Sunday 17 April 2016

සිනිපඑආසාගේතා,එපතආසාගේපුව"මරා"පුපකගිපසනොඇ? නොහොත් ලොකු ලොකු ලේඛකයින් බ්ලොග් ලියන්නට ඒමේ ප්‍රීතිය! - Jagath J Edirisinghe enters the Sinhala blogsphere!


මේ සටහනට මා යොදා ඇති මාතෘකාවේ [සිනිපඑආසාගේතා,එපතආසාගේපුව"මරා"පුපකගිපසනොඇ?] යන කොටසින් අදහස් කෙරෙන්නේ [සිරිලංකා නිදහස් පක්‍ෂයේ එක් ආරම්භක සාමාජිකයෙකු ගේ පුතා, එම පක්‍ෂයේම තවත් ආරම්භක සාමාජිකයෙකු ගේ පුතෙකු වන මහින්ද රාජපක්‍ෂව පුම්බන්න පළ කරන්නට ගිය පත්තරේට සල්ලි නොදැම්මේ ඇයි?] යන්නයි!

බ්ලොග්කරනය යනු ලියන්නට කැමැති ඕනෑම අයෙකුට හෙවත් ලේඛකයෙකුට පුවත්පත් සහ සඟරා ඉඩකඩ සීමාවලට කොටු නොවී, පුවත්පත් සහ සඟරා සංස්කාරකවරුන් ගේ රසඥතාවයට සීමා නොවී තමන් ලියන දේ, තමන් ගේ නිර්මාණ ඒවා කියවා රස විඳින පිරිසක් අතරට ගෙන යා හැකි හොඳම ක්‍රමය බව මම පෙර දිනයක ලියූවෙමි. පාඨකයින් වශයෙන් අපට බ්ලොග් අවකාශය වැදගත් වෙන්නේ ඇයි ද යන්න ගැන ද එහිම සඳහන් වේ.

කෙසේ වෙතත්, තවමත්, සිංහල බ්ලොග්කරනය පවතින්නේ ළඳරු අවදියකයි. මුද්‍රිත මාධ්‍යවල ආධිපත්‍යය (එහි ලොකු අවුලක් නැත!) තව සෑහෙන කාලයක් පවතින ලකුණු ඇති බව අමුතුවෙන් කිව යුතු නැත.

බ්ලොග්කරුවන් තම ලිපි පුවත්පත් සඟරාවල පළ කරගැනීම වැදගත් කාරණයක් ලෙස සැලකෙන්නේ ද, බ්ලොගයක් ඇසුරෙන් පොතක් පළ කිරීම විශාල ජයග්‍රහණයක් ලෙස සැලකෙන්නේ ද එ නිසා ය.

මේ තත්වය යටතේ, මෙතෙක් කල් පුවත්පත් පිටු අතර, මුද්‍රිත පොත් අතර රජකම් කළ අය, බ්ලොග් ලියන්නට පැමිණීම බ්ලොග්කරුවන් ලෙස අපට වැදගත් කරුණකි.

වසර තිහකටත් වැඩි කාලයක් තිස්සේ මා දැන හඳුනන, "පොත් හතක් අටක් දැනටත් ලියා දාලා තියෙන, මත්තටත් තවත් ලියනට සිතේ ඇඳී ඇති", හෙන්රි වර්ණකුලසූරිය එසේ පොත් පත්තර ලෝකයෙන්, බ්ලොග් ලෝකයට ආ එක් අයෙකි. ඔහු ලියන නොකී කතා බ්ලොගය ගැන අපි දනිමු.

මා මේ සටහන තබන්නට සිතුවේ තවත් ඒ ආකාරයේ, එනම්, "පොත් හතක් අටක් දැනටත් ලියා දාලා තියෙන, මත්තටත් තවත් ලියනට සිතේ ඇඳී ඇති", කෘතහස්ත ලේඛකයෙකු ගේ බ්ලොග් ආගමනය ගැන ලියන්නටයි.

