Wednesday 22 April 2015

බයියන් යනු කට්ට කයිරාටික කපටියන් ද නැතිනම් ගණිතය බැරි අමනයින් ද? - Having fools as your friends will make you a fool as well?


මහින්ද රාජපක්‍ෂවාදීන් ඇතුළු ඔහු ගේ සහචරයින් හැඳින්වීමට බයියන් යන වචනය භාවිතයට ආවේ මුදල් ඇමති ලෙස ඔහු 2014 අයවැය කතාව කියවා අවසානයේ තෙපලූ කටකැඩිච්ච කතාවක් නිසා බව අපි දනිමු.

මේ බයියන් යන සුරතල් වදනින් අදහස් කෙරෙනුයේ අමන මරිමෝඩයින් බව සාමාන්‍ය පිළිගැනීමයි. නමුත්, ඊයේ සහ පෙරේදා දෙ දින තුළ, මහජන බයියන් ගේ පාරලිමේන්තුවේ වැඩ සිටිනා නියෝජිත බයි මාස්ටර්ලා ගේ හැසිරීමෙන් නම් පෙනුනේ බයියන් යනු කට්ට කයිරාටික කපටියන් ද විය හැකි බවයි.

එසේ වෙතත්, මා මේ ලිපිය මුලට එකතු කර ඇති රූපය ඊයේ රාත්‍රියේ දහතුන්වෙනි වතාවට පමණ ෆේස්බුක් ජාලයේ දී දුටු විට නම්, බයියන් යනු අමුම අමු මෝඩයින්, විශේෂයෙන්ම සාමාන්‍ය ගණිතයවත් නොදත් අමනයින් බව නැවතත් පෙනුණි.

කලින් මේ රූපය ේස්බුක් ජාලයේ දී දුටු වතාවල දී, එහි ඇති අමනකම ගැන එය බෙදාගත් අයගේ දැනගැනීම පිණිස, යම් උපහාසාත්මක සඳහනක් කර නතර වූව ද, මෙවර මා මේ සටහන ලියන්නට සිතුවේ කිසියම් වැදගත් හේතුවක් නිසයි.

එනම්, මෙවර මේ රූපය ෆේස්බුක් ජාලයේ බෙදා හැර තිබුණේ, එක්තරා රටක ජාතික ආර්ථික සහ සමාජයික තොරතුරු විශ්ලේෂණය කරන ආයතනයක ඉහල තනතුරක් දරන, මා දන්නා පරිදි වසර තිහක පමණ පශ්චාත් උපාධි පළපුරුද්දක් ඇති ජ්‍යෙෂ්ඨ විශේෂඥයකු වීමයි.

පැහැදිලිවම, ඔහුගේ දැනුමට වඩා බයිකම ඉස්මතු වී තිබුණි. නැතිනම්, ඔහු මෙවැනි රූපයක් බෙදා තමන්ගේ ෆේස්බුක් පිටුවේ මිතුරන් සමග බෙදා ගන්නේ නැති යැයි සිතමි.

දැන් නැවතත් ඒ රූපය දෙස බලමු.



මෙය නිපදවූ, සහ එය ෆේස්බුක් හරහා සහ විද්‍යුත් ලිපි මගින් බෙදා හරින, බයියන් එමගින් පෙන්වන්නට හදන්නේ මහින්ද රාජපක්‍ෂ පාලන සමයේ ඉහල මට්ටමක පැවති කොළඹ කොටස් වෙළඳ පොළ, මෛත්‍රීපාල සහ රනිල් පාලන කාලය ඇතුළත දී කඩා වැටී ඇති බවයි.

මැතිවරණ සමයේ දී, "උඩ දෙකට යට දෙක කැපිලා ගියාම බින්දුවයි!" යනාදී විවිධ කතා ඇසුන ද, බයියන් යනු ගණිතය බැරි අමනයින් බව සාධනය කරගන්නට මෙතරම් හොඳ උදාහරණයක් තවත් ඇතැයි නොසිතමි.

මේ රූපයේ ඇති අමනකම ගැන විශ්ලේෂණයක් කරන්නට යෑම, මේ ලිපිය කියවන බයියන්ට නොමිලේ ටියුෂන් දීමක් වුවත්, අන් අයගේ බුද්ධියට නිගරුවක් විය හැකි නිසා, දැනට එසේ කිරීමෙන් වළකිමි.

