Sunday 25 December 2016

නිවාඩු සමය සඳහා හස්බන්ඩලාට සහ වයිෆරේලාට න්‍යාය පත්‍රයක් - I watched four good movies in two days


මගේ වසරාවසාන නිවාඩුව සිකුරාදා දවස් එකොළහයි පාළහට ඇරඹුණි.

එදින රාජ්ජසේවකයින් වූ අපට වරුවක සහන නිවාඩුවක් තිබේ. ඒ සඳහා උදේ වරුව වැඩ කළ යුතු වේ. මේ දිනවල මට එතරම් වැඩ රාජකාරි නොමැති නිසා කලින් දිනයක මෙන් නොව නිවාඩු පාඩුවක් නැතුව වරුවක සහනය ලබා ගන්නට මට ඉඩ ලැබුණි.

උදෑසන හතයි හතළිස් පහට ඔෆීසියට ගිය මට එකොළහයි පාළහට එතැනින් පිටත් වෙන්නට ලැබුණේ එනිසා ය.

දැන් ඉතිං ජනවාරි නමවෙනිදා වෙනතුරු ඔෆීසි යාමක් නැත.

නිවාඩු සමය ගත කරන හස්බන්ඩලාට සහ වයිෆරේලාට පවුලේ සාමය රැකගෙන නිවාඩුව ගත කිරීම සඳහා පහත න්‍යාය පත්‍රය යෝජනා කරමි.

හස්බන්ඩලා ගේ න්‍යාය පත්‍රය
  • ඔබේ න්‍යාය පත්‍රය අමතක කරන්න
  • වයිෆරේගේ න්‍යාය පත්‍රය අනුගමනය කරන්න

වයිෆරේලා ගේ න්‍යාය පත්‍රය
  • හස්බන්ඩා නිවාඩු සමය ගත කළ යුතු ආකාරය ගැන න්‍යාය පත්‍රයක් සාදන්න
  • ඒ අනුව කටයුතු කෙරෙන්නට වග බලා ගන්න!

කෙසේ වෙතත්, ගෙවුණු දින දෙකක කාලය තුළ සතුටු විය හැකි දේ කිහිපයක් ම කළෙමි. ඉන් එකක් මුල් වරට යම් ආහාරය වර්ගයක් පිළියෙල කිරීමයි. එය තාමත් අවසන් නැති නිසා, ඊට වඩා වැදගත් දෙයක් ගැන අද ලියමි.

නිවාඩු සමය සැමරීමට චිත්‍රපට කිහිපයක් ම නැරඹුවෙමි. සිනමා ශාලාවලට ගොස් නොවේ. නිවසේ සිට අන්තර්ජාලය හරහා ටෙලිවිෂනය ඔස්සේ ය. මේ චිත්තරපට සියල්ල "නෙට්ෆ්ලික්ස්" නමැති සේවය ඔස්සේ අපට අවශ්‍ය පරිදි ලබා ගත හැකි ඒවා ය.

කෙටි විස්තරයක් ද සහිතව ඒ ලයිස්තුව මෙන්න. මෙයින් හතරක් ම නැරඹුවේ පසුගිය දින දෙක තුළ වීම වාර්තාවකි.

1. ලයිෆ් ඊස් බියුටිෆුල් (*****)
දෙවෙනි ලෝක යුද සමයේ යුදෙව් ඉතාලියානුවෙකු සහ ඔහු ගේ බිරිඳ සහ කුඩා දරුවා පිළිබඳ සංවේදජනක කතාවක් ඇතුළත් ය.

2. ඉන්වෙස්ටිගේෂන් (****)
තමිල්නාඩු පොලිසියේ දුෂණ හෙළි කරන සත්‍ය කතාවක් මත පදනම් වූ චිත්‍රපටයකි.

3. මසාන් (***)
ඉන්දියාවේ වාරාණසී ප්‍රදේශයේ තරුණ පෙම්වතුන් මුහුණ දෙන ප්‍රශ්න සාකච්ඡා කෙරෙන චිත්‍රපටයකි.

4. ඩෙල්ලි ඉන් එ ඩේ (****)
දිල්ලි නගරයේ ධනවත් පවුලක් සමග එක් රැයක් ගත කරන්නට එන ඉංග්ලිෂ් තරුණයෙකු වටා ගෙවුණු කතාවකි.

5. ලුක් හූ ඉස් බැක් (*****)
හිට්ලර් වර්තමානයට එයි. මුලින් විකාරරූපී කතාවක් යැයි සිතුණ ද, ඇත්තටම සීරියස් කතාවකි.

6. ධනක් (****)
තම අන්ධ බාල සොහොයුරාට යළිත් පෙනීම ලබා දීම සඳහා සිතීමට අපහසු තරම් දුෂ්කර ගමනක යෙදෙන කුඩා දැරියක ගේ කතාව

7. වන් තවුසන්ඩ් රුපීස් (*****)
මේ චිත්‍රපට සියල්ල ම අතරින් ඉතාමත් සිත ඇදගත් නිර්මාණයයි. දුප්පත් මහලු ගැමි කාන්තාවක ගේ ජිවිතය හදිසියේ ම වෙනස් වෙන අයුරු.

හැපි හොලිඩේස් ගයිස්

ආතල්බෝවේවා!

