Saturday 20 June 2015

අයෑම් එ බුඩිස්ට්, අයි ඩොන්ට් ඩ්‍රින්ක්, තෑන්ක් යූ - I am a Buddhist, I don't drink, Thank you


තැන:මිතුරෙකු ගේ නිවසක්
දිනය:සති අන්තය
කාලය:සන්ධ්‍යා යාමය, සවස අටට පමණ
අවස්ථාව:  සුහද සාදයක්

මිතුරු සමාගම තරම් වෙනත් සුහද සමාගමක් ලොවෙත් නැත!

ඕනෑම සමාජයක මිතුරු මිතුරියන් එක් වී විනෝද වීම සාමාන්‍ය දෙයකි. විශේෂයෙන් ඕස්ට්‍රේලියාව වැනි රටවල ජීවත්වෙන අයගෙන් අප වැනි බොහෝ දෙනෙකුට තමන් ගේ ඥාතීන් වෙනුවට දුක සැප බෙදා ගැනුමට ඉන්නේ ද මිතුරන් ය.

තමන් ගේ, තම දරුවන් ගේ උපන් දින හෝ අනෙකුත් විශේෂ අවස්ථා සමරන්නට මිතුරන්ට ද ආරාධනා කර සාද පවත්වන්නන් බොහෝ ය. එසේම, දුර පළාතක වෙසෙන දන්නා හඳුනන අයෙකු තම ප්‍රදේශයට පැමිණි විට, අන්‍යෝන්‍ය මිතුරන් කැඳවා සාදයක් පැවැත්වීම ද සාමාන්‍ය දෙයකි. ඊට අමතරව, කිසිදු නිශ්චිත හේතුවක් නොමැතිව වුවද, විවින් විට තම මිතුරන් නිවසට කැඳවා බතින්-බුලතින් සංග්‍ර කරන්නනෝ ද බොහෝ සිටිති.

ඔතන බතින් යැයි කීම බොහෝ අවස්ථාවල දී නිවරැදි වුව ද, බුලතින් කියා කීම නම් කිසිසේත් ම නිවැරදි නොවේ. බුලත් කොළ නම් බේතකට හේතකට අවශ්‍ය වූවහොත් සොයා ගත හැකි වුණත්, බුලත් කන්නන් නම් දැන් අපේ වයසේ අය අතර විරලය. එනිසා බුලතින් සංග්‍රහ මා වෙසෙන ඕස්ට්‍රේලියාවේ නම් ඇත්තේ ම නැතැයි සිතේ.

ඒ වෙනුවට, ඒ යුග පදයේ දෙවන කොටස විය යුත්තේ "සින්දු වතුර" යන්නයි. එනම්, මෙහි නිවරැදි යෙදුම "බතින්-සින්දු වතුරෙන්" සංග්‍රහ කිරීම වේ.

"සින්දු වතුර" කියන්නේ කුමකට ද යන්නත්, ඒ නම යෙදීමට හේතුව කුමක්දැයි යන්නත් දන්නෝ දනිති!

ඇතැම් සාද වලදී ඇතැමුන්ට මේ "සින්දු වතුර" වෙනුවට "වාද වතුර" හෝ "පණ්ඩිත වතුර" හෝ පෙවී තිබෙනු දක්නට ලැබේ. එය වෙනම විස්තරාත්මකව ලිවිය යුතු එක් කතාවකට නොව කතා මාලාවකට සුදුසු ප්‍රස්තූතයකි.

ඒ කෙසේ වෙතත්, මිතුරු සමාගම පිණිස පවත්වනු ලබන සුහද සාදයක දී "සින්දු වතුරෙන්" සංග්‍රහ කිරීම සාමාන්‍ය සිරිතයි.

මා සහභාගී වී ඇති, අප විසින් සංවිධානය කර ඇති සාදවලදී "සින්දු වතුර" සම්බන්ධයෙන් මා නිරීක්‍ෂණය කර ඇති දේ මෙසේය.

