මාර්ටින් වික්‍රමසිංහ ගේ "උපන්දා සිට" නම් වූ ස්වයංචරිතාපදානය කියවා මා දැන උගත් කරුණු කිහිපයක් සටහන් කිරීම මේ ලිපියේ අරමුණයි.
දහනමවන ශත වර්ෂයේ වසර 1890 දී උපන් මාර්ටින් වික්‍රමසිංහ ස්වෝත්සාහයෙන් උගත්තෙකි. විවිධ දුක් ගැහැට මැද ජීවිතය අරඹා පසුව පුවත්පත් කතුකම සහ ලේඛකත්වය නිසා සිංහල සමාජයේ පොත් පුවත්පත් කියවන පිරිස අතර ඉහළ ප්‍රසිද්ධියක් ලද්දෙකි.
මාර්ටින් වික්‍රමසිංහ ගේ වඩාත් ජනප්‍ර්‍රිය වැඩි දෙනෙකු කියාවා ඇති කෘතිය "මඩොල්දූව" බව නිසැක ය. "ගම් පෙරළිය" ද, සිංහල භාෂාව පිළිබඳ විභාගවලට නියමිත පොතක් නිසා වැඩි පිරිසක් කියවා තිබේ යැයි සිතමි. ඔහු ගේ වඩාත් ආන්දෝලනයට ලක්වූ කෘතිය වූයේ "බව තරණය" යි.
සිද්ධාර්ථ ගෙෘතම ගේ ජීවන චරිතය ආශ්‍රයෙන් ලියවී තිබුණු "බව තරණය", එ නිසා ම, පොත කියවූ, නොකියවූ පිරිසක ගේ විරෝධතාවයට ලක් විය. එවකට, ලංකාවේ බෞද්ධ තලිබාන්කරනය අද තරම් පැතිර නොතිබුණු නිසා, ඒ විරෝධය අකුරු මගින් කෙරෙන ප්‍රහාරයන්ගෙන් ඔබ්බට නොගියේ ය.
අද දවසේ ඒ කෘතිය ලියවුණා නම්, බොඩු බාල සෙන්නා වැනි අන්තවාදී පිරිස් තම වාලධි ඔසවා ගෙන, මාර්ටින් වික්‍රමසිංහ එල්ලුම් ගහට යැවිය යුතු යැයි විරෝධතා නගනු ඇති බවට නො අනුමානය!
දැන් මෙන්න මාර්ටින් වික්‍රමසිංහ ගේ "උපන්දා සිට" නම් වූ ස්වයංචරිතාපදානය කියවීමෙන් මා දැන උගත් දේ ලයිස්තුව.
- පොඩි කාලේ සිට අපි කතන්දරවල ගමරාල නමින් හැඳින්වෙන චරිත ගැන අසා ඇත්තෙමු. නමුත්, සාමාන්‍යයෙන් ගරුසරු සහිතව වෙද මහත්තයා හෝ එවැනි අයුරකින් ඇමතුම් ලබන ගමේ වෙදාට, මාර්ටින් වික්‍රමසිංහ උපන් දා සිට කෘතියේ අමතන්නේ වෙදරාල කියායි. මඩොල්දූවේ ද, වෙදරාල යන්න යෙදුණු බවට මතකයක් ද මට ඇත.
- අද ලියන භාෂාවේ භාවිතා වෙන "විය" යන වචනය වෙනුවට මාර්ටින් වික්‍රමසිංහ ලියා ඇත්තේ වී ය යනුවෙන් බවද මම නිරීක්‍ෂණය කළෙමි.
එනම්, "එය එසේ සිදුවිය" හෝ "එය එසේ සිදු විය" කියා අප ලියන වාක්‍යයක් මාර්ටින් වික්‍රමසිංහ ලියන්නේ "එය එසේ සිදු වී ය" යනුවෙනි.
- සැතපුම යන මිනුම දක්වන වචනය වෙනුවට මාර්ටින් වික්‍රමසිංහ යොදා ඇත්තේ "මයිල" යන වචනයයි. මයිල් යන ඉංගිරිසි පදයෙන් වාත්තු කරගත් මයිල යන්න අද කාලයේ සිහි කරවන්නේ සමෙන් මතුවෙන රෝමකූප පමණි.
