Thursday 3 November 2016

අපි ඔක්කොම ගුරුවරු, ඔක්කොම සිසුවෝ - All them teachers!


මගේ පියා ගුරුවරයෙකි. ඔහු වයස දහනමයේ දී ගුරු සේවයට බැඳී වසර තිස් නමයක් සේවය කළේ ය. ඔහු ගේ සොහොයුරියන් දෙදෙනෙකුත්, සොහොයුරෙකුත් ගුරුවරු ලෙස සේවය කළහ. ඔවුන්ගෙන් දෙදෙනෙකු විවාහ වූයේ ද ගුරු සේවයේ අය සමග ය.

මගේ මව ගේ දෙමව්පියන් ද, එක් සොහොයුරියක් ද ගුරුවරු ය. මගේ මව ද ගුරු සේවයට යන්නට සිහින මවමින් සිට ඇත ද, වෙනත් සිහිනයක්, එනම් විවාහ සිහිනය, ඊට පෙර සැබෑවීම නිසා ඒ අදහස අත හැරගෙන ඇත.

මගේ බිරිඳගේ පවුලේ ද, ගුරුවර, ගුරුවරියන් වැහි වැහැලා ය. අපේ ඒ වැඩිහිටි පරම්පරාවේ හතර වරිගයේ ළඟ ඥාතීන් සහ දුර ඥාතීන් අතර ගුරු වෘත්තිකයින් ටියුෂන් පන්තියක් පුරවන්නට තරම් සිටියහ.

මා මේ කියන වැඩිහිටි පරම්පරාව යනු පසුගිය සියවසේ මුල් වසර පනහ තුළ උපන් අයයි.

අපේ ඥාතීන් අතර ඒ සා විශාල පිරිසක් ගුරු වෘත්තියේ නිරතව සිට ඇත්තේ ඇයි?

යටත් විජිත සමයේ ලංකාවේ රජයෙන් ලබා දුන් වර්නකියුලර් එනම් ස්වභාෂා අධ්‍යාපන ක්‍රමය යටතේ පාසල් අධ්‍යාපනය හොඳින් නිම කරන අයට රැකියාවක් ලෙස තිබී ඇත්තේ විකල්ප කිහිපයකි.

ඔවුනට එක්කෝ ශිෂ්‍ය ගුරු පත්වීමක් ගෙන ගුරු වෘත්තියට පිවිසිය හැකි විය. එය ගමේ තරුණයෙකුට, තරුණියකට ලබාගත හැකි වුණු රජයේ හොඳ මට්ටමේ එකම රැකියාවයි. මගේ තාත්තා සහ ලොකු නැන්දා ආදීන් කර ඇත්තේ එයයි.

එසේ ගුරුවරයෙකු නොවුනේ නම්, ගම්පහ සිද්ධායුර්වේදය වැනි ආයතනයට බැඳී දේශීය වෛද්‍යවරයෙකු වීමට අවස්ථාව තිබී ඇත. අපේ වෙද මාමා කර ඇත්තේ එයයි.

උදාහරණ නොමැති වුවත්, ඊට අමතරව නොතාරිස්වරයෙකු වීම වැනි විකල්ප ද තිබී ඇති බව පෙනේ. නමුත්, ඒවා ස්වයං රැකියා ය.

රජයේ සියලු වෙනත් රැකියා සඳහා ඉංග්ලිෂ් මාධ්‍යයෙන් විභාග සමත් වී තිබිය යුතුව ඇත. මධ්‍යම විද්‍යාල ඇතිවෙන තුරු ඉංග්ලිෂ් මාධ්‍යයෙන් ඉගෙනීම යනු මුදල් ගෙවා ලබා ගත යුතු අධ්‍යාපනයක්ව තිබී ඇත.

පනහේ දශකයේ දී මගේ නැන්දා කෙනෙකු ඉංග්ලිෂ් මාධ්‍යයෙන් පාසල් අධ්‍යාපනය නිම කළ ද, ඇය ද අවසානයේ ගුරුවරියක් ම වූවා ය.

