Monday 22 June 2015

පෙට්‍රල් මිල වැඩි වීමට නියමිතයි - Petrol prices are on the rise!


ජනවාරි මාසයේ ලංකාවේ සිදුවුණු දේශපාලන පෙරළියෙන් පසුව රජයෙන් පාලනය වෙන පෙට්‍රල් මිල පහත හෙළීමට අලුත් ආණ්ඩු තීරණය කළේය. එය බොහෝ තැන්වල හඳුන්වා දී තිබුණේ හෝ එසේ නොමැති නම්, අඩු වශයෙන් මහජනතාව එය තේරුම් ගත්තේ, එය ජීවන වියදම අඩු කිරීමට නව රජයෙන් ලබා දුන් සහනයක් ලෙසයි.

නමුත් සත්‍යය වූයේ කලකට ඉහත ඉහළ ගොස් තිබුණු බොරතෙල් මිල ඒ වන විට සීඝ්‍රයෙන් පහළ බැස තිබීමයි. මා ලියා පළ කළ "පෙට්‍රල් මිල සහ මහා බොරුව" නම් ලිපියේ මේ ගැන සඳහන් කළෙමි.

මා එහි දී දැක්වූ පරිදි, මාස දෙක තුනක් තිස්සේ අඩු වෙමින් තිබුණු සිඩ්නි තදාසන්න ප්‍රදේශවල පෙට්‍රල් ලීටරයක මිල ඒ වන විට ඩොලරයකටත් වඩා, එනම් රුපියල් සීයකටත් වඩා, අඩු වී තිබුණි. ඊට වසරට පෙර කාලයේ මා ලීටරයකට ඩොලර් 1.60 ක් ගෙවූ අවස්ථාද තිබුණි.


January-2015

ලංකාවේ පෙට්‍රල් මිල අඩු කළ අවස්ථාවේ දී රජයෙන් ප්‍රකාශ වුණේ පසු කලෙක පෙට්‍රල් සඳහා මිල සුත්‍රයක් ඉදිරිපත් කරන බවකි.

මට වැටහුණු පරිදි මේ මිල සූත්‍රය යන්නෙන් ඔවුන් අදහස් කරන්නට ඇත්තේ ලෝක වෙළඳ පොළේ බොරතෙල් බැරලයක මිල සහ ලංකාවේ පෙට්‍රල් ලීටරයක මිල අතර සම්බන්ධය දැක්වෙන සරල සමීකරණයකි.

එය අර කලකට ඉහත ඉසෙඩ් අගයන් සමූහ දෙකක් එකට එකතු කර එක ඉසෙඩ් අගයන් සමූහයක් සැකසීම සඳහා භාවිතා කළා යැයි විභාග කොමා විසින් පැවසුණු ආකාරයේ සංකීර්ණ එකක් වීමට ඇති ඉඩකඩ අඩු බව මගේ අදහසයි.

එසේ නමුත්, මාස හයක් පමණ ගත වී ගොස් ඇති වුවද, රජයෙන් මේ දක්වා ඉදිරිපත් කළ මිල සූත්‍රයක් නම් නැත!

මේ අතර කාලයේ සිදු වී ඇත්තේ නැවතත් ලෝක බොරතෙල් මිල වැඩි වීමයි. එය එසේ මෙසේ වැඩිවීමක් නොවේ. වසර විසිපහක කාලයක් තුළ සිදුවූ වේගවත්ම වැඩි වීමයි. ජනවාරි මැද තිබූ වසර හයක් තුළ වාර්තා වූ අවම මිල වූ බොරතෙල් බැරලයකට ඩොලර් 52 සිට, ජුනි මුල් සතිය වෙන විට බොරතෙල් බැරලයකට ඩොලර් 86 දක්වා වැඩිවී ඇත.