සාමාන්‍යයෙන් "සින්දු වතුර" පානය කරන ලාංකික කාන්තා පක්‍ෂය ඉතා සුළුතරයකි. ඔවුන් ප්‍රිය කරන්නේ සුදු පැහැති වයින් වැනි "සින්දු වතුර" වර්ගවලටයි. මේවා ප්‍රණීත රසයකින් යුක්තය. පලතුරු යුෂ මුසු කළ සැර අඩු වොඩ්කා හෝ අඩුතරමින් බියර් හෝ බොන ලාංකික කාන්තාවන් මා දැක නැති තරම් ය. සමහර විට මට මුණ ගැසෙන කාන්තාවන් ගේ වයසට අඩු වයස් සීමාවල සිටිනවා විය හැක.

පිරිමින් බොහෝ දෙනා ප්‍රිය කරන්නේ විවිධ විස්කි වර්ග පානයටයි. නැතිනම්, වොඩ්කා වැනි වෙනත් සැර වැඩි "සින්දු වතුර" වර්ග ද, අවස්ථානුකූලව රතු (හෝ ඇතැම් විට සුදු) වයින් බොන්නෝ ද සිටිති. බියර් නම් බොහෝ විට අලෙවි වෙන්නේ දිවා කාලයේ පැවැත්වෙන සාදවල දී ය. නමුත් දිවා රෑ නොබලා බියර් බොන්නෝ ද සුළුතරයක් හෝ සිටිති.

මා මෙතෙක් සහභාගී වී ඇති ශ්‍රී ලාංකික මිතුරු සමාගම් සුහද සාදවලට සහභාගී වූ අයගෙන් අති බහුතරය බෞද්ධාගමිකයින් බව අමුතුවෙන් කිව යුතු නැත.

ඒ ආකාරයේම තවත් වැදගත් කාරණයක් වනුයේ බුදු දහමේ ඉගැන්වීම් සහ "සින්දු වතුර" පානය අතර ඇති නොගැලපීමයි.

අපේ බුද්ධාගම්කාරත්වය මැනීම සඳහා මා ඉදිරිපත් කළ පන්සිල් අනුසාරයෙන් සැකසුණු මිනුමට අනුවට සින්දු වතුර බී සුරාමේරය සිල් පදය කැඩුුණු පසු වුවද, 80% ක බුද්ධාගම්කාරත්වයක් පවත්වා ගත හැකි වේ. එය බෙෘද්ධයෙකු ලෙස විශිෂ්ට සම්මානලාභී, පළමු පන්තියේ සාමාර්ථයකි.

බුද්ධාගම්කාරයෙකු "සින්දු වතුර" බීමේ ලොකු වරදක් නැති බව එයින් පෙනේ.

දැන් නැවත කතාවට යමු.

මේ කියන සාදයට ආරාධනා ලැබ සිටියේ අඹු-සැමියන් ජෝඩු කිහිප දෙනෙකු පමණි. මුලින් නොදන්නා අය එකිනෙකාට හඳුන්වා දීමත් සමග සතුටු සාමීචියකින් සාදය ඇරඹුණි.

ඊළඟට සිදුවූයේ කෙටි කෑම සහ "සින්දු වතුර" පානය කිරීමේ අවස්ථාවයි. මුලින්ම කාන්තාවන්ට සැලකිය යුතුය යන සුද්දා ගේ රීතිය අනුව, කාන්තා පක්‍ෂය සඳහා සුදු පැහැති වයින් පිරවූ දිදාල රැගෙන එන ලදී.

එක් කාන්තාවක් තමන් වෙත දිගු කෙරුණු මීවිත පිළිගත්තාය.

ඊළඟට සිටි ඇත්තී එක්වරම කීවේ මෙයයි.

"අයෑම් එ බුඩිස්ට්, අයි ඩොන්ට් ඩ්‍රින්ක් තෑන්ක් යූ!"

ඇය තමන් වෙත දිගු කෙරුණු මීවිත පිළි නොගත්තා ය.

ඒ සිද්ධිය ගැන ඇසූ විට මගේ සිතේ විශාල ප්‍රශ්නයක් පැන නැගිණි. ඒ කිසිසේත් ම දෙවෙනි කාන්තාව වයින් නො බීම ගැන නම් නොවේ. එය අගය කළ යුත්තකි. ප්‍රශංසනීය කාරණයකි.

ප්‍රශ්නය ඇති වූයේ ඈ කළ ඒ ප්‍රකාශයේ ය.