අවශ්‍ය අයගේ දැන ගැනීම පිණිස, මේ පහත දැක්වෙන්නේ ඊයේ (21 අප්‍රියෙල් 2015) දින ලබාගන්නා ලද, පසුගිය වසරක කාලය තුල කොළඹ කොටස් වෙළඳ පොලේ සම්මත දර්ශකය වෙනස් වූ ආකාරය ගැන ප්‍රස්තාරයකි.



මෙන්න ගතවුණු තුන් මස ඇතුළත වෙළද පොළ මිළ දර්ශකය වෙනස් වුනු අයුරු දැක්වෙන ප්‍රස්තාරය.



ආර්ථික විද්‍යාවේ මූලධර්ම හෝ කොටස් වෙළඳ පොළේ හැසිරීම හෝ වැනි දේ යනු සාමාන්‍ය දැනුම නොවේ. නමුත් ප්‍රස්තාරයක් කියවීම යනු මා නම් හයේ හතේ පන්තියේ දී ඉගෙන ගත් දෙයකි.

මට ඇති එක දුකක් නම්, මගේ ජ්‍යෙෂ්ඨ වෘත්තිකයෙකු වන මගේ ෆේස්බුක් මිතුරාත් මේ අමන රැළට වැටීමයි. අනෙත් අතට, ඒ හෙළිදරව්ව නම් ඉතා වටිනා එකකි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මේ ලිපිත් කියවන්න.

1. නව ජනාධිපති දිවුරුම් දෙන දා ලියවුණු පැල් කවි - History may repeat
http://rasikalogy.blogspot.com/2015/01/history-may-repeat.html

2. මහින්ද රාජපක්‍ෂ කෙරෙහි ඇති අන්ධ භක්තියෙන් තවමත් දුක් විඳින අපේ අංකල්ලා ගේ සහ ඇන්ටිලා - They deserve our sympathy!
http://rasikalogy.blogspot.com/2015/01/they-deserve-our-sympathy.html

3. ජෝන් අමරතුංග (සහ/හෝ) යූඇම්පීය අද කළ යුත්තේ කුමක්ද? - How Australia gets rid of its corrupted politicians
http://rasikalogy.blogspot.com/2015/02/blog-post.html

4. මී හරකයි, එළ හරකයි? - Thirupathi worshiping, yuk!
http://rasikalogy.blogspot.com/2015/02/thirupathi-worshiping-yuk.html

5. රාජපක්සවාදීන් ගැන ගණිතමය විග්‍රහයක් - A mathematical analysis of Rajapaksites
http://rasikalogy.blogspot.com/2015/03/mathematical-analysis-of-rajapaksites.html

6. කේන්තියට ලියවෙන කවි - Sad reality of life
http://rasikalogy.blogspot.com/2015/03/sad-reality-of-life.html

7. පර්සි මහේන්ද්‍ර රාජපක්‍ෂ ආපහු දේශපාලනයට ආවොත් හොඳය - Come back, baby, come back!
http://rasikalogy.blogspot.com/2015/04/come-back-baby-come-back.html

8. සිංහල කලාකරුවන් පිරිසක් නලාකරුවන් වීම නිසා අපට ඇතිවෙන වාසි! - Artistes and Artists Vs Henchmen
http://rasikalogy.blogspot.com/2015/04/artistes-and-artists-vs-henchmen.html

10. මහා ටොයි-බයි වියවුලට විසඳුම මෙන්න - Toyiya Vs Bayiya
http://rasikalogy.blogspot.com/2015/03/toyiya-vs-bayiya.html

41 comments:

  1. ඇඬෙනවා රසික.... හයියෝ බයියෝ....

    ReplyDelete
    Replies
    1. මේවා හදන අය කෙසේ වෙතත් ටාගට් ඕඩියන්ස් එක බයිය බබාලා නේ.

      Delete
  2. ග්‍රාෆ් දෙකේ ස්කේල් එක සමාන නෑ

    ReplyDelete
  3. පශ්චාත් උපාධි බයියෙක්!

    ReplyDelete
    Replies
    1. බයිකම ලොකුවෙලා උගත්කමට වඩා!

