Tuesday 2 May 2017

ජේතවනේ කුණු කන්දල් - Freedom of expression of artistes and of those who are against them


මුවිඳු බිනෝයි නම් ග්‍රැෆික්ස් නිර්මාණකරුවෙකු විසින් සකසා ෆේස්බුක් අවකාශයට මුදා හරින ලද කොලාජ් රූපයක් පිළිබඳ පසුගිය දිනවල මහා ගාලගෝට්ටියක් ඇති විය.

එය තමන් අදහන බුඩ්ඩාගමට අවමානයක් බව ලංකාව ම බෞදියක් කරන්නට කැස කවන සිංහලබෞද්ධ තලේබාන්කාරයින් විසින් පවසා තිබුණි.

මුවිඳු බිනෝයි ගේ ඒ නිර්මාණය සිය ගණනක් දෙනෙකු විසින් ෆේස්බුක් හි බෙදා හැර තිබුණි. තවත් සිය ගණනක් පිරිස ඒ නිර්මාණය පිළිබඳ ධනාත්මක අදහස් දැක්වූහ. නිර්මාණකරුවා ගේ නිර්මාණාත්ම අයිතිය වෙනුවෙන් පෙනී සිටියහ. සහයෝගය ප්‍රකාශ කළහ.

එසේ වුව ද, නිර්මාණකරුවාට අමතරව සිංහලබෞද්ධ තලේබාන්කාරයින්ගෙන් චෝදනා එල්ල වූයේ සමනලී ෆොන්සේකා නම් ප්‍රගතිශීලී කාන්තාවට පමණක් බව පෙනුණි. මේ නිර්මාණය ෆෙස්බුක් හි බෙදා ගත් සියක් දෙනා අතරින් ඇයව පමණක් ඉලක්ක කර ගැනීමෙන් ම, පෙර කී ලංකාව ම බෞදියක් කරන්නට කැස කවන සිංහලබෞද්ධ තලේබාන්කාරයින් ගේ දේශපාලන බයි නිරුවත හෙළිදරව් වූ බව නොරහසකි.

චිත්‍ර, මූර්ති යනාදී කලා නිර්මාණ පිළිබඳව ඒවා රස විඳින රසිකයින් විසින් විවිධාකාර අදහස්, අර්ථ දැක්වීම් කරන බව අපි දනිමු. එවැනි අර්ථදැක්වීම්, ඒ නිර්මාණය බිහි කළ කලාකරුවා විසින් සිහිනයකින්වත් සිතූ දේ නොවූ අවස්ථා ද බොහෝ ය.

තම නිර්මාණය පිළිබඳව මුවිඳු බිනෝයි පවසා තිබුණේ පහතාකාරයේ අදහසකි.
  1. ඔහු කළේ නිර්මාණයකි. මෙය ෆොටෝ ෂොප් මඩ පෝස්ටරයක් නොවේ.
  2. තම නිර්මාණය සඳහා ඔහු ජේතනන දාගැබේ කොටසක් යොදා ගෙන ගත්තේ තමා ද අයත් බහුතර ලාංකික ජන කොටස ඉන් නිරූපණය කිරීමට ය.
  3. ඔහු කළේ දාගැබේ කොටස සහ කුණු කන්ද රූපියකව සමපාත කිරීමකි. ඒ අප රැස් කරන කුසල් සඳහා මෙන් ම නිපදවන කසළ සඳහා ද අප ම වග කිව යුතු බව නිරූපණය කිරීමට ය.
  4. ඒ නිර්මාණය ජේතවන දාගැබේ කුහරයට කසළ පිරවීීමක් ලෙස දැකීම සම්පූර්ණයෙන් ම වැරදි අදහසකි.
ඔහු ගේ සම්පූර්ණ ප්‍රකාශය පහත සබැඳියෙන් කියවිය හැක.

https://www.facebook.com/muvindu.binoy/posts/1894495500827290

නිර්මාණකරුවා කළ ඒ ප්‍රකාශය දකින්නට පෙර ඒ නිර්මාණය දුටු මට ආ සිතුවිල්ල මෙසේ විය.
කසළ යනු ක්ලේශයන් ය. කසළ කන්ද සමතික්‍රමණය කරන අපට ඒ හා සමවන කුසල් කන්දක් රැස් කර ගත හැක.
මා මේ අදහස සටහන් කළ කල්ට් බ්ලොග් අඩවියේ දී, මතවාදී විරෝධයකට මෙන්ම පුද්ගලික ප්‍රහාරයකට ද මුහුණ දීමට මට ද සිදු විය.

