Sunday 31 May 2015

මා කියවන අලුත් බ්ලොග් දෙක තුනක් - Anything better to do on this Sunday?


පාසලක් අලුතෙන් ඇරඹෙන විට සිර ගෙයක් වැසේ යැයි කියමනක් ඇත. ඉගෙනීම තුලින් යහපත් සමාජයක් බිහි වේ ය යන්න එහි අරුතයි.

බ්ලොග් සම්බන්ධයෙන් එසේ කියන්නට ඇත්තේ කුමක්ද?

අලුතෙන් බ්ලොගයක් ඇරඹෙන විට ෆේස්බුක් අවකාශයේ මඩ, ගොසිප් කියවන්නට, බෙදා ගන්නට, ප්‍රතිචාර දක්වන්නට ගතවෙන කාලයෙන් කොටසක් හෝ ඉතුරු වේ යන්න හොඳ ආරම්භයක් වෙතැයි සිතමි. වෙනත් අදහස් තිබේ නම් කරුණාකර කියන්න.

මා බ්ලොග් ලියන්නට ආවේ මීට වසර දහයකට පමණ ඉහත දී බව පෙර ලිපියක සඳහන් කළෙමි. නමුත් බ්ලොග් කියවන්නට පටන් ගත්තේ නම් මීට වසර හය හතකට ඉහත දී ය. මුලින් ඉතා සුළු වශයෙනි. ඒ දිනවල සිංහල බ්ලොග් තිබුණේ ද ඉතා කුඩා සංඛ්‍යාවකි. ඒවා ද බොහොමයක් තාක්‍ෂණික කාරණා ගැන ලියවුණු ඒවා ය.

නමුත් පසු කළෙක සිංහල බ්ලොග් කියවීමට සහ ලිවීමට දවසෙන් පැය දෙක තුනකටත් වඩා ගතවෙන සමයක් ද උදා විය. අද තත්වය නම් ඊට වඩා දරුණු ය.

මා නිරතුරු කියවන බ්ලොග් අතර සහමුලින් ම දේශපාලනය ගැන ලියවෙන ඒවා තිබුණ ද, ඒ ලිපි මා කියවන්නේ බොහෝ විට කැමැත්තකින් නොව, මහා අපුලකින් පිරුණු සිතකින් යුතුවයි. දේශපාලනය යනු එතරම්ම කුණු ගොඩක් බව මා නොකීවාට ඔබ හොඳින් දනී.

ඒ වෙනුවට මා කියවීමට වඩාත් ප්‍රිය කරන්නේ ජීවිතය හා බැඳුණු කතා ලියවෙන ඒවාය. අප ලබා නොමැති විවිධ ජීවන අත්දැකීම් ගැන දැනගැනීමට ලැබෙන්නේ මේ ආකාරයේ බ්ලොග් ලිපි තුළිනි.

ජීවිතයම කතන්දර ගොඩක් නොවැ!

මා කියවන ලඟදී ඇරඹුණු සිංහල බ්ලොග් කිහිපයක් ගැන අද ලියන්නට සිතුනේ ඒ කතන්දර කියවන්නට මගේ ඇති කැමැත්ත නිසා ම ය.


නොකී කතා
http://nokieekatha.blogspot.com/

හෙන්රි වර්ණකුලසූරිය යනු වෘත්තියෙන් මැවිසුරුවෙකි. විශ්ව විද්‍යාලයෙන් පිටවීමෙන් අනතුරුව කලක් නාවික හමුදාවේ ද සේවය කළ අයෙකි. වත්මනෙහි ද මැද පෙරදිග රටක මැවිසුරුවෙකු ලෙස සේවය කරන්නෙකි.