      Delete
  4. කකා මෙතැනදී කියන්න යන දේ ඇත්තටම මට වැටහෙන්නේ නැත. මට පෙනෙනා අන්දමට මේ ප්‍රස්තාර දෙස බැලීමේදී පෙනී යන්නේ මේ මාස තුන කොටස් වෙලදපොලේ කඩා වැටීමක් තියෙනවා කියල. කකා කියන්නේ එහෙම නෙමෙයි කියලද?

    ඒවායින් කාරී නෑ කකා. ඒක නෙමේ කකා මගේ පස්ස පැත්ත කසනවා. කකාගේත් පස්ස කසනවද? කකා ඒ දවස්වල කිව්වා නේද පරිප්පු දෙනවා කියලා කිරිපණු අමාරුවට? කලින් බ්ලොග් එකේ ලිපියකුත් තිබුනා නේද ? කකා කියලා තිබුන නිසා මමත් ගිය දවස් ටිකේම පරිප්පු කෑවා පණු අමාරුව හොදවෙයි කියල. ඒත් තාම හොද උනේ නෑනේ. ඇයි ඒ? බෙහෙතක් ගන්න වෙයිද? පාමසි එකට ගිහිං මට පණු අමාරුව, ඒකට බෙහෙතක් දෙන්න කියලා ඉල්ලුවොත් එයාලා බෙහෙතක් දෙයිද? පාමසි එකේ ඉන්න කෙල්ලෝ ටික හිනවෙයිද එතකොට? කකා සහ පවුලේ අය පරිප්පු කාලා පණු අමාරුව හොද උනේ නැත්තං මොනාද කරන්නේ? අපිටත් කියාලා දෙන්න කකා.

    ReplyDelete
    Replies
    1. බයියෙක් වශයෙන් ඔබ ඇත්ත කීම අගේ කරනවා. කමෙන්ටුවේ දෙවෙනි කොටසින් බයියන්ගේ තව ලෙඩක් ගැන කීම ගැනත් ස්තුතියි.

      මෛත්‍රී-රනිල් පාලනයේ මුල් මාස තුන සංසන්දනය කරනවා නම් කළ යුත්තේ, මහින්ද-රත්නසිරි මුල් මාස තුන හෝ මහින්ද-දිමු මුල් මාස තුන හා සමගයි. (රත්නසිරි සහ දිමු යනු කාඩ්බෝඩ් අගමැති ලා වීම අමතක කරමු).

      මහින්ද ගේ රාජ්‍ය කාලයේත් ඕනෑ තරම් තුන් මාසයේ කෑලි උපුටා ගන්න පුළුවනි දර්ශකය අඩු වුණු.

      ඊට අමතරව- ඔබ අක්‍ෂය සළකා බලන කොට පෙනේවි එහි අගයන් ගේ වෙනසත්.

      ඒ ගණිතය.

      කොටස් වෙළඳපොළ ගැන කියනවා නම් විවිධ දේශීය සහ විදේශීය කරුණු මත එහි අගය ඉහල පහල යනවා. මුම්බායි, සිංගප්පූර්, හොංකොං, ෂැන්හයි, ටෝක්යෝ, නිව්යෝක්, ලන්ඩන් ඔය කොයි තැන්වලත් තත්වය ඒකයි.

      වසර දහයක කාලයක් සහ මාස තුනක කාලයක් සංසන්දනය කරන්නේ මෝඩයින් පමණයි.

      යූඇන්පීයේ දහහත් වසරක පලානයෙන් පසු චන්ද්‍රිකා බලයට ආ විගස කොටස් මිළ ඉතා විශාල වශයෙන් අඩු වුණා.

      ඒ මොනවා වුනත්, මා පසුව දක්වා ඇති රූපවලින් පෙනෙන පරිදි මාර්්තු 30 අවමයෙන් පසු දර්ශකය දැන් ආපසු උඩට ගමන් කරලා තියෙනවා.