ගම්බද පවුල්වල තරුණ තරුණියන් ට, මව් භාෂාවෙන් අධ්‍යාපනය ලබා, රජයේ සේවයේ ඉහළ තනතුරුවලට යාමට අවස්ථාව ලැබුණේ රාජ්‍ය භාෂාව වෙනස් කිරීමෙන් අනතුරුව සහ එ නිසා ම පමණි.

ජනගහනයේ වැඩිවීමත් සමගම ප්‍රසාරණය වන ගුරු සේවය වාසනාවට මෙන් තවමත් බොහෝ දෙනෙකු, වෙනත් විකල්පවලට වඩා, ප්‍රිය කරන වෘත්තියකි. මගේ බාල සොහොයුරා ද, ඥාති සොහොයුරියක් ද, ගුරුවරුන් ය.

එසේ නමුත්, අපේ පාසල් කාලයේ මෙන්ම, අදත් ලංකාවේ, ගුරු සේවයේ වැඩි වශයෙන් නිරතවන්නේ කාන්තාවන් බව පෙනේ. ඕස්ට්‍රේලියාවේ තත්වය ද එයයි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
"අපි ඔක්කොම ගුරුවරු, ඔක්කොම සිසුවෝ....."

මේ ගී පදයේ ඉතිරි කොටස කෙසේ සම්පූර්ණ කර ගත යුතුදැයි තවමත් සිතා ගත නොහැකි විය.

".......තුන් සිංහලයම අත දරුවෝ?"

(image: http://www.biography.com/news/favorite-tv-teachers)

45 comments:

  1. ඉංග්‍රීසි කියන පුරුදු වචනය වෙනුවට 'ඉංග්ලිෂ්' කියල දාන එක මාරම විකෘතියක්. සම හරක්ට රැඩිකල් වෙන්න ඕන උනාම හොයා ගන්නේ මේ වගේ දේවල්. පවු අනේ එයාල.

    ReplyDelete
    Replies
    1. නලින් ද සිල්වා ඇනෝ ඇවිත්ද?

      Delete
    2. @ Anonymous 3 November 2016 at 16:08

      ඔබ රසිකොලොජිය කලින් කියවා නැති හැඩයි?

      කරුණාකර මේ ලිපිය කියවන්න.

      අසුන්දර ඉංගිලිසි - I dont know "melo-deyak" - http://rasikalogy.blogspot.com.au/2016/02/i-dont-know-melo-deyak.html

      Delete
  2. ඉස්සර (ටියුෂන් නොකර) ආර්ථික මට්ටම ඉහලින් තියාගෙන ඉන්න පුලුවන් රස්සාවක්

    ReplyDelete
    Replies
    1. මා කියන කාලයේ ගමේ සිංහලෙන් ඉගෙන ගෙන විභාග සමත් වෙන අයෙකුට ලබා ගත හැකි එකම රජයේ රැකියාව!

      Delete
  3. අපි ඔක්කොම ගුරුවරු, ඔක්කොම සිසුවෝ
    තුන් සිංහලයම අත දරුවෝ
    පොතේ දැනුම ඇති, ජීවිතෙ දන්නැති
    තුන් සිංහලයම අත දරුවෝ

    ReplyDelete
    Replies
    1. ඔක්කොමෙයි කීවට ඇම්ඩගේ දරුවොත් ඉන්නව නෙව.

      Delete
    2. ඔක්කොම ගුරුවරු - ඔව්, අනුන්නට උගන්වන්න නම් හරි ම දක්‍ෂයි!

      Delete
  4. //උදාහරණ නොමැති වුවත්, ඊට අමතරව නොතාරිස්වරයෙකු වීම වැනි විකල්ප ද තිබී ඇති බව පෙනේ. නමුත්, ඒවා ස්වයං රැකියා ය.//

    ඒ කාලෙ කේන්දරකාරයො ඉඳල තියෙනව රසික.... උදාහරණත් තියෙනව.....

