"බෞදිය" යන වදන මගේ නිර්මාණයක් නොවේ.
බෞද්ධ සහ සවුදිය යන වදන් ද්වයේ එකතුවක් ලෙස ඒ ඒකාබද්ධ අර්ථය ම ගෙන දෙන්නට වාත්තු කර ඇති ඒ වචනය මා දුටුවේ චමීර දේද්දුව ගේ ෆේස්බුක් සටහනකිනි.
මේ අරුත ම ගෙන දෙන්නට මා ද ඇතුළු බොහෝ දෙනෙකු මෙතෙක් භාවිතා කළ "සිංහල තලේබාන්" යන යෙදුමේ ඇති නොගැලපෙන උප කුලකය ඉවත් කෙරෙන "බෞදිය" අනිවාර්යෙන් ම සිත්ගන්නා සුලු අරුත්බර නිමැවුමකි!
ෆේස්බුක් ජාලයේ සැරිසරන විට නොයෙකුත් කියුම්-කෙරුම් හමුවේ. "බෞදිය" යන්න මාතෘකාවට යොදාගෙන මා මේ සැරසෙන්නේ සයිබරයේ පට්ට ගැසූ කාරණයක් ගැන අලුතෙන් මා ෆේස්බුක් ජාලයේ දුටු කරුණක් ගැන ලියන්නටයි.
එනම් ලංකාව නමැති බුදුන්ට පිදූ රට ගැන ය.
ෆේස්බුක් ජාලයේ කෙටි සටහනක් ලියන අමිල අබේධීර (හම්බන්තොට ජීවත් වෙන ඔහු උග්‍ර ම.රා. වාදියෙකි!) පසුගිය දෙසැම්බරයේ දී මෙසේ පවසා තිබුණි.
"නත්තල සමරන බෞද්ධයින් සිටිනා අමුතු රටක් මේක.මගේ කෙටි පිළිතුර වූයේ මෙයයි.
නත්තල් සුභ පැතුම් පණිවුඩ වලට මාව ටැග් නොකිරීමට කටයුතු කරන්නේ නම් හොද යැයි ආරම්භයේදී ම පවසමි.
අප කතා කරන්නේ මෙරට තුන්වතාවක් සම්බුද්ධ සාසනයට පූජා කර ඇති බවයි, නමුත් එරටේ මුග්ධ ජනී ජනයා මිත්‍යාදෘෂ්ඨික ආගම් සැමරීම අද විලාසිතාවක් කැරගෙන තිබීම සම්මා දිට්ඨියද?
සිහි එලවා ගන්න. අවදි වන්න. එළැඹෙන්නේ යක්ෂයාගේ හෝරාවයි.
තෙරුවන් සරණයි."
"හොදයි එහෙනම් අපි ලංකාව බොදු තලේබාන් රටක් හෝ සවුදි අරාබියක් කරමු!"
එය චමීර ගේ වචනය යොදා මෙලෙස නැවත ලිවිය හැකිය.
"හොදයි එහෙනම් අපි ලංකාව බෞදියක් කරමු!"
මට එවෙලේ ලියන්නට කාලවේලා නොතිබුණු දිගු ප්‍රතිචාරය මෙසේය.
ලංකාව බුද්ධාගම පූජා කළ මේ වාර තුන ගැන මට එක්වර ම සිහිකර ගත නොහැක. නමුත්, ඉන් පළමු වාරය, බුදු දහම ගැන අශෝක් නම් ඉන්දියානු ව්‍යාප්තවාදී අධිරාජවාදියා ගේ පණිවිඩයක් රැගෙන පැමිණි මිහිඳු හාමුදුරුවන් ගේ මිෂනාරි ගමනට සම්බන්ධ යැයි අනුමාන කරමි.
එදා පැවති රාජාණ්ඩුක්‍රමය අනුව, රජු පාලනය කරන සමස්ත භූමි ප්‍රදේශයම අයිති වූයේ ඔහුූට ම නිසා, ඕනෑ තෑගි ඔප්පුවකින් ඒ දේපල ඕනෑ ම අයෙකුට ප්රදානය කිරීමට රජුට හැකි විය.
ඒ සමගම රජු ගේ යටත් වැසියන් සියලු දෙනාම ඒහි පස්සිකෝ ක්රමයටත් වඩා සරල ක්‍රමයකින් බෞද්ධයින් වූ බව සැලකේ.
එය වනාහී බුදුන්ටත්, ඔහු ජීවත්ව සිටි කාලයේ දී කිරීමට නොහැකි වූ මහා ප්රාතිහාර්යයකි!
බුදුන්ට සිදුවුණේ දේශ දීපංකරවල පයින් ඇවිඳිමින්, ධර්ම දේශනා කරමින්, තම දාඩිය මහන්සියෙන්, මහජනයා තමන්ගේ අනුගාමිකයින් බවට පත් කර ගන්නටයි.
ලංකාව මුල්වරට බුද්ධාගමට පූජා කළේ "තිස්ස-මුවා-මහින්ද-අඹ ගහ කතාවේ" අවසානයේ දී විය හැකි වුව ද, දෙවෙනි සහ තුන්වෙනි වරට බුද්ධාගම පූජා කළා යැයි සැලකෙන අවස්ථා ගැන නම් මම නොදනිමි. ඒ ගැන විස්තර දන්නා අයෙකු වේ නම් කරුණාකර සඳහන් කරන්න.
