Wednesday 11 May 2016

විශ්වවිද්‍යාල නවකවදය මුලිනුපුටා දැමීම අසීරු ඇයි? ප්‍රියන්ජිත් පෙරේරා ගේ මතය - Priyanjith Perera on Ragging


පහත දැක්වෙන්නේ මා මිත්‍ර ප්‍රියන්ජිත් පෙරේරා විසින් නවකවදය සම්බන්ධයෙන් ෆේස්බුක් අවකාශයේ බෙදා හැර තිබූ අදහස් ය. කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිධාරියෙකු වන ප්‍රියන්ජිත් පෙරේරා, තම පශ්චාත් උපාධිවලින් අනතුරුව කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ද කලක් සේවය කළේය.

සිංහල පරිවර්තනය මගේ ය.

University Ragging: Why is it so hard to eradicate?

These are a few of reasons why we have failed to eradicate 'ragging' from our universities as I see it.
  1. For the majority of 'freshers' it is only 'one' of many problems they have to cope up with. And it is the only 'transient' problem as all others are 'permanent'. Therefore, every year, as by some unseen consensus, they decide to tolerate it for this 'short' period of time.
  2. 'Ragging' the 'juniors' has been a characteristic feature of our culture for a long time although nobody calls it 'ragging'. We call it 'respecting elders'. From the day we are born till we are dead we are being harassed by our parents, teachers, bosses, police, judges, doctors and practically everybody, from whom we need to get something done. Therefore, a few weeks of 'ragging' by our 'seniors' is not a big deal because university ragging is not the beginning nor the end of the 'lifelong' other 'ragging'.
  3. The public institutions in our country are 'owned' by the people, who work for them. Although in theory 'clients', for whose benefit these institutions are run, are the most important 'stake holder' practically they cannot override the 'workers' under any circumstance. In the university, although the academic staff 'own' the students' academic life the private lives of students are owned by the 'fellow students'. In the case of 'freshers' it is the 'seniors'.
  4. Majority of our university students have a less developed personalities, which is not resulting from any fault of theirs but from many other factors including our education system, socio-cultures factors etc. Their lack of confident in themselves is compensated by sense of belonging to a group from the day they stepped into the university. As a result, both the 'fresher' and 'senior' try their level best to integrate into the group while shedding whatever little 'individualism' they carried into the university. This point is well illustrated by the fact that students coming from upper middle class and/or Colombo/City schools are generally against 'ragging' as seniors and are not being 'ragged' as 'freshers'.
  5. Majority of 'freshers' think that without 'seniors' help they cannot pass the exams and survive in the university. (Actually these ideas are given to them by the seniors themselves.) Therefore, they do not want to antagonise their 'seniors' by not being subject to 'ragging', complaining to authorities and cooperating with the academic staff. (After all this is only a 'transient' problem isn't it?)
  6. The 'freshers' and the 'seniors', who are against ragging, cannot trust their teachers as there is a huge 'gap' between the 'student' and 'academic' staff. The same cultural trait of respecting 'seniors' works in this area as well. Therefore, whatever the academic staff does to eradicate 'ragging' is hampered by lack support from both the 'freshers' and 'seniors'.
  7. It is my opinion that even if there can be 'sadistic' and 'mentally deranged' monsters among the perpetrators of 'ragging' there number should be insignificant. Most of them are driven by tradition and culture. It cannot be denied that majority of them get some kind of satisfaction by being in a position of power in the first time of their life. However, at least a few of them believe the 'Myth of Sri Lankan Student Movement' ලාංකීය ශිෂ්‍ය වියාපාරය and its importance. Corollary to this is the belief that to achieve the objectives of the movement all the student should work as 'one'. Ragging is considered as a way of getting all the 'students' under one banner and making them think as one single organism.
  8. There is a possibility that 'ragging' is used by one political movement to recruit cadres for their movement and 'brain wash' the others into their line of thinking about the 'education system' in particular and 'political system' in general.

These are some of the reasons why it is so hard to eradicate this problem from our universities, in my opinion. The criminal justice system has only a very limited role to play in this regard. The day that every 'fresher' thinks that he/she can survive in the University by his/her own without any senior's help there won't be 'ragging' in our universities. Empowering the 'freshers' both economically and psychologically is the way to their 'freedom'. Can we do it in the foreseeable future?
විශ්වවිද්‍යාල නවකවදය මුලිනුපුටා දැමීම අසීරු ඇයි?

