Saturday 17 September 2016

බලු මිනිසා සංකල්පයේ පසුබිම කුමක් විය හැකිද? - Saturday at home


අවුරුදු පහමාරක ළමයෙකු වූ මා විසින් අඳිනා ලද බල්ලෙකු ගේ හිස ඇති මිනිස් රුවක් පිළිබඳ පැරණි මතකයක් මම පසුගිය දිනෙක රසිකොලොජියේ පළ කළෙමි.

එය නිවැරදි මතකයක් නොව අතේ පැළ කළ බොරුවක් බවට එක් නිර්නාමිකයෙකු මතයක් ඉදිරිපත් කළ අතර, වෘත්තීමය කමෙන්ට්කරු හිතවත් ප්‍රා.ජේ. Anubis යැයි ප්‍රශ්නාර්ථයක් සහිතව පවසා තිබුණි.

ඒ බලු මිනිසා ගේ සංකල්පය ඇත්තට ම මගේ සිතට එන්නට ඇත්තේ කෙසේදැයි මා කල්පනා කරන්නට පටන් ගත්තේ එවිටය.

මේ මගේ සිතට එලෙස ආ සිතුවිලි බුලට් පොයින්ටාකාරයෙන් ගොනු කිරීමකි.
  • ප්‍රා ජේ ඉඟි කළ ආකාරයේ (Anubis) පුරාණ මිසර රූප මා දැක තියෙන්නට ඇති ඉඩකඩ අඩු ය. උපාධියට ඉතිහාසය ද හදාරා, පාසලේ ඉතිහාසය විෂයක් ලෙස ඉගැන්වූ ගුරුවරයෙකු ලෙස සේවය කළ, එසේ ම, පුරා විද්‍යාවට ද ඇල්මක් තිබුණු මගේ තාත්තා ලඟ පරණවිතාන ගේ සීගිරි ගී පොත ද, පැරණි සෙල් ලිපි පොත ද ආදී විශාල ප්‍රමාණයේ ඉතිහාස, පුරා විද්‍යා පොත් තිබුණ ද, මිසරයේ පිරමීඩ යනාදිය පිළිබඳ පොතක් තිබුණේ යැයි මට මතක නැත. ලංකාවේ පැරණි සෙල් ලිපි, බිතු සිතුවම්වල මේ ආකාරයේ බලු-මිනිස් රූප නැති බව මගේ අදහසයි.
  • හර්ජේ ගේ ටින්-ටින් කාටූන් පොත් මාලාවේ එක් පොතක් වූ සිගාර්ස් ඔෆ් ද ෆාරාවෝ වැනි පොතක මෙවැනි බලු මිනිසෙකු ගේ රූප සටහනක් තිබෙන්නට ඉඩ තිබුණද, අප ටින්-ටින් පොත් බලන්නට පටන් ගත්තේ හතේ පන්තියේ දී තරම් පසු කාලයක දී ය.
  • නමුත්,
  • දළ කැඩුණු අලියෙකු ගේ හිසක් සහ මිනිස් සිරුරක් හිමි ගණ දෙයියා නම් මිථ්‍යා ජීවියා ගේ ඡායාරූපයක් නම් ඒ වන විට මා දැක තියෙන්නට ඇත.
  • නරසිංහ නමින් හැඳින්වෙන සිංහ හිසකින් ද, මිනිස් සිරුරකින් ද යුතු මිථ්‍යා ජීවියා ගැන ද මට ඇසී තිබෙන්නට ඇත.
  • ධනු නම් ලග්නය දැක්වෙන මිනිස් උඩ කොටසකින් ද, සත්ව කඳකින් ද යුතු රූපය නම් මා අනිවාර්යෙන් ම දැක තියෙන්නට ඇත.
  • මිනිස් සිරුරේ උඩ කොටසින් ද, මතස්‍ය සිරුරකින් ද යුතු මිථ්‍යා දිය කිඳුරියන් ගේ රූප ද මා දැක තියෙන්නට ඇත.
  • බෞද්ධ සාහිත්‍යයේ එන සඳ කිඳුරා යන සත්වයා ද, මිනිස් සිරුරකින් යුතු එකෙකැයි සිතමි.

