මගේ සිතට එන, මට වැදගත් යැයි සිතෙන, ඕනෑම දෙයක් රසිකොලොජියේ පළවෙනු ඇත.
Whatever I see fit.
eMail: rasikologist@gmail.com
Friday 28 April 2017
බුද්ධාගං සංස්ථාව විවේචනය කිරීමට මූලික අයිතිය ඇත්තේ කාටද? :: Self-critisism Vs criticising others
මෙය පැරණි රසාංගයකි. මුලින් පළ කළ විට කියවූ අය ද බොහෝ දෙනෙකු සිටිය හැක.
කෙසේ වෙතත්, මේ දිනවල සයිබර් අවකාශයේ කතා බහට ලක්වෙන එක්තරා කාරණයකට මේ කතාවේ මූලික සම්බන්ධයක් ඇති නිසා, කලින් කියවා ඇති අයට නැවත කියවීම පිණිසත්, කලින් කියවා නැති අය ගේ දැන ගැනීම පිණිසත්, කතන්දර කීමේ භාෂා රටාවෙන් සම්මත ලේඛන රටාවට සංස්කරණය කර මේ ලිපිය නැවත පළ කරන්නට සිතුවෙමි.
මේ මා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අවසන් වසරේ ඉගෙනුම ලබමින් සිටි කාලයේ ලද අත්දැකීමකි. ඒ වසරේ පැවැත්වුණු අපේ වාර්ෂික ෆැකල්ටි ඩේ උත්සවයේ රාත්‍රී ප්‍රිය සම්භාෂණය සඳහා සංගීතය සැපයීමට සංගීත කණ්ඩායමක් හෙවත් බෑන්ඩ් එකක් සොයා ගැනීමට අපට අවශ්‍ය විය.
උදෑසන සම්මන්ත්‍රණයකින් ද, සවස් වරුවේ විවිධ ක්‍රීඩාවලින් ද, රාත්‍රී ප්‍රිය සම්භාෂණයෙන් ද සමන්විත වූ මේ ෆැකල්ටි ඩේ ඉවෙන්ටුව සංවිධානය කෙරුණේ ඉංජිනේරු ශිෂ්‍ය සංගමය (Engineering Students' Union) විසිනි. ඒ වසරේ මා එහි සභාපතිවරයා වීමි.
ඒ දිනවල මහනුවර ප්‍රදේශයේ එක් ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වූයේ, මගේ මතකයට අනුව, හීසොනයිට් කණ්ඩායමයි. ඔවුන් සාමාන්‍යයෙන් සංගීතය සැපයූවේ නුවර වැවට ඉහළින් දිවෙන මාර්ගය අසල පිහිටා ඇති හොටේල් සුයිස් හි ය.
අපේ ප්‍රිය සම්භාෂණය සඳහා හීසොනයිට් කණ්ඩායම ගෙන්වා ගැනීමට අපට අවශ්‍ය විය. මේ ගැන සාකච්ඡා කිරීමට, සංගීත කණ්ඩායම සමග යම් හැඳුනුම් කමක් තිබුණු මගේ බැච්මේට් සගයෙකු සමග මම එහි යාමට තීරණය කළෙමි.
පැණිදෙණියෙන් බස් රථයක නැගී මහනුවරට ගිය අපි නුවර වැව පාර දිගේ හොටේල් සුයිස් දිශාවට ඇවිද යාමට පටන් ගත්තෙමු. වේල්ස් උද්‍යානය අසලින් කන්ද නැග වමට හැරී යන විට දකුණු අත පැත්තෙන් ඇත්තේ, ජේවීපීකාරයින් ද ඇතුළු අපේ සියලුම දේශපාලුවන් නිතරම යන එන සහ එනිසා ම අප රූපවාහිනියේ ද, මුද්‍රිත මාධ්‍යවලින් ද දකිනා මල්වතු මහා විහාරයයි.
මා මේ පන්සලට කිසි දිනක ගොස් නැත. නමුත් මා දන්නා පරිදි මෙය නිකංම නිකං පන්සලක් නොවේ. මෙය සියම් නිකායේ මල්වතු පාර්ශවයේ මූලස්ථානය නොහොත් හෙඩ් ක්වාටර්ස් එකයි. නිකාය පාර්ශවයේ නායක හාමුදුරුවරුන් ගේ කාර්යාල සහ ආවාස පිහිටා ඇත්තේ මේ ස්ථානයේ විය යුතු ය. ඊට අමතරව මෙහි පිරිවෙනක් ද ඇති යැයි සිතමි.
