    Replies
    1. රනිල්ට තියෙන්නේ බටහිර-යුදෙව් චින්තනයනේ!

      Delete
    2. ඇත්තද? දැන් අපි කොෂර් ද?එතකොට ප්‍රොතෙස්තන්ත ඇන්ග්ලෝ සැක්සන් සුදු සුප්‍රීමිස්ට්ල, කූ ක්ලක්ස් ක්ලෑන් අය එහෙම අපිට විරුද්ද බටහිර කුමණ්ත්‍රනය දිගටම කරයි නේ?

      Delete
  5. කෝ අර දින එකසිය පහළොවේ උන්නැහේ ?
    දින සියයේ ප්‍රගතිය නරක නැත!

    ReplyDelete
  6. ආ එහෙනම් දේශීය වෙන්ට කියල බැරිය 'හත් අවුරුද්දක්' වගේ එකක් දාගන්න... බටහිර යුදෙව් උනත් අදහස හොඳ නම් එච්චරයි. දේශීය වෙන්න කියලා ඉතිහාසේ කරපු වැරදි ආයේ ආයේ කරනවා නම්, මෝඩයෝ කියන වචනේ වැදගත් වැඩියි.

    ReplyDelete
  7. ඇත්තටම ඕක 108 විය යුතුයි. එතකොට “දේශීය චතුර්වේදයට“ ගැලපෙනවනෙ.

    ReplyDelete
    Replies
    1. මීහරක් වගේ රැවටිලා ඒ රැවටීම උඹලා දැන ගෙන උනත් උඹලා උඹලාගේ උද්දච්ච කම නිසයි, ගොන් කම නිසයි පිළි ගන්න කැමති නෑ රැවටුනා කියලා.



      1. වරාය නගරයෙන් පරිසර දූෂණය වෙන්නෙත් නැතිලු, ඉඩම් අයිතිය චීනට දීලත් නැතිලු.
      2. ලම්බෝගිනිත් නැහැල්ලු.රතරන් අස්සයොත් පෝනියො වෙලා 80000කට විකුනලාලු.
      3. පරිප්පු වලට බදු ගහලත් නැහැල්ලු.
      4. පොඩ්ඩක් ඉන්නලු මන්දිර බද්ද සහ සුපිරිවාසි බද්ද සන්ශොදනය කරනම්ලු (චන්දෙන් පස්සේ :::; !!!!එතකොට සරදියෙල් ????)
      5. ආරක්ශක ලේකම්ගෙ ගිනුමත් හරිලු
      6. ඇවෙන්ගාර්ඩ් , රක්නා ලන්කා නීත්යනුකූලයිලු.
      7. අකුරුගොඩ හදන ආරක්ශක මුලස්තනයත් හොදය්ලු
      8. ඉන්දන වල බ්ද්ද සම්පුර්නයෙන්ම ඉවත් කරන්නත් බරිලු.
      9. බදු ගහල කැසිනො ටිකත් තියගම්මුලු.
      10. ගුවන් යනයත් ලන්කවෙ හදපු ඇන්ටික් බඩුවක්ලු
      11. මහින්දගෙ A-350 ත් VIP Kit එක නොමිලේ දීපු එකක්ලු
      12. හම්බන්තොට ගලකුත් නැහැල්ලු වහන්නෙත් නැහැල්ලු.
      13. ව්දුලිබල මණ්ඩලයේ ඉන්ජිනරුවන්ට පඩි වැඩි කරල තියෙන්නෙත් චම්පිකමලු
      14. රන්ජා පෙන්නපු මලිගවේ රන් කඩු , පාට කරපු විසිතුරු බඩුලු
      15. 3000 + 5000 = 8000 ලු . 2500 + 1000 = 3500 ලු
      16. චන්ද්‍රිකාට බැන්නලු මර්වින්ට ගැහවුවලු . (නරකද? )
      17. නව රුසියානු තානාපති කාර්යාල වැඩබිමට කඩා වැදී බැලුවට දුෂණ නැහැල්ලු (රුසියනු රජයේ දුෂණද ?? උඩ ගිය තරම)
      18. ගෝඨාභයගෙ ගල්කිස්සෙ ගෙදරක හිටිය කියපු තඩි මෝරු ගෝඨාභයගෙ නෙමෙයිලු
      19. ටෙලිකොම් සභාපති කුමරසින්හ මල්ලිලු, ම්යිත්‍රී බැන ආරක්ශක සම්බන්දීකරන ලඛම් ලු ,හැබැයි පවුල්වදය නෙමේලු
      20. එක්වරක් ක්‍රියාත්මක බදු ගහල සහන දුන්නා. ලබන අවුරුද කන්නේ කොහොමද? UNP / චන්ද්‍රිකා, එදා වේල ක්‍රමය; විකුනමු සෙවනගල, ශ්‍රි ලන්කෙන්,රක්ශණ සන්ස්ඨාව, නොරච්චොලේ, හම්බන්තොට…..
      21. හැම පාරම නිදහස් දිනයෙදි මිය ගිය රණවිරුවො සහ ජනතාව සිහි කර විනාඩි 2ක නිහඩියාවක් කළා. මෙවර මියගිය ජනතාව සිහි කළා. එතකොට කොටි සහ රණවිරුවො දෙගොල්ලොම අයිතියිනෙ. ඒක TNA එක සතුටු කරන්න නෙමේලු (මෙම කාරනයේදී එලාර රජතුමාට මියගියපසු දුටුගමුනු රජතුමා ගවුරව කිරීම, සහ ප්‍රභාකරන් පටලවා නොගන්න. එලාර සහ ප්‍රභාකරන් කිසිසේත් සමාන නොවේ)
      22. මෙවර නිදහස් දිනයේදී, වාහන වල නිවෙස් වල සිංහ කොඩිය දැක්කේ කලාතුරකින්. හේතුව නම් පහැදිලි නැ
      23.සෝමරත්න දිසනායක, සනස්ගල, වන්දිබට්ට නැහැල්ලු.කිසිදු වරප්‍රසාදයක් නොගත් ජැක්සන් වන්දිබට්ටයලු
      24. කොච්චර දේශපාලනිකව බංකොලොත්ද යත් ,,, කජු සංස්ථාවේ එකෙක් අල්ලාගෙන අසුචි වලත් ඉස්සෙව්වා හොරෙන් කජු කිලෝ 2/3 ක් දානයකට නොමිලේ අරන්ගියා කියලා .
      25. රත්තරන් උකස් තියපුවට පොලී ඉවත් කරපු එකත් දැන් කියනවා දරිද්‍රතාවයට පත් වෙලා කියලා ඔප්පු කරන්න පුළුවන් අයට විතරලු ඒ සහනේ ලැබෙන්නේ.
      26. තිස්ස අත්තනායක ව්‍යාජ ලේඛන හෝ ජාතිවාදය ඇවිස්සීමේ ක්‍රියාවක නිරතවූ බවට සාක්කි පැමිණිල්ලෙන් ඉදිරිපත් කර නැතැයි කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ප්‍රකාශ කළේලු.
      27. ආරුගම්බේ ඉතා රහසිගතව ඉදිකරන බව පවසමින් පසුගිය දෙදින තුල මාධ්‍ය ඔස්සේ ඉදරිපත් කරන ලද ඇතැම් පින්තූර ආරුගම්බේ සංචාරක හෝටලක ලු...