මේ ආකාරයෙන් ම වාත්තු කරගෙන ඇති මිනිත්තුව, පනිට්ටුව, බිස්කට්ටුව, පෙරෙට්ටුව වැනි වචන නම් අද ද භාවිතයේ පවතී.
- "තාන් රෙදි" නමින් යෙදුමක් උපන් දා සිට කෘතියේ කීප වතාවක් යොදා තිබෙනු දුටුවෙමි. මෙයින් අදහස් වෙන්නේ තුනී රෙද්දක් යැයි මා මුලින් සිතුවත්, එහි නිවරැදි තේරුම අලුත් රෙද්දක් බව පසුව වටහා ගතිමි.
- තමා උපන් දා සිට වසර පනහකට වඩා ජීවිත කාලය ගැන ලියවී ඇති මේ කෘතියේ මාර්ටින් වික්‍රමසිංහ සඳහන් කර ඇති එක් නොවැදගත් යැයි පෙනෙන සිදුවීමක් මට මුලින් ගෙන දුන්නේ පුදුමයකි.
ඒ සිදුවීම මෙසේ ය.
මාර්ටින් වික්‍රමසිංහ තම ඥාතියෙකු ගේ මඩකලපුවේ පිහිටි සිල්ලර බඩු කඩයක සේවය කරන සමයේ එහි විත් බඩු තෝරමින් සිටින එක්තරා ඉංගිරිසි ජාතික කාන්තාවක ගේ අතක යමක් ගෑවෙයි. මෙය දුටු මාටින් වික්‍රමසිංහ කරන්නේ තාන් තුවායක් ගෙන ඇගේ අත පිස දැමීමයි.
දශක ගණනාවකට පසු තම ස්වයංචරිතාපදානය සකසන විට මෙලෙස විස්තර කර ලියන්නට මාර්ටින් වික්‍රමසිංහ පෙළඹවූ ඉහත සිදුවීමේ වැදගත්කම කුමක්ද?
ස්වදේශිකයින් සහ විදේශිකයින් අතර යටත් විජිත සමයේ තිබුණු විශාල පරතරය නිසා ඉහත සිදුවීම තම ජීවිත කතාවට ඇතුළත් කිරීමට තරම් ඉතා වැදගත් එකක් සේ මාර්ටින් වික්‍රමසිංහට සිතුණා විය හැක.
නමුත්, මට සිතෙන්නේ ඒ නොවැදගත් සිදුවීම විස්තර කිරීමට හේතුව මාර්ටින් වික්‍රමසිංහ ගේ කුමර බඹසර බිඳුනේ ඒ ඉංග්‍රීසි ජාතික කාන්තාව ගේ අත ඇල්ලූ මොහොතේ නිසා බවයි!
- උපන් දා සිට කෘතියේ මගේ අවධානය යොමු වූ තවත් වැදගත් කොටසක් නම් 1915 බෞද්ධ-මුස්ලිම් කෝලාහලය පැන නැගුණු මොහොතේ මාර්ටින් වික්‍රමසිංහ හැසිරුණු ආකාරයයි.
අනිවාර්යෙන් ම මාර්ටින් වික්‍රමසිංහට මැරයින් සමග සම්බන්ධතා තිබී ඇත. තම මැර මිතුරන් කරත්තයක නැගී, කඩු කිනිසි මුගුරු රැගෙන, ගාල්ල බලා යද්දී මාර්ටින් වික්‍රමසිංහ ඒ පිරිස හා එකතුවන්නේ කිසිදු ප්‍රායෝගික විරෝධතාවක් නොදක්වමිනි. ඔහු ඒ ගමන නිහඬතාවයෙන් අනුමත කළා පමණක් නොව සහභාගීත්වයෙන් සහයෝගය ද දක්වා ඇත.
රෑ බෝ වී ගාල්ලේ මුස්ලිම් ප්‍රජාව සිටින ප්‍රදේශයට මාර්ටින් වික්‍රමසිංහ ඇතුළු මැර පිරිස ළඟාවන විට ඔවුන් එහි එන බව දැන ඔවුන් පිළිගන්නට එහි රැඳී සිටින්නේ පොලිස් නිලධාරීන් සහ ගම්මුලාදෑනී පිරිසකි.
පසුව ආණ්ඩුවේ ඒජන්ත ද එහි පැමිණේ.
සිදුවී ඇත්තේ මෙයයි.