වාසනාවකට හෝ අවාසනාවකට හෝ, පළමුවෙනි රාජසිංහ හින්දු ආගම වැළඳගත් සමයේ හෝ දොන් ජුවන් ධර්මපාල කතෝලික ආගම වැළඳගත් සමයේ මේ ආකාරයට ලංකාව අදාළ ආගමට ම පූජා කළේ හෝ නොකළේ හෝ වුව ද, එයින් අපට ලොකු බලපෑමක් වී නැතැයි සිතේ!
නමුත්, මා අසා, කියවා ඇති පරිදි මැලේසියාව, ඉන්දුනීසියාව, මාලදිවයින වැනි රටවල් පසු කලෙක බහුතර මුස්ලිම් රටවල් බවට පත් වී ඇත්තේ මේ ආකාරයට ම ය. එනම් බලයේ සිටි උන් විසින් මුළු රටම ආගමික පූජකයින් වෙත දොර දන් දීමෙනි.
අමිල අබේධීර වැන්නන්ට අවශ්‍ය වී ඇත්තේ කුමක්දැයි පැහැදිලිය. එය නම්, ලංකාව බෞදියක්, එනම්, වෙනත් කිසිදු ආගමකට ඉඩ නැති, ඒකාගමික බෞද්ධ රටක් කිරීමටයි.
මගේ අදහස නම්, අනුන්ට කරදරයක් නොවෙන ආකාරයට, තමන්ට කැමති ඕනෑම ආගමක් අදහමින් නිදහසේ ජීවත්වීමට රටේ සෑම පුද්ගලයෙකුට ම අයිතියක් ඇති බව සහ රාජ්‍යය ආගමෙන් වියුක්ත සංස්ථාවක් විය යුතු බවයි.
-රසිකොලොජිස්ට්
ප/ලි:
කලකට පෙර ලියන ලද මේ ලිපිය මගේ පරණ "වැඩ මල්ලේ" තිබී අද හමුවිය. බෞදිය යන්න මෙන් ම වැඩ මල්ල යන්න ද මා ෆේස්බුක් අවකාශයේ තිබී අහුලා ගත් වචනයකි. එය භාවිතා කර තිබුණේ බ්ලොග්(කාරයින් ගේ) හිතවතෙකු වෙන ශාන්ත කේ හේරත් චිත්‍ර ශිල්පියා ය.
(image: http://awaretheory.com/wiki/index.php?title=Religious_Tolerance_and_Awaretheory)
ටොලරන්ස් ඕනෙ කංවලට තමයි. පංසල් පල්ලි දේවාල පෙරහැර දන් සැල් මංගල්ල උත්සව ඔය ඔක්කොගෙම ලවුඩ් ස්පීකර් වලින් එන සද්දෙ ටොලරේට් කරන්න. ආගම් උස්මුරුත්තාවට එනව
ReplyDeleteසව්දිය සහ සවුදිය පැටලිලා මාර හුට්ටප්පරයක් වෙන්නෙ තව ඩිංගෙන්.... මම හිතන්නෙ සෞදිය කියල යෙදුවනං මට වෙච්ච ටැපලිල්ල සිදුවෙන එකක් නැතිවෙයි.(අපට කොහොමත් මතක් වෙන්නෙ සව්දියනෙ)
ReplyDeleteආගම් නං සීරියස් නොගන්න තරමටයි සහජීවනය ඇතිවෙන්නෙ.
බුදු හාන්දුරුවෝ මේ පැත්ත පලාතේ ඇවිල්ලා නෑ... කිසිම සාක්ශියක් අද වෙනකන් නෑ...
ReplyDeleteමෙහේ තියෙන්නේ ආගමක් නෙමෙයි... ආධිපත්‍යක්... බෞද්ධ දර්ශණය අවබෝධ කර ගත්ත මිනිස්සුන්ගෙන් සමාජයට කිසි කරදරයක් නෑ...
මං හිතන්නෙ මිහිඳු හාමුදුරුවො කියන්නෙ වැඩකාරයෙක් බුදුහාමුදුරුවන්ට වඩා. නැතිනම් බුදු හාමුදුරුවෝ තුන් පාරක් වැඩලත් මෙරට බෞද්ධ කරන්න බැරිවෙච්චි එක මිහිඳු හාමුදුරුවො එක දවසින් කළේ කොහොමද?
Deleteබුදු හාමුදුරුවො ලංකාවට ඇවිල්ල තියෙන්නෙ short term assignments වලට. ආවා ගියා. එච්චරයි. එක රැයක් වත් හිටියෙ නෑ. අර multi national firms වල CEO ලා business trip එකක් වෙන රටකට යනවා වගේ තමයි. කොටින්ම බුදුහාමුදුරුවන්ට ලංකාව බෞද්ධ කරන්න ලොකු අවශ්‍යතාවයක් වත් තිබුණු බවක් පේන්න නැහැ. නැත්නම් local agent කෙනෙක් හරි පත් කරලා යනවනෙ. එහෙමත් නැහැනෙ.
Deleteමිහිඳු හාමුදුරුවො එහෙම නෙවෙයි. Feasibility study එකක් හෙම කරලා, local agent කෙනෙක් හොයාගෙන හොඳ investment එකක් හෙම කරලා වැඩේට බැස්සා. ඉතින් සාර්ථක වෙන එක අහන්න දෙයක්ද?
