Friday 26 June 2015

වාසුදේව නානායක්කාර කබලේ පිච්චෙන තවත් රොටි ගෙඩියක් - From Socialism to Feudalism


පැරණි සිංහල චිත්‍රපටයක් වන "සැඩ සුළං" හි එන තැබෑරුමක දර්ශනයක දී ගැයෙන "පදමට පොල්තෙල් ගහපල්ලා!" යන ගීතයේ පද කිහිපයක් මෙසේය.

ලොකුකම්, පොඩිකම් තැබෑරුමේ නෑ,
අපි කවුරුත් සමසමාජයයි
ජුංඩල, බණ්ඩල, මන්තිරි හාමුල
ගහන්නෙ මෙතෙන්දී පොල් තෙල් ම යි!

මෙහි "පොල්තෙල්" යනුවෙන් රචකයා (ආනන්ද සමරකෝන්) අදහස් කළේ "කෂියා" විශේෂයක් ද නැතිනම් ඒ කාලයේ සීල් අරක්කු නමින් හැඳින්වුණු නීතිගත මධ්‍යාසාර වර්ගයට යෙදෙන සුවිශේෂී නමක්දැයි නොදනිමි.

ඒ කෙසේ වෙතත් මට මේ ගී පදයේ ඇති වැදගත් කරුණ නම් සමසමාජය යන පදය සහ ජුන්ඩලා සහ බණ්ඩලා පිරිස මන්තිරි හාමුලාට සමාන බව කීමයි.

එක එල්ලේ අරුත වැටහෙන සමසමාජය (=සමාන සමාජය) යන්න සමාජ දේශපාලන වශයෙන් උත්තර දේශයක් ගැන කෙරෙන ප්‍රාර්ථනාවක් බව අපි දනිමු. ඒ යුටෝපියානු සංකල්පයට ඇති විරෝධය කෙසේ වෙතත්, සමසමාජය යන්න, ලංකාවේ දේශපාලන පක්‍ෂයක නම වූ නිසා ද, ඊට අමතරව, ඒ ගිතයේ වෙනත් පදවලින් කෙලින්ම කියවෙන ලංකාවේ දේශපාලන පක්‍ෂ පිළිබඳ උපහාසාත්මක කරුණු නිසා ද, ජුන්ඩලා සහ බණ්ඩලා සමග මන්තිරි හාමුලා සමාන කළ එම ගීතය ඒ කාලයේ රජයේ බලපෑම මත යම්කිසි ආකාරයක තාවකාලික හෝ තහනමකට ලක් වූ බව ද කියවේ.

අද සමසමාජ පක්‍ෂයේ ඉතිරිව සිටිනා නායකයින්ගෙන් එක් අයෙකු වෙන කූප්‍රකට වාසුදේව නානායක්කාර ගැන මා කලකට පෙර අසා ඇති, එසේම සමහර විට නගරබද මිථ්‍යාවක් වීමට ද ඉඩ ඇති, එක් කතන්දරයක් මෙසේය.
දිනයක් වාසුදේව නානායක්කාර ගමේ ප්‍රභූවරයෙකු මුණ ගැසීමට ඔහුගේ නිවසට ගියේය.

"කෝ අහවල් මහත්තයා ඉන්නවා ද ගෙදර?" වාසුදේව නිවසේ ගේට්ටුව අසල සිටි සේවකයාගෙන් විමසා ඇත.

සේවකයා එවිට කියා ඇත්තේ "අද හාමුදුරවෝ වලව්වේ නැත!" කියා ය.

"එහෙනම් හාමුදුරුවෝ ආවම කියපං බුදු හාමුදුරුවෝ ඇවිත් ගියාය කියලා" යැයි වාසුදේව සේවකයාට පවසා ඇත.
වලව්වේ හාමුලා හෙවත් හාමුදුරුවරුන් යනු වැඩවසම් යුගයේ නෂ්ටාවශේෂයන් වේ. වැඩවසම් ක්‍රමය වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් සහිත සමාජයක් බිහිවුණද, ඒ සමාජයේත් සෑහෙන කාලයක් යනතුරු පරණ වලව්වේ හාමුදුරුවරු මෙන්ම අලුතින් බිහිවුණු නඩුකාර හාමුදුරුවරුන් ද සිටියහ.

ඉහත සරදම කරමින් එදා වාසුදේව ප්‍රතික්‍ෂේප කළේ ඒ හිරිකිත දනවන තත්වයයි. ඔහු එදා සැබවින්ම පෙනී සිටියේ සමාජයේ සාමාජිකයින් සැවොම එක හා සමානයින් ලෙස සැලකෙන සමසමාජයක් වෙනුවෙනි.