කඩුූ කිනිසි මුගුරු රැගෙන කරත්තයකින් කොග්ගල සිට ගාල්ල බලා පිටත් වූ ඒ මැර පිරිසේ ජාතිවාදී පරමාර්ථය දැන ගත් ගමේ ඥාතීන් මේ ගැන සඳහන් විදුලි පණිවිඩයක් පොලිසියේ ලොක්කාට එවා ඇත.
ජාතියේ වාසනාවකට, මාර්ටින් වික්‍රමසිංහ සහ මැර පිරිස රැගත් කරත්තය ගමනාන්තයට ළඟාවෙන විට ඔවුන්ගේ ආගමනය පිළිබඳ පුවත රැගත් විදුලි පණිවිඩය ආරක්‍ෂක අංශවලට ලැබී තිබුණි.
ජාතිවාදී අපරාධ ක්‍ර්‍රියාවක් මාර්ටින් වික්‍රමසිංහ ඇතුළු මැර පිරිස අතින් සිදුවෙන්නට පෙර එය වළක්වාගැනීමට හැකි වුණු නිසාත්, විවිධ දැන ඇඳුනුම්කම් නිසාත්, චෝදනා නො ලබා, අත් අඩංගුවට පත් නොවී නිරුපද්‍රිතව ආපසු තම ගම් පෙදෙස බලා යන්නට ඔවුනට ඉඩ ලැබේ.
පෙර කී විදුලි පණිවිඩය නොවන්නට එදා මාර්ටින් වික්‍රමසිංහ ඇතුළු මැර පිරිස මුස්ලිම් කඩ කඩන්නට සහ මුස්ලිම් වැසියනට පහර දෙන්නටත්, අප දන්නා මාටින් වික්‍රමසිංහ නම් මහා ලේඛකයා වෙනුවට, හෙන්රි පේද්‍රිස් ආකාරයේ තවත් ජාතික වීරයෙක් බිහිවීමටත් ඉඩ තිබුණු බව පෙනේ.
-රසිකොලොජිස්ට්
(image: http://archives.dailynews.lk/2009/07/31/fea27.asp)
// මාර්ටින් වික්‍රමසිංහ උපන් දා සිට කෘතියේ අමතන්නේ වෙදරාල කියායි.
ReplyDeleteකුල කේස් වලටත් මෙහෙම වෙනව නේ!
ඇත්තටම ඔහු කියන්නේ වෙදා කියායි!
Delete(page 162, 2009 print)
ReplyDeleteබව තරණය කියෙව්වා. මට නම් අවුලක් නැහැ. බඩු සේනා ව ට නම් ඉතිං අවුල් වේවි තමයි.
1) වෙදරාළ කියන යෙදුමත් තව පොත් ගොඩක තිබුනා මතකයි. බැද්දේගමත් වෙදරාළ කෙනෙක් ඉන්නවා නේද?
2) 'වී ය' ගැන අහන්න ඕනේ සිංහල ස්කොලර් කෙනෙක් ගෙන් තමයි... 'ය' දාන්නේ අගට ඉවර කරන්න වගේ නිසා ඒක වචනයේ කොටසක් නෙමෙයි කියල සලකන්න ඇති සමහර විට.
4) තාන් රෙදි කියල කියනවා තමයි දකුණු පැත්තේ නම්.
5) උපන්දා කියෙව්වා වගේ මතකයි . ඒත් ඔහොම සිද්ධියක් මතක නෑනේ. ආයේ හොයාගෙන කියවන්න වෙනවා. මගේ 90% පොත් පුස්තකාල වලින් කියෙව්ව ඒවා නිසා ළඟ නැති එකේ පාඩුව තමයි.
ඇත්තටම ඔහු කියන්නේ වෙදා කියායි!