යමෙකු විසින් කරනු ලබන සෑම නිර්මාණයක් ම, ඔහු ගේ හෝ ඇය ගේ පෙර අත්දැකීම්වල සංකලනයක් බව මම සිතමි. ඒ අනුව බලන කල, මා එදා චිත්‍රයට නැගූ බලු මිනිසා ද, මිනිස් බල්ලා ද යන සත්ව රූප ද්වයම මා විසිම් ඊට පෙර අසා, දැක ඇති පෙර කී ආකාරයේ විකාර රූපී දේ සියල්ලේ ම සංකලනයක් ලෙස නිමවුණු එකක් බව මම සිතමි.

එසේ ම, එය අපරදිගට වඩා පෙරදිග මූලාශ්‍ර ඇතති සංකල්පවල සංකලනයක් බව පෙනේ.




-රසිකොලොජිස්ට්

ප/ලි:
සති කිහිපක් එක දිගටම සෙනසුරාදා දිනවල නිවසෙන් බැහැරව කැන්බරා, මෙල්බර්න්, සිඩ්නි යනාදී නගරවල රස්තියාදු ගසන්නට සිදුවුණ ද, අද නම් නිදහස් සුවයෙන් නිවසේ වෙසෙන්නට වරම් ලැබී ඇත!

ඔබටත් එසේ ම වේවා!!

පසුව එකතු කරමි:




(images: https://en.wikipedia.org/wiki/, https://quantumphoenix.net/2012/05/10/rahu-ketu-the-serpent-demons-who-swallowed-the-sun-and-moon-eclipses/, http://athithawarthmanapagees.blogspot.com.au/p/blog-page_21.html)

34 comments:

  1. එතකොට මහසෝනා, රාහු, කේතු?

    ReplyDelete
    Replies
    1. ඇයි එතකොට "පොතලන් මාන්නය"?. ඔය අලුත් ප්‍රේතාත්මයක්.

      දැන් කාලෙ කෙනෙක් නන්දොඩවනකොට ඒවාට විරුද්ධව කතා කරණ අයට අමු කුණුහරපෙන් බනිනකොට දැන් කාලේ මිනිස්සු කියන්නෙ
      "ඌට පොතලන් මාන්නය" වැහිල කියල.

      මේ ප්‍රේත දෝෂයට ප්‍රතිකර්ම කරන්න සම්ප්‍රදායික කට්ටඩියන්ට බෑ. හොඳ පළපුරුදු බ්ලොග් කට්ටඩියො ඕනැ.

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
    3. Ha ha kata kata, giya sathiye wechcha swabhawika maranayath ekka oya prethathmaya Dan blog Lowe Hama Assak mullak Nara sarisaranawa.. Umbala api liyana hama wachanayakma kiyawanawa.. Karana deyak parissamin puthe.. Me dan mama pahala dapu comment ekatath asillen awilla uththara dunnane... Thaniyema blog adawi wala uanna epalla.. Distiya wahenna puluwan..

      Delete
    4. 'පොතලන් මාන්නය' අලුත් දෙයක් නෙවෙයි. ඕක පොළොන්නරු යුගයෙදිත් තිබුනාය කියනවා. කොටින්ම ලීලාවතී බිසවගේ සහෝදරියකගේ දරුවාට 'පොතලන් මාන්නය' වැහිලා තිබුණාය වංශ කථා වල කියැවෙනවා. මටත් පොළොන්නරුවෙදි ටුවරිට්ස් ගයිඩ් කෙනෙක් තමයි කියලා දුන්නෙ.

      Delete
    5. @ ඉකොනොමැට්ටා

      මහසෝනා, රාහු, කේතු වගේ දේ මා ඒ කාලයේ දැන සිටියේ නෑ ය කියායි මා සිතන්නේ. ධනු ලකුණ ගැන දැන ගත්තේ එය මගේ ලග්ණය බව අම්මා කියා තිබුණු නිසායි.