මා දකින ආකාරයට, විශ්වවිද්‍යාලවලින් නවකවදය මුලිනුපුටා දැමීමට අප අසමත් වී තිබීමට හේතු කිහිපයක් ම තිබේ.
  1. නවක සිසුන් බහුතරයකට නවකවදය යනු තමන්ට මුහුණ දීමට ඇති ප්‍රශ්න රාශියෙන් එකක් පමණි. එසේම, එය අනෙකුත් ස්ථිර ප්‍රශ්න අතර ඇති එකම තාවකාලික ප්‍රශ්නය ද වේ. එ නිසා, හැම වසරකම, නොපෙනෙන සම්මුතියකින් මෙන්, එය බලපාන කෙටි කාලයේ දී නවකවදය ඉවසා දරා ගැනීමට ඔව්හූ තීරණය කරති.
  2. කිසිවෙකු එය නවකවදය ලෙසින් හඳුන්වන්නේ නැති වුවද, කණිෂ්ඨයින් නවකවදයට ලක් කිරීම දිගු කලක් තිස්සේ අපේ සංස්කෘතියට ආවේණික වූ ලක්ෂණයක්ව පවතී. අප එය වැඩිහිටියන්ට ගරු කීරීම ලෙස හඳුන්වමු. අප ඉපදුණු දිනයේ සිට මිය යන දිනය දක්වා ම, අපේ දෙමව්පියන්, ගුරුවරුන්, ලොක්කන්, පොලීසිය, නඩුකාරයින්, වෛද්‍යවරුන් සහ ප්‍රායෝගිකව ගත් කළ අපට ඔවුන් ලවා යමක් කර ගත යුතු සියලු දෙනාම පාහේ, අපව වධයට ලක් කරති. එ නිසා, ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් කරනු ලබන සති කිහිපයක නවකවදය අපට බැරෑරුම් කාරණයක් නොවේ. විශ්වවිද්‍යාලයේ නවකවදය යනු, ජිවිත කාලය පුරාම අපට මුහුණ දීමට සිදුවෙන අනෙකුත් වද හිංසාවල ආරම්භය හෝ අවසානය හෝ නොවේ.
  3. අපේ රටේ මහජන ආයතන, ඒවායේ සේවය කරන අයගේ පුද්ගලික බූදල් වේ. න්‍යායාත්මකව ගත් කල, ආයතනයෙන් සැපයෙන සේවාවන් ලබා ගන්නා සේවාදායකයා ආයතනයේ වඩාත්ම වැදගත් කොටස්කරුවා වුවද, ප්‍රායෝගිකව, ඔවුන්ට කිසිසේත්ම සේවකයින් අභිබවා ගිය නොහැක. විශ්වවිද්‍යාලවලදී, ශිෂ්‍යයින් ගේ අධ්‍යයන ජීවිත, අධ්‍යයන කාර්ය මණ්ඩලයට අයිති වුණද, පුද්ගලික ජීවිතවල අයිතිය හිමිවන්නේ අන් සිසුන්ට ය. නවක සිසුන් ගේ පුද්ගලික ජිවිතවල හිමිකරුවන් වන්නේ ජ්‍යෙෂ්ඨ සිසුන් ය.
  4. අපේ සිසුන් බහුතරයකට ඇත්තේ අඩුවෙන් දියුණු වූ පෞරුෂයකි. එය ඔවුන් ගේ වරදකින් සිදුවන්නක් නොව, අපේ අධ්‍යාපන ක්‍රමය, සමාජ-සංස්කෘතික කාරණා යනාදිය නිසා වෙන්නකි. තමන් පිළිබඳ ඇති විශ්වාසයේ අඩුකම, ඔවුන් විශ්වවිද්‍යාලයට පියවර තැබූ දිනයේ සිටම, යම් කණ්ඩායමට තමන් අයිතිය යන හැඟීමෙන් සමනය වේ. මෙහි ප්‍රතිඵලය ලෙස, නවකයා ද, ජ්‍යෙෂ්ඨයා ද යන දෙදෙනා ම, තමන් විශ්වවිද්‍යාලයට ගෙන ආ යම් පුද්ගලවාදයක් වුණි නම් එය හැරදමා, කණ්ඩායමට ඒකාබද්ධවීමට හැකි උපරිම ප්‍රයත්නය දරති. ඉහළ මධ්‍යම පන්තියේ සහ කොළඹ හෝ නාගරික පාසල්වලින් පැමිණෙන සිසුන් ජ්‍යෙෂ්ඨයින් ලෙස නවකවදයට විරුද්ධවීමත්, නවකයින් ලෙස නවකවදයට ලක් නොවීමත් මගින් මේ කාරණය හොඳින් පෙනේ.
  5. බහුතරයක් නවකයෝ තමන්ට ජ්‍යෙෂ්ඨයින් ගේ උදව් නොමැතිව විභාග සමත් විය නොහැකි බවත්, විශ්වවිද්‍යාලය ජයගත නොහැකි බවත් සිතති. ඇත්තටම, මේ අදහස් නවකයින්ට දෙන්නේ ද ජ්‍යෙෂ්ඨයින් ම ය. එනිසා, නවකවදය මගහැර හෝ පාලකයින්ට පැමිණිලි කර හෝ අධ්‍යයන කාර්ය මණ්ඩලය සමග සහයෝගයෙන් කටයුතු කර හෝ ජ්‍යෙෂ්ඨයින් අමනාප කර ගැනීමට නවකයින්ට අවශ්‍ය නැත. (කොහොමටත්, මේ ප්‍රශ්නය තාවකාලික එකක් නොවැ?)
  6. ශිෂ්‍යයින් සහ අධ්‍යන කාර්ය බණ්ඩලය අතර විශාල පරතරයක් ඇති නිසා, නවකවදයට විරුද්ධ නවකයින්ට සහ ජ්‍යෙෂ්ඨයින්ට තම ගුරුවරුන් විශ්වාස කළ නොහැකි වී ඇත. කලින් සඳහන් කළ, වැඩිහිටියන්ට ගරු කිරීමේ සංස්කෘතිකමය හුරුව මෙහිදී ද බලපායි. එනිසා, නවකවදය මුලිනුපුටා දැමීමට අධ්‍යයන කාර්ය මණ්ඩලය කරන සෑම දෙයක් ම නවකයින්ගෙන් සහ ජ්‍යෙෂ්ඨයින්ගෙන් සහයෝගයක් නැතිව අඩපණ වේ.
  7. නවකවදය දෙන්නන් අතර පරපීඩනයෙන් වින්දනයක් ලබන සහ මානසික ව්‍යකූලතාවයෙන් පෙළෙන අති දුෂ්ටයින් සිටියේ වුවද, ඒ නොසැලකිය හැකි ප්‍රමාණයක් බව මගේ අදහසයි. නවකවදය දෙන්නන් බොහෝ දෙනෙකු ඒ සඳහා යොමුවන්නේ සම්ප්‍රදාය සහ (උප!)-සංස්කෘතිය නිසා ය. එසේම, නවකවදය දෙන්නන් බහුතරයක්, තම ජීවිතයේ මුල්වරට බලය ඇති තැනකට පත්වීමෙන් යම් තෘප්තියක් ලබන බවද ප්‍රතික්‍ෂේප කළ නොහැක. කෙසේ වෙතත්, ඔවුන්ගෙන් කිහිප දෙනෙකු හෝ ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය සහ එහි වැදගත්කම යන මිථ්‍යාව විශ්වාස කරති. මෙහි උපප්‍රමේය වන්නේ, මේ ශිෂ්‍ය ව්‍යාපාරයේ අරමුණු ඉටුකර ගැනීම පිණිස ශිෂ්‍යයින් සියලු දෙනාම එකාවන්ව කටයුතු කළ යුතු බව ය. නවකවදය යනු ශිෂ්‍යයින් සියලු දෙනා එක් පතාකයක් යටතට ගෙන ඔවුන්ව එක් ජීවියෙකු ලෙස සිතීමට සකසා ගැනීමේ එක් ක්‍රමයක් ලෙස ද සැලකේ.
  8. තම ව්‍යපාරය සඳහා ක්‍රියාකාරිකයින් බඳවා ගැනීමටත්, විශේෂයෙන් ම අධ්‍යාපන ක්‍රමය ගැනත්, පොදුවේ දේශපාලන ක්‍රමය ගැනත් අනෙකුන් ගේ මොළ සේදීමට, එක්තරා දේශපාලන ව්‍යාපාරයක් විසින් නවකවදය උපයෝගී කර ගන්නවා ද විය හැක.

