Wednesday 12 August 2015

යූඇම්පී ජනරජයට පක්‍ෂපාතී වෙමි - Rasika as a rebel kid


ඡන්ද කාලේ නිසා නොයෙකුත් පරණ ඡන්ද කතා සිහිවේ. කීපයක් ලියූවෙමි. මේ තව එකකි. අගෝස්තු දහඅට වෙනිදා දෙකෙන් එකක් තීරණය වෙනතුරු දිනපතා ලියන්නට පරණ ඡන්ද කතා මේ ආකාරයට මගේ මතකයේ පතුලෙන් එක එක උඩට මතු වෙමින් ඒ යැයි සිතමි.

අපේ ආච්චී අම්මාවරුන් ගේ දානමානවලදී ගායනා කරන කවි යැයි රැවටී සිරිමා නොහොත් ජාතියේ අම්මා ගැන ලියවුණු කවි පොතක් මිලට ගත් වසරේ පැවැත්වුණු මහ ඡන්දයෙන් සමගි පෙරමුණු රජය බිහිවුණු අතර, අම්මාවෝ අගමැති ලෙස පත්වූහ.

පසු කලෙක කොලොප්පන් තත්වයට පත් වී කුජීත වී ගිය නමුදු, මේ සමගි පෙරමුණු රජය මගින් රටේ ප්‍රගතිය පිළිබඳව ප්‍රගතිශීලි පියවර කිහිපයක් ගන්නා ලදී. ඉන් එකක් වූයේ එතෙක් බ්‍රිතාන්‍ය රජය යටතේ ඩොමීනියන් තත්වයේ රාජ්‍යයක්ව තිබුණු සිලෝන් එක නොහොත් ලංකාව, ස්වාධිපත්‍යය ඇති, තමන්ගේ ම රටවැසියෙකු ගේ නායකත්වය සහිත, සම්පුර්්නයෙන් ම නිදහස් ජනරජයක් බවට පත් කිරීමයි. මේ ඓතිහාසික සිදුවීම වූයේ දැන් අප බොහෝ දෙනෙකුට අමතක වී ඇති දිනයක් වෙන 1972 මැයි 22 දා ය.

ඒ 1972 ජනරජ ව්‍යවස්ථාව යටතේ:
  • ඒ වන විට එංගලන්තයේ රාජ්‍ය නායකත්වය නොහොත් රජකම පරම්පරා උරුමයෙන් ලබා සිටි එලිසබෙත් වින්ඩ්සර් නමැති කාන්තාව එතෙක් ලංකාවේ රාජ්‍ය නායකයා ද විය. ඒ වෙනුවට, ශ්‍රී ලංකා ජනරජයේ නායකයා නොහොත් ජනාධිපති ලෙස විලියම් ගොපල්ලව නමැති ශ්‍රී ලාංකිකයා පත් වුණි.
  • අග්‍ර විනිශ්චයකරුවෙකු යටතේ ස්වාධීන අධිකරණ පද්ධතියක් පිහිටවුණු අතර, එතෙක් එංගලන්තෙන් කළ යුතු වූ භයානක "ඇපල්" ගැනීම් යනාදිය දේශීයව කළ හැකි විය.
  • ජේවීපිය 1971 දී කළ ගල්කටස්, මොලටෝව් සටනට විරුද්ධව ඔවුන්ට නඩු පැවරුණේ එලිසබෙත් මහ රැජින ගේ රජය පෙරළීමට තැත් කිරීමේ චෝදනාව ගැන වුවද, නැවත එවැනි කැරුලි ගැසීම් කළහොත් ඒවා තවදුරටත් රැජින විරෝධී නොව රාජ්‍ය විරෝධී ක්‍රියා වශයෙන් සලකන්නට සිදුවෙනු ඇති බව ද කියවුණි.
එසේ නමුදු, මේ කිසිදු කාරණයක ඇති කිසිදු වැදගත් කමක් කුඩා දරුවෙකු වූ මට නොවැටහිණි.

