Friday 27 February 2015

මී හරකයි, එළ හරකයි? - Thirupathi worshiping, yuk!


දැන් මෙය තරමක් පරණ කතාවකි. නමුත් කාලීනබව ගැන නොතකා ලියන්නට සිත් විය.

ලංකාවේ හිටපු ලොක්කා සහ අළුත් ලොක්කා දේවාලයක තප්ලම් ලා ගෙන මිත්‍යා බලවේගයක පිහිට පතන අයුරු දැක්වෙන ඉහත ඡායාරූප ද්වය සංසන්දනය කෙරුණු සටහන් අන්තර්ජාලයේ සහ විශේෂයෙන් ෆේස්බුක් අවකාශයේ සංසරණය වී දැන් සතියක් පමණ වේ.

ඒ ඡායාරූප දුටු විට මට ඉබේම කියවෙන්නේ, ප්‍රතිචාරය ලෙස ලියවෙන්නේ, "නොදකින්" කියා ය.

"නොදකින්" යනු, නරක වචනයක් නොවේ. එහි තේරුම (මෙවැනි අප්‍රසන්න දර්ශනයක් යලිත් වරක්) දැකීමට නොලැබේවා යන්නයි. එය ධනාත්මක ප්‍රාර්ථනයකි!

මා ඒ දිනවල ෆේස්බුක් අවකාශයේ දුටු ඒ ආකාරයේ සංසන්දනාත්මක ඡායාරූප ද්වය පසුබිම් කරගෙන "එකම පසුගාමී සමාජ ක්‍රමයේ එකට තෝම්බුවේ බැඳපු එළ සහ මී හරක් දෙන්නා" යන සටහන ද සහිතව සැකසුණු රූපයක් සුපුරුදු "නොදකින්" යන ප්‍රතිචාරය ඇතුලත් කර මගේ මුහුණු පොතේ මිතුරන් අතරේ බෙදා හැරියෙමි.


එයට ප්‍රතිචාරයක් දක්වන මගේ එක් මිතුරෙකු කියා තිබුණේ "අං තට්ටුවක් විතරයි අඩු!" කියා ය.

එය දැක මට අවවාදාත්මක පිළිතුරක් දෙන වෙනත් මිතුරෙකු මෙසේ ලියා තිබුණි.
"මේ දෙමල සංස්කෘතියේ කොටසකි. උඹලා ගේ මේ අසංවේදී කමෙන්ටු නිසා දෙමල මිනිසුන් ගේ හැඟීම්වලට ගැරහීමක් වෙනවා යැයි සිතෙන්නේ නැතිද?

මේ මිනිසුන් දෙන්නා කවුරු වුනත්, අපේ රටේ ජනතාව ගේ බහුතර ඡන්දයෙන් පත්වූ අයයි. මිනිසුන් සිතුම් රටාව වෙනස් කිරීම එකකි, නමුත් හැම දේටම ඇඟිලි ගසා සිනාසීම වෙනත් දෙයකි."
ඉංගිරිිසියෙන් ලියා තිබුණු, ඉහත අවවාදාත්මක ප්‍රතිචාරයේ දෙවෙනි කොටස මට නම් තවමත් අප්‍රභංශයකි. පැහැදිලි මුල් කොටස ගැන සිතා මම පහත පිළිතුර ලියූවෙමි.
"මේ දෙමල සංස්කෘතියයි කීම නොමග යවන ප්‍රකාශයකි. මේ හින්දු ආගමික ස්ථානයකි. මේ මිනිසුන් නිරත වෙන්නේ හින්දු ආගමික කටයුත්තකයි.