-රසිකොලොජිස්ට්

25 comments:

  1. මේවා Netflix තියනවා නේද

    ReplyDelete
    Replies
    1. /* මේ චිත්තරපට සියල්ල "නෙට්ෆ්ලික්ස්" නමැති සේවය ඔස්සේ අපට අවශ්‍ය පරිදි ලබා ගත හැකි ඒවා ය. */

      Delete
  2. //හස්බන්ඩලා ගේ න්‍යාය පත්‍රය
    ඔබේ න්‍යාය පත්‍රය අමතක කරන්න
    වයිෆරේගේ න්‍යාය පත්‍රය අනුගමනය කරන්න//
    නිවාඩු කාලෙට විතරද?

    ReplyDelete
    Replies
    1. මම නම් දැන් හැම කාලෙටම ඒ න්‍යය අනුගමනය කරනවා.නැතිනම් ඉන්න වෙන්නේ නැහැ.

      Delete
    2. දිනපතා අනුගමනය කිරීමෙන් යහපත් ඵල ලැබේ. නිවාඩුව අවසාන වී යළිත් ඔෆීසියට ගිය පසු බොසී ගේ න්‍යාය පත්‍රයට අනුව එහිදී වැඩ කටයුතු කරමි!

      Delete
  3. //හිට්ලර් වර්තමානයට එයි. මුලින් විකාරරූපී කතාවක් යැයි සිතුණ ද, ඇත්තටම සීරියස් කතාවකි.//
    හිට්ලර් වර්තමානයට එන කතා කොහොමත් සීරියස්!

    ReplyDelete
    Replies
    1. ඒ බව තේරුණේ අවසානයේ දී යි!

      Delete
  4. හිට්ලර් වර්තමානෙට ආපුව ලංකාවෙ අපි නම් ෆිල්ම් හෝල් වලට නොගිහින්ම දැක්ක

    ReplyDelete
    Replies
    1. හිට්ලර් ගියා, චැප්ලින් ආවා!
      ඇඩ්රස් නෑ!!

      Delete
    2. මාත් හෝල් එකට ගියේ නෑ, යූ ටියුබ් එකෙන් නැරඹුවේ!

      Delete
  5. අපි නම් පට්ට ෆිල්ම් ටිකක් පහුගිය කාලෙ නිවාඩු නැතුවම බැලුව සිංහල බ්ලොග්කටු ටිකට පින් සිද්ද වෙන්න. එකක බේබදු ගයිඩෙක් තට්ටයෙකුට කුණුහරුප වපුරෝගෙන මෝඩ චන්ඩියාගේ පාට් එක රඟපෑව .ඉල ඇදෙන විහිලු ඔක්කාරෙට එන සටන් සහිත ඒකෙ නම මේ සිකුරු සෙනසුරු ගයිඩ් මැවිසුරු වගේ එකක්.තව එකක් ගියා පැන්සොන් ගිය කාකි සුට් කාරයෙක් ජෝකර් පාට් එක රඟපාපු රණබිමෙන් අධෝවාතයක් දෝ මොකද්ද නමක් තියෙන එකක්.ඔව්වනේ ෆිලුම්.නෙට්ෆ්ලික්ස් ඕන් නෑ ඔය බ්ලොග් කටුවල ආකයිව් සර්ච් කලා නම් හොයා ගත්තකි

    ReplyDelete
  6. ලයිෆ් ඊස් බියුටිෆුල් මගේ කැමතිම ෆිල්ම් එක.

    ReplyDelete
    Replies
    1. ඒකත් මුලින් මං එතරම්ම කැමැත්තෙන් නොවෙයි බැලුවේ!

      Delete
  7. ආතල් රැගෙන නව වසරේදිත්
    මිතුර එන්න අප හමුවට
    රසික ඔබට ආයුබෝවේවා!

    ReplyDelete
  8. "හස්බන්ඩා සහ වයිෆණිකා" විය යුතුයි නේද?

    ReplyDelete
    Replies
    1. හස්බණ්ඩාර සහ වයිෆමාරිහාමි කියමු!

      Delete
  9. "ධනක්" අපූරු ච්ත්‍රපටයක්.

    ReplyDelete
  10. මම නම් නිවාඩුවට බැලුවේ Planet Earth 11 සීරිස් එකේ කොටස් 3ක්, The Wailing කොරියානු චිත්‍රපටය, Last of Sheila, නෙට්ෆ්ලික්ස් ඔස්සේ Fauda නම් ඊශ්‍රායල් ටෙලි සීරිස් එක

    ReplyDelete
    Replies
    1. මෙහේ තියෙනවා එස්බීඑස් කියා ටෙලිවිෂන් චැනලයක්. ඒකේ අන්තර්ජාතික චිත්‍රපටි වැහි වැහැලා. ඔන් ඩිමාන්ඩ් බලන්නත් හැකියි!

      Delete
  11. "5. ලුක් හූ ඉස් බැක් (*****)"
    මේ කියන්නෙ මේ ෆිල්ම් එක ගැන නේද?
    http://m.imdb.com/title/tt4176826/

    පුලුවන් නම් ෆිල්ම් වල imdb ලින්ක් ටිකත් දැම්ම නම් අගෙයි..

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.