ඒ අතර ඕස්ට්‍රේලියානු ඩොලරයේ මිල ද ඇමරිකානු ඩොලරයට සාපේක්‍ෂව පහතට වැටීම නිසා, මේ වන විට මා ජීවත් වෙන ප්‍රදේශයේ පෙට්‍රල් ලිටරයක මිල ජනවාරියට වඩා 50% කින් පමණ (එනම් ශත 99 සිට ඩොලර් 1.47 දක්වා) වැඩි වී ඇත.
27 May 201519 June 2015

ඕස්ට්‍රේලියාව බොරතෙල් නිපදවන සහ තවමත් තෙල් පිරිපහදුව ද කරන රටක් වුවත්, මෙරට පෙට්‍රල් මිල තීරණය වෙන්නේ සිංගප්පූරු තෙල් වෙළඳ පොළේ බොරතෙල් මිල අනුව බව කලින් සඳහන් කළ ලිපියේ ලියූවෙමි.

ඒ සමගම සතියේ දවස් හතක කාල පරාසය තුළ අපේ ප්‍රදේශයේ පෙට්‍රල් ලීටරයක පාරිභෝගික මිල ශත පහළොවක් වැනි විශාල ප්‍රමාණයකින් වෙනස් විය හැකි බවද ඒ ලිපියේ සඳහන් කළෙමි.
16 June 201519 June 2015

පසුගිය සය මසක කාලය තුළ ලෝක බොරතෙල් මිල ඉහළ යාමට අමතරව, ලංකාවේ රුපියලේ අගයට සාපේක්‍ෂව ඇමරිකානු ඩොලරයේ අගය ඉහළ ගොස් ඇති නිසා, මේ වෙන විට රජයේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සහ අනෙකුත් පිරිපහදු කළ පෙට්‍රල් ආනයනය කර බෙදා හරින සමාගම්වලට ජනවාරියේ නියම කළ මිලටම පෙට්‍රල් විකිණීම තුළින් විශාල අලාභයක් සිදුවෙමින් පවතින බව පෙනේ.

එසේ වුවද, යෝජිත මහ ඡන්දය පවත්වා අවසාන වෙනතුරු පෙට්‍රල් මිලෙහි වෙනසක් කිරීමට ආණ්ඩුව එඩිතර වේ යැයි සිතිය නොහැක.

පෙර කී මිල සූත්‍රය ඒ දිනවලම ඉදිරිපත් කර තිබුණා නම්, ආණ්ඩුවට මිල සංශෝධනය කර, දැන් සිදුවෙන පාඩුව අවම කරගෙන, තම ජාම් බේරා ගැනීමට ද ඉඩ තිබුණි!

-රසිකොලොජිස්ට්

(image: http://www.abc.net.au/news/2015-06-15/petrol-prices-face-largest-quarterly-rise-in-25-years/6547448)

29 comments:

  1. ඇලෙක්ස් ඩිලාජ්22 June 2015 at 15:28

    මම පැට්‍රල් පාරිභෝගිකයෙක්මි - ඒ වුනත් රටේ යහපත සලකා මගේ යෝජනාව තවදුරටත් භාණ්ඩාගාරය පිට පීඩනය නොපටවා නියමිත පරිදි මිළ ඉහළ නංවන ලෙසයි - චන්ද්‍රිකාගේ 3.50 පාන් වැනි පොරොන්දු කාලයත් සමඟ මිනිසුන්ට අමතකවේ - හැබැයි ආර්ථිකයට කෙළෙව්වොත් මතක තිබේ

    ReplyDelete
    Replies
    1. හයිඩ්‍රෝකාබන් දැවීමට සහන සැපයීම අපරාධයකි!

      Delete
  2. මිල සුත්‍රය තමා යන්තං හරි සහනෙකට තියෙන්නේ.. ඒකවත් නෑනේ..

    ReplyDelete
    Replies
    1. මිල සුත්‍රය තිබේ නම් ලෝක රැල්ල සමග පාවී යා හැක.