එක්කෝ "නෝ තෑන්ක් යූ!" හෝ නැතිනම්, "අයි ඩොන්ට් ඩ්‍රින්ක්, තෑන්ක් යූ!" හෝ නොකියා එයට "අයෑම් එ බුඩිස්ට්" යනුවෙන් කෑල්ලක් එකතු කිරීමෙන් ඇය කළේ යම් අධිපතිවාදයක්, පුරාජේරුවක්, ලොකුකමක් ප්‍රදර්ශනය කිරීමක් බව මගේ අදහසයි.

මා එසේ කියන්නට හේතුව නම්, එතැන සිටි අනෙක් අය අති බහුතරය ද "බුඩිස්ට්" ලා වීමයි.

බුද්ධාගම්කාරත්වයක් නිසා යමෙකු රහමෙර පානය නොකරන්නේ නම්, එය සැමට ම පොදු තහනමක් විය යුතුය. එසේ තහනමක් ඇතැයි අන් බුද්ධාගම්කාරයින් සලකන්නේ නැති තැනකදී, එය ඉස්මතු කිරීමෙන් ලැබෙන්නේ පොඩි අධිපතිවාදී කික් එකක් මිස අන් කවර අමුතු පිනක් ද?

මේ ආකාරයටම, හරක් මස් නොකන එග්ටේරියන් ලා සහ චිකන්ටේරියන් ලා මෙන්ම කිසිදු මාශයක් නො බුදින වෙජිටේරියන් ලා බොහෝ දෙනෙකු තමන් ගේ රුචිකත්වය අනුව තමන් ගේ පාඩුවේ තම එළවළු ජීවිත ගෙවූවද, ඒ අස්සේ, ඉතා ටික දෙනෙකු පමණක් මාංශ භක්‍ෂකයින්ට හැකි සෑම විටෙකම ඇනුම් පද කියනු මා දැක ඇත.

ඉහත කී කාන්තාව ගේ අයෑම් එ බුඩිස්ට්, අයි ඩෝන්ට් ඩ්‍රින්ක් යන ප්‍රකාශය ද ඒ ආකාරයේ අධිපතිවාදී, මං සුදනා මොඩලයේ අන් අය හෙළා දකින ආකාරයේ ඇනුම් පදයක් බව කිව හැක.

ඇයට ඇති එකම සමාවට කාරණය නම්, බෞද්ධ නොවන පිරිස් සහභාගී වෙන උත්සව අවස්ථාවලදී වයින් යනාදිය පිරිනැමෙන විට ඒවා ප්‍රතික්‍ෂේප කිරීමේදී එයට හේතුව වැඩිදුර විස්තර කිරීම සඳහා ඇය නිතර යොදාගන්නට ඇති අයෑම් එ බුඩිස්ට් යන කියුම එදා ඇය සිටියේ අති බහුතර බෞද්ධයින් පිරිසක් මැද බව අමතකව ඇගේ කටින් නොදැනුවත්වම වාගේ පිටවුණාය යන්නයි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
අයෑම් එ බ්ලොගර්, අයි ඩෝන්ට් ලයි!

ප/ප/ලි:
මට බුද්ධාගම්කාරත්වය ගැන ලිපි කිහිපයක්ම ලියන්ට වුනේ මේ කතාව කියන්නටයි. කලින් ලිපි නොකියවූ අයට මෙන්න විස්තර.

1. අපේ තාත්තා බුද්ධාගම්කාරයෙකු ද? How to be a Buddhist?
http://rasikalogy.blogspot.com/2015/06/how-to-be-buddhist.html

2. උප්පැන්නේ බුද්ධාගම? - Religion has nothing to do with your birth!
http://rasikalogy.blogspot.com/2015/06/blog-post_16.html

3. ඔබේ බුද්ධාගම්කාරත්වය මැනිය හැකිද? - Measuring Buddhistness
http://rasikalogy.blogspot.com/2015/06/measuring-buddhistness.html

(http://techgnotic.deviantart.com/journal/Abstract-Art-495660574)

36 comments:

  1. අය්සෙ රසික, "සුරාමේරය මජ්ජපමා දඨ්ඨාමී" කියලනෙ තියෙන්නෙ, ඉතින් මඳ පමණට ගත්තනම් සිල්පදේ කෑඩෙන්නෙ නෑනෙ අයිසෙ

    ReplyDelete
    Replies
    1. සිල් පදයේ තේරුම විකෘති කර ඇත්තේ ඇයි කියා තේරුම් ගැනීමට හැකිය. ඒත්, සිල් පදය විකෘති කළේ ඇයි?