Delete(page 162, 2009 print)
/පෙර කී විදුලි පණිවිඩය නොවන්නට එදා මාර්ටින් වික්‍රමසිංහ ඇතුළු මැර පිරිස මුස්ලිම් කඩ කඩන්නට සහ මුස්ලිම් වැසියනට පහර දෙන්නටත්, අප දන්නා මාටින් වික්‍රමසිංහ නම් මහා ලේඛකයා වෙනුවට, හෙන්රි පේද්‍රිස් ආකාරයේ තවත් ජාතික වීරයෙක් බිහිවීමටත් ඉඩ තිබුණු බව පෙනේ./
ReplyDelete'දිගාමඬුල්ලේ ආශ්චර්යය' ලියූ මහානාම රාජපක්ෂ (මායා රංජන්) ද 1958 ජාතිවාදී කෝලාහලයේදී ඔහු එවක ජීවත් වූ ප්‍රදේශයේ අහිංසක දෙමළ පිරිස් මරා ඔවුන්ගේ ගෙදර දොර ගිනි තැබීමට සක්‍රියව හවුල් වූ පුද්ගලයෙක්. සිංහල ජාතිය බේරා ගැනීම පිණිස එසේ කළා යැයි ඔහු ආඩම්බරයෙන් ලියා තිබෙනවා. එදා සාපේක්ෂව යහපත් හා උගත් මිනිසුන් පවා කල්පනා කළ හැටි වෙනස් බවයි පෙනෙන්නේ.
//දිගාමඬුල්ලේ ආශ්චර්යය' ලියූ මහානාම රාජපක්ෂ (මායා රංජන්) ද 1958 ජාතිවාදී කෝලාහලයේදී ඔහු එවක ජීවත් වූ ප්‍රදේශයේ අහිංසක දෙමළ පිරිස් මරා ඔවුන්ගේ ගෙදර දොර ගිනි තැබීමට සක්‍රියව හවුල් වූ පුද්ගලයෙක්. ///
Deleteකරුණාකර මේ චෝදනාව සදහා සාධක මොනවාදැයි කිව හැකිද ?
ඔහුම ලියූ දේවල්.
Delete1983 ජූලි කාලයේ මහරගම ප්‍රදේශයේ දෙමළ කඩ කඩන්න නායකත්වය දුන්නේ විශ්ව විද්‍යාල ආචාර්යවරයෙක්. පසුව ඔහු රුහුණු විශ්වවිද්‍යාලයේ මහචාර්යවරයෙක් වුණා.
ReplyDeleteමාර නිරික්ෂණ ටිකක්. ආයි පොත කියවන්නම පොළඹවන සුළු වී ය.
ReplyDeleteමඩකලපුව- කස්ටර්මර් කෙයා.-මඩකලපු සංස්ක්රුතිය එහේ ඒක සාමාන්‍ය වුනත්,දකුනේ සිංහල මාටින්ට ඒක අලුත් අත්දැකිමක්.අපරාදේ සපත්තු කඩේක වැඩටයි යන්න තිබුනේ. එහෙනම් ඉතින් දනගහන් කකුල් පිහදාමින් සපත්තු 100 ක් විතර දමන්න වෙනවා එකක් තෝරගන්න කම්.
ReplyDeleteමාර්ටින් වික්‍රමසිංහ ඇත්ත ලියපු එක ගැන අපි සතුටු විය යුතුයි...
ReplyDeleteමොකෝ ඔය දකුණේ උන්ට සුළු ජාතින් පට්ට ඇලජික්... අපි පොඩි කාලේ දකුණේ මුස්ලින් ජනතාව සමඟ ගැටුම් කීපයක්ම ඇති උනා.. ඔතන ඔය ගාල්ල කියන්නේ "දෙවට" කියන ප්‍රදේශය වෙන්න ඕන.. ගේම් යන්නේ ඔය දෙවට කියන ප්‍රදේශයෙයි, සරෙන්තු කඩේ කියන ප්‍රදේශයෙයි.. ප්‍රධානම හේතුව බිස්නස් කේස් හරහා මතුවන ඉරිසියාව..
මාතලන් උබ ගාල්ලෙද
Deleteතාත්තා උණවටුනේ...
Deleteඅම්මා ගාල්ලේ මහින්දෙ පිටිපස්සේ දං ගෙදර
"රාල" යන්න අතීතයේ සිටම ගරුත්වයක් දනවන දෙයක් . එදිරිල්ලෙරාල, කොහුකුඹුරේ රාල, මීගමුවේ රාල ආදීන් ඉහල හෝ ඉහල මධ්‍යම ප්‍රභූන්. මන් හිතන්නෙ ඊට ටිකක් පහල ස්ථරයක සිටි ගමේ වැදගතුන්ටත් එය පසුව යෙදුනා.
ReplyDeleteදැන් අපේ පුරුද්ද අතිශ්යෝක්තියෙන් ගරු නම්බු දීම නිසා අපිට වෙදරාල මදිවගේ හිතෙනව.
