Sunday 27 September 2015

W3Lanka අජිත් පැරකුම් ජයසිංහ ගේ "ශාස්තෲ" නවකතාව ගැන පසුවදනක් - HBD2U APJ


ඩබ්ලිව් ත්‍රී ලංකා දේශපාලන බ්ලොග් අඩවියේ හිමිකරු, කතෘ සහ සංස්කාරක අජිත් පැරකුම් ජයසිංහ හෙවත් අපේ පැරාව නොදන්නා අයෙකු සිංහල බ්ලොග් පාඨකයින් අතරින් සොයා ගත හැකි වේ යැයි මම නොසිතමි. එසේ වුවද, තම බ්ලොගය සඳහා වෙහෙස නොබලා නිතිපතා දේශපාලන ලිපි ලියන පැරා, නවකතාවක් ද රචනා කර මුද්‍රණද්වාරයෙන් එළිදක්වා ඇති සාහිත්‍යකරුවෙකු බව නොදන්නා අය නම් බ්ලොග් පාඨකයින් අතර එමට සිටිනවා විය යුතුය.

අජිත් පැරකුම් ජයසිංහ 2010 දී ලියූ ඒ නවකතාව ශාස්තෲ නම් වේ.

ශාස්තෲ නවකථාව ලෝකයේ උස් තැන්වලට ගිය එකකි. මේ ලිපියේ ආරම්භයේ එකතු කර ඇති ඡායාරූපයෙන් ඒ බව හොඳින් පැහැදිලි විය යුතුය.

මා ඒ ඡායාරූපය ලබා ගත්තේ ඕස්ට්‍රේලියාවේ උසැතිම කඳු ශිඛරයවන මවුන්ට් කොසියෙස්කෝ හි දී සීතලේ ගැලෙමින් සිටිය දී ය!

එහි දී ශාස්තෲ නවකථාව ලබා ඇත්තේ, ඒ පොතේ පිටපතක් ලංකාවේ සමනොල කඳු මුදුනට ගෙන ගිය විට ලබාගත හැකි තරමේ ම උසස් තත්වයක් බව අමුතුවෙන් කිව යුතු නැත.

ඒ සරදම් බස් කෙසේ වෙතත්, එදා වසර පහකට පෙර කියවද්දී මට මහත් සාහිත්‍ය රසයක්, ආස්වාදයක් මෙන්ම ලංකාවේ වාමාංශික ව්‍යාපාරයේ ඇතුළත පිළිබඳව මා නොදැන සිටි දැක්මක් ද ලබාදුන් අජිත් පැරකුම් ජයසිංහ ගේ ශාස්තෲ නවකතාව, සත්‍ය වශයෙන්ම ඉහළ පැසසුමක් ලැබිය යුතුව තිබුණු නිර්මාණයක් බව අවංකව කිව යුතුය.

වාමාංශික දේශපාලනයේ යෙදෙන කුඩා කණ්ඩායම්වල සංවිධානය, චර්යාවන් ඇතුළු මා නොදැන සිටි අංශයක් ගැන ද ශාස්තෲ නවකතාවේ විස්තර කෙරෙයි. ඒ කතාංග ගොඩනැගී ඇත්තේ කතෘගේ පුද්ගලික අත්දැකීම් ආශ්‍රයෙන් බව පැහැදිලි නිසා ඒ විස්තර අපූරු සුන්දරත්වයක් ද ජනිත කරයි.

ලංකාවේ වාම දේශපාලනය හා සම්බන්ධව ගෙතී තිබුණු මූලික කතා වස්තුවෙන් ඔබ්බට, ශාස්තෲ නවකතාවෙන් මා මූලිකවම ආස්වාදයක් ලැබුවේ එහි අඩංගු වූ ශෘංගාරාත්මක ලේඛන කොටස් නිසා ය.

ඔබේ රස වින්දනය පිණිස ඒ ආකාරයේ කොටසක් පහත උපුටා දක්වමි.
(පිටු 24, 25 සහ 26)
ලජ්ජාශීලීත්වයට සහ නිදහස් ලිංගිකත්වයට එක ගෙයි විසිය නො හැකිය. මගේ රාගී උමතු දෑස සතු දිව්‍යමය බලය හැර යාමේ සමත් කමක් නෙළුම් තුල තවමත් ඇතැයි මට සැක සිතිණි. එහෙත් මගේ ගුප්ත බලය පිළිබඳව මා තුල ඇති විශ්වාසය තහවුරු කරමින්, මොහොතකට පසුව, ඇය මද සිනා පා දෙපයම මා දෙස දිගු කළා ය.

මම බංකුව පාමුලට ඇදී ගොස් .. .. ඇගේ පා මගේ උරහිස් මතින් පහතට ඇද දමා කලවා යුග්මය මැදින් මුහුණ හොවා ගතිමි. මුදු උණුසුම්, තුනී කපු කලිසමට යටින් ඇගේ වසා රොද අග්ගිස්ස මගේ මුහුණෙහි තැවරිණි.

මම ඇය වෙනුවෙන් ප්‍රේමයේ පුජාව පැවැත්වීමි. සත්තකින්ම ඇයට සිහි නැති විය. ඇය දෙවියන් දකින්නට ඇත. සුරාන්තය අපේ ආගම අනුව දෙවියන්ට සමීප ම මොහොතකි. ඒ නිමේෂයේදී පෙම්වත්තු සියලු ලෞකික බැඳීම්වලින් විනිර්මුක්ත ව දෙවියන් සමග සරති. ඇතමෙක් දෙවියන් දුන් බිජුවට ද ගැබෙහි පැළ කර ගනිති.
ඒ ශෘංගාරාත්මක ලේඛන සහ ප්‍රධාන කතාව හා සම්බන්ධ විවිධාකරායේ පරිසර වර්ණනාවලින් කුල්මත් වූ මගේ සිතට, ශාස්තෲ නවකතාවේ මූලික හරය ලෙස අජිත් පැරකුම් ජයසිංහ ඉදිරිපත් කරන දේශපාලන කරුණු නම් එක එල්ලේ ඇතුළු නොවූ බව කිව යුතුය.

එයින් හැඟෙන්නේ, මේ නවකථාව දේශපාලන සත්වයින්ට මෙන් ම, අප බොහෝ දෙනෙකු වැනි සාමාන්‍ය ක්‍ෂීරපායින්ට ද එකසේ කියවා රස විඳිය හැකි එකක් බවයි!

එයට අමතරව පැවසිය යුතු කාරණයක් වන්නේ සාහිත්‍ය විචාරක ඔස්තාද් ලා සමහරවිට සඳහන් කරන මැජික් රියලිසම් යන සංකල්පය (හෝ එවැන්න) සිංහල නවකථාවකින් මා ප්‍රථමවරට දුටුවේ ශාස්තෲ නවකතාවේ අවසානයේ දී බවයි. නවකථාවේ ආරම්භයේ සිට යථාර්තවාදී යැයි බොහෝ දුරට සිතෙන කතාවක් කියවමින් එන පාඨකයා ගේ හිසට මෙහිදී පොල්ලකින් ගසා අහසින් පොළවට බස්සවනු ලැබේ. එය ශාස්තෲ නවකථාවේ මා සිත් ගත් ලක්‍ෂණයකි.

අජිත් පැරකුම් ජයසිංහ ගේ ශාස්තෲ නවකතාව එය දොරට වැඩි දිනම මිලට ගත් ටැබූ නමින් එවකට නිර්නාමික බ්ලොග්කරනයක යෙදුණු පුද්ගලයා නවකථාව පිළිබඳව නිර්දය විචාරයක් කළේ ය.

ටැබූ ගේ ඒ "දෙඤ්ඤං බැටේ" විචාරය හා සසඳන විට මා සත්‍ය වශයෙන් ම ශාස්තෲ නවකතාව කොසියෙස්කෝ කඳු මුදුනත් වඩා ඉහළ මට්ටමක ගෙන ගොස් ඇති බව පෙනී යා යුතුය!

ශාස්තෲ නවකතාව සාහිත්‍යයට ප්‍රිය, දේශපාලනට ලැදි අප සැම දෙනා විසින් කියවිය යුතු කෘතියක් ලෙස හඳුන්වමි.

http://shasthru.blogspot.com/2010/12/blog-post.html

-රසිකොලොජිස්ට්

ප/ලි:
මේ ලිපිය මා ලියූවේ 2015 සැප්තැම්බර් සාහිත්‍ය මාසය නිමිත්තෙනි.

එය මෙලෙස රසිකොලොජියේ පලවෙන්නේ අදට (සැප්තැම්බර් 27) යෙදෙන අජිත් පැරකුම් ජයසිංහ ගේ පනස් වෙනි ජන්ම දිනය නිමිතේතෙනි.

අජිත් පැරකුම් ජයසිංහ සහෘද බ්ලොග්කරුවාට සුබ උපන් දිනයක් වේවා, මා ද මා සම්බන්ධයෙන් ප්‍රාර්ථනා කරන ආකාරයට, ජීවිතයේ ඉදිරි වසර පනහක කාලය නීරෝගීව ගත කර වේදනාවකින් තොරව චුත වීමට ලැබේවා යි ඉත සිතින් ප්‍රාර්ථනය කරමි!

ප/ප/ලි:
මේ 2015 සැප්තැම්බර් සාහිත්‍ය මාසය වෙනුවෙන් ලියවුණු ලිපියකි.

සාහිත්‍ය මාසයේ පළවුණු අනෙකුත් ලිපි මෙසේ ය.
1. කුරුලු හදවතේ හිලක් - Hole in the heart
2. කතෘ අත්සන් කළ පොත් ඔබ ළඟ තිබේද? - Autographed books
3. අහවල් පොත ලිවීම සහ පොත පෙරළීම පිළිිබඳ මගේ කතාව - Such is Life
4. අටේ පන්තියේ ළමයා ලියූ පොත් පිංච - Write a book, make a child and plant a tree!
5. වෙන්ඩ බ්ලොග්කරුවෙකු විසින් හස්තද්වාරයෙන් පළ කළ පොත් - Sweet eighteen....!!!
6. ස්වයං ඝාතක පොත් පිට කවර නිර්මාණය - You may judge these books by their covers...!!!
7. ඕස්ට්‍රේලියානු සිංහල බ්ලොග්කරුවෝ - Sinhala bloggers domiciled in Australia
8. ආගන්තුක චමත්කාරය යනු කුමක්ද නොහොත් හෙන්රි වර්ණකුලසූරිය ගේ විල්ලරවාඩිය - Henry Warnakulasuriya's Villarawadiya

22 comments:

  1. රාක්කයේ වැජඹෙන තවත් පොතක්...

    ReplyDelete
  2. සොයාගෙන කියවීමට තීරණය කළෙමි.

    ReplyDelete
  3. දැන් මේ පොත කඩවල නැත. ලබා ගැනීමට අවශ්‍ය නම් මගේ ajithperakumඇට්ජීමේල්ඩොට්කොම් ලිපිනයට ඊමේල් එකක් එවන්න.

    ReplyDelete
    Replies
    1. ගම්පහ සරසවි පොත්හලෙන් මෙම පොත මිලදීගත්තේ මේ මාසයේ මුලදීය.

      Delete
    2. කියවීමට කැමැත්තෙමි...මට ලබාගත හැකිද..මිල කීයද...

      Delete
    3. කියවීමට කැමැත්තෙමි...මට ලබාගත හැකිද..මිල කීයද...

      Delete
    4. මාත් මේල් එකක් එවන්නම්. මටත් එවන්න. සුභ උපන් දිනයක්. ඒ කියන්නේ අපි එකම අවුරුද්දේ ඉපදිලා තියෙන්නේ.

      Delete
  4. මේ පොත ගැන රසික හා තවත් රසිකයන් කීපදෙනෙකු හැර විචාරකයෝ කිසිවෙක් කිසිදු අදහසක් ලිව්වේ නැත. එය රාජ්‍ය සාහිත්‍ය සම්මානවල අවසන් පොත් 19 අතර තිබූ බව එහි සිටි විනිශ්චයකරවරයෙක් මට කීවේ ය. පොත ගැන පෞද්ගලිකව අදහස් දැක්වූ අයට ඒ ගැන ලියන්නැයි කී විට ඔවුහු කිසිවක් ලියුවේ නැත. බටුවංගල රාහුල හාමුදුරුවන් මා ගැන දන්නේවත් නැතිව අද පත්තරයට එය ඔහු කැමති ම පොත බව කීවේ ය.

    කෙසේ වෙතත්, කර්තෘ ප්‍රකාශනයක් ලෙස මෙම පොත මුද්‍රණය කර ගත් දිනවල මම ආර්ථික ගැටලුවක් නිසා වැඩ ගොඩක හිරවුණෙමි. ඒ නිසා මට එය මාකට් කර ගැනීමට බැරි විය.

    දුප්පත්කම හා බැඳුණු කටයුත්තක් වන ගුරුකම් කිරීම නවත්වා බඩ රස්සාවක් කිරීමට අදහස් කරගෙන සිටිමි. ඒ නිසා ඉදිරියේදී නැවත කතන්දරයක් ලියාගෙන ඉන්නට අවස්ථාවක් ලැබෙන්නට ඉඩ තිබේ.

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ඊයා.... අර වල් කතා කෑල්ල කියුවයින් පස්සේ පොත කියවන එක එපා උනා..

      බැරි වෙලාවත් අහල පහළ කේස් එකකට. අපේ ගෙදර තියෙන පොත් පොලීසියෙන් කියෙව්වොත් හෙම.. (ලැප් එක නම් එහෙම කේස් එකක් උනොත් ගිනි තියනවා) ගම්පෙරලිය ළඟ තියාගත්ත කොල්ලෝ මරපු රටක් වෙච්චි...

      Delete
  6. Mount Kosciuszko (2228 m) පිදුරුතලාගල කන්ද (2524 m) තරම් උස නෑ නේද, රසිකයියේ?

    ReplyDelete
  7. එළියකන්ද වද කඳවුරේ හිටපු රැඳවියෙකු වන අජිත් පැරකුම් ජයසිංහ විසින් ලියන ලද ශාස්තෘ නවකතාව තේමා කර ගන්නේ සමාජය වෙනස් කිරීම සඳහා තමන්ට සුවිශේෂ කාර්‍යභාරයක් ඉතිහාසය විසින් පවරා ඇති බවට තරයේ විශ්වාස කරන පුද්ගලයෙකු පිළිබඳවය​. මෙවැනි පුද්ගලයන් ලෝකයේ අනෙකුත් රටවල විවිධ සමාජ වල කාලයෙන් කාලයෙන් මතුවෙති.

    ශක්තිමත් සදාචාර පද්ධතියක් ඇති ආත්ම ශක්තිය කැපවීම බුද්ධිය ඇති පුද්ගලයන් එසේ ධනාත්මක ලෙස සමාජය වෙනස් කරති. මාටින් ලූතර් කිං , මැන්ඩෙලා වැනි නායකයන් ඔවුන් ගේ ඉල්ලක්ක කරා ගියේ ඔවුන් සතුව පැවති උත්කර්‍ෂවත් නායකත්වය , ශක්තිමත් සදාචාර පද්ධතිය වැනි ගුණාංග නිසාය​. නමුත් එවැනි ශක්තිමත් සදාචාර පද්ධතියක් නොමැති අන්තවාදය පිටුවහලක් කර ගනිමින් සමාජය වෙනස් කිරීම සඳහා තමන්ට සුවිශේෂ කාර්‍යභාරයක් ඉතිහාසය විසින් පවරා ඇති බවට විශ්වාස කරමින් සමාජයක් විනාශය කරා ගෙන යන්නෝද සිටිති. උදාහරණ ලෙස පොල්පොට් , ජිම් ජෝන්ස් , ඩේවිඩ් කොරේෂ් වැනි පුද්ගලයන් නම් කළ හැකිය​.

    හයිපෝමේනියාව, පෞරුෂ අක්‍රමතා (Personality Disorders) , පැරනොයිඩ තත්වයන් ආදිය නිසා තමන්ට සමාජය වෙනස් කිරීමට විශේෂ බලයක් , යුතුකමක් , කර්තව්‍යක් පැවරී ඇති බව සිතා ප්‍රචන්ඩත්වය​, ජාතිවාදය හෝ ත්‍රස්තවාදය භාවිතා කරමින් සමාජ පරිවර්තන කරන්නන් ද සමාජ තුල බිහි වෙති . ඔවුන් නිසා සමාජ වියසන ඇතිවේ.

    හිට්ලර් සහ ස්ටැලින් යන චරිත දෙක දෙස බලන විට ඔවුන් ගේ දේශපාලන ක්‍රමවේදයන්ට අන්තිවාරම වැටෙන්නේ ළමා කාලයේ අත්දැකීම් අනුවය​. හිට්ලර් සහ ස්ටැලින් ළමා කාලයේදී බරපතළ ලෙස පියාගේ හිංසනයට ලක් වීමත් පියාගේ ප්‍රතික්ශේප කිරීමටත් ලක් වූහ​. පසුකාලීනව මොවුන් දෙදෙනා සමාජය පාළනය කරන්නේ දණ්ඩනය පෙරදැරි කරගෙනය​.

    සැන්ඩිනිස්ටා ගරිල්ලන් පිළිබඳව මනෝ විද්‍යාඥයන් විසින් කරන ලද පරියේෂණ අනුව ඔවුන් ගරිල්ලා ජීවිත වලට ආකර්ෂණය වීම සඳහා කුඩා කාලයේ මාතෘ වියෝග කාන්සාව හේතු කාරකයක් වී තිබේ. එසේම ජර්මනියේ බාඩර් මෙයින්හොෆ් ගරිල්ලා සාමාජිකයන් කුඩා කාලයේදී ළමා හිංසනයන්ට ලක් වීම නිසා ඔවුන් සමාජ අධිකාරියන් කෙරෙහි සෑම විටම දැක්වූ ප්‍රතිරෝධය , වැඩිහිටියන් විශ්වාස නොකිරීම , එදිරිවාදී (Hostility) බව අධ්‍යනය කොට තිබේ.

    ලංකාවේ දකුනේ සහ උතුරේ ඇතිවූ කැරලිකාරීත්වය සඳහා සමාජ අසාධාරයන්ට ලක් වීම ,කුළ පීඩනයන්ට අසු වීම මෙන්ම චර්‍යාත්මක අක්‍රමතා (conduct disorders) ද හේතු කාරක වූ බවට විශ්වාස කිරීමට හේතු සාධක තිබේ. මේ හැර ආගමික අන්තවාදය ප්‍රවර්ධනය කරන්නන් බොහෝවිට ළමා කාලයේදී බරපතල ලිංගික අපයෝජන වල ගොදුරුවූවන් වීමද විශේෂයෙන් සඳහන් කළ යුත්තකි.

    වර්තමාන ශ්‍රී ලාංකික සමාජය තුල ළමා හිංසනය , ළමා ලිංගික අපයෝජන , මව්වරු මැපෙරදිග යාම නිසා මාතෘ දුරස්ථකරණය පැතිරීම යනාදී සාධක නිසා අනාගතයේ සද්‍යෝෂී ශාස්තෘවරු මතුවීමේ හැකියාව ගැනද මානසික සෞඛ්‍ය වෘත්තීයවේදීහු ගැඹුරින් සිතිය යුතුය​.

    ReplyDelete
    Replies
    1. එකගවීමට හැකි කරුණු බොහෝය....

      Delete
    2. එකගවීමට හැකි කරුණු බොහෝය....

      Delete
  8. පැරාට සුභ උපන්දිනයක් වේවා... ඔබ මේ පොත ගෙන ගිය උස ප්‍රමාණවත් යැයි සිතමි... ස්තුතියි..

    ReplyDelete
  9. පැරාගේ නවකතාවට පමනක් නොව උපන් දිනයටත් උණුසුම් සුබ පැතුම්....!!!

    ReplyDelete
  10. ශාස්තෘ නවකතාව පොත්හල් වලදි දැක්කේ නැහැ.
    සුබ උපන් දිනයක් වේවා....!

    ReplyDelete
  11. පහුගිය මාර්තු 26 වෙනිදා නෙලුම්යාය ට එන්න කලින් මං කරපු පුංචි ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් එයා අවසානයේ මහා වැස්ස මැද්දෙම වාහනයට දුවගෙන ගොස් පැරා විසින්ම මා අතට පත් කල, පසුදිනම එක හුස්මට කියව අවසන් කල හා එදා සිට මගේ පොත් එකතුවේ විශේෂ තැනක තියෙන 'ශාස්තෘ' පොත ගැන මේ වනතෙක් වචනයකින්වත් ඇගයීමක් කිරීමට නොහැකි වීමත් අඩුම තරමින් ඒ ගැන පාරට ස්තුතු වන්ත වීමට වත් නොහැකි වීම මගේ බරපතල අතපසුවීමක් යයි සිතමි.
    මෙහි එන ශාස්තෘ වරයාගේ කාමුක විචක්ෂනශීලි නිහඬ ඇස් ඒ වනවිටත් මම 'පැරා' තුලින්ම දැක තිබු නිසා ශාස්තෘ මට බොහෝ සෙයින් සමීප අත්දැකීමක් ලෙස දැනුනි. රසික කියූ ලෙසම එයා හුදෙක් දේශපාලන නවකතාවක් පමණක් ම නොවීමත් නොසිතු විරු අවසානයත් පොතට අපුර්වත්වයක් එක් කරයි.. ශාස්තෘ ඊට අයිති උසකට හෝ ඒ ආසන්නයට ගෙන යාමට රසික දරු උත්සාහය අගේ කරමි.
    HBD2U APJ!

    ReplyDelete
  12. ඇලෙක්ස් ඩිලාජ්29 September 2015 at 19:09

    ශාස්තෘ හඳුනාගත්තේ රසික අර කියන ටැබූ නම් බ්ලොග්රචකයාගේ දෙන්නම් බැටේ විචාරයකිනි - ටැබූ නම් නලින් ද සිල්වා වගේම පෝලරයිසින් කැරක්ටර් එකක් නිසා ඔහුට සවන් නොදී ලද අවස්ථාවක මේ පොත කියවීමට දැන් තීරණය කළෙමි

    ReplyDelete
    Replies
    1. දැන් බ්ලොග් එකකුත් කරන එකේ පොත් ගැන ලියන්න හැකියි නේද?

      Delete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.