මගේ අදහස අනුව, අපේ විශ්වවිද්‍යාලවලින් නවකවදය මුලිනුපුටා දැමීම මෙතරම් අපහසුවීමට හේතු සමහරක් එසේ ය. ඒ සඳහා අපරාධ අධිකරණ ක්‍රමයට කළ හැකි දේ අවම වේ. තමන්ට තනිව ම විශ්වවිද්‍යාල ජීවිතය ජය ගත හැකිය යනුවෙන් සෑම නවකයෙකු ම සිතන දිනයේ දී අපේ විශ්වවිද්‍යාලවල නවකවදය නොතිබෙනු ඇත. මනෝවිද්‍යාත්මකව සහ ආර්ථිකමය වශයෙන් නවකයින් බලගැන්වීම ඔවුන් ගේ නිදහසට මාර්ගයයි. අපට දැකිය හැකි අනාගතයක එය කළ හැකි වේද?


-රසිකොලොජිස්ට්

(image: http://www.satyamevjayate.in/when-masculinity-harms-men/episode-6article.aspx?uid=s3e6-ar-a4)

46 comments:

  1. රසික,

    ඔබ අමානුෂික නවක වාදය ගැන පොඩ්ඩක් සොයල බලන්න මෙය ලෝකයේ විශ්වවිද්‍යාල වල ලක්ෂණයකට වඩා ශ්‍රී ලංකාවට අදාළ ලක්ෂණයක් බව තේරුම් ගනිමට අපහසු නොවේ.

    මෙහිදී ඇත්තේ පර පිඩක කාමුකත්වයයි, මෙය මානසික රෝගී තත්වයක් දක්වා වර්දනය වෙනවා මෙවැනි පුද්ගලයන්ට පුද්ගලික ආයතන කැමති නැත්තේ කණ්ඩායමක් ලෙස සේවය කිරීමට මොවුන් දක්වන නොහැකියාවයි.

    මිට හොදම බේත මම දැක්කේ එක්තරා අඩවියක සදහන් කල කොමෙන්ටුවකින්, එහිදී කියවුනේ මෙවැනි වරදක් කර අසුවුන සිසුන්ගේ ශිෂ්‍ය අයිතිය අහෝසි නොකර මුලින්ම නිදහස් නොමිලේ ලැබෙන නිදහස් අද්‍යාපනය අහෝසි කිරීමයි ඉන්පසු අදාළ උපාදියේ සෙමෙස්ටේර් වලට මුදල් ගෙවන්න උනාම ඔය කියන ලෙඩ හොදටම අඩුවෙයි.

    ඉන්පසුවත් මෙවැනි වරදක් කර අසුවුනොත් වසර කීපයකට බරපතල වැඩ ඇතිව සිර කිරීම මහින් මෙය ලස්සනට පාලනය කල හැකියි.

    උප සන්ස්ක්රුති ගැන කිව්වහම තරුණයන් ආතර අනුන්ගේ දේපල විනාශ කිරීමේ vandalism ඇමරිකානු උප සංස්කෘතියක් තියනවා ඔබ හොයල බලන්න Michael Peter Fay ගැන මොහු සිංගප්පුරුවේ අනුන්නේ වාහන වල අහෝබන ලෙස පාට කිරීම නිසා මොහුට ලැබෙන දඩුවම දරුණු වේවැල් කසායක් බිල් ක්ලින්ටන් උත්සාහ කරනවා ඔහුව නිදහස් කිරීමට නමුත් දඩුවම ඔහුට ලබාදෙනවා.

    මෙවැනි ඉතා අමානුෂික දඩුවම් මහින් මේ වා යසට පාලනය කල හැකියි.

    වසර 30ක යුද්දය ඉවර උනේ දැනුවත් කිරීමෙන් හෝ කරුණාවෙන් හෝ සාකච්චා මාර්ගයෙන් නෙමෙයි අදාළ පිරිසට තේරෙන බාෂාවෙන් කතා කිරීමෙන්.

    ඉතා දැඩි දඩුවම් මේසදහා අවනම් අවුරුදු 3කින් මේක ඉවරයි.
    මේ ව බොහෝ ආචර්ය මහාචර්ය වරුන්ට තේරුම්ගන්න බෑ මේක https://www.youtube.com/watch?v=vc3DvyyyZKI
    හොද උදාහරණයක්.