එහෙත්, එදා මෙදා අතරතුර ඔහු ගේ ජීවිතය කවි පොත්, කෙටිකතා පොත්, නවකතා, පුවත්පත්, ගුවන් විදුලිය සහ සිනමා සිත්තම් හරහා ඇදී ගිය විසිතුරු එකකි. ඒ දිවි මගෙහි දී ඔහුට හමුවූ අය බොහෝ ය. ඔහු ලැබූ අත්දැකීම් බොහෝ ය. ඒ ගැන නොකී කතා ඔහු කාලයක් තිස්සේ පුවත්පත් දෙකක තීරු ලිපි ලෙසින් අහ හා බෙදා ගත් අතර පසුව එය ග්‍රන්ථයක් ලෙසින් ද ජනගත වුණි.

හෙන්රි වර්ණකුලසූරිය අරඹා ඇති "නොකී කතා" බ්ලොග් අඩවියේ තවමත් පළ වී ඇත්තේ ලිපි තුනක් පමණක් වුවද හෙන්රිගේ කැරැට්ටුව හොඳින් දන්නා මා මෙහි ඊළඟට ලිපියක් පලවෙන තුරු බලා සිටිනේනේ ඉතා උනන්දුවෙන් බව කිව යුතු ය.


ඉකොනොමැට්ටා
http://economatta.blogspot.com/

ඉකොනොමැට්ටා පිළිබඳව ආරංචිය මුලින්ම මට ලැබුණේ "තිලක සිත" ලියන තිලකසිරි ඒකනායක හරහාය. ඒ අනුව සිතන විට නමින් ඉකොනොමැට්ටා වුව ද මොහු ද වෘත්තියෙන් මැවිසුරුවෙකු විය හැක. සමහර විට පශ්චාත් උපාධියකට ඉකොනොමෙට්‍රික්ස් උගත් අයෙකු වීමට බොහෝ ඉඩ තිබේ.

ඉකොනොමැට්ටා ලියා ඇති ලිපි කිහිපය මා සිත බැඳ ගත්තේ ය. එහෙත් සමහර විට ඔහු තවම වටහාගෙන නැති කරුණක් නම්, වචන දාහකට වඩා දිග ලිපි දිරවා ගත හැක්කන් බ්ලොග් කියවන අය අතර හිඟ බවයි.


ඩොකා ගේ ඩයරිය
http://doczdiery.blogspot.com/

බ්ලොග් ලියන, කියවන අය අතර දොස්තරලා අප හිතනවාට වඩා විශාල ප්‍රමාණයක් සිටිති. "බඩා මාමා" ලියන මිගාර වීරක්කොඩි, "ට්‍රාන්ස්සිල්වේනියා" ලියන රුවන් ජයතුංග සහ "අනිත් කොන" ලියන බෝදිනී සමරතුංග ඉන් ප්‍රකට තිදෙනෙකි.

උග්‍ර මහින්ද රාජපක්‍ෂවාදීන් ලෙස බ්ලොග් ලෝකයේ ප්‍රතිචාර හෙලමින් සැරිසරන ස.රස මෙන් ම මහසොහොන් පිල්ලිය ද දොස්තරලා බව මගේ අදහසයි.

මීට අමතරව දත් දොස්තර ලා ද සිටිනවා විය හැක.

ඩොකා ගේ ඩයරිය ලියන්නේ ඇත්තරම ඩොකෙක් නොවේ, වෙන්ඩ ඩොකෙකි. බ්ලොග් ලියන තවත් මෙවැනි වෙන්ඩ ඩොකාලා කීප දෙනෙකු ද සිටිති.

පසු කාලයක සිසු දිවිය නිමවී රජයේ පත්වීම් ලැබූ පසු, දිවා සේවයෙන් අනතුරුව එළැඹෙන කාලයේ දී මොවුන් සාමාන්‍යයෙන් පොල් කැඩීමේ රාජකාරියට යොමුවීමට නියමිතයි. එසේ නොවී මේ වෙන්ඩ දොස්තරලා දිගටම මේ ලිවීම කරගෙන ගියොත් අගනා බව කිව මනාය.