ඇත්තටම ඔහු කියන්නේ වෙදා කියායි!
Delete(page 162, 2009 print)
බොදු බඩු සේනාව දැන් අහෝසියි නේද? බව තරණය අයි කියවන්න ඕනි.. උපන්දා සිට ඊට පස්සේ කියවන්න ඕනි :)
ReplyDeleteMartin e dawas wala pana nagunu kamkaru warjana waldee palakayange patta gena ohu sevaya karapu puwath path wala lipi liwwa kiyala thibba neda oya pothema.
ReplyDelete//නමුත්, මට සිතෙන්නේ ඒ නොවැදගත් සිදුවීම විස්තර කිරීමට හේතුව මාර්ටින් වික්‍රමසිංහ ගේ කුමර බඹසර බිඳුනේ ඒ ඉංග්‍රීසි ජාතික කාන්තාව ගේ අත ඇල්ලූ මොහොතේ නිසා බවයි!//
ReplyDeleteවෙන්න පුළුවන්. ලැජ්ජාශීලි තිස්සගෙ චරිතය විස්තර කරද්දි මට හිතුනෙ ඔහු තමන්ගෙ චරිතය විස්තර කරනව කියලයි. (අක්කලම එකොලහක්ද කොහෙද මැද්දෙ හැදුන කෙනෙක් නෙව)
මාර්ටින් වික්‍රමසිංහගෙ පොත්වල නොවැදගත් සිදුවීම්වල විස්තර වර්ණනා ඕන තරම්. ඉංග්‍රිීසි පත පොත කියවා ඔහු ලැබූ දැනුම කොහොම හරි රිංගවා ගැනීමට ඔහු හපනෙක්. යුගාන්තයේ එන ඇපැන්ඩිසයිටිස් ශල්‍යකර්මයේ වර්ණනාව බලන්න. කිසිසේත්ම උවමනා නැති තරම් එය දීර්ඝයි. සත්වවිද්‍යාව කායිකවිද්‍යාව ගැන පොත්පත් කිහිපයක්ම ඔහු ලියූවේ ඇයි? තම දැනුම ප්‍රදර්ශනය කිරීම සඳහා පමණයි.
ReplyDeleteඔහු බැංකුවට බැංකිය යන වචනය යොදා ගත්තා
ReplyDeleteමාර්ටින් වික්‍රමසිංහගෙ ඔය පොත ගැන මතකයක් නැහැ."අපේ ගම"නම් කියවා තිබේනවා.අවුරුදු 25 කොල්ලෙක් විදියට තේරුමක් නැතුව ගිය ගමනක් වෙන්නත් පුළුවන් ඔය ගමන.
ReplyDeleteඒ කාලෙ විදුලි පණිවිඩ හරි ඉක්මන්
ReplyDeleteමාටින් වික්‍රමසිංහ 1915 ඒ රාත්‍රියේ වැලිගම යන්නේ මුස්ලිම් ප්‍රජාවට පහරදීමේ අරමුණ ඇතිව නොවන බව මගේ අදහසයි.ඔහුට ජාතිවාදී ඝට්ටන ගැන අත්දැකීමක් තිබුණේ නැත.යාළුවන් සමග එකතුවී යන සෙල්ලම් ගමනකට වඩා බරපතලක් මාටින් වික්‍රමසිංහයන් ඒ ගමනේ දකින්නේ නැත.කොහොමත් කරත්තය පරීකෂා කරන මුදලි ඒජන්තට බොරුවක් නොකියන්නට මාටින් වික්‍රමසිංහ ඇතුළු පිරිසට යුද්ධ නීතිය යටතේ දඬුවම් විඳින්නට සිදුවෙනවා.