      අවංකවම මහසෝනා, රාහු, කේතු වැනි දේ සඳහා සළකුණු ඇති බව අදවත් මා දන්නේ නෑ. මහසෝනා යනු යකෙකු නේද? ඒ මහසෙන් රජු ද, නැතිනම් රිටිගල ජයසේන නම් අයෙකු ද?

      රාහු යනු පොළොචේ සෙවනැල්ල බවත්, කේතු යනු සදේ සෙවනැල්ල බවත් මා පසුව දැන ගත්තත්, ඒ සඳහා අර්ධ මිනිස් රූප සළකුණු තියෙනව බව අද වෙනතුරු දන්නේ නෑ.

      Delete
    6. නිර්නාමික පාඨකයිනි,

      පාඨක ප්‍රතිචාර වාරණය පිළිබඳ මගේ ඇති ලිහිල් ප්‍රතිපත්තියෙන් අයථා ප්‍රයෝජන නොගත්නා සේ කරුණාවෙන් ඉල්ලා සිටිමි.
      https://rasikalogy.blogspot.com/2016/08/hear-ye-hear-ye-hear-ye.html

      Delete
    7. ජනප්‍රවාද අනුව මහසෝනාට තියෙන්නේ වලස් හිසක් හා මිනිස් කඳකි. වලස් හිසද සවි වී ඇත්තේ පිටුපසටය. රාහුට තියෙන්නේ සර්ප (නාග) හිසක් හා මිනිස් කඳකි. කේතුට මිනිස් හිසක් හා සර්ප කඳකි (රාහුගේ හා නාගයාගේ ඉතිරි කොටස් දෙක). මේවාට අදාළ කතාද තිබේ. රාහු කේතුගේ සෙවනැලි කතාව එසේම නොවේ. ග්‍රහයන් ගැන ලියන්නට හිටියත් පවතින වාතාවරණය නිසා එය ටික දවසකට කල් දමා තිබේ.

      Delete
    8. "එක්තරා" චිත්‍රපටයක ආ "හඳ රාහු මුඛයේ හි ගිලුනා ලෙසේ" නම් ගීතය රැගත් ජවනිකාවේ ඔබ කියන ආකාරයේ රූපයක් මා දැක තියෙනවා, මගේ මතකය නම් එහි තිබුණේ ඇපල් ගෙඩියක් වැනි දෙයක් කන සර්පයෙකු ගේ රුවක් බවයි.

      මා වැරදි බව පෙනේ.

      මහසෝනා සහ කෙහෙතා ගැන අදහසක් නැත. කෙහෙතා රාහු ගේ විලෝමය නොවෙයි නේද?

      Delete
    9. ඒ එක්තරා චිත්‍රපටයේ ආ රූපය සම්බන්ධයෙන් නම් මා නිවැරදි බව පෙනේ.

      සර්පයා කන්නේ කුමක් දෝ ගෙඩියකි, උගේ හිස හොඳින් පෙනේ. මෙන්න බලන්න මෙතැනින්.

      https://youtu.be/kQcNpet4Zo4

      Delete
    10. සර්පයෙකු ගෙඩියක් නොව එක්කෝ පොළොව හෝ නැතිනම් සඳ ගිලින ආකාරය විය යුතුයි!

      Delete
  2. ඔබ සිතන පතන පරිදි හැමදේම සිදුවන්නේ නැත. අද මට වැඩ කරන්නට සිදු වී තිබේ!!!

    ReplyDelete
    Replies
    1. මගේ කණගාටුව පිළිගන්න.

      තවත් වයසට යන විට නම් සතියේ දින දිවා කාලයේ පමණක් වැඩ ඇති රැකියාවක් සොයා ගන්න. දුරකථනයෙන් උපදෙස් දෙන්න බැරිද?

      Delete
  3. රසික,
    මිනිස් කවන්ධයකට සවිවූ බලු හිසක් තුළවූ බලු මොලයක් සහ බලු කටකින් බලු මිනිසා සම්පූර්ණ වෙනව.