උඩුවා ගේ සටහන්
http://uduwaage.blogspot.com/

උඩුවා හෙවත් තරිඳු උඩුවරගෙදර වෘත්තියෙන් කවරෙකු දැයි මම නොදනිමි. කෙසේ වෙතත්, ඔහු සුවිශේෂී පිහිණුම්කරුවකු වෙන්නට ඉඩ ඇත. ඒ පිහිණීමේ සුවිශේෂීත්වය නම් උඩුගම් බලා පිහිනීමයි.

මේ බ්ලොගයේ ඇති ලිපි මුූලික වශයෙන් දේශපාලනික ඒවා වුවද, ඒවායේ ඊට වඩා යමක් ඇති බව මගේ අදහසයි. මුලින් කීවාක් මෙන් මා වඩාත් කැමති ඒ දේශපාලනය අමතර කරුණුවලටයි.

මෙය ඔබට ඵලදායී ඉරිදාවක් වේවා!

-රසිකොලොජිස්ට්

44 comments:

  1. ලින්ක් වලට ස්තූතියි රසික. කියවල බලන්නම් :)

    ReplyDelete
  2. මම නන කැමතිම බ්ලොක් එක තමයි ආනමඩුවේ කළුගල් මුදලාලිගේ බ්ලොක් එක. ආනමඩුවේ කළුගල් මුදලාලි නිකං මං පොර ජාතකෙන් කෙසෙල් කොටුවට ගොඩබැස්ස මිත්‍ර සෙනෙවියා වගේ හතර අතේ නෙලන හැටි බලන්න ලස්සනයි.

    අනික ආනමඩුවේ කළුගල් මුදලාලි කියන්නේ දුප්පතාගේ දුක දන්නා මහා උතුම් මුනිවරයෙක්. එතුමා වෙළදපොලේ ඇති මිලටම තමයි කළුගල් ගෙනත් බාන්නේ. ඒත් ඒ මුදලට උනත් කළුගල් ගන්න නැති උනොත් අපිට ගෙයක් හදාගන්න බැරි වෙනවනේ. එතුමා ඒ මුදලට හරි කළුගල් ගෙනත් දුන්න නිසයි ආපි ගේ හදාගෙන යන්නේ.

    මම නං හිතන්නේ ආනමඩුවේ කළුගල් මුදලාලි කියන්නේ මතු බුදුවන මයිත්‍රී බෝධිසත්වයන් කෙනෙකුන් කියායි. කිසිම දිනක වරදක් නොකරන ඒ මහා උත්තමයන් වහන්සේ අනික් අයගේ වැරදි ගැන හැම වෙලේම පෙන්නන්නේ සමාජයේ ප්‍රගමනය උදෙසායි. එවැනි මහා උතුම් මුනිවරයෙක් වන එතුමාට බුදු බව පාර්ථනා කරමු අපිත්.

    ReplyDelete
    Replies
    1. ඌ මොන පිස්සෙක්ද ? මුලින් හතර අතට නෙලනවා. පස්සේ අනිත් උන් ගිහින් උෟට නෙලුව ගමන් අකුලගෙන දුවනවා.

      Delete
  3. අයිසෙ රසික මමත් බොගක් පටන් ගන්න ඉන්නෙ. බලන්න එනවද?
    එක්කොත් බෑ ඕයි කම්මැලියි. බලන එක ජොලි

    ReplyDelete
    Replies
    1. I say, කලින් ලිව්වා නේද බ්ලොග් එකක්?

      Delete
  4. බ්ලොග් ඇබ්බැහිය රසවත් අසනීපයක්

    ReplyDelete
    Replies
    1. ඒ එක්කකම ඒක කොටි වලිගය අල්ලා ගැනීමක්. හැබැයි මූ හොඳ කොටියා!

      Delete
  5. "සිත් ආර" ලියන නලිනිත් ඔය දොස්තර ලයිස්තුවෙ එල්ලන්න.

    ReplyDelete
    Replies
    1. ලෝකයේ කොනක ලියන සිංදූපාවත් එකතු කරන්න.