    මේකට සිංහලෙන් කියන්නේ විසෙන් විස නැසීම කියල

    ReplyDelete
    Replies
    1. ඉතාම වටින අදහසක්. නවක වධයට මරණ දඩුවම ලබා දුන්නා නම්, මෙය මීටත් වඩා අඩු අවුරුද්දක් පමණ කෙටි කාලයක් ඇතුලත අවසන් කල හැකි වනු ඇත

      Delete
    2. අමානුශික ප්‍රශ්නයකට අමානුශික උත්තරයක්. ප්‍රශ්නෙට උත්තරයක් වෙනුවට තවත් ප්‍රශ්නයක් නිර්මානය කරලා හරි යන්නේ නැහැ. ගල් යුගයේ විසඳුම් තුලින් සමාජයකට ඉදිරියට යන්න බැහැ කියලයි මට හිතෙන්නේ.

      Delete
    3. නවක වදය යන වැරැදි නාමකරණයකට ලක් වී තිබෙන නවකයින් හා ජ්‍යෙෂ්ටයින් අතර දැනහඳුනා ගැනීමක් මෙන්ම සංහිඳියාවක් ගොඩනැගෙන ක්‍රියාවලියක් වූ, විශ්වවිද්‍යාල වල පණක් නොව පාසල්, ගුරු විද්‍යාල, ආරක්ෂක හමුදා වැනි ආයතනවලත් අඩු හා වැඩි වශයෙන් සිදුවන ක්‍රියාදාමය ගැන ලියැවුණ වඩාත්ම විශ්ලේෂණාත්මක ලියැවිල්ල.
      ඔය කෑගහන අය කාගෙන් හරි අහගත්ත හෝ හිතෙන් හදාගත්ත මනෝවිකාර මතයි උඩ පනින්නේ. ඉඳහිට සීමා ඉක්මවා යන සිදුවීම් වෙනව නම් ඒවාට එරෙහි වීම අදාළ ප්‍රජාවගේ වැඩක්. විශ්වවිද්‍යාල වලට බබ්බු යවන්න එපා. වැඩිහිටි සිසුන් යවන්න.

      Delete
    4. This comment has been removed by the author.

      Delete
    5. //ඉතා දැඩි දඩුවම් මේසදහා අවනම් අවුරුදු 3කින් මේක ඉවරයි.
      මේ ව බොහෝ ආචර්ය මහාචර්ය වරුන්ට තේරුම්ගන්න බෑ මේක https://www.youtube.com/watch?v=vc3DvyyyZKI
      හොද උදාහරණයක්.//

      හපොයි මහාචාර්යතුමාල වගේ පොතේ ගුරාල කොහෙද ඔය තරම් දේවල් තේරුම් ගන්නේ ? ඕව තේරුම් ගන්න පුළුවන් පාර්ලිමේන්තු කමිටුවකට වැඩේ බාර දුන්න නම් සතියකට එල්ලුම් ගස් යවාවි.


      //ඉතාම වටින අදහසක්. නවක වධයට මරණ දඩුවම ලබා දුන්නා නම්, මෙය මීටත් වඩා අඩු අවුරුද්දක් පමණ කෙටි කාලයක් ඇතුලත අවසන් කල හැකි වනු ඇත.//

      ඒ ඇතිද ? අයි එස් ක්‍රමයට මරණ දඩුවම දෙන්න ඕනේ නැද්ද වසරක් නොගිහින් සතියෙන් ඉවර වෙන්න ?

      මේ වගේ අපූරු නුවණක්කාර වැඩක් නේටෝ එකෙන් කලා ලු අනු ගණන් වල බොස්නියා-සර්බියා අර්බුදය විසදන්න කියල.

      Delete
  2. රටට ඔනේ ආකල්ප වෙනසක්. ඒක යුනි වල උන්ට විතරක් නෙමේ, මුළු රටටම ඔනේ. අවාසනාවකට ලංකාවෙ මිනිස්සුන්ගෙ ආකල්ප වෙනස්කරනව බොරු

    ReplyDelete
  3. නවකවධය ඉවත් වන කාලය නුදුරේදිම එනව. ඕනෑම දේකට එල්ලවිය හැකි උපරිම විරෝධය ආවට පස්සෙ එය නැවතිය යුතුමයි.

    ReplyDelete
  4. නවක වදය දී හෝ විඳ නැහැ - ඒ්ත් මේ කාරණා වල යම් ඇත්තක් තිබේ

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. සංස්කෘතිය යනු සකස්වෙමින් පවත්නා කෘත්‍යයන්ය.එය වෙනස් වන දෙයකි.එය වෙනස්විය යුතුය නොවේනං එය විනාසවේ. උපසංස්කෘතීන් ඇතිවන්නෙ මහ සංස්කෘතිය තුලය. එබැවින් මහ සංස්කෘතියේ ලක්ෂනයන් උපසංස්කෘතිය තුල අන්තර්ගතවේ. විශ්වවිද්‍යාල තුල ඇති නවක වදය පිටස්තර සමාජයෙන් වියුක්ත වූවක් නොවේ. විශ්වවිද්‍යාලයෙන් පෙන්නුම් කරන්නෙද අප සමාජයේ ඛාදනයමැයි. විශ්වවිද්‍යාල තුල සිටින්නේත් පිටත සමාජයෙන් ආපිරිස් ය. ඔවුන් ප්‍රකට කරන්නෙ අප සමාජයේ ඇති අසහනය ඉච්ඡාභංගත්වය යන දෑය.නවයොවුන් තරුනයන්ගෙන් පිරුනු විශ්වවිද්‍යාලය යන රාමුවතුල මෙය පැහැදිලිව කැපී පෙනේ. නමුත් ඉහත ලිපියේ කියා ලෙස අප බසයේ ගියත් කඩපොලට ගියත් කන්තෝරුවකට ගියත් පොලීසියකට ගියත් පොදු වැසිකිලියකට ගියත් මේ වදයන් අඩු වැඩි වශයෙන් අප අත්විඳී. සමාජමය වශයෙන් අපි ඉදිරිපියවරක් තබන තුරා මෙම වදයන් නිර්මානය කරන සමාජ අසහනය පවතිනු ඇත. නමුත් විශ්වවිද්යාලය යනු විශ්ව අධ්‍යාපනය ලබාගන්නා තැනක්(අපේ විශ්වවිධ්‍යාලවලින් එය ලැබේද යන්න ගැටලුවකි) බැවින් සිසුන් සවිඤ්ඤානකව මෙය නැවැත්විය යුතු කාලය පැමින තිබේ. විශ්වවිද්‍යාල සිසුන් සාමාන්‍ය සමාජයට වඩා ඉදිරියෙන් සිටිය යුතුඅතර අපේ සිසුන් සිටිනුයේ පියවර කිහිපයක් පි‍ටුපසිනි. (නවක වදයට මා සහමුලින්ම විරුද්ධය. නමුත් සිසුන් හිරේ දැමීමට එකඟවිය නොහැක.සියලුම වගකීම් සියලුම ශිෂ්‍ය කන්ඩායම් බාර ගත යුතුය. ඔයුන්ට සිසුන් හසුරුවා ගත නොහැකිනම් ඔයුන්ගේ නායකත්වයෙන් වැඩක් නැත. ඔවුන් නවක වදය බලල් අඬක් කරගෙන තම කන්ඩායම් වලට සිසුන් බාගත හැකිනම් හිරේගිය සිසුන්ගේ වගකීමද ඔවුන් බාර ගත යූතුය.)

