Wednesday, 29 October 2014

ජුඩෝ පන්තිය සහ වලිගය නැති ගොනා ගේ භූමිකාව - It was just a matter of sixty five Rupees!


අප කුඩා කල, එනම් හැත්තෑව දශකයේ දී, ශී‍්‍ර ලංකාවේ කොල්ලන් අතර ඉතා ජනප‍්‍රිය වූ විනෝදාංශයක් වූයේ කරාටේ කී‍්‍රඩාවයි.

සමහර විට බෲස් ලී, ජිම් කෙලී වැනි දක්‍ෂ කරාටේ සටන්කරුවන් නළුවන් ලෙස රඟ පෑ ඉංගී‍්‍රසි චිත‍්‍රපට මේ ජනපි‍්‍රයත්වයේ රහස වන්නට ඇත. නැතිනම්, අන්තර්ජාලය, ජංගම දුරකතන, රූපවාහිනී වැනි අද පවතින විනෝදාංශ නොතිබුණු ඒ යුගයේ තරුණ පරපුර හමුවේ තිබූ එකම ප‍්‍රායෝගික විකල්පය කරාටේ ශිල්පය ප‍්‍රගුණ කිරීම පමණක් වන්නට ඇත.

සමහර විට එය බටහිර විදේශ බලවේගවල කුමන්ත‍්‍රණයක් නිසා සිදුවූවක් වෙන්නට ද ඉඩ ඇත.

කෙසේ නමුත්, කළු පටි, නන්චකු වැනි වදන් ව්‍යවහාරික සිංහල බසට එකතු වූයේ මේ කාලයේදීය. එසේම, එතෙක් කුඩා ළමුන් සහ සංගීතඥයින් හැඳින්වීමට පමණක් යොදා ගත් මාස්ටර් යන ආමන්ත‍්‍රණය ලැබීමට තවත් පිරිසක් සුදුසුකම් ලැබූහ. ඒ, ලංකාවේ බොහෝ ප‍්‍රධාන නගරවල තමන් දන්නා ශිල්ප බෙදා දීම සඳහා අභ්‍යාස පන්ති ඇරඹූ කරාටේ ගුරුවරුන් ය. ලිවේරා, වෙල්ගම, සමරසේකර ආදී මාස්ටර් ලා මෙහිදී මගේ මතකයට එයි.

පසු කලෙක, අසූවේ දශකයේ උදාවත් සමගම මේ කරාටේ මාස්ටර් ලා සමාජ දර්ශනපථයෙන් බොඳ වී ගොස් ඒ වෙනුවට ”ස්පෝකන් ඉංග්ලිෂ්” ටියුෂන් මාස්ටර් ලා ආදේශ වූහ. ඒත්, ලාල් සර්, නිහාල් සර්, සුනිල් සර් යනාදී වශයෙන් මිස ඔවුන් හැඳින්වුනේ මාස්ටර් කියා නම් නොවේ.

උසස් පෙල විභාගය ලියා කල් මරන ගන්ධබ්බ සමයේ දී මා සහභාගී වූ ලාල් සර් ගේ "ස්පෝකන් ඉංග්ලිෂ්" පන්තියේ ආරම්භක දිනයේ දීම ඔහු කීවේ අද "ස්පෝකන් ඉංග්ලිෂ්" පන්තිද ඉස්සර තිබූ කරාටේ පන්ති හා සමාන බවයි. ඒ මක් නිසාද යත්, ආරම්භයේ සිය ගණනක් ශිෂ්‍යයින් සිටින මුත්, ටිකෙන් ටික පිරිස අඩුවී යන බැවිණි. පවත්වාගෙන යන පන්තියකට අළුතින් බැඳීමක් නැති නිසා, ඔහු ට සිදුවෙන්නේ මේ පන්තිය නවතා අළුතින් පන්තියක් ආරම්භ කිරීම බව ලාල් සර් පැහැදිලි කළේය.

මේ කතාව අසා සිටිද්දී එක්වරම මගේ සිහියට ආවේ මා දහවෙනි ශ්‍රේණියේ දී ඇරඹූ ජුඩෝ ඉගෙනීමයි.

කරාටේ ඉගෙනීමට බලවත් ආශාවක් තිබුනද, මා ගලහිටියාව මධ්‍ය විද්‍යාලයේ සිටිය දී ඒ සඳහා නිසි අවස්ථාවක් නොලැබුණි. පන්ති පැවැත්වුණු ගම්පහ නගරයට සවස් කාලයේ මා වැනි දරුවෙකු යාම කිසිසේත්ම ප‍්‍රායෝගික නොවීය. මගේ කරාටේ ලෝකය, ඉඳහිට දුටු බෲස් ලී ගේ ඡායාරූපයකට පමණක් සීමාවිය.

දහවන ශ්‍රේණියේ ඉගෙනීමට මා කොළඹ ආනන්දයට පැමිණි පසු අපේ පන්තියට මුලින් ම පැමිණි ජ්‍යෙෂ්ඨ සිසු කණ්ඩායම වූයේ රගර් පිලේ කී‍්‍රඩකයින් බව මගේ මතකයයි. ආරුඪ කරගත් එකක් දෝ යැයි මට අද සිතෙන, සැර, දරදඬු ගතියකින් යුතුව කතා කළ ඔව්හූ, අවශ්‍ය නම් අපට රගර් කී‍්‍රඩා කිරීම පුහුණු වීම සඳහා බැඳෙනු හැකි බව පැවසූහ. නමුත් ඒ සඳහා වූ එක් පෙර අවශ්‍යතාවයක් විය. එනම්, පුහුණු වීම් අතරතුරේ දී හෝ කී‍්‍රඩා කරද්දී හෝ අනතුරක් හෝ මරණය හෝ සිදුවුනොත්, ඒ සඳහා පාසල නිදොස් බවට ගිවිසුමක් අත්සන් කළ යුතු වීමයි.

පහලොස් වැනි වියේ පසුවූ අප බහුතරයක් දෙනා විවර වුණු මුවින් යුතුව ඒ කතාව අසා සිටියා මිස, එවන් වාතාවරණයක් මැද රගර් කී‍්‍රඩාවට එකතුවන්නට සිහිනයෙන් හෝ නොපතන්නට ඇත.

පලමුවැනි ශ්‍රේණියේ සිට නමවැන්න දක්වා ගමේ උගෙන අළුතින් නගරයේ පාසලට පැමිණි අප පසෙකට වී මුළුගැන්වී සිටීම ද, අධ්‍යාපන කටයුතුවලට විතරක් සිත යොමුකොට බාහිර ක‍්‍රියාකාරකම් අමතක කිරීම ද හොඳ නැහැ නොවැ? ටික දිනකට පසු අපේ පන්තියට පැමිණි ගලප්පත්ති ගුරුවරයා කළ නිවේදනය අසා ජුඩෝ ඉගෙනීම සඳහා බැඳෙන්නට මා තීරණය කලේ එබැවිණි.

එකල මා ප‍්‍රාණපි‍්‍රය මිත‍්‍රයා වූ සමුද්‍ර වීරවසම් ද ඒ තීරණයම ගැණීම මා සතුටට හේතු විය.
පන්ති පැවැත්වුනේ තරුණ බෞද්ධ සංගමයේ අනුග‍්‍රහයෙන් කොටුවේ වයි.එම්.බී.ඒ. ශාලාවේ දී ය. අපේ ගුරුවරයා වූයේ, තනාකා වැනි නමක් තිබූ, ජපන් ජාතිකයෙකි. සතියට දින දෙකක් හවස පහේ සිට හය දක්වා පැවැත්වුණු මේ ජූඩෝ පන්ති සඳහා මාසික ගාස්තුව වූයේ රුපියල් පහකි. පාන් ගෙඩියක් ශත හැටක් වූ මේ යුගයේ එය තරමක විශාල මුදලක් විය.

සමහර දිනවල මම පාසල නිමවුනු විගසම පිටත් වී ගෙදර ගොස් කා බී, වෙනත් ඇඳුමකින් සැරසී යලි දුම්රියෙන් කල් වේලා ඇතිව කොටුවට පැමිණියෙමි. නමුත් අපේ වඩාත් සිත්ගත් කාර්්‍යය වූයේ, ගෙදරින් ගෙනෙන රොටියක් වැනි යමක් ගිල දමා, වතුර ටිකකින් පිපාසය සන්සිඳුවාගත් පසු දුම්රියෙන් කොටුවට ගොස් ජූඩෝ පන්තිය ඇරඹෙනා තෙක් රස්තියාදු ගැසීමයි.

ආරක්‍ෂක සේවකයින්, ජාතික හැඳුණුම්පත්, බෝම්බ යනාදිය ආගන්තුක සංකල්ප පමණක් වූ ඒ හැත්තෑවේ දශකයේ අග කාර්තුවේ දී කොළඹ කොටුවේ සැරි සෑරීම පසුකලෙක උදා වූ තත්වය මෙන් කිසිසේත් ම කරදරකාරී කි‍්‍රයාවක් නොවුණි.