      Delete
    2. කෝ ඒ බ්ලොග්වලට ලින්ක්ස්?

      Delete
  6. //මා නිරතුරු කියවන බ්ලොග් අතර සහමුලින් ම දේශපාලනය ගැන ලියවෙන ඒවා තිබුණ ද, ඒ ලිපි මා කියවන්නේ බොහෝ විට කැමැත්තකින් නොව, මහා අපුලකින් පිරුණු සිතකින් යුතුවයි.// දේශපාලන බ්ලොග් කියවන පිරිස ගොඩක් වෙලාවට රසකර කියවන්නේ තමන් එකඟ නොවන, මතවාද ලියවෙන බ්ලොග් කියා මට නිකමට සිතෙනවා. හෝදමින් යලි මඩේ දැමීමක් වගේ නිසා, සම්පුර්ණ දේශපාලන සිංහල බ්ලොග් කියවීම මා අතහැර දැමුවා.

    ReplyDelete
    Replies
    1. ඉතිං අපිට පාන්ද ඕයි...

      Delete
    2. අයිසෙ පාන් එච්චර සෞක්‍යයට හොඳ නෑ.
      ධාන්‍ය වර්ග හොඳයිලු.
      හැබැයි කුරහං වැඩිපුර කනවනම් පරෙස්සමෙන්, බයියෙක් වෙන්ඩ ඉඩ තියෙනව

      Delete
    3. @ raigam
      ඒ අපුල ඇතිවෙන්නේ ඒ බ්ලොග් ගැන, ලිපි ගැන හෝ ඒවායේ අන්තර්ගතය ගැන නොව ඒවට නිමිති සපයන ලංකා දේශපාලනයේ සිදුවීම් ගැනයි.

      මා නම් කියවන්නේ මගේ දේශපාලන අදහස් හා තරමක් හෝ සමපාව වෙන අදහස් ඇති දේශපාලන බ්ලොග් පමණයි.

      Delete
  7. බ්ලොග් කිහිපයම මටත් අලුත්.
    බොහොම ස්තුතියි දැනුවත් කලා ට.
    වෙන්න ඩොක්ටර්ගේ කතා නම් අල්ලලම ගියා.
    මේ බ්ලොග් ඔක්කොම http://ambagaha.blogspot.com/ ටඇඩ් කලා

    ReplyDelete
  8. උග්‍ර මහින්ද රාජපක්‍ෂවාදීන් ලෙස බ්ලොග් ලෝකයේ ප්‍රතිචාර හෙලමින් සැරිසරන ස.රස මෙන් ම මහසොහොන් පිල්ලිය ද දොස්තරලා බව මගේ අදහසයි.

    බ්ලොග් බලා තක්කෙටම අනාවැකි කියන රාලොජි [සුමනදාස සූරීන්ගේ ගෝලබාල ] හමුවීම දිනකට පැය2කි කාලය කලින් වෙන් කරවා ගන්න

    ReplyDelete
    Replies
    1. තකහනියක්ම ඇනෝ ඇවිත් ඉන්න මුන්නැහැ, උන්දල දෙන්නගෙන් කවුරු වේන්ටෑ?

      Delete
    2. අප කළ ගුරුකමක් වැරදී නැත
      හරිගිය පසු ගාස්තුව. වීපීපී මගින් ද ලබාගත හැක.

      Delete
  9. මොකද්ද බං වත්පොත කියන්නේ

    ReplyDelete
    Replies
    1. ෆේස්බුක් එකට වත පොතයි, මුහුණු පොතයි වගේ අවුල් නම් නොකිය ෆේස්බුක් කියලම කිව්ව නම් ඉවරයිනෙ.....ඔය බස්, කාර් කියන්න වගේ.

      Delete
  10. http://dentalqu.blogspot.com
    මෙතනත් දොසතරල දෙතුන්දෙනෙක් ඉන්නව.