වැව පාරේ ඇවිදින අපට පන්සල් භූමියේ ඇති විශාල ගොඩනැගිලි පෙනේ.
මේ ගොඩනැගිලි දුටු මා සමග ගමන් කරමින් සිටි සගයා මෙසේ පැවසීය.
"යකෝ, බලපංකෝ මේ පන්සලේ බිල්ඩින්වල ලොකු! මිනිස්සු දුක් විඳිනවා. හාමුදුරුවරු සුර සැප විඳිනවා!"
දැන් මෙය අප කලින් අසා නැති අමුතු කතාවක් නොවේ.
සමාජයෙන් දානමාන පිළිගැනීම මිස සමාජයට කෙරෙන ආගමික නොවන සමාජ සේවා සඳහා පන්සල් ප්‍රසිද්ධ නැති බව අප දනිමු.
සුනිල් ආරියරත්න ද මේ කාරණා පිළිබඳව ගීත කිහිපයක් ම ලියා ඇති අතර මන්දා නාලනී නැන්දා අප සිත් පුබුදාලමින් ඒවා ගායනා කරන්නී ය.
එසේ වුවද මට මගේ සගයා ගේ පෙර කී කතාවේ පොඩි අවුලක් දැනුණි.
එක්වරම ඒ අවුල කුමක්දැයි මට සිතා ගත නොහැකි වුවත්, තත්පර කිහිපයකින් අවුල නිරවුල් විය.
අවුල වූයේ මෙයයි.
මල්වතු විහාර පිළිබඳව පෙර කී විවේචනය කළ මගේ ගමන් සගයා බුද්ධාගමිකයෙකු නොව කතෝලිකයෙකි.
පරම්පරාවෙන් බුද්ධාගංකාරයෙකු බුද්ධාගං වැඩ විවේචනය කිරීම සහ වෙනත් ආගමක අයෙකු බුද්ධාගං වැඩ විවේචනය කිරීම අතර ලොකු වෙනසක් තිබේ යැයි මට සිතේ.
ඒ වාගේ ම පරම්පරාවෙන් බුද්ධාගංකාරයෙක් බුද්ධාගං වැඩ විවේචනය කිරීම සහ ඔහු හෝ ඇය ම වෙනත් ආගමක වැඩ විවේචනය කිරීම අතරත් ඒ ආකාරයේ ම ලොකු වෙනස තිබේ!
මේ නියමයේ කොරොලරිය මෙයයි.
"තමන් ගැන ස්වයං විවේචනයක් කරන්න බැරි අයට අනුන්ව විවේචනය කරන්න අයිතියක් නැත!"
-රසිකොලොජිස්ට්
ප/ලි:
"මචං, මේ නිකං පන්සලක් නොවෙයි එක නිකායක හෙඩ් ක්වාටර්ස් එක. ඇයි බං ගිහිං බලපංකෝ උඹලාගේ බිෂොප්ලා ඉන්න පල්ලි ගොඩනැගිලි හෙම පොඩි ගවලෙන් වගේ ඒවා ද කියලා!" යැයි කියා මම මගේ මිතුරා නිහඬ කළෙමි.
ප/ප/ලි
මේ ලිපියේ අන්තර්ගතය සමග මූලික සම්බන්ධයක් ඇති, මේ දිනවල සයිබර් අවකාශයේ කතා බහට ලක්වෙන කාරණය සම්බන්ධව මගේ අදහස හෙට රසිකොලෙජියේ පළ වෙනු ඇත.
http://www.jvpsrilanka.com/old/images/stories/2014/September/mal1.jpg
Subscribe to:
Post Comments (Atom)
උපතින් කතෝලිකයෙකු වන මට ඔබගේ ලිපිය අනුව මෙය කියන්න අයිතියක් නැතිව ඇති. ඒ වුණාට දැන් බුදුදහම අනුව යන කෙනෙක් ලෙස මෙය කියන්නම්. කතෝලික පල්ලි වල අයිතියක් ඒවායේ සිටින පියතුමන්ලාට නැහැ. ඔවුන් අවුරුදු 3-4 කින් ඊලඟ ලැබෙන මීසමට යා යුතුයි. පන්සල් වල තියෙන 'අයිතිය' බුහුදහමේ අත්හැරීම යන සංකල්පයට විරුද්ධයි කියා මම හිතනවා. ඒ හැරුණම දේවස්ථාන පෝසත් එහි යන දායකඉන් දුප්පත් කියන එක කතෝලික ආගමෙත් එලෙසම තියෙනවා.