      Delete
  3. අයිසෙ රසික, ඔය හැම සූත්තරයක්ම, චන්දෙ මංකොල්ල කන්ඩ හදාගන්න ගැලවිජ්ජා මිසක්, රටට යහපතක්, මිනිස්සුන්ට යහපතක් වේවා! කියලා හිතන් කොරනවනම් අපි මෙලහට සිංගප්පූරුව වගේ 10 ගුණයක් ඉදිරියෙන් ඉන්ඩ තිබ්බ. පුලුහන් එවුන් රට පැටවෙන එක ගැන එක අතකට පුදුමෙකුත් නෑ අයිසෙ. මෙහෙම ගියොත් තව අවුරුදු 10-20 යනකොට අපේ රට අප්‍රිකාවෙ රටක් වගේ වෙලා තිබුනෙ නැත්තම් තමයි පුදුමෙ.

    ReplyDelete
    Replies
    1. ඕහ්, අයිසෙ රසික ,කව්ද මේ අලුත් හාදය ඈ

      Delete
    2. සූරිය උදාෙවන තුරු පිනි බෑවිල්ල
      පාරුව පදින තුරු සයුරේ සෙලවිල්ල
      මාරුව බල බලා සිත යට කැරකිල්ල
      කාරිය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල

      Delete
    3. I say, අයිඩෙන්ටිටි ක්‍රයිසිස් එකක් වගේ?

      Delete
    4. අයිසෙලා.. අපිව අමාරුවේ දානව වගේ..

      Delete
    5. කවුද මේ අයිසෙ ගාගෙන මේ සයිට් අස්සෙ රින්ගන කරත්තකාරයො ටික ?

      Delete
  4. You are right Rasika. E10 has gone up from 1.19 to 1.45 in this area( Bairnsdale - Victoria)

    ReplyDelete
    Replies
    1. මං නං ජනවාරියේ ලීටරය ශත 99 ටත් පෙට්‍රල් ගැහැව්වා කාරෙකට!

      Delete
  5. //බොරතෙල් බැරලයකට ඩොලර් 52 සිට, ජුනි මුල් සතිය වෙන විට බොරතෙල් බැරලයකට ඩොලර් 86 දක්වා//

    අපට අලුත් ආණ්ඩුවෙන් කියල දුන්න විදිහට පරණ ලෝකල් මිල පරණ බොරතෙල් මිලට වඩා ගොඩක් වැඩියි.
    අපට අලුත් විපක්ෂයෙන් කියල දුන්න විදිහට අලුත් ලෝකල් මිල අලුත් බොරතෙල් මිලට වඩා ගොඩක් වැඩියි.

    එහෙම බලපුවහම බොරතෙල් බැරල් එක ඩොලර් 86ට අරගෙන ලෝකල් මිල මේ ගණනටම තියාගන්න පුළුවන් වෙන්න ඕනැ.

    ReplyDelete
    Replies
    1. /එහෙම බලපුවහම බොරතෙල් බැරල් එක ඩොලර් 86ට අරගෙන ලෝකල් මිල මේ ගණනටම තියාගන්න පුළුවන් වෙන්න ඕනැ/

      ඕක දළ වශයෙන් ගණන් හදන්න පුළුවන්. බොරතෙල් බැරල් එකකින් ගන්න පුළුවන් පෙට්රල් ලීටර් සංඛ්‍යාව වෙබ් එකෙන් හොයා ගෙන හදලා බලන්න. මට කම්මැලියි. නැත්නම් ගණන් හදලා පෙන්නනවා.

      Delete
    2. කෝ යකෝ මිල සූත්‍රය කියලා අර බොට්ල් ජර්නලිස්ට් කෙනෙක්වත් අහන්නේ නැද්ද දේශපාලුවන්ගෙන්?

      Delete
  6. පක්ෂෙ උන්වත් හදා ගන්න බැරි සිරිසේනට මොන මිළ සුත්තරද...

    ReplyDelete
    Replies
    1. පක්‍ෂෙට ඕනෑ විදියට සිරිසේන හැදෙනු ඇත!