      Delete
    2. අයිසෙ, කොමෙන්ටුව දෑම්මට පස්සෙයි වෑරදියට කොටල කියල දෑක්කෙ.

      Delete
  2. කරන්න බැරි දේවල් වෙනුවෙන් හැමෝම විකල්ප හොයා ගන්න ඕනැ. සමහර ගණයො ඉන්නවා ප්‍රසිද්ධියේ බොන්න බැරි නිසා මත්වන තරමට බුලත් කන. ඒක ඒ ගොල්ලන්ගෙ සොමිය.

    ReplyDelete
  3. එක් එක් පුද්ගලයා ඔතෙන්දී වෙනස් වෙන්නේ තමන් හරි/වැරදි දෙක බෙදන ත්රෙශෝල්ඩ් එකෙන් නේද?
    -ප්‍රතිජීවක ගැනීමෙන්ද සත්තු මැරේ
    -වැඩිපුර ඉදුණු පළතුරු වලත් ඇල්කොහොල් තිබිය හැක
    -සිතෙන් කාමයේ වරදවා හැසිරීම
    -පොඩි බොරු (8.31ට 8.30 අත්සන් කිරීම වගේ)
    -පොඩි හොරකම් (කන්තෝරුවෙන් දුරකථන ඇමතුමක් වගේ)

    ඔය ඩිස්ක්‍රීට් මිනුම කන්ටිනුඅස් කරන්ඩ ක්‍රමයක් නැද්ද?

    ReplyDelete
  4. අපි වං වැඩි පුර බිව්වේ නැටුං තෙල්..

    ඔය කතාව හරියට මයි නේම් ඉස් කාන්. අයිම් නොට් අ ටෙරරිස්ට් වගේ..

    ReplyDelete
    Replies
    1. උදාහරණය ගැලපෙන්නෙ නෑ වගෙයි.

      Delete
    2. හි හි පව් ශනි දේශා

      Delete
  5. මෙහෙමයි රසික සහෝදරයා..මෙතන පුංචි රිදීමක් නිසා ලියවුණු ස්වභාවයක් තියනවා..මොකද බෞද්ධයා බොරු සුචරිතවාදීන් වනවාට වඩා ඇත්තෙන්ම රහමෙරෙන් වැලකිලා ඉන්න පිරිසක් වීම තුල ඇතත්ටම අනන්‍යතාවක් තිබෙනවා..බෞද්ධයෙක් ලෙස සිල් පද පහෙන් සිදුකරන්නේ ජීවිත සංයමයට මූලික පදනමක් සපයන එකනේ. නැත්නම් පන්සිල් පද පහ රැක්කා කියලා පින ලැබෙනවා කියන මතයෙන් රැක්කට වැඩක් නෑ, මොකද ඒ තුලින් එන්නේ ප්‍රතිපත්ති සහගත කරුණ පහක් මත තමන් කරන ක්‍රියාවේ යහපත් ප්‍රතිඵල තමන්ට ලැබීමනේ..ඉතින් ඒ කාන්තාව තමන් බෞද්ධාගමිකයෙක් ලෙස රහමෙර ප්‍රතික්ෂේප කරන කාරණාව කණට ගහන්න වගේ වැදුනේ අපිත් බෞද්ධයෝ නිසාම නේද..නැත්නම් ඒ කාන්තාවගේ “ෂෝ“ මානසිකත්වයට ඇති අකමැත්ත නිසාද කියලා හිතන්න ඕන කාරණයක්

    ReplyDelete
  6. කනේ පාරක් තමයි දීල තියෙන්නෙ. නමුත් තමුන් බෞද්ධ කියල කියන ගමන් පස් පව් කරන අයට දීපු කනේ පාරක්. කරන්න දෙයක් නෑ, කන අතගාගෙන ඉන්න වෙනව

    ReplyDelete
  7. බතින් හා සින්දු වතුර වෙනුවට

    "බතින් හා මතින්" කිව්වා නම් හොඳයි නේද..? මොකෝ මත් වෙන්න සින්දු වතුර ඉතරක් නෙමෙයිනේ, මල් පවා උපකාරි වෙනවනේ..

