මගේ සිතට එන, මට වැදගත් යැයි සිතෙන, ඕනෑම දෙයක් රසිකොලොජියේ පළවෙනු ඇත.
Whatever I see fit.
eMail: rasikologist@gmail.com
Saturday, 21 May 2016
මට වෙච්ච වැඩක් හෙවත් ඔහෙලාටත් හොඳ පාඩමක් - Yet another lesson learnt
මගේ කාර්යාලයේ ස්ථාන මාරුවත් සමගම අප "ඇක්ටිවිටි-බේස්ඩ්-වර්කින්" හෙවත් "වැඩට-ඉඩ" නම් ක්‍රමයකට මාරු වුණු නිසා මගේ වෘත්තීය දිවියේ මුල්වරට මගේ ම කියා මේසයක් පුටුවක් නොමැති තත්වයක් උදාවුණි.
අප සියලු දෙනා දැන් කාර්යාලයට ගිය විගස කරන්නේ, කලින් දිනයේ නික්ම යෑමට පෙර අපේ ලොකර හෙවත් කුඩා කබඩ්වල දමා ගිය ලැප් ටොප් පරිගණකය ද, අනෙකුත් අත්‍යවශ්‍ය අඩුමකුඩුම ටික ද රැගෙන තමන්ට රිසි, තවමත් පුරප්පාඩුව පවතින, සේවා මේසයක් කරා ගොස් එහි පරිගණකය ඩොකින් කරගැනීම, එනම්, මේසයේ ඇති විශාල තිරය, ජාල කේබලය, රැහැන් නැති යතුරු පුවරුව සහ මූසිකය සම්බන්ධ කරගැනීමයි.
උදෑසන කුකුළා අතින් රැගෙන කාර්යාලයට පැමිණියහොත් නම්, සැමදා තමන්ට එකම මේසය අයිතිකරගත හැකි නමුත් එය තාවකාලික හිමිකමක් පමණක් වන අතර මා මුලින් සඳහන් කළාක් මෙන්, සැමදා කාර්යාලයෙන් බැහැරව යන විට තමන් ගේ අඩුමකුඩුම සියල්ල මේසයෙන් ඉවත් කර ගෙන ලොකරයේ බහාලිය යුතු වේ.
මේ හේතුව නිසා මට මගේ ආදරණීය තේ බෑග් එකතුව වෙනදා මෙන් මේසයක් මත තබා ගැනීමට නොහැකිව ඇතිවා පමණක් නොව පෑන්, පෑඩ්, පැන්සල් යනාදියට ද ලබා ඇත්තේ ද ඒ නරක දසාව ම ය.
මේ බව දැන සිටි නිසා, පසුගිය සිකුරාදා අපේ පරණ කාර්යාලය හැර යද්දී මා කළ එක් දෙයක් නම්, මගේ එක් යූඑස්බී මෙමරි ස්ටිකයක් (ලංකාවේ භාෂාවෙන් කියනවා නම් පෙන් ඩ්‍රයිව් එකක්) යතුරු කැරැල්ලට එක් කර ගැනීමයි.
නිවසේ යතුරු සහ මෝටර් රථයේ යතුර සහිත මගේ යතුරු කැරැල්ලට යූඑස්බී මෙමරි ස්ටිකයක් එකතු කර තබා ගැනීම මා නතර කළේ මීට දස වසරකට පෙර සිදුවුණු එක්තරා ඇබැද්දියක් හේතුවෙනි. ගිය සිකුරාදා මා නැවත යූඑස්බී මෙමරි ස්ටිකයක් යතුරු කැරැල්ලට අමුණද්දී අතීතය පුනර්ජීවනය වෙතැයි මට මොහොතකට හෝ සිතුණේ නැත.
නමුත් සිදුවුණේ ද එය ම ය.
මගේ පුද්ගලික ලැප්ටොප් පරිගණකයේ තිබුණු යම් ලියවිල්ලක් කාර්යාලීය ලැප්ටොප් පරිගණකයට එකතු කර ගැනීම පිණිස මම පෙරේදා දවල් වරුවේ මගේ යූඑස්බී මෙමරි ස්ටිකය භාවිතා කළෙමි. ලැප්ටොප් පරිගණකයේ යූඑස්බී පෝට් සියල්ල වෙනත් දේ සඳහා ඒ වන විට භාවිතා වෙමින් තිබුණු නිසා මා කළේ යූඑස්බී මෙමරි ස්ටිකය එල්සීඩී තිරයේ පසු පස සැඟවී ඇති යූඑස්බී පෝටයකට සවි කිරීමයි.
ඉතින්, මා එදින සවස තුනහමාරට පමණ සේවය නිමවා, ලැප්ටොප් පරිගණකය සහ අඩුමකුඩුම සියල්ල මගේ ලොකරයේ බහා, පැරමටා දුම්රිය ස්ථානය වෙත පයින් ගොස්, එතැනින් අපේ ගම් පැත්තට යන දුම්රියට ගොඩ වී, ජගත් එදිරිසිංහ ගේ උපදේශක සංස්කරණයෙන් ඕස්ට්‍රේලියාවේ මෙල්බරන් නගරයේ ප්‍රකාශයට පත්වෙන "සන්නස" මාසික සඟරාවට මා ලියන "අපේ කාලේ කතන්දර" නමැති කොළමේ ජූනි මාසය සඳහා මා කෙටුම්පත් කර තිබුණු "මහණවීම සහ මහණවීම" නම් කතාංගය සංස්කරණය කරමින් නිදි නොකිරූ ගමනක යෙදී, මගේ ගමනාන්තය වූ කිංස්වුඩ් දුම්රිය ස්ථානයේ දී දුම්රියෙන් බැස, එහි රථගාලේ එක් කෙළවරක නවතා තිබුණු මගේ මෝටර් රථය වෙත ගොස්, එහි දොර හැරීම සඳහා සෙවූ මොහොත වෙනතුරු ම, මගේ යතුරු කැරැල්ල, එයට මා ඈඳා තිබූ යූඑස්බී මෙමරි ස්ටිකයේ පිහිටෙන් කාර්යාලයේ මගේ තාවකාලික පරිගණක තිරයේ පිටුපස හොම්බෙන් එල්ලී සැඟවී තිබුණි.
සති අන්තයේ මා මගේ ජංගම දුරකථනය රෙදි සෝදන යන්ත්‍රයේ දමා සෝදා එහි අඩංගු කර තිබුණු සියලුම දුරකථන අංක අහිමි කරගෙන තිබුණු අවාසනාවන්ත තත්වය යටතේ කාර්යාලයේ කිසිවෙකුට කතා කරන්නට නොහැකි බව මට පසක් විය.
දුරකථන අංක මතකයේ තබා ගත් සමය නිමා වී බොහෝ කල් ය.
පැරණි කාර්යාලයට වඩා තරමක් අපේ නිවසට ලඟින් පිහිටා ඇති අලුත් කාර්යාලයට උදෑසන ම ගොස්, කලින්ම නිවසට ඒ මා ඇරඹූ තුන්වෙනි දවසේ ම එය කඩාකප්පල් වී මා යතුරක් නැති මෝටර් රථය අසල අතරමං වීමි!
මෙහිදී මා උගත් ප්‍රධානතම පාඩම වනුයේ නිවසෙන් පිට සිටින වේලාවන් හි දී තමන් ගේ යතුරු කැරැල්ල කිසි විටෙක තම සිරුරෙන් දුරස්ථ කළ නොයුතු බවයි. එසේම, මෙමරි ස්ටික් යනු යතුරු කැරලි සමග කිසි විටෙකත් එකට ඈඳිය නොයුතු අඩුමකුඩුමයක් බවයි.
ඒ පාඩම නම් අප බොහෝ දෙනෙකු දැනටමත් දන්නා එකක් විය හැකි ය.
තවත් වැදගත් පාඩමක් තිබේ.
එය හෙට ලියමි!
https://rasikalogy.blogspot.com/2016/05/not-unhappy-at-all.html
-රසිකොලොජිස්ට්
(image: http://www.thinkstockphotos.ae/image/stock-photo-keys-of-many-sizes-and-a-usb-memory/533442151)
Subscribe to:
Post Comments (Atom)
රසික පුතේ, ඔය වගේම සිද්දියක් මටත් වුණානෙ දවසක. කාර් එකේ යතුර මම ඔපිස් එකේ දාලා ඇවිත් කාර් එකේ දොර ඇර ගන්න බෑ. ඒ වෙලාවෙම එතෙන්ට ආපු අපේ ඔපිස් එකේම එකෙක් මට ගෙදරට ලිෆ්ට් එකක් දෙන්න කතා කළා, ඒකාත් ඉන්නෙ අපේ ගේ ළඟමයි. හැබැයි පුතා මම නම් ගියේ නෑ. මොකද ඌ දෙමළා. ඕකුන් අපට උදව් කරන ලීලාවෙන් ඇවිල්ලා අරින්නෙත් අපටම තමයි. ඊළඟට උන් අපෙන් පෙඩරල් ඉල්ලන්න පටන් ගනීවි. තවමත් උන්ට පෙඩරල් හම්බවෙලා නැත්තේ ඔය මං වගේ දේශප්‍රේමීන් බ්ලොග් වලයි ෆේස්බුක් එකෙයි ගෙනියන අරගලය නිසා තමයි පුතේ. නැත්නම් ඕකුන් කරන්නේ දකුණට සහජීවනයයි උතුර්ට වෛරයයි විකුණන එක. ඒ කාලෙ පුතාට මතකද මන්දා කොටි දේදුන්න කියලා පත්තරේකුත් ගැහුවා. මං ඒක කක්කා පිහින්න ගත්තා පුතේ.
ReplyDeleteමීට, කුමාර අන්කල්
අයිසෙ කුමාර අන්කල්, එකම එකම ජෝක් එක බෝරින් අප්ප
Deleteහොඳයි පුතේ, හෙට වෙනින් කතාවක් ලියන්නම්කෝ. නැත්නම් රසික පුතාට තරහා ගිහින් මාවත් එළවයි නෙවැ. හැබැයි පුතේ මං වගේ ෆේස්බුක් දේශප්‍රේමීන් හැමදාම ලියන්නෙ එකම කතාව තමයි පුතේ. බොරු නම් ගුබ්බෑයම පැත්තෙ ගිහින් බලන්නකෝ.
Deleteමීට, කුමාර අන්කල්
මේ අංකල් ගැන මට තරමක දුකක් ඇතිවුණා!
Deleteමේ අන්කල් ගැන තරමක් නෙවෙයි හොඳටම දුකයි. මේ වගේ තව අන්කල්ලා ගොඩක් ඉන්නවා ෆේස්බුක් එකේ දිනපතා ජාතිවාදය වපුරමින්, මහින්ද හරි ගෝඨා හරි හෙට එයි අනිද්දා එයි කිය කියා ඇඟිලි ගැන ගැන ඉන්නවා. පව්.
Deleteහොදම දේ අත්‍යාවශ්‍ය දුරකථන අංක කිහිපයක් හෝ මතකයේ තබා ගැනීමයි.
ReplyDeleteLike 1919?
Deleteගෙදර සහ බිරිඳගේ අංකය නම් මතකයි. එපමණයි.
Deleteමගේම ඔෆීස් අංකයවත් මතක නැත!
දුරකථන අංක වලාකුලුවල රැඳවීම හරි පහසුයිනෙ දැං කාලෙ.
Deleteවයස .... වෙන මොකුත් නෙවි.
ReplyDeleteඅවුරුදු 10කට කලිනුත් මේ වැඩ්ම වුනා. හැබැයි එදා ෆෝන් එකේ කතා කරන්න අවශ්‍ය අය ගේ අංක තිබුණා!
Deletehttps://www.google.com/contacts
ReplyDeleteස්තුතියි, නමුත් එහි මගේ ජංගමයේ තිබුණු සෑම අංකයක් ම නෑ.
Deleteඔය වගේ වෙලාවට තමයි තමුන්ට තමුන් ගැනම මල පයින්නේ!
ReplyDeleteමා ගැන ම දුකක් තමයි මට නම් දැනුනේ, කෝපයක් නොවෙයි!
Deleteගස්ලබ්බගෙ නොකියා ෆෝන් එකත් වොශින් මෙශින් සත්කාරයෙන් පස්සෙ අවසන් ගමන් ගියා.ඩිස්ප්ලේ දාල ඔන් කලත් වටිනාම දේ වන දුරකථන අංක මැකිලා.
ReplyDeleteබොහොම නිස්කලංක කාලයක් ගතවෙන්නෙ.එලියට බැස්සොත් රසිකට උන දේම තමයි,.. හෙහ් හෙහ්..
ජයවේවා..!!
කල නොයුතු බවයි...!!!
ReplyDeleteඇයි රසික මාමා දන්නෙ නැද්ද වාහනේ යතුරට වෙන යතුරු අමුණන්න එපා කියනවානෙ. ඒ වගේ බරට තියෙන කී ටැග් දාන්නත් එපා කියනවානෙ. මෙහෙ නම් ඔහොම කියන්නෙ එක්කො යතුරට හානි වෙයි කියලා. නැත්නම් යතුරු කට ඇදවෙයි කියලා කාලයක් යද්දි.
ReplyDelete