/මිහිඳු හාමුදුරුවො එක දවසින් කළේ කොහොමද?/
Deleteබුදු හාමුදුරුවෝ සත්‍ය වටහා දෙන්න දගලද්දී මිහිදු හාමුදුරුවෝ ටාගට් කවර් කරන්න වැඩකරලා තියෙන්නේ,මීටරේ තියෙන හාදයෙක්ව හොයාගෙන වැඩේ කොටින් ගොඩදා ගැනීම. බැරිවෙලාවත් තිස්ස අඹ ප්‍රශ්නෙදී පේල් වුනානම් මිහිදුලා මිහින්තලෙන් ටේක් ඔෆ් කරලා දක්ෂින දෙසේ හරි ඔසි වල හරි ලෑන්ඩ් කරා නම් ප්‍රශ්නේ අහන්න වෙන්නේ කැන්ගරු දඩයවේ ගිය ... ගෙන් කිවි ගස් ගැනද?
තිස්සයා අඹ ප්‍රශ්නෙදි ෆේල් තමයි. මිහිඳු හාමුදුරුවො ඇහුවෙ "Are there any other elements in the Universal set except for (M ∪ M') කියලා තිස්සයා Yes, sir කියලා අනා ගත්තා. A/L කරන කොල්ලොත් දන්නවා යම් කුලකයක හා ඒකෙ අනුපූරකයෙ එකතුව හරුණාම වෙන දෙයක් නෑ කියලා. මිහිඳු හාමුදුරුවො ඒක එක පාරටම නොකියා තව ඒ වගේම හැබැයි පොඩ්ඩක් වෙනස් ප්‍රශ්නයක් ඇහුවා පොඩ්ඩක් හරි මොළේ තියෙනවද බලන්න. තිස්සයා එකෙන් යන්තම් ගොඩ ගියා. මොකද තමන් තමන්ගෙම නෑයෙක්ද නෙවෙයිද කියලා කාටවත් කියන්න බැරි නිසා.
Deleteහරියටම හරි මාතලන්. බුද්ධ දර්ශනය තමන්ගේ උවමනා එපාකම් පිරිමහගන්න මෙවලමක් කරගත්තු අවලමුන්ගෙ ආධිපත්‍යයක්
DeleteSri Lanka today buddist monks no fallow buddism. Sinhala buddist people racism. No buddism.
Deleteඋක්ත බ්ලොග් පෝස්ටුවේ සඳහන් චමීර කවුදැයි මම නොදනිමි. නිර් ආගමිකයෙකු වන මට චමීර වැනි බොහො මිනිසුන් හමුවී තිබේ. ඔවුන්ගෙන් සමහරක් උග්‍ර සිරිසේන වාදීන් ද, තවත් සමහරක් කැමරන් වාදීන් ද, තවත් සමහරක් ට්‍රම්ප් වාදීන්ද වෙත්. එහෙත් චමීරගේ වියමන සමග මට නම් ගැටුමක් නැත. ඒ මගේ ආස්තානය යම් ආකාරයක උපායමාර්ගික ආස්තනයක් නිසා යැයි මම සිතමි. චමීරගේ විවේචනය එල්ලවන්නේ නත්තල සමරන "බෞද්ධයන්" ට එරෙහිව විනා නත්තල සමරන කතෝලිකයන්ට එරෙහිව නොවේ. සිරිලක මහා සංස්කෘතිය බෞද්ධ වන අතර ඒ මත අනෙක් චූල සංස්කෘතීන්ද වෙති. එය මට වැදගත් වන්නේ එංගලන්තයේ මහා සංස්කෘතිය ඇංග්ලිකන් වන අයුරින්ම ය. ලංඩනයේ පුරපති සිඩික් කාන්ය. සිරිලක ක්‍රිකට් කාන්ඩයමේ නායක ඇන්ජලෝ මැතිව්ස්ය. කාන් නත්තල සමරනවා සේම මැතිව්ස් පිරිත් නුල් ගට ගසාගෙන දොහොත් මුදුන් දී වැඳගෙන ඉන්නවා මම දැක ඇත්තෙමි. චමීර පමණක් නොව ඇමරිකාවේ ජනපති අපේක්ශක ට්‍රම්ප් ද අපූර්ව චරිත වෙත්. අවිවාදයෙන් ප්රශ්නකාරී වන එවැන්නන්ගේ කියවීම සමාජයේ ජනප්‍රිය ධ්රැවීකරන ලක්ශයක් නියෝජනය කරන බව මම සිතමි. මේ විවිධත්වය මම අගයමි. ඒ ඩයිවසිටිය ප්ලාස්ටික් කෘතිම එකක් නොව ඓන්ද්‍රිය එකකි. චමීර ප්‍රස්න කරන්නේ ලංඩනයේ වෙසක් "ලොකු වානිජ කෙලියක්" නොවේ නම් ලංකාවේ නත්තල ඇයි යන්නයි. චමීරට ලංකාව බෞද්ධ තලීබානයක් කිරීමට අවැසියැයි කීම නම් චමීරගේ වියමන හිතාමතා විකෘති කිරීමක් ලෙස මට පෙනේ. චමීර ගේ වියමන හෙලා දැකීම නොව අප කල යුත්තේ එයත් මේ විවිධත්වයේ පැතිකඩක් ලෙස දකිමින් විවිධත්වය සැමරීම යැයි සිතමි. මම චමීර කියවන තැන හෙවත් උපායමාර්ගික ආස්තානයක් වන්නේ සමහර ආගම්, කල්ලි, කංඩායම් අනුන්ට කරදරයක් වෙන අයුරින් ආගම් "මුණෙ අතුල්ලන" මට්ටමට පැමිනෙමින් තිබෙන නිසාය.
ReplyDeleteප.ලි.