අපේ ජුඩෝ මාස්ටර් ජපන් ජාතික තනාකා මිටි මහත පුද්ගලයෙක් විය. අළුතින් එකතු වූ අපේ තිදෙනා හැරෙන්නට තවත් දහ පාලොස් දෙනෙකුගේ කණ්ඩායමක් මේ පන්තියේ සිටියහ. මේ අතර සිටි සිහින් සිරුරැති නමුත් උසැති චීන ජාතික ගැටවරයා මට අද මෙන්ම මතකය. ඔහු ජුඩෝ පුහුණු වූයේ උපැස් යුවල නොගලවා වීම විශේෂයකි.

ශාරීරික අභ්‍යාස, විවිධ ජූඩෝ ගැට, පෙරලීම්, බේරීම් සහ කකුල් මාට්ටු වලට අමතරව මෙහිදී අප ඉගෙන ගත් එක් වැදගත් කි‍්‍රයාවක් වූයේ ජපන් ක‍්‍රමයට එකිනෙකාට කඳ නමා ආචාර කිරීමයි.

මාස තුනක් පමණ මෙලෙස අප සතුටින් ජූඩෝ ඉගෙන ගන්නට ඇත. ඒ කාලය ඇතුලත ජයගත යුතු වූ කඩඉම වූයේ රුපියක් පනහක් පමණ වැයවෙන ක‍්‍රීඩා ඇඳුම් කට්ටලයක් ගැනීමේ ඉසව්වයි. ඝණ රෙද්දෙන් මැසූ ඒ බාච්චු කලිසම, ලෝගුව සහ බඳ පටිය මිලට නොගෙන, ජුඩෝ ගැට පුහුණුවීම සඳහා අවම අවශ්‍යතාවය වූ උරිස් පටියක් ගෙදරදීම නිමවා ගෙන මම එය සමතික‍්‍රමණය කළෙමි.

මේ අතරතුර කාලයේ එක් දිනක අප පුහුණු වීම් කරමින් සිටින අතරතුරදී, ප‍්‍රතිමල්ලවයා පෙර කතාකරගත් පරිදි මා ඔසවා බිම දමන විට නිසි පරිදි කැරකී එය වලකා ගැනීමට මට නොහැකිවිය. නමුත් ඒ අනතුරෙන් සැළුනේ මා නම් නොවේ. දිගින් දිගටම ජූඩෝ ක‍්‍රීඩාව කිරීම මගේ එකම අරමුණ විය.

නමුදු ඉක්බිතිව එළැඹුනේ මහා අභාග්‍යයකි.

අපේ ජුඩෝ පන්තිය තරුණ බෞද්ධ සමිති ශාලාවේ සිට තරුණ ක‍්‍රිස්තියානි සමිති ශාලාව දක්වා ගෙන යන ලද අතර මෙහි පන්ති සඳහා සහභාගී වන්නන් අනිවාර්යයෙන් ම රුපියක් හතලිහක් ගෙවා තරුණ ක‍්‍රිස්තියානි සමිතියේ ශිෂ්‍ය සාමාජිකත්වය ලබා ගත යුතු බව අපට දැනුම් දෙන ලදී. ඒ සමගම, මෙතෙක් කල් ජූඩෝ පුහුණුව ලබමින් සිටි ශිෂ්‍යයින්ව පරීක්‍ෂා කොට ශ්‍රේණිගත කළ යුතුව ඇති බවත්, ඒ පරීක්‍ෂණ සඳහා ගාස්තු ලෙස රුපියල් විසිපහක් අවශ්‍ය බවත් පැවසුණි.

ඒ සමගම නිම වූයේ රුපියල් පහේ ජුඩෝ පාඩම් ලබා මතු දිනයක කරාටේ කී‍්‍රඩාවේ බෲස් ලී මෙන් ජූඩෝවල ජගතෙක් වෙන්නට මා සිත කොනක තිබූ සිහිනයයි.
තාත්තා පැන්ෂන් ගෙන සිටි අපේ පවුලට රුපියල් හැට පහක් යනු මහා ධන නිධානයකි. එය දැන දැනම, එවන් මුදලක් දෙමව්පියන්ගෙන් ඉල්ලන්නට මා සිත් නොදුන්නේය.

පෙර දිනයක පුහුණු වීමේ දී මුහුණ පාන්නට වූ භයානක අනතුරුදායක තත්වය මත වර පටවමින් මම ජූඩෝ පන්තියට ආයුබෝවන් කීවෙමි.

එදා මා දිගටම ජූඩෝ ඉගෙන ගත්තේ නම් අද වලිගය නැති ගොනෙක් මැස්සන් ට බැට දෙන්නට විදින වදය හා සමාන වදයක් විඳිමින් විටින් විට ලිඛිත වචනයෙන් පමණක් සතුරන් පරදවන්නට තැත් කීරීමට මට සිදු නොවෙනු ඇත.

-රසිකොලොජිස්ට් (http://rasikalogy.blogspot.com/)

ප/ලි:
මේ මතක සැමරුම මා ලියූ සිව් වසරක් මරදානේ කෘතියෙන් උපුටා ගන්නා ලද්දකි.

(image: http://fr.wikipedia.org/wiki/Judo)

104 comments:

  1. මම නම් කැමතිම " Krav Maga " . හැබැයි පුරුදු කරලා තියෙන්නේ " Tae Kwon Do " :D

    ReplyDelete
    Replies
    1. මං නං කැමතිම Bing Kung Do.

      හැබැයි ඉස්සර පොඩි කාලේ ගමේ දී දැක්ට පස්සේ දැකලා නෑ.

      Delete
    2. හී හී...ඒ කියන්නේ පුරාණ , සිංහල සටන් ක්‍රමයක් වෙන්ටෑ...

      මම බැලුවා නිල්පාට කකා නැතුව, කහපාට රසික කෙනෙක් උත්තර දීලා තියෙන්නේ ඇයි කියලා. නරකද ඔයාගේ නම Rasikalogist කියලා වෙනස් කරලා දැම්මොත්...:D

      Delete
    3. //"මම බැලුවා නිල්පාට කකා නැතුව, කහපාට රසික කෙනෙක් උත්තර දීලා තියෙන්නේ ඇයි කියලා."// ඉතිං මේක රසිකගේ බ්ලොග් එකනේ , කකා ඇවිත් කමෙන්ට් කරයි සමහරවිට

      Delete
    4. /* නරකද ඔයාගේ නම Rasikalogist කියලා වෙනස් කරලා දැම්මොත් */

      අදහසට ස්තුතියි.
      මං මුලින් හිතාගෙන හිටියේ වෙනත් ප්‍රොෆයිල් එකක් හදන්නයි. පස්සේ උපන්දින හදිසිය නිසා ඒක අමතක කළා. ඔන්න දැන් මේ ප්‍රොෆයිල් එකේම නම වෙනස් කළා.

      Delete
  2. ඔබ එසේ ඉගෙන ගත්තානම් ලිඛිතව සටන්කරනු විනා කිසිසේත් වලියට යන්නේ නැත..

    ReplyDelete
    Replies
    1. වලියට යෑම එකකි. වලියට එන අය පලවා හැරීම වෙනත් කාරණයකි.

      Delete
  3. ඇයි තව නළුවෙක් උන්නේ බ්ලැක් මොරිස් ද චක් නෝරිස්ද කියලා.. අපි නම් ඒ කාළේ ආපු කරාටේ සෝ ඔක්කෝම වගේ බැලුවා. ගොඩක් ආවේ හොං කොං සෝ. පස්සේ කාළෙක ආපු ජැකී චෑන් තාමත් ජනප්‍රියයි.

    බෞද්ධ පාසලේ ජූඩෝ පන්තිය ක්‍රිස්මස් තැනට අරගෙන යාම පිටුපස බටහිර කුමන්ත්‍රණයක් තිබුනද දන්නේ නෑ. ඒත් අද වගේ උනා නම්. රසිකට ආනන්දේ ඉස්සරහා උපවාසයක් කරන්න තිබුනා. මහින්ද මහත්තයා එයි තැඹිලි වීදුරුවකුත් අරගෙන. එහෙම නැත්නම් නානසාර හාන්දුරුවෝ දැණුවත් කළා නම් පට්ට ගේමක් දෙන්න තිබුනා. ඒකත් බැරි උනොත් මඩකලපුවේ හාන්දුරුවන්ගේ සුමදුර ධර්ම දෙශණාවක් කුළරත්න ශාලාවෙ පවත්වලා පින් අනුමෝදන් කිරීමක් කරන්න තිබුනා.

    කොහොම හරි හොඳ වෙලාවට රසිකට ජූඩෝ ඉගෙන ගන්න බැරි උනේ. එහෙනම් මෝඩයෝ ගොඩ දෙනෙක් අම්බානක කනවා.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ජූඩෝවලින් කරන්නේ පහර දීම නොවෙයි. කකුල් පටලා බිම පෙරලා ප්‍රතිවාදියා අකර්මණ්‍ය කිරීමයි.