මට මේ ගැන ඇති ප්‍රශ්න මෙසේ ය.
  1. මේ හාදයෝ දෙන්නා, කෛයිරාටිකයෝ ය. මුං ලංකාවේ දී දෙවියන් ඇදහීමක් නැති තෙරුවන් සරණ ගිය බෞද්ධයින් ය. නමුත් ඉන්දියාවේ දී මෙලෙස දේවාලවලට ගොස් දෙවියන් සරණ යති.
  2. මුං නිසැකවම මේ ගමන් ගොස් ඇත්තේ ලංකාවේ බදු ගෙවන්නන් ගේ මුදලිනි. ඉන්දියාවේ මිනිසුන්ට ද මේ සඳහා (ආරක්‍ෂාව වැනි කටයුතු) පිරිවැය දැරීමට සිදුවී ඇත.
  3. කෝවිල්වලට ගොස් බාර හාර වීමෙන්, පූජා පැවැත්වීමෙන් ඡන්ද දිනිය හැකිය යන මිත්‍යාව මුං අදහති.
  4. රජය සහ ආගම යනු එකට ඈඳිය යුතු නොවන සංස්ථා ද්වයක් ලෙස මම දකිමි. එනිසා, දේශපාළුවන්ට පුද්ගලිකව තමන්ගේ ආගම් ඇදහිය හැකි නමුදු, ප්‍රසිද්ධියේ කිසිදු ආගමකට හෝ ආගම් කිහිපයකට වැඩි ඇල්මක් ලැදියාවක් නොදැක්විය යුතුය."
ඉහත ඡායාරූප දකින විට "නොදකින්" ධනාත්මක ප්‍රාර්ථනය මගේ මුවට නැගෙන්නේ ඇයි දැයි ඉහත සටහනෙන් පැහැදිලිවෙනු ඇත.

-රසිකොලොජිස්ට්

(images: http://www.prokerala.com/news/photos/tirupati-president-of-sri-lanka-mahinda-rajapaksa-248520.html and http://www.newswala.com/India-National-News/Sri-Lankan-President-M.Sirisena-visits-Lord-Venkateswara-temple-in-Tirumala-137555.html)

56 comments:

  1. හරි අපි කියමුකෝ මේ හින්දු ජනතාවගේ පූජාවක්ය කියලා..

    එතකොට මේ හරක් දෙන්නා දෙමළද....?

    ReplyDelete
    Replies
    1. මේ අය ඡන්දේ දිනන්න අමතර වාසියක් ලැබෙනවා නම් යක්කුන්ට පවා මල් තියලා වඳීවි!

      Delete
  2. දෙවනියාට දැන් දිනන්න ඡන්දයක් නෑ නොවැ. මක්කට යනවද මන්දා.

    ReplyDelete
    Replies
    1. ඇයි බාරේ ඔප්පු කරන්න?
      අනික කවුද දන්නේ මොනවායින් මොනවා වෙයිද කියලා?

      Delete
  3. ඕනිම මිනිහෙක්ට තමුන්ගේ විශ්වාශයන් ඇදහීමට නිදහස තියෙනවා කකා. මෙව්වා නං තමුන් උගත් බුද්ධිමත් කියලා පෙන්නන්න අනුන්ගේ විශ්වාසයන් වලට ගරහන ගොන්නුන්ගේ මෝඩ කතා.

    රජය සහ ආගම ගැන කියනවා නං ඇමරිකානු ජනාදිපතිද කතාවක් අවසන් කරන්නේ ගෝඩ් බ්ලේස් ඇමරිකා කියාය. ඇමරිකානු මුදල් නෝට්ටුවේ ඉහළින් 'In God We Trust' කියා මුද්‍රණය කර ඇත.

    ඇමරිකාවටත් ආගම සහ රජය වෙන්කර ගත නොහැකි නං අපි ගැන කවර කතාද?

    ReplyDelete
    Replies
    1. ඇමරිකාවට බැරිනම් අපටත් බෑ? මොන මෝඩ කතාවක්ද?

      Delete
    2. Anonymous27 February 2015 at 13:02

      ඕනම මිනිහෙක්ට විශ්වාසයක් තියා ගන්න නිදහස තියෙනවා. ඕනම මිනිහෙක්ට මෝඩ, ගොන්, තකතීරු විශ්වාසයක් තියාගන්නත් නිදහස තියෙනවා. ඒ ගොන් විශ්වාස විවේචනය කරන්නේ, උපහාසයට ලක් කරන්නේ කවුරුත් බුද්ධිමත් කියල පෙන්නන්න නෙමේ. රටේ නායකයා ගිහින් හරකෙක් වගේ මෙහෙම හැසිරෙද්දි මොළයක් කියල දෙයක් තියෙන පුරවැසියන්ට සාධාරණ අවුලක් දැනෙන නිසා.