    කොළඹ සමාජයේ නම් කාන්තාවන් මත්පැන් ඉතරක් නෙමෙයි සිකැරට් පවා ගහනවා. ඒ අත්න් ඔහේ ඉන්න අයට වඩා මෙහේ ඉන්න ය ඉදිරියෙන් ඉන්නවා..

    බුද්ධාගමේ අය ලිකර් කොන්සම්සොන් එක අතින් ළෝක වාර්ථා තියලා තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. "කොළඹ සමාජයේ නම් කාන්තාවන් මත්පැන් ඉතරක් නෙමෙයි සිකැරට් පවා ගහනවා. ඒ අත්න් ඔහේ ඉන්න අයට වඩා මෙහේ ඉන්න ය ඉදිරියෙන් ඉන්නවා.."

      සිගරට් බොන එක ඉදිරියෙන් සිටීමේ ලක්ෂනයක් නං ලංකාවෙ 60/70 කාලෙ හිටපු ගෑනු අද ඉන්න උන්ට වඩා ගවු ගානක් ඉදිරියෙන් ඉන්නව. උං පඩයක් ගියත් සිගරට් එකක් පත්තු කරගත්තනෙ. දැන්නං සිගරට් බොන එක ඉදිරියෙන් ඉන්න ලක්ෂනයක් නෙමෙයි පට්ට මෝඩ කමෙ ලක්ෂනයක්.

      Delete
    2. කෙනෙකුට හරක් මස් කන එකත් මෝඩ කමක් ලෙස පෙනෙන්න පුළුවන්.

      Delete
    3. X - Porter
      //දැන්නං සිගරට් බොන එක ඉදිරියෙන් ඉන්න ලක්ෂනයක් නෙමෙයි පට්ට මෝඩ කමෙ ලක්ෂනයක්.//

      හානිය ගැන හිතල සිගරට් නොබොනව නං තමයි ඒක ඉදිරිගාමී වෙන්නෙ. ඒක ඇත්තටම එමෙහ නං ගැහැණු පිරිමි සිගරට් බීමේ අනුපාතය මීට වැඩිය ලඟට එන්න ඕන. නමුත් දැන් කාන්තාවන් සිගරට් නොබොනව කියන්නෙ විශේෂයෙන් හැඳින්විය යුතු ඉදිරිගාමී ලක්ෂණයක් නෙවේ. ඒ අනුව මාතලන් කියන කතාව හරි.

      Delete
  8. අයි ඈම් අ වෙජිටේරියන් , අයි ඔන්ලි ඊට් කුනිස්සන් සම්බල්

    ReplyDelete
  9. අයෑම් ඇන් ආතරයිටීස් පේෂන්ට්, අයි ඔන්ලි ඩ්‍රින්ක් බ්‍රැන්ඩි

    ReplyDelete
  10. I am a fucking idiot. I don't know anything about any religion or philosophy. However I am going to show that I know everything and all blog readers must admit my idiot theories, as I am an Aussy Begger.

    ReplyDelete
    Replies
    1. I am a Sinhala Buddhist from Kandy

      I live in Australia
      But I have to show I'm truly a nationalist
      So I post nationalist , anti West , regressive bull crap from time to time so my foolish audience will like them -

      Delete
  11. පන්සිල් යනු හින්දු සමාජයෙන් ණයට ගත් දෙයක් බව කළින් පෝස්ට් එකකට කවුදෝ කමෙන්ට් කරල තිබුනනෙ. ඇත්තටම පන්සිල් කියන්නෙ බුද්ධාගම්කාරත්වයට සම්බන්ධ දෙයක් නෙවෙයි තමයි බලනකොට. උදාහරණයකට ගත්තොත් පොලීසිය කරන්නෙත් මහජනතාව ලවා පන්සිල් රැක්කවීමනෙ. (ඒකට අනුගමනය කරන ක්‍රමවේද ටිකක් විතර වෙනස් වුනත්).
    ඒ නිසා, බුධිස්ට් වීම සහ පන්සිල් පටලවා ගන්න හොඳ නෑ. මම කියන්නෙ පන්සිල් රැකීමෙන් පමණක් බුධිස්ට් වෙන්න බැහැ කියලයි. ඒක අනිවාර්ය අවශ්‍යතාවක් නමුත් ප්‍රමාණවත් අවශ්‍යතාවක් නෙවෙයි. (සිංහලෙන් කියනවනම් ඉට් ඉස් නෙසසරි බට් නොට් සෆිෂන්ට්).