    ReplyDelete
    Replies
    1. විශ්ව අධ්‍යාපනය වෙනුවට විශ්ව ඥානය ආදේශ කරගනු මැනවි.

      Delete
    2. ඔය කෑගහන අය කාගෙන් හරි අහගත්ත හෝ හිතෙන් හදාගත්ත මනෝවිකාර මතයි උඩ පනින්නේ. ඉඳහිට සීමා ඉක්මවා යන සිදුවීම් වෙනව නම් ඒවාට එරෙහි වීම අදාළ ප්‍රජාවගේ වැඩක්. විශ්වවිද්‍යාල වලට බබ්බු යවන්න එපා. වැඩිහිටි සිසුන් යවන්න.

      Delete
    3. Umba methana awith hamathanama comment paharanne umbata mandamikada, muge blog eke ano wahala thiyenne ayi bayatada, nikam pacha wenne nathuwa hitapan nakiya

      Delete
    4. හෙන්රිකියන විදියට බබ්බුද නැද්ද බලන්න . වෙනම පරීක්‍ෂණයක් තියන්න වෙනවා. ඔය Z ස්කෝර් එකට අමතරව.

      Delete
  7. ඔහු කියන කාරණා ඇත්ත.දැනට පවතින ගැටළුකාරී අධ්‍යාපන රටාව ඇතුලෙ ඉහ ගහගෙන ඉන්න මොළ සේදීමක් නැතිව බෑ.(මොළ සේදීම කියා අදහස් කලේ දරාගැනීමේ සීමා පළල් කිරීමයි.නායකත්ව පුහුණු අවශ්‍ය මේ සඳහා යි.කරන්නේ කවුද කොහොමද කියන තීරනය පාලකයා සතුයි.)
    ජයවේවා..!!

    ReplyDelete
  8. නවක වදයට මුහුණ දෙන්න හෝ වදේ දෙන්න වැස්සකට වත් කැම්පස් ගිහිං තියෙන්න එපැයි. ඒ නිසාවට ඔය ගැන කතාකරන්න තරමේ මහා ලොකු දැනුමක් නැතත් නවක වාදය මේ සීමාවේ පවත්වාගත යුතුයි කියන රාමුව හදාගන්නේ සහ එය ක්‍රියාත්මක කරන්නෙ කව්ද? මට තියන ප්‍රශ්ණය ඒකයි. නවක වාදය කමානුකූලව කළාම ශිෂ්‍යයන්ගේ එකමුතුව වැඩි වෙනව, පෞරුෂත්වය හැදෙනවා වගේ කාරණා කියවෙන නිසා සහ ඒකත් එක්තරා ෆන් එකක් විදියට දකින උදවිය ඉන්නව. වෙන්න පුළුවන්, සමහර විට අපටත් ඔහොම දෙයක් උනා නම් එක ෆන් එකක් වෙයි කියල හිතමුකෝ. හැබැයි ප්‍රමාණය ඉක්මවා යෑම ගැන මොකද හිතන්නෙ? උදාහරණයක් විදිහට නවක වාදය විඳින ශිෂ්‍යයාට එක වදයක් නොවී ෆන් එකක් වෙනව නම් නවක වාදය දෙන උදවිය එක එතනින් නවත්වයිද? ඒ මට්ටමින් නවත්වයිද? ගලොපිය කලිසම කියල එනක ලැබුනම පටස් ගාල කලිසම ගලෝල හෙළුවෙන් හිනා වෙවී ඉන්න මම වගේ එකෙක්ට පුළුවන්. ඊට පස්සේ එක එතනින් නතරවෙයිද? හෙන්රි වර්ණකුලසූරියගේ බුකි පොස්ට් එකක කළාත් වර්ණකුලසූරිය (මම දන්නා විදියට ඔහුගේ පුත්‍රයා" අහල තිබ්බ ප්‍රශ්නයක් මෙතනට උපුටා දාන්නම්.
    එකෙක් හෙළුවෙන් හිටගෙන ඉන්නව. තව එකෙක් ඌ ළඟ බිම ඇණ තියල වාඩිවෙලා උගේ අහවල් එකට අතින් ගහනව ඒක පැද්දිල ගිහින් "චටස්" ගාල බඩේ වදින්න. මේ බෝංචි කැඩීම.

    එකෙක් හෙළුවෙන් බිම ඉඳගෙන ඉන්නව. තව එකෙක් නැවිල උගේ පුකට පිඹිනව. මේ කෙහෙල් කැන් ඉදවීම.