ReplyDelete/* අනිවාර්යෙන් ම මාර්ටින් වික්‍රමසිංහට මැරයින් සමග සම්බන්ධතා තිබී ඇත. තම මැර මිතුරන් කරත්තයක නැගී, කඩු කිනිසි මුගුරු රැගෙන, ගාල්ල බලා යද්දී මාර්ටින් වික්‍රමසිංහ ඒ පිරිස හා එකතුවන්නේ කිසිදු ප්‍රායෝගික විරෝධතාවක් නොදක්වමිනි. ඔහු ඒ ගමන නිහඬතාවයෙන් අනුමත කළා පමණක් නොව සහභාගීත්වයෙන් සහයෝගය ද දක්වා ඇත. */
Delete/* කෙසේ වෙතත්, මාර්ටින් වික්‍රමසිංහ ජාතිවාදියෙකු බවට ස්ථිරවම පැවසිය හැකි වෙනත් කරුණු ඔහු ගේ ලියවිලි තුළින් මට හමුවී නොමැති බව ද කිව යුතුය. */
මගේ මතකයේ හැටියටත් හැලපයියා කියන කතාවට එකගවන්නට හිතෙනවා. කොහොම උනත් ආපහු කියවන්න ඕනි.......
ReplyDelete/* අනිවාර්යෙන් ම මාර්ටින් වික්‍රමසිංහට මැරයින් සමග සම්බන්ධතා තිබී ඇත. තම මැර මිතුරන් කරත්තයක නැගී, කඩු කිනිසි මුගුරු රැගෙන, ගාල්ල බලා යද්දී මාර්ටින් වික්‍රමසිංහ ඒ පිරිස හා එකතුවන්නේ කිසිදු ප්‍රායෝගික විරෝධතාවක් නොදක්වමිනි. ඔහු ඒ ගමන නිහඬතාවයෙන් අනුමත කළා පමණක් නොව සහභාගීත්වයෙන් සහයෝගය ද දක්වා ඇත. */
Delete/* කෙසේ වෙතත්, මාර්ටින් වික්‍රමසිංහ ජාතිවාදියෙකු බවට ස්ථිරවම පැවසිය හැකි වෙනත් කරුණු ඔහු ගේ ලියවිලි තුළින් මට හමුවී නොමැති බව ද කිව යුතුය. */
නිර්මාල් දේවසිරි "සිංහල" ජාතිවාදියෙකු බවට ස්ථිරවම පැවසිය හැකි වෙනත් කරුණු මට හමුවී නොමැති බව ද කිව යුතුය
ReplyDelete18 මාටින්ට වඩා 83 නිර්මාල් වර්ගවාදයෙන් වැඩි දෙයක් කර තියේ.
තව යමකට කීමට ඇත්තේ වර්ගවාදය සම්බන්ධ වර්තමාන නිර්ණායක සියවසක් පමණ අතීතයට යෙදීමේ අරුතක් නැතිබවයි. කිසිවක් නිරපේක්ෂ නැත.
වික්‍රමසිංහගේ සත්ව සන්තතියේ පළමු පරිච්චේදය කියවන්නේ නම් දාර්ශනිකව ඔහු කෙතරම් උසස් තැනක උන්නාද කියා නිර්ණය කල හැකිය.
නිර්මාල් නම් ඇයව බිම තියා බොහෝ කල්. නමුත් සුජීව කොකාවලට නම් තවමත් ඇය බිම තැබීමට හැකි වූ බවක් පේන්න නැහැ.
Deleteළමයිනේ, කොකාවල ගුරුතුමා කියන දේවල් වලට ඔව් සර් කියලා පිළි අර ගෙන යමක් කමක් ඉගෙනගනිල්ලා. මෙතුමා ආචාර්ය නලින් ද සිල්වා වගේම අපේ රටේ බිහිවෙච්චි අග්‍රගන්‍ය ප්‍රාඥයෙක්. මේ දක්වා නොබෙල් සම්මානය නොලැබුණේ බටහිර කසිකබල් මාක්ස්වාදී අධිරාජ්‍යවාදී සුද්දන්ගේ තියෙන කුහකකම නිසා.
Deleteසුජීව කොකාවලට බනින ඇතැම් පුද්ගලයන් හට නලින් ද සිල්වා තරම්ව.ත් ප්‍රතිවාදි විවේචනයක් දරා ගැනීමේ හැකියාවක් නැති බව මා දුටු සත්‍යයකි - අඩුම ගානේ ජාතිකවාදියෙක් වුවත් කොකාවල සමග ප්‍රතිතර්ක ඉදිරිපත් කරමින් සංවාදයක පවත්වාගෙන යා හැක
Deleteඇත්ත තමයි ප්‍රති තර්ක ගෙනියන්න පුළුවන්. නමුත් අන්තිමට වාදය අවසාන වෙන්නෙ සුජීව කොකාවල උඹ මොනවද බං දන්නෙ, මම කියන දේ අහගෙන හිටපන් කියන නිගමනයට ඇවිල්ලා.