      Delete
  5. දේශපාලනය සම්බන්ද බොහෝ ප්‍රචාර වල සත්‍යය මෙයම වේ. බය්යෝද ටෝය්යෝද මඩ ගසා ගන්නෙත්. තමන්ගේ වැඩේ ලොකු කර පෙන්වන්නේත් ඔය තියරිය අනුවය. වත්මන් ආණ්ඩුව නිසා ආර්ථිකය වර්ධනයය වූ වාද කඩා වැටුනාද වැටෙනවාද නගිනවාද කීමට තවම ප්‍රමාණවත් කාලයක් ගතවී නොමැත. fb එකේ ෂෙයාර් වූ රුපය වැරදි බව ඔබ ඉදිරිපත් කරන රුපයෙන් මනාව පැහැදිලි වේ. නමුත් ඔබ ඉදිරිපත් කල පසුගිය වසර සඳහා ප්‍රස්ථාරයේ 2014 සඳහා අදාළ අගයන් අතුරුදහන් වුයේ කෙසේද? csc අඩවියේ ජිල්මාට් සිදුවී ඇත්ද? හොඳින් ප්‍රස්තාරය ක්ෂණික නැග්මක් පෙන්වන තැන දත්ත හොඳින් අධ්‍යනය කර බලන්න.

    ReplyDelete
    Replies
    1. ඒ අසාමාන්‍ය නැගීම මා දුටුවා. මා එකතු කළ මුල් රූපයේ ජනවාරි 21 ලේබල් කර පෙන්වා ඇත්තේ එනිසයි. මෙය ප්‍රස්තාරය වෙබ් පිටුවේ එහෙනෙහිම අඳින ක්‍රමයේ අඩුවක් නසා වෙනවා විය හැකියි. නැතිනම් අදාල දත්ත වගුවේ ප්‍රශ්නයක් විය යුතුයි.

      Delete
  6. මේ දත්ත වලින් සිදුවීම බලන්න
    http://finance.yahoo.com/echarts?s=%5ECSE+Interactive#%7B%22range%22%3A%221y%22%2C%22scale%22%3A%22linear%22%7D

    ReplyDelete
    Replies
    1. මුන්ගේ ඇස් අන්ධ වෙලා බං තියෙන්නේ. මුන්ට මේවා පේන්නේ නැහැ, පෙනුනත් උන්ට තේරෙන්නේ නැහැ
      ඒ තරමට මුන් ටොයි වෙලා

      Delete
    2. http://finance.yahoo.com/echarts?s=%5ECSE+Interactive#%7B%22range%22%3A%221y%22%2C%22scale%22%3A%22linear%22%7D

      ස්තුතියි. මා එහි ගොස් බැලුවා ම.ක.සි. (aka. මකලා). බයියන් ගේ රූපයේ සහ අමන සැසඳීමේ වෙනසක් එයින් සිදුවන්නේ නෑ.

      Delete
    3. @ Anonymous 22 April 2015 at 17:06

      ඔබ නම් මැකුවාත් හදන්නට බැරි බයියෙක් බව පෙනේ!

      Delete
  7. උගත් බය්යෙක්...මේකත් අර යහපාලනේ නිසා නැතිවෙච්චි බිලියන 40 වගේ තමා.

    ReplyDelete
    Replies
    1. අනේ පලයන් ලැජ්ජ නැති එකා
      රාජ් ගේ බ්ලොග් එකෙන් පැනල ඇවිල්ලා දැන් මෙතන ඒ කෙබරෙම කෙලිනවා