බුදුන් වහන්සේ අනුගාමිකයන්ගේ හිස් ගෙඩි ගනන වැඩිකරගන්නට තැත් කෙරුවායි කීම "දෙබරුන්ට ගල් ගැසීමක්" වැනි ප්රකෝපකාරී ප්‍රකාශයක් වගෙයි මගෙ වැටහීමට අනුව.
Dawkins's Dodo
මොකද්ද බං මේ? උඹේ කමෙන්ට් එකත් පැරාගේ බ්ලොග් පෝස්ට් එකක් වගෙයිනෙ. තේරෙන සිංහලෙන් කියපන්කො. අපි කැම්පස් ගියේ නෑ. අට පාස් විතරයි.
Deleteරසික සඳහන් කරන නත්තල ගැන වියමන ලීවේ චමීර නොව උග්‍ර මරාවාදියෙක්යැයි රසික හඳුන්වන හම්බන්තොට ජීවත් වන අමිල අබේධීර නම් අයෙකි - ( ඩෝකින්ස් ඩොඩෝ පසුගිය කාලයේ සෑහෙන්න වෙනස්වෙලාද නැත්තං මගේ මතකයේ අවුලක්දැයි කල්පනා කරමින් ) - සමහර විට මේ අර රිටිගල ජයසේනගේ සිට බණ්ඩා දක්වා සියලුම නිරාගමිකයන්ගේ වෝල්වලට කඩා පනින සිංහල බෞද්ධාගමික ෆේක් අවතාරය (උගේ නම දැන් අමතකය) නොවේ යැයි කල්පනා කරමි
Deleteඔව් මට වැරදීමක් වුනා, චමීර යන්නට අමිල ආදේශ විය යුතුයි. මම නම් කාගේවත් වෝල් වලට කඩා නොපනිමි.
DeleteDawkins's DoDo
මා දන්නා කතෝලික හා ඇන්ග්ලිකන් යහළුවන් සිටින අතර ඒ සියලු දෙනා මගේ දාන මාන වලට උපකාර වෙති. පන්සලට මුදල් හා වෙනත් ද්‍රව්‍ය දෙන්නට කියා එකතු කර දෙති. හාමුදුරුවන් බණ කියන තුරු වැඳගෙන හෝ දෙඅත් එක් කරගෙන සිටිති. ඒ නිසා මමද නත්තලට ඔවුන්ට සුභ පතමි. ඔවුන් ඉල්ලා සිටියොත් ඔවුන් සමග පල්ලියටද යමි. අදේවවාදියෙක් නිසා මම නොවැන්දත් ඔරසන් අසාගෙන සිටිමි.
Deleteඑවැනි විහිළු කාරයන්ට විහිලු සපයන තවත් විහිළු කාරයන් සිටිමම අගතියකි..
ReplyDeleteබුදුන් වහන්සේ ලංකාවට පැමිණියා යැයි කීමට කිසිදු තහවුරු කළ හැකි මූලාශ්‍රයක් නැත (එවැන්නක් තිබේ නම් කරුණාකර දැනුවත් කරන්න)
ReplyDeleteඇයි ගොන් රාළේ අර සිරීපාදේ තියෙන සිරිපතුල උන්නාන්සෙගෙ නෙවෙයි නම් උඹලගෙ බාප්පගෙද? තව මොන මූලාශ්‍රද ඕනැ?
Deleteලක්ෂාන්: මේකට හිනා වෙනවද අඬනවද කියල හිතාගන්න බැරුව ඉන්නේ මම!
Deleteමයියන්ගනේ පුටුවක් තියනවලු
Delete/////රාජ්‍යය ආගමෙන් වියුක්ත සංස්ථාවක් විය යුතු බවයි.////////
ReplyDeleteවෙන්න ඕන වැඩේ මේක වුනත්, කවදාවත් නොවෙන වැඩ ලිස්ට් එකට මේකත් දාන්න වෙනවා. ජනාධිපති පුටුවට නැගීම හෝ පාර්ලිමේන්තුවේ ආසනයක් වෙන්කර ගැනීම මූලික ඉලක්කයවූ දේශපාලකයින් ඉන්න රටක මේවා හීන. නැත්නම් සංස්කෘතික අමාත්‍යංශයක් යටතේ තිබිය යුතු විෂයන් කෑලි කෑලි වලට කඩලා ආගමෙන් ආගමට අමාත්‍යංශ හදාවි යැයි.
ඒ මොනවා වුනත් අමිල අබේධීරට තෙරුවන් සරණින් සුබ නත්තලක් සහ ගණ දෙවි නුවණින් ඊද් මුබාරක් එකක් වේවා යැයි පතමි. ඕම් ශාන්ති....ශාන්ති.....ශාන්ති!!!!
කැමති මනුස්සයෙක්ට කැමති ආගමක් අදහන්න ඉඩ හසර තියෙන්න ඕන. ඒකට තහංචි සම්බාධක දානවා කියන එකෙන් වෙන්නෙ අර කියපු විදිහට මේක බෞදියක් වෙන එක තමා. අපේ මිනිස්සු ඕක පටලවගෙන. රටක හරියට නීතියක් අධිකරණයක් ක්‍රියාත්මක නොවෙනකොට එක එක විදිහේ අන්තගාමීන් සහ අන්තගාමී ක්‍රියා කලාප වලට මුහුණ දෙන්න වෙනව. විශේෂයෙන් මුස්ලිම් අන්තවාදය හිස ඔසවනවා නම් ඒක නීතියෙන් අධිකරණයෙන් යටපත් කළ යුතුයි. සිංහල අන්තවාදය උනත් එහෙමයි. නමුත් අපේ එවුං දේශපාලන වාසි සහ අවස්ථා වාදයට ඕක පාවිච්චි කරනව.අන්න එතනයි වරද තියෙන්නෙ. විශේෂයෙන් මුස්ලිම් ජාතිය පිලිබඳ ප්‍රශ්ණ තියනවා. සමහර ක්‍රියාකාරකම් නීති විරෝධී.අන්න එතන ඒවා පාලනය කරන්නයි නීතියක් තියෙන්නෙ. එහෙම නැතුව බොරුවට උඩ පැන්නට වැඩක් නෑ. රාජ්‍ය ආගමික ප්‍රතිපත්ති වෙනස් කලාට වැඩක් නෑ..
