පළවෙනි කොටුවෙන් පේන්නේ මා ප්‍රිය නූඩල් ජාතිය මිරිස් රසට බිත්තරයක් සමගින් කෑමයි ප්‍රීතිය දෙවෙනි කොටුවෙ මා කරන්නේ නූඩල් පොඩියට කැඩීම පැකට් එකේ ඇතුලේදිම හරි පහසුයි එය කිරීම තායි රසය ගෙන එන පොඩි පැකට් ජාති තුනක් ඇතේ තුන්වෙනි, සිව්වෙනි කොටුවල ඒ තතු විස්තර කෙරෙතේ සාස්පාන ලිපේ තියා වතුර ටිකක් රත් කරන්න ඒ ගැන නොම දන්නා අය පස්වෙනි කොටුවෙන් බලන්න වතුර නට නටා එන කොට නූඩල් ටික එයට දමා හයවෙනි කොටුවේ විදියට තම්බා ගත්තොත් කදිමා හත්වෙනි කොටුවේ පෙනෙන්නේ එතකු කරපු බිත්තරයයි අටවෙනි කොටුවේ විදියට කවලම් කරගත යුතුමයි නමවෙනි කොටුවෙන් පෙනෙන්නේ රසකාරක යොදපු හොද්ද හොඳ හැටි කවලම් නොකලොත් එතන වෙන්නේ වස වැරැද්ද විනාඩි දෙක ගත වුණු පසු දිසියකට දමා ගන්න නිවිල අවුල් වෙන්න කලින් උණු උණුවෙම රස විඳින්න ක්‍ෂණිකව නූඩල් හදනා තොරණේ විස්තර එහෙමයි අසා සිටිය ඔබ සැමටම මහ රජ්ජුරුවන් සරණයි! |
මගේ සිතට එන, මට වැදගත් යැයි සිතෙන, ඕනෑම දෙයක් රසිකොලොජියේ පළවෙනු ඇත.
Whatever I see fit.
eMail: rasikologist@gmail.com
Friday, 5 May 2023
ප්‍රීති නූඩ්ල්ස් - One of my favourite instant noodle dishes
Subscribe to:
Post Comments (Atom)
තක තක තක තකට බුබුම්!
ReplyDeleteමොකට කියනවා ද ඉතිං!
Delete++++
ReplyDeleteධනපතියා!
Deleteවෙසක් එකට පෝස්ට් එකක් දැම්මම ඔබහට ප්‍රීතිය
ReplyDeleteරසවත් අහරක් හදනා තතු දැක අපහට ප්‍රීතිය.
කයි පද බැඳ ලියූ කමෙන්ටුව ගැන මට අතිශය ප්‍රීති ය
Deleteකෑම බීම ඇති නම් නිරතුරු ඇත සත හට ප්‍රීතිය.
තායි රසය ගෙන එහි සිට මෙහෙ එන නෙක ජාතී
ReplyDeleteබියක් නැතුව රස විඳුමට විසඳුම නම් වෙයි ප්‍රීතී
රසික තුමා එක කාලෙක ඉගනුම ලැබුවයි සියමේ
ReplyDeleteවිඳපු තායි රස කිසිකල අමතක කළ හැකි කොහොමේ
තුන් වේලම හෙල බොජුනම වැලඳුම නං මල කරුමේ
එහෙව් එකේ තායි රසය සොයන එකේ නැත අරුමේ
රසික තුමනි තායි රසය විතරක් වලඳන්න එපා
ReplyDeleteලඟදි වැලඳි ජපන් රසේ ගැන නොකියා ඉන්න එපා
පිලිපීනෙන් බොජුන් ලදොත් නොකා එහෙම ඉන්න එපා
උතුරු දකුණු ඉන්දියානු රස අමතක කරනු එපා
රසික තුමා හිටිය නේද සිව් වසරක් මරදානේ
ReplyDeleteනගරෙ කෑම රස බලන්න ගියේ නැද්ද රෑපානේ
පැණිදෙණියේ ගමේ කෑම හරි රහ වෙන්නට ඕනේ
පේරාදෙණි ගියොත් එහෙම ආයෙත් යන්නට ඕනේ
වැලඳුවාට රාජ බොජුන් - ආසන පිට යෙදු ඇතිරිලි
ReplyDeleteඉඳහිටවත් කන්න ඕනැ - කරවල බැදුමක් බොම්බිලි
ගැට පොලොසුත් හරිම රසයි - මතකය ගෙනෙනව හසරැලි
වැල ගෙඩියත් වරක වගෙයි - ඇතිවුනාම පිං සිතුවිලි
තොරණ ගහන්න තොරණ බලන්න වයසයි නේ ද දැන්?
ReplyDeleteහැටත් වයසක් ද නංගී කිව්වලු!
Deleteඔබේ කවි නිනිර්මාණාත්මකයි ! ඒත් රසික ඇයි මේ වෙසක් සතියෙ ඇනෝලගෙ double meaning කුණුහරප කවි වලට ඉඩ දෙන්නෙ?
ReplyDeleteඇනෝලා ලියූ, නමුත් අනුමත නොකළ, කමෙන්ට්‍ස් ඔබ දැක්කේ නෑ නේ!
Delete