      මේ ඇමරිකාවේ කතාව ගැන යමක් කියන්න ඕන. බොහෝ විට ලංකාවේ සංස්කෘතියේ තියෙන අඩුපාඩු විවේචනය කරන අය ගැන ඔබ වගේ අය හිතන් ඉන්නේ ඔවුන් ලංකාව ඇමරිකාවක් කරන්න හදනවාය, ඔවුන් සියලු අදහස් ගන්නේ ඇමරිකාවෙන්ය, ඔවුන් විසින් ඇමරිකාව පරමාදර්ශී රට, සංස්කෘතිය ලෙස සලකනවාය කියාය. මොන මැටි කතාවක්ද !

      ලංකාවේ වුනත් ඇමරිකාවේ වුනත් විවේචනය විය යුතු දෙය විවේචනය විය යුතුය. තව දෙයක් කියනවා නම්, ඇමරිකාවේ උන් කරන සමහර ගොන් වැඩ එක්ක බලද්දි ලංකාවේ උන්ගේ ගොන් වැඩ හොඳය.

      Delete
    3. ඇමරිකාව තරම් පසුගාමී මිනිසුන් ඉන්නා පළමු ලෝකයේ රටක් වෙනත් නැත.

      ජනගහනයෙන් තුන් කාලයක් (75%) දෙවියෙක් ඉන්නවා යැයි විශ්වාස කරති.

      කාලක් (25%) ක් ලෝකය පැතලියි කියා සිතති.

      කාලක් (25%) ඉර පොළොව වටා යනවා යැයි සිතති.

      Delete
    4. 25+25+75 = 100 ගණිතය...විමල් වීරවංශ සර්

      Delete
  4. කැමති කෙනෙක්ට කැමති දෙයක් කරන්ට පුලුවන් නෙව කකා... අනුන් කරන දේ මොකද්ද ඒකෙ හරි වැරැදද්ද හොයනවාට වැඩිය අපි ඒ සම්බන්ධව අපිට ගැලපෙන දේ මොකද්ද අපිට හරි දේ මොකද්ද කියල අවබෝධ කරගෙන අනුන් නිසා සිත කිළිටි කර නොගෙන උන්න නං ඉවර නෙව කකා...
    බුදුහාමුදුරුවොත් චුන්ද සූකරට ධර්ම දේශනා කරන්ට ගියෙ නෑ නෙව... තමන් කරන දේ හරියි කියල හිතන කෙනා අනික් අය මොනා කීවත් කෙරුවත් නොකර ඉන්නෙ නෑ...

    ReplyDelete
    Replies
    1. //කැමති කෙනෙක්ට කැමති දෙයක් කරන්ට පුලුවන් නෙව කකා//
      ඔව්. රසික මෙතන කරන්නෙත් ඒ වැ‍ඩේම තමයි. මෙතෙන්ට ආපු මහේෂ් කරන්නෙත් ඒ වැඩේ. උඹේ කමෙන්ටුවට යටින් මම කරන්නෙත් ඒ වැඩේ :-)

      Delete
    2. හැබැයි කැමති දෙයක් කරන්න ඕනැ තමන්ගෙ වියදමෙන්. මහජන මුදල් තමන් කැමති දේට යොදාගැනීමයි වැරැද්ද.

      Delete
    3. එයාලා තමන්ට කැමති දේ කරන්නේ අනුන්ගේ මුදල් වලින් එහෙම වෙද්දී අපිට මොකෝ කියන්න තරම් අපි පොහොසත් ජාතියක් !

      Delete
    4. බුදුහාමුදුරුවෝ චුන්ද සූකරට ධර්ම දේශනා කරන්න හිතාගෙන හිටියේ දානේ වළඳලා ඉවර වෙලා. බඩගින්නේ බණ කියන එක, අහන්නට සලස්වන එක වැරදියි කියා කලින් දවසක දේශණා කරලා තිබුණා නේ.

      නමුත් දානේ වළඳපු ගමන්ම වගේ බුදු හාමුදුරුවන්ට අසනීප වෙලා පස්සේ නිවන් ගියන නිසා, බණ දේශනාව කරන්න බැරි වුණා!