      ජැකී චැන් තමයි බෲස් ලී ලඟට බටහිර සිනමා වේ ජනප්‍රිය වුණු චීන සටන්කරුවා. නමුත් ඒ ෆයිට් වැඩිහරිය කැමරා ට්‍රික්ස් වගේ.

      Delete
  4. @ කාකා ජී,

    චුට්ටක් ඉන්බොක්ස් එක චෙක් කොරලා බලන්ටකෝ!!

    කාකා ජී කාරාටේ ජූඩෝ ගැන කියලා අතරමගදි "ගලප්පත්ති සර්" ගැන කියනකොට මට එකපාරටම මතක් වුණේ පිල්ලියගේ ගෙදර ඉඳන් පැයක් විතර දුරින් ඉන්න අංක එකේ කියුකුෂින් මාස්ටර් ගුරු ජී කෙනෙක් වෙච්ච අපේ "පාලිත් ගලප්පත්ති සර්" ව! ("යකඩ පිහාටු" බලපු අය මෙතුමාව නොදැන ඉන්න විදිහක් නෑ!!!) පිල්ලියගේ ලඟ ආශ්‍රයක් තමයි මේ තුමා!!!

    කොහොම නමුත්පිල්ලියා හදාරන්න බලාපොරොත්තු වෙන් ඉන්න සටන් කලාව තමයි "වින්ග් චුන් කුන්ග් ෆු".......!!!!! ඒ ස්ටයිල් එකක්ට මමජී සෑහෙන්න මනාපයි......!!!!!

    ප:ලි:- තවදෙයක්! සටන් කලාවක් හදාරන්න වයසක් හෝ නිශ්චිත කාලයක් කියලා එකක් නෑ!!! අයිකිඩෝ, තායි චී වගේ සටන් කලාවන් අවුරුදු 70 වගේ අය පවා හදාරනවා! ඒ වගේම හොඳ ගුරු ජී කෙනෙක්ට සෙට් වුණොත් හරියටම අවුරුදු 3ක් වගේ යනකොට තම්න්ගේ ආරක්ෂාව තමන්ටම සලසා ගන්න පුලුවන් වෙනවා!!!!
    ඒ නිසා කාකා ජී දැනටත් පරක්කු නෑ ඕන්.......!!!!!!!

    බෙස්ට් ඔෆ් ලක් &

    ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. කකා කියන්නේ ආනන්දයේ ජූඩෝ ආචාර්යවරයා වූ බන්දුල ගලප්පත්ති මහතා ගැනයි.

      Delete
    2. hamme munna danna dewal

      Delete
    3. කතන්දර පිල්ලිය මා කියන්නේ ඇනෝ කියා ඇති ගුරුවරයා ගැනයි.

      හැත්තෑව වෙනකොට නං ජූඩෝ කරන්න අදහසක් නෑ. ආනාපාන සතිය කරගත්තාම ඇති!

      Delete
    4. @ඇනෝ සහබ්,

      අච්චා...! අනේ මන්දා සහබ්. ඔය නම ඇහුවෙත් අදමයි!!!

      @අපූර්වී දීදී,

      හික්z! තැන්කූ අනී......! අපිලා ඉතින් උප්පත්තියෙන්ම මහෞෂධ පැටවු නේ......! : මොකද අෆ්ෆා යුනිකෝඩ් වලට උනේ.......???

      @කාකා ජී,

      අදමයි ඒ ගුරු ජීගේ නම ඇහුවේ! ආනන්දේ නම් ජූඩෝ වලට අමතරව ටයිකොන්ඩෝ, කරාටේ, අංගම් පොර පවා තියෙනවා නේද???

      එහෙම කියන්ඩ එපා අෆ්ෆා...! කොහොමද එදාට බෑනන්ඩියා හරි මුණුපුරෙක් හරි ගේම ඉල්ලුවොත් එහෙම........!!!

      හික්z!!!

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
  5. එතකොට ඒ කාලෙ කරාටි මරාටි කාරයන්ට කීවෙ මාස්ට සෑර් කියලද...
    හාකො හොදයි ඒකත් දැන ගත්ත එක
    දැං සෙන්සේ කීවෙ නැත්තං හක්ක පයිනව නෙව

    ReplyDelete
    Replies
    1. සෙන්සේ කියන්නේ ජපන් වචනයක් නේද? කුන් ෆූ, කරාතේ යනාදිය චීන හින්දා සෙන්සේ නොකියන්න ඇති!

      අපේ ජපන් ජාතික ජූඩෝ ගුරුවරායට අපි කිව්වේ මාස්ටර් කියලයි.

      Delete
  6. සන්තෝසයි..තවත් ජූඩෝ කාරයෙක්.
    කරාතේ ඉගෙන ගන්න ගියත් වඩා ලේසියෙන් අල්ලගත්තේ ජූඩෝ.

    කෝකත් එක්ක පොල් අඩියකුත් කලවම් කරගත්තම මරු

    ReplyDelete
    Replies
    1. අපි දෙන්නම එක ලග කමෙන්ට් කරල අනී ........
      අරුන්ට හරි J හිතෙයි...... නී ..... හෙක්....හෙක්......

      Delete
    2. බුදු අම්මෝ ඔන්න අපි කොමෙන්ට් දාන්නේ නැතෝ

      Delete
    3. කුක්කු කූ කූ............................

      Delete
    4. මල්මී,
      පොල් නොවෙයි මෝල්ට් අඩියක් තමයි වඩා හොඳ!

      Delete
    5. ඔය ඉන්නෙ සිඹා ඇවිල්ලා

      Delete
  7. ලොකු දෙයක් ඒ මගුල කකා මගදි නවතපු එක නම්.......
    අඩු ගානෙ ජපං කොරොමෙට කඳ නමා අචාර කොරන්න ඉගෙන ගත්ත එකත් මැදෑ ලංකාවෙදිම ... හෙහ්..හෙහ්....

    ReplyDelete
    Replies
    1. කඳ නවන්න වෙනවා පටන් ගන්න කොටයි ඉවර කරන කොටයි දෙසැරේටම!

      Delete
    2. අපිට පොඩි බයකුත් තියෙනව නේද?කටින් ..කන්නා

      Delete
  8. //කරාටේ කී‍්‍රඩාවේ බෲස් ලී //
    බෲස් ලී කරාටේ කාරයෙක් නොවේ ඔහු නව සටන් කලාවක් නිර්මාණය කරපු විංග් චුන් කුන්ෆු කාරයෙකි.

    ReplyDelete
  9. කකාගෙ ජූඩෝ අනාගතේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයකට මැදිවෙලානේ. අපරාදෙ, එහෙම නොවුනනම් ...

    ReplyDelete
    Replies
    1. ජූඩෝ කියන්නේම ජපන් කුමන්ත්‍රණයක් නේද?

      Delete
  10. ඉතින් අපිට පාන් ද?
    - කැඳවුම්කරු- ජාතික ඇනෝ සම්මේලනය

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඔයා ඇනෝ සම්මේලනයේ කැඳවුම්කරුටම හරියන පොරක් තමයි. අර ඇනෝ විදියට ඇවිත් ඉන්දිකට මඩක් ගහන්න ගිහින් කුජීත වුනේ ඔහේ නේද? හැක්.. හැක්.. හැක්...

      මෙතනත් ප්‍රොෆයිල් එකෙන් ආවේ වැරදිලාද මන්දා

      Delete
    2. ඇනෝලා කියලා වෙනම ජාතියක් නැහැ. ඔය ප්‍රොෆයිල් එව්වොම තම්යි ඇනෝ දාන්නෙ.

      A, B ගෙ බ්ලොග් එකේ ඇනෝ දානවා.
      B, A ගෙ බ්ලොග් එකේ ඇනෝ දානවා.
      A ඇනෝලට බනිනවා.
      B ත් A ට එකතු වෙලා ඇනෝලට බනිනවා.
      තමන්ගෙම බ්ලොග් එකේ ඇනෝ දා ගන්න C ත් ඇවිල්ලා ඇනෝලට බනිනවා.
      ඔව්වා ඔහොම තමයි.

      Delete
    3. මචන් ඇනොලා,
      ඇනෝ කියන්නේ හොඳ මාතෘකාවක්.
      වේලි වේලි තිබ්බ මගේ බ්ලොගට ටිකක් හරි ට්‍රැෆික් ආවේ ඇනොල ගැන ලියපු මේ ලිපියෙන් පස්සේ
      http://dampatadedunna.blogspot.com/2014_08_01_archive.html

      Delete
    4. සොරි සොරි ඒක නෙවෙයි මේක
      http://dampatadedunna.blogspot.com/2014/08/blog-post_19.html

      Delete
    5. ලින්ක් එකක් දාන්න මුලින් ඉගෙන ගනින්...

      Delete
    6. ඉතිං මට පාන් ද යන්න මා මුලින්ම දුටුවේ සමනල විප්ලවය බ්ලොග් නවකතාවේ වගෙයි මට මතක!

