මෙවැනි එක් දවසක, මට ආ සිතුවිල්ලක් කවියක් ලෙසින් ලියවුණේ මෙලෙස ය.
සකලබුජං
වයස හතේ අටේ පටං
කොට කලිසම ඉනේ බැඳං
අපේ ගෙදර බැල මෙහෙවර
කරපු කොලූ සකලබුජං
අම්මෙක් නැති සකලබුජංඅම්ම කියයි පොල් ගාපං
අප්පෙක් නැති සකලබුජං
මා පාසල් ගොස් එනතුරු
ගෙදර හිටිය සකලබුජං
අක්ක කියයි අතු ගාපං
දිය ඇදපං, දර පලපං
හැම දේට ම සකලබුජං
නිදිමැරුවා සකලබුජංතිස් වසකට පෙර සමයක
ටොකු කෑවා සකලබුජං
ළමා දිවිය බැල මෙහෙයට
දිය කෙරුවා සකලබුජං
අපේ අතින් වුණු වරදට
සකලබුජං
අනේ මචං
සමාවෙයං
මේ කවිය ඊට පසු කලෙක, මෙල්බර්න් නගරයේ, මා සිතු ආකාරයට, ජවිපෙට සම්බන්ධ සංවිධානයක් මගින් අරඹා කෙටි කලක් පවත්වාගෙන යනු ලැබූ "දිවැස" නම් සතිපතා පුවත්පතට යොමු කරන ලදුව එහි පළ විය.
අර්ථ රසය මෙන්ම ශබ්ද රසය ගැන ද සිතා මා ගෙතූ ඒ කවියට හොඳ ඉතා ප්‍රතිචාර ලැබුණි.
ඒ ප්‍රතිචාර කළ අය අතරින් සමහරු මා මේ කවිය ලියන්නට ඇත්තේ මා කුඩා කාලයේ අපේ නිවසේ මෙහෙකාරකමට සිටි ළමයෙකු සම්බන්ධයෙන් මගේ පුද්ගලික අත්දැකීම් ද මුසු කර යැයි අනුමාන කර ඇති බව පෙනුණි.
එයට විශේෂයෙන් ම හේතුව වූයේ, කවියේ අවසන් පද කිහිපයයි.
මට ප්‍රතිචාරයක් එවූ එක් රසිකාවියක්, අනේ රසිකයියේ, අපේ ගෙදර වැඩට සිටි ළමයෙකු සිහි වී මට දැඩි දුකක් දැනුණා. අපිට ඒ පොඩි කාලේ මේවා තේරුණේ නෑනේ! යැයි ඊ-මේලයකින් කියා එව්වා ය.
නමුත්, සත්‍යය නම්, අපේ නිවසේ හෝ අපේ ඥාතියෙකු ගේ නිවසක හෝ කිසිදු බාලවයස්කරුවෙකු හෝ බාලවයස්කාරියක කිසිදා මෙහෙකාරකමක නොසිටි බවයි.
මා ඒ කවිය ලීවේ මුළුමනින් ම ශිරෝමී ප්‍රනාන්දු ගේ කූප්‍රකට සකලබුජං ගීතයේ පදමාලාව සහ ඒ ගීතය ඇසීමෙන් මා ලද අත්දැකීම අනුසාරයෙනි!
-රසිකොලොජිස්ට්
ප/ලි:
සකලබුජං කවියේ පසුබිම එසේ වෙතත්, මා මෙතෙක් ලියා ඇති විරහ කවි සහ ගී සියල්ල ම මගේ ම අමු ම අමු අත්දැකීම් වේ!
රසික පුතා මේ කවිය කියවලා මට දරා ගන්න බැරි තරමේ වේදනාවක් දැනුනා. අනේ පුතා ඒ අසරණ සිංහල දරුවා ළමා කාලයෙ තමන්ට හිමි වෙන්න ඕනෑ දේවල් අහිමි වී, බැල මෙහෙවර කරමින් මොන දුකක් විඳින්න ඇද්ද?
ReplyDeleteඅනේ පුතා බලන්න ඒ වෙනුවට දෙමල කොල්ලෙක් හොයා ගත්තා නම් කොයි තරම් හොඳද? ඕකුන්ගෙ ජාතිවාදෙ දියවෙලා යන්නත් එක්ක දවස ගානෙ පොල් ටොක්ක ගානෙ ඇනලා යසට වැඩ ගන්න තිබුණා. ඔය දෙමලු ඉන්නවා නේද රසික පුතා, අන්ත ජාතිවාදී ජන කොට්ටාශයක්. ළඟදි දවසට අපි දෙමල කඩේකින් ආප්ප කන්න ගිහින් මුන් අපිව ගණන් ගන්නෙ නතුව අපේ ඕඩර් එක හොඳටම පරක්කු කළා. බලන්න රසික පුතා මුන්ගෙ ජාතිවාදීකම. කඩේ නෝට් කරගෙන ඉන්නෙ. ඕකුන් අපි එක්ක වැඩිකල් බිස්නස් කරන්න නෙවෙයි. පර ජාතිවාදියො.
මීට, කුමාර අන්කල්
Sounds like this is Sakala bujan's loku appachchi.