      Delete
    5. @ මගේෂ්
      /* අනුන් කරන දේ මොකද්ද ඒකෙ හරි වැරැදද්ද හොයනවාට වැඩිය අපි ඒ සම්බන්ධව අපිට ගැලපෙන දේ මොකද්ද අපිට හරි දේ මොකද්ද කියල අවබෝධ කරගෙන අනුන් නිසා සිත කිළිටි කර නොගෙන උන්න නං */

      මා ලියා ඇති පරිදි - දේශපාළුවන්ට පුද්ගලිකව තමන්ගේ ආගම් ඇදහිය හැක - නමුත් ඔවුන් මහජන නියෝජිතයින් නිසා ඔවුන් ප්‍රසිද්ධියේ මහජන මුදලින් කරන වැඩ ගැණ කතා කිරීමට අයිතියක් මහජනයාට ඇත.

      Delete
    6. කතන්දරට චුන්ද සූකරවයි චුන්ද කර්මාර පුත්‍රයයි පැටලිලා. ඒකයි ඔය වැරදි කොමෙන්ට් එකක් දාලා තියෙන්නේ. ඒ ගැන සොයා බලා වැරදි කතාව ඉල්ලා අස් කරගන්න.

      Delete
    7. @ Anonymous 12 March 2015 at 03:24

      කිසිදු වැරදීමක් නැත. ඒ මා හොඳින් හිතාමතා බලා තර්කානුකූලව කළ උපකල්පිත කතාවකි.

      මා මේ පිළිතුර දී ඇත්තේ මහේෂ් ලියූ පහත අදහසටයි.

      "බුදුහාමුදුරුවොත් චුන්ද සූකරට ධර්ම දේශනා කරන්ට ගියෙ නෑ නෙව"

      මා කියන්නේ බුදුන් චුන්ද සූකරට බණ කියන්නට හිටියේ දානේ වළදා අවසානයේ නිසා, දානේ වළදපු විගස අසනීප වූ නිසා එය කිරීමට නොහැකි වූ බවකි.

      මගේ ඒ පිළිතුරේ ඇති වරදක් නැත.

      Delete
  5. මේවට බහුතරයක් මිනිස්සු කැමතියි..ඉතින් දේශපාලකයො කරන්නෙ බහුතරයකට ඉල්ලන දේම තමයි. ආගම් වෙනස්කරගෙන දේශපාලනයට ආව නායකයෝ කීදෙනෙක්ද ? ජනතාව මිථ්‍යාවේ ගිලී සිටීම දේශපාලකයාට වාසිසි ..

    ReplyDelete
    Replies
    1. තව සමහරු ඉන්නවා ආගම වෙනස් කරගෙන නමුත් නොපෙන්වා ඉන්නත්.

      මේක ආගම් ගැන ප්‍රශ්ණයක් නොවෙයි, මහජනයා ගේ ඡන්දය අවතක්සේරු කිරීමක් සහ පඔුද්ගලික දේ සඳහා මහජන මුදල් නාස්තියක්!

      Delete
  6. මිත්‍යාව පතුරන්න... මිත්‍යාවේ ඇලී ගැලී ඉන්න පුද්ගලයො මිත්‍යාවන් පසු පස දුවන එක පුදුමයක් නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. ඒක හරි!

      නමුත් අපේ තුට්ටු දෙකෙන් උන් බාර වෙනවා ඔප්පු කරන කොටයි කොහිල කටු ඇනෙනවා වගේ දැනෙන්නේ!

      Delete
  7. 1.ලංකාවෙ හුඟක් එවුන් ආගම-මිත්‍යාවන් විශ්වාස කරනව.

    2."එයා අපේ එකෙක්" නැත්තං "එයා අපේ තැනට ආව" කියන එක මිනිස්සුන්ට පොඩි චූන් එකක් තියනව. මල් වට්ටිය අරගෙන පන්සල්-පල්ලි-කෝවිල්-දේවාල වලට යන මහින්ද මහත්තයට මිනිස්සු කොච්චර කැමතිද! හාමුදුරුවරු දේවාල කපුවො කොච්චර ආදරේද! ශ්‍රී රෝහණ ජනරංජන වගේ පට්ටම් පවා දීමෙන් පැහැදිලියි ඒක.