මට මතක හැටියට 80 දශකයේ මැද භාගයේ ගෙන එන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් (මෙය 13 වෙනි සංශෝධනය විය යුතුයි) අනුව ශ්‍රී ලංකාවේ ඒකීයත්වය සහ භෞමික මොකක්ද එක ආරක්‍ෂා කිරීම සඳහා නීති පනවන ලදී. මෙහි ආසන්න ප්‍රතිඵලය වූයේ රජයේ සේවයේ සියලුම දෙනාටම තමන් ඒ ගැන සහතික වෙන බවට ලියවිල්ලක් අත්සන් කර දිවුරුම් (oath) දෙන්නට, නැතිනම් තහවුරු කිරීමක් (affirm) කරන්නට සිදුවීමයි.

එතෙක් පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්‍ෂය වූ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු ඒ දිවුරුම නොදී තම මන්ත්‍රීකම් අතහැරිය අතර, විපක්‍ෂ නායකකම සිරිලංකා එකට ලැබුණි.

දහතුන්වෙනි ව්‍යවස්ථා සංශෝධනයට පක්‍ෂ බවට ඒ දිවුරුම දුන් ආකාරයට ම, එදා 1972 දී ද, අලුත් ජනරජ ව්‍යවස්ථාවට තමන් පක්‍ෂපාත බවට සියලුම දෙනාට දිවුරුම් දෙන්නට සිදුවිය. සියලුම දෙනාට කීවේ ප්‍රාථමික පාසල් සිසුන් ද එයට අයත් වූ බැවිණි.

ආච්චී, බාප්පා පමණක් නොව අම්මා තාත්තා ද යූඇම්පීකාරයින් වූ අපේ නිවසේ ඒ දිනවල අකමැතිම වචනයක් වූයේ ශ්‍රී ලංකා යන්නයි. එයින් එකල අදහස් කෙරුණේ සිරිලංකා නිදහස් පක්‍ෂය මිස, කිසිසේත් ම එංගලන්ත මහ රැජින ගේ ලංකාංඩුව වෙනුවට අලුතෙන් බිහිවෙමින් තිබුණු ශ්‍රී ලංකා ජනරජය නම් නොවේ!

මේ ජනරජය බිහිවීම පිළිබඳව අපේ පන්තිය භාර ගුරුවරිය විසින් අපට කියා දෙන්නට ඇත. ඒ වෙනුවෙන් පාසලේ පැවැත්වීමට නියමිත උත්සවය ගැනත්, එදින අප සැම කළ යුතු දිවුරුම් දීම ගැනද කලින් දැනුම් දීමක් කරන්නට ද ඇත.

අපේ දිවුරුමේ දී කිව යුතු පාඨය වූයේ "ශ්‍රී ලංකා ජනරජයට පක්‍ෂපාතීබව මෙයින් සපථ කරමි!" වැනි තේරුමකින් යුතු වැකියකි.

කලින් කී කාරණය නිසා, මට ඒ වාක්‍යයේ ඇති "ශ්‍රී ලංකා" යන යෙදුම ඇල්ලුවේ නැත.

ඉතින්, එදා වසර 1972 මැයි 22 දා, කොස්සින්න ශ්‍රී ශීලානන්ද කණිෂ්ඨ විද්‍යාලයේ රැස්වීම් පිටියේ දී මුල්ගුරුවරයා විසින් කියන්නට යෙදුණු ඉහත දිවුරුම් වාක්‍යය මගේ කටෙන් පිටවුණේ "යූඇම්පී ජනරජයට පක්‍ෂපාතී වෙමි!" යනුවෙන් බව අද වෙනතුරු දැන සිටියේ මා පමණකි!

-රසිකොලොජිස්ට්

ප/ලි:
මොකද කියන්නේ? ආපහු යූඇම්පී ජනරජයකට පක්‍ෂපාතී වෙමු ද?