ReplyDeleteඅපේ එවුං කෑගහනව ක්‍රිස්තියානි නිකායවල් වලින් මිනිස්සු ඒ ආගමට හරෝගන්නව කියල. ඒක මාර අවුල. එහෙම උන්ට අල්ලගෙන ගහනවත් එක්ක. හැබැයි අපේ හාමුදුරුවරු පිටරට වල ගිහිං පන්සල් අටෝගන්න එක, එහෙ කතෝලික මිනිස්සු පන්සලට අද්දගන්න එක මාරයි. හරිම වීර ක්‍රියාව. තමන්ට කැමති මතයක් දරන්න, කැමති ආගමක් දර්ශනයක් අදහන්න පිළිපදින්න මිනිස්සුන්ට නිදහස තියෙන්න ඕන. ආණ්ඩුක්‍රම මෙව්ව එකේ ඕක ලියල තිබ්බට අපේ එවුන්ට එව්ව හරි යන්නේ නෑ. අපේ එවුන්ගෙ පොඩ්ඩ එහෙ මෙහෙ වෙච්ච ගමන් ලේ කකියනවා, මයිල් කෙලින් වෙනව, මරාගෙන මැරෙන්න හිතෙනව. හැබැයි මොකක් හරි දෙයක් වෙච්ච දවසට ඔය කෑගහන එක බල්ලෙක් වත් නෑ...
//විශේෂයෙන් මුස්ලිම් අන්තවාදය හිස ඔසවනවා නම් ඒක නීතියෙන් අධිකරණයෙන් යටපත් කළ යුතුයි.//
Delete"මුස්ලිම් අන්තවාදය" කියල එකක් කොහේවත් ඇත්තෙ නැහැ. ඔය බලු පාදඩ හිංගල බෞද්ද මිනීමරුවොන්ගෙ අපහාසාත්මක වචනයක් විතරයි. මුස්ලිම්වරු අවංකව තම ධර්මය අදහනකොට සිංහල බහුද්ද මිනීමරු ගෝත්‍රිකයින්ට කාල ඉන්න බැරුව කියන කුණුහරුපයක් තමයි ඔය වචනෙ. ඇත්තටම මේ රටෙ තියෙන්නෙ සිංහල බෞද්ද අන්තවාදයක්.
සියලු ජනවර්ගයන්ට ශ්‍රී ලංකාව අපේ රට යැයි හදවතින් සහ ආඩම්බරෙන් කිව හැකි තැනක නැත.
Deleteවිල්පත්තු කැලේ කපනවා නම් එය ආරක්ෂා කිරීමේ නෛතික වගකීම තිබෙන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වැනි ආයතනවලට මිස ආගමික කණ්ඩායම්වල මීහරක්ට නොවේ. කූරගල පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති තැනක් නම්, එය ආරක්ෂා කිරීමේ වගකීම අදාළ ආයතන සතුය. ආයතනවල අකාර්යක්ෂමතාව මැඩලීම සඳහා විසඳුම් දෙනු වෙනුවට ජාතිවාදයෙන් පිළතුරු සෙවීමට යාම විසඳුම් නොවේ. මේ ශ්‍රී ලංකාවේ වැටී ඇති අගාධයේ තවත් පැත්තකි.
විල්පත්තුව හොරට කපන එක අන්තවාදයක් තමයි. කෙරෙන්නෙ රාජ්‍ය අනුග්‍රහයෙන්. අන්න එතනයි භයානක කම තියෙන්නෙ. මුස්ලිම් ගම් ගොඩැලි නගර වල තමන්ට ආවේනික නීති පද්ධතියක් සුළු වශයෙන් හෝ ක්‍රියාත්මක වෙන එක අන්තවාදයක් තමයි. හෙල්මට් දාන්නෙ නෑ, පාරෙ මිනිස්සුන්ට යන්න ඉඩ දෙන්නෙ නෑ, අවහිර කරනව. ප්‍රධානම කාරණාව මුස්ලිම් අන්තවාදී ක්‍රියාකලාප මෙරට හෝ පිටරට සිදුවන දේ සම්බන්ධව වචනයක් කියන්න දිව නැමෙන්නෙ නෑ මෙහෙ ඉන්න මුස්ලිම් බහුතරයට. අන්න ඒකයි අන්තවාදය. බෞද්ධ වේවා වරදක් තියනවා නම් මම ඒ වරද දකිනවා. ඔය උන්නැහැලගේ බහුතරයකගෙන් ඒක වෙන්නෙ නෑ. අන්න ඒකයි අන්තවාදය. මුස්ලිම් මිනිස්සු ඔක්කොම හොදායි .. අනිත් උන් ඔක්කොම බලු පාදඩයෝ කියල කියන්න පුළුවන් ගෙරි හම්බයෙක්ට මිසක් වෙන කාටවත් නෙවෙයි. මුස්ලිම් හොඳ මිනිස්සු ඉන්නව. නරක මිනිස්සුත් ඉන්නව. සිංහලත් එහෙම තමයි. මම ඒ බව දකිනවා. හැබැයි ආගමික මතවාද වලින් ඇස් අන්ධ වෙච්ච ගෙරි හම්බයින්ට ඒවා පේන්නෙ නෑ..