    ReplyDelete
    Replies
    1. මැරෙන දවසත් වෙලාවත් අන්තිම විනාඩියට කියන්න පුළුවන්. හැබැයි දුව දෙන්න උනේ කේන්දර නොබලා හඩු ගයිඩෙකුට .

      Delete
    2. චීනයේ නම් ෆෙන්ෂුයිකාරයොත් ඉන්න ඇති!

      Delete
  5. මගේ සීයා හා ආච්චි දෙපළම ගුරුවරු වූහ - දැනට ඒ පරම්පරාවෙන් ඉතුරු වී ඇති අන්තිම පුරුක වන සීයාගේ නැගණියද විශ්‍රාමික ගුරුවරියකි. මගේ බිරිඳගේ මවද විශ්‍රාමික ගුරුවරියකි -

    ReplyDelete
    Replies
    1. ඔක්කොම ගුරුවරු, ඔක්කොම සිසුවෝ, තුන් සිංහලය ම අත දරුවෝ!

      Delete
  6. මගේ යාලුවෙක් ගුරුසේවයට ගිහින් උගන්නන්න දන්නේ නැතුව මළා.

    ReplyDelete
    Replies
    1. ඔයාට වැරදිලා, ඒක නම් කොහෙත්තම වෙන්න බෑ, ඕක මරණිය අසනීපයක් නෙවෙයි, ඇරත් ගුරුසේවේ ඔක්කොටොම ඔයි අසනීපේ තියනවා, සමහර වෙලාවට හාට් ඇටෑක් එකක් හැදෙන්නැති. ඇපීල් එකක් දාන්න කියන්න නිවැරදි මරණ සහතිකයක් නිකුත් කරන්නය කියලා.

      Delete
    2. මම දන්න කෙනෙක් මරණ සහතිකයක් ගන්න ගිහින් නොමැරී මළා....

      Delete
    3. උපන්නොත් මෙලොවේ
      දිනක මරණය හිමිවේ
      මෙය බුදු දහම වේ
      සියළු දේ ලොව නැසෙන සුළු වේ

      Delete
  7. මගෙත් මුල් රුකියාව ගුරු, සේවා කාලය මාස 8යි. මගේ හිතවතකුගේ ආශාව පාසල් ගුරුවරයකු වීමයි, ඔහුගේ ජීවිතයේ ඉලක්ක සියල්ලම වාගේ සපුරාගෙන තියනවා, ඒ ඔහු දැනට ලංකාවේ විශ්ව විද්‍යාලයක ජේෂ්ඨ කතිකාචාරියෙක්.

    නැවත පාසල් ගුරුවරයකු වීමේ ආශාවක් මටත් තියෙනවා, මම හෝ මගේ හිතවතා වැනි අයට රජයේ ගුරු සේවයට බැදීමට ඇති නුසුදුසුකම් ලැයිස්තුව අනාගතයේ දී වත් වෙනස් වේ යයි බලාපොරොත්තු වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඇණයා උගන්නන්න ගිහින් නොමැරී මළා....

      Delete
    2. ඇයි රජයේ සේවයට බැඳෙන්නේ? පුද්ගලික පාසල්වල ඔය වයස වගේ නුසුදුසුකම් බලපාන්නේ නැතුව ඇති නේද?

      අධ්‍යාපන ඩිප්ලෝමාවක් වගේ එකක් කරන්න හැකි ද ගුරු සේවයේ නැති කෙනෙකුට?

      Delete
  8. ඉස්සර තිබ්බ තරමේ සමාජීය පිළිගැනීමක් දැන් ගුරුවරුන්ට නැහැ.දැන් ඒ තැන තියෙන්නේ බටහිර වෛද්‍යවරුන්ට.ආයුර්වේද වෛද්‍යවරුන්ටත් අත්ව තිබෙන්නේ ගුරුවරුන්ට අත්වී ඇති ඉරණමම තමයි.