ReplyDeleteඇත්ත. සියළුම වාහන ඉඩම් මුද්ල තිබෙනුයේ කොළඹ අගරදගුරු නමට මිස පූජකයෙක්ගේ නමට නොවේ. මයයනතෙක්ම ආරමාධිපති විහාරාධිපත් ද නොවේ. විශ්‍රාම යායුතුවේ.
Deleteමේ ලිපියේ ඇත්තේ සත්‍යය කරුණු කීමක් ගැන නොව විවේචනය කිරීම ගැන ය. ඔබ කර ඇත්තේ සත්‍යය කරුණු කීමක් පමණි. ඒවා මෙතැනට අදාල නොවීම වෙනම කරුණකි.
Deleteපන්සල් ආශ්‍රිතව ඇති සම්ප්‍රදායානුකූල දේපල ද සඟසතු කොට පූජා කළ ඒවා මිස එක් පුද්ගල දේපල නොවේ. නව යුගයේ සාදුලාට නම් තමන් ගේ නමට ඉඩම් සහ ගොඩනැගිලි තියෙනවා විය හැක.
මල්වත්තේ පන්සලේ ඉඩම් ද, සඟ සතු ඒවා මිස පුද්ගලික දේපල නොවේ යැයි සිතමි.
නැවතත්, මේ කරුණු කීමක් මිස විවේචනයක් නොවේ. යමෙකු සතුව රුපියල් දාහක් ඇති යැයි කීම විවේචනයක් නොවේ, මූ ලඟ රුපියල් දාහක් තිබිලත්, හිඟන්නෙකුට ශත පහක් දෙන්නේ නෑ යැ්‍රි කීම විවේචනයකි.
මේ කරුණ ලිව්වේ ඔබ මේවා නොදන්නවා යැයි සිතා නොවේ. පැරණි ලිපියේ නව සංස්කරණයට ඌණ පූර්ණයක් ලෙසිනි!
මේ ප්‍රශ්නය ඇත්තටම මටත් තියනවා. මගේ කතෝලික යහළුවෝ (ඉයනුත් එක්කෙනෙක්) බුදු දහම ගැන හොඳට ඉගෙන ගත්ත. පන්සලුත් යන. ඒ අය විවේචනාත්මකව කතා කරන එක මට ප්‍රශ්නයක් නැහැ. නමුත් සමහරු ඉන්නවා තමන් විප්ලව වාදීන් වශයෙන් පවා සලකන. ඔවුන් පුරුද්දක් වශයෙන් සිංහල බෞද්ධ මොකක්ද එක විවේචනය කරනවා අවුලක් නැහැ. නමුත් ස්වයං විවේචනයක් නැහැ. අනන් එතකොට ඇනේ.
Deleteඋදාර ජයසිංහ - කිතුනු මූලධර්මවාදී සභාවන් ලෙස පිලිගැනෙන සභාවන් වල ඇත්තේද, පියාණන්ගෙන් පුත්‍රයාණන් ට හිමිවන පල්ලිය. (උදා: එසෙම්බ්ලි ඔෆ් ගෝඩ් - කිරිමණ්ඩල මාවත.)
Delete"තමන් ගැන ස්වයං විවේචනයක් කරන්න බැරි අයට අනුන්ව විවේචනය කරන්න අයිතියක් නැත!""
ReplyDeleteසම්පූර්ණයෙන් එකඟයි - ඇතැම් අය තමුන්ගේ ආගම විචේචනය නොකර වෙනත් ආගම්වල ඇද පළුදු හොයන අයුරු මා ද දැක තිබේ ( මාක්ස්වාදී ආගමිකයන්ද මේ ගණයට අයත්ය)
ස්වයං විවේචනය කියන එක මාර්ක්ස්වාදී පක්‍ෂයක අනිවාර්යෙන් ම තිබිය යුතු ප්‍රතිපත්තියක්!
Delete" තමන් ගැන ස්වයන් විවේචන..."