Deleteමම මගේ දරුවන් හට ලබා දුන් ළමා ගී අඩංගු සංයුක්ත තැටියක මේ ගීතයට අදාළ ජවනිකා තිබෙනු දැක මම විමතියටත් ශෝකයටත් පත්වුනා - විශේෂයෙන් ළමා මෙහෙකාරකම තහනම් කර ඇති මෙවැනි වකවානුවක එය සාමාන්‍යකරණය කරමින් අම්මා තාත්තා අහිමි කුඩා පිරිමි දරුවෙකුගෙන් වැඩ ගන්නා ආකාරය ඒ රූප රාමුවල දක්වා තිබුනා - ඉන්පසු මම දරුවන්ට කියා දුන්නේ ළමයින් මෙහෙකාරකමට ගැනීම අතිශයින් වැරදි ක්‍රියාවක් බවත් මෙලෙසින් එය උත්කර්ෂයට නැංවීම කිසිසේත් අනුමත නොකළ හැකි බවත්
ReplyDeletekaka podi eka kale gedaraka wada kala
Deleteඅද ඔක්කෝම කකාගේ යාලුවෝ රසික බලන්න ඇවිත් වගේ.. හැක්..
ReplyDeleteදැනුයි මටත් හිතුනේ
ReplyDeleteසකල බුජං පව් !
දැන්නම් සකලබුජං ක්‍රමය රටෙන් අතුගෑවිලා ගිහින් ඇති. ඒත් ඉන්දියාවේ තවමත් එහෙමයි. මම මෑතකදි ඩොකියුමෙන්ට්‍රි එකකුත් බැලුවා.
ReplyDeleteරසික stirngs and drums බලන්න යන්නේ නැද්ද.......නාලක සජී වැඩ්ඩෙක්.
දිවැස නම් පත්තරයක් කියවූ බවට මතකයක් නැතත් මේ කවිය නම් කලින් කියවා තිබෙනවා.... රසිකගේ බව ක්ලික් වුනේ නෑ...
ReplyDeleteDifferent times , Different values.
ReplyDeletehttps://eh.net/encyclopedia/child-labor-during-the-british-industrial-revolution/
ඊට පස්සෙත් බුචර්'ස් බෝයි, ග්‍රෝසර්'ස් බෝයි, චිම්නි ස්වීපර් ආදී ලමා ශ්‍රමිකයන් හිටියා.
බටහිර රටවල් අවු 50කට 60කට ඉස්සර වෙනස් වුනා. ඉන්දියාවෙ වෙනස්වීම සෑහෙන්න සෙමින්.
පිඩිත පන්තියේ සකලබුජන්
ReplyDeleteමා මෙතෙක් ලියා ඇති විරහ කවි සහ ගී සියල්ල ම මගේ ම අමු ම අමු අත්දැකීම් වේ!
ReplyDelete---------------------------------------
අත්දැකීම් අමුයි නම් රහ අඩු මයේ හිතේ...!!!!
දැං නම් ඔය සකලබුජං ක්‍රමේ හොඳටම අඩුයි.ඉස්කෝලෙ යැවිල්ල ටිකක් තදට හොයල බලනවා.ඒ නිසා හොඳයි.
ReplyDeleteජයවේවා..!!
ඔය සිංදුව ලියපුඑකාටයි ගායනාකොරන කෙලීටයි ළමා අපචාර පනත යටතේ නඩු දාන්න බැරිද ?
ReplyDeletePotent punchlines
ReplyDeletePotent punchlines
ReplyDeleteඉතා කෙටි අප ජීවිතය තුල , තව කෙනෙකුගේ ජීවිතය සදාකාලිකව මෙලෙස උදුරා දමන්නේ ඇයි?රසික,ඔබගේ හරවත් කවිය සිතට මිනිසත්කම එක්කලා.ස්තූතියි !
ReplyDeleteමුල් ගිතය ලියපු පිස්සා ගැන පුදුම සංවේගයක් ආවා..පොඩි කාලේ අපද මෙය සංගීත රසයට මිමිනුවත් අර්ථය ගැන දැනීමක් තිබුනේනෑ.. කාලයත් සමග එය යට ගියත් මගේ පුතාට ලමා ගී තෝරද්දි මේ අසිකිත ගීතය එලියට ආවිට අර්ථය දකිද්දී හිතුනේ එවකට අනන්තවත් අර්ථවත් ගීත තහනම් වුනත් මෙවනි නින්දිත ගීතයක් තහනම් නොවීමට හේතු කවරේද නැතිනම් එවකට සමාජය එතරම් මේල්ච්චද කියාය..වයස අටක මව පියා අහිමි දරුවෙක්ව නිවසක නින්දිතව මෙහෙකාරකම් කරවීම අපිව කුඩාකල කුල්මත් කරවීමට ගීතයක්ව එකතුකල සමාජය කෙතරම් පහත්ද..සකලබුජං කෙනෙක් ජීවිතයට මුන නොගැසි තිබුනත් මෙම පාහර ගීතයට කුඩාකල නොදැනුවත්වම එක අත්පුඩියක් හෝ ගසා ඇති බැවින් මටත් සමාවියං මචං..
ReplyDeleteමෙතරම් නරක ගීතයක් එලිදක්වද්දිම එවක සමාජයෙන් ප්‍රතික්ෂේප නොවීම හිතාගන්ඩ බැරි තරම් ඛේදනීයයි..

ReplyDelete