
සභාවෙන් අවසරයි,
නෝනාවරුනි මහත්වරුනි, මා මේ අවස්ථාවේ මෙතැනට පැමිණියේ කවියක් ගායනා කිරීමටයි.
සුබ අනාගත්තක් වේවා!
ගොම රිටි උඩ එති
මිණි කැට යට යති
දෙපයට හිරිකිත
බලු බෙටි පෑගෙති
උදයෙත් රැවටෙති
දහවල රැවටෙති
පුරහඳ නැති රෑ
ඔළුවෙන් සිටවෙති
නයු අජ වෙස ගති
හොරු යළි රජවෙති
මරුමුස් පරපුර
තරුපටි පළඳිති
සොඳුරු මිනිස් ගති
බේතට හිඟවෙති
වඳුරු සුනඛ ගති
සදහට පවතිති
අසා සිටි ඔබ සැමට ස්තුතියි. සුබ අනාගත්තක් වේවා!
-රසිකොලොජිස්ට් (23 මාර්තු 2015)
(Image: http://www.cactusjungle.com/blog/2014/10/31/halloween-annual-cactus-costume-roundup/)
මා වැනි බිළින්දා
ReplyDeleteවර වර ළඟට කැන්දා
දුක් සැප කුමන්දා
අසන නිරිඳෝ වෙන කොයින්දා
හෝ පොතු ගැසුන කුස...
Deleteපිට කොඳු වලට ඇලුනත්.....
සැපක් මැයි එනිරිඳු නොමැතිව...
හාමතේ මැරුණත්.......
හෝ පොතු ගැසුන කුස...
Deleteපිට කොඳු වලට ඇලුනත්.....
සැපක් මැයි එනිරිඳු නොමැතිව...
හාමතේ මැරුණත්.......
එළකිරි ඇනෝ.සුපිරියි සහතික ඇත්ත.
රසිකලොජි මහ සිපී
ReplyDeleteයහපාලනේ දැක කිපී
ගිය නුවණ බලා වැලපී
කව් පද ගොතා කියපී....
හයියෝ සල්ලි......
හි හි ෂෝයි ඇනෝ ඔයාගේ කවියත්
Deleteකක්කා හිස ඇති
ReplyDeleteඉස්සෝ රොත්තක්
ලෙසටම පවසති
පිරිසිදුකම ගැන
යහපාලනයට
ReplyDeleteකඩේ ගියෙමු නිති
දැන්නම් කොන්දට
ඕනෑ පොල්පිති :(
බොහෝ කළෙකින්.. දැනෙන කවියක්...
ReplyDeleteදන මන පැටලෙති
ReplyDeleteසිහිනෙන් බිය වෙති
ගැසූ කතිරයෙන්
අම්මට හැමිනෙති
ගොම රිටි උඩ එති
ReplyDeleteමිණි කැට යට යති
දෙපයට හිරිකිත
බලු බෙටි පෑගෙති
හැබෑව!
රාජ් පහුගිය දවස් වල හැම තැනම යහපාලන බෙටි රි රී ගිය හින්දනේ මේ කරදරේ !
Deleteඑස්බී හිනැහෙති
ReplyDeleteපයිත්‍රා ට කිති
සිරා කතා නැති
බල්ලෝ බත් කති
සිරිපාල හුරා නපුංසක හුරන් කැටක් එක්කාසු කොරාන හිටං යහන් පාලන පොජ්ජ මන්දු කොරාන්න මන්ගච්චාපු යාමේ හිටං අප හැමෝන්ලාගෙම පුක් පොජ්ජවල් වලට එයැත්තෝල මන්දු කොරාන බව මෙයැත්තන් දැනන් උන්නා මයෙ දෙයියෝ
ReplyDeleteමෙතැන් හිටං පුක් පොජ්ජවල් වල තෙල් පොජ්ජ පොජ්ජ මන්දු කෙරෙව්වා නම් හිටං වේදනා පොජ්ජ සැහැල්ලුවෙන් මන්දු වේවි දෙය්යෝ
සියල්ලෝ රැවටෙති
ReplyDeleteරැවටුනු බවක් දන් නැති
පෙර කිසිත් මතක නැති
අය ඉන්න තුරු රජ වෙති
උන්ටත් හරි ජොලි
ReplyDeleteමුන්ටත් හරි ජොලි
ජනයාට වෙරි සොරි
කළබල නොවෙන් සකි
ReplyDeleteඅපි එහෙම නොරැවටෙති
ඊළඟ ඡන්දෙදි
මේ සේරම ගෙදර යති
යා යා...
ReplyDeleteඅනාගත්තක් වේවා
පුහුල් හොරා කරෙන් දැනේ
ReplyDeleteකිව්වලු
ඔය පැන්නේ කතන්දර බළලා (කකා) මල්ලෙන් එලියට
අපි නොදන්න කකා දැන් රසිකොලොජි වෙලා
තොට දේව ශාපය ලැබෙනවා
ReplyDeleteතොට තමා දේව ශාපය ලැබෙන්නේ
Deleteතොට තමා දේව ශාපය ලැබෙන්නේ
Deleteකාට කියන්නද මේ දුක කිවුවලු..
ReplyDeleteමා වැනි දිලින්දා
ReplyDeleteයහපාලනයට කැන්දා
දෙමසක් ගියන් දා
වෙච්ච දේ නම් අනේ මන්දා
හ්ම්ම්ම් අනේ මන්දා කාකා ආයේ නම් කිසිම පක්ෂයක් අපේක්ෂකයෙක් ගැන බලාපොරොත්තුවක් නෑ,,, මිනිස්සුන්ට බැරිවෙයිද මේ කාටවත් චන්දෙ නොදී ඉන්න චන්දෙ වර්ජනය කරන්න,,
ReplyDeleteසියළු දෙනාටම ස්තුතියි.
ReplyDeleteකලේ පැන් නැවුම් රහ නැති වී ඇති නිසා පිළිතුරු ලිවීමට කාලයක් නැත!
//නයු අජ වෙස ගති//
ReplyDelete'අජාසත්ත වගේ නායකයෙක්' ද වෙන අර්ථයක් ද?
කොහොමත් බලුබෙටි කවන දවසක් ළඟයි වගේ...
නායකයා එළුවෙක් වුණා යන්න එයින් මා දක්වන අදහසයි.
Deleteදුන්න උං ලත වෙති.......
ReplyDeleteමං නම් බලා ඉදිති ........
දුන්න වුන් දැන්නැති..
ReplyDeleteඡන්දය මට නැති නිසා නොදුනෙමි..
දුනිනම් නොසගවා කියමි..
අනේ මාහට වයස මදිවුනි..:P