      මේන් බලපන් ඒකෙ ගිය පැහැදිලි කිරීමක්, උඹට මේක තේරෙන්නේවත් නැද්ද

      //සමරසේකරගේ සිතුවිලිApril 21, 2015 at 5:28 PM
      @ ඉන්දික,
      ලඟදි මහබැංකුවේ නව ලොක්කා ගැවුනු භාණ්ඩාගාර බැඳුම්කර හුටපටේ ඔබ දන්නවා ඇතයි සිතමි.මුලදී මහා බැංකුව ප්‍රකාශ කලේ රුපියල් බිලියන 01ක බැඳුම්කර නිකුත් කරන බවයි. ඒ අනුව ඒවා මිලදී ගැනීමට ලන්සු දැමීමට බලය තියෙන මුල් ආයතන අඩු වැඩි ලෙසින් බිලියන 1කට සමානව අයදුම් ඉදිරිපත් කළා.ඔවුන් ගෙවීමට කැමතිවු පොලිය 8% ත 9%ත අතර පැවතුනා.බැංකු ලොක්කාගේ බැනා විතරක් රුපියල් බිලියන 10ක් ම 12% ගන්නේ ඉල්ලුවා. බැංකුවත් ඒක ගෙඩිය පිටින්ම දුන්නා. මෙතනදි වෙළඳ පොලේ ගැවසුණු බැඳුම්කර සහ වල පොලි ප්‍රමාණයේ වෙළඳ පොළ අගය 9%සිට 12% දක්වා ඒක වරම වැඩි වෙචච නිසා කල් පිරුන බැඳුම්කර වෙළඳ පොලින් මිලදී ගැනීමේදී මහා බැංකුවට ඒවාට 12% ගනනේ පොලියක් ගෙවන්නට සිදුඋනා. මේ දක්වා එසේ අතිරේකව ගෙවූ මුදල පමණක් රුපියල් බිලියන 40ක් තව ගැටලුව ඉවර නැහැ. ඉදිරියේදී කල් පිරෙන බබැඳුම්කර මිලදී ගැනීමේදීද මහා බැංකුවට මෙසේ වැඩිපුර පොලියක් වැන්න වෙනවා.
      මේ තත්වය මග හැරවීමට නම් බැඳුම්කර වෙනුවට කෙටිකාලින භාණ්ඩාගාර බිල්පත් මහබැංකුව විසින් වෙළඳ පොලට දැමිය යුතුයි . බිල්පත්වල සීමාව වැඩිකර ගන්න පාර්ලිමේන්තුවට ගෙනා යෝජනාව ඒක ඉදිරිපත් කල මුදල් ඇමතිතුමාගේ අති පණ්ඩිත කථා නිසා පැරදුනා. ඒ නිසා ඉදිරියේදී කල් පිරෙන බැඳුම්කර වෙනුවෙන්ද 12% ආසන්න පොලියක් වැන්න වේවි.

      බිලියන 40ක් කියන ඒක සාමාන්‍ය මිනිසුන්ට තේරෙන්නෙ නැහැ තමයි.අපේ රටේ දැනට තිබෙන අධිවේගී මාර්ගය (කොළඹ -මාතර) හැදිමේදීද විශාල වංචා සිදු උනා කියා ඒකාලයේ කතා ඇතිවුනා නේද? එහෙම වෙලත් ඒකට ගියේ රුපියල් බිලියන 25යි .කොච්චර හොරකම් කළා උනත් අවසානයේදී අධිවේගී මාර්ගයක් හැදිලා තියෙනවානෙ.බිලියන 40 වාෂ්ප උනා කිව්වේ අපේ රටට මොකුත්ම ඉතුරු නොවී මුළු මුදලම චකබ්ලාස්ට් වෙච්ච එක.
      සමරසේකර//

      Delete
    2. බිලියන 40 කතාව මට පේන්නේ පොතේ ලොස් එකක වගේ.

      1. පෙබරවාරියේ බිලියන 10 ක ණයක් ගන්න යන මහ බැංකුව, ඒ පිට බිලියන 40 ක් ගෙවන්නේ කොහොමද? ඉතුරු බිලියන 30 ගත්තේ කොහෙන්ද? එහෙම බිලියන 30 ක් තිේ‍රනවා නම් බිලියනක් ගන්න හොයන්නේ ඇයි?

      2. තිබෙන දත්ත අනුව 2013 දී මහ බැංකුව බිලියන 10 ක් අරගෙන තියෙන්නේ 12.5% පොලියටයි. ගිය වසරේ (2014) බිලියන දෙකක් අරගෙන තියෙන්නේ 11.75% ටයි. මේ වසරේ බිලියන 10 ණය වලට පොලිය 11.73%යි.

      මෙතන ඇති ඇත්ත ප්‍රශ්ණ නම්-

      A. බෝඩ් මීටිමේ බිලියනයක් ගන්න ගත්තු තීිරණය බිලියන දහය දක්වා වැඩි කළේ කවුද?

      B. මහබැංකු අධිපති ගේ කන්ෆ්ලික්ට් ඔෆ ඉන්ටරෙස්ට් එක නිසා ඉන්සයිඩර් ටේ‍ර්ඩින් තත්වයක් ඇති වුණාද?

      කියන ඒවායි.