DeleteAnonymous18 May 2016 at 19:43 ගෙ කාරනාවම තමයි මමත් කිව්වේ.. නීතිය සහ අධිකරණය ඒ දේවල් වලට වගකිවයුතුයි..
Delete@ 19.31 Ano...බයිලා කියන්න එපා ලොක්කා ..සිංහල බෞද්ධ අන්තවාදීන් වගේම, මුස්ලිම් අන්තවාදීන්ද රට තුල ක්‍රියාත්මකව ඉන්නවා. මේ දෙකම රට ව්‍යාකූල කරනවා. ජන මනසත් එක්ක ජෝගි නටනවා. ඇඟිල්ල දික්කරන කොට හරි ඉලක්කයට දික්කරන්න. නැත්නම් දික්කරන්න එපා. 969 වැනි බෞද්ධ අන්තවාදීන් බුරුමයේත්,BBS වැනි අය ලංකාවෙත්, සිවසේනා වගේ ඉන්දියාවෙත්, LRAවැනි ක්‍රිස්තියානු අන්තවාදීනුත් ඉන්නවා වගේම ඉස්ලාම් අන්තවාදීන් ලෝකය පුරාම විසිරී සිටිනවා. ඒක ලෙඩක්. ආගම් වැනි සෙන්සිටිව් සබ්ජෙක්ට්ස් එක්ක සෙල්ලම් කරන්න එපා. ඕවා ලෝක යුද්ධ දක්වා වර්ධනය වෙලා තියෙනවා.
Deleteවැටත් නියරත් ගොයම් කා නම් ……
Deleteතමන් සිංහල බෞද්ධ යැයි උජාරුවෙන් කියා ගන්නා පට්ට ගෝත්‍රික අමුම අමු ගොබ්බ මීහරක් මෙය බුදුන්ගේ දේශය යැයි ද, මෙය අන් ජාතීන්ටනිදහස් ලෙස ප්‍රසිද්ධ එළිමහන් ස්ථාන වල තම ආගම ඇදහීමත් ඉස්ලාම් දෙව්මැදුරුවල ලව්ස්පීකර් බැඳ වාංගු යාතිකාවන් සහ ආතාන් ආදී ආගමික යාඥාවන් තහනම් යැයි ද අන් ජාතීන් ආ තැනකට යා යුතු යැයි ද අතිශය බරපතල සහ අන්ත අමානුශික ලෙස ජාතිවාදයක නිරත වෙයි. ඒ ගැන ගී සින්දු සකස් කර රින්ගින් ටෝන් ලෙස ද (ඉරාජ් නමැති වල් පරයාගේ ගීතද, චිත්‍රාල් නමැති පල් හොරෙක් විසින් විල්පත්තුවේ අසරණ අනාථ මුස්ලිම්වැසියන්ගේ ලේ ඉල්ලමින් ගයන්නේ ගී නොව ගෝත්‍රික ලේ පිපාසිත විලාපයන්ය) යොදාගනිති. මුස්ලිම් කවඩල් වර්ජනය කරන්නැයි ඔවුන් කියනා විට ඉන් දැඩි මානසික පීඩාවට පත්වූ අන්ත අසරණ අහිංසක මුස්ලිම් අය ද සිංහල ව්‍යාපාර සහ ඔවුන් නිපදවන භාණ්ඩ වර්ජනය කරන්නැයි සමාජ ජාලවල පෝස්ට් ෂෙයා කරති.
ReplyDeleteමුන්ට වැඩි කල් නටන්න හම්බ වෙන්නෙ නෑ. දැනටමත් දිරල කුණුවෙලා ඕජස් ගල ගල ඉන්න රාජපක්ෂ ගහ වැටෙන කොට මේ පඳුරු ඔක්කෝම පෙරළගෙන තමයි වැටෙන්නේ. ඔබට ඉතාම ස්තූතියි රසික මේ බලු පාදඩ අවලමුන්ට රෙදි ගැලවෙන්නම ලියන එක ගැන.
ආම්මා....
Deleteලංකාවෙ මිනීමරු ආගම්වාදයයි ජාතිවාදයයි වපුරන එක වලක්වන්නට තියෙන එකම විසදුම කහකඩ හාමුදුරු හැතිකරේට විවාහයක් කරගැනීමට නිදහස දීම. මේ හැමදේකටම මුල්වෙන හාමුදුරු කහකඩ පරබල්ලන් හොරෙන් ගැහැණු කීප දෙනකු තියාගෙන ඉන්න අපතයින්. ඉතින් මුන්ගෙ විකෘති පරපීඩක කාමය දෙමල මුස්ලිම් අසරණ අහිංසකයින්ගෙ පිටින් තමයි අන්තිමට යන්නෙ.
ReplyDeleteඔබ ඉතාමත් ඒක පාර්ශවීය අදහස් දක්වන්නෙක් සහ ක්‍රෝධය වපුරන්නෙක් බව කියන්නට සිදුවීම කනගාටුවක්. එකක් යනු සියල්ලක්ම නොවේ. එය මතකතබා ගන්න. ගිනිගොඩක් අසලට නොයන්න. ඔබ වහා ගිනිගන්නා සුලු පුද්ගලයෙකි. ඔබ ගිනිගත්තාට කම් නැත. නමුත් රටක්, ලොවක් ගිනි තැබීම වැලක්විය යුතුය.