Deleteස්‍වයන් විවේචන තිබිය හැක්කේ තමන් ගැන පමණයි නේද ? අනුන් ගැන ස්වයන් විවේචන කියල දෙයක් නෑනේ. එනිසා "තමන්" වචනය අනවශ්‍ය යැයි හැගේ.
@ undiyaraala
Deleteස්තුතිය, ඔබ නිවැරදියි.
එය "තමන් ගැන (ස්වයං) විවේචනයක්" ලෙස වෙනස් විය යුතුයි.
and why did you put comment approvals all of a sudden ??
ReplyDeleteහදිසියේ කළ බව ඇත්තයි, නමුත් ඒ අද නොව මීට දින දහයකට කලින් නිර්නාමිකයෙකු පැමිණ අසභ්‍ය දේ ලියන්නට පටන් ගත් නිසායි.
Deleteමෙයින් මට තේරුණේ ලක්‍ෂාන් අප්‍රිියෙල් 18 දින හෝ ඊට පෙර දිනයක සිට මෙහි කමෙන්ට් කර නැති බවයි!!!
ඒක ඇත්ත.
ReplyDeleteමගෙන් අහනව මුස්ලිම් කතෝලික හින්දු අයව විවේචනය නොකරන්නෙ ඇයි? කියල...
අපි කතාකරන්න ඕනෙ අපේ දුර්වලකම් ගැන. ඒක දකිද්දී අනිත් අයත් තමන්ගෙ දුර්වලකම් දකියි
[ඒක දකිද්දී අනිත් අයත් තමන්ගෙ දුර්වලකම් දකියි] අත්දැකීමෙන් දන්නා පරිදි මේක නම් වෙන්න තියන සම්භාවිතාව ඉතාම අඩුය - එහෙත් උඩුවාගේ සිහින ලෝකය තුළ ඒකත් සත්‍ය වෙන්න පුලුවන් :)
Deleteමා නිරීක්‍ෂණය කර ඇති පරිදි ඉස්ලාම් ආගමිකයින් තමන් "අදහන" දේ පිළිබඳ ප්‍රශ්න කිරීමක් නැති තරම්. මත්පැන් බොන මුස්ලිම්ස්ලා දැක තිබුණත්, ඒ බොහෝ දෙනාත් අපට වඩා ආගමිකයි.
Deleteබුද්ධාගමේ ඇති එව බලව හෙවත් ඒහි පස්සිකෝ නම් ප්‍රශ්න කිරීමේ අයිතිය ඉතා වැදගත්.
නමුත් අද ඉන්නා බුඩ්ඩාගං කාරයින්ට අවශ්‍ය ලංකාව බෞදියක් කරන්නයි!
http://rasikalogy.blogspot.com/2016/05/expanding-your-vocabulary.html
උඩුවා සඳහන් කරන පිරිස ආයෙ දෙකකට බෙදෙනව.
Delete1. අවංකවම එසේ කරන අය
2.වෙනත් අජෙන්ඩා තියන අය. (කකුල කැඩුනු එල්ටීටීඊ සාමාජිකයෙක් රියැලිටි ශෝ එකට ආවම අධි සංවේදී වෙලා, ජේතවනේ කුනු දාන පෝස්ට් ශෙයා කල සමනලී වගේ අය…)
'ඉන්ෂා අල්ලාහ්' කියල බෝතලේ කඩල චියර්ස් කරන අයත් එක්ක අඩියක් ගැහුව නම් තේරේවි.
Deleteනෑ....එහෙම ප්‍රශ්නයක් නෑ....විවේචනය කරන්න එහෙම නීතී දාගන්න ඕනේ නෑ........පුල් ලිබරල් හොදා
ReplyDeleteහා!
Deleteපිස්සෙක්....
Deleteකොයි තැන උනත් පුජක පැලැන්තිය සැප විදිනවා.සමහරවිට ඒ කතෘ වරුන්ටත් වඩා.
ReplyDeleteOrganized religions more often than not differ from the preachings of prophets.
Deleteආගම් අයිති කරගන්න හදන මොකා වුනත් එන්නේ ඒකෙන් බඩ පුරවා ගන්න බලාගෙන තමයි!
Delete"MEKA SINHALA BAUDDHA RATA YAKO!" - VEN. MELBOURNE KAKKASAARA.