    කට්ටියක් හෙළුවෙන් රවුමට බිම වාඩි වෙලා ඉන්නවා. හැම එකාම තමාගේ දකුණු පැත්තෙ ඉඳගෙන ඉන්න එකාගෙ අහවල් එක අතින් අල්ලල ස්වයං වින්දනය කරනවා. මේ සමූපාකාර ක්‍රමයට අතේ ගැසීම.

    එකෙක් හෙළුවෙන් හිටගෙන ඉන්නව. තව එකෙක් ඌ ළඟ බිම ඇණ තියල වාඩි වෙලා උගේ අහවල් එකේ පෙර සම පස්සට ඇදල ටොපාව නිරික්‍ෂනය කරන ගමන් උගේ ලිංගික ඉතිහාසය කියනවා. මේ පේන බැලීම.

    අවුරුදු ගාණකින් දූවිලි අස් නොකරපු පරණ ඇඳක් තියෙනවා. එකෙක් හෙළුවෙන් මේ ඇඳ අස්සෙ රිංගල ඉන්නව. තව එවුන් සෙට් එකක් ඇඳ උඩ නැගල උඩ පනිනවා. ඇඳ අස්සෙ ඉන්න එකා වැලි දූවිලි නානවා. මේ මැද පෙරදිග යාම.

    මේ කරන දේ වලින් මනුස්සයෙක් ගෙ පෞර්‍ෂය, සුහද කම, සමානාත්මතාවය වර්ධනය වෙන හැටි මට පොඩ්ඩක් කියල දෙන්න පුළුවන් ද?
    මේ ගැන අදහස මොකක්ද? මේ දක්වා අර වධය නොයාවි යයි කියන්න පුළුවන් කාටද? එක පාලනය වෙන්නෙ මොන විදියටද?

    ReplyDelete
    Replies
    1. ඔය කෑගහන අය කාගෙන් හරි අහගත්ත හෝ හිතෙන් හදාගත්ත මනෝවිකාර මතයි උඩ පනින්නේ. ඉඳහිට සීමා ඉක්මවා යන සිදුවීම් වෙනව නම් ඒවාට එරෙහි වීම අදාළ ප්‍රජාවගේ වැඩක්. විශ්වවිද්‍යාල වලට බබ්බු යවන්න එපා. වැඩිහිටි සිසුන් යවන්න.

      අපේ පුතණ්ඩියත් ප්‍රස්තූතයට අදාළ විශ්වවිද්‍යාලෙකට නොවෙයිනෙ ගියේ. පිටරට යැව්වෙම නවක වදේට බයෙන් නොවෙයි. ලංකාවෙ විශ්වවිද්‍යාලවල ඉගෙන ගත්තු, ඒවායේම වැඩ කරපු මට ලංකාවෙ විශ්වවිද්‍යාල අධ්‍යාපනේ පටු සීමා වැටහුණ නිසයි.
      එයා මේ සංවාදෙදි අතට අරං තියෙන්නෙ ණයට ගත්තු අනුන්ගෙ ආයුධයක් නිසා මේ කතාබහට වලංගු නෑ.

      Delete
    2. Umbata api welawaka set wela wadayak dennam, balamu umba kohomada hina wewi piliganne kiyala, waren welawaka set wenna, palayan pako yanna nikan gon Kama pennanne nathuwa nakiya

      Delete
    3. හෙන්රි අයිය, සුහදකම වර්ධනය වෙන්න ඔය කියන නවක වධය යම් බලපෑමක් කරන බව මට හිතාගන්න පුළුවන්. හැබැයි ඔතනදි වෙන්නෙ ලැජ්ජාව සහ සබකෝලය එක්ක කරන ගනුදෙනුවක් නෙවෙයිද? එක එක පුද්ගලයාගේ ලැජ්ජාව සහ සබකෝලය වෙනස්. මට දැනෙන විදියට ලැජ්ජාව ලැජ්ජාවක් විදිහට දැනෙන්න සලස්වන එක පුද්ගලානුරූපී කාරනාවක්. අමු තිත්ත කුණුහරුප කියවන එක සමහරුන්ට කිසිසේත්ම ලැජ්ජාවක් නෙවෙයි. සමහරුන්ට ඔය වගේ තැනකදී හෙළුවෙන් ඉන්න එකත් ලැජ්ජාවක් නෙවෙයි. වධයක් හෝ වදයක් වෙන එකනෙ ඔතන කෙරෙන්නෙ සහ එයින් බලාපොරොත්තු වෙන්නෙ. ඔබ කියන ආකාරයට ඒක වධයක් නොවී වදයක් වෙනව කියල හිතමු. ඔබ දක්වන කරුණු වලට අනුව (තැන් කිහිපයක දුටු)යම් මට්ටමක් සහ සීමා මායිම් එක්ක නවක වදය කරද්දි සමහරුන්ට එක වධයක් වෙයි , සමහරුන්ට ඒක වදයක් වෙයි, සමහරුන්ට කිසිම ගානක් නැති වෙයි. " අපි සෙට් එක එක උප සංස්කෘතියකට හැඩ ගැහෙනවා" කියන කාරණාව සහ "අපි එකට රැග කාපු එකම කුලකයක එකම මට්ටමක මිනිස්සු" කියන මනෝ භාවය හදන එකනේ ඔතන අදහස් වෙන්නෙ.ඕක ප්‍රයෝගිකව කරන්න පුලුවන්ද? එක පිරිසකට "කිසිම අවුලක් නැති මෙතඩ්" ඒ උදවියට දැනෙන්න කරද්දි සීමාව ඉක්මවා යන්නේ නැද්ද? එකට පාලනයක් තියෙන්නෙ කොතනද? යුද්දෙකදී ජිනීවා කන්වෙන්ෂන් තියනවා. රැග් වලදී?

      Delete
    4. සජ්ජෝ , එය හරකාට උත්තර දේන්න ක‍ාලේ කා ගන්නේ නැතිව හිටපන්

      Delete
    5. පොර මානසිකත්වයේ ඉන්න උන්ට උත්තර දෙන්න අවශ්‍ය නෑ සජ්ජ.