    ReplyDelete
  12. මේ බී නොට් රිලවන්ට් ටු දිස්.. බට්.. අයි හැඩ් වන් ඔෆ් මයි ෆ්‍රෙන්ඩ්; ඇන් ඉස්ලැමික් හූ කෝල්ස් හිම්සෙල්ෆ් අ 'සිංහල තම්බියා' ඇන්ඩ් ඊට්ස් 'එනිතින්ග්'.. හෙහ් හෙහ්.. බයි ද වේ...
    අයි ඈම් අ බුඩිස්ට්.. අයි ඩෝන්ට් නෝ වෙයාර් වී ආර් හෙඩින්ග්.. :(

    ReplyDelete
  13. ඒ ගෑනු කෙනා හෙන 'ලයින්' එකක් අල්ලලා කට්ටියටම.. ඒත් ඒක මම අනුමත කරනවා.. ඇය ඒ පිලිබඳව ආඩම්බර වෙනවා වගේම ආභරණයක් කරගෙන.බලෙන් පෙන්නපු එක පොඩ්ඩක් හරි මදි උනාට ඒකෙන් කතිකාවක් නිර්මාණය වෙන්න පසුබිම හදන එකත් ඇගේ යටි උපායක් ද කව්ද දන්නෙ..
    ජයවේවා..!!

    ReplyDelete
  14. ඇයි ඔහේ මෙන්න මේවගේ එව්වට ගිහින් ලොකුකම පෙන්නන්නේ නැත්තේ

    http://obataislam.com/embryology/

    ReplyDelete
  15. අනේ අම්මපා...ඇයි ඇත්තටම පිරිමි(ගෑනු හරි) බොන්නේ.....ඒකෙන් ලැබෙන සතුට මොකක්ද?මමත් බීලා බලන්න ඕන මොකද වෙන්නේ කියලා

    ReplyDelete
    Replies
    1. බොන්නෙ නැත්නම් බොන්න එපා නෝනේ - ගෑණු අය මත්පැන්වලට ඇඩික්ට් වීමේ හැකියාව වැඩියි - මත්පැන් පානය කරන්නෙක් විදිහට කියන්නට ඇත්තේ තිත්ත වුනත් බීපුවහම අමුතුම ගතියක් දැනෙන බවත් ඒ වුනත් කරන‍ කොයි දේත් පමණ දැන කළ යුතු බවත්ය

      Delete
  16. රසික මහත්තයා....කන බොන වෙලාවට අපි නම් ඔය එක එක එක්කෙනාගේ ඇස් වල තියෙන පොල් ඉර‍ටු ගැන වද වෙන්නේ නෑ....

    ReplyDelete
  17. ඕට්ටේලියාවට ගියත් ආස්‍රය කරන්නේ ගෝත්‍රික සිරිලන්කා මූල ඇති හාදයෝ පමනක් බව පෙනේ... නිකමටවත් සුද්දෙක් සුද්දියෙක් මේ රට කතා වලට ඇතුලත් නොවන්නේ මන්ද?

    ReplyDelete
    Replies
    1. දාපන් පහක්....

      Delete
    2. Anonymous22 June 2015 at 17:04

      දාපන් පහක්....


      :D

      Delete
  18. //සාමාන්‍යයෙන් "සින්දු වතුර" පානය කරන ලාංකික කාන්තා පක්‍ෂය ඉතා සුළුතරයකි. ඔවුන් ප්‍රිය කරන්නේ සුදු පැහැති වයින් වැනි "සින්දු වතුර" වර්ගවලටයි. //

    ලාන්කික කාන්තා පක්සේ සමග සින්දු වතුර බොන්න ඕට්ටේලියා යන්න...

    ReplyDelete
  19. මෙහෙ ඉන්න සමහර අක්කලත් වොඩ්කා හරි ,සිගරැට් එකක් හරි දෙන්න ඇහුවම .. අපෝ "අපි ඕවා බොන්නේ නෑ අපි බුදු පාන තියනවා" කියනවා .. එහෙම කියන එක අක්කා කෙනෙක් 3 වෙනි සිල්පදේ කඩනවා පාන නිවුනට පස්සේ.

    ReplyDelete
  20. හැමෝටම හීනමාන, අධිමාන තියෙනවා අඩු වැඩි වශයෙන්.....! තමන්ගේ අධිමානේ සඟවාගෙන අනිත් අයගේ හීනමානේ උස්සල පතුරු ගහන්න කවුරුත් පසුබට වෙන්නෙ නෑ.....! තමන්ගේ මට්ටම් තම්මැට්ටම් කිව්වලු.....!

    ReplyDelete
  21. අතිබහුතරයක් තමන්කියන දේ වෙනුවෙන් ක්‍රියාවෙන් පෙනි ඉන්නේ නැති බොරුකාරයෝ වෙද්දී ඒ බහුතරය අනූව යන එක ඇත්ත මත පිහිටීමක් නොවෙයි. ඒ නිසා ‘අනිත් අය‘ හෝ ‘බහුතරය‘ ගැන මෙතනදි තැකිමක් අවශ්‍ය නැහැ කියල මට හිතෙන්නේ. ඒ එක්කම අනිත් අතින් බෞද්ධයෙක් තමන් ‘බෞද්ධයෙක්‘ කියල හඳුන්වා දීම ම බෞද්ධකමට ගැලපෙන්නේ නැ නේද? ඒ පැත්තෙන් අර කාන්තාව වර්ගයේ අය කරන්නේ ‘බෞද්ධකම් වගේ දෙයක් අනිත් අය යටපත් කර ගෙන තමන් පොර වෙන්න බලයක් හැටියට පාව්ච්චි කිරිමක් තමයි. මාත් එකඟයි රසිකලොස්ට් ගේ අදහසට.http://syberheartblog.blogspot.com/

    ReplyDelete
  22. ආගම ජීවන දර්ශනයක් නොවී ආභරණයක් විලාසිතාවක් වෙලා. ඔය අපේ මෝඩකම් කියන ලේබලය ගැලපෙනවා හොදට.

    ReplyDelete
  23. //එයට "අයෑම් එ බුඩිස්ට්" යනුවෙන් කෑල්ලක් එකතු කිරීමෙන් ඇය කළේ යම් අධිපතිවාදයක්, පුරාජේරුවක්, ලොකුකමක් ප්‍රදර්ශනය කිරීමක් බව මගේ අදහසයි. //

    මට නම් පුරජෙරුවේ වර්ගය (දෙකේ බලේ) කියල හිතෙන්නේ - ඔය කිව්වයි කියන එක කඩුවෙන් කියපු හින්දා. මම දන්නේ නෑ කකා මහත්තය යන සාද වලට එන්නෙම මේ වගේ 'රෙඩ් අනියන් ටික ස්ලයිස් කරලා ගන්න', 'මට සිංහල බේ' කියන කට්ටියද කියල.

    මම ඉන්න රටෙත් මම ඔය කිව්ව කට්ටිය ඉන්නවා, හැබැයි මම වැඩිය ආස්සරේට යන්නේ නෑ. නිකම් මොකටද පඩ බලන්නේ කියල. මොකද උපන්දා ඉඳල පිට රටවල් වල ජීවත් උන අම්ම සිංහල තාත්ත දෙමළ වෙච්ච, පී. එච්. ඩී. කාරයොත් අමාරුවෙන් හරි ඉංගිරිසි වචනයක් වත් නැතුව සිංහලෙන් කතා කරන අය ඉන්න සාදයකට යන එක කන්න බොන්න නැතත් සැප නිසා.

    ReplyDelete
  24. මේ කතාවට එච්චර අදාළ නොවුවත් රසිකගේ මත්පැන් පානය ගැනත් දැනගන්න කැමතියි - මොනවර්ග වල මත්පැන්වලටද කැමති -කොච්චර ප්‍රීක්වන්සි එහෙකින්ද ඩ්‍රින්ක්ස් ගන්නේ ? :)

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.