නමුත් තත්වය තවමත් වෙනස් වී නැත. ඒ ධුරාවලි සමාජ නාරවලේ දිගටම ගිලෙමින් වහලුන් ලෙස ම සිටින්නට අපේ ඇත්තන් ගේ ඇති ආශාව මහින්ද රාජපක්‍ෂට රජතුමා යැයි නම් පටබැඳීමෙන් ම මනාව ඔප්පු විය.

එසේම නමින් සමසමාජයක් සඳහා පෙනී සිටිය ද, එම දේශපාලන පක්‍ෂය ගැන සිතනවාත් සමගම අද සිහියට එන කාලෝ ෆොන්සේකා, තිස්ස විතාරණ මෙන් ම වාසුදේව නානායක්කාර වැන්නන් ලංකාව යළි වැඩවසම් ක්‍රමයකට ගෙන යන්නට තැත දරන ජෝකරයන් බවට පත් වී තිබීම නම් දෛවයේ කුරිරු සරදමක් ම ය.

සමහර විට ඔවුන් පෙනී සිටින මේ ට්‍රොට්ස්කිවාදී සමසමාජය යනු අර ලෝ ප්‍රකට "ඇනිමල් ෆාම්" කෘතියේ දී ජෝර්ජ් ඕවල් විසින් ට්‍රොට්ස්කිවාදීන් ගේ පසමිතුරන් වූ ස්ටාලින්වාදීන්ට සරදම් කරන්නට උපයෝගී කරගත් "සියලු දෙනාම සමාන එහෙත් සමහර දෙනා අන් අයට වඩා වැඩියෙන් සමාන" වර්ගයේ සමසමාජයක් විය යුතුය.

වාසුදේව නානායක්කාර යනු මගේ මවටත් වඩා මාස කිහිපයක් වැඩිමහලු පුද්ගලයෙකි.

මගේ අම්මා නම් මේ දිනවල කරන්නේ පසළොස්වක පෝය දිනවල පනසලේ සිල්ගනිමින්, දිනපතා බණ පිරිත් අසමින් (එසේ ම ටෙලිනාටක ද නරඹමින්), වන්දනා ගමන්වල නිරත වෙමින්, කෙදිනක හෝ අනිවාර්යෙන් එළැඹෙන බව හොඳින් දන්නා පරලොව සඳහා සූදානම් වීමයි.

වයසෙන් අඩු වැඩි වශයෙන් සමාන වුවද, වාසුදේව නානායක්කාර, මගේ අම්මා අද තම ජිවිතය ගෙන ආකාරය අනුගමනය කළ යුතු යැයි මම කිසිසේත් ම නොකියමි. මක්නිසාද යත්, මට අම්මා ගේ වයස එළඹුණු දිනයක පන්සල් යෑමට හෝ බණ ඇසීමට හෝ අදහසක් මා තුළ නොමැති හෙයිනි.

නමුත් මට ඒ සමාන කිරීම නොකර සිටීමට නොහැකි විය!

-රසිකොලොජිස්ට්

(image: http://newsfirst.lk/english/wp-content/uploads/2015/02/sama-samaja-summit.jpg)

23 comments:

  1. රසිකට වාසු එක්ක මොකක්ද අප්පා ඔච්චර ඇරියස් එක.....

    ReplyDelete
    Replies
    1. අමුතු කේස් එකක් නෑ,

      ලියාගෙන යන කොට ටික ටික ලිපිය දික් වුණා, ඊට පස්සේ හතරට කැඩුවා. තව කොටස් දෙකක් තියෙනව,

      ඒවා වාසුදේවට සම්බන්ධයක් නෑ.

      Delete
  2. 1. 'සමසමාජ' (තනි වචනයකි) යන්න මා දන්නා තරමින් බඹරැන්දේ සිරිසීවලී හිමියන්ගේ නිර්මාණයකි.

    2. ආනන්ද සමරකෝ පට්ට යූ. එන්. පී. කාරයෙකි. ඔහු ලියූ ගීතය ජේ. ආර්. ජයවර්ධන විසින් තනි මතයටම වාගේ ජාතික ගීය කරන්නේ එනිසාය.

    3. වාසුදේව තියා කාලෝ ෆොන්සේකා වත් ට්‍රොට්ස්කි කියවා ඒ නිසා සමසමාජ පක්ෂයට බැඳුනා කියා නොසිතමි. ඇත්තටම කාලෝ ෆොන්සේකා දේශපාලනය ගැන දන්නා මළ ඉළව්වක් නැත. තමන්ගේ මුළු සරසවි ජීවිතය තුළම පාඨ ග්‍රන්ථ හැරුණු විට කියවූ එකම පොත බර්ට්‍රන්ඩ් රසල්ගේ පොතකැයි කියූ මේ මනුස්සයා අමු පොතේ ගුරෙකි. ගස් නැති කැලෑවේ තුත්තිරි ගසත් ගසක් කීවාක් මෙන් නලින් ද සිල්වලා නිසා කැපී පෙනෙන පුද්ගලයෙකි.