    ReplyDelete
    Replies
    1. මං කිව්වේ අනිත් වර්ගයේ දත් දොස්තරලා ගැනයි!

      Delete
  11. කොන්දොස්තරලත් ඔය ඉන්නෙ.

    ReplyDelete
  12. ලින්ක් වලට ස්තූතියි.

    ReplyDelete
  13. ඉකොනොමැට්ටා හැර අනිත් තුන් දෙනාම මට අළුතෙන් දැක ගැනීමට ලැබුණේ. ස්තූතියි හඳුන්වා දීමට. බ්ලොග් වලට පාඨකයෝ ගොඩාක්ම ඉන්නේ බ්ලොග් ලියන්නම්ම අතරින් නිසා හැමෝම බ්ලොග් ලිවීම හා කියවීම වටිනවා. ඒ වගේම එකිනෙකා අතර බෙදා ගැනීමත් වටිනවා.

    ReplyDelete
  14. බ්ලොග් ඔත්තුවට ස්තූතියි අයියේ..

    ReplyDelete
  15. "නොකී කතා" බ්ලොග් එක ගැන ප්‍රචාරයක් දෙමින් එහි රචකයා වන මාවත් ටිකක් උස්සා තැබීම ගැන පොඩි ජොලියක් හිතුණා.
    //හෙන්රි වර්ණකුලසූරිය අරඹා ඇති "නොකී කතා" බ්ලොග් අඩවියේ තවමත් පළ වී ඇත්තේ ලිපි තුනක් පමණක් වුවද හෙන්රිගේ කැරැට්ටුව හොඳින් දන්නා මා මෙහි ඊළඟට ලිපියක් පළවෙන තුරු බලා සිටිනේනේ ඉතා උනන්දුවෙන් බව කිව යුතු ය.//
    හොඳමයි. මීළඟ ලිපියෙ රසික සූරියඅාරච්චිගේම තෝම්බුවක් ලිහන්න හිතුණා.
    ඉල්ලං කාලා බලං ඉන්න එකයි ඇත්තෙ.

    ReplyDelete
    Replies
    1. //ඉල්ලං කාලා බලං ඉන්න එකයි ඇත්තෙ.// :D:D

      Delete
    2. අපි බයවෙයි ඕවට.
      සොහොනේ වුනත් ගෙවල් හදන්නම්!

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. හොඳ හොඳ සෙල්ලං එළිවෙන ජාමෙටලු නේ..

      Delete
  16. කැමති ඒවා ටික බ්ලොග් රෝලේ එල්ල ගත්තලු. :)

    ReplyDelete
  17. උඩුවා "රාවය"පත්තරේද කොහේද වැඩ.

    ReplyDelete
  18. මේ සටහනට සහ බ්ලොග් එකේ නිරතුරු තබන කමෙන්ට් වලට ස්තූතියි...
    පිහිනන්න මටබැහැ..
    රාවයේ ලේඛකයෙක්...
    අනිත් අය නොලියන විදියේ දෙයක් කෙටියෙන් ලියන්නයි උත්සාහය
    ස්තූතියි අනෙක් බ්ලොග් වල ලින්ක් වලට

    ReplyDelete
  19. රසික,

    බොහොම වටිනවා මේ වගේ ඔත්තුවක් දීපු එක ගැන.

    ReplyDelete
  20. රසික අයියා අපිත් පොඩිවට ලියනවා. ඇහැකි නම් බලන්න.

    ReplyDelete
  21. http://vimukthidehigolle.blogspot.com/

    ReplyDelete
  22. මම දේශපාලනය සම්බන්ධ බ්ලොග් කියවන්නෙම නෑ. නමුත් මෙවන් දේ දැනගැනීම වටිනවා. මමත් වෘත්තියෙන් ඉංජිනේරුවෙක්.

    ReplyDelete
  23. ඩොකාගෙ ඩයරිය ට ඇර අනිත් ඒවට නම් මාත් යන එන ඒවා.අද ඉදන් ඒකට යන්නම් :-)

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.