ප/ප/ලි:
රසිකොලොජියේ පළ කෙරුණු ඡන්ද කාලේ කතා ලයිස්තුව:
1. මා අගෝස්තු දාහත්වෙනි දින ලංකාවට ආවොත් ඡන්දය දෙන්නේ කොයි ආකාරයටද? - How not to vote
http://rasikalogy.blogspot.com/2015/08/how-not-to-vote.html

2. හෙලිකොප්ටරෙන් පක්‍ෂ රැස්වීමට ගිය කතානායකට තනතුරෙන් ඉල්ලා අස්වෙන්න සිදුවේ - Good riddance
http://rasikalogy.blogspot.com/2015/08/good-riddence.html

3. එක්සත් ජාතික පෙරමුණට හෝ නිදහස් සන්ධානයට හෝ ඡන්දය නොදීම බැරි අයට උපදෙසක් - Please, please, please...!!!
http://rasikalogy.blogspot.com/2015/08/please-please-please.html

4. ඡන්ද කාලේ ඡන්ද කතා - What else is there to talk about?
http://rasikalogy.blogspot.com/2015/08/what-else-is-there-to-talk-about.html

5. ඇනෝනිමසෙකු සමග දෙබසක් - All in a day's blogging
http://rasikalogy.blogspot.com/2015/08/all-in-days-blogging.html

6. අපේ ආච්චී ගේ දේශපාලන වීරයා - Old fox
http://rasikalogy.blogspot.com/2015/08/old-fox.html

7. මැරුණත් යූඇම්පී මගේ බාප්පා - He was a nice man...!
http://rasikalogy.blogspot.com/2015/08/blog-post.html

8. ඡන්දෙ කාලේ ඇසෙන නව ප්‍රබන්ධ සින්දු - New wine in old bottles
http://rasikalogy.blogspot.com/2015/08/new-wine-in-old-bottles.html

9. අම්මාවරුන් ගේ කවි නොහොත් අපේ ආච්චී රැවටුණු රැවටිල්ලක්! - My poor grand mother
http://rasikalogy.blogspot.com/2015/08/my-poor-grand-mother.html

10. ප්‍රතිගාමී ධනපති පක්‍ෂයකට විලිලැජ්ජාව නොතකා ඡන්දය දූනිමි - My shameful and regrettable behaviour at the presidential election
http://rasikalogy.blogspot.com/2015/08/my-shameful-and-regrettable-behaviour.html

11. ජාතියේ අම්මලා සහ තාත්තලා - Parents, we are grown ups now!
http://rasikalogy.blogspot.com/2015/08/parents-we-are-grown-ups-now.html

(image: https://www.pinterest.com/CollectStamps/sri-lanka-stamps/)

33 comments:

  1. රසිකොලොජියේ පළ කෙරුණු ඡන්ද කාලේ කතා ලයිස්තුව:

    1. මා අගෝස්තු දාහත්වෙනි දින ලංකාවට ආවොත් ඡන්දය දෙන්නේ කොයි ආකාරයටද? - How not to vote
    http://rasikalogy.blogspot.com/2015/08/how-not-to-vote.html

    2. හෙලිකොප්ටරෙන් පක්‍ෂ රැස්වීමට ගිය කතානායකට තනතුරෙන් ඉල්ලා අස්වෙන්න සිදුවේ - Good riddance
    http://rasikalogy.blogspot.com/2015/08/good-riddence.html

    3. එක්සත් ජාතික පෙරමුණට හෝ නිදහස් සන්ධානයට හෝ ඡන්දය නොදීම බැරි අයට උපදෙසක් - Please, please, please...!!!
    http://rasikalogy.blogspot.com/2015/08/please-please-please.html

    4. ඡන්ද කාලේ ඡන්ද කතා - What else is there to talk about?
    http://rasikalogy.blogspot.com/2015/08/what-else-is-there-to-talk-about.html

    ReplyDelete
    Replies
    1. 5. ඇනෝනිමසෙකු සමග දෙබසක් - All in a day's blogging
      http://rasikalogy.blogspot.com/2015/08/all-in-days-blogging.html

      6. අපේ ආච්චී ගේ දේශපාලන වීරයා - Old fox
      http://rasikalogy.blogspot.com/2015/08/old-fox.html