    3.රටේ නායකයොත් එක්කෝ අංක 1 කියපු එවුන්. නැත්තං අංක 2 වෙනුවෙන් කපටිකමට වැඩ කරන එවුන්. එහෙමත් නැත්තං දෙකම තියන අය.

    ReplyDelete
    Replies
    1. යකාගේ හැටියට ලුූ විමානේ!

      Delete
  8. මටත් මේ පොටෝ දැක්කම හිතුනෙ ඔය කතාවම තමයි. නමුත් කලින් එක්කෙනා ඔය දේවාලෙට ගියානෙ. ඉතින් එයාගෙ වැඩේ කෙරුනෙ නෑ. ඒක පරීක්ෂණයක් ලෙස ගන්න බැරිද. කලින් කෙනා සාර්ථක වුනානම් වැල නොකැඩී ගියාට කාරි නෑ. ඉස්සරවෙලා යන කෙනා වලකට වැටුනට ඊලඟට එන කෙනාත් ඒ වලටම පනිනව වගෙ වැඩක් මේක.
    දේවාලවට කරන බාර වැරදුනා කියල කිසි අවුලක් නෑ. මාකට් එක එහෙමමයි.කොහොමත් මේ වගෙ ඡන්දවල දිනන පරදින එක 50% සම්භාවිතාවක් තියනව. දෙපැත්තෙන් කවුරුහරි බාර ඔප්පු දෙනව.පැරදුන කෙනා ආයෙ ඊලඟපාර බාර වෙනව. එයාට මතක නෑ එකපාරක් වැරදුනා කියල.ඒ නිසා මේක ස්වයන් රැකියාවක් ලෙස ප්‍රවර්ධනය කරන්න අපූරුයි.දේවාලයක් දාගත්තනම් ගොඩ.

    ReplyDelete
    Replies
    1. ඔය මහින්ද ගිය මුල්වතාව නොවෙයි නේ.

      මිනිහා මුලින් ගිහින් බාර වුණු වැඩ ජය ගත්තාම හිතන්න ඇති ඒ නිසාය දිනුවේ කියලා.

      ඈඳුම් සංසන්දනය කරලා බලන්න කී පාරක් ගිහින් තියෙනවාද කියලා!

      2. http://www.asiantribune.com/sites/asiantribune.com/files/imagecache/Original/images/2012/President_Tirupati_3.jpg

      3. http://eprahaar.in/wp-content/uploads/2014/12/101214_PTI12_10_2014_000024A.jpg

      4. http://www.thehindu.com/multimedia/dynamic/01359/09TMGPSHI-W032__09_1359036e.jpg

      5. http://www.thehindu.com/multimedia/dynamic/00010/TH01_TIRUPATI_10453f.jpg

      Delete
  9. ඕකේ මෙහෙම සීන් එකක් තියනවා.. හින්දු ආගමික දෙවිවරුන් එක්කත් ,ඒ සංස්කෘතියත් එක්කත් සහජීවනෙන් ඉන්නවා නං මෙහෙ තියන පොඩිපහේ හින්දු දෙවාලේකටත් යන්න ඕන. එහෙම නෑ. "තිරුපති" ගියාම ඔක්කොම ගොඩ යනවා කියන මතය නිසා ඔය යන්නෙ. ගම් වල ගෑණු සිල් ගන්න ගමේ පන්සලට නොයා අනුරාධපුරේ සිල් ගන්න යනවා වගේ. ගමේ සිල් අවුල්, අරෙහෙ සිල් තමයි හොඳ. ගමේ පන්සලට ආධාර දෙන්නෙ නෑ. අසපු වලට දෙනවා. සෝමක්ක සමන්ත බඩ්ඩට ග්‍රෑන්ඩ් පාටියක් දුන්න වගේ තමා. එතන එකෙක්ට වියදම් පරපු ගානෙන් ගමේ පොඩි පන්සලකට සුමානයක් දානෙ දෙන්න තිබ්බ..

    ReplyDelete
    Replies
    1. මගේ නං එකම කේන්තිය ඡන්දේ දීලා තමන්ව පත් කරන/කරපු එවුන් ඵැත්තට ඉඳිද්දී, උන්ගේ ම වියදමින් කොහෙවත් ඉන්න දෙයියෙකුගේ කෝවිලට රිංඟලා තප්පලං දාගෙන ඉන්න එකටයි.