    ReplyDelete
  3. අයිසෙ රසික මමත් ඔය හාදයට චන්දෙ දීල තියෙනවනෙ.
    ශික්, මගෙ පස්ස හප්පගන්න ඕනෙ බිත්තියකවත්.

    ReplyDelete
  4. ඔය වාසුට සම්බන්ධ මන්ත්‍රී හාමුදුරුවෝ නැමත කුප්‍රකට කතාවට මගේ දැනුමේ හැටියට සම්බන්ධ වෙන්නේ එවකට කොමියුනිස්ට් පක්ෂයේ මාතර නියෝජනය කරපු හිටපු අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය “තුඩාවේ මහත්තයා“ නොහොත් “බී.වයි.තුඩාවේ මහතායි“. මොකද බොහොම සාමාන්‍ය දේශපාලන නායකයෙක් වුන තුඩාවේ මහත්තයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වුනාට පස්සේ මන්ත්‍රී හාමුදුරුවෝ කරන්න මැදිහත්වුනේ තමන්ගේ මායියා කියලා අහලා තියනවා..කොහොම වුනත් තුඩාවේ මහත්තයා ගැන ලිපියක් ලියන්න කියලා තුඩාවේ මහත්තයා ගැන හොඳින් දන්න මගේ තාත්තට මම ආරාධනා කරලා තියනවා..ඒ ලිපිය ඉක්මණින් මගේ බ්ලොග් අඩවියේ පලකරන්න බලාපොරොත්තු වෙනවා

    ReplyDelete
  5. ඇලෙක්ස් ඩිලාජ්26 June 2015 at 14:02

    මම අහල තියෙනවා මෙහෙම කතාවක් - ඔය පීටර් කේනමන් , කොල්වින් වගේ පුද්ගලයන් කම්කරු පංතියේ තම පක්ෂ ක්‍රියාකාරිකයන් තම නිවෙස්වලට ආවම ඔවුන් සමඟ ඉස්තෝප්පුවේ ඉඳගෙන කතා බහ කරන බවත් එම නිසාම එම ජනතාව තමන් සමඟම සම ව සිටීම ගැන මොවුන් හට ප්‍රශංසා කරත් එයට සත්‍ය හේතුව මේ සාමාන්‍ය පංතියේ ජනතාව තම සුවපහසු ගෙවල් තුළට වැද්දා ගැනීමට මේ සමාජවාදීන් අතර ඇති අකැමැත්ත බව ත්
    ඇත්ත නැත්ත දන්නේ නැත - සමහර විට ආචාර්ය වික්‍රම වීරසූරියලා තම ප්‍රොපගැන්ඩා මඟින් අපේ දෙමව්පියන්ගේ පරම්පරාවට කැවූ මතයක්ද විය හැක

    ReplyDelete
    Replies
    1. මේ කතාව ඇත්ත. මේ නායකයින් ඉස්තෝප්පුවේ බංකු හෝ පරණ වේවැල් පුටු දාලා තියෙනවා ඡන්ද දායකයින් ආවාම කතා කරන්න. පවුලේ ඥාතියෙක් හෝ තමන්ගේ පන්තියේ කෙනෙක් ආවාම ගෙට අරගෙන සුව පහසු ආසනයක ඉන්දලා ඩ්‍රින්ක් එකක් දීලා එහෙම කතා කරනවා. නමුත් කාටවත් ඒකෙ ගැටළුවක් වුණේ නැහැ. බයියෝ කොහොමත් ගේ ඇතුළට යනවාට වඩා කැමැතියි ඉස්තෝප්පුවේ බංකු වලට. ඒ වගේම ඉහළ පන්තියේ කෙනෙක් ඒ බංකු වල වාඩි කරන්නත් බැහැ.

      අනෙක් අතට අපි උනත් ගෙදර පොල් කඩන මනුස්සයාට සැටි පුටුවල ඉඳගන්න දෙන්නෙ නැහැනෙ. ඒ ඒ කෙහෙල් ගෙඩියට ඒ ඒ බනිස් ගෙඩිය.

      Delete
  6. සමාජයේ උසස් තලයේ ජීවත් වන වාසු ලා චිරෝ ලා ගමක ගෝත්‍රික [(C) මාතලන්] කාන්තාවක් මෙන් ජීවිතය ගත කල යුතු නොවේ...