    බලු මොලය බලු අදහස් සහිත චින්තනයකටත් බලු කට තැන නොතැන නොබලා ඒ චින්තනයෙන් පහළවන අදහස් බුරාලීමටත් දායක වෙනව.

    නමුත් ඇත්ත බල්ලෙකුට නැති බලු මිනිසාට ඇති තවත් හැකියාවක් තියෙනව. ඒ තමයි ලිවීම. ඇත්ත බල්ලෙකුට බුරන්න පුළුවන් වුනාට ලියන්න බෑනෙ. නමුත් දෙඅත් සහිත බලු මිනිසාට ලියන්නත් අවශ්‍යනම් යතුරු පුවරුවක් පරිහරණ කරන්නත් පුළුවන්.

    ඒ නිසා බලු මිනිසා සංකල්පයෙන් අදහස් කෙරෙන්නෙ බලු චින්තනයෙන්, බලු වාචික ප්‍රකාශනයෙන් සහ බලු ලිඛිත ප්‍රකාශනයෙන් යුතු පුද්ගලයෙක්.

    අවසානයට කියන්න තියෙන්නෙ රසික ඉතා ශූර විදියට සංකේතාර්ථයක් නිර්මාණය කර ඇති බවයි.


    ReplyDelete
    Replies
    1. එකතුකිරීමයි.
      රසික පොඩි කාලේ සවසට කසිප්පු බීගෙන සරම එක අතකින් උස්සගෙන වත්කම් හෙළිදරව් කරමින් පදනමක් නැතුව ගමටම අභියෝග කරමින් කුණුහරප කියන පුද්ගලයන් දැකල ඇති. ඒ හැසිරීම් පිළිබඳව බොහෝ විට වැඩිහිටියන් රළු විවේචන කරන්නෙත් "බලු" විශේෂණය යොදාගෙනනේ.

      ඉතින් ඒව රසිකගේ උප විඥානයේ තැන්පත් වෙලා තිබිල ඒ කාලේ අර සිදුවීමට අදාලව චිත්‍රයට නැගුන වගේම මෑත කාලයේ අර වගේ බීමත් කුණුහරපකාරයෙකුට සමාන පුද්ගල හැසිරීමක් දැකල නැවත මතකය අලුත් වෙලා මේක ලියවිල්ලකට හැරෙනව.

      නැවතත් කියන්නෙ මේක මම දැකපු ඉතාම සියුම් සහ ශූර ලියවිල්ලක්.

      Delete
    2. එකතුකිරීමයි. එතකොට "මිනිස් බල්ලා" කියන එකෙන් අදහස් කරන්නෙ මොකක්ද කියලත් මම විස්තර කරන්නම්. මිනිස් බල්ලා හැදෙන්නෙ බලු කවන්ධයක් සහ මිනිස් හිසක් එකතුවීමෙන්.

      දැන් මේ බලු කවන්ධය නිසා මිනිස් බල්ලාට මිනිස් සමාජය තුළ හැසිරෙන්න අමාරුයි. භෞතිකව සාමාන්‍ය මිනිසෙක් ගතකරන ජීවිතය ගතකරන්න මේ කවන්ධය බාධා කරනව. දැන් බලන්න උදාහරණයක් විදියට මේ වැනි සත්වයෙක්ට වැසිකිලියක් භාවිතා කරන්න පුලුවන්ද? ඒ නිසා මුත්‍රා කරන්න ඕන වුනාම මෙයා මොකද කරන්නෙ දැක්ක පඳුරකට හරි කාර් ටයර් එකකට හරි කකුල උස්සනව.

      මේ සත්වයාට ලිංගික ආශාවක් ඇති උනාම මොකද කරන්නේ? එකම විකල්පය තමයි බලු ශ්‍රෝණි තෙරපීමකට ගැලපෙන සිරුරක් සමග ලිංගිකව එකතුවීම. එහෙම සිරුරු සාමාන්‍ය මිනිස් සමාජයෙ නැහැනේ. මේ වගේ කරුණු මිනිස් බල්ලට දැඩි හීනමානයක් සහ ලිංගික පීඩනයක් ඇතිකරනවා.