    ReplyDelete
    Replies
    1. ක්‍රමක්‍රමයෙන් ඇති වුණු වෙනසක්!

      Delete
  9. අම්මගේ පවුලේ 8ක් පියාගේ පවුලේත් 8ක් ඔවුන් කිසිවෙකු ගුරුවරුන් නෙමෙයි...ඒත් ගුරුවරුන් වෙච්ච අය ඉන්නවා එයාල හරිම ලෝබයි..
    ගුරුවෘත්තියත් එක්ක බද්ධ වී එන ගති ලක්සනයක් තමයි ලෝබකම...ඉතිං මම කසාද බදින විට රැකියාවක් කරන යුවතියක සෙවුවත් ගුරුවරියක නම් සොයන්නේ නෑ.. ඔවුන් අද ජීවත්වනවාට වඩා හෙට තමයි ජිවත් වෙන්ට උත්සාහ ගන්නේ..

    ReplyDelete
    Replies
    1. අද යුගයේ ඇති ලෝබකමක් ගැන නම් මේ කියන්නේ ඒ මුදල් හිඟකම නිසා ඇතිවුණු දෙයක් විය යුතුයි.

      Delete
  10. ගුරු වෘත්තීය මානසිකව හරිම තෘප්තියක් දෙන වෘත්තියක්. ගෝලයෙක් ඇවිත් මිස් නිසා අපි අද හොඳ තැනකට ආවා කියල කකුල් අල්ලල වඳිනකොට එන සතුට ඒක. ඒ ඇරෙන්න ළමයි එක්ක ගෙවන දවස හරිම interesting. ලොව සියලු වෘත්තිකයන් තනන වෘත්තීය ගුරු වෘත්තිය යි

    ReplyDelete
    Replies
    1. ගුරු වරුන්ගේ මානසික තෘප්තිය (කකුල් අල්ලලා වඳින එක) ගෝලයන්ට ශාරීරික වදයක් නොවෙයිද? ඇරත් එහෙම වඳින්නේ ඔයි කියන හොඳ තැනකට ආ අයමද, නැත්නම් යන්තං ආණ්ඩුවේ රස්සාවකට සෙට් වෙච්ච අයද? වෘත්තිකයන් තනන එක පාසල් ගුරුවරුන්ගේ වගකීමක් නොවේ, වෘත්තීය පුහුණුවලට යන්නෝන පාසල් අධ්‍යාපනයෙන් පස්සේ නේ,එත් සමහර ගුරුවරු නම් ළමයින් පාසල් අධ්‍යපනය හමාර කරන්නත් ඉස්සර එයාලව පොල් කඩන රස්සාවලට හේම යොමු කරවනව.

      Delete
    2. @ Anonymous 4 November 2016 at 01:07

      සතුට එන්නේ "මිස් නිසා අපි අද හොඳ තැනකට ආවා!" වචනවලින් ද, නැතිනම් වැඳීමෙන් ද යන්න පැහැදිළි නෑ!

      Delete
  11. රට ලෝකෙ යන අත දකින්නත් හොඳම ගුරුකම. සම ලිංගික kiss අත්හදා බලන ළමයි දැන් බාලාංශයේ ඉන්නෙ.

    ReplyDelete
    Replies
    1. ලෝකයා ගමන්කරන්නේ ඔබ සිතා සිටින දිශාවට නොවේ, ඉදිරියටයි. පරමාදර්ශී ලෝකයේ, කාටවත් මෙන්ටල් බැරියර් නැතුලූ, හැමෝම හැමෝටම ආදරය කරනවාලු, කිස් කරනවාලු, ඊරිසියයි නේද?