      Delete
    7. ඊටත් කළින් ටැබූ කොහේහරි කොමේට් එකක "ඉතිං මට පාන් ද" කියුවා වාගේ මතකයි...

      Delete
  11. රසික,

    අපේ තාත්තල ඉගෙන ගෙන තිබ්බෙ චීනඩි. ඒකෙ තුන් මුල්ල පැනල ගහනව කියල "කාට" එකක් තිබ්බ. තව පොළු හරඹ තිබ්බ. නම "චීනඩි" උනාට ඒක ප්‍රාථමික කන්ග්-ෆු ම තමයි. වෙළඳාමෙ ආ චීන්නු උගන්නපු නිසා චීනඩි වෙන්නැති.

    ජී.ඒ.ටී ලිවේර කියන්නෙ අපි පොඩි කාලෙ ප්‍රසිද්ධම කරාටි මාස්ටර්. මිනිහගෙ ස්ටයිල් එක "ෂොටෝකාන්". ඒක තමයි නියම කරාටි.

    ඉන් පස්සෙ ආවෙ මාස්ටර් ඔයාමගෙ ගෝලය නන්ද සිරිවර්ධන. ඒ ස්ට්‍යිල් එක "කියෝකුෂින් ඛාන්", ඒක බොළඳ කරාටි.

    ඉස්සර ඔය හැමෝම "මාස්ටර්"ල තමයි. "සෙන්සේ" කියන දැන් මාස්ටර්ලට දාගෙන තියෙන නමත් මම හිතන්නෙ "නන්ද" තමයි මුලිම්ම පාවිච්චි කරේ.

    කරාටෙ වගේම කන්ග්-ෆු මාස්ටර්ලත් හිටිය. මම දන්න විදියට "සෙන්සෙ" කියන නම ඒ අය පාවිච්චි කරන්නෙ නෑ තාම! කන්ග්-ෆු මාස්ටර්ලගෙන් ප්‍රසිද්ධම "Seeva lee". මිනිහගෙ නම දැක්කම චීනෙන් ආපු තවත් බෲස්-ලී ජෙට්-ලී කෙනෙක් වගේ පෙනුනට, නියම නම සීවලී, හද්ද සිංහල.

    90 දශකෙ ඉඅවරවෙනවත් එක්කම තරුණයො මාෂල් ආට් ඉගෙන ගන්න රැල්ල නැති උනා මම හිතන්නෙ. ඒ වෙනුවට ෆෙසි බුක් එකේ ගහ ගන්න පෙළඹුනා.

    රසික ඉගෙනගත්තු ආන්නද විද්‍යාලෙත් කරාටි, කන්ග්-ෆු, ජූඩො සංගම් ඉගැන්නුව පස්සෙ කාලෙ.

    අපි බලමු මුල් කාලෙ එළකිරිම කරාටෙ ෆිල්ම් එක තමයි "බෙස්ට් ඔෆ් ද බෙස්ට්". කන්ග්-ෆු නම් ඒ වෙනකොටත් මියෑදිල උන්නු බෲස් ලී, ජිම් කෙලී ගහගත්තු "එන්ටද ඩ්‍රැගන්" වගේ ඒව.

    ඔය මාෂල් ආට් නලුවන්ගෙන් මගේ ප්‍රියතමය "වෑන් ඩෑම්". චක් නොරිස්, ස්ටීවන් සීගල්, ඩේවිඩ් කැරඩින් වගේ නළුවො ඊට පස්සෙ.

    ජැකී චෑන්, ජෙට් ලී, ඩොල්ෆ් ලොන්ග්‍රෙන් වගේම අකාලෙ මැරිච්චි බෲස්-ලී ගෙ පුතා බ්‍රැන්ඩන්-ලී ත් අපේ ප්‍රියත්ම කන්ග්-ෆු නළුවො.

    නිළිය, ලුසී ලියු.

    රසිකගෙ මේ පෝස්ට් එක මාර්ෂල් ආට් අත්දැකීම් ගැන ලියන රැල්ලක් ඇතිකරාවිද, අර ඉස්සර කතන්දරකාරය කරා වගේ කියල හිතුන ;-)

    ReplyDelete
    Replies
    1. Seeva Lee මාස්ටර් හද්ද සිංහල වගේම ඉගැන්නුවෙත් ලොවෙත් නැති kung fu චීන්නු දැක්කනම් දුකටම මැරෙනව.

      Delete
    2. ෆිල්ම් වල න ලියන කොට අපි වගේ සෝ ඉස්පැසොලිස්ට් කෙනෙක් ගෙන් ඇහුවා නම් මෙහෙම වෙන්නේ නෑ..

      චිත්‍රපටයේ නම "එන්ඩද ඩ්‍රැගන්"..

      Delete
    3. මාතලන්, මම බැලුවෙ නුවර හෝල් එහෙක.

      Delete
    4. මම මාතලන් බැලුවේ වැල්ලම්පිටියේ රුක්මනී හෝල් එකේ ඒකේ තියෙනකම් හැම ඉරිදම බැලුවා පවුලේ අයත් එක්ක. :)

      Delete
    5. උඹ මාතලන් බැලුවට කොමාව දැකල නෑ :P

      Delete
    6. කොමාව තිබුනත්, ලංකාවේ නීතිය අනුව මගේ කතාව වෙනුවෙන් ඕන නම් නඩු දාන්නත් පුළුවන්.

      Delete
    7. පේරාදෙනියේ මගේ බැචාලා දෙන්නෙක් එකම නගරයේ වෙනස් මාස්ටර් ලා දෙන්නෙක් ගේ කරාටේ ගෝලයෝ. එකෙක් ලිවේරා ගේ අනිත් එකා ගේ මාස්ට්ර මට මතක හැටියට ඔය කියන සිරිවර්ධන.

      මාස්ටර්ලාගේ තරගය ගෝලයෝ අතරත් තිබුණා කියලයි මට තේරුණේ.

      Delete
    8. අනේ ඉන්දික උපශාන්ත මහත්තයෝ නොදන්නා මගුලක් කතානොකර ඉන්නවද. G.A. T. ලිවේරා කියන්නේ මෙහෙට කරාටේ අදුන්වලා දුන්න ය අතරින් කෙනෙක් තමා. හැබැයි මෙහෙ ශ්‍රී ලංකා කරාටේ සම්මේලනය පිහිටුවන වෙලාවේ ඒය කළු පටි 10 තමන් තමන්ටම නිකුත් කළා. ලිවෙරගේ ගෝලයෝ කරන කරාටේ පන්තියකට ගිහින් බලනව. උන් හත් පොලේ ගාගන්නවා.

      නන්ද සිරිවර්ධන කියන්නේ නියම ශිහාන් වෙල්ගම යටතේ කරාටේ ඉගෙන ගෙන ඊට පස්සේ ජපානයට ගිහින් කියෝකුෂින් කි කාන් කරාටේ ක්‍රමය ඉගෙන ගෙන ආපු දැනට ලංකාවේ ඉන්න ජෙෂ්ට ගුරුවරුන්ගෙන් කෙනෙක්. එය දැනට කළුපටි 6 වන ශ්‍රේණියේ ඉන්නේ. කලුපටියක් කියන්නේ නිකන් රෙදි පටියක් නෙවෙයි. එක ගන්න කොච්චර මහන්සි වෙන්න ඕනද කියන එක මාස දෙක තුනක් කරාටේ පන්ති වලට ගිය තමුසෙලා වගේ අයට තේරෙන්නේ නෑ. ක්යෝකුෂින් කරාටේ වල තේරුම සම්පුර්ණ සත්‍ය කරාටේ කියන එකයි.

      කරාටේ වල සෙන්සේ කියන්නේ ගුරුවරයා කියන එක. ශිහාන් කියන්නේ උසස් ගුරුවරයා හෙවත් ගුරුවරුන්ගේත් ගුරුවරයා කියන එකී. හන්ශි කියල කියන්නේ ජෙෂ්ටතම ගුරුවරයා(Grand Master) කියල කියන එක. ක්යෝකුෂින් කරාටේ වල ශිහාන් කෙනෙක් වෙන්න 100ක් එක්ක පැය 5කදි සටන් කරලා දිනන්න ඕන. අනික් එක නියම වචනය කරාතේ දෝ.(හිස් අත් ක්‍රමය). නිකන් ෆිල්ම් ගැන දන්නා දැනුමෙන් කියවන්නේ නැතුව ටිකක් ඉන්ටර්නෙට් එකේ වත් හොයල බලන්න. ක්යෝකුෂින් කි කන් කරාතේ බොලදද කියල ටිකක් හොයල බලන්න. එකේ නිර්මාතෘ කොච්චර තදින් පහර දීමේ සටන් ගණනකට ඉදිරිපත් වෙළද කියල.