      ප්‍රයෝගිකව මේ මිනිස් බල්ලට සිදුවෙන්නේ පැටිය කාලේ ඉඳන් බල්ලොත් එක්ක ලගින්න. එතකොට මේ මිනිස් බල්ලා සමාජානුයෝජනය (socialization) ලබන්නෙ කාගෙන්ද? බල්ලන්ගෙන්. ඉතින් ඒ ලබන්නේ බලු සමාජානුයෝජනයනෙ. ඉතින් මිනිස් බල්ලාගේ චින්තනය හැඩගැසෙන්නේ ඒ අනුව.

      ඇත්තටම මිනිස් මොලය බලු මොලයක් බවට පත්වෙනව. ඊට පස්සෙ ඉතින් ඔලුව පෙනුමට මිනිස් උනාට කතාව සහ ක්‍රියාව බලුම තමයි.

      ඒ නිසා මිනිස් බල්ලා සංකල්පයෙන් අදහස් කෙරෙන්නෙ මිනිස් මුහුණකින් යුතු වුනාට කතාවෙන් සහ ක්‍රියාවෙන් බල්ලකුට සමාන පුද්ගලයෙක්.

      Delete
    3. Anonymous17 September 2016 at 17:52 = Rasika

      Delete
    4. @ Anonymous 17 September 2016 at 15:46
      @ Anonymous 17 September 2016 at 16:05
      @ Anonymous17 September 2016 at 17:52

      මට කිව හැක්කේ මෙපමණයි.

      මේ ලිපියට අදාල මුල් ලිපිය මා වසර ගණනකට පෙර ලියන්නට සැළසුම් කර, පසුව මාස කිහිපයකට පෙර සන්නස සඟරාවේ පළ වූ ලිපියකි.

      ඔබ උපකල්පනය කරන ආකාරයේ අමතර කියවීම් මෙහි නැත.

      මා කුඩා කාලයේ තියා පසු කාලයකවත් කසිප්පු බී සරම උස්සාගෙන ගිය අයෙකු දැක නැත. එවැන්නෙකු මුලින් ම දැක්කේ ටෙලි නාටකයකයි. අපේ නිවසට නුදුරු නිවසක සිටි ඥාතියෙකු නම් රා බී බඩ ලොකු කරගෙන ඇති බව අපේ ආච්චී ඒ දිනවල කියයි. ඔහු සමහර විට රා බී එන අතර අපේ නිවස හරහා ගිය ද, සරම සැමවිටම නියමාකාරයෙන් ඇඳ සිටි අතර අසැබි වචන කියූ බවක් මගේ මතකයේ නැත.


      Delete
    5. @ Anonymous 17 September 2016 at 20:50

      මිත්‍රය මට ඔබේ තර්කානුකූල නිගමන ගැන ඉතා දුක සිතේ.

      ඔබ අනුවණකම නිසා සිතන ආකාරයේ රෝගයක් මට නොමැත.

      සයොනාරා!

      Delete
  4. Balu minisa=maathalan
    Minis balla=?

    ReplyDelete
    Replies
    1. Minis Balla = Goo-logy (Dekama puna Raipaala - Aussie buffalo ��

      Delete
    2. අනුවණකම නිසා අදාල නැති කතා කියමින් මගේ ප්‍රතිචාර වාරණය පිළිබඳ ඇති ලිහිල් ප්‍රතිපත්තිේ‍රන් අයුතු ප්‍රයෝජන නොගන්නා සේ ඉතා කරුණාවෙන් ඉල්ලමි.