ඒ මා දැන් වසර පහළොවකට පමණ ඉහත කාලයක ඉහත මුලින් ඔහු ලියූ දේ තුළින් ද, පසුව වසර දහයකට පමණ කාලයකට පෙර ඊ-මේල් මගින්ද, අනතුරුව දුරකථනයෙන් ද, තවත් කාලයකට පසුව සැබැවින් මුණ ගැසී ද හඳුනා ගත් ජගත් ජේ එදිරිසිංහ නම් සහෘදයාය.

ඕස්ට්‍රේලියාවේ සිංහල භාෂාවෙන් මුද්‍රිත ප්‍රකාශන ඇරඹීමේ ලා පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ, ජගත් ගේ පොත් එළි දැක්වීම් උත්සව දෙකකට ද මම සහභාගී වී ඇත්තෙමි.

මා ජීවත් වන ප්‍රදේශයෙන් කිලෝමීටර් අටසීයක් පමණ දුරින් මෙල්බර්න් නුවර ජීවත්වෙන ජගත් ජේ එදිරිසිංහ නම් ඒ කෘතහස්ත ලේඛකයා අරඹා ඇති බ්ලොගය මානව ලෙසින් නම් කර ඇත.

http://maanawa.blogspot.com/

ජගත් දැනටමත් ලිපි කිහිපයක් ම එහි පළ කර ඇති අතර, මේ සටහනේ මාතෘකාවේ කොටසක් සඳහා මා යොදා ගත්තේ ඉන් එක් සටහනක් සම්බන්ධ කාරණයකි.

මට අවශ්‍ය කාරණයක් මා මට අවශ්‍ය ආකාරයෙන් උපුටා ගත්ත ද, ඔහු ලියා ඇති නවකථා, කෙටිකතා, කවි, සහ සිහි සටහන් ලිපි අති විශාල සංඛ්‍යාවක් කියවා ඇති මට කිව හැක්කේ ජගත් ජේ එදිරිසිංහ ගේ මානව බ්ලොගය විවිධාංග බ්ලොගයක් ලෙස සිංහල බ්ලොග් අවකාශයට වැදගත් යමක් එකතු කරන්නට නියමිත බවයි.

ඒ සඳහා ජගත්ට අවශ්‍ය උත්තේජනය ලබා දීම සඳහා ඔහු ලියන දේ කියවා අපේ අදහස් දක්වන මෙන් රසිකොලොජි පාඨක ඔබට යෝජනා කරමි.

ස්තුතියි!

-රසිකොලොජිස්ට්

ප/ලි:
ජගත් ජේ එදිරිසිංහ පිළිබඳව රසිකොලොජියේ මීට කලින් ලියවුනු අවස්ථා මෙසේ ය.

1. කැටපත්පවුරක මතකය - Mirror mirror on the wall?

2. ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් තිසර සමරසිංහ ගේ නිරුවත, පුකත්වය සහ තගරි හෙළිවේ..! - Sri Lankan High Commissioner in Australia threatens a local journalist

3.

4.

23 comments:

  1. මානව බ්ලොගයේ අලුත්ම ලිපිය කියෙව්වා. ලිවීමේ ශෛලය සිත්ගන්නා සුළුයි. ස්තූතියි රසික

    ReplyDelete
  2. බොහොම සතුටුයි!!!ඔහොම තමයි වෙන්න ඕන.Aru

    ReplyDelete
    Replies
    1. අරූ ලියන්නෙ කවද්ද?

      Delete
    2. @ Pra...ලියන්න කම්මැලියි බං. මමත් උඹ මග යමින් හොඳ කමෙන්ට්කරුවෙක් වෙන්න උත්සාහ කරනවා.

      මානව බ්ලොග් එකේ පසුගිය ලිපි මට හරි සමීපබවක් දැනෙනවා. ප්‍රා කැමති වෙයි.Aru.

      Delete
  3. ස්තූතියි.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. සම්පූර්ණයෙන්ම කියෙව්වා.. සුගම ලේඛණ ශ්යිලියක්.

      Delete
  4. ස්තුතී දැනුම් දීමට...

    ReplyDelete
  5. ගියෙමි.......... කියැවූවෙමි...... සින්ඩිගත කර ගත්තෙමි.... මගපෙන්වීමට ස්තූතිවන්ත වෙමි...