      Delete
    2. Anonymous4 November 2016 at 01:19 කෙලවුනා නේද ? මතකතියා ගන්න මින් පස්සේ වත් .. UNP එකට රනිල්ට කඩේ යන ඇනය වගේ උන් ඔක්කොම වගේ සමලින්ගිකයෝ

      Delete
    3. @ Anonymous 4 November 2016 at 01:19

      දෙමව්පියන්, ගුරුවරුන් සහ පොදුවේ සමාජය විසින් ළමා සිත් කුරුවල් කරන තුරු, ළමුන් අන් සියලු දෙනාවම සළකන්නේ සමානයින් ලෙසයි!

      https://youtu.be/IlmNqRKcqXM


      Delete
  12. We dont need no Education - Pink Floyd

    ReplyDelete
  13. රසික , ගයිඩ් මහත්තය ඊශ්‍රායලයේ තානාපතිටත් දීලා ඇදලා තියෙනවා කියල කියන්නේ
    අදහන්න වටින කෙනෙක් නේ
    කොච්චර ඉගෙන ගත්තත් ඔයාට තාම ජැනිටර් කෙනෙක් ට වත් දීලා ඇදලා තියෙනවාද ?

    ReplyDelete
  14. අපේ පන්තියේ හිටපු කෙල්ලො භාගෙට භාගයකගේ හීන තිබුනේ ඔය ගුරු වෘත්තියට

    ReplyDelete
    Replies
    1. එයින් භාගෙකට ඒ සිහිනය සැබෑ කරගන්නත්, අනිත් භාගෙට ගඔරුවරයෙකු සමග විවාහ වෙන්නත් ලැබෙන්න ඇති නේද?

      Delete
    2. ඔව් ඔව් ඔය දෙකම උනා හැබැයි හැමෝටම නෙවෙයි ටික දෙනෙකුට

      Delete
  15. රසික,

    ගුරුවරයා (teacher) කියන්නෙත් එක්තරා විදියක මගපෙන්වන්නෙක් (guide) නේද? අනෙක් අතට බැලුවාම මගපෙන්වන්නෙක් (guide) කියන්නෙත් එක්තරා විදියක ගුරුවරයෙක් (teacher) නේද? මම හිතන්නෙ මේ ගැන සාකච්චාවක් ඇතිවුනොත් හොඳයි කියල. මම මේ සාකච්චාවට සම්බන්ධවන සියලුදෙනාටම කියන්නෙ පුද්ගලික මඩගැසීම් නොකර මාතෘකාවට අදාලව කතා කරන්න කියල.

    ReplyDelete
    Replies
    1. ගුරුවරයෙකු යනු එක්තරා ආකාරයක මාර්ගෝපදේශකයෙකු තමයි. නමුත්, ඊට වඩා පුළුල් වගකීමක් තියෙනවා නේද?

      Delete
    2. මඩ නැත්තං කතාකරන්න හොඳ මාතෘකාවක්. ගුරුවරයා ගයිඩ් කෙනෙක් වීම තමයි වියයුත්ත. හැබැයි අද ගුරුවරයා දැනුම "පොවන" කෙනෙක්. ඒ දැනුම(කරුණු) විභාගෙට ගිහිල්ල වමාරන්න තමයි ළමයින්ට තියෙන්නෙ.

      Delete
  16. ඔබේ සටහනේ අවසන් වාක්‍යයට එකඟයි . ලංකාවේ වැඩියෙන්ම දුවන්නේ ළමා චිත්‍රපට වන්නේ ඒ නිසා වෙන්න ඇති

    ReplyDelete
    Replies
    1. ළමයි තව හොඳයි, මේ කියන්නේ අත දරුවන් (infants) ගැනයි!

      Delete
  17. ය(ජ)හපාලන සගයිනි,

    දිවංගත අමරදෙවයන් ද සැබෑ ගුරුවරයෙකි. කෑ බිව් මිනිසෙකි.