      ශෝටෝකාන් කරාටේ කියන්නේ ජපානයේ ඉස්කෝල වලට කරාටේ උගන්වන්න් නිර්මාණය කරපු එකක්. එකේ නිර්මාතෘ හන්ශි ගිචින් ෆුනකොශි. එකේ තියන සරල බව හා ඉගෙන ගැනීමට ලෙහෙසි වීම නිසා සහ ශ්‍රේණිගත කිරීම ඉතා ලෙහෙසියෙන් කරන නිසා ලෝකේ ගොඩක් ජනප්‍රිය ශෝටොකාන් කරාටේ. ඒවායේ තියන කාතා (විදිමත් අභ්‍යාස) ඉතාම සරැලි අනෙක් කරාටේ ක්‍රම එක්ක බැලුවම.

      තමුසේ හැමදේම දන්නවා වගේ හැමදේටම පඩි ටෝක් දෙන නිසි මෙහෙම ලියුවේ.

      Delete
    9. මේ ඇනෝ ලියා ඇති ආකාරයේ ලිවේරා ද හොඳ, සිරිවර්ධනද හොඳ වගේ තර්ක ඒ දවස්වල නිතරම මගේ බැචාලා දෙන්නා අතර හුවමාරු වෙනවා.

      හැබැයි, අපේ සමහරු බලාගෙන හිටි ආකාරයේ කරාටේ ෆයිට් එකක් දක්වා නම් ඒක වර්ධනය වුනේ නෑ අවුරුදු හතරක් ගියත්!

      Delete
    10. ඇනෝ මිතුර, ඔබ කියොකුෂින්කාන් වල ඇති විනයෙහි අව බව ප්‍රදර්ෂනය කර තිබේ.

      ඕනෑම කෙනෙකු දෙසන්නේ තමා දන්න අත්දැකීම්, අසා හෝ සොයා දැනගන්නා කරුණු මතයි.

      ඔබට රිදී ඇත්තේ ශෝටෝකාන් නියම කරාටේ බවත් ක්‍යොකුෂින් කාන් බොළඳ කරාටේ බවත් පැවසූ නිසා බව සිතේ.

      මෙහි මා පැවසුවේ මගේ පුද්ගලික අදහස වන අතර, එය මාගේ අත්දැකීම් හා බැඳී පවතී.

      ෂොටෝකාන් කරාටේ ක්‍රමය ඇරෙඹෙන්නෙ 1860 පමණ බවත් කියෝකුෂින් ක්‍රමය ඊට වසර සියයකට පමන පසු 1960 දශකයේ "මාස්ටර් ඔයාමා" විසින් ඇරඹි බවත් ඔබ දන්නවා ඇතැයි සිතමි.

      ලංකාවේදී මා දුටු ෂෝටෝකාන් සටන්වල මුහුණට පහරදීමට ඉඩ ඇති අතර "තදින් පහරදීමේ" හැකියාව ඇත. එහෙත් කියෝකුෂින්කාන් ක්‍රමයේ මුහුණට පහරදිය නොහැක. එමෙන්ම කියෝකුෂින් කාන් වල ඇති සීමිත පා හැසිරවීම් වලට වඩා ශෝටෝකාන් වල තාක්ෂනය බොහෝ සෙයින් ඉදිරියෙනි. වඩා ප්‍රසිද්ධම කරුන, කියෝකුෂින්කාන් වල ඇති "කාතා" සියල්ල පාහේ ෂෝටෝකාන් වලින් කොපි පේස්ට් කර ඇති බවය.

      ඒ සියල්ලටම වඩා, ෂෝටොකාන් යනු වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම ආත්මාරක්ෂක සටන් ක්‍රමයකි. කියෝකුෂින්කාන් යනු වීදිසටන්කරුවන්ට උචිත තාක්ෂනයෙන් සහ විනයෙන් අඩු "ගහ ගැනීමේ ක්‍රමයකි".

      කෙසේ වෙතත් ඔබට ෂිහාන් නන්ද සහ ඔහුගේ සටන් ක්‍රමය ගැන ඇති මහා ප්‍රථිරූපය දැරීමට ඇති අයිතියට ගරු කරන අතර, මෙය ගැන විවාද කිරීම බුදුන්ද ජේසුද වඩා හොඳ හෝ බෲස්-ලී ද ජිම් කෙලි ද වඩා හොඳ වැනි බොලඳ විවාද වලට වඩා වෙනස් නොවන නිසා මින් ඉදිරියට ඔබේ "කාතා" පමණක් ප්‍රදර්ෂනය ඉඩ දී පසෙකට වෙමි.


      //තමුසේ හැමදේම දන්නවා වගේ හැමදේටම පඩි ටෝක් දෙන නිසි මෙහෙම ලියුවේ.//
      සතුටු වෙයල්ලා, ඉරිසියාව අතහැරපල්ලා..

      Delete
    11. ඇනෝ මිතුර, ඔබ භරි. ඉන්දික සියළු දෙයක්ම අතැඹුලක් සේ දන්නා, බොහෝ ඇසූ පිරූ තැන් ඇති, මහා පඬියෙක්. ඉන්දික නොදන්නේ එකම එක දෙයයි. ඒ තමන්ගෙන් කෙනෙක් ලබා ගත් ණය මුදල ආපසු ලබා ගන්නා ආකාරය පමණයි.

      Delete
    12. ප්‍රධාන කරාටේ ක්‍රම 4ක් ලෝකයේ ඇත. ඒවා නම් ශෝටොකාන්, වදෝරියු, ශිටෝරියු, ගොජු රියු (ජනප්‍රියත්වය අනුව පෙළගස්වා ඇත.)

      අනෙක් සෑම කරාටේ ක්‍රමයක්ම මෙම ඉහත ක්‍රම හතරෙන් එකක්, දෙකක්, කිහිපයක් ඇසුරින් නිර්මාණය කර ඇති ඒවා වේ. නියම කරාටේ සටන් ක්‍රමය තුල අවි ආයුධ භාවිතයක් නොමැති අතර කරාටේ වැනි ආයුධ රහිත සටන් ක්‍රම ආරම්භයට හේතුව වුයේ ජපානයේ එක්තරා කාලයක් ආයුධ භාවිතය සිවිල් වැසියන් සදහා තහනම් කර තිබිමයි.

      මෙහිදී කරාටේ වල ආරම්භය ජපානයට දකුණින් පිහිටි ඔකිනාව දුපත ආශ්‍රිතව සිදුවූ අතර. ඔකිනාවා හි උතුරු දිග ෂුරි ප්‍රදේශවල ශෝටොකාන් හා වදෝරියු කරාටේ ආරම්භ වූ අතර දකුණු දිග නහ ප්‍රදේශවල ශිටොරියු හා ගොජු රියු ආරම්භ වන ලදී.

      මේ එක එක කරාටේ ක්‍රම සදහා ආවේනික ලක්ෂණ ඇති අතර එයින් ශෝටොකාන් හා වදොරියු ක්‍රම වල දිගු සරල රේකිය පහර දීම් හා වැලකිම් ක්‍රම අඩංගු වන අතර ශිටෝරියු හා ගොජු රියු ක්‍රම වල වේගවත් රේකිය හා වක්‍ර කෙටිදුර හා මැදි දුර පහරදීම් හා වැලකිම් ක්‍රම ඇතුලත් වේ.

      මින් ශෝටෝකාන් හා වදෝරියු යන ක්‍රම වල යම් සමානකම් පවතින අතර. ඒවායේ ආරම්භකයන් පිලිවෙලින් ගිහින් ෆුනකොස්හි හා හිරෝනොරි ඔත්සුකා ගුරුවරුන් වේ.මෙම එක එක කරාටේ ක්‍රම තුල ආයුධ සහිත හා රහිත කාතා ක්‍රම බොහොමයක් ඇති අතර ඉතා අඩු ප්‍රමානයක් නමුත් ප්‍රබල නිරායුධ කාතා ක්‍රම ගොජු රියු ක්‍රමය තුල ඇත.