    ReplyDelete
  7. සැඩ සුළං කියන්නේ හෙනම රොමැන්ටික් දර්ශන සහිත එකක් කියලයි මං හිතන් හිටියේ. මොකද මගේ ආච්චි බඳින්න කලින් සැඩ සුළං බලන්න එයාගේ අම්මා එක්ක ගිහිල්ල. ඒකෙ ලව් සීන්ස් වැඩි කියල ෆිල්ම් එක මැදදී, ආච්චි ගේ අම්මා බැන බැන නැගිටලා ගෙදර එක්කන් ගිහින්.

    ReplyDelete
  8. මධ්‍යසාර නෙවෙයි මද්‍යසාර

    ReplyDelete
  9. oya kathaw mamaath ahala thiyuena ahala thiyenne premadasa vasuewa balanna hati.
    kese wethath vasu yanau ahankara, kulayen math una radalayek. mage ath dakeem thiyenawa vasu ekka

    ReplyDelete
  10. මහින්ද රාජපක්ශ කියන්නේ නිකම්ම හාමුදුරුනමක් නෙවෙයි බුදු හාමුදුරුනමක් වගේ.. හැක්. ඒකනේ නහින දෙහින කාලේ හැමෝම සරණ යන්නේ. ඒ මදිවට දැන් විජේසුන්දර ජයවිරු මුදියන්සේලාගේ ලොකුබණ්ඩාරල තමයි මහින්ද බුදු හාන්දුවොන්ගේ පාවහන් අමදින්නේ.. නොදකින් නෙවෙයි නොදෝමකින්.

    ReplyDelete
  11. විජේසුන්දර ජයවිරු මුදියන්සේලා නොවෙයි, මූ "විජ්ජාවෙන් ජනතාව මුලකරනනන්"

    ReplyDelete
  12. මම අහල තියෙන්නේ ඔය කතාව මේවිදියට --කොමියුනිස්ට් පක්‍ෂනායක කොල්වින් ආර් ද සිල්වා . තුඩාවගේ ගෙදරට කෝල් එකක් දීල ඇහුවලු තුඩාව සහෝදරය ඉන්නවද කියල . ටෙලිෆෝන් එකට ආන්සර් කරපු තුඩාවගේ වයිෆ් කිව්වලු මන්ත්‍රී හාන්දුරුවෝගෙදර නෑ කියල . එහෙනම් ආවහම බුදුහාමුදුරුවෝ කතකරා කියන්න කියල කොල්වින් කිව්වලු

    ReplyDelete
  13. //ලොකුකම්, පොඩිකම් තැබෑරුමේ නෑ,
    අපි කවුරුත් සමසමාජයයි
    ජුංඩල, බණ්ඩල, මන්තිරි හාමුල
    ගහන්නෙ මෙතෙන්දී පොල් තෙල් ම යි!

    මෙහි "පොල්තෙල්" යනුවෙන් රචකයා (ආනන්ද සමරකෝන්) අදහස් කළේ "කෂියා" විශේෂයක් ද නැතිනම් ඒ කාලයේ සීල් අරක්කු නමින් හැඳින්වුණු නීතිගත මධ්‍යාසාර වර්ගයට යෙදෙන සුවිශේෂී නමක්දැයි නොදනිමි//

    තැබෑරුමේ නිසා කසිප්පු වෙන්න අමාරුයි නේ?
    පොල් අරක්කු වියයුතුයි. පොල් ගහේ පින්තූරෙත් තිබුනනෙ ලේබල් එකේ

    ReplyDelete
  14. මොනවද කකා ලජ්ජා නැද්ද? දවසටම කමෙන්ට් 16යි. කකා ජී කතා, පඩ කතා, කක්කා කතා ලියන කාලේ කමෙන්ට් සීය දෙසීය ගියා පැයකින්. මතක නැද්ද? ලජ්ජයි කකා.

    ReplyDelete
  15. කමෙන්ටුව දාන්න ගිහිල්ල පෝස්ටුවන්ම ලියවුනා. සඳුද උදේට බලාගන්න පුළුවන්

    ReplyDelete
    Replies
    1. එපා ඕන නෑ මහන්සි වෙන්න එපා. ඔයාගේ පෝස්ට් ගූ ගදයි

      Delete
  16. ඇයි අනේකුණු හබ්බ ටිකක් ජන සම්මත කරල දුන්නටවත් ටිකක් ගරු කරන්නකෝ අෆ්ෆා

    ReplyDelete
  17. හොඳින් පැසුණු ඵලය තමයි

    ReplyDelete
  18. "සිව්පා හොඳය්,දෙපා නරකය්" - ගොවිපොලේ ඌරො

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.