      Delete
  10. රටේ ප්‍රධාන පුරවැසියා හැම ආගමකටම ගරු කරන එකේවත් අවශ්‍යතාවය අනුව ඒ වගේ ඕනෑම ආගමික උත්සවයකට සහභාගී වීමේවත් තමන්ට කැමති ආගමක් අදහා ගන්න එකේවත් ප්‍රශ්ණයක් මට නෑ. ඒත් මුං තිරුපති ගිහින් බිම ලගින්නේ ඔය එහෙකටවත් නෙවෙයි මිත්‍යා විශ්වාසවලට බයේ. ඒවා කොර ගත්තත් කමක් නෑ නිවාඩුවක් දාල අතේ සල්ලි වලින් ගිහින්. මෙහෙම රාජ්‍ය අනුග්‍රහයෙන් ඩිප්ලොමැටික් වැඩ වලට ගිහිල්ල කෝවිල් වල බඩ ගාන එකයි ඒව ප්‍රසිද්දියේ මාද්‍ය වල පෙන්නල අපේ කාලෙ කන එකටයි නම්... නොදකිං.. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. අන්න හරි, ඒක තමයි මගේත් චෝදනාව. ඇයි මේවා අහන්නේ නැත්තේ පත්තරකාරයින් පුවත්පත් සාකච්ඡාවලදී

      Delete
  11. නායකයකුට කෝවිලකට යන්න, එතන පුද පූජා වලට සහභාගි වෙන්න සිද්දවෙන අවස්ථා තියනව. සමහර විට මේ දෙන්නටම වුනේ ඒකද දන්නෙ නෑ. මං කියන්නෙ, බලෙන් එක්කගෙන ගියාද දන්නෙ නෑ.

    මම කියන්නෙ මෙන්ම මේ වගේ කතාවක්. මං වතාවක් මගේ හිතවතෙක් හමු වෙන්න ගියා. එයා මට උපරිම ලෙස ආගන්තුක සත්කාරය කළා. එයාගෙ පෞද්ගලික විශ්වාසය අනුව මට යහපතක් වෙනවාය කියල හිතාගෙන එක්තරා පූජාවක් සිද්ධ කළා. මම එතනදි මගේ භෞතිකවාදී ස්ථාවරය ප්‍රකාශයට පත් කරල පොරක් වෙන්න යන්නෙ නැතිව මට සත්කාර කරපු මිත්‍රයාට කරන ගෞරවයක් හැටියට ඒ පූජාවට සහභාගි වුනා. අපට සමාජයේ ඔය වගේ දේවල් කරන්න වෙනව නේද? මම නම් ඒ වගේ අවස්ථාවලදි උපරිම උත්සාහයක් ගන්නෙ ඒ අවස්ථාව මගහැරල යන්නයි.

    තවත් වතාවක මගේ වැඩිහිටි ඥාතියෙක් දඹදිව ගිහින් ඇවිත් බුදුහාමුදුරුවො වතුර බීපු ළිඳෙන් ගත්ත වතුරද මොකක්ද එකක් කියල හොඳටම පල් වුන වතුර බෝතලයකින් ටිකක් මට බොන්න දුන්නා. ඒක කටට ගත්තහම ආවෙ පුදුම අප්පිරියාවක්. ඒ තරමට පල් වෙලා. මං ඒක කටේ තියාගන ඉඳල හිමින් සැරේ එළියට දැම්ම හොරෙන්.

    මං ජනප්‍රිය චරිතයක් වෙලා හිටියනම් ඒ වගේ දෙයක් වුනත් කවුරුහරි පොටෝ ගහල පත්තරේ දායි.

    ReplyDelete
    Replies
    1. දිල්ලියට ගිය එවුන්ව කොහොමද බලනේ එක්කගෙන යන්නේ දකුණු ඉන්දියාවට?
      ඔබට වුණත් ආචාරශීලීව ප්‍රතික්‍ෂේප කරන්න තිබුණා.

      Delete
  12. රසික,

    මමනම් හිතන්නේ මොවුන් දෙන්නම තමාව මුලිනුත්, තම ජාතිය දෙවනිවත් , අන් ජාතින් තෙවනුවත් ඉතා දක්ෂලෙස රවටන බවයි !
    නමුත් රසික ඔබ දැනගත යුත්තේ බහුතර ජනතාව තමන්ව රවටනවට කැමති බවයි.