      වැඩක් නෑ බං උඹලව අන්දලා... රනිලයි මෛතියයි... උඹල හොදට ඇදගෙන දැන් නාගෙන යනවා. තව අවුරුදු දෙකක් බලපන්. :-) :-)

      Delete
    2. ඇයි තව තියනව.
      ලසන්ත වික්‍රමතුංග මැරුණෙ ඔලුවට වෙඩි තියාගෙනලු.
      විධායක ජනාධිපතික්‍රමය වෙනස් කරනව වෙනුවට දෙපාරක් තිබිච්ච චාන්ස් එක මැරෙනකන් ඉල්ලන්න පුළුවන් වෙන විදිහට හදා ගත්තෙ ප්‍රජාතන්ත්‍රවාදය හයියෙන් අල්ලගන්න ඕනැ හින්දලු.
      විමධ්‍යගත අයවැය අඩු කරල ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයෙන් විතරක් සංවර්ධනය කරන්න ගියෙ දූෂණ වළක්වන්න ඕනැ නිසාලු.

      මට වෙලාව නෑ මේ බොරු බයිල ගහන්න.

      Delete
  8. සුභ පැතුම්... පැරණි කතන්දර රසිකයෙක් ලෙසම...!

    ReplyDelete
  9. රසිකලොජියේ දින සීයට ව්‍යවස්ථා සංශෝදනයක් තිබ්බේ නැද්ද එතකොට ?

    ReplyDelete
  10. “කියනකොට එහෙමයි කරන කොට මෙහෙමයි.“ “කටින් බතල හිටවනවා“ වගේ පිරුළු දේශිය නිෂ්පාදන බව දන්නවා නේද ? තවම අපනයන ඉල්ලුම නැතිකම විතරයි තියන ගැටළුව. අතිරික්ත නිෂ්පාදන ඕන තරම් තියනවා. අනෙක් අයට මේව අමතක වෙන එක තමා තියන අසනීපය

    ReplyDelete
  11. රසිකොලොජියේ දින 100 ගැනනම් අපි සතුටුයි ඔන්න අවංකවම..

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.