Deleteරසිකට මේ දිනවල සෙනසුරු මහ දසාව බැවින් පෝස්ටු වල කමෙන්ට් මද ගතියක් දක්වයි. මෙම දෝශය සඳහා බලු කපුටු දානයක් දීම යෝග්‍ය වේ.
ReplyDeleteරසිකොලොජිට ඇත්තේ කේතු මහ දසාවේ ශනි අන්තරයයි.... මුඩුක්කු පල්ලේ රින්ගීමට ගොස් කුණු බැනුම් අසන්න වූයේ එබැවිනි.......
Deleteබ්ලොග් අවකාශයටම කේතු දසාවේ ශනි අන්තරය ලබා ඇති බව පෙනේ.... මුඩුක්කු කරුවන් බ්ලොග් අවකාශය රන් කරන්නන් වී තිබේ..... මේ ලුම්පන් පීඩිතයන් ශෆීරෝ ගේ බ්ලොගය කියවා මොළය වර්ධනය කර ගන්නා තුරු බ්ලොග් අවකාශයට අල්ලාහු අක්බර් ! වස්සලාම් අලෙයි කුම් !
හෙනහුරු තුන් වැන්නේ ගමන් කරන 2014/11/03 වැනිදා වගේ හිටං.. 2017/10/26 විතර වෙනකල් කාලයට අදාලව කන්‍යා ලග්න හිමියන්ට බොහෝම යහපත් වාසි හිමි කරගන්න පුළුවනි.. ඒ කිව්වේ බොහෝ හිතේ ප්‍රීතිය ඇති වෙන්න හැකි වෙන විදියට වැඩ කටයුතු සිද්ධ වෙනවා... තමාගේ වැඩ අනිත් අය විසින් කරලා දෙන අවස්ථා බොහෝමයි.. යන එන තැන තමාට උපකාර කරන්න උදවිය හිටීවි... ආර්ථික වාසිත් බොහෝමයි... ලෙඩ දුක් කරදර තිබුන ඒවා හොද අතට හැරිලා.. හොඳ කායික මානසික ශක්තියක් ඇතිව කටයුතු කරං යන්න පුළුවන්කම ලැබෙනවා.. රැකියා ස්ථානවල.. ගෙදර දොරේ තමන්ගේ බලය වැඩි වෙන කාලයක්.. ඒ වගේම මෙච්චර දවසක් තමන්ට කොකු දාපු.. බාල්දි පෙරලපු අය තමා ඉස්සරහා පරාද වෙන කාලයක් වගේම ඒ අයවත් තමන්ට උවමනා හැටියට හසුරුවන්න පුළුවන් තත්වයක් උදා වෙයි... සතුරන් පරාජය වෙනවා වගේම සතුරන්ගෙන් වැඩ ගැනීමේ හැකියාව ඇති වෙනවා... අළුත් බලවත් යාළු මිත්තරයෝ ඇති වෙන්ටත්.. ඒ අයගේ ආධාර උපකාර හිමිවීමටත් පුළුවනි. තමන්ට අයත් වෙන්ට තිබුන ඒ් මොන මොනවා හරි ප්‍රශ්න හින්දා කල් යමින් තිබුන දේපල ආදිය බොහෝම පහසුවෙන් අයිති වෙනවා.. සමාජයේ පිළිගත් තැන්වල හැසිරෙන්නට අවස්ථා කරුණු යෙදනවා.. අන් අයගේ ගෞරවයට පාත්‍ර වෙන.. යම් යම් නිලතල නම්බු නාම හිමිවන... කරන කියන වැඩ වලින් ලාබ හිමිවන... පවුලේ එකමුතුව ඇතිවෙන... දියුණුව ඇතිවන.. කලින් කරපු වැරදි අනං මනං වලින් නිදහස් වෙලා තමන්ගේ නම සුද්ද කරගන්න පුළුවන් වෙන.. යම් කිසි දඩුවමකට එහෙම ලක් වෙලා හිටියනං ඒ දඩුවම් නිමා වෙන... ඉඩ කඩම්.. ගෙවල් දොරවල් ආදියේ සංවර්ධන කටයුතු කරගන්න ලැබෙන.. නව ව්‍යාපාර.. රැකියා ආදිය හිමිවන.. කරන රැකියා..ව්‍යාපාර උස්ස තත්වයට පත්වන..තමන්ට සැපසේ සිටිය හැකි ස්ථාන වලින් බැහැර වෙලා වෙන වෙන තැන්වල වැටිලා හිටිය අයට නැවතත් තමාට හිමි.. තමාගේ පහසුව වැඩිවන තැන්වලට යාමට හැකිවන... පුරුෂයකුටනං ස්ත්රීන්ගේත්.. ස්ත්රීන්ටනං පුරුෂයින්ගේත් ඇල්ම බැල්ම ආදරය වැඩි වැඩියෙන් හිමිවන... විරුද්ධ ලිංගිකයින්ගේ දැඩි ආකර්ෂණයට ලක්වන.. කාලයක් කිව්වොත් හරි... ඒ විතරක් නෙවෙයි මේ කාලය විශේෂයෙන්ම අළුතින්ම ආරම්භ කරන්න බලාගෙන හිටිය ව්‍යාපාරයක් වේවා.. කර්මාන්තයක් වේවා.. එහෙමත් නැත්තං අළුතින් ගෙයක් දොරක් සෑදීමක් වේවා.. ඔය ඕනම ආකාරයක මතු දියුණුවට හේතුවන ලොකු ලොකු වැඩ ඕන එකක් ආරම්භ කරන්න හොඳම කාලයක්... ඒ වගේ දේවල්වලදී වැඩිහිටි.. උසස්.. උගත් අයගේ ආධාර උපකාර හිමි වෙනවා වගේම අවසාණ අරමුණට ඉතාමත් කෙටි කාලයකදී ගමන් ගැනීමේ හැකියාව ඇති වෙනවා... පොළව සම්බන්ධව වැඩ කරන අයටනං දියුණු වෙන්න මේ තරං හොඳ කාලයක් තවත් නැති තරං..
