Monday 8 June 2015

පරණ කුණු කතා - Latter day litter, later!


මගේ ජීවිතයේ මුල් වසර හතර පමණ ගෙවූ කුලී නිවස ගැන මගේ මතකය ඉතා අඩුය. නමුත්, ඒ නිවස පිහිටා තිබුණේ අක්කරයක දෙකක පොල් වගාවක් මැද බවත්, නිවස අසල වතුර බොන ළිඳක් ද, අනිත් පස වැසිකිළියක් ද, වත්තේ පිටුපස මායිමේ හොඳින් වතුර ගලන දොළ පහරක් සහ කුඹුරු යායක් ද තිබුණු බව මගේ මතකයේ රැඳී ඇත.

එතැනින් අපේ තාත්තා සිය දරු පවුල රැගෙන ගියේ සිය දෙමව්පියන් සහ සොයුරු සොයුරින් ජීවත් වූ මහගෙදරටයි. එය ද විශාල බිම් කඩක එක් පසෙකින් තනා තිබූ නිවසක් විය.

ඉන් වසර අටකට පමණ පසු අපි වසර තුනක පමණ කාලයක් කුලී නිවසක ජීවත් වුණෙමු. ටවුමට අතේ දුරින් පිහිටියේ වුව ද, එම නිවස ද, අක්කර දෙකක පමණ පොල්, කොස් වගාවක් අතරේ පිහිටි නිවාස දෙකකින් එකක් විය.

විශ්‍රාම ගැනීමෙන් පසු කලෙක තාත්තා තමන්ගේ ම නිවසක් සාදා ගත්තේ ද ඊට වසර විස්සකටත් වඩා පෙර කාලයක ඉඩම් මිල සාපේක්‍ෂව ඉතා අඩු සමයේ මිලට ගෙන තිබූ අක්කරයක පමණ වපසරියක් ඇති ඉඩමකයි.

මේ හැම නිවසකටම පොදු ලක්‍ෂණය කිහිපයක් ම තිබුණි. ඉන් එකක් වූයේ නිවස පිහිටි භූමියේ ම සකසා ගෙන තිබුණු වතුර බොන ළිඳයි.

ඊටත් වඩා මේ ලිපියට අදාළ කරුණ නම් මේ හැම නිවසක්ම අසලින් එකත්-පසෙකට වෙන්නට සාදා සකසා ගෙන තිබුණු කුණුවලයි. එදිනෙදා නිවසෙන් බැහැර කෙරෙන අපද්‍රව්‍ය කෙළින්ම යොමු කෙරුණේ මේ කුණුවලට ය.

ඒ සමයේ අද මෙන් ප්ලාස්ටික් බෑග් යනාදිය බහුලව භාවිතා නොවුණි. කඩෙන් බඩු ඔතා දුන්නේ පරණ පත්තර කොළවල වූ අතර, ඒවා නිවසට ගෙනෙන ලද්දේ එක්කෝ පන් මල්ලක හෝ නැතිනම් පරණ සිමෙන්ති උරවලින් සාදා තිබුණු කවරවල දමා ගෙනය. එවැනි අපද්‍රව්‍ය මෙන් ම, කුස්සියේ ක්‍රියාවලියෙන් ඉවත දැමෙන ද්‍රව්‍ය ද, මිදුලෙන් උදලු ගෑ තණකොළ ද, ගේ අවට අතුපතු ගා එකතුවෙන කොළ රොඩු ද සදාකාලිකව සැතපෙන්නට ගියේ මෙකී කුණුවලේ තුරුලට ය.

කලින් කලට තාත්තා එක්කෝ කුණුවලේ කොළ රොඩුවලට ගිනි තබයි, නැතිනම් ඊට උඩින් පස් කපා දමයි. එක් කුණුවලක් වැසෙන විට ඊට නුදුරින් තවත් එකක් කැපේ. තාත්තා ගේ මහගෙදර තිබූ කුණුවල නම්, ඇත්තටම කලකට ඉහත කපා විශාල කළුගලකින් අවසන් වීම නිසා අතහැර දමනු ලැබූ පාළු ළිඳක් වූ නිසා, අප ඒ නිවසේ පදිංචිව සිටි දශක දෙකක පමණ කාලයේ දී එය නොවැසුණි.

කුණු සම්බන්ධව මගේ ජීවිතය ඉහත ආකාරයට වඩා සහමුලින් ම වෙනස් වූයේ විවාහ වී කෝට්ටේ පදිංචියට ගිය පසුය. නිවස පිහිටි පර්චස් දොළහක වපසරියෙන් ඉතුරු වී තිබූ කොටසේ කුණුවලකට කොහෙත්ම ඉඩකඩ නොතිබුණි. හැරත්, නිවසට වතුර ජල ප්‍රවාහන මණ්ඩලයෙන් ද, විදුලිය විදුලිබල මණ්ඩලයෙන් ද ලැබෙනවා සේ, කුණු කසළ ඉවත් කිරීමේ සේවය භාරව තිබුණේ නගර සභාවට ය.

අපට තිබුණේ අපේ කුණු කසළ නගර සභාවේ කුණු කසළ බවට පත් කිරීම පමණි.

කුස්සියේ තැබූ ප්ලාස්ටික් භාජනයක ලූ තවත් ප්ලාස්ටික් මල්ලකට නිවසේ කුණු කසළ එකතු කරන අප, රාත්‍රී සමයේ දී කරන්නේ ඒ කුණු පිරි මල්ල රැගෙන ගොස් මහා මාර්ගය අයිනේ තැබීමයි. මගේ මතකයට අනුව සතියට කිහිපවරක් මෙලෙස එකතුවෙන කුණු කසළ ඉවත් කිරීම නගර සභා සේවකයින් විසින් සිදු කරණ ලදී.

ඇත්තටම කියනවා නම්, අපේ නිවස අසල පදිංචි අය ගේ කුණු කසළ එකතු කෙරුණේ අපේ නිවස ඉදිරිපිට නොව පාරෙන් එහා පැත්තේ ස්ථානයක ය. හරියටම අපේ නිවස පිහිටි ස්ථානයේ දී කෝට්ටේ පාර ඉතා පටු විය. එ නිසා, ඉඳහිට දිනක පාර හරහා නො පැන, මේ පැත්තේ සිටම පාරේ අනිත් පැත්තේ අදාළ ස්ථානට කුණු පිරි ප්ලාස්ටික් බෑගය එල්ල කරන්නට ද මා පෙළඹුණෙමි.

උසස් පෙළ ව්‍යවහාරික ගණිතයේ දී උගත් ප්‍රක්‍ෂිප්ත සිහිපත් කරමින් මගේ අතින් ගිලිහී අහසින් ගොස් කුණු ගොඩට පතිත වෙන ප්ලාස්ටික් බෑගය, ඒ අවස්ථාවේ දී පුපුරා යන්නේ ද යන කරුණ මට අදාළ එකක් නොවී ය.

ඒ මීට වසර විස්සකට පෙර කතාවකි.

කුණු කන්දල් සම්බන්ධයෙන් ගත් කල දැන් නම් මා ඉතා හොඳ ළමයෙකු බව අමුතුවෙන් කිව යුතු නැතැයි සිතමි.

-රසිකොලොජිස්ට්

ප/ලි
මේ ලිපිය කිවේවාද?
බයියන් ගේ මානසිකත්වය හෙවත් කුණුම කුණු කතාවක් - Rubbish must be garbaged
http://rasikalogy.blogspot.com/2015/06/rubbish-must-be-garbaged.html



(image: http://www.123rf.com/stock-photo/garbage.html)

31 comments:

  1. සමහරක් ඉන්නව තාම 'හොඳ' වෙලා නැති. ඒගොල්ල ගැන කලින් ලිපියෙ කියෙව්ව නිසා මොකුත් නොකියමි

    ReplyDelete
  2. /කුණු කන්දල් සම්බන්ධයෙන් ගත් කල දැන් නම් මා ඉතා හොඳ ළමයෙකු බව අමුතුවෙන් කිව යුතු නැතැයි සිතමි./
    මම හිතන්නෙ රසික හොද ළමයෙක් උනේ ඔස්ට්‍රේලියාවෙ නීතිය නිසයි.

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. මහින්දට මේ රටේ මිනිස්සු රජ්ජුරුවෝ කිව්වේ නිකං නෙවෙයි... අතීතයේ ඉදලා මේ දක්වා හිටපු නායකයින්ගෙන් රට එක්සේසත් කරලා.. යුධ බිය නැති කරලා සාමය උදා කරවලා.. වැව් අමුණු කරවලා රට දියුණු පමුණු කරවලා මිනිස්සුන්ට ජීවත් වෙන්න හොඳ පරිසරයක් හදා දුන්න හැම නායකයම හිටියේ රජවරු හැටියට.
    ඒත් රාජකීය යුගය නිමාවෙලා පාර්ලිමේන්තු ක්‍රමය ආවට පස්සේ ටිකෙන් ටික බෙදිලා වෙන්වෙලා යන්න නියමිතව තිබුන රට ආයෙමත් එක්සේසත් කලේ නිදහස ලැබුන දවසේ ඉදලා හිටිය පාලකයින්ගෙන් එකම එක අයකු විතරයි...

    ඒ තමයි මහින්ද...

    ඉතිං යුද්ධයට මග පාදපු නායක නායකාදීනුත්.. යුද්දය වවං කාපු ජේ ආර්,ප්‍රේමදාස,චන්ද්‍රිකා,රනිල් වගේ රටේ කරුමෙට පහළ උන නායක නායිකාවනුත් වැනි අයගේ පාලනය යටතේ මෙලෝ රහක් නැති කාල වකවානූන් රැසක් පහු කලාට පස්සේ නැවතත් මේ රට එක්සත් කල... දියුණු කල නායකයෙක් පහළ උනාම මිනිස්සුන්ට ඒ කෙනාව අතීතයේ හිටිය වීර රජවරුන්ගේම පුරුකක් හැටියට පේන්න ගත්ත එකයි උනේ...

    එහෙම නැතිව නිකංම නිකං ජනාධිපති උන පලියෙන් මහින්ද රජෙක් උනේ නැහැ.. 2005දී මේ රටේ නායකයා උන මහින්ද නිකංම මහින්ද විතරයි.... මහින්දට රජා කියන ආමණ්ත්‍රණය නිකං ලැබුනේ නැහැ... මහින්ද එය උපයා ගත්තා... 2009 වසර වෙද්දි ඔහු එය සාඩම්බරයෙන් යුතුව උපයා ගත්තා...

    එහෙම නැතිව මේ කොහේවත් ඉන්න බඩගිනිකාර අපත කාලකණ්නි රැලකට රට කන්න තියෙන ආසාව ඉෂ්ඨ කරගන්න උදව් කරලා... ඒකට තමන්ගේ කටින්ම පුන පුනා “ජනාධිපතිතුමනි ඔබ අපට රජෙක්.. ඔබ අපට රජෙක්“ කියලා හත් පොලේ ගහලා කියාපු.. ඒත් පස්සේ හෙලිකොප්ටර්වල යන්න තියෙන ආසාවටයි.. මැරෙන්න කලින් අගමැති වෙලා බලන්න තියෙන ආසාවටයි.. තමන්ගේ සහෝදර රැලට ගස්ගල් ගංගා හූරං කන්න දෙන්න ආසාවටයි... වගේ ළඳරු ආසාවල් හින්දා තමන්ම රජෙක් කියලා කියාපු නායකයව පාවාදීලා පස්ස දොරෙන් පැනලා ගිය ගුණමකු.. නෝන්ජල්... හීනමානකාර පඹයෙකුට රජෙක් කියලා කියන්න මේ රටේ මිනිස්සුට පිස්සුවක් නැහැ.

    මහින්ද එය උපයාගත් හින්දයි මහින්දට රජෙක් කිව්වේ...

    ඒත් මේ හීනමානකාර,
    එංගලන්ත රැජිණගේ අත්මේස් එකට පෙම් බඳින... තමන්ගේ දුකට සැපට ලගින් හිටිය.. තුන්වේල උයලා කන්න දෙන... අර අහිංසක ගෙදර උන්න ගෑණිව එක්ක ගිහින් කොහේවත් ඉන්න හම්පඩ නාකි සුද්දියෝ ඉස්සරහා දණගස්සවන එක මහ ලොකු වැඩක් කියලා හිතං ඉන්න, රූකඩයෙකුට උපයාගත හැකි එකම දේ තමා පඹයෙක් කියන එක...

    ආවා මෙතන රජකමක් ගැන කියවන්න... ඔය හැටි ආසයිනං අපිත් කියන්නං තමුන්නැහේට... පඹ රජෙක් කියලා...

    ඔව් ඔව්... ඔබ පඹයෙක්... පඹයාණෙනි.. ඔබ පඹයෙක්... පඹ රජෙක්...

    පිස්සු තද වේවා.. පඹ රජාණෙනි...

    ReplyDelete
    Replies
    1. //මහින්දට රජා කියන ආමණ්ත්‍රණය නිකං ලැබුනේ නැහැ... මහින්ද එය උපයා ගත්තා..//

      නැතුව නැතුව! ජැක්සන්ලා සූරියප්පෙරුමලා වගේ කස්ටියත් සෑහෙන්න දායකවුනා මතකයි.

      Delete
    2. ගොන් බයියෝ, උඹ මේ කුණු පෝස්ට් එකක මේක ලිව්වේ මහින්ද අප්පච්චි තරම් කුණු ගොඩක් තවත් නැති බව දන්න නිසා නේද?

      Delete
    3. //මහින්ද අප්පච්චි තරම් කුණු ගොඩක් තවත් නැති බව දන්න නිසා නේද?//
      හෙහේ නියම කතාව.

      Delete
  5. Matath kiyanta eththe ochcharamaya..

    ReplyDelete
    Replies
    1. Me commentuwa adaala wanne Rasikalogy ta pamani. E kiyanne mamath oya kunu demima sambandayen honda lamayek une meheta awayen passeya.

      Delete
  6. මෙයා ඒ කාලේ ප්ලාස්ටික් බෑග් අනුන්ගේ පාරවල්වල එල්ලලා නේ? :P

    ReplyDelete
  7. අයිසෙ රසික, තමුසෙගෙ ඒ කාලෙත් ඇස් පෙනිල නෑනෙ, ඔය කියන තැන "කුනු දැමීම බල්ලන්ට පමණි" කියල බෝඩ් එකක් ගහල තිබුනනෙ දෑක්කෙ නැද්ද

    ReplyDelete
  8. තමන්ගේ වරදවල් ගැන මිනිස්සු කතා කරන්නේ බොහෝම අඩුවෙන්. සර්වසම්පූර්ණ මිනිස්සු කියලා හිතාගෙන ඉන්න සමාජෙක මේ පෝස්ට් එක කුණු ගැන උනත්, රන් හා සමානයි....

    ReplyDelete
  9. සජ්ජාගේ කුණු කතාව අගයපු වෙලේ රසිකත් මේ වගේ කුණු කතාවක් ලියයි කියල මට නිකමට වගේ හිතුණා.. :) අර පහුගිය පෝස්ට් එකේ ලින්ක් එක ආපහු දාපු එක හොඳයි.. බයි ගං කබර කොමෙන්ට් ටික කියවගන්න පුලුවන් උනා..

    ආ.. අපිනම් ගමේදී තාම කුණු දාන්නේ ඔය වගේ වලක් කපල.. කොච්චර එපා කියුවත් පොලිතින් ප්ලාස්ටික් ගිනි තියන එක තමයි කරන වරද..

    ReplyDelete
    Replies
    1. හෙනහුරෝ උඹේ බ්ලොගේ මට මිස් වෙලානේ.. ඔන්න මේ දැම්ම රෝලේ එල්ල ගන්නවා.. තැන්කූ වේවා පාර පෙන්නුවට..
      මෙච්චර සවිස්තරව නොවුනට මාත් මේක ගැන දැනන් උන්නා.. ඒකමයි කොච්චරවත් කියන්නේ පුච්චන්න එපා කියලා.. ඒත් මං එහෙ මෙහෙ වෙනකම් ඉඳල ගෙදර උන් පුච්චලා දානවා.. අනික මං ගෙදර ඉන්න එකක්යැ ඕවා කොන්ට්‍රෝල් කරන්න.. බලමු මේ ලිපියවත් පෙන්නලා..

      Delete
  10. පිටරටක ඉද්දි කුණු කන්දල් සම්බන්ධයෙන් කොහොමත් හොඳ වෙන්න අවශ්‍යයි නේද?

    ReplyDelete
  11. කොලොන්නාවේ කුණු කන්ද මීතේන් වායුව නිසා පුපුරා යන්න ආසන්නයිලු. එක ප්‍රදේශයක කුණු තව ප්‍රදෙස්හකට ගෙනිහින් ප්‍රතිචක්‍රීයකරණය කරන්නවත් මිනිස්සු ඉඩ දෙන්නේ නැහැ. මිනිස්සු තවමත් කැමති අර දණ්ඩනයට බයේ නීතිය පිළිපැදීමේ ක්‍රමයට පමණයි. අපිනම් තවමත් ගෙදර පොඩි කුණුවලක් හදාගෙන කොම්පෝස්ට් පොහොර නිපදවාගන්නවා.

    ReplyDelete
    Replies
    1. එතකොට අනිත් පොලිතින් ප්ලාස්ටික් ටික දාන්නේ නැන්දගේ පුකේද(කුනුහරුපයක් නොවේ )

      Delete
  12. කොළඹ නාගරික සංවර්ධනය ගැන සිඩ්නි නගරයේ උපනගරයකින් උදාහරණයක් සමග රසික පලකල පෙර සටහනට අවශ්‍ය පිළිතුර රසිකම මෙහි ලියා තිබේ. රසික කලක් නොසිටි නිසා සමහරවිට නොදන්නවා වුනාට ලංකාවේ තාමත් ඉන්නේ රසික ඒ කාලේ කළාක් මෙන් ඉඩ තියෙන තැනක කුණු දමා යන මිනිස්සුය. එමෙන්ම රසික දැන් හොඳ ළමයෙකු වූ පරිදි බොහෝ මිනිසුන් කුණු නිසි තැන දමන්නට පුරුදු වන්නේ රසික මෙන්ම වෙනත් රටකට ගිය පසුවයි. ව්‍යතිරේක සුළු ගණනක් ඇති මුත් සෙසු සියල්ල මේ තත්වයෙන් දුරස් වී නැත.

    එමෙන්ම ලංකාවේ නගරසබා කසල ශෝධක සිට උන්ගේ වැඩ බලන්නන් ආදී සියල්ලන් ද සැකසී ඇත්තේ එම තත්වයට සරිලන මානසිකත්වයකිනි. එය ඕස්ට්‍රේලියාවේ ජන ඝනත්වයෙන් අඩු, නගරාලන්කාරය වෙනුවෙන් අත දිග හැර වැය කරන නගරයක සේවක පිරිසේ කොලිටිය සමග සැසඳිය නොහැක.

    මේ දිනවල ප්‍රචලිත බයි-ටොයි අර්බුදය ට පිටින් රසිකගේ පෙර සටහනට දෙන්නට ඇති හොඳම පිළිතුර හා ප්‍රති උදාහරණය මේ සටහනයි. ලාංකිකයා තවමත් මෙසේ කරන නිසා, උන්ගේ කසල ශෝධකයාත් මීට සමගාමී හැසිරීමක් දෙන නිසා, නගර අලංකරණයට රසිකලාගේ දිහාවේ කෙරෙන ක්‍රමවේද තවම භාවිතා කල නොහැක. ඒ නිසා කෙනෙක් ඊට වෙනස් ක්‍රමයකින් වැඩේ කළේනම් ඒ ගැන ඇගයීමක් කිරීම නිහතමානි කමකි. ඊට ඔහුගේ දේශපාලන ව්‍යාපෘතියට සහය දෙන්න අවශ්‍ය නැත. මිනිහා මොකා වුනත් යමක් කල බව ඇක්නොලේජ් කිරීමක් පමණි.

    ReplyDelete
    Replies
    1. ඒ සටහන අපේ ගමට අල්ලපු ගමේ සිටින හොඳ ළමයෙකුගෙනි!

      Delete
    2. දවසක් මැයි හස්බන්ඩුයි ගියා රෑ කුණු මෙහෙයුමකට බත්තරමුල්ලේ කුණු දාන තැනට. කුණු ටික හොරෙන්ම ට්‍රැක්ටරේට විසි කරලා හැරුනා විතරයි ප්‍රක්‍ෂිප්තයක් වගේ කුණු බෑග් නැවත වැටුන වැටුනා කාර් එක ඇතුළට.
      කුණු වෙන්කරලා තියාගන්න තියාගන්න බැරිනම් කාපියව් කියලා හූවකුත් තිබ්බ අනේ වනචරයා

      Delete
  13. කොහොමත් අපේ ඇය කුණු වවාගෙන කන්න දක්ෂ උදවිය නේ...

    ReplyDelete
  14. දැන් හොද ළමයෙක් කිව්වේ කුනුටික ලගටම ගිහින් දාල එනවැයි. : P

    ReplyDelete
  15. වෙන අය සම්පතක් කර ගත්තු "කුණු" ඇයි අපි විපතක් කරගෙන තියෙන්නේ අපේ කළමනාකරණයේ නොහැකියාව නිසාද?

    ReplyDelete
  16. කොළඹට ආපු මුල් කාලෙ මම ජීවත්වුන ප්‍රදේශයේ සමහර අය ටොයෝටා කොරොල්ලා එකෙන් ඇලියොන් එකෙන් කුණු ට්‍රාන්ස්පෝර්ට් කරානේ. ගෙදර කුණු වාහනේ පටවගෙන ඇවිත් වෙන කාගේ හරි ගෙයක් ලග බස් නැවතුමක් ලග අතැරලා යනවා. එයිට්කන් ස්පෙන්ස් එකෙන් ඔය කොළඹ කුණුවලින් විදුලිය නිපදවන බලාගාරයකුත් හදන්න හැදුවා කාලෙකට කලින්.

    ReplyDelete
  17. ලංකාවේ කුණු ප්‍රශ්නය බුද්ධිමතුන්ගේ සංවාදයට බඳුන් විය යුතු මාතෘකාවක්. ඒත් කවුරුත් කතා කරන්නෙ බයි ටොයි ප්‍රශ්න මිසක් මේ වගේ දැවෙන ප්‍රශ්න ගැන නෙවෙයි.

    ReplyDelete
  18. තාම ' හොද ' වෙන්න හිතලවත් නැති අය ඉන්නවනේ..

    ReplyDelete
  19. කැළණිය පැත්තේ දැන් ටික කලක ඉඳන් නගර සභාවෙන් කුණු අරන් යන්නේ කුණු වෙන වෙනම 3 කොටසකට වර්ගීකරණය කරලා නම් නිතරයි. "ඉඳුල්" වෙනම, "දිරා යන ද්‍රව්‍ය" වෙනම, "නොදිරන ද්‍රව්‍ය" වෙනමත් බෑග් 3 කට දාන්න ඕනේ.

    ReplyDelete
  20. ලංකාවෙ මිනිස්සු වැඩි හරියක් හිතන්නෙ කුණු කියන දේ අපිට අයිති නෑ ඒවා අයිති පාරට හරි අල්ලපු වත්තට හරි කියලනේ...

    ReplyDelete
  21. කුණු
    කවදාවත් විසඳෙන්නේ නැති ප්‍රශ්නයක් කියල තමා හිතෙන්නෙ. ප්‍රතිචක්‍රීකරණය කරන්න, විනාශ කරන්න කොච්චර දියුණු ක්‍රම තිබ්බත් අපේ රටේ නම් වැඩිය ඕවා යොදාගන්නෙ නෑ. මිනිස්සු කුණු ටික කොහෙට හරි ගිහින් දානවා. කුණු අයින් කරන අය ඒ ටික එකතු කරන් ගිහිං තව කොහෙට හරි දාලා ශේප් වෙනවා. ඕකනෙ රටාව. කවදාවත් විසඳෙන්නෙ නෑ .

    ReplyDelete
  22. මාත් කෝට්ටේ හිටියා..මට අනුව කෝට්ටේ නගර සභාව හොදයි..සතියට තුන් පාරක් කුනු ගෙනියනවා.. අනික් පැතිවල සතියට එක පාරයි කුනු ටැට්ටෙරේ එන්නෙ..ඒම කුනු උනුවෙන්ම ගෙනියන එක ඒ කුනු අදින අයටත් පහසුවක්..ඒ වගේම ටිකක් කුනු ගොඩ අවුස්සල වටින කියන දේවල් ටික එකතුකරගන්නත් එයාලට ලේසියි...

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.