ReplyDeleteහා මචං!
Delete//"මචං, මේ නිකං පන්සලක් නොවෙයි එක නිකායක හෙඩ් ක්වාටර්ස් එක. ඇයි බං ගිහිං බලපංකෝ උඹලාගේ බිෂොප්ලා ඉන්න පල්ලි ගොඩනැගිලි හෙම පොඩි ගවලෙන් වගේ ඒවා ද කියලා!" යැයි කියා මම මගේ මිතුරා නිහඬ කළෙමි.
ReplyDeleteසැබෑ තලේබාන් බෞද්දයෙක් දෙන උත්තරයක් දීල තියෙන්නේ
අර කියල තියන නන්දා මාලිනීගේ සින්දු ටික මොනවද?
ඊට අමතරව මේ ටිකත් කිව්වා, මුලින් ලියපු නිසා නැවත ලිව්වේ නෑ!
Delete"නිකාය පාර්ශවයේ නායක හාමුදුරුවරුන් ගේ කාර්යාල සහ ආවාස පිහිටා ඇත්තේ මේ ස්ථානයේ විය යුතු ය. ඊට අමතරව මෙහි පිරිවෙනක් ද ඇති යැයි සිතමි."
මෙන්න සුනිල් ආරියරත්න ලියා මන්දා නාලනී නැන්දා අප සිත් පුබුදාලමින් ඒවා ගායනා කරන ගීත එකක්-
Deleteඋපාසකම්මා ඉපදුණු හීන කුලේ
මහණ කරන්නයි යන්නේ ඇගේ කොලූ
ඌට නිකායක් වෙන් කර තබා තියේ
අප මුනි බණේ ඒක ද හාමුදුරුවනේ?
පිරිත් නූල් බඳිමින් ජන හතුරන්ට
යතුරු කැරලි අඳනය යට ගසා ගෙන
අපවත් වෙන්න පෙර සහ ලේ ඥාතිවරූ
මහණ කරන එකදැයි මුනි බණේ අනේ?
කුණු හෝදන්න මහතැන්වල අපේ රටේ
පන්සල තමුන්නැහෙගේ හොඳ වෙල්ලාව
ටිකට් විකුණලා පෙරහැර කරන කොට
කරඬුවෙ ඉදීවිද ධාතුන් වහන්සෙලා?
රට දැය සමය රැක ගත්තේ චීවරයයි
රට දැය සමය සුරකින්නෙත් චීවරයයි
එවන් සසුන සමහර හිමිවරු නසතී
කුලගොත් ඥාති සංග්‍රහ නිලතල සොයමින්
කුඩාපොළ වගේ විරු හාමුදුවරූ
අදත් අප අතර හිද මේ ලෙස කියතී
"රටකන උන්ව වනසා රට දැය රැකුම
තමයි අපෙ අද දවසේ මහණකම"
රිටිගල ජයසේනගේ සටහනක්...
ReplyDeleteදේශපාලනික නිර්-ආගමිකයා යනු කවරෙක්ද යන්න ගැන වෙනත් සටනක මම අදහස් දැක්වූයෙමි. ඒ ගැන නැවතත් යමක් කිව යුතුය. ඊට අමතරව වෙනත් දෙයක් ගැනද කිව යුතුය. නිර්-ආගමිකයන් යනු සදාචාරයක් නැති තුප්පහියන් යැයි අර්ථ දැක්වීමට උත්සාහ කරන අන්තගාමී ආගමිකයන් ගෙන් වෙන්වූ, නිර්-ආගමිකයන් ගැන උපේක්ෂාවෙන් බලන කිහිප දෙනෙක් සිටිති. ඔවුන්ට අනුව 'පරමාදර්ශී' නිර්-ආගමිකයා යනු සිය නිර්-ආගමිකත්වය ගැන වහලය මත නැගී කෑ නොගසන. තමන් තෝරාගත් කිසියම් හර පද්ධතියක් අනුගමනය කරමින්, පාඩුවෙ පැත්තකට වී සිටින "හොඳ ලමයෙකි". මේ අර්ථ දැක්වීම වැරදි නැත. එසේ ක්රියාකරන යමෙක් වේ නම් ඔවුන් සැබවින්ම නිවුනු සැනසුන නිර්-ආගමිකයෝ වෙති.
