පොත්වලට පිට කවර දැමීම අප කුඩා කාලයේ ඉතා කැමැත්තෙන් සිදුකළ කර්තව්‍යයකි. මේ පිටකවර දැමීම සැමවිටම පාහේ කෙරුණේ පාඩම් පොත් යනුවෙන් හැඳින්වුණු පාසල් පෙළ පොත් සහ සටහන් සඳහා භාවිතා කළ ඇක්සයිස් පොත් වශයෙන් හැඳින්වුණු අභ්‍යාස පොත් සඳහා ය.
ඒ සඳහා අප උපයෝගී කර ගත්තේ බ්‍රව්න් පේපර්, බිස්කට් පැකට් කොළ, සඟරාවල වර්ණයෙන් මුද්‍රිත පිටු යනාදියයි. එසේම, ඒ කවර නිසි පරිදි සැකසීම සඳහා අපි ගම් හෙවත් මැලියම්, සෙලෝටේප් මෙන් ම, ස්ටේපල් කටු ද භාවිතා කළෙමු.
මා එලෙස ඇක්සයිස් පොත්වලට සහ පාඩම් පොත්වලට පිටකවර දැමුයේ කුඩා කාලයේ දී ය.
එසේ වුවත්, අපේ සමහරු ලොකු ළමයි වූ පසුව ද නවකථා, කෙටිකතා, කවි පොත් මෙන් ම අනෙකුත් විවිධ ග්‍රන්ථවලට ද මෙසේ පිටකවර දමා තිබෙනු මා දැක ඇත.
සාමාන්‍යයෙන් අඳුරු පැහැ කොළයක, ඉදිරි පස කළු පැහැයෙන් යුතු මෙලෝ රහක් නැති චිත්‍රයක් ද, පසු පැත්තේ චක්කරේ හෝ යාර-අඩි-අඟල් යනාදිය මෙට්‍රික් ක්‍රමයට පෙරළන වගු ද මුද්‍රණය කර තිබූ ඇක්සයිස් පොත් නම් පිට කවරයකින් වසා දැමීමේ යම් තේරුමක් තිබුණ ද, ඕෆ්සෙට් වෛවර්ණයෙන් මුද්‍රිත, අගනා සිතුවමින් සමන්විත වූ, බොහෝ විට තුනී ප්ලාස්ටික් ආලේපනයකින් ද සංරක්‍ෂණය වූ නවකථා කෙටිකතා කවි යනාදී මුද්‍රිත පොත්වලට මේ ආකාරයේ පිටකවර දැමීමෙන් සිදුවෙන්නේ ඒ මුද්‍රිත පිටකවරය එක්කෝ සම්පුර්ණයෙන් වැසී යාමයි, නැතිනම්, විනිවිද පෙනෙන ප්ලාස්ටික් කොළවලින් පිට කවර යොදන අවස්ථාවල දී, මුද්‍රිත පිටකවරයේ අලංකාරය මැකී යාමයි.
පොත් පිටකවර යනුවෙන් මා අද කතා කරන්නට අදහස් කරන්නේ එලෙස වැසී යන පොත් පිට කවර ගැන ය. ඇත්තම පොත් පිටකවර නම් ඒවා ය!
තරමක බරපතල පණ්ඩිත ගතියක් ඇති වචනයක් වූ කංචුකය ලෙසින් ද පොත් පිටකවර හැඳින්වේ.
පොත් ලියන්නෝ ලේඛකයෝ ය. ඒ පොත්වල මුද්‍රිත පිටපත් සාදන්නෝ මුද්‍රණකරුවෝ ය. ඒ සඳහා බරපැන දරන්නෝ පොත් ප්‍රකාශකයෝ ය. මීට අමතරව, පොත් බෙදාහරින්නෝ ද, පොත්හල් හිමියෝ ද, තවත් විවිධ වෘත්තිකයෝ ද, ලේඛකයා ගේ මනසේ බිහිවී අතින් නිමවෙන අකුරු පාඨකයා ගේ දෙනයන හරහා ඔවුන් ගේ මනස කරා ගෙන යාමේ සැපයුම් දාමයේ සිටිති. පොත් පිටකවර නිර්මාණකරුවෝ ඒ සැපයුම් දාමයේ වැදගත් කර්තව්‍යයක් කරන්නෝ වෙති.