    ReplyDelete
  6. හැඳින් වීම බොහොම සිත්ගන්නා සුළුයි මග පෙන්වීමට ස්තුතියි

    ReplyDelete
  7. ගියා.. නියමයි.. අපි කොහොමත් ජගත් ගේ සන්නස පත්තරෙත් එක්ක ගණුදෙනු කරනවනේ ...

    ReplyDelete
  8. කවුරු මොන පොර ටෝක් දුන්නත් හැමෝම වගේ සම්මාන වලට කැමතියි. ඒකනෙ විදේශ ගත වෙලා ඉන්න අපේ සිංහල බ්ලොග් රචකයන් තකහනියෙම ටිකට්ස් බුක් කරගෙන ලංකාවට සැපත්වෙන්නෙ සම්මානය ගන්න. නෑ නෑ... වරදවා වටහාගන්න එපා.

    ඒ කොහොම වුණත් සම්මානවලට අපේ සිත් තුළ තියෙන මහා ආශාව (කෑදරකම කියන වචනය නොලියා ඉන්න හිතුවා)

    ජගත් ඇත්ත ඇතිසැටියෙන් කියලා තියනවා බලමු ඉදිරියේදී ........ඔහු ලියන ලිපි පෙළ

    ReplyDelete
  9. කියෙව්වා. සිත්ගන්නා ලිවීම් ශෛලියක්. දිගටම කියවන්නම්. ඔත්තුවට ස්තූතියි.

    ReplyDelete
  10. සිංහල බ්ලොග් ලියන හුඟක් අය ගොන් හරක් හෝ කපටි නරි. මුන් හිතාගෙන ඉන්නේ ලංකාවේ ඉතිහාසය පටන් ගන්නේ 1994 ඉඳන් කියල. ලංකාවේ ඔක්කොම හා දහ ජරා වැඩ පටන් ගන්නේ 2005 ඉඳන් කියලා .

    ReplyDelete
    Replies
    1. ඔබේ මතය සමග එකඟයි. බොහොමයක් බ්ලොග් කරුවන් ලඟ පමණක් පෙනෙන දුර නොපෙනෙන අමුම අමු ගොබ්බයින් හෝ ගල් කපටි කෛරාටික අවස්ථාවාදීන්. කෙසේ නමුත් රසිකගේ ඇතැම් පෝස්ට් සමග බොහෝ දුරට එකඟවිය හැකියි. විශේෂයෙන් 1956 බණ්ඩාරනායක මුවහම සහ ඉංග්‍රීසි ගැන ලිපිය වගේ ඒවා. නමුත් මෙම බ්ලොග් කරුවන් සිංහල ජාතිවාදීන් නිර්දය ලෙස විවේචනය කිරීමට එකඟ විය හැකි වුවත් අනවශ්‍ය ලෙස සිංහල ජාතිවාදීන්ම පමණක් භයානක මකරාක්ෂයින් ලෙස අතිශ්‍යෝක්තියට නැගීම පිළිගත නොහැක. එමෙන්ම මොවුන් ලංකාවේ සිටින අතිශය අන්තවාදී දමිළ සහ මුසල්මානු අන්තවාදී ආගම්වාදී ව්‍යාපාර අන්ත අසරණ අහින්සක හාපැටවුන් මෙන් සලකා ඔවුන් කෙරෙහි දක්වන බොළඳ ආදරය සහ නිහඬ ප්‍රතිපත්තිය මැදහත් මතධාරීන්ගේ දැඩි විමතියට හේතුසාධක වන බවද සත්‍ය වේ.

      Delete
  11. ජගත් අයියටත්, බ්ලොගයටත් ජය වේවා.. ස්තුතියි මේ ගැන දැනුවත් කළාට.

    ReplyDelete
  12. ස්තුතියි. ලිපි සේරම කියෙව්වා. හරිම වැදගත් රසවත් එකතුවක් බ්ලොග් අවකාශයට :)

    ReplyDelete
  13. නියමයි. සුභ පැතුම්.

    ReplyDelete
  14. ගිහින් බලන්නම්..

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.