      7. මැරුණත් යූඇම්පී මගේ බාප්පා - He was a nice man...!
      http://rasikalogy.blogspot.com/2015/08/blog-post.html

      8. ඡන්දෙ කාලේ ඇසෙන නව ප්‍රබන්ධ සින්දු - New wine in old bottles
      http://rasikalogy.blogspot.com/2015/08/new-wine-in-old-bottles.html

      9. අම්මාවරුන් ගේ කවි නොහොත් අපේ ආච්චී රැවටුණු රැවටිල්ලක්! - My poor grand mother
      http://rasikalogy.blogspot.com/2015/08/my-poor-grand-mother.html

      10. ප්‍රතිගාමී ධනපති පක්‍ෂයකට විලිලැජ්ජාව නොතකා ඡන්දය දූනිමි - My shameful and regrettable behaviour at the presidential election
      http://rasikalogy.blogspot.com/2015/08/my-shameful-and-regrettable-behaviour.html

      11. ජාතියේ අම්මලා සහ තාත්තලා - Parents, we are grown ups now!
      http://rasikalogy.blogspot.com/2015/08/parents-we-are-grown-ups-now.html

      Delete
  2. 'ශ්‍රී ලංකාව' කියා රටක් 1950 ගණන් වලදී නොවීය. තිබුණේ ඉන්ග්‍රීසියෙන් Ceylon හා සින්හලෙන් 'ලංකාව' කියා හැඳින්වුණු රටකි.

    මේ රටේ බණ්ඩාරනායක කියලා කෙනෙක් පක්ෂයක් හැදුවේය. ඔහුට තම පක්ෂය නම් කිරීමට ඕනැ වුණේ Ceylon Liberal Party හෙවත් වචනයේ අර්ථයෙන් 'ලංකා ලිබරල් පක්ෂය' හැටියටය. මේ නම සින්හලට ගැළපෙන සේ සකස් කිරීමට එවක සින්හල උගතකු වූ ශ්‍රී නිශ්ශන්කට පවරන ලදී. මේ යෝදයා Liberal කියන වචනය 'නිදහස්' ලෙස පරිවර්තනය කළේය. 'ලංකා' කියන එක ඉදිරියට (පොරත්වය නිසා) තමන්ගේ නමේ මුලට තිබුණු ශ්‍රී අකුරත් එක් කළේය. පක්ෂය 'ශ්‍රී ලංකා නිදහස් පක්ෂය' වුණේ එනිසාය.

    රට 'ශ්‍රී ලංකාව' කළේ ඇයිදැයි ඕනෑම මෝඩයකුට තේරුම් ගත හැකිය. එසේ කිරීම නිසා සිරිමාගේ පක්ෂයට ගැම්මක් ලැබුණේය. 'විජාතික' යූ එම් පීය ඉදිරියේ ජාතික ලෙස පෙනී සිටින්නට පුළුවන් විය.

    යූ එම් පී මරි මෝඩයෝ තවමත් මේ ටික තේරුම් ගන්නට බැරුව හැමදාම පරදිති. උන්ට උකුණු හිසක තරම් වත් මොළයක් තිබුණා නම් කළ යුතුව තිබුණේ 1977 දිනූ විගස එක්කෝ රටේ නම 'ලංකාව' කිරීමය. නැත්නම් පක්ෂයේ නම 'ශ්‍රී ලංකා ජාතික පක්ෂය' කිරීමය.

    ReplyDelete
    Replies
    1. බලන්න.... මේ රටේ නම Ceylon කියලා තිබුණා නම් කොච්චර ලස්සන ද?

      Delete
    2. //එක්කෝ රටේ නම 'ලංකාව' කිරීමය. නැත්නම් පක්ෂයේ නම 'ශ්‍රී ලංකා ජාතික පක්ෂය' කිරීමය.//

      වෙනත් යෝජනා
      එක්සත් ලංකාව
      ඒඛිය ජාතික පක්ෂය
      ...