අතුරු කරුණක් කිවහොත්, ලංකාවේ පොත් ප්‍රකාශන කර්මාන්තය, බටහිර රටවල මොඩලය හා සසඳන විට පෙනී යන වැදගත් කරුණක් නම්, ඒ සැපයුම් දාමයේ සිටිය යුතු සංස්කාරකවරුන් සහ සෝදුපත් කියවන්නන් ලංකාවේ බොහෝ විට නො සිටීමයි. එය පාඨකයාට මෙන්ම ලේඛකයාට ද අහිතකර ලෙස බලපාන්නකි.ඉංගිරිසි බසින් පොත් ලියන්නෝ අත් අකුරෙන් අත් පිටපත් ලිවීම අත හැර දමා බොහෝ කල් ය. මේ වන මුලින් යතුරුලියනය භාවිතා කළ අය ද, පරිගණකයට මාරු වී ඇත.
එහෙත් පොත් නිමවා ඇති සිංහල ලේඛකයින් අතරින් තවමත් කොම්පියුටරයක සිංහලෙන් අකුරු සැකසිය හැක්කේ කිහිප දෙනෙකුට පමණක් යැයි මම සිතමි.
අකුරු වලින් වචන ලියූවද, වචන එකතු කර වාක්‍ය සෑදූවද, වාක්‍ය මගින් ඡේද, පරිඡේද, සර්ග සහ සම්පූර්ණයෙන් ම ග්‍රන්ථය සැකසූවද, පිටපත යතුරු ලියනය කෙරුවද, ලේඛකයෙකු තමන් ගේ කෘතිවල පිටකවරය සාදා ඇති අවස්ථා මා දැක ඇත්තේ ඉතාමත් කලාතුරකිනි. එයට හේතුව, චිත්‍ර, ඡායාරූප සහ ග්‍රැෆික් නිර්මාණකරණය යන්න ලේඛන කලාවෙන් බොහෝ දුරට පරිබාහිර වූ වෙනනම ලෝකයක් වීමයි.
පොතත් ලියා, එහි පිට කවරයත් සැකසූ ලේඛකයෙකු වශයෙන් මා දැන සිටියේ මහගම සේකර ගැන පමණි. අප කුඩා කාලයේ ඉතා හොඳ පොත් පිටකවර සැකසූ අයෙකු වූ ඒ.ඩී. රංජිත් කුමාර ලියූ "සඳවට රන් තරු" නම් නවකතාවේ පිටකවරය නිර්මාණය කර ඇත්තේ වෙනකෙකු බව දැක මම පුදුමයෙන් පුදුමයට පත් වුණෙමි. මගේ පොත් එකතුවේ තමන් ගේ පොතකට තමන් ම කංචුකයක් නිර්මාණය කළ ලේඛකයෙකුට සිටියේ ඉසුරු ප්‍රසංග නම් කවියා පමණි.
ඉහත සියලු විස්තර ලියුවේ මූලිකව ම මා ලියූ පොත් දෙකේ පිටකවර ගැන සඳහනක් කරන්නටයි.
වසර දාසයේ සිටම විවිධාකාරයේ කවි, කෙටිකතා ලියූවද, ඒ නිර්මාණ ඇක්සයිස් පොත්වල ලියා මුද්‍රණද්වාරයෙන් නොව හස්තද්වාරයෙන් එළි දැක්වූ මට ඉන් සෑහෙන කාලයකට පසුව මුද්‍රණද්වාරයෙන් ද පොතක් එළි දක්වන්නට කැමැත්තක් ඇති විය.
ඒ කවි පොතකි. විවිධ සඟරාමය ප්‍රකාශනවල සිව් වැදෑරුම් නමින් පළ වූ, සිව් ආකාරයක කාව්‍ය නිර්මාණවලින් සමන්විත ඒ කාව්‍ය සංග්‍රහය මා එය නම් කළේ "සිව් සිත් කව්" යනුවෙනි.
ඒ 2008 නොවැම්බරයේ දී ය.
බොහෝ කාලයක සිට මුලින් මගේ අතින් ලියවුණු, පසුව මගේ අතින්ම පරිගණක ගතවුණු, එයිනුත් පසුව පොතක් ලෙස සෑදුණු ඒ කවි එකතුව සඳහා කංචුක නිර්මාණය ද මා ම කළ යුතු යැයි මට සිතුණි.
"සිව් සිත් කව්" යන නමට ගැලපෙනවා යැයි මට සිතුණු ඒ කංචුකය ලැප්ටොප් පරිගණකයයේ ඇති අති සරල පේන්ට් මෙවලම උපයෝගී කරගෙන මා නිර්මාණය කළේ සිනුවර සිට කොළොම්පුර බලා යද්දී සිංගප්පූරු ගුවන් තොටුපලේ විවේකාගාරයේ දී ය.
මා නිමැවූ ඒ කවරය පිළිබඳව "සිව් සිත් කව්" ප්‍රකාශක ජනක ඉනිමංකඩ කිසිවක් නොකීවේ ය.
නමුත්, මගෙන් තැපැල් මගින් පොතේ පිටපතක් ලද, කවි, කෙටිකතා, විචාර සහ (පසුව) නවකථා යනාදී පොත් රැසක කතුවරයෙකු වන මා මිතුරෙකු ඊ-මේල් මගින් මට දන්වා සිටියේ ඒ කවරය මෙලෝ රහක් නැති බවත්, කවි පොතකට කිසිසේත් ම නොගැලපෙන එකක් බවත් ය.
මිතුරා ගේ කතාව ඇසූ මා, නැවත පොතක් මුද්‍රණය කළ හොත් වෘත්තීමය නිර්මාණ ශිල්පියෙකු ගේ සේවය ලබා ගැනීමට එදා සිතුවෙමි.
නමුත්, 2012 සැප්තැම්බරයේ දී මගේ "සිව් වසරක් මරදානේ" කෘතිය ඉතා හදිසියේ ප්‍රකාශ කිරීමට සිදුවුණු නිසා එවැනි වෘත්තීමය සේවයක් ලබා ගැනීමට මට කාලයක් නැති විය.
ලංකාවට පැමිණ දිනම නින්දෙන් ඇහැරී හවස් වරුවේ මරදානට ගොස් කැමරාවේ සටහන් කරගන්නා ලද ඡායාරූපයක් උපයෝගී කරගෙන එදින රාත්‍රියේ ම, මා ඒ පිටකවරය සැකසුවේ ද පරිගණකයේ ඇති පේන්ට් මෙවලම උපයෝගී කරගෙන ය.
මා නිමැවූ ඒ කවරය පිළිබඳව "සිව් වසරක් මරදානේ" ප්‍රකාශක දයාවංශ ජයකොඩි කිසිවක් නොකීවේ ය.
එසේ නමුත් පොතේ කවරය දුටු කිහිප දෙනෙකුම මට කීවේ කවරය නම් මෙලෝ රහක් නැති බවයි!
ඉහත පොත් දෙකට අමතරව මා සම සංස්කරණයෙන් සම්මාදම් වූ "දකුණු කුරු දිව් කව්" නම් ඕස්ටේර්ලියාව පිළිබඳ සිංහල කාව්‍ය සංග්‍රහයේ කවරය ද මා සැකසූවේ පෙර සඳහන් කළ ආකාරයට ම ය.
මා නිමැවූ ඒ කවරය පිළිබඳව ද "දකුණු කුරු දිව් කව්" ප්‍රකාශක දයාවංශ ජයකොඩි කිසිවක් නොකීවේ ය.
තමන් ගේ සිතුවිලි තමන්ම යතුරු ලියනය කර, තමාම පොත් පිටපත සකසනවාට අමතරව, තමන් ම ඒ පොතේ පිටකවරය නිර්මාණය කිරීමෙන් ද ලබා ගත හැකි ආත්ම තෘප්තිය ඉතා ඉහළ බව මම දැන් අත්දැකීමෙන් ම දනිමි.
පොත් ප්‍රකාශනය කර්මාන්තයක් ලෙස සලකන කළ වැදගත් වෙන වෘත්තීමය පෙනුම, අලංකාරය, පාඨක සිත එක එල්ලේ ඇද බැඳ ගැනීම යනාදී කාරණා මා ලියා ප්‍රසිද්ධ කළ "සිව් සිත් කව්", "සිව් වසරක් මරදානේ" වැනි මූලිකවම ආත්ම තෘප්තිය පිණිස නිමැවූ කෘතිවලට එතරම් අදාළ නොවේ!
-රසිකොලොජිස්ට්
ප/ලි:
මේ 2015 සැප්තැම්බර් සාහිත්‍ය මාසය වෙනුවෙන් ලියවුණු තවත් ලිපියකි.
මීට පෙර ලියූ ලිපි මෙසේය.
1. කුරුලු හදවතේ හිලක් - Hole in the heart
2. කතෘ අත්සන් කළ පොත් ඔබ ළඟ තිබේද? - Autographed books
3. අහවල් පොත ලිවීම සහ පොත පෙරළීම පිළිිබඳ මගේ කතාව - Such is Life
4. අටේ පන්තියේ ළමයා ලියූ පොත් පිංච - Write a book, make a child and plant a tree!
5. වෙන්ඩ බ්ලොග්කරුවෙකු විසින් හස්තද්වාරයෙන් පළ කළ පොත් - Sweet eighteen....!!!
(image: http://lifeofafemalebibliophile.com/2013/11/11/dont-judge-a-book-by-its-cover/)
ඔබේ "සිව් සිත් කව් " පොතේ කවරය නම් අපූර්වය්.
ReplyDeleteකවුද මොහාන් රාජ් මඩවලට පොත් කවර නිර්මාණය කරන්නේ ? ඒවා නම් අජූතය් !!
"සිව් සිත් කව් " පොතේ කවරයට පේටන්ට් එකක් ගැනීමට බලාපොරොත්තු වෙමි!
Deleteමඩවල ගේ පොත් කවරත් පොරම ඇන්දා නම් ඉවරයි නේ?
මොහාන්ගේ පොත් වල කවර මට නම් "එළකිරිය"
Deleteපොත් කවර, සංගීත තැටි (Vinyl) , කැසට්, සංයුක්ත තැටි කවර වෙනම කලා ක්ෂේත්‍රයක් වගේ.
ReplyDeleteකොටලා බලන්න : https://www.facebook.com/media/set/?set=a.10151489291841182.1073741828.299742351181&type=3
කංචුක නිර්මාණ කලාව!
Deleteපොත විකුණා ගැනීම අමතක කළත්, පොතක් කියවීමට ඇතිවන උනන්දුවටද පිටකවරය බලපායි. පුස්තකාලයකින් කලින් තීරණය කර නැති පොතක් ගැනීමේදීද මේ බලපෑම විශාලය.
ReplyDeleteමං නං කියවන්නේ පොත ගැන ලියා ඇති විස්තරය සහ කතෘ ගැන සටහනයි!
Deleteමට නම් පොත් තුනේම කවර හොඳයි. එකම පාටක් පාවිච්චි කරලා ඇයි?
ReplyDeleteතමන් ගේ මැට්ටම් තම්මැට්ටම්!
Deleteදැන් ඔය අන්තිම පොතේ කවරේට කවුරුත් මෙලෝ රහක් නෑ කියුවේ නැද්ද?
ReplyDeleteපලවෙනි පොත් දෙකටම 'සිව්' දාන්න විශේෂයක් තියෙනවද 4 එක්ක..
අනිවාර්යෙන් ම!
Deleteසිව් සිත් කව් කියන්නේ හතරකින් හතර විදියකට ලියපු කවි නිසායි.
සිව් වසරක් මරදානේ කියන්නේ අවුරුදු හතරක පාසල් කාලය ගැන ලියවුණු කතා ඇතුළත් නිසායි!
/මගේ පොත් එකතුවේ තමන් ගේ පොතකට තමන් ම කංචුකයක් නිර්මාණය කළ ලේඛකයෙකුට සිටියේ ඉසුරු ප්‍රසංග නම් කවියා පමණි./
ReplyDeleteඑයා කවියෙක්ද? මෙච්චර කල් මං හිතාගෙන හිටියෙ එයාත් කුමාර ලියනගේ වගේම විමල් වීරවංශට කඩේ යන චූ කොල්ලෙක් කියලා. රසිකගෙන් අපි කොච්චරනම් දේවල් ඉගෙන ගන්නවද?
ඉසුරු ප්‍රසංග කවි පොත් දෙකක් විතර ලියලා තියෙනවා. ඉන් එකක් බූන්දි කණ්ඩායම මගින් ප්‍රකාශයට පත් කර තිබී මා මිල දී ගත්තා. තවත් බූන්දි ප්‍රකාශන සඳහා ඔහු කවර නිර්මාණය කර තිබෙනු මා දැක තියෙනවා.
Deleteඔය ප්‍රකාශකයෝ මොනවත් නොකීවත් මම නං කියන්නේ “මෙලෝ රහක් නැති රතු පාට කවර“ කියලයි.. හැක්
ReplyDeleteසාහිත්‍ය මාසයට ඔබින අයුරින් පල කරනු ලබන පෝස්ට් පිළිබදව සතුටු වෙමි..
මම ද සතුටු වෙමි!
Deleteසිව් සිත් කව්, සහ දකුණු කුරු දිව් කව් දෙකෙහි පිටකවර නවීන ගතියක් නැති වුණත් ඒ හැටි අවුලක් නෑ. සිව් සිත් කව් වල අන්තර්ගතය කෙසේ වෙතත් පොතේ නමට ගැලපෙන චිත්‍රයක් නම් තියනවා. "මෙලෝ රහක් නැත" කියන එක සිව් වසරක් මරදානේ පොතට නම් අදාලයි. :)
ReplyDeleteසංස්කරණය කෙසේ වෙතත් සෝදුපත් කියවීම වෙනුවෙන් ස්තූති කිරීම් පෙරවදනේ නිතර දකින්න පුළුවන් නේද?
/* "මෙලෝ රහක් නැත" කියන එක සිව් වසරක් මරදානේ පොතට නම් අදාලයි. */
Deleteඒ කියන්නේ අන්තර්ගතය ගැන නේද? මොකද මෙතනින් තිසර කියවා ඇති එකම පොත එයයි!
සෝදුපත් බලනවා කියන්නේ ඉස්සර අකුරු අමුණන කාලේ වැරදි හෙවීමටයි. ඒක මුද්‍රණකරුවාගේ පැත්තේ වැඩක්.
Deleteදැන් සෝදුපත් බලනවා කියන්නේ රචකයා ගේ ණනළල සහ ව්‍යාකරණ වැරදි සෙවීමටයි!
මමත් දන්න විදියට පොතක් ලියන්න හිතාගෙන ඉන්නේ.. කෙරෙයිද නොකෙරෙයිද කියන්න නම් දන්නේ නෑ... හැබයි කවරෙ නම් නිර්මාණය කරලා ගොඩක් කල්...
ReplyDeleteකත්තුරු භාගෙ ගැන අහුවාම පොත් ලිවිල්ල එපා වෙනවා අප්පා.. ඒ නිසා හිතුනොත් පොත බොගේම දානවා...
රසිකගෙ එක පොතක්වත් අද වෙනකන් මම කියවලා නෑ.. හැබයි ඉස්සට පෝස්ට් වගේම පට්ට රහ ඇතෙයි කියලා නම් හිතෙනවා...
Deleteපොත බොගේ දැම්මොත් අපට කියවන්නට පුළුවනි.මුද්‍රණය කළොත් ගොඩක් දෙනෙකුට කියවන්නට පුළුවනි.පුතෙක් හැදුවනෙ දැන් පොතක් ලියපං.ගහක් නං ඕනෑ වෙලාවක හිටවගන්න බැරුවයැ.
DeleteMaathalan - Priyantha Hewage18 September 2015 at 15:42,
Deleteපොතටම වෙනම බ්ලොග් එකක් හදලා පළ කළොත් වඩා හොඳයි. මුද්‍රණය කරන්න වෙහෙසෙන්න එපා. අවශ්‍ය පිරිස කොතැන පළ වුවත් කියවාවි.
මාතලන්-
Deleteමේ අවුරුද්දේ නේද පොතක් ගහන්න හොඳම අවුරුද්ද, නිකං කඩඉම පසුකරන එක මතක් වෙන්න?
Samanala Viplavaya
Deleteමම කාලෙක ඉඳන් කල්පනා කරන්නේ ඔබේ ඒ වෙබ් නවකතාව දැනට රටේ පවතින නිදහස් වාතාවරණයත් නිසා චිත්‍රපටයකට පරිවර්තනය වුනා නම් කෙතරම් අපූරුද කියලා - දැන් රූපවාහිනි හා සිනමා මාධ්‍ය දෙකේම ප්‍රතිභාපූර්න තරුණ අධ්‍යක්ෂවරු කිහිප දෙනෙක්ම සිටිනවා - එම නිසා ඇතැම් විට නුදුරු අනාගතයේම මේ නවකතාව චිත්‍රපටියක් වෙන්නත් පුළුවන්
තැඹිලි පැහැයට ගොඩක් මනාපයි වගේ....
ReplyDeleteකැපුවත් තැඹිළි!
Deleteවාව් ඔයා පොත් ලියන කෙනෙක් ද?
ReplyDeleteරසික සූරිය ආරච්චි කියන නම නම් යාන්තම් හුරුයි වගේ... ඒත් පොත් නම් කියවලා නැද්ද කොහෙදෝ...
පොත් පෙරළීමට ද දනිමි!
Deleteඒ පිට කවර තුනේම අමුතුම ගතියක් තියෙනවා.............
ReplyDeleteඑකාම නේ හැදුවේ, ඒකයි!
Deleteමහගම සේකර එතුමාගේ කවර නිර්මාණය කරගත්තා නේද? උණුසුම් වර්ණ වලට කැමතියි වගේ..
ReplyDeleteජයවේවා..!!
/* පොතත් ලියා, එහි පිට කවරයත් සැකසූ ලේඛකයෙකු වශයෙන් මා දැන සිටියේ මහගම සේකර ගැන පමණි. අප කුඩා කාලයේ ඉතා හොඳ පොත් පිටකවර සැකසූ අයෙකු වූ ඒ.ඩී. රංජිත් කුමාර ලියූ "සඳවට රන් තරු" නම් නවකතාවේ පිටකවරය නිර්මාණය කර ඇත්තේ වෙනකෙකු බව දැක මම පුදුමයෙන් පුදුමයට පත් වුණෙමි. මගේ පොත් එකතුවේ තමන් ගේ පොතකට තමන් ම කංචුකයක් නිර්මාණය කළ ලේඛකයෙකුට සිටියේ ඉසුරු ප්‍රසංග නම් කවියා පමණි. */
Deleteහුටා... ආයෙ වෙරි පිට කියවන්නෙ නෑ..
Deleteමටත් ඔය වැඩේ ම වෙලා තියෙනවා දවසක් දෙකක්!
Delete:-)
තැඹීලි පාටට වැඩියෙන් කැමති වෙන්න මොකක් හරි විශේෂ හේතුවක් වත් තියෙනවද අයියේ?
ReplyDeleteආර්. ප්‍රේමදාස අගමැති වෙලා ඉන්න කාලේ රටේ සෑම පාලමක ම සහ බෝක්කුවක ම තැඹිලි පාට තීන්ත ආලේප කළා මතක ද?
Deleteකැපුවත් කොළ, කැපුවත් නිල් වගේ ම, කැපුවත් තැඹිළි!
Deleteවිශ්ව රංගනාත් කියන කෙනා දවසක් ෆේස් බුක් එකේදී කිව්වා පොඩි ළමයි හුරතල් කරද්දී උනත් ලිංගික හැගීම් එනවා කියලා. මන් ඇහුවා ඒ කොහොමද බන් කියලා. ඌ කියනවා නිකම්ම නිකම් හිටියට එන්නේ නැහැ ටිකක් අත පත ගාන්න ඕනේ කියලා. මට තේරුණා ඌ මොනවා හරි සීන් එකක් කරන බව. මාත් නොදන්න ගාණට තව විස්තර ඇහුවා උගෙන්.
ReplyDeleteමට නං ඔය එක පිට කවරයකවත් මෙලෝ රහක් නැහැ. තමංගෙ මැට්ටම් තංමැට්ටම් හංද හොඳයි. ඒළඟ වතාවෙවත් පිටකවර නිර්මාණකරුවෙකුගෙ සේවය ගන්න. මොකද ඉංජිනේරුවො බේත් කලව්ංකරන්න යන්නෙ නෑ නොවැ.
ReplyDeleteමම පරිවර්තනයකට තෝරගෙන තියෙන්නේ විල්බර් ස්මිත් කියන දකුණු අප්‍රිකානු ලේඛකයාගේ මුල් කාලීන නවකතාවක් - අදාළ නවකතාවෙන් ඒ කාලෙ ජනප්‍රිය චිත්‍රපටයකුත් නිර්මාණය වෙලා නිසා චිත්‍රපටයේ ප්‍රකට රූපරාමුවක් පොත් කවරය ලෙස යොදාගන්න මම කල්පනා කරනවා - අනිවාර්යෙන් පොත් විකිණේවී මේ පිටකවරය නිසා
ReplyDeleteකකා මොකද මේ තැඹිලි පාටම තෝරන්නෙ.. ඔය කවි පොත දැක්ක ගමන් මට දැනුනෙ හාමුදුරුකෙනෙක් ලියපු පිරිත් පොතක් කියල...
ReplyDeleteමම ඩිසයිනින් කරන කාලෙ ගාලු කොටුවෙ ඉතිහාසය ගැන විශ්‍රාමිකයෙක් ලියපු පොතක කවර නිර්මාණය කරන්න උනා... මම නිර්මාණ කිහිපයක් කරාට ඒ වයසෙ කීපදෙනෙක්ම තෝරගත්ත කවර නිර්මාණය කකාගෙ ඔය සිවු වසරක් මරදානෙ පොතේ කවරෙ වගේම තමයි... ඉතිං මං හිතන්නෙ එක්තරා වයස් සීමාවක ඉන්න අය ඔය වගේ කවර වලට ආසයි කියල... හැබැයි කකාගෙ පොතට නං ඔය කවරෙ හරියන්නෙ නෑ.. ඒකෙ තියෙන්නෙ ඉස්කෝලෙ කතා... අවුරුදු 12-18 වයසෙ පිස්සු කතා... ඔය වගේ තද තැඹිලි පාටක් දාපු ගමන් ඒ කවරෙ 50-60 වයස් සීමාවෙ ඇහැට තමයි වදින්නෙ... ( පොතේ සඳහන් කාල සීමාවෙ ඉස්කෝලෙ ගිය කට්ටිය නං ඔය පොත ආසාවෙන් කියවන්න ඇති... හි හි)
දයාවංශ ජයකොඩි වගේ අත්දැකීම් තියෙන ප්‍රකාශකයො දන්නවා ලංකාවෙ කවි පොත් කියවන්නෙ එක්තරා පිරිසක් විතරක් කියල... පළකරන පොඩි පොත් ප්‍රමාණය ඒ පොඩි පිරිස කොහොම උනත් ගන්නව.. ඉතිං කවරෙට එච්චර සැලකිල්ලක් දක්වන්නෙ නෑ... ඒ උනාට මං වගේ කවි ඇලජික් මනුස්සයෙක්ට කවි පොතක් අතට අරං බලන්නවත් ආස හිතෙන කවරයක් තිබ්බොත්, අඩුම ගානෙ මං ඒ පොත පෙරලල වත් බලයි... ( කකාගෙ කවි පොත මගේ පොත් රැක් එකේ තියෙනව... ඒත් තාම අතවත් තිබ්බෙ නෑ... සිවු වසරක් මරදානෙ නං කියෙව්ව..)
පොතක කවරෙ කියන්නෙ පොත කියවන්න කරන ආරාධනාවක් වගේ... මට ලංකාවේ පොත් වල ආස හිතෙන කවර නිර්මාණ වැඩිපුරම හම්බුවෙලා තියෙන්නෙ විදර්ශන එකේ කවර නිර්මාණය කරන දිනිදු ප්‍රසාද් සිරිවර්ධනගෙ තමයි... දිනිදුගෙ කලර් කම්බිනේෂන් එක හැමතිස්සෙම පොතේ දුක්බර, අඳුරු ගතිය හරි නැත්තං විනෝදකාමී, සිනිදු ගතිය හරි, රොමැන්ටික් ගතිය හරි, හරියටම පෙන්නනව... එයා හොදා ගන්න පින්තූර ගැන නං මට එච්චරම ගානක් නෑ... පින්තූරෙට වැඩිය කලර්ස් වලටයි මගෙ ඇහැ යන්නෙ...
අර අතිං ඇඳපු චිත්‍ර දාන පිටකවර නං ඇත්තටම මට අතට අරං බලන්නවත් හිතෙන්‌ෙන නෑ.. ඒවයෙ තියෙන්නෙ චිත්‍රකතා පත්තර වල පෙනුම... අපි චිත්‍ර කතා පත්තර හොඳ නෑ කියල උගන්නපු පරම්පරාව හින්ද වෙන්නැති මට ඒ වගේ නව කතා නං අප්පිරියයි....
ටයිප් සෙටිං කරද්දි ඔය නවකතා පොත් ටයිප් සෙටින් කරන එක නං මට එපාම කරපු වැඩක්... මොකද මම පොත කියව කියව තමයි ටයිප් කරන්නෙ... නිකං අකුරු ටික ටයිප් කරන් යන්න තරං මං ප්‍රොෆෙෂනල් ටයිපිස්ට් කෙනෙක් නෙවෙයි... ඉතිං ඒවයෙ තියෙන වැරදි දැක්කම මට ලියපු එකාට ගහන්න හිතෙනව... පටං ගන්න වාක්‍ය නෙවෙයි අන්තිමට ඉවර වෙලා තියෙන්නෙ... නණ ලළ වැරදි, උක්ත ආක්‍යාත සම්බන්ධය.... ඒවා ගැන පොඩ්ඩක් හරි සැලකිලිමත් වෙන්න ඕනෙ කියවන කෙනාට අපහසුවක් නැතුව තේරුම් ගන්න නං... මං හැමතිස්සෙම අහනව මේ පොත් සංස්කරණය කරල නැද්ද කියල... නෑ කියන උත්තරේ තමයි ගොඩක් අය දෙන්නෙ... පොතක් ලියපු කෙනාට ඒ පොතේ වැරදි අහුවෙන්නෙ නෑ.. පෲෆ් රීඩ් කරන්න ඕනෙ ලියපු කෙනා නෙවෙයි... ලියපු කෙනා පෲෆ් රීඩ් කරද්දි කොටස් අඩු වෙලා තිබ්බොත් විතරයි එයාට අහුවෙන්නෙ.. අකුරු වැරදි, වාක්‍ය වැරදි එහෙම අහු වෙන්නෙ නෑ... ඒවා අහුවෙන්නෙ අලුතෙන්ම පොත කියවන කෙනෙක්ට... සමහර අලුතෙන්ම පොත් ලියපු ළමයි මං දවස් දෙක තුන ළඟිං ඉන්දගෙන, පොතේ වැරදි හද හද, ටයිප් සෙටිං කරල තියෙනව...
පිට කවරයක් කියන්නේ හරියට ඇදුමක් වගේ දෙයක්.එකෙන් අභ්‍යන්තරය විදහා ඇක්වෙන අතර පාඨකයා රදවා තබා ගැනීමට හැකි වූ වනම් ඔහු සමතෙක්.වර්ණ භාවිතය මීට වඩා හොද උනානම් හොදයි වගේ...
ReplyDelete