මීතොටමුල්ලේ කුණු කන්දේ ව්‍යවසනය පිළිබඳ තම අදහස නිර්මාණයක් මගින් ඉදිරිපත් කිරීම මුවිඳු බිනෝයි ගේ මූලික ප්‍රකාශන අයිතියකි. එසේම, ඒ නිර්මාණයට විරුද්ධව තම අදහස් ප්‍රකාශ කිරීමට ද ඒ හා සමාන අයිතියක් පෙර කී ලංකාව ම බෞදියක් කරන්නට කැස කවන සිංහලබෞද්ධ තලේබාන්කාරයින් ඇතුළු ඕනෑම අයෙකුට ඇත!

කෙසේ වෙතත්, මේ සටහන ලියන්නට මා මූලිකවම අදහස් කළේ, නිර්මාණය අර්ථ දැක්වීමට හෝ නිර්මාණට විරුද්ධව ද, නිර්මාණකරුවාට සහ නිර්මාණය ෆෙස්බුක් හි බෙදා ගත් සියක් දෙනා අතරින් එක් අයෙකු වූ සමනලී ෆොන්සේකාට විරුද්ධව ද පෙර කී ලංකාව ම බෞදියක් කරන්නට කැස කවන සිංහලබෞද්ධ තලේබාන්කාරයින් විසින් ගෙන යන විරෝධතා ව්‍යාපාරය පිළිබඳව කතා කරන්නට පමණක් ම නොව, මේ සිදුවීමෙන් මතු වූ වෙනත් අදාළ කාරණයක් ගැන කතා කිරීමට ය.

මුවිඳු බිනෝයි ගේ කොලාජ් නිර්මාණය පිළිබඳව තම විරෝධතාවය දක්වන බොහෝ දෙනෙකු මෙලෙස විමසති.
"ඇයි උඹ මේකට බෞද්ධ සංකේතයක් වන දාගැබක් ම යොදා ගත්තේ? ඇයි, මුස්ලිම් පල්ලියක්, කතෝලික දේවස්ථානයක්, හින්දු කෝවිලක් යොදා නොගත්තේ?"
ඉන් සමහරු ඒ ප්‍රශ්නාවලියට මෙලෙස ද එකතු කරති.
"ඇයි එහෙම කළොත් සහජීවනේට කෙළ වෙයි කියලා බය ද?"
ඒ සහජීවනය ගැන සඳහන් කරන අය ගේ අරමුණ සහ ඔවුන් ගේ ජාතිවාදී දේශපාලන ස්ථාවරය ගැන අපට නිවැරදිව හිතා ගත හැක. මීට කලින් ඒ පිළිබඳව ලියා ඇති නිසා, ඒ ජාතිවාදී බයි කතාව පිළිබඳව මට අද අමුතුවෙන් කිව යුතු දෙයක් නැත.

මුවිඳු බිනෝයි විසින් තමා ජේතවන දාගැබ තම නිර්මාණය සඳහා යොදා ගත්තේ ඇයි ද යන්න පැහැදිලිව ම කියා ඇතත්, මේ පිළිබඳව මගේ අදහස වන්නේ මෙයයි.

බෞද්ධ පසුබිමක් ඇති අයෙකු පොදු කාරණයක් පසුබිම් කරගෙන නිර්මාණයක් කරන විට ඒ සඳහා යම් ආගමික සංකේතයක් අවශ්‍ය වේ නම්, ඒ සඳහා තෝරා ගත යුත්තේ බෞද්ධ සංකේතයකි. එක්තරා සුවිශේෂී ආගමික කාරණයක් සම්බන්ධයෙන් කෙරෙන නිර්මාණයකට මෙය අදාළ නොවේ.