      Delete
  3. //ශ්‍රී ලංකා ජනරජයට පක්‍ෂපාතීබව මෙයින් සපථ කරමි!//

    //යූඇම්පී ජනරජයට පක්‍ෂපාතී වෙමි!//

    රසිකයියේ.... කොස්සින්න කියන්නේ පේරාදෙණිය ගම්පළ පාරේ කැම්පස් ඒකට පස්සේ හම්බෙන කොස්සින්න වෙන්ටෑ.... ඒක ඒහෙමනම් ඉතින් අපේ ගමේ කොල්ලෝ...... හැබැයි පුතේ 72 මං කලින් අාත්මේ මැරිලාවත් නැතුව අැති.....

    ReplyDelete
    Replies
    1. හත්තිලව්වයි 72 කියන්නේ යූඒන්පී අාණ්ඩුවක් නෙමෙයිනේ තිබුනේ... හොදවෙලාවට කාටවත් අැහෙන්නැතුව අැති.....

      Delete
    2. රසික කියන මේ කොස්සින්න තියෙන්නේ ගනේමුල්ලේ කුරුුටු

      Delete
  4. මහින්ද රාජපක්ෂ = අප්පච්චි නම්
    ශිරන්ති රාජපක්ෂ = අම්මණ්ඩි ද?
    චමල් රාජපක්ෂ = ලොකු අප්පච්චිද?
    ගෝඨාභය රාජපක්ෂ = පොඩි අප්පච්චිද? බාප්පොච්චිද?
    බැසිල් රාජපක්ෂ = චූටි අප්පච්චිද? චූටි බාප්පොච්චිද?
    නාමල් රාජපක්ෂ, යෝෂිත රාජපක්ෂ = අයියණ්ඩිලාද?
    රෝහිත රාජපක්ෂ = මලයණ්ඩිද?
    යසාරා අබේනායක = අක්කණ්ඩිද? නෑනණ්ඩිද?
    එතකොට වසීම් තාජුදීන් කවුද?

    ReplyDelete
    Replies
    1. හෙට අනිද්දම ඔය ජරාපස්ස හැතිකරේටම කෙලවන එකා තමයි තජුදීන්

      Delete
    2. තජුදීන් තමයි හොඳම යාළුවා. නාමල් තමයි කියන්නෙ.

      Delete
    3. හා දැන් කවුද මරණීය දණ්ඩනය යලි ක්‍රියාත්මක කරනවාට කැමති අය, අත උස්සන්න බලන්න.

      Delete
    4. වෙනද නම් මෙහෙම දෙයක් දැම්මහම බයියෝ බුරාගෙන පනිනවා. දැන් උන්ම පරාජය බාර ගෙන හින්දා මීක් සද්දයක් නෑ.

      Delete
  5. I don't understand your concerns ! You are an Australian. If you were so concerned you should not have left the country !

    ReplyDelete
    Replies
    1. Not a simple Australian but fucking Australian outlaw

      Delete
    2. So many Sinhala Buddhist nationalists in Australia who write divisive "Patriotic" posts for FB should not have left SL also by that logic

      Delete
    3. As far as I know there is only one Sinhalese Buddhist 'patriotic' FB activist in Australia. He is now campaigning for MR. His name is Sujeewa Kokawala. Are there more?

      Delete
    4. Dharshana Kasturirathna. Gon harakek.

      Delete
    5. මා මේ කමෙන්ටු හරි හැටි කියවූයේ අද යි. කොකාවල නිදහස් මතධාරියෙකු යැයි සිතමි.

      දර්ශන කරුණාරත්න නම් දැන් සියරට බලා ගොසිනි.

      හක්කේ බුදු රැස්, බොක්කේ දඩමස් ආකාරයේ අය ද, (අ)නාථ නලින්ද සිලුවාදීන් ද, බොක්කෙන්ම ජාතිය ගැන වෙහෙසන අය ද එමට මෙහේ සිටින බව කිව යුතු ය.

      Delete
  6. හයියෝ... අනිත් අයට ඇහුනේ නැද්ද දන්නෑ ඒක..