ප්රශ්නය මෙයයි... දේශපාලනිකව අක්රිය මෙකී නිර්-ආගමික 'හොඳ ලමයින්' ඇතුලු සෙසු සමස්ත සමාජය මත බලපවත්වන රාජ්ය යන්ත්රය හා නෛතික පද්ධතිය බොහෝවිට හැඩ ගැසෙන්නේ දේශපාලනිකව බොහෝ සක්රිය ආගමික අදහස් හරහාය. පොදු නීතී හා නූතන හර පද්ධතිය යනු ආගමික ඉගැන්වීම් හරහා ව්යුත්පන්න වන දෙයක් නොව ඓහික කතිකාවක් හරහා එන සම්මූතීන් විය යුතු බව බොහෝ විට පෙන්වා දෙන්නෙ සක්රිය නිර්-ආගමිකයන් විසිනි. මේ ක්රියාවලිය නොතිබෙන්නට අප තවමත් සිටින්නෙ මධ්යතන යුගයේය.
ආගමික සංකේත හා සංකල්ප වලට අනවශ්ය ලෙස පහර ගසමින් ආගමිකයන් කුපිත කිරීම මා කවදාවත් අනුමත කරන්නෙ නැත. කෙසේ නමුත් සදාචාර පද්ධතිය ආගමෙන් ගලවා ගැනීමෙ ව්යාපෘතිය තුලදී ඇතැම් මුල් බැසගත් ආගමික සම්මුතීන් අභියෝගයට ලක්වීම හා ඒ නිසා ඒ සම්මුතීන් සමග දිවිහිමියෙන් බැඳී ඉන්නා ආගමික ජනයා කුපිත වීම වැලක්විය නොහැක. බිත්තර නොකඩා ඔම්ලට් සෑදිය නොහැක කෙසේ නමුත් ඔම්ලට් සෑදීමට නොව හුදු විනෝදය සඳහා පේන්නට ඇති හැම බිත්තරයක් බිඳ දැමීම, ඒවා සමග සෙල්ලම් කිරීම අනුමත නොකරමි.
දේශපාලනික නිර්-ආගමිකත්වය ගැන මගේ වෙනත් සටහනකින් උපුටා පහතින් යලිත් පලකරමි.
[[සදාචාරයෙ නිර්වචනය කියන දාර්ශනික පොයින්ට් එකට යන්න ඉස්සෙලා. ඒ කියන්නෙ නිර්-ආගමේ දාර්ශනික සංරචකය ගැන කතා කරන්න කලින්, අපි නිර්-ආගමේ "දේශපාලනික සංරචකය" ගැන අවබෝධ කරගත යුතුයි. නිර්-ආගමිකත්වය පිලිබඳ වහලෙ උඩ නැගල කෑගහන මං වගේ ඩයල් ප්රබලව නියෝජනය කරන්නෙ මේ දේශපාලනික සංරචකය. දේශපාලනික නිරාගමිකයින් විදිහට අපි (මම?) කියන්නෙ බොහොම සරල දෙයයි. අතීතයේ තිබීච්ච ආගමික සදාචාරය හා වර්තමාන නෛතික පද්ධති හා නූතන සදාචාර පද්ධති අතරෙ දාර්ශනික හෝ උපයෝගීතා වෙනසක් නෑ. දෙකම එක වගේ තමයි. එකම වෙනස ආගමික සදාචාර පද්ධති අතීතයෙ හිර වෙලා, පරිනාමය නොවී, නූතන්ත්වයට හා සදාචාරමත් නූතන පුරවැසියෙක් බිහි කිරීමට භාදාවක් වෙලා, "පරම සත්යයන්" ලෙස වන්දනාමාන වෙමින් පවතිනවා.
අන්න ඒ යල්පිනූ සදාචාරයන් යාවත්කාලීන කිරීමට නම් සදාචාරය යනු ආගමික දෙයක් නොව ආගමට බැහරින් මානවයා විසින් තනාගන්නා වෙනස් කල හැකි හා වෙනස් විය යුතු සම්මූතීන් බව හා මානව සදාචාරයෙ අරමුන විය යුත්තෙ සමාජයේ සමස්ත සතුට වැඩි වන දිශානතිය සොයාගැනීම බව දේශපාලනික මතයයක් ලෙස සමාජයේ ස්ථාපිත කිරීම තම්යි අපේ අරමුන.]]