      Delete
  9. මුලිනුපුටාදාන්න බැරිවෙයි. පික්පොකට් ගහන එක, මංකොල්ලකන එක, ස්ත්‍රී දූෂණය, වංචාව ආදී සියලු මිනිස් අපරාධත් මුලිනුපුටා දාන්න බෑනෙ තවම. ඒත් අහුවුන උන්ට දඬුවම් දීල සාමාන්‍ය ගාණකට පාලනය කරන්න පුලුවන්. ඒවාට කාටවත් දඬුවත් නොදුන්නොත් සමාජයක් පවත්වාගෙන යන්න බැරිවෙනවා. තවත් එක අපරාධයක් වන නවක වධයත් එහෙමයි. අහුවෙන එවුන්ට දඬුවම් දෙන්න ඕනෙ. නැත්නම් සංඛ්‍යාවෙන් හා දරුණු බවින් තවත් වැඩිවෙයි

    ReplyDelete
  10. නවක වදය යන වැරැදි නාමකරණයකට ලක් වී තිබෙන නවකයින් හා ජ්‍යෙෂ්ටයින් අතර දැනහඳුනා ගැනීමක් මෙන්ම සංහිඳියාවක් ගොඩනැගෙන ක්‍රියාවලියක් වූ, විශ්වවිද්‍යාල වල පණක් නොව පාසල්, ගුරු විද්‍යාල, ආරක්ෂක හමුදා වැනි ආයතනවලත් අඩු හා වැඩි වශයෙන් සිදුවන ක්‍රියාදාමය ගැන ලියැවුණ වඩාත්ම විශ්ලේෂණාත්මක ලියැවිල්ල.

    ReplyDelete
    Replies
    1. කකාගෙ බ්ලොග් එකේ හරකුනුත් කමෙන්ට් දාන්න පටන් අරගෙන.

      Delete
    2. haraka wunama machan haraka widihata hitiyanam iwarayine thanakola tikak kagena, moo methana uda pana pana thappulanna patan gaththane.. Ane harako gohin umbe bologe ano arapan, muge buddhiya pukenuth berenawa habayi ano comment walata bayayi, anunta wada dena ekata sudu Hunu ganna kathawa..

      Delete
    3. මම කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයට, ලංඩන් හි යුනිවසිටි කොලීජියට සහ එම්. අයි. ටී (MIT) එකේ අචාර්ය උපාදිය දක්වා හැදැරුවෙමි. මේ එකදු උසස් අද්‍යාපන ආයතනයකවත් සුහදතාව වර්දනය කලේ මෙලෙස අනිකා පහත් කර, ඌට පිඩා කිරීමෙන් නොවේ. ඔබ මානසික වෛද්‍යවරයෙක් හමුවන්න. ඔබේ බ්ලොගත් බ්ලොක් ලිස්ට් එකට් දාගන්න ඔනේ.

      Delete
  11. This comment has been removed by the author.

    ReplyDelete
  12. මාරක රිය අනතුරකින් නුලෙන් බේරුනාම හුඟක් අය පස්සේ ඒක රසකරකර කියනවා නේද? ඒකෙන් අදහස් වෙනවද රිය අනතුරු එච්ඡර ගනන්ගතයුතු නැතිබව ?

    ReplyDelete
  13. මට නම් පුදුමයි රසික, මේවායින් බිහිවුණ සමහරුන්ට ඉහ නිකට පැහුණු පසුවවත් මේවා තේරුම් ගන්න නොහැකි වීම. මේවා මනෝ විකාර නම් මේ දත්ත පත්තර කාරයින් සිතෙන් මවා ගත්තු දේවල්ද?

    ReplyDelete
    Replies
    1. ඔය හරක් කියන දෙවල් එච්චර ගණන් ගන්න එපා බං.

      Delete
  14. නවකයන්ට සැලකීම අතින් රටේ පොදු සමාජයට වඩා පහලින් දැන් තිබෙන විශ්විද්‍යාල සමාජය රටේ පොදු සමාජයේත් නැති තරම් පුද්ගල නිදහසක් ඇති කරන්න ඉක්මනින් සහ පහසුවෙන් පුළුවන් කියා සිතන්න අමාරුයි. නවක සහ ජේෂ්ඨ විශ්විද්‍යාල ශිෂ්‍යයෝ එන්නෙත් මේ සමාජයෙන්මයි. අමානුෂික සහ අශිෂ්ඨ ක්‍රියා වලට දඩුවම් කරන්න දැනට තිබෙන නීතිය ප්‍රමාණවත්. ඒවා ගැන පැමිණිලි සහ සාක්ෂි ලබාගන්න පුළුවන් යාන්ත්‍රණයක් හදා ගන්න එක ගැන කතාකිරීමයි වඩා අවශ්‍ය වෙන්නේ මම හිතන්නේ.

    එත් විශ්විද්‍යාලය පරිපූර්ණ පුද්ගල නිදහසක් ඇති තැනක් කල හැකි බවට සමහර කෙනෙක් බලාපොරොත්තු තියාගන්නවා නම් එක නරක දෙයක් නොවෙයි.

    ReplyDelete
  15. මේ විවාදයේ දී කියවන්න ලැබුනු හොඳම විශ්ලේෂණය. ඇත්තටම වි.වි තේරන බහුතරේ බබ්බු වීම තමයි ගැටළුව, බාලාපරාදකාරයෝ බලා ඉන්නේ බබ්බු බිලි ගන්න.