      Delete
  7. ජනවාරි මාසයේ ලියු ෆේස්බුක් සටහනක්.

    --------------

    පසුගිය මාස හයේ ලෝක වෙළඳ පොලේ බොරතෙල් බැරලයක මිල ගණන් ඇමරිකන් ඩොලර් වලින් පහත දැක්වේ.

    2014 ජුලි - 112
    2014 අගෝස්තු - 105
    2014 සැප්තැම්බර් - 97
    2014 ඔක්තෝබර් - 90
    2014නොවැම්බර් - 85
    2014දෙසැම්බර් - 60
    2015 ජනවාරි (දැන්) - 49

    දැන් මිල සූත්‍රයක් හරහා ගණනය කෙරෙන පරිදි ලංකාවේ පෙට්‍රල් හා ඩීසල් මිල ගණන් රු 150 සිට 117 දක්වා සහ 111 සිට 95 දක්වා බැස්සා ඇත. මෙය 22% ක හා 14% ක මිල අඩුවීමකි.

    මෙතෙක් ජාත්‍යන්තර මිල පහල යාම් වල වාසිය ජනතාවට ලබා නොදී එකම අගයක මිල පවත්වා ගැනීම නවතා මිල ගණිත සූත්‍රයකින් ගණනය කිරීම අගය කරමු

    එහෙත් ගැටලුවක් ඇත. ලෝක වෙළඳ පොලේ බොරතෙල් බැරලය ඩො 112 කාලෙ සිට දැන් 49 ට බැහැලාය. එහෙත් ඉන්ධන මිල අඩුවීම ඉතා කුඩා ප්‍රතිශතයක් පමණි. ඒ අනුව නැවත බැරලය 112 ගියොත් පෙට්‍රල් හා ඩීසල් මහින්ද යුගයටත් වඩා ගණන් යාවිද?

    මිල සූත්‍රගත කිරීම යහපත් ක්‍රමවේදයක් පමණි. එහෙත් එය ජනතාවට සහනයක් වන්නේ යොදා ගන්නා සූත්‍රය අනුවය. මේක ගැනනම් සාධාරණව සැකයක් සිතේ.

    ReplyDelete
    Replies
    1. බොරතෙල් මිල මොනවා වුනත්
      -අපි භාවීතා කරන තෙල් පිරිපහදුවේ සිට ෂෙඩ් එකට ගෙන යාමේ ප්‍රවාහන මිල
      -සේවක පඩි
      -එක්සයිස් ඩියුටි
      එකතු වෙනවා. ඩියුටිය නියතයක් නම් (උදා ඔසී රටේ ලීටරයකින් සත 38 ක්) බොරතෙල් මිලට හරියටම සමානුපාතකිව පොම්පේ මිල වැඩි වෙන්නේ / අඩු වෙන්නේ නෑ.

      Delete
    2. හැබැයි සැහෙන වැඩි කුට්ටියක් වෙන්නේ බොරතෙල් මිල. ඉතිරියට වඩා. සමානුපාතික නොවුනත් අර ඉලක්කම් වල ගැටලුවක් පෙනෙනවා මටනම්.

      Delete
  8. මම හිතනවා මිල සූත්‍රය වගේම දීර්ඝකාලීන තෙල් මිලට ගැනීම් එකඟතාවකට අදාල සමාගම් සමග පෙළඹිය යුතුයි. තව ලංකාවට තෙල් සැපයීමට තියෙන්නේ කතිපයාධිකාරී වෙළඳපොලක්..ඒ නිසාවෙන් විවිධාංගීකරණය කරපු වෙලඳපොලක තරඟකාරී මිලකට යන්නට තියන අවස්ථාව අහිමිවෙලා තියනවා

    ReplyDelete
    Replies
    1. වෙළඳ පොළ ඩුවොපොලියක්, ඔලිගොපොලියක් වුණත් රජයෙන් මිල පාලනයක් තියෙන තුරු ලෝක තෙල් මිල කෙලින්ම බලපාන්නේ නෑ! මිල සූත්‍ර අවශ්‍ය එනිසායි!