වෙනත් වචනවලින් කියනවා නම්, "ඇයි උඹ මේකට බෞද්ධ සංකේතයක් වන දාගැබක් ම යොදා ගත්තේ? ඇයි, මුස්ලිම් පල්ලියක්, කතෝලික දේවස්ථානයක්, හින්දු කෝවිලක් යොදා නොගත්තේ?" යැයි බෞද්ධ පසුබිමක් ඇති මුවිඳු බිනෝජ්ගෙන් ඇසීම, එහි ඇති අධම දේශපාලන යටි අරමුණ කුමක් වෙතත්, හුදෙක් අතාර්කික අනුවණ විහිළුවක් පමණි.

වෙනත් පසුබිමක් සහිතව ලියවුණු "බුද්ධාගං සංස්ථාව විවේචනය කිරීමට මූලික අයිතිය ඇත්තේ කාටද?" යන සටහනේ දී ද මා සඳහන් කළේ මේ අදහසට සමාන්තර අදහසකි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මේ සටහන ද කියවන්න-
ජාතික හෙළ උරුමයෙන් බෞද්ධයන්ට මාරාන්තික අපහාසයක් ::
http://sinhala.lankanewsweb.net/featured/nelum-yaya/item/8495-2017-04-29-08-19-19


ප/ප/ලි:
මේ ඩුප්ලිකේට් ජේතවනාරාමයයි. මා දන්නා පරිදි දෙමටගොඩ වැනි පෙදෙසක ද ජේතවන විහාරක් තිබේ!

ඔරිජිනල් ජේතවනාරාමය යනු බුදුන් වැඩ සිටි අනේකපිණ්ඩිකස්ස ආරාමයයි. එය බෞද්ධයින් අතර සුපතල වී ඇත්තේ විවිධ සූත්‍රවල සඳහන් වෙන නිසා ය.

ජේතවනාරාමේ අති රමණී, ජේතවනාරාමේ!



(image: https://www.facebook.com/muvindu.binoy/photos/a.1532937753649735.1073741829.1530307377246106/1892139821062858/)

30 comments:

  1. මේ ගැන මට මතයක් සහ අරුත් දැක්වීමක් තිබුනත් එය ප්‍රකාශ කිරීමට ඇති නිදහස ජන්මය විසින් වලක්වා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. මේ කතාවේ තෙරුම ඔබ කතෝලික ආගම අදහන්නෙකු නිසා මේ ගැන අදහසක් කියන්නට බෑ කියා නේද?

      මා නම් එසේ හිතන්නේ නෑ.

      හොඳයි, මඩු පල්ලිය වැනි ගොඩනැගිල්ලක පින්තූරයක් සහ මීතොටමුල්ලේ කුණු ගොඩ භාවිතා කර කොලාජ් නිර්මාණයක් කර තිබනවා නම් ඔබ කියන්නේ කුමක් ද?

      Delete
    2. රසික,
      01. ඔබ හිතනවාට වඩා සහමුලින්ම වෙනස් මතයක් මා දරන්නේ. එ වගෙම ක්‍රිස්තියානි ආගම (දර්ශණය නොවේ) සම්බන්ද මතයත් සාම්ප්‍රදායික එකට වඩා වෙනස්. ඒ නිසා මගේ මතය පල කරන්න සුදුසු තැන මෙ තැන නෙවෙයි.

      2. ඔබ කලින් පොස්ටුවෙ ආගම් විවෙචනය ගැන පල කරනා මතය සහ මගේ කොමෙන්ටුවට දාන පිලිතුරයි පරස්පරයි

      Delete
    3. ජීවන,

      මා ලියන දේ ඔබට පැහැදිලි වෙන සේ ලිවීමට මා අපොහොසත් වී ඇති බවයි පෙන්නේ.

      නැවත උත්සාහ කරන්නම්.

      මල්වතු පන්සල ගැන කතාවේ දී මා කීවේ, ස්වයං විවේචනයක් නොකරන්නෙකුට අනුන් ගැන විවේචනය කිරීමේ අයිතියක් නැතිය යන කාරණයයි.