      Delete
  8. මෙම දත්ත සියල්ල සළකා බැලුවිට පැහැදිළිව පෙනෙන එක කරුණක් ඇත. මහින්ද යුගයේදී එනම් යුද්ධයෙන් පසු කොටස් වෙළඳ පොලේ සීග්‍ර ඉහල යාමක් ඇති වී තිබෙන බවය.(ආසන්න වශයෙන් ගත්කල 2000 වැනි අගයක සිට 7000 ට ආසන්න අගයක් දක්වා)
    යහපාලනය ආරම්භයේ තිබුනාට වඩා දින 100 පාලනයෙන් පසු එහි අඩු වීමක් දක්නට ලැබෙන බවත් පැහැදිලිය.
    ඒවා අගයන් ලෙස එකිනෙක සැසඳිය නොහැකි වුවත් ඉහත සඳහන් කල පුද්ගලයා සංසන්දනයක් වශයෙන් එම කරුණ පමණක් ඉදිරිපත් කලානම් ජාමේ බේරා ගැනීමට සමත්වනු නිසැකය.

    ReplyDelete
    Replies
    1. එතකොට මහින්ද පාලනය යටතේ 2011 මුල සිට 2012 මැද දක්වා කාලයේ වී ඇති මහා බිඳ වැටීම? ඊට අමතරව තුන් මාසේ කෑලි සෑහෙන්න තියෙනවා දර්ශකය අඩුවුණු.

      ආර්ථික විද්‍යාඥයින් නම් සාමාන්‍යයෙන් කරන්නේ රජයක් විසින් ගන්නා ලද ෆිස්කල් පොලිසි වෙනස්කම් නිසා කොටස් වෙළඳ පොලේ වෙන වෙනස් කම් සංසන්දනය කිරීමයි.

      මා ලිපියේ ලියූ පරිදි, මේ රූපය හැදූ අය ගැෑන හෝ ටාර්ගට් ඕඩියන්ස් එක ගැන මට එතරම් අවුලක් නැත. මගේ ප්‍රශ්ණය එක්තරා රටක ජාතික ආර්ථික සහ සමාජයික තොරතුරු විශ්ලේෂණය කරන ආයතනයක ඉහල තනතුරක් දරන, මා දන්නා පරිදි වසර තිහක පමණ පශ්චාත් උපාධි පළපුරුද්දක් ඇති ජ්‍යෙෂ්ඨ විශේෂඥයකු මෙය නොවිමසා තමන්ගේ බයිකම මත එය ප්‍රචාරය කිරීමයි.

      Delete
  9. හප්පේ කඩාගෙන වැටිලා නේන්නං දෙයියනේ. හෙනහත ගහන්ට එපෑ මුන්ට.
    :D :D

    ReplyDelete
    Replies
    1. මෝඩයන් බහුතරයක්ව දිගු කාලයක් වුනත් රවටන්න පුළුවනි!

      Delete
  10. බයියෝ කියන්නේ නිකන්යෑ....

    ReplyDelete
    Replies
    1. බයිය බබලා, තාම මොන්ටිසෝරියේ, එකේ ඉඳං දහයට ගනින්න විතරයි පුලුවන්!

      Delete
  11. 'Statistics are like mini-skirts, they don't reveal everything'

    ReplyDelete
    Replies
    1. ඒකට තමයි විශ්ලේෂකයින් ඉන්නේ.
      එහෙම එකෙකුගේත් බයි කම නිසා ඇස් වැහුණාම, අනිත් බයියන් කියලා මක්කා කරන්නද?

      Delete
    2. THE WONDERFUL WORLD OF STATISTICS

      * Ten percent of all car thieves are left-handed * All polar bears are left-handed * If your car is stolen, there's a 10 percent chance it was nicked by a Polar bear

      * 39 percent of unemployed men wear spectacles * 80 percent of employed men wear spectacles * Work stuffs up your eyesight

      * All dogs are animals * All cats are animals * Therefore, all dogs are cats

      * A total of 4000 cans are opened around the world every second * Ten babies are conceived around the world every second * Each time you open a can, you stand a 1 in 400 chance of falling pregnant

      Delete
    3. The best comment..