      Delete
  9. රසිකගේ විග්‍රහය නිවැරදිය. සැපයුම් සාධක හා දේශපාලන පෙළගැසීම් වල ප්‍රවණතා සැලකූ විට බොහෝ දුරට සිදුවිය හැක්කේ ඔය ටිකය. දීර්ඝකාලීන විසඳුමක් නොවූවත් මිල සූත්‍රයක් පැවතීම දැන් තිබෙන තත්ත්වයට වඩා ගොඩක් හොඳ දෙයකි. එයින් විනිවිදභාවය වැඩිවන නිසා ඇතැම් අකාර්යක්ෂමතාවයන් ඉවත්වනු ඇත. දීර්ඝකාලීන විසඳුමක් අවශ්‍යනම් ජනරංග පෙන්වා දී ඇති මූලික ප්‍රශ්නය හඳුනාගෙන වෙළඳපල ආකෘතිය වෙනස් කළ යුතුය. ඒකාධිකාරයකින් යහපතක් සැලසෙන්නේ ඉතා සීමිත තත්ත්වයන් කිහිපයක් යටතේ පමණි. ඒකාධිකාරිත්වය රජය සතු වූවද මෙහි වෙනසක් නැත. (ඇතැම් විට වඩාත් නරක විය හැකිය.)

    ReplyDelete
    Replies
    1. මේ වෙන කොට ඉන්දියන් සමාගමකුත් තෙල් ගෙන්වා බෙදා හරිනවා නේද?

      Delete
  10. රු. 2500 න් මාසෙයක් ජීවත් වුණු බන්ධුල ශ්‍රීමතාණන් හිටපු කාලෙ නම් ඔය මිල සූත්තර කතන්දර නැගල ගියා කකා. එයා නම් මතක හැටියට හැම එකකටම සූත්තර ගේන්න කතාකලා. කොටින්ම ඒක විහිළුවක් කලා. අපේ රටේ කිසිම දේකට ක්‍රමයක් ප්‍රතිපත්තියක් ජාතික ප්‍රතිපත්තියක් නැති එක බොහොම සාමාන්‍ය දෙයක් වෙලා. ඒ ගැන මිනිස්සුන්ට වගේ වගකුත් නෑ පාලකයොන්ට ගානකුත් නෑ. ප්‍රතිපත්තියක් නැති එක තමා අපේ ප්‍රතිපත්තිය !

    ReplyDelete
    Replies
    1. බන්දුල ගේ කාලේ ණැගලාම ගිය සූත්‍රය තමයි අර Z-score දෙකක් එකට එකතු කරන වි.කොමා සේ සූත්‍රය-

      https://youtu.be/tJvDa58awzg

      Delete
  11. හයියූ කොමෙන්ට් 18 යි ඉස්සර කක්කා පඩ චූ ජංගි කතා ලියකොට කෝමද

    ලොක්කෝ දැන් උඹ නාකියි. මෙව්වා ලියලා වැඩක් නෑ ව්‍යාඝ්‍රා එකක් වත් ගහලා කෙලින් කරගෙන අර ඉට්ටයිල් එකෙන් ලියපන්

    ReplyDelete
    Replies
    1. සෑහෙන්න අසහනයකින් නේද ජීවිතේ ගෙවා ගන්නේ. ඔබට ඉක්මන් සුවය ලැබේවා යැයි ප්‍රාර්ථනය කරමි.

      Delete
  12. චැහ්...මේ වගේ ඒවානේ ලෝටස් යායේ යන්නෝන. බලන්න කොච්චර සාරගර්භ ලිපියක්ද කියලා. කොයිල් වෙලා යනවනේ කියෙව්වම. කෝ මේ අජිත් අයියා නැද්ද?

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.