      මේ ලිපියේ අප කතා කරන්නේ කලා නිර්මාණයක් පිළිබඳවයි. නිර්මාණකරුවා තමන්ට වඩාත් සමීප රූපක උපයෝගී කර ගන්නේ නැතුව ඔවුන් ට පරිබාහිර දේ උපයෝගී කර නොගන්නේ ඇයිද යන ප්‍රශ්නය අතාර්කික අමන එකක් බවයි මෙතැන දී මා කියා ඇත්තේ.

      මා ඔබෙන් විමසන්නේ කලා කෘතියක් ගැන ඔබේ අදහස සහ ඔබ කලා නිර්මාණයක් කෙලෙස කරනවා ද යන්න ගැනයි.

      මට නම් මා කියන දේ පැහැදිලියි!

      Delete
  2. මේ ගැන මටත් මතයක් සහ අරුත් දැක්වීමක් තිබුනත් එය ප්‍රකාශ කිරීමට ඇති නිදහස ජන්මය විසින් වලක්වා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. මේ කතාවේ තෙරුම ඔබ කතෝලික ආගම අදහන්නෙකු නිසා මේ ගැන අදහසක් කියන්නට බෑ කියා නේද?

      ඉයන් ඔබ කලින් දිනයකත් මේ අදහස ම දක්වා තිබුණා!
      https://rasikalogy.blogspot.com/2017/04/self-critisism-vs-criticising-others.html?showComment=1493349771251#c793627790036761159

      මා නම් එසේ හිතන්නේ නෑ.

      හොඳයි, මඩු පල්ලිය වැනි ගොඩනැගිල්ලක පින්තූරයක් සහ මීතොටමුල්ලේ කුණු ගොඩ භාවිතා කර කොලාජ් නිර්මාණයක් කර තිබනවා නම් ඔබ කියන්නේ කුමක් ද?

      Delete
  3. දොරේ සද්දෙයි බෙරේ සද්දෙයි වෙන් කරල අඳුන ගන්න බැරි නම් සද්දෙ ගැන විචාර නොලියා ඉන්න එක හොඳයි.

    ReplyDelete
    Replies
    1. මේ (මට) අණ්ඩර දෙමළ කතාව තේරුම් ගන්ණ ජනශ්‍රැතිය පිළිබඳ විශේෂඥයෙකු කන්සල්ට් කරන්න වෙනවා!

      Delete
  4. මම නම් හිතන්නේ පාර්ලිමේන්තුවට කුණු පුරවන පින්තූරයක් දැම්මා නම් මීට වඩා හොඳයි කියලයි.

    ReplyDelete
    Replies
    1. හොඳ අදහසක්.

      එසේ කළා නම් මට ඇතිවුණු මේ පහත අදහස ඇතිවෙන්නේ නෑ!

      /* කසළ යනු ක්ලේශයන් ය. කසළ කන්ද සමතික්‍රමණය කරන අපට ඒ හා සමවන කුසල් කන්දක් රැස් කර ගත හැක. */

      Delete
  5. ඒ කාලේ ජේතවනේ හාමුදුරුගොල්ලොයි, ඊට යාබද මහා විහාරයේ හාමුදුරුගොල්ලොයි හොඳට කෙළ ගත්තු හැටි ලංකා ඉතිහාසය දන්නෝ දනිති.

    ReplyDelete
    Replies
    1. පන්සල් භූමිය හාලා මුං වැපිරුවා ලු නේද?

      Delete
  6. ආගම් ගැන මට ඇත්තේ කලාත්මක, ගෘහනිර්මාණාත්මක, පුරාවිද්‍යාත්මක අයිතිහාසික හා වෙනස් ආගම් අතර සංසන්දනාත්මක ඉන්ටරෙස්ට් එකක් පමණි.

    ReplyDelete
    Replies
    1. මෙහේ පාසල්වල උසස් පෙළ (High School Certificate) සදහා Studies of Religion නම් විෂයයක් හදාරන්න පුළුවනි!

      http://www.boardofstudies.nsw.edu.au/syllabus_hsc/studies-religion.html

      Delete
  7. මම මේ ෆොටෝ එක දැක්ක වෙලේ ඉඳල මේකේ තේරුම කල්පනා කළා. ම්හු, මුකුත් හිතුණේ නෑ.

    ඔබේ විවරණයත් කියෙව්වා, ඒත් තාම තේරෙන්නේ නෑ.

    ශෙයා කරපු අය ගොඩක් ඉන්නා අතරේ, සමනළීට විතරක් පහර ගහන එක නම් ඉතින් බලාපොරොත්තු විය යුතුයි නේ. ලංකාව නේ. සමනලී නිලියක් නේ. ඕව ඔහොම තමයි නේ.

    ReplyDelete
    Replies
    1. /* නිර්මාණකරුවා කළ ඒ ප්‍රකාශය දකින්නට පෙර ඒ නිර්මාණය දුටු මට ආ සිතුවිල්ල මෙසේ විය.

      කසළ යනු ක්ලේශයන් ය. කසළ කන්ද සමතික්‍රමණය කරන අපට ඒ හා සමවන කුසල් කන්දක් රැස් කර ගත හැක.

      */

      Delete
    2. සමනලී ෆොන්සේකාට විරුද්ධව කතා කරන්නේ ලංකාව ම බෞදියක් කරන්නට කැස කවන සිංහලබෞද්ධ තලේබාන්කාරයින් ය. මේ සියලු දෙනාම මහින්ද රාජපක්‍ෂ නැවත බලයට ගෙනෙන්නට තැත් කරන දේශපාලන වහළුන් ය. ඔවුන් සමනලීට විරුද්ධ වෙන්නේ ඇය 2015 ඡන්දයේ දී මහින්ද රාජපක්‍ෂ ගේ පරාජය සඳහා ක්‍රියාකාරීව වැඩ කළ හෙයිනි!

      Delete
    3. ආයෙත් එක කේස් ස්ටඩි එකක් පොදුවෙ ආරෝපනය කරල. සමනලීට විරුද්ධ සියල්ලෝම මහින්දවාදීන්ය.

      ඒ වගේම මේකයි ලොජික් එක
      සමනලී මහින්ද විරෝධියෙකි.
      x සමනලීට විරුද්ධය.
      එනිසා x මහින්දවාදියෙකි.

      අනේ මන්ද රසික

      Delete
  8. මුවිඳු බිනෝයි ගේ් නිර්මාණය නිසා ඇති වූ ආන්දෝ්ලනය ජේතවනාරාමයට විශාල ප්‍රසිද්ධියක් දී ඇත.

    ReplyDelete
    Replies
    1. ඔරිජිනල් ජේතවනාරාමය යනු බුදුන් වැඩ සිටි අණේකපිණ්ඩිකස්ස ආරාමයයි. එය බෞද්ධයින් අතරසුපතළ වී ඇත්තේ විවිධ සූත්‍රවල සඳහන් වෙන නිසා ය.

      මේ ඩුප්ලිකේට් ජේතවන විහාරයයි. දෙමටගොඩ ද ජේතවන විහාරක් තියෙනවා නේද?

      ජේතවනාරාමේ අති රමණී, ජේතවනාරාමේ!

      https://youtu.be/bkaTzl7yhQ0

      !

      Delete
  9. මේ වැඩේට බෞද්ධ ස්ථුපයක් වෙනුවට මහ බැංකුවේ පින්තුරයක් තෝරගත්තනම්!

    ReplyDelete
    Replies
    1. හොඳ අදහසක්.

      එසේ කළා නම් මට ඇතිවුණු මේ පහත අදහස ඇතිවෙන්නේ නෑ!

      /* කසළ යනු ක්ලේශයන් ය. කසළ කන්ද සමතික්‍රමණය කරන අපට ඒ හා සමවන කුසල් කන්දක් රැස් කර ගත හැක. */

      Delete
  10. ජේතවන දාගැබ නැතිව මුස්ලිම් පල්ලියක් දැම්මානම් ඔය කිියන මුවිඳු බිනෝයිට මුසල්මානියෝ මරණ සහතිකේ ලියනවා. සිකුරාදාට පල්ලි ගිහිල්ලා එනගමන් මරදානේ දවටගහ පල්ලිය ගාව ලොකු උද්ගෝෂණයක් පටන්ගන්නවා. ඊටස්සේ රට පුරා පැතිරෙනවා. සිංහල කඩ දෙක තුනක් ගිනි ගන්නවා. දැනට කටපියාගෙන ඉන්න දේශපාලුවොන්ගේ කටවල් එතකොට ඇරෙනවා. මුවිඳු බිනෝයි අත්අඩංගුවට ගන්නවා. තව ගොඩාක් දේවල් සිද්දවෙයි නේද?

    ReplyDelete
    Replies
    1. බෞද්ධ පසුබිමක් ඇති අයෙකු පොදු කාරණයක් පසුබිම් කරගෙන නිර්මාණයක් කරන විට ඒ සඳහා යම් ආගමික සංකේතයක් අවශ්‍ය වේ නම්, ඒ සඳහා තෝරා ගත යුත්තේ බෞද්ධ සංකේතයකි. එක්තරා සුවිශේෂී ආගමික කාරණයක් සම්බන්ධයෙන් කෙරෙන නිර්මාණයකට මෙය අදාළ නොවේ.

      වෙනත් වචනවලින් කියනවා නම්, "ඇයි උඹ මේකට බෞද්ධ සංකේතයක් වන දාගැබක් ම යොදා ගත්තේ? ඇයි, මුස්ලිම් පල්ලියක්, කතෝලික දේවස්ථානයක්, හින්දු කෝවිලක් යොදා නොගත්තේ?" යැයි බෞද්ධ පසුබිමක් ඇති මුවිඳු බිනෝජ්ගෙන් ඇසීම, එහි ඇති අධම දේශපාලන යටි අරමුණ කුමක් වෙතත්, හුදෙක් අතාර්කික අනුවණ විහිළුවක් පමණි.

      වෙනත් පසුබිමක් සහිතව ලියවුණු "බුද්ධාගං සංස්ථාව විවේචනය කිරීමට මූලික අයිතිය ඇත්තේ කාටද?" යන සටහනේ දී ද මා සඳහන් කළේ මේ අදහසට සමාන්තර අදහසකි.

      Delete
  11. මේකෙ සජීවී චිත්‍රෙ මැයි පළවෙනිද ගෝල්ෆේස් ඒකේ දැක්ක

    ReplyDelete
    Replies
    1. සඟ වෙද ගොවි ගොවි කම්කරු වෙනුවට "හොරු" බලවේගය!

      Delete
  12. මට නම් මෙය නිර්මානයක් ලෙස ද, ග්‍රැෆික් නිර්මානයක් ලෙස ද ඉතා බොළඳ ය.

    අප අගය කළ යුත්තේ නිර්මානාත්මක කලාවන් මිස ඇට තලන කලාව නොවේ.

    ReplyDelete
    Replies
    1. මේ කලාකරුවාගේ අනෙකුත් ග්‍රැෆික්ස්නිර්මාණ හා සසඳන විට මෙය අඩු කලාත්මක අගයකින් යුතු එකක් බවයි ඇසට පෙනෙන්නේ.

      https://www.facebook.com/pg/muvindu.binoy/photos/?tab=album&album_id=1532937753649735

      නමුත් නිර්මාණයේ අරමුණ රසිකයින් කම්පනය කිරීම නම්, අතින් මෙය වැදගත් එකක්!

      https://en.wikipedia.org/wiki/Shock_art

      !

      Delete
  13. Wish if you were here in person!
    For some so called educated individuals, insulting Buddhism is a style; but for us it is not! This collage depicts one of the sacred places in Buddhist culture not the Jethawanaramaya in Dematagoda. For many this not art but a pure insult. I hope those who are non-Buddhists like myself also feel the same!

    ReplyDelete
  14. I think this artist has pointed out a “massive man-maid problem that is affecting many people around Dematogoda area”. I was surprised to see everybody is talking about the “BUDDHIST/religion issue” forgetting the main point. i.e. "KUNU KANDA".
    PEOPLE ARE DYING BECAUSE OF THIS “KUNU KANDA”.
    For Muvindu Binoy: THANKS A LOT! You are a TRUE NEW GENERATION ARTIST! You have given new light into a massive problem that is LARGLY IGNORED by everybody.
    -A faithful Buddhist

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.