    ReplyDelete
  7. දෙගොල්ලම එක වගේ හොරු තමයි ඒත් අඩුම ගානෙ එක්සත් ජාතික පක්ෂ රජයක් ආවොත් බයක් නැතුව නිදහසේ ඉඳිත හැකි. වහලුන්ට හැරුණු විට අනෙක් අයට. වහලුන්ට නම් ඉතින් නිදහසට වැඩිය වටිනවානෙ එයාපොර්ට් වරාය හදන එක.

    ReplyDelete
    Replies
    1. වෙනද නම් මෙහෙම දෙයක් දැම්මහම බයියෝ බුරාගෙන පනිනවා. දැන් උන්ම පරාජය බාර ගෙන හින්දා මීක් සද්දයක් නෑ.

      Delete
  8. එහෙම කරන්න වෙයි වගේ....

    ReplyDelete
  9. ආපහු රැජිනට පස්සපාත වෙන්න බැරි වෙයිද?

    ReplyDelete
    Replies
    1. පෙස්සමක් අත්සන් කරමුද?

      Delete
  10. එංගලන්තෙ රැජින තවම ඕස්ට්‍රේලියාවේත් රැජින නේද? දැන් තියෙන්නේ මොනවගේ තැනක්ද?

    ReplyDelete
    Replies
    1. දේශපාලනිකව කිසිදු තැනක් ඇයට නැත!

      Delete
  11. ඔය ජනරජ මුද්දරේ තමයි මගේ මුද්දර එකතුවේ වැඩිපුරම තිබ්බේ . පස්සේ තිබ්බ බණ්ඩාරනායක ඉන්න මුද්දර දෙකක් දිග එකයි කොට එකයි . ආයෙත් ඌ ඇම් පී ජනරජයකට පක්ෂපාතියි කියල දිවුරන්න වෙයි වගේ

    ReplyDelete
  12. ///ජේවීපිය 1971 දී කළ ගල්කටස්, මොලටෝව් සටනට විරුද්ධව ඔවුන්ට නඩු පැවරුණේ එලිසබෙත් මහ රැජින ගේ රජය පෙරළීමට තැත් කිරීමේ චෝදනාව ගැන වුවද, නැවත එවැනි කැරුලි ගැසීම් කළහොත් ඒවා තවදුරටත් රැජින විරෝධී නොව රාජ්‍ය විරෝධී ක්‍රියා වශයෙන් සලකන්නට සිදුවෙනු ඇති බව ද කියවුණි./// බුද්දික පතිරණ රසිකලොජි කියවනවද? අද 'සටන' දී මේ ටික මෙහෙමම කියුවා.. හැක හැක හැක (මම කියවලා හිටි නිසා මට ටක් ගාල ක්ලික් උනා)

    ReplyDelete
  13. මහා ලොකුවට කයිවාරු ගැහුවට මූත් අර "කැපුවත් කොළ" කියන ජාතියේ මරි මෝඩයෙක් නේ. හුජ්ජ කොල්ලා කාලේ නොතෙරුන් කමට කරපු වැඩ වගේමයි තාමත් ...

    ReplyDelete
    Replies
    1. අපේ ආච්චී ද මුලින් කෙසේ වෙතත් පසුව යූඇම්පීකාරියක් විය.

      අපේ ආච්චී ගේ දේශපාලන වීරයා - Old fox

      !!
      http://rasikalogy.blogspot.com/2015/08/old-fox.html

      Delete
    2. මා නම් ජීවිතේට යූඇම්පීයට ඡන්දය දී හෝ දෙන්නට හිතා හෝ නැත.

      නමුත් අවාසනාවකට මෙන් 1999 දී ධනපති පක්‍ෂයකට ඡන්දය දෙන්නට සිදුවිය.

      ප්‍රතිගාමී ධනපති පක්‍ෂයකට විලිලැජ්ජාව නොතකා ඡන්දය දූනිමි - My shameful and regrettable behaviour at the presidential election
      http://rasikalogy.blogspot.com/2015/08/my-shameful-and-regrettable-behaviour.html

      Delete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.