Tuesday 9 May 2017

හිරිමල් වයස හෙවත් දාසයයි මාසයයි - Fatherly thoughts


මගේ ජීවිතයේ දාසයවෙනි උපන්දින සැමරුම උදාවෙන විට මා ඉගෙනුම ලබමින් සිටියේ මා "සිව් වසරක් ගත කළ මරදානේ" ආනන්ද විද්‍යාලයේ එකොළොස්වෙනි ශ්‍රේණියේ ය.

කාලයත් සමග සියල්ල වෙනස් වුව ද, ඒ දිනවල අපේ පවුල්වල උපන්දින සැමරීමට උත්සව පැවැත්වීමක් නොවුණි. මට මතක ඇති කාලයේ සිට වසරකට වරක් එළැඹෙන ඒ උපන් දිනය ද, ජීවිතයේ තවත් එක් දවසක් පමණක් විය.

නමුත්, මා අටවෙනි ශ්‍රේණියේ සිටි කාලයේ දී පමණ එකල ගලහිටියාව මධ්‍යම විද්‍යාලයේ ශාලාවක සති අන්තයේ සෙනසුරාදා දිනවල පැවත්වුණු කුකරි පන්තියකට ගොස් කේක් සෑදීමට ඉගෙන ගත් අපේ අම්මා, මල්ලිලා දෙදෙනාගේත්, මගේත් උපන්දින සැමරීමට ඩේට් කේක් නම්, සාමාන්‍ය බටර් කේක්වලට වඩා ඉතා රසවත්, කේක් වර්ගයෙන් කිලෝවක පමණ කේක් ගෙඩියක් සාදන්නට පටන් ගත්තා ය.

නමුත් ඉටිපන්දම් පත්තු කිරීමක් හෝ "හැපි බර්ත්ඩේ ටූ යූ!" ගීය ගායනා කිරීමක් හෝ කිසි දිනෙක සිදු නොවුණි.

මේ අතීතාවර්ජනය නිතැතින් ම සිදුවුණේ, අදට යෙදෙන අපේ පුතා ගේ උපන් දිනය සඳහා සටහනක් ලිවිය යුතු යැයි සිතට ආ මොහොතේ ය.

අද එළැඹෙන්නේ ඔහු ගේ ජීවිතයේ දහසයවෙනි උපන්දින සැමරුම යි. හෙට සිට අපේ පුත්‍රයා, ජීවිතයේ දාහත්වෙනි වසර අරඹයි.

පුතා ගේ පහළොස්වෙනි උපන් දින සැමරුම දා මා රසිකොලොජියේ පළ කළ "පුතාගෙන් අතීතය දැකීම - Back to the future" ලිපියේ මා සඳහන් කළේ ඔහු පොත් කියවීම අඩු බවයි. ඒ දියණිය සම වයසේ දී කළ කී දෑ පිළිබඳ මතකය අනුව කළ සංසන්දනාත්මක නිරීක්‍ෂණයකි. නමුත්, පුතා ගේ පරම්පරාවේ හිරිමල් තරුණ තරුණියන් අද ගත කරන්නේ මුද්‍රිත පොත් කියවන, පෑනෙන් අකුරු ලියන යුගයක් නොවන බව ද මම ඒ සටහනේ සඳහන් කළෙමි.

තමන් උපන් ඕස්ටේ‍ර්ලියානු ප්‍රාන්තයෙන් වෙනත් ප්‍රාන්තයකට දෙමව්පියන් සමග පදිංචිය වෙනස් කරන්නට සිදුවුණු නිසා, අවුරුදු හතරහමාරෙන් 2006 ජනවාරියේ දී පාසල් යෑමට වරම් ලද, අපේ පුතා, මේ ගෙවන්නේ පාසල් දිවියේ දොළොස් වෙනි වසරයි.

එනම්, ඔහු දැන් ඉගෙනුම ලබන්නේ එකොළොස් වෙනි ශ්‍රේණියේ ය. ලබන වසර අවසානයේ ඔහු විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගයට පෙනී සිටිනු ඇත.

අධ්‍යාපනයේ අරමුණ යනු ඉහළ විභාග ප්‍රතිඵල ලැබීම නොවන බව කට කැඩෙන තුරු විවිධ ප්‍රාඥයින් ප්‍රකාශ කළ ද, ප්‍රායෝගිකව වැදගත් වෙන්නේ කුමක් දැයි අපි හොඳින් දනිමු.

මගේ පාසල් ජීවිතයේ දී මුහුණ දුන් විභාගවලදී මා හොඳම ලකුණු ලබ ගත්තේ පහේ පන්තියේ දී ය. එතැන් සිට උසස් පෙළ දක්වා මා කළේ 87% සිට 69.25% දක්වා මහා පල්ලම් බැසීමකි.

මා මුහුණ දුන් ඒ පහේ පන්තියේ විභාගයට සමාන විභාගයේ දී අපේ පුතා ලබා ගත්තේ ලකුණු 69.67% පමණකි. නමුත්, එතැන් සිට ඔහු කළේ තාත්තා මෙන් පල්ලම් බැසීමක් නොව මහා කන්දක් නැගීම ඇරඹීමයි.

ඒ ගමනේ විවිධ සලකුණු දැන් දැන් විද්‍යාමානවෙමින් පවතී.

ඊයේ ලැබුණු පුවතකින් කියවුණේ ඔහු ඉගෙන ගන්නා එක් විෂයයක් සඳහා පසුගිය දිනවල පැවති වාර පරීක්‍ෂණයේ දී පුතා ශ්‍රේණියේ ඉහළම ලකුණු ලබා ඇති බවයි.