    මෙයට හොද උදාහරණයක් මිට දසකයකට එපිට දැක්ක එනම් හිටපු අගමැති දිමු ජයරත්න, ඇමතිවරයකු කාලයේ ජනමද්යවෙදියකු ඇසු ප්‍රශ්නයට ඔහු දුන් පිළිතුරයි.

    මද්යවෙදිය :- ඉටු කිරීමට නොහැකි පොරොන්දු දන දැනම ඔබ රජය දෙන්නේ ඇයි ?

    ඇමති දිමු ජයරත්න :- අපි දන්නවා පොරොන්දු ඉටුකළ නොහැකි බව, ජනතාවත් දන්නවා පොරොන්දු ඉටුකළ නොහැකි බවට නමුත් ජනතාව කැමති පොරොන්දු වලට, පොරොන්දු ඉතා අස්වදනියයි!

    මහා ජනතාවගේ මුග්ද බව කිසියම් ප්‍රමාණයකට අඩුවී ඇතත් (අද රටේ විශාලම වෙනස ඉතා අවදියෙන් සිටින තරුණ පිරිසයි ) මුග්ද මිනිසුන් තවම සැලකියයුතු පිරිසක් සිටි.

    ජාති වාදී ආගම වාදී මත නොමතිවුනොත් දෙසපලනයයට ඇති එකම මග නම් ආර්ථිකය දියුණු කිරීම මගින් ආකර්ෂණය ලබා ගැනීමයි (නමුත් එය කියන තරම් ලේසි නොවන කල ) කල හැකි දේ මිනිසුන් රැවටීමයි.

    මගේ මතය නම් ශ්‍රී ලංකාවට තව දසකයක් පමණ යන තුරු පවතිනු ඇති

    ReplyDelete
    Replies
    1. මට නං පේන්නේ එන්න එන්නම තත්වය අයහපත් අතට තමයි යන්නේ. සිරිමලා, චන්ද්‍රිකාලා, ජේආර්ලා තියා පේමදාසවත් ඔය වගේ වැඩ කළාය කියලා මං අහලා නෑ!

      Delete
  13. මේ දෙන්නා නියම "එළ මී හරක්"බව වටහා නොගත් අපේ ජන්ද දායකයින් මොන හරක්ද ?

    ReplyDelete
    Replies
    1. මෙවැන්නන්ට දැන දැන ඡන්දය දෙන අපේ ඡන්දදායකයින් හරක් බඳින කණු නැතිනම් ගොංකවඩි!

      Delete
  14. ජන්දදායකයින් ගැන විශ්වාසයක් නැති නිසා නෙමේද මේ "එළ මී හරක්"දෙන්නා මෙසේ හැසිරෙන්නේ?

    ReplyDelete
    Replies
    1. ඡන්දදායකයින් ට වඩා භක්තිය නොපෙනෙන බලවේගවලටයි!

      Delete
  15. අම්මපා ලොක්කාට ඔය ගමන යමු කියපු වෙලාවෙම ප්‍රතික්ෂේප කරන්න තිබුණා......... ඒත් හැම මිනිහෙක් ම අැරියස් පියවීමේ අාශාවකින් පෙළෙන්නන් නිසා මේවා අපිට බලාපොරොත්තු විය හැකියි..... මේවාට ඉතින් අනේ පව් කියා කීමට තමා අැත්තේ

    ReplyDelete
    Replies
    1. මං දැක්කා එදා මහින්ද යනකොට වෙනම ප්ලේන් එකක් චාටර් කරලා හැත්තැපස්දෙනෙක් එක්කයි ඉන්දියා ගියේ, මෙදා මෛත්‍රීපාල විසි දෙනෙක් එක්ක සාමාන්‍ය ගුවන් යානයක ග්‍රි නිසා මෙච්චර ඉතුරුයි යනාදී වශයෙන් පුවතක්. මේ තිරුපති ගමන නතර කරා නම් කීයක් ඉතුරුද කියලා පත්තරකාරයෝ අහන්නේ නැත්තේ ඇයි?