    වත්මනෙහි සිරනිලංකා දුම්කොළ සහ මධ්‍යසාර ජනරජයෙහි අළෙවිවන පරිමාවෙන් මිලි ලීටර සත්සිය පනසක් (750 ml) වූ බෝතලයක වන “ගල්” යන අවියත් පදයෙන් හැඳින්වෙන “අති විසෙස්” මත්පැන සඳහා දැරිය යුතු බරපැන රුපියලින් දක්වන කල එක්දහස් සාරසිය සතලිසකි (රු.1,440.00 කි). මිලි ලීටරයක මිල රුපියල් එකකුත් සත අනූ දෙකකි (01 ml = රු.1.92 කි.).

    දුම්කොළ අඩංගු කොටසෙහි දිග මිලි මීටර පනස් පසක් (55 mm) වන “රන්පත්” දුම්වැටියක් සඳහා දැරිය යුතු බරපැන රුපියලින් දක්වන කල පනසකි (රු.50.00 කි). එනම් මිලි මීටරයක මිල ශත අනූ එකක් පමණය (01mm = රු 0.91 කි.).

    මේ නම් රට නැගුමට මුදල් සෙවුම පිණිස “සිරිසෙන් - විකුම්සිහ දෙබාන” විසින් නිමවන ලද මනරම් “අර්ථ සත් නයක්” හෙවත් ආර්ථික ශාස්ත්‍ර/විද්‍යා න්‍යායයකි. මේ “සිරිසෙන් - විකුම්සිහ දෙබාන” අබිමුව නිසැකව අර්ථ සත් නය පිළිබඳ වෙසරද ඇඩම් ස්මිත්හු සහ මාක්ස්හු පවා පසුබාති. එසේම වසර දෙදහස් දහසය සඳහා වන “අර්ථ සත” හෙවත් ආර්ථික ශාස්ත්‍රය/විද්‍යාව පිලිබඳ නොබෙල් තෑග්ග මේ “සිරිසෙන් - විකුම්සිහ දෙබාන” වෙත ලබන වසරේදීවත් පිරිනැමෙනු නිසැකය.

    ය(ජ)හපාලන සගයිනි, මේ දෙබාන වෙත නිසැකව ලැබෙන බුහුමනින් තොප මෙන්ම රටද අමන්දානන්දයට පත්විය යුතුමය. එබැවින් අවම ලෙස අට දෙනකුවත් එකතුව “අති විසෙස්” මත්පැන් බෝතලයක් සහ “රන්පත්” දුම්වැටි අටක් සඳහා මුදලින් සම්මාදම්ව මේ දෙබානෙහි මව් පියන් ද සිහිපත් කරමින් මේ සතුට දැන්ම සැමරුව මනාය. කටගැස්මට අඩුම මිලැති “චිප් අල” (potato chips) වැනි දෑ නොසෙව්ව මනාය. මක්නිසාද යත් දුරුතු මස අටවැනි දින බැස්ම ඇරඹි “ය(ජ)හපාලන විප් - අල” දැන් නොමිලේම ලැබෙන බැවිනි.

    ය(ජ)හපාලන සගයිනි, සාදය ලබන වසරට කල් දැමීම නොමනාය. මක්නිසාද ලබන වසර වනවිට කටගැස්මට පමණක් නොව තුන් වේලටම කන්න ලැබෙන්නේ පානුයි ලුකයි බව පෙනෙන බැවිනි. එය නිසැකව කට කැස්මට නම් හේතුවේ.

    අවසන මා වැනිම කා බිව් දිවංගත “සිතුම් ජයසෙනයන්” උපුටා දක්වමි.

    “ඇත්තෝ කති බොති සුඛති. නැත්තෝ සුත්ත පිට පෙරලා බලති.”

    - මයුරවිල මි.

    ReplyDelete
    Replies
    1. නවක ගුරුවරයෙකු ගේ මාසික පඩියෙන් රන්පත් දුම්වැටි කීයක් මිලට ගත හැකි ද? අති විසෙස් මත්පැන් බෝතල කීයක් මිලට ගත හැකි ද?

      Delete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.