      Delete
  5. ඔය මිසරයේ Anubis කියන බලු මිනිසුන් ගැන මා අසා තියෙන්නේ නම් ඔය එදා පිරමීඩ බැලීමට පැමිණි විදේශීය සංචාරකයින්ට (ප්‍රධානකොටම වෙළෙන්දන්) මඟපෙන්වූවන් බවයි. ඔවුන් නිතරම ගංජා උරන නිසා ඒක නොපෙනීමට බලු හිසක වෙස් මුහුණක් පැළඳ සිටි බවයි කියන්නේ. මීට අමතරව මේ බලු මිනිසුන්ට ජ්‍යෝතිෂය හා හඳහන් බැලීම පිළිබඳ හොඳ දැනුමක්ද තිබී ඇතැයි සඳහන්. එවැනි එක් මිසර බලු මිනිසෙක් වරක් මිසරයේ පෙම්ඩෙසා අධිරාජයා හරියටම මැරෙන දවස ප්‍රකාශ කොට තිබෙනවාලු. හැබැයි හිත රිදෙන නිසා එය අධිරාජයාට කියා නැතිලු. එනිසා ඒ අධිරාජයා බබ්බු නැමැති සේවකයකුගේ පිහි පහරින් මිය ගොස් තිබෙනවා.

    ReplyDelete
    Replies
    1. වෙරි ක්ලේවර් බට් අනුවණකම නිසා අදාල නැති කතා කියමින් මගේ ප්‍රතිචාර වාරණය පිළිබඳ ඇති ලිහිල් ප්‍රතිපත්තිේ‍රන් අයුතු ප්‍රයෝජන නොගන්නා සේ ඉතා කරුණාවෙන් ඉල්ලමි.

      Delete
  6. රසික,
    මෑතක ඔබේ බ්ලොගය පරිශීලනය කිරීමට පැමිනි මා ඔබේ ලිපි හරවත් බවක් දුටුවා එසේම ඒවායෙන් හිතන්නට යමක් ඇතැයි වැටහුනු නිසා කිහිප විටක්ම මෙහි පැමිණීමටත් ඔබට ප්‍රතිචාර දැමීමටත් පෙළැඹුනා.
    ඒත් මේ ලිපිවල පල වන ඇනෝ කමෙන්ට් මගින් බ්ලොග් කරුවන් අතර ඇති වුනු තුවාලයකට ලුණු ඉසිමින් පාරා සතුටු වීමට දරන උත්සහය නිසා මෙහි පැමිණීම අනවශ්‍ය ප්‍රශ්නයකට අපත් මැදිහත් වීමක් විය හැකියැයි සිතෙනවා.

    මේ තත්වය දැන්වත් සමනය නොවන්නේ නම් සිංහල බ්ලොග් කරුවන් විසින් ලොවට දීමට තනන පණිවුඩය කුමක්දැයි දෙවරක් සිතා බැලිය යුතු වෙනවා.

    ReplyDelete
    Replies
    1. You spot on the wrong place mate. It's not only the anonymous comments but also the blogger do the same thing in a planned manner through his recent posts. Please understand that you can't give brains to brainless idiots. Maathalan is not much educated nor disciplined guy & can forgive for his uneducatedness. But this guy clearly demonstrates what's his real class, though he himself labelled him as uncomparable superhuman or hyperhuman. So funny to see such inborn stupidness.

      Delete
    2. @ නයනේ,

      ඔබ හරි, මෙය දැන් නරක අතට පත්වේගෙන එනවා. මේ අයගේ අරමුණ මගේ ප්‍රතිචාර වාරණය පිළිබඳ ඇති ලිහිල් ප්‍රතිපත්තියෙන් අයුතු ප්‍රයෝජන ගෙන අදාල නැති කතා ලියා ඔබ වැන්නන්වද අධෛර්ය කිරීමයි.

      Delete
    3. @ Anonymous 18 September 2016 at 01:27

      හරිම පහසුයි නේද ඔය වගේ නිගමනවලට එන්න.

      තම තම නැණ පමණින් නේ වටහා ගන්නේ!

      Delete
    4. ඔබ මෙය ඤානාන්විතව විග්‍රහ කරගන්නවා නම් ඉතාමත් යහපත් වේවි රසික.
      මා වැන්නන් අධෛර්‍යය වන්නේ නැහැ. ඒ මොකද මෙතැන අපිට දිනා ගැන්මