Friday 17 June 2016

යනවා නම් (යන දීපංකරේක / තොලොංජි වෙලා / මකබෑවිලා) යන්න රත්තරං...! - G.M.O.A. Jokes


මේ සටහන ලියන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමය හෙවත් ජීඑම්ඕඒය විසින් කර තිබුණු ප්‍රකාශයක් පිළිබඳවයි.

මාතෘකාවට යොදා ගෙන ඇති පදයේ වචන කීපයක් මා උපුටා ගත්තේ සුනිල් ආරියරත්න ලියා නන්දා නැන්දා ගයන "සුකිරි බටිල්ලන් ගේ සින්දුවක්" වූ "යනවා නම් අනේ මං අරං, යන තැනකට යන්න රත්තරං!" නම් ගීතයෙනි.

නන්දා නැන්දා සහ විට්ටර් අංකල් හෙට සිනුවර ප්‍රසංගයක් පැවැත්වීමට නියමිත අතර ඔවුන් දෙදෙනා පසුගිය ජනාධිපතිවරණය අරභයා නළාකරුවන් පිරිසක් විසින් පළකරන ලද පුවත්පත් දැන්වීමට සම්මාදම් වී නැති බව නිසැකව වටහා ගත් පසු එය නැරඹීමට ලැබුණු ඉල්ලීමක් මා පිළිගෙන තිබීම ඒ ගී පදය මට සිහිවෙන්නට ආසන්න ම හේතුවයි.

ඒ කෙසේ වෙතත්, නැවතත් ප්‍රස්තූතයට එනවා නම්, ජීඑම්ඕඒය විසින් කියා තිබුණේ, ඔවුන් ගේ සාමාජිකයින් වන රජයේ වෛද්‍ය නිලධාරීන් රට හැර යාමට සූදානම් බවයි.
යනවා නම් (යන දීපංකරේක / තොලොංජි වෙලා / මකබෑවිලා) යන්න රත්තරං යනුවෙන් මට කියවුණේ ඒ පුවතේ හෙඩිම දුටු විට ය.

මගේ අදහස නම්, රටෙන් පිටව යන උන්, යන්නට හැකියාවක් ඇති උන් සහ අවශ්‍යතාවක් ඇති උන් ඔය ආකාරයට අනේ අපි යනෝ, අපිව බේරා ගන්ටෝ යනුවෙන් කිය කියා ඉන්නේ නැති බවයි. උන් යන්නට යති. ඇත්තටම කියනවා නම් අමුතුවෙන් යන්නට ඕනෑත් නැත. ඒ රටවල ඉන්නට හැකියාවක්, අවශ්‍යතාවක් තිබේ නම් පුහුණුවට ගිය අවස්ථාවේ දී ම ආපසු නොඇවිත් එහේ ම පැලපදියං වෙති.

නමුත් සත්‍යය නම්, ඔය අපේ සාමාජිකයින් රටෙන් පිටවී යන්න යනවා යැයි කීම වනාහී, ජීඑම්ඕඒ කම්කරු සංගමය විසින් තම හාම්පුතා වන ආණ්ඩුව සමග කරන තමන් ගේ සාමාජිකයින් ගේ වරප්‍රසාද වැඩි කර ගැනීමේ වෘත්තීය සමිති ක්‍රියාදාමයේ කේවල් කිරීමේ අදියර සඳහා උපයෝගී කරගන්නා තුරුම්පුවක් පමණි. මෙය ඇත්තටම තුරුම්පු ආසියා නොව කොලේ වසා යටින් ගහන කැට කොළයක් පමණි. ඔවුන් කරන්නේ හුදෙක් ම කයිවාරුවක් ගැසීමක් පමණක් බව ඔවුන් ම දනිති.

මේ පිළිබඳව, ඔහු ද වෛද්‍ය උපාධිධාරියෙකු වන, මා මිත්‍ර ප්‍රියන්ජිත් පෙරේරා, මෙසේ කියා ඇත.

This is another GMOA 'hoax'.

This is another lie they want the public to believe so that they can 'black mail' them and the government for more demands.

When they say that doctors would leave the country if their demands, fair or unfair, are not met it implies that a Sri Lankan doctor remains in the country only for 'altruistic' reasons or to serve the public.

It also implies that whenever, they feel they can fly to any destination in the world as the countries in the world are waiting for them with open arms. (I do not understand the childish immaturity of these people. Definitely there is something wrong with how they have been trained in their medical schools.) This claim cannot be any further from the truth.

It is not easy to get a job in the Western world for a Sri Lankan doctor. For instance, In the UK they should sit for IELTS and get 7.5 out of 9. Then sit for PLAB 1 and 11 to get GMC registration. Then you should apply for jobs whenever there is a vacancy. Whether you get a job or not depends not only your passing IELTS and PLAB but also on your experience back in SL.

In Australia the situation is the same if not worse. Lately they are run out of vacancies due to influx of British trained doctors. Now the demand for doctors seems to have dried out.

In Canada the situation is the same. There are so many Sri Lankan migrant doctors without jobs as they haven't got the registration there.

In Singapore and Malaysia their Medical Council register only the graduates from University of Colombo.

In the case of the Specialists (or consultants in Sri Lanka), even if they manage to get jobs in UK they won't get Consultants' jobs or even associate specialist level jobs. Only a few specialities get sponsored GMC registration in UK. Others have to go through usual channel or some other complicated procedures.

I am sorry to see doctors have gone down to this level in order to get their petty demands by deceiving the public and government in this way. Do they think that this arrogant, pompous and conceited attitude make them more friends among the public? And they say, when the public is angry, that public is 'jealous' with doctors. What a joke!

කාලවේලා මදිකම නිසා මම ප්‍රියන්ජිත් පෙරේරා ගේ ප්‍රකාශයේ අවසාන වැකිය පමණක් පරිවර්තනය කරමි.

මොන විහිළුවක් ද?

ආමිකාරයින්, නඩුකාරයින්, රජයේ ඉහළ නිලධාරීන් වැන්නන් සඳහා පවතින ආණ්ඩු රටේ පොදු වැසියන් ගේ සම්පත් අපහරණය කරමින් අසාධාරණ වරප්‍රසාද ලබා දී ඇති බව සත්‍යයකි. රජයේ පාසල් පද්ධතිය ද එසේ අපහරණයට ලක් වූ එක් පොදු වස්තුවකි. රජයේ වෛද්‍ය නිලධාරීන්ට ද තම වෘත්තිය අයිතිවාසිකම් සහ පොදු වස්තුවෙන් ලොකු කුට්ටියක් කඩා ගැනීමේ කැක්කුමක් ඇති බව ද සත්‍යයකි.

එසේ නමුත්, ඔය ජීඑම්ඕඒය කියන කියන විදියට ඔවුන් ගේ සාමාජිකයින් ට ලංකාවෙන් පිටත්ව වෙනත් රටකට ගොඩ බා ක්‍ෂණයකින් සේවය අරඹන්නට හැකියාවක් ඇතැයි කීම නම් විහිළුවක් පමණි.

සැබෑ ප්‍රශ්නය එය නොව, මේ සියලු වෘත්තීය සංගම් කම්කරු ක්‍රියාකාරකම් සටන් සඳහා පලිහක් ලෙස පාවිච්චි වෙන්නේ විවිධාකාරයේ බදු ගෙවමින් රජයේ වෛද්‍ය සේවය පවත්වා ගැනීමට කඹුරන රටේ පොදු ජනතාව ම වීම ය.

ඉතින්, ජීඑම්ඕඒයට සහ එහි සාමාජිකයන්ට මගේ පණිවිඩය මෙයයි.

යනවා නම් (යන දීපංකරේක / තොලොංජි වෙලා / මකබෑවිලා) යන්න රත්තරං...!

-රසිකොලොජිස්ට්

ප/ලි:
ප්‍රියන්ජිත් පෙරේරා විසින් ලියන ලද නවකවදය පිළිබඳ ලිපියක් මීට පෙර දිනක සම්පූර්ණ පරිවර්තනයක් ද සමග පළ කළෙමි.

එය කියවා නැති අය සඳහා සබැඳිය පහත දැක්වේ.
http://rasikalogy.blogspot.com/2016/05/priyanjith-perera-on-ragging.html

(image: https://teamforunity.wordpress.com/)

42 comments:

  1. රජයේ වෛද්‍ය නිලධාරීන් රට හැර යාමට සූදානම් බවයි.///// මගේ අදහස අනුව යන්න හැකියාව ඇති , පිටරට කන්ටැක්ස් තියන 99% ගිහිල්ලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඊට අමතරව ඉන්නේ තවම ඇස් ඇරපු නැති පූස් පැටව් ටික විතරයි!

      Delete
  2. අනේ වාසනාවන්, ඔහේලට නම් පරිස්සන් වෙන්න වෙයි.

    ReplyDelete
  3. අපේ මිගාර මහත්තයටත් යන්න පුළුවන්. රට ජාතිය බේර ගන්න වෙන කෙනෙක් නැති නිසා නතර වෙලා ඉන්නෙ.

    ReplyDelete
  4. පැනඩෝල් ඇම් බී බී ඇස්.... හරි පවූ.. යන්න බැරි නම් නම් හැමනියල්ලා....

    ReplyDelete
  5. යන්න කියන්න නං ලේසියි. ගියාම තමයි ඉන්න උන්ට කෙළවෙන්නේ. වෛද්‍යවරුන්ගේ වෘත්තීය අයිතිවාසිකම් ගැන ආංඩුව එක්ක ඒගොල්ලන්ටම බේරාගන්න ඉඩ දී අනෙක් වෘත්තිකයන් පැත්තකට වෙලා ඉනව නං නේද හොඳ...
    මොකද ඉංජිනේරුවො රට දාල නොවෙයි වළපල්ලට ගියත් ජාතාවට දැනෙන්නෙ නෑ. ඒත් වෛද්‍යවරු එහෙම නොවේ.

    ReplyDelete
    Replies
    1. ජනතාවට දැනෙයි. නමුත් ජනතාව දන්නෑ . ඒක වෙන්නේ ඉන්ජිනේරුවෝ නැති නිසා කියල. දොස්තරල නැතිවුනහම ඒක කෙලිනම දැනෙනවා වගේ.

      Delete
    2. මොරටුව, පේරාදෙණිය අවුරුදු 8-10 පරණ බැච් වලින් 70-80% ක්ම ලංකාවේ නෑ.

      Delete
    3. ඉන්ජිනේරුවෝ ගියාට රටට දැනෙන්නෙත් නෑ, ඉන්ජිනේරුවෝන්ට කොහොමටවත් දැනෙන්නේ නෑ .
      දොස්තරලා ගියහම රටට කොහොම වුනත් දොස්තරලාට නම් හරි ඉක්මනට දැනෙනවා.

      Delete
    4. මේ දැනිල තියන ටික මදිද

      Delete
    5. වෛද්‍යවරුන් පොරවල් වී තිබෙන්නේ ඔබ වැනි ජනමාධ්‍යවේදීන් නිසා බව ලියා තබන්නේ ඉතා කනගාටුවෙනි...

      කුණු ගෙනියන උන් ටික නැති උනාම ඊට වඩා කට්ටක් කනවා...

      Delete
    6. ඔය රතුපාට ෂර්ට් කාරයා ජඩ මාධ්‍යවේදියෙක්ද?

      Delete
    7. ඕකා ඔලුව ඉදිමිච්ච අති පණ්ඩිතයෙක් උගේ මතය විතරක් හරි කියලා හිතන ගොන් තඩියෙක්

      Delete
    8. රතු ෂර්ට්කාරය ප්‍රගතශීලි කියල පෙන්නුවට මහා පසුගාමී අදහස් තියෙන පොරක්. නවක වාදය post එකේදී දාපු අදහස් අනුව රසික මුව බ්ලොග්රෝලෙන් අයින් නොකෙරුව පුදුමයි. අටමා සහ මාරයාව අයින් කරපු රසික මුව තියන් ඉන්නේ අරුන් විශ්වවිද්‍යාලෙ ගිය නැති හින්දද?

      Delete
    9. මාතලන්...පොඩි වැරදීමක් වෙලා. මා කවදාවත් ජනමාධ්‍යවේදියෙක් වෙලා ඉඳලා නැහැ. පත්තරවලට ලිව්වම, මාධ්‍ය ආයතන වල වැඩ කළාම ජනමාධ්‍යවේදියෙක් වෙන්නෙ නෑ නේද..
      තමන්ව මරණයෙන් ගලව ගත්තම දොස්තරල දෙවිවරු කියන කටවල් වලින්ම තමයි ඒ අය තමන්ගෙ වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී ඉද්දි යක්ෂයො විදිහට දකින්නෙත්.මාතලන්ට නං එහෙම වෙලා නැතිව ඇති.

      කුණු කතාවට කියන්න තියෙන්නෙ කුණු අදින්න නං අපටත් බැරිවයැ. ඒත් ලෙඩෙක් සුව කරන්න කොන්දොස්තරලටවත් බෑ කියලයි.

      Delete
    10. ඇනෝතුමාලනි, තමන්ගෙ මතය වෙනුවෙන් නිර්භයව පෙනී ඉන්න පුළුවන් හයියක් තියෙන්න හොඳ පදනමකින් සංවාදශීලී වෙන්න ඕනෙ. ඒකට ශක්තිමත් කශේරුකාවක් තියෙන්න ඕනෙ. එහෙම නැති උඔං තමයි ඇනෝල වෙන්නෙ.

      ඔය ප්‍රහාර වලට වගේම අභියෝග වලට මුහුණ දීල තියෙන නොකී කතා ලියන මට හයිය කබර හමක් තියෙනව. ඒක ශක්තිමත් වුණෙත් නවක වදෙන් කියල කිව්වම මාර අවුල් නේද..

      Delete
  6. ඉස්කෝල හම්බ වෙන්නේ නැත්නම් . ළමයි ටික ඉන්ටර් නැෂනල් දාන්න පුළුවන්නේ .PP එකක් කරලා සල්ලි ටිකක් හොයාගන්න විතරයි තියෙන්නේ .

    ReplyDelete
  7. ගියොත් ඉතින් වලං පිගන් හෝදන, පැට්‍රොල් ගහන ජොබ් එකක් ලේසියෙන්ම හොයා ගත හැක. එවිට ඔවුන්ට වෛද්‍යවරුන් වීම නිසාම ලංකවෙදී මුහුණ දීමට සිදුවන අටෝරාශියක් අසාදාරනකම් වලට මුහුණ දීමට සිදු නොවනු ඇත. මක් නිසාද යත් ඔවුහු තව දුරටත් වෛද්‍යවරුන් නොවන නිසාය

    ReplyDelete
    Replies
    1. අපේ ජාතික ගතිය.. අනෙකාගේ අසීරු අවස්ථාවකදී සිනහ වෙන ගතිය මතුවෙනවා සහෝ..

      Delete
    2. අපේ ජාතික ගතිය.. අනෙකාගේ අසීරු අවස්ථාවකදී සිනහ වෙන ගතිය මතුවෙනවා සහෝ.... ඔය රටවල ව්‍යිද්‍යා ශියයෝ කොහොමටත් ඔය කියන රස්සා කර කර තමයි ඒගෙන ගන්නේ .. ඉගෙන ගත්තට පස්සේ තත්වය වෙනස් වන බව අමතක කරන්න එපා..

      Delete
  8. http://bit.ly/1PkoMr9
    interesting story of a sri lankan doctor couple migrated to canada

    ReplyDelete
    Replies
    1. අපේ ජාතික ගතිය.. අනෙකාගේ අසීරු අවස්ථාවකදී සිනහ වෙන ගතිය මතුවෙනවා සහෝ.... ඔය රටවල ව්‍යිද්‍යා ශියයෝ කොහොමටත් ඔය කියන රස්සා කර කර තමයි ඒගෙන ගන්නේ .. ඉගෙන ගත්තට පස්සේ තත්වය වෙනස් වන බව අමතක කරන්න එපා..

      Delete
  9. ආ මියුරු ස්වර සංකල්පනා ඔයත් එනවද ? මාත් එනවා.

    ReplyDelete
    Replies
    1. කොහෙද යන්නේ මල්ලේ පොල්.

      බලාගෙන නිම්නයේ තනිවෙලා ඉන්න වෙලාවට ගං වතුරට තීව ගහගෙන යයි.

      Delete
    2. අනුන්ගේ කතා වලට මැදින් පනින්නේ නිදා ගෙනද ඉන්නේ, සීතල වතුර එකකින් නාල ආයෙත් කියවන්න පෝස්ට් එක.. නන්දා මාලනි සහ වික්ටර් රත්නයක එන්නෙ "මියුරු ස්වර සංකල්පනා "... සමහරු හරියට නමවත් නොදැන යන්නේ මට පේන විදිහට....

      Delete
    3. යනවාද නැද්ද යන්න ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. ඔතනට නොටෝරියස් දේශපාලුවෙකු ගෙන්නනවාලු.

      ටිකට් ගත්තු එක ගැන දැන් දුකයි.

      කෑවා නේද කුම්බලා මාළු රසික.....?

      Delete
    4. යනවාද නැද්ද යන්න ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. ඔතනට නොටෝරියස් දේශපාලුවෙකු ගෙන්නනවාලු.

      ටිකට් ගත්තු එක ගැන දැන් දුකයි.

      කෑවා නේද කුම්බලා මාළු රසික.....?

      Delete
    5. නොටෝරියස් දේශපාලුවො ඉන්න තැන් වලට යන්නෙ නැත්තං ගෙදරටම වෙලා ඉන්න වෙයි. ඕක හිතෙන්න ගත්තෙ බ්ලොග් සම්මාන වලට ගිහිං නොටෝරියස් දේශපාලුවෙක් අතිං සම්මාන ගත්තට පස්සෙ වෙන්ටැ.

      Delete
  10. “යනවා නම් (යන දීපංකරේක / තොලොංජි වෙලා / මකබෑවිලා) යන්න රත්තරං...!“
    නොගැලපෙන වචන කපාදමන්න කියලද කියන්නෙ?

    තමන්ගේ අයිතිවාසිකම් (හෝ වරප්‍රසාද) වැඩි කරගැනීමට අවශ්‍ය වූ විටදී, කුඩා ළමයින් ඇතුළු බොහෝ දෙනකු විසින් අනුගමනය කරනු ලබන ක්‍රමවේදයක් ර.වෛ.නි.ස. විසින්ද කොපි කර ඇත. පොදු සම්පත් විශාල ප්‍රතිශතයක් පරිහරණය කරමින් අධ්‍යාපනය ලබා ඇති වෛද්‍ය උපාධිධාරීන් රජයේ සේවයෙන් ඉල්ලා අස්වීමට තර්ජනය කරන්නේ ඒ සඳහා ඔවුන් වෙත ඇති එකම ආයුධයත් එය පමණක්ම බැවිනි. අපි කෙසේ කීවත්, රෝගීන් අසරණ නොකර වැඩවර්ජනයක්වත් කරන්නට බැරුවා මෙන්ම වැඩවර්ජනයක් හෝ ඉවත්ව යන බවට තර්ජනයක් හෝ නොකර තමන්ගේ ඉල්ලීම් ඉටු කරවාගන්නටත් හැකියාවක් නැත.
    කණගාටුවට කරුණ වන්නේ තමන්ට හිමි වියයුතු වස්තුව කොපමණදැයි තක්සේරු කරන්නට ර.වෛ.නි.ස. අසමත් වීමයි. චැනල් ගාස්තුව රුපියල් දෙදාහ පන්නන සාමාජිකයන් සිටින ජී ඇම් මෝවෙන් එයට වැඩි දෙයක් බලාපොරොත්තු වෙන්නට හැකියාවක් ද නැත.

    ReplyDelete
  11. ඔය කිව්වට යන්නේ නැහැ. පිටරටවල් වල ලංකාවේ වගේ සලකන්නේ නැහැනේ.

    ReplyDelete
  12. රසිකට ඉතින් මේ ගැන හොඳම අත්දැකීම් තියනවනෙ ගෙදරින්ම.හරියටම හරි රසික මේ හදන්නේ අපි ඉල්ලන හැම දෙයක්ම දීපල්ලා නැතිනම් යනව කියල කප්පම් ගන්න.ඕස්ට්‍රේලියාවට ආවත් විභාගේ පාස්වෙලා ජොබ් එකක් හොයාගන්න ලොකු කට්ටක් කන්න වෙනවනේ.

    ReplyDelete
  13. Gmoa eka eeye kiyala thibune saitm eka gena kriya kala neththan rata 88, 89 kalayata yayi kiyala e gena mokada hithenne

    ReplyDelete
  14. "වැරැද්දට එරෙහිව හඬක් නොනගන හොඳ මිනිසුන්ගෙන් වෙන්නේ වැරද්දක් මයි කියලා මගේ යාලුවෙක් කිව්වා. " මේ කියනා වුර්තින් හැම එකකම හොඳ මිනිසුන් ඉන්නවා . ඒ අයත් එකම ගොඩට දමා සැලකීම තමයි අපේ සාමාන්‍ය ක්‍රමය.. මෙතන රසිකගේ නෝනගේ රස්සාව, ඔස්ට්‍රලියාවේ විභාග කල යුතු වීම ආදිය මෙන්ම හෙන්රිට පහර පිට පහර ගැහීමෙන් එය පෙන්නුම් කරනවා .. ඔය සියළු වෘතින් අපේ ව්රත්මන සමාජ ක්‍රමයේ පැතිකඩක් පෙන්වන මිනිසුන්ගෙන් සමන්විතයි ඒත් හැම කෙනෙක්ම එක වගේ නැහැ..

    ReplyDelete
  15. පේරාදෙණියේ කබ්බා ඉන්ජිනේරුවන්ට ඔස්ට්‍රේලියාවට යන්න පුලුවන්නම් ඇයි දොස්තරලට යන්න බැරි ඇයි

    ReplyDelete
  16. Ei egollanta kabba engineerla kiyanne irisiyawata neda

    ReplyDelete
    Replies
    1. හැම පේරා ඉන්ජිනියර් කෙනෙක්ම කබ්බො නෙමෙයි. හැබැයි සමහර අය ලොවෙත් නැහැ ඒ වගේ මෝඩයෝ සහ කුහකයෝ. හොඳ පේරා ඉන්ජිනියර්ස්ලා කමත්වා

      Delete
    2. කබ්බො නැත්තෙ කොහෙද...ඔය ඕනෙ තරං ඇනෝලත් ඉන්නෙ.

      Delete
  17. මේ අදහස් හුවමාරුවට එකතු වෙන්න තිබුණා නම් ඉතා හොඳයි. නමුත් අම්බානක් බිසි දවසක්.

    තව ටිකකින් විමුක්ති ජයසුන්දර. සවස නන්දා මාලනී සහ වික්ටර් රත්නායක.

    ReplyDelete
  18. අපි ඉන්න පලාතට ආපු දොස්තර පවුලක් අවුරුදු දෙක තුනක් ඉඳලා ආපහු ලංකාවට ආවා. ඇයි යන්නේ කියලා අහපුවාම කිව්වේ 'මෙහෙ දොස්තරලා ගනන් ගන්නෙ නෑ..ඒකට ලංකාව. අපිට සලකන්නෙ දෙවියන්ට වගේ. අනික ප්‍රයිවට් ප්‍රැක්ටිස් කලාම මෙහෙ හම්බවෙනවාට වඩා හොයන්න පුළුවන්' කියලා. ඔන්න ඔහොමයි අපේ රටේ දොස්තරලා වැඩිහරියක් හිතන්නේ.

    ReplyDelete
  19. අවුරුදු 25 කට අධික කාලයක් ඔස්ට්‍රේලියාවේ දිවි ගෙවන අපේ චූටි මාමාගෙන් (ඒ කිව්වෙ අම්මෙග බාලම මල්ලි ) අපිට ලැබුණු උපදෙස..ඔස්ර්ට්‍රෙලියාවේ ඉන්න ලංකාවේ දොස්තරලගෙන් බෙහෙත් ගන්න එපා උන් මහා කාලකන්නි හැතිකරයක් කියල

    ReplyDelete
  20. දැන් එයාල යනවා කියන්නෙ පුද්ගලික වෛද්‍යවිද්‍යාලය නැති රටකට ද? දැන් මේ අය ගියා ට පස්සේ pmc පටන් ගත්තොත් මොකද කොරන්නේ

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.