Deleteඅනේ දැන ගන්න එක්ක අපටත් කියන්නො සුජීව කොකාවල හරි එයාගෙ මල්ලි ඉසුරු මනෝජ් කොකාවල හරි වාදයකදි අනෙකාගෙ මතය පිළිගන්න තරම් නිහතමානි වෙච්චි එක අවස්ථාවක් හරි.
Deleteමාර්ටින් වික්‍රමසිංහ මගේ ප්‍රියතම සිංහල ලේඛකයාය- තෙමේම උගෙන කිසිදු නිල විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් නොලබා ලියන ලද විචාර ග්‍රන්ථ, නවකතා පමණක් නොව සත්ව සන්තතිය වැනි පාඨශාලා විද්‍යා ග්‍රන්ථ අප මවිත කරවන සුලුය. අද ක්‍රමාණුකූල අධ්‍යාපනයක් ලබා තමන් පොරවල් යැයි සිතා ඉන්නා ඇතැමුන් වික්‍රමසිංහ මහතා උපහාසයට ලක්කරන විට ුඇත්තෙන්ම උපහාසයට ලක්වන්නේ ඒ "පොරවල්" මය
ReplyDeleteඔහුගේ "රෝහිණී " වැනි මගේත් ප්‍රියතම පොතක් සැලකුවොත් එහි ඇති වර්ගවාදය දකින රසික කලන්තෙ දානු ඇත :) 1915 සිංහල මුස්ලිම් කෝලාහලය ඇරඹෙන්නේ අද කොටහේනේ කෝවිලේ සිද්ධීයට සමාන සිදුවීමකිනි - එදා නොව අදද මාර්ටින් වැනි තරුණ වයසේ සිටින දකුණේ සාමාන්‍ය සිංහල බෞද්ධයෙකුගේ දනිස් ගැස්මේ ප්‍රතික්‍රියාව වන්නේ තම නෑයන් මෙන්ම තම ජාතිය වෙනුවෙන් පෙනී සිටීමය - එය නිවැරදි නොවුවත් අප සියලු දෙනාම අඩු වැඩි වශයෙන් වර්ගවාදීන් වෙමු - ඊට ඇතැම් විට සාමාජයීය හේතූන් ද තිබිය හැකිය (American History X චිත්‍රපටයේ ඩෙරෙක් වින්යාඩ් ගෙනෙන තර්ක අධ්‍යනය කරන මෙන් රසිකට ආරාධනා කරමි) එහෙත් මාර්ටින් මෙතන සෙල්ලමට යන ගමනක් බවයි මගේ මතකයයි - එය අයිඩියෝලොජිය මගින මෙහෙයවුනු දෙයක් නොවේ - එනම් මේ කාලයේ තිබූ නෛසර්ගික ( inherent) වර්ගවාදය ඔහු අවිඥානිකව අනුමත කළාද විය හැක
එදායින් වර්තමානයට ආවත් මෙහි ලොකු වෙනසක් නැත - වැඩි පිරිසක් (සිංහල මුස්ලිම් දෙමළ) වර්ගවාදීන් වෙති -
/* අනිවාර්යෙන් ම මාර්ටින් වික්‍රමසිංහට මැරයින් සමග සම්බන්ධතා තිබී ඇත. තම මැර මිතුරන් කරත්තයක නැගී, කඩු කිනිසි මුගුරු රැගෙන, ගාල්ල බලා යද්දී මාර්ටින් වික්‍රමසිංහ ඒ පිරිස හා එකතුවන්නේ කිසිදු ප්‍රායෝගික විරෝධතාවක් නොදක්වමිනි. ඔහු ඒ ගමන නිහඬතාවයෙන් අනුමත කළා පමණක් නොව සහභාගීත්වයෙන් සහයෝගය ද දක්වා ඇත. */
Delete/* කෙසේ වෙතත්, මාර්ටින් වික්‍රමසිංහ ජාතිවාදියෙකු බවට ස්ථිරවම පැවසිය හැකි වෙනත් කරුණු ඔහු ගේ ලියවිලි තුළින් මට හමුවී නොමැති බව ද කිව යුතුය. */
රෝහිණී පොතේ මා කිසි වර්ගවාදයක් නොදකිමි. ඒ පොත ගැන මට ඇත්තේ වෙනත් විවරණයකි. ඒ ගැණ පසුව ලියන්නම්.