ඒ ඇසූ මගේ දෙනෙත පවා සංවේදී විය!

-රසිකොලොජිස්ට්

38 comments:

  1. පුතාට ශුභ උපන් දිනයක්!

    ReplyDelete
    Replies
    1. අපේ සුභ පැතුම්වලට අමතරව පුතාට ඊයේ සාමාන්‍ය දිනයක් පමණයි. සැමරුම සිකුරාදාට කල් දැම්මා.
      ස්තුතියි.

      Delete
  2. // ඊයේ ලැබුණු පුවතකින් කියවුණේ ඔහු ඉගෙන ගන්නා එක් විෂයයක් සඳහා පසුගිය දිනවල පැවති වාර පරීක්‍ෂණයේ දී පුතා ශ්‍රේණියේ ඉහළම ලකුණු ලබා ඇති බවයි.

    ඒ ඇසූ මගේ දෙනෙත පවා සංවේදී විය! //

    MEHEMA THAATHTHA KENEK MATATH HITIYA NAM.......! :(

    ReplyDelete
    Replies
    1. මේ අකුරු කියවීමට වෙහෙසක් ගන්න වෙනවා.

      මෙන්න මේ සේවය භාවිතා කරන්න.
      http://ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

      Delete
  3. පුතාට සුභ උපන්දිනක්....!!!


    ජ ය වේව ා!!!

    ReplyDelete
    Replies
    1. සැමරුම සති අන්තයේ ය.
      ස්තුතියි!

      Delete
  4. පුතුට සුභ උපන්දිනක් !!

    ReplyDelete
    Replies
    1. සැමරුම සති අන්තයේ ය.
      ස්තුතියි!

      Delete
  5. පුතාට සුබ උපන් දිනයකට ආසිරි සමගින් යහපත් අනාගතයක් ප්‍රාර්ථනා කරමි ! දරුවන්ගේ දක්ෂතා වලින් දෙමවුපියන් කෙතරම් සතුටු වෙනවාද කියා මට දැඩිව දැනුන අවස්ථාව තමයි විශ්ව විද්‍යාලයට තේරුන දවසේ තාත්තාගේ ඇස්වල තිබුන කඳුළු.

    p.s. රසිකොලොජිය මාතලන්ගෙ සින්ඩියෙන් ගලවලද? පරණ ලිපි කිහිපයක් මගහැරුණා.

    ReplyDelete
    Replies
    1. ඇත්ත තමයි. මාත් මාතලන්ගේ සින්ඩිය භාවිතා කරන්නේ. රසිකගේ බ්ලොග් එක දුටුවේ නෑ එහි. දැනුත් මේ මතක් උන නිසා මේ පැත්තේ ආවේ. රසික මේ බ්ලොග් අඩවිය එහි අප්ඩේට් වෙන්නේ නැත්තේ ඇයි දැයි කියා සොයා බලා මාතලන්ට ඊමේල් එකක් දාන්නකෝ. නැත්තම් මිස් වෙනවා මේකේ පොස්ට්.

      Delete
    2. තාත්තලා අඬන්නේ අඩුවෙන්!
      ස්තුතියි.

      Delete
  6. පුතුට සුබ උපන් දිනයක් මෙන්ම දීප්තිමත් අනාගතයක් පතමි.... මෙවන් පුතුන් ලද මාපියෝ වාසනාවන්තයෝ වන්නාහ. ඔබේ දෙනත තුටු කඳුළින් තෙත්වීම අරුමයක් නොවේ.

    ReplyDelete
    Replies
    1. ඒ එක්කම මතක් වුණා ඔබේ පියා හැමදාමත් බලා සිටි ඔබේ ආචාර්ය උපාධි නිබන්දනය පිළිබඳ
      ඔබ ලියූ සටහන.

      Delete
    2. තමන්ට කිරීමට නොහැකිවුණු දේ දරුවන් කරනවා දකින්න දෙමව්පියන් කැමතියි.
      ස්තුතියි නලීන්.
      මිලියනයට සුභ පැතුම්!

      Delete
  7. සුබ උපන් දිනයක් පුතාට....!

    ReplyDelete
  8. සුබ උපන්දිනයක් පුත්‍රයාට... බ්ලොග් එකක් ලියන්න පටන් ගන්න වයස හරි :)

    ReplyDelete
    Replies
    1. ලිව්වොත් බ්ලොග් තමයි.
      ස්තුතියි තිසර.

      Delete
  9. පුතාට සුබ උපන්දිනක්...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.
      මෙන්න තිසර වගේ ම තවත් හිටපු බ්ලොග්කරුවෙක්!

      Delete
  10. පුතාට සුභ උපන්දිනයක් වේවා

    ReplyDelete
  11. සංවේදී සටහනක් ! පුතාට සුභ උපන් දිනයක්!!!

    ReplyDelete
  12. වෙසක් උත්සවය සැමරීමට ශ්‍රී ලංකාවට සැපත් වන ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරන්දර ශ්‍රීමත් නරේන්ද්‍ර සිං මෝදී මැතිතුමාට බුදුබව පාර්ථනා කරමු.

    ReplyDelete
    Replies
    1. මිහිඳු හිමිගේ දෙවෙනි ගමන නේද?

      Delete
  13. පුතාට සුභ උපන්දිනයක් වේවා !!!

    ReplyDelete
  14. සහරා කාන්තාරෙයි , ඇමේසන් වනාන්තරෙයි වගේ ෆොටෝ එක

    ReplyDelete
  15. සුභ උපන් දිනක්

    ReplyDelete
  16. Wish your son a very happy birthday and a bright future!

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.