      Delete
  16. රටේ ජනාධිපති වෙන්නත් ඉතින් පහසු වැඩක් නෙමේනේ.. රට තොට ඇවිදලා ලෝකේ ගැන දැනුමක් තේරුමක් තියෙනවා මේ අපිට වඩා බුද්ධිමත් මිනිස්සු වෙන්න එපැයිනේ නේද.. ඒ වගේම අර මහින්ද මහත්මයගේ ලොකු පුතා තඩි ඇඟ තියෙන නාමල් රාජපක්ෂ තරුණයා අපි වගේම සම වයසේ කෙනෙක් වෙලත් ,කෝටි ගණන් වල ලෑම්බෝගිනි පැද්දත් අතේ නූල් බැඳගෙන අර මොකක්ද මෙවුවා බෝලෙකුත් අතේ තියන් ඉද්දි මට හිතෙන්නෙම එයාලා ඔය බොරුවට කරන්නේ කියලයි ඕවා මිත්‍යා මත ඕවලින් චන්ද දිනන්න බෑ කියලා මගේ චුටි මොලේට තේරෙනවා නම් ඇයි එයාලට නොතේරෙන්නේ.. ඇක්චුවලි මට තේරෙන්නැහැ... ඒත් ආයෙම හිතෙනවා ආදරේ මිනිස්සුන්ගේ ඇස් අන්ධ කරන සීන් එක වගේම බලයට ,සල්ලි වලට තියෙන ආශාවත් මිනිස්සුන්ගේ මොලේට මොකක්හරි දැමෙජ් එකක් කරනවා ඇති

    ReplyDelete
    Replies
    1. එකඟ වෙන්න අමාරුයි. දේශපාලනඥයන්ට ඔය මහ ලොකු බුද්ධියක් ඕන නෑ. සියල්ල සිදුවෙන්නෙ නිළධාරීන් අතින්. මෙතන තියෙන්නෙ යාන්ත්‍රණයක්. දේශපාලනඥයා කරන්නෙ අත්සන් කිරීම් පීත්ත පටි කැපීම් පමණයි.
      ඔය කියන නාකි අය ඇත්තටම ඕව විශ්වාස කරනවා. දෙමළ ජනතාව රවටන්න නම් මෙහෙ කෝවිල් වලට යන්න පුළුවන්නෙ.
      හැබැයි අත්වල නූල් බදින්නෙ නම් මිනිස්සු රවටන්න තමයි.

      Delete
    2. //දේශපාලනඥයන්ට ඔය මහ ලොකු බුද්ධියක් ඕන නෑ/// ඒක ඇත්ත අයියේ ඒත් මහජන සල්ලි මාටියා ගහන්න නම් හොදට මොලේ

      Delete
    3. සිත දුර්වල අය තමයි ඔය සේරම බහුබූත ඇදහිලි කරන්නේ කියන එකයි මගේ අත්දැකීම, එහෙම නැතිනම් සිත දුර්වල වුණාම!

      Delete
  17. This comment has been removed by the author.

    ReplyDelete
  18. කොහොමත් 'යක්' කියන්නේ හිමාලය පැත්තේ ඉන්න මීහරක් ජාතියක් නේ? :P

    ReplyDelete
  19. රටේ ජනතාව මිත්‍යා විශ්වාස කරේ තියාන ඉන්නකල් පාලකයා ඒවායින් වාසි ගැනීමට සැදී පැහැදී ඉන්නවා. ආගමික පූජකවරු දේශපාලන මාකටිං වලට වන්දිභට්ටයින් ලෙස යොදාගන්නේත් ඒකයි.

    ReplyDelete
    Replies
    1. ඇයි, කතාකරන කොට වාක්‍යයෙන් වාක්‍යයට අපෙ හාමුදුරුවනේ කීම?
      අන්න මට ඇහුණා අනුර කුමාර දිසානයකත් කියනවා එහෙම!

      Delete
  20. ජනතාවගේ අබිං, නායකයන්ගේත් අබිං ...

    ReplyDelete
    Replies
    1. නායකයින් පත් කරගත් අයගේ කුම්බලා මාලු!

      Delete
  21. @ All
    ලිපිය කියවූ, කමෙන්ට් කළ සියළු දනාටම මගේ ස්තුතිය පිරිනමමි.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.