Deleteළගදීම ලියන්න කියල ඉල්ලා සිටිනවා
Deleteමාර්ටින් වික්‍රමසිංහ මහත්මයාගේ පොත් ඔක්කොම කියවල තිබෙනවා. ජාතිවාදී තත්වය තිබෙන්නේ මුල හරියේ. ඔහු ගේ පසු කාලීන පොත් වලින් ජාතිවාදියා සාමවාදියා pacifist බට රූපාන්තරණය වර්නව දැකිය හැකියි.
ReplyDeletehttp://nelumyaya.com/?p=4449
උඹ දන්න waxball !!
Deleteරසිකගේ ආටිකල් එක නිසාම මම “උපන්දා සිට“ නැවතත් කියවීමට පටන් ගතිමි - දැන් අදාළ කොටසට පැමිණ සිටිමි - මට කියන්නට ඇත්තේ රසිකගේ නිගමන වැරදි බවයි
ReplyDeleteවැලිගම ගමන
මාර්ටින් වැලිගමට යන්නේ තම ඥාතියා වන ඔයිබර්ට් යන නිසාය - ඔයිබර්ට් යන්නේ පැහැදිලිව ගණන්කාරයෙක් මෙන් පෙනෙන සලමන් සිල්වා නිසාය (ඔහු කතළුවේය) . හැබැයි මේ යන්නේ ඇයි දැයි ඔවුන් කිසිවෙක් දන්නේ නැත - පරිච්ඡේදයේ අන්තිමට කියන පරිදි ගමනේ මූලිකයා සලමන් සිල්වා ද දන්නේ නැතිලු ! - මේ සෙල්ලමට යන ගමනක් - එනම් තම තමන්ගේ පොරත්වය ප්‍රදර්ශනය කිරීමට යන ගමනක් විනා නිසි අරමුණක් ඇති මුස්ලිම් මිනිස්සුන්ට පහර දීමට යන ගමනක් නොවේ - වෙනකක් තබා මුඩ්ලියර් ඇසූ විට “මුස්ලිම් මිනිස්සු පහර දුන්“ කතාවක් කියන්නේත් අර පොරකම පෙන්නීමටය - එහෙත් මුස්ලිමුන් හා සිංහලයන් වැලිගම සහෝදරයන් මෙන් සිටිතියි මුඩ්ලියර් කියන කතාව ගණන්කාර සලමන් සිල්වාද කිසිදු විරෝධතාවකින් තොරව පිළිගනි - මෙය 1983 සිංහල මැරයන් කළ අන්දමේ සංවිධානාත්මක ගමනක් නොව ( ටාසි විට්ටච්චි 1958 කෝලාහලවලට සම්බන්ධ “පදවියේ පැන්සර් භටයන්“ කොටස කියවන්න) හුදු පොරත්වය පිරිමිකම පෙන්නීමට ඇදිරි නීතිය අස්සේ යන ගමනක් පමනී
මාර්ටින් වික්‍රමසිංහගේ කුමර බඹසර - මේ කතාව නම් රසික උපුටා දක්වන්නේ අවුට් ඔෆ් කන්ටෙක්ස්ට්ය - මේ සුදු කාන්තාව මාර්ටින හදුනයි - ඒ ඇගේ සැමියා වන සුද්දා මාර්ටින්ගේ හොද යාළුවෙක් නිසාත් අර්ථපතියෙක් නිසාත්ය - එම නිසා තමාට දක්වන උදව්වලට කළගුණ වශයෙන් වඩාත් ආචාරශීලි බව පෙන්වීමට මීඩින් නෝනා (එම කාන්තාව) ගේ අත පිස දැමුවා විය හැක - අනික මීට කලින් තම අවිවාහක රූපත් නෑණන්ඩිය බැලීමට යන මාර්ටින් තනි පංගලමේ ඇගේ අතින්ද අල්ලා ගෙන සිටී - ඒ මදිවාට ඈට කෙටි කතාවක්ද තෑගි කරයි - ඉදින් මේ සුදු කාන්තාව නිසා මාර්ටින්ගේ කුමර බඹසර බිදුනායැයි කීම වැරදි කතාවකි.
එම නිසා රසිකගේ නිගමන දෙකටම එකග විය නොහැක