      (ගොජු රියු ක්‍රමය තුල එයටම අවේනික වූ ප්‍රදාන කාතා ක්‍රම 12ක් ඇති අතර ඒවා වෙනත් කිසිදු කරාටේ ක්‍රමයකින් උපුටා නොගත් ඒවා වන අතර, ගොජුරියු කරාටේ ක්‍රමයේ නිර්මාතෘ වූ චෝජුන් මියාගි ගුරුතුමාගේ හා ඔහුගේ ගුරුතුමා වූ නහ තේ කරාටේ ක්‍රමයේ ආරම්භකයා වූ කන්ර්යෝ හිගොන්නා ගුරුතුමා විසින් නිර්මාණය කරන ලද කාතා ක්‍රම වේ. ආශ්වාස ප්‍රශ්වාස කිරීමේ ක්‍රම තුලින් සිරුරේ අභයන්තර ශක්තිය පිටතට ගැනීමේ ක්‍රම කරාටේ තුලට හදුන්ව දීමේ ගෞරවය කන්ර්යෝ හිගොන්නා ගුරුතුමාට හිමිවන අතර එය වැඩිදියුණු කරන ලද්දේ චෝජුන් මියාගී ගුරුතුමා විසිනි. ගොජුර් රියු කරාටේ ක්‍රමය බොහෝ අය ඉගෙන ගැනීම අඩුවීමට හේතුව නම් එහි මුලින්ම උගන්වන සන්චින් කාතා නම් අභ්‍යාසය ඉගෙන ගැනීම ඉතා දුෂ්කර බැවිනි. මෙම අභ්‍යාසය මගින් සිරුර ලෝහයක් මෙන් ශක්තිමත් කිරීමට උගන්වනු අතර නියම ගොජු රියු ශිල්පියෙකු වීමට නම් මුලින්ම සන්චින් කාතා ක්‍රමය ඉගෙන ගෙන එය සමත් විය යුතු වන අතර එය ඉගෙන ගැනීමට ඉතාම දක්ෂයෙකුට වුවත් අවුරුදු 3ක් වත් අවම කාලයක් ගතවේ. මෙය පිටින් බැලු විට සරල කාතා අභ්‍යාසයක් ලෙස පෙනෙන නමුත් එහි අන්තර්ගතය ඉතා සංකීර්ණ වීම නිසා මෙය ඉතා අසීරු අභ්‍යාසයක් බවට පත්ව ඇත. මෙය ලොව පුරා අඩුවෙන් ඉගෙන ගැනීමට බලපා ඇති ප්‍රධාන හේතුව මෙය වේ. මක්නිසාද යත් අනෙක් සටන් ක්‍රම තුල අවුරුදු 3ක් වැනි කාලයකදී බොහෝ දේ උගන්වන විට මෙහි එකම දෙයක් අවුරුදු 3ක්ම ඉගෙන ගැනීමට බොහෝ ය අකමැති වීම නිසා අනෙක් කරාටේ ක්‍රම ජනප්‍රිය වී ඇත. මෙම සන්චින් කාතා ක්‍රමය කුඩා දරුවන්ට ඉගෙන ගැනීමට නොහැකි නිසා ඔවුන් කුඩා කාලයේදී වෙනත් කරාටේ ක්‍රම ඉගෙන ගැනීමට යාම නිසා ඔවුන් වැඩිහිටියන් වූ පසුද කුඩා කල ආරම්භ කල කරාටේ ක්‍රමය තුලම සිටීම ද ගොජු රියු සටන් ක්‍රමය අඩුවෙන් ඉගෙන ගැනීමට හේතුවක් වී ඇත. මේ නිසාම වර්තමානය වන විට බොහෝ ගොජු රියු ගුරුවරුන් විසින් කුඩා දරුවන්ට ආදේශක කාතා ක්‍රම උගන්වා වැඩිහිටි වයසේදී සන්චින් කාතා ක්‍රමය කියා දීම සිදු කරනු ලබයි.)

      ශිතො රියු ක්‍රමය තුල ශෝතොකාන් වල හා ගොජු රියු යන ක්‍රම දෙකෙහිම අඩංගු කාතා ක්‍රම උගන්වනු ලබන අතර ආයුධ සහිත කාතා ක්‍රමද අන්තර්ගත වේ.

      ක්යෝකුෂින් කරාටේ ක්‍රමය යනු Choi Young-Eu නැමති කොරියන් ජාතිකයා විසින් 1964 දී හදුන්වා දුන් ක්‍රමයක් වන අතර ඔහු පසු කලෙක මසුත්සු ඔයාමා ලෙස තම නම වෙනස් කර ගන්නා ලදී. ක්යෝකුෂින් ක්‍රමය තුල තදින් පහර දී සටන් කිරීම ඇතුලත් වන අතර එය ශෝටොකාන් හා ගොජුරියු කරාටේ වල කාතා ක්‍රම වල එකතුවකින් සෑදී ඇත.

      Delete
    13. ඉහත කමෙන්ටුවේ ඉතිරිය >>>

      කරාටේ වල අතීතයේ දෙදෙනෙකු පුහුණු කටයුතු වලදී සටන් කිරීමක් සිදු නොවූ අතර ප්‍රධාන වශයෙන් කාතා ක්‍රම හා එහි අර්ථය (කාතා බුන්කායි ලෙස ජපන් භාෂාවෙන් හැදින්වේ) පුහුණු වීම පමණක් සිදු කරන ලදී. එයට හේතුව නම් අද මෙන් එකල ආරක්‍ෂිත අත් පා ආවරණ , හිස් ආවරණ , පපු ආවරණ, ලිංගාශ්‍රිත ප්‍රදේශ ආවරණ නොපැවතීමයි.

      කරාටේ සටන් ක්‍රමය තුල එකල සටනක් සිදු වූවානම් එය අනිවාර්යෙන් සත්‍ය ලෙසම සටන් කිරීමේ උවමනාව මත සිදු වුවක් මිස පුහුණුවීමේ අරමුණින් සිදුවූවක් නොවේ. එකල දෙදෙනෙකු සටන් කිරීමේදී ප්‍රථමයෙන් තම ගුරුවරුන්ගෙන් අවසර ගෙන සුදානම් කරගත් දිනයකදී තම ගුරුවරුන් හා තම සටන් පාසලේ අනෙක් සගයන් ඉදිරිපිට ප්‍රසිද්ධ ස්ථානයක සටන සිදු කරන ලද අතර බොහෝ විට තම ගුරුතුමාගේ හා තම පාසැලේ ගෞරවය රැකගැනීම සදහා ඉතා ද්වන්ධ සටන් සිදු කරන ලදී.එසේ අනෙකා හා සටන් කිරීමේදී බොහෝවිට දෙදෙනාටම ඉතා බරපතල තැලීම් තුවාල හා අස්ථි බිදීම් ආදිය සිදුවූ අතර පරාජයට පත්වූ පුද්ගලයා බොහෝ විට ගුරු කුලය තුලින් ඉවත් කිරීමත් සිදුවේ. එමනිසා බොහෝවිට එක අයෙක් මිය යන තෙක්ම සටන පවත්වන අතර සටන තුලින් මියයාම, සටන් කර පරාජයට පත්වී ජීවත්වනවාට වඩා උසස් යයි එකල සලකන ලදී.

      කරාටේ ක්‍රමය තුලට දෙදෙනෙකු අතර සිදුකරන සටන් හෙවත් කුමිතේ ලෙස හදුන්වන ක්‍රමය හදුන්වා දීමේ ගෞරවය හිමි වන්නේ චෝජුන් මියගි ගුරුතුමාගේ ඉතා දක්ෂ සිසුවකු වන පසු කලෙක ජපානයට ගොජුරියු කරාටේ ක්‍රමය හදුන්වා දුන් ගොගෙන් යමගුචි ගුරුතුමා වන අතර මෙතුමා විසින් නිදහස් සටන් කිරීමේ ක්‍රමය සටන් පාසල් වෙත හදුන්ව දුන් අතර එමගින් එකම සටන් පාසලේ සිසුන්ට පවා පුහුණුවීමේ අරමුණින් සගයන් හා සටන් කිරීමට අවස්ථාව ඇතිවුනි. ගොගෙන් යමගුචි තුමා ගැන සටහන් කිරීමට බොහෝ දේ ඇති අතර ඒ අතරින් වඩා වැදගත් දෙය වනුයේ ඉතා කුඩා සිරුරක් තිබු මොහු විසින් කොටියෙකු අතින් පහරදී මරා දැමීමයි.

      තදින් පහර දීමේ ක්‍රම ලොව කොතරම් පැවතුනත් දෙදෙනෙකු අතර සිදුවන සටනකදී කෙලින් තදින් මුහුණට පහරදීමක් සිදු නොකිරීමට හේතුව නම් අපගේ නාසය සකස්වී ඇත්තේ කාටිලේජ ද්‍රව්‍යකින් වන අතර නාසයට පිටුපසින් මොලය පිහිටා තිබීමයි.හොදින් පුහුණු වූ සටන් ශිල්පියෙකුට පහර නාභිගත කිරීමක් (එනම් මුළු ශක්තියම පහර කරා යොමු කිරීමට හැකිවීම) තුලින් කෙලින් මුහුණට තදින් පහරදී එක පහරින් ප්‍රතිවාදියාගේ මොලයට හා හිස අභ්‍යන්තරයට දැඩි හානි සිදු කල හැකි නිසා බොහොමයක් තදින් පහරදීමේ ක්‍රම තුල මුහුණට කෙලින් පහරදීමක් සිදු නොකරනු ලබයි. කෙසේවෙතත් තදින් පහරදීමේ සටන් ක්‍රම ප්‍රගුණ කල බොහෝ අය ඉතා අඩු වයසකින් මරණයට පත්වීම සිදු වී ඇති අතර එයට හේතුව නම් තදින් පහරදීමේදී සිදුවන අභයන්තර හානි පසු කලෙක විවිධ හානි ඇති කිරීමයි. බෲස්-ලී ගේ මරණයට හේතුවද මෙය බව ගොඩක් අසු පිරු තැන ඇති සටන් කළා ගුරුවරුන්ගේ මතයයි.