Delete(ප/ලි මහින්ද රාජපක්ෂගේ ලග්නය කන්යාය. කොහොමද අපේ මාරයා අයියගෙ ජ්‍යෝතිෂ දැනුම?)
ලංකා හින්ගල හම්බෞද්ධ හැත්ත බුරුත්ත මුස්ලිම් ජනතාව එක්ක මාරාන්තික විදියට වෛරක්කාරයි, විරුද්ධයි. ඒ උනාට තලිබාන් උන්ටත් වැඩිය ඒ තලිබාන් අදහස් බෞද්ධ නාමයෙන් ක්‍රියාත්මක කරන්න හින්ගල හම්බෞද්ධ හැත්ත සැදී පැහැදිලා ඉන්නේ.
ReplyDeleteරටේ මිනිස්සුන්ගෙ කැමැත්ත සහ ආසාව අනුව තමයි පාලකයින් සහ නීති ඇතිවෙන්නේ. මේ ලංකා හම්බෞද්ධ තලිබාන් කරණයට අකමැති අයට/ අකමැති සුළුතරයට විකල්ප දෙකයි තියෙන්නේ,
01. එක්කෝ පිටරටකට යන එක
02. නැත්නම් මේ විකාරයට විරුද්ධව සටන් කරන එක.
මේ වෙන විකාරයට අකමැති එත් ඒකට කිසි විරුද්ධත්වයකුත් නොපෙන්වා ඕනෑ දෙයක් කියල නිව්ට්‍රල් ඉන්න අයට කියන්න තියෙන්නේ;
තොපිට හොඳ වැඩේ !!!
මගේ අදහස නම්, අනුන්ට කරදරයක් නොවෙන ආකාරයට, තමන්ට කැමති ඕනෑම ආගමක් අදහමින් නිදහසේ ජීවත්වීමට රටේ සෑම පුද්ගලයෙකුට ම අයිතියක් ඇති බව සහ රාජ්‍යය ආගමෙන් වියුක්ත සංස්ථාවක් විය යුතු බවයි. //// +++++++
ReplyDeleteමම නම් හිතන්නෙ බුදු හාමුදුරුවො ලංකාවට ආවෙ නැහැ කියලයි. බුදු හාමුදුරුවො ගිය හැම තැනම මොකක් හරි සුත්‍රයක් දේශනා කරලා තියෙනවා.ලංකාවෙදි දේශනා කලා කියල එක සුත්‍රයක් වත් තියෙනවද? නැහැ නෙ. මේක මේ අපේ අය්යලා හදා ගත්තු දෙයක්.
ReplyDeleteරාජ්‍ය විශ්ව විද්‍යාල වල ඉන්නේ පිනට ඉගෙන ගන්න එවුන් දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉදිපියව් . රෝයල් බල්ලෝ බ්රග්බි ප්ර්සේන්ටෙෂන් එකෙන් උන් ඒක ලෝකෙටම පෙන්නුවා. රෝයල් එකේ ඉන්නෙම ඔය වගේ උන්. උන්ට ගහල එල්ලන්න ඕන . තව මේ හුගක් බ්ලොග් ලියන එවුන්ට තියෙන අමාරුව තමයි සිංහල බොදු කම විවේචනය කරන්න ඕන පොරක් වෙන්න . මේක මචන් මානසික ලෙඩක්. කතෝලික හා මුස්ලිම් එවුන් බ්ලොග් ලියන්නේ නැහැ එක්කෝ එහෙම නැත්නම් උන් සිංහල බොදු බ්ලොග් ලියන (සම)හරක් වගේ නෙවේ. යමෙකුගේ ආගමක් දර්ශනයක් තමන්ගේ දැනුමට පරිකල්පනයට වලංගු නොවන නිසා එය විවේචනය කිරීම යනු තමන්ගේ සෙළුව වසා ගැනීමට ඇති අමුඩ ලේන්සුවෙන් මුහුණ වසා ගැනීමක් වගේ . එම දහමේ නාමයෙන් කරන විෂමාචාර විවේචනය හා දහම විවේචනය එක් දෙයකි . අවසාන වශයෙන් කීමට ඇත්තේ අධෝවාතය තමන්ට සහනයක් වුනාට සෙස්සන්ට කරදරයක් බවයි . සිංහලෙන් කියනව නම් පඩ යවන් නැතිව හිටපන් බන් .
ReplyDeleteAccording to the constitution of Sri Lanka, "all religions are equal and some religions are more equal than others" :)
ReplyDeleteඅනුන්ගේ දේවල් "පූජා කරන්න" නම් අපේ අයියලා තරම් දක්ෂයො තවත් නෑනේ. :D :D