      Delete
  12. කොටස්වෙළඳපොෙලේ යම් පසුබෑමක් සිදුවී ඇතිමුත් එයට එක හේතුවක් වන්නේ මරාගේ කාලයේ කල" pump and dump" නැවතීයාම විය හැකිය

    ReplyDelete
    Replies
    1. කුඩු සල්ලි සුදු කිරීම සඳහා අර්ථසාධක මුදල් සහ ඉතිරිකිරීමේ බැංගු ආදී රාජ්‍ය බැංකු මුදල් යොදාගත්යාය කියා ඒ දිනවල කටකතා තිබුණා!

      Delete
  13. ඔව්ව මොනාද අප්ප .. පාන් ගෙඩිය ගන්න සල්ලි නැති එවුන්ට වයිමා ප්‍රස්තාර කොලෙන් ආර්ථිකේ නැග්ම එවරස්ට් ආනතියෙන් නැගිට හැටි පෙන්නුම් කොලේ ඒ දවස් වල...

    ReplyDelete
    Replies
    1. ඔය කියන්නේ අර රුපියල් 2,500 න් පවුලක් නඩත්තු කරපු එකා නේද?

      Delete
    2. අර සුනාමිය වෙලේ අනිත් උන් ඔක්කොම මලත් කමක් නෑ කියල හෙලිකොට්ටරෙන් පවුලත් එක්ක කොළඹ ආපු, විවාදෙකට ආවම කොල කෑලි ඇදගෙන බරබර සද්දෙට කතාකරන, පිටි කිලෝ එකෙන් ඉඳිආප්ප 400ක් තම්බන, ගෙඹි මූණක් තියන ඔය කියපු එකාම තමා..

      Delete
  14. ඔය ප්‍රස්ථාර නම් ඉතින් කට්ටිය තම තමන්ගේ වාසියට එක එක විදිහට හදලා කරල දාන ඒවනේ වැඩි හරියක් තියෙන්නේ..

    ReplyDelete
  15. බයි කොල්ලනේ, හොරු අල්ලන වැඩේ ආණ්ඩුවට බාර දීලා දැන්වත් කටයි පුකයි වහගෙන හිටිය නම් හොඳයි නේද?

    ReplyDelete
  16. පෙනෙන විධිහට මාස තුනේ average එක ගත්තොත් කඩා වැටීමක් නැහැ කියල පේනවනේ.

    ReplyDelete
    Replies
    1. කඩා වැටීමක් තියෙනවා csc එකේ ප්‍රස්ථාරයේ 2014 දත්ත හංගපු නිසා කඩා වැටීමක් පෙන්නේ නැහැ. නමුත් වෙනත් අඩවි වල එම දත්ත තියෙනවා ඒවා මගින් බලන්න. මෙන්න දත්ත
      http://finance.yahoo.com/echarts?s=%5ECSE+Interactive#%7B%22range%22%3A%221y%22%2C%22scale%22%3A%22linear%22%7D

      Delete
  17. Damith : Kiyanna deyaka nomatha habai Lankawe inna api wena moda wada dakinawa hondata .. EG; dan colombo ayeth nikan maha kunu godak wela ... hama deyakma nawathwala .. :/

    ReplyDelete
  18. මේ ඉලක්කම් සෙල්ලම පටන්ගත්තේ කොයි කාලේද කියලා හොයලා බැලීම වැදගත්. අපි අතීතයේ ඉඳලම අපිව රවට්ටාගෙන මෝඩ චූන් අරන් වගේ.

    ReplyDelete
  19. ඕක ගණිතය දන්නේ නැති එකමම නෙමෙයි. රසිකගේ උගත් යාළුවා වගේම මම දන්න මේ මැත්ස් ඩිග්රි තියෙන අයත් ඕක ශෙයා කරලා තිබුණා. ඕක ඇවිල්ල දෘෂ්ටියක් අල්ලා ගැනීම!

    ReplyDelete
  20. ලංකාවේ කොටස් වෙළඳ පොළ ගැන උනන්දු අයට මේ android app එකෙන් ලේසියෙන් ම විස්තර දැන ගන්න පුළුවන්
    https://play.google.com/store/apps/details?id=com.lk.efutures

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.