    ReplyDelete
    Replies
    1. අනේ උඹ දන්නා ලබ්බ

      Delete
  16. ඇත්තටම වටින අදහස් දැක්වීමක්, ලංකාවේ කොහෙ කොහොම ගත්තත් පොඩි කාලෙ ඉදල ලොකු වෙනකන් ඊටත් පස්සෙත් විඳවන්න වෙන්නෙ මිනිසුන්ගෙ තියන ආකල්පමය සහ පෞර්ශයේ තියන දුර්වලකම් නිසයි කියල බොහෝ වෙලාවට පසු විපරම් වල්දි තේරුන් ගන්න පුලුවන්. එය එක තැනකට, එක දෙයකට විතරක් අදාල නැහැ, හැම දෙයක්ටම පොදුයි .. ඒ නිසා ඉතා ඉක්මනින් ආකල්පමය වෙනසක් ලංකාවෙ ලොකු කුඩා , තරුණ මහලු, දුප්පත්, පොහොසත්, එකි නොකි හැම දෙනාම ඇති කර ගන්න කාලය ඇවිත්... පාසැල් වල ඉගැන්නුම් පදනම් විය යුත්තේ මූලිකවම දරුවන්ගෙ පෞර්ශය වර්ධනයට, ස්වාධීන තිරන ගැනිමේ හැකියාව වැඩි දියුණු කිරීම, ගැටලු නිවැරදිව නිරාකරණය කර ගැනිමට දැනුම භාවිතා කිරිම, සාමුහිකව සමාන දැක්මක් ගොඩනැගිම වැනි කරුණු මත මිස විභාග පාස් කිරීමේ , දැනුම මැන බැලිමේ ක්‍රමවේදයන් මත නොවේ කියලයි මගෙ හැඟිම...

    ReplyDelete
    Replies
    1. බලන්න බ්ලොග් ලොකෙත් සැරිසරලා, ලිපිත් , කමෙන්ටුත් හරහා තමන්ගේ නොයෙකුත් පෞර්ශය දුර්වලතා පුරවා ගන්නන් එමටයි..ලාංකීය සලකුණක්ද මන්දා .. හික්ස්

      Delete
  17. නවක වදය සුන්දර අත්දැකීමක් ලෙස සිතීමට හැකි අය පමනක් විශ්ව විද්‍යාලවලට බඳවාගනු. ඒ සඳහා නව විෂයක් හඳුන්වාදෙනු !. අන්තරේ

    ReplyDelete
    Replies
    1. Rag is no beutiful expeience in campes

      Delete
  18. නවක වදය තරමක් දුරට සාධාරනීකරණය කරපු ප්‍රකාශයක්ද මන්ද ???

    ReplyDelete
    Replies
    1. Umba hari machan, meke yatin ehema paththak yanawa, hariyata ara yuddha kale prabhakaran lesiyen paraddanna ba, unge Yuda thakshanaya hari diyunuyi kiyala mathayak sama we kendo genichcha wage - (habayi sama welendange maha gura wechcha americawa anek ratawala prashna bohoma samayen minissu mara mara wisandana hati penawa neda?

      Delete
  19. I thankful to you why write this valuble post. Rag is continiue again and again because juniers come to campes obidient to seniors and when they become senier they give rag to their juniers. No any one go to brake this sistem. All with high education minister an campes chanslers still cant brake it too. However I hope high education minister present definetely take action against the rag in campes. All resons you show this post rag positive shoud destroy.

    ReplyDelete
  20. කොලඹ විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ පොදු-චින්තන දෙපක්ශයම රැග් කල බව කලහ. පොදු යනු අල+JVP විකෘතියක් වූ අතර කෙල්ලෙක් දමා ගැනීම සඳහා පොර වීමේ හීනමානයෙන් පෙලෙන් සෑහෙන පිරිසක් පොදු රැග් කරන්නන් ගොඩෙ සිටි බව මතකයි. චින්තන කල්ලියට එතරම් පිරිස් බලයක් නොතිබූ එම අවධියේ 1995-1999 පොදු රැගට නයකත්වය දුන්නේ ආසුබෝද මාරසිංහය. ( අද රනිල්ගේ බච්චෙකි ) අමුතු කරුන නම් චින්තන කල්ලියේම ආසිර්වාදය ඇතිව යම් සිසුන් කන්ඩායමක් රැගට විරුද්ද්ව සංවිදානය වීමය. ප්‍රජාතනත්‍රවාදය සහ නිදහස සඳහා වු සිසු ව්‍යාපාරය නමින් පෝස්ටර් ඇලවු මේ පිරිසට පසුව අල-ජෙප්පෝ පහර දුන්හ. වෙල්කම් එකෙදී පවා කෙනෙහිලි කම් කලහ. ඉතා පැහැදිලිව සියලු ආකාර නවක වද හෙලා දුටු මේ පිරිස ගැන මා තුල නම් ඇත්තේ ඉමහත් ගෞරවයකි. මට එවැනි ප්‍රතිපත්තිමය පදනමක සිට එඩිතර ක්‍රියාමාර්ගයක් ගැනීමට නොහැකි වුයේ මමද එකල මේ "පිස්සන්" ගේ පිස්සු ක්‍රියා "ආතල්" ලෙස දැකීම නිසාය.

    රැග පිටුපස තෙල් බෙදීමේ මනොවිද්‍යාත්මක පැහැදිලි කිරීම සඳහා stockholm syndrome කියවන්න
    https://en.wikipedia.org/wiki/Stockholm_syndrome

    ReplyDelete
  21. මගේ අදහස අනුව විවි මහාචාර්‍යවරුත් අතීතයේ නවක වද වින්ඳිතයන් වධකයන් වී සිටීම නිසා මෙය නැවැත්වීම ඔවුන්ට මොරල් ඩයිලේමා එකක්

    ReplyDelete
  22. http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=145074

    ReplyDelete
  23. https://www.youtube.com/watch?v=ClymCgN28sw

    ReplyDelete
  24. I think this write up gives some insight from a non-student member of an academic community. there are many points here that I too have to agree to some extent. worth reading:
    https://www.facebook.com/sudarsana.samaraweera/posts/1174598915904995

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.