      ඉන්දික උපශාන්ත මහතාගේ

      //ලංකාවේදී මා දුටු ෂෝටෝකාන් සටන්වල මුහුණට පහරදීමට ඉඩ ඇති අතර "තදින් පහරදීමේ" හැකියාව ඇත. එහෙත් කියෝකුෂින්කාන් ක්‍රමයේ මුහුණට පහරදිය නොහැක. එමෙන්ම කියෝකුෂින් කාන් වල ඇති සීමිත පා හැසිරවීම් වලට වඩා ශෝටෝකාන් වල තාක්ෂනය බොහෝ සෙයින් ඉදිරියෙනි. වඩා ප්‍රසිද්ධම කරුන, කියෝකුෂින්කාන් වල ඇති "කාතා" සියල්ල පාහේ ෂෝටෝකාන් වලින් කොපි පේස්ට් කර ඇති බවය.//

      ඉහත පරිදි ඇති වැරදි මතය පිළිබද නිවැරදි අවබෝදයක් ලබාගැනීමට මෙම කොමෙන්ටුව තුලින් හැකි වේ යයි සිතමු.

      Rasika Suriyaarachchi මහතාගේ

      //මේ ඇනෝ ලියා ඇති ආකාරයේ ලිවේරා ද හොඳ, සිරිවර්ධනද හොඳ වගේ තර්ක ඒ දවස්වල නිතරම මගේ බැචාලා දෙන්නා අතර හුවමාරු වෙනවා.

      හැබැයි, අපේ සමහරු බලාගෙන හිටි ආකාරයේ කරාටේ ෆයිට් එකක් දක්වා නම් ඒක වර්ධනය වුනේ නෑ අවුරුදු හතරක් ගියත්! //

      කිසිම දිනක ගුරුවරුන් දෙදෙනෙකු යටතේ සටනක් සිදු නොවන අතර ඒ සදහා තම තමන්ගේ ප්‍රධාන ගුරුතුමාගෙන් අවසරයක් ගත යුතු අතර ප්‍රධාන ගුරුවරුන් ඉදිරිපිට සටන සිදුකල යුතු වේ.

      යම් අයෙකුට කෙටි කාලයකින් කිහිපදෙනෙකු සමග මුහුණට මුහුණ සටන් කිරීමට අවශ්‍ය දැනුම ලබා ගැනීමට අවශ්‍ය නම් "ක්‍රව්මගා" නමැති ඊශ්රායල් සටන් ක්‍රමය ඉගෙන ගැනීම ඉතා සුදුසු වේ.

      මෙම කමෙන්ටුව ඉතා දීර්ග වුවත් එයින් බොහෝ දේ සම්බන්දව නොදන්නා අයෙක්ට දන ගැනීමට හැකි නිසා මෙය මෙසේ පලකිරීමට සිතුනි.

      Delete
    14. මේ විස්තරය සැපයූ ඇනෝනිමස් පාඨකයාට මගේ ස්තුතිය පළකරමි.

      Delete
  12. සටන් ක්‍රමයක් ප්‍රගුණ කරන්නේ සතුරන් පරදවන්නට නෙමෙයි, සතුරන්ගෙන් ආරක්ෂා වෙන්න, නැතිනම් තමන්ගේ පන්චස්කන්දය ආරක්ෂා කරගන්න කියලයි මම දන්නේ.

    එහෙම බලද්දි රසික කොහොමත් කරන්නේ කරන්න ඕන නියම විදිහ තමා.....

    ReplyDelete
    Replies
    1. ජුඩෝ කියන්නේ ගහගන්න ක්‍රමයක් නොවෙයි. සතුරාව බිම දමා පාලනය කර ගන්නා ක්‍රමයක්.

      Delete
  13. ජූඩෝ නෙමෙයි kung fu ඉගෙනගත්ත නම් තට්ටෙන් නියම වැඩ ටිකක් පෙන්නන්න තිබුන.
    ඉංගිරිසි පංතියයි, මාෂල් ආර්ට් පංතියයි එකවගේ නේන්නම් හැම මාස හයකට වරක් අලුත් කට්ටිය , සටන් කලාවක් ඉගෙන ගන්න ඕනෑකමක් තිබුනනම් නොමිලේ උගන්නපු තැන් ඕනෙ තරම් තිබුන.

    ReplyDelete
    Replies
    1. තට්ටෙන් වැඩ ගන්න නිකම්ත් බෑ, හොඳ පිං පාටට ඉන්න ඕනෑ, සංගිතමය කටහඬකුත් ඕනෑ!

      Delete
    2. තට්ටේ තිබුනට ඇඟ මහත වැඩියි

      Delete
  14. අංගම්පොර..

    ඒ තමයි මට හිතෙන විදියට විශිෂ්ඨතම සටන් ක්‍රීඩාව.

    ReplyDelete
    Replies
    1. අංගම්පොර සටන් කලාවේ පියා තමයි ජයන්ත චන්ද්‍රසිරි..

      Delete
    2. අංගම් පොර කියන්නෙත් ඔය අනෙක් සටන් කලා වර්ගම තමයි ළමයෝ, සිංහල නමකින් ආවාට. අපේ රටේ ඉන්න ගොන්නු පිටරට දෙවල් වලට වෛර කරන්නේ නමින් විතරක් බලලනේ. සිංහල නමක් දා ගත්තු ගමන් ඔක්කෝම හරි. නලින් ද සිල්වාගෙ ජාතික චින්තනය හැදුවෙත් කැලිෆෝනියාවෙ මහාචාර්ය කෙනෙක්ලු.

      Delete
    3. \\අංගම්පොර සටන් කලාවේ පියා තමයි ජයන්ත චන්ද්‍රසිරි..//

      ගොඩක් උන් නොදැන උන්නු මේ කලාව ගැන සිනමාවෙන්, ටෙලියෙන් ලංකාවෙ මිනිස්සුන්ට කිව්වෙ නම් ජයන්ත චන්ද්‍රසිරි තමයි.

      ඇනෝගෙ කතාව මට මතක් කරන්නෙ මීවලපානගේ බ්ලොග් සටහන්.

      Delete
    4. මනෝ මං හිතන්නෙ ඔය කතාව මාතෙ කීවෙ කින්ඩියට වෙන්න ඕන

      Delete
    5. නැතුව බං. මිනිහගේ හැම ටෙලියකම කොහෙන් හරි අංගං කෑල්ලක් එල්ලිලා තියෙනවනේ.

      Delete
    6. //අංගම්පොර සටන් කලාවේ පියා තමයි ජයන්ත චන්ද්‍රසිරි..//
      අනිවා ජයන්ත චන්ද්‍රසිරි අංගම්පොර සටන් කලාවෙ පියා වගේම, සේනක විජේසිංහ අංගම් පොර සටන් කලාවේ පුතා.

      Delete
    7. අංගම්පොර ක්‍රීඩාව නොදනිමි.
      අංගජාත ක්‍රීඩා නම් දනිමි!

      Delete
  15. @Maathalan - Priyantha Hewage,

    යකෝ අතේ පැලවෙන බොරු කියන්නෙපා. අංගම්පොර කියන සටන් කළාව 1818 කලින් ලංකාවෙ සුදළිය සහ මරු වල්ලිය කියන කියන දිසාවෙ දෙන්නෙක් යටතෙ පැවතිච්ච සටන් ක්‍රමයක්. ඕක 1818 කැරැල්ලෙන් පස්සෙ තනම් කරා සුද්දො. ආයි ජනප්‍රිය උනේ යනතගෙ දඬුබස්නාමාණය ටෙලිය නිසා.

    ඒත් ඒකෙ තිබ්බෙ සේනක විජේසිංහගෙ කන්ග්-ෆු මිශර මොකද්දො සටන් කළාවක් මිසක් සැබෑ අංගම්පොර නෙමෙයි. හේතුව සැබෑ අංගම්පොර දන්න අය වඳවෙලා ඉවර නිසා.

    ReplyDelete
    Replies
    1. //හේතුව සැබෑ අංගම්පොර දන්න අය වඳවෙලා ඉවර නිසා.//

      ඇයි ඒ කාලෙ අමුඩ ඇඳල නැද්ද? හැබැයි..අපේ සුඛන්ත වෙද මහත්තය හිටියනම් ඔහොම වෙන්නෙ නෑ...

      Delete
    2. පූෂ හෙක් හෙක්, අපි නොදන්න අංගම් පොර 1818. ඒ කාලෙ කොහෙද TV

      Delete
    3. ඒ කාලෙ ඌර වලේ කෙටුවෙ ජූඩෝ

      Delete
    4. අපි ඉස්කොලේ යන කාලේ සෙනක විජේසිංහ ජීට් කුන් ඩෝ කියලා නුගේගොඩ එහෙම ක්ලාස් කලා.....

      Delete
    5. මචන් ඉන්දික, ඔය කෑගල්ල පැත්තේ ඉන්න අංගම් පොර සෙට් එකත් පාරම්පරික කියල නේද කියන්නේ. ඒ ගොල්ලොත් නියම එකද නැත්නම් කුන්ග්ෆු ද දන්නේ නෑ කරන්නේ

      Delete
    6. ලංකාවේ එහෙම සටන් කලාවක් තීලා තියෙනවා. ඒත් මේ කියන් එක නෙමෙයි. නිකං ඔරිජිනල් රෙස්ලින්ග් වගේ ගේමක්. එහෙම එකක් ඇඟට වදින්නේ නැති නිසා තමයි. නිලේට ගහන ඒවයි කරාටෙයි දාලා අළුත් ගේමක් දීලා තියෙන්නේ. ජයන්ත හම්බ උන් වෙලාවක අහන්න. අංගම්පොර කාරයෝ දෙන්නෙක් බදාගෙන ඉන්නවා ඇම්බැක්කේ දේවාලේ.

      දැන් ඉන්නේ එහෙම පරම්පරාවලින් ආපු උන් නෙමෙයි, කම්බ හොරු.. තනිකර රාවණා වගේ..

      Delete
    7. ඒ කියන්නේ ගහ ගන්නේ නැතිව නිල අල්ලනවා කියන එකද.
      සමහරවිට දඟලන්න වෙන්නේ අනෙක් එකා නිලේ අල්ලන්න දෙන්නේ නෑනේ අම්මේ මුත්තේ කිව්වත්.

      Delete
    8. සේනකය ආමි එකේ ඔපාලා දෙන්නෙක්ගෙන් ඇට නැති වෙන්න කාපු දවසෙ ඉඳන් පොරගෙ ජිට් ගුන්ඩුවට කෙල උනා.... ඒක පත්තර වලත් ගියා...

      Delete
    9. දැන් ඉන්නේ ඇත්තටම පරම්පරාවෙන් ආපු අංගම් කාරයෝ නෙවෙයි , ඔය ඉන්නේ දඬුබස්නාමානයේන පස්සේ පරම්පරාවේ අංගම් කාරයෝ, ගොඩක් උන් ඔය සුදලිය මරුවල්ලිය කියන කුල පරම්පරා දෙක දැනගත්තෙත් නාට්‍යයෙන් පස්සසේ .

      Delete
    10. දැන් ඉන්නේ අංගපුලාවකට නැති උන්?

      Delete
  16. කොහොමද රසික? බ්ලොග් ලොවට සම්ප්‍රාප්ත වුණ එක හොඳයි. දැන් චිත්ත රූප හිතෙන් මකා දාන්න පුළුවන්. පේන හැටියට ඔබ කැමති වුනත් අකමැති වුවත් "පරණ පොට්ටනි" ටික කලක් හෝ කර ගහගෙන යන්න වෙයි වගේ. අර වැඩේ වෙන තත්ත්ව යටතේ නම් වඩාත් ඵලදායි වෙන්න තිබුණා කියලයි මට හිතෙන්නේ.

    ඒක නොවේ, සතියකට දෙකකට කලින් අග නුවර පැත්තේ ආවා නම් "හම සුදු කරගෙන" යන්න තිබුණා.

    ReplyDelete
    Replies
    1. බලමු මොකද වෙන්නේ කියලා. කාලයත් සමගම පරණ කතා නැතිවෙලා යාවි.

      ඇත්තටම කියනවා නම් අපි අගනුවර පැත්තේ ආවා වෙන ගමනක් යන එන ගමන්. හැබැයි මල් පාත්ති බලන්න පැය කීපයක් විතරයි නතර වුණේ!

      Delete
  17. ජූඩෝ හදාරමින් සිටි සිසුන්ගෙන් අච්චර ගානක් ඉල්ලපු එක මහ අසාධාරණයක්නෙ!!

    ReplyDelete
    Replies
    1. මුදලේ අසාධාරණකමක් නං නෑ. මට දරාගන්න බැරිවීමයි ප්‍රශ්නය වුණේ!

      Delete
  18. පොත කියවන්න තිබ්බ නම් හොදයි කියලා හිතුණා,
    මං ගොඩක්ම ආස ක්‍රීඩාව බැලේටර් ..

    ReplyDelete
    Replies
    1. අවංකවම මං නං කිසිම ගුටි ඇන ගැනිල්ලකට කැමති නෑ!

      Delete
    2. @අපූර්වී දීදී,

      අනේ මේ....! මඩ කරියෝ අල්ලන ගොඩ්ඩියොන්ට මොන මාෂල් ආර්ට්ස් ද අක්කේ??
      ඔයාගේ බුද්ධි මට්ටමේ හැටියට ඔන්න ඔහේ "බෙල් පෙපර්" ගෙඩියක් තම්බ ගෙන ඉන්ඩ!!!!!

      @කාකා ජී,

      අනිවා!!! කාකා ජී අඩුම තරමේ කී බෝර්ඩ් වලියකට වත් සෙට් වෙන්නෑ නෑ නෙව! අන්න ඒකට මාමා ජීලා, මාතලන් සහබ්ලා එහෙම........!!!

      කෙලින්ම ජෙට් ලී බැස්සා වගේ!!!!!!!!

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
  19. දැං මේකයි ඒකයි අතර ඇති වෙනස මොකක්ද?

    ReplyDelete
  20. අම්මේ මට නම් ඔය ගහ ගන්න සෙල්ලම් අරහං!

    ReplyDelete
  21. //අපේ ජුඩෝ පන්තිය තරුණ බෞද්ධ සමිති ශාලාවේ සිට තරුණ ක‍්‍රිස්තියානි සමිති ශාලාව දක්වා ගෙන යන ලද අතර //
    එහෙනම් ඒ කාලෙත් අද වගේ බෞද්ධ විරෝධී ව්‍යාපාරයක් තිබිල තියනව ඞ්ඈ?

    ReplyDelete
    Replies
    1. ඇත්තටම වුනේ තරුණ බෙෘද්ධ සංගමයෙන් මේ පාසල් සිසුන් සඳහා වුණු ජූඩෝ පන්තිය එතැනින් අයින් කර ගන්න කියා නියෝග කිරීමයි.

      Delete
  22. උදේ 9 ත් වෙලා .. තවම පරන ඒවමයි... අයිසේ බම්බු ගහන්නේ නැතුව ලියනවකො අලුත් එකක්

    ReplyDelete
  23. හරියට ජුඩෝ ටික ඉගෙන නොගත්තා කියලා කම් නැහැ රසිකටත් තිබ්බේ කොහොමින් හරි මාස්ටර් කෙනෙක් හෝ සෙන්සේ කෙනෙක් වෙන්න.

    ReplyDelete
    Replies
    1. අවුරුදු දහයකටත් වඩා සෙන්සේ කෙනෙක් වෙලා හිටියා. පස්සේ 6%ට වඩා හොඳ තැනකට ගියා.

      Delete
  24. නිට්ටඹුවේ ඉදල අද ආාවේ... සුභ පැතුම් රසිකොලොජිස්ට්ට.. ඉතිං අපිට පාංද??

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. පාන් නැත්නම් කේක් ද?
      නිට්ටඹුවේ කතාව පස්සෙයි තේරුණේ!

      Delete
  25. http://www.youtube.com/watch?v=DN0d1tRkkfA

    ReplyDelete
  26. අංගංපොර කියන්නෙ ඒ ඒ අංගෙත් එක්ක පොර අල්ලන ක්‍රීඩාවට නිකං "කොන්ඩෝ ජුටෝ" නව වගේ..

    ඉතිං අපිට පාං ද ?

    දේශා මරුකෑල්ල අනිත්මට දාන්න හෙහ්...හෙහ්...

    සෙංසේ නං දන්නෑ.. අපේ කාලෙ සෙන්සා කිවුව තනමල් විල සත්තලං පාට මල් වලට

    ReplyDelete
  27. කකා....උඩ ඉඳන් පල්ලෙහාට එනකොට කරාටේ පන්තියකට ගිහින් ආවා වගේ. ජූඩෝ දන්නේ නැහැ ජුන්ඩෝ නම් දන්නවා. මේ කමෙන්ට් අතරේ ඒ කාලේ කරාටේ මාස්ටර් කෙනෙක් වෙච්ච බොනි රොබට්ස් ගැන තිබුනේ නැහැ. ලිවේරාටත් කලින් බොනි ඔය ෆීල්ඩ් එකේ හිටිය බව මතකයි.

    ReplyDelete
    Replies
    1. මගේ මිතුරෙක් මතක්කර දුන්නා වෙල්ගම නම් මාස්ටර් කෙනෙක් ගැන.

      Delete
  28. සියළු දෙනාටම ස්තුතියි!

    ReplyDelete
  29. මා සංස්කරණය කරන "සිසිල" සිංහල ඊ-සඟරාවේ මුල් කලාපය 2021 සැප්තැම්බර් පළමුවෙනිදා නිකුත් වුණා.
    පිටපතක් ලබා ගැනීම සඳහා ඔබේ ඊ-මේල් ලිපිනය sisila.sangarawa@gmail.com වෙත එවන්න.

    ReplyDelete
  30. ලංකාවට උනේ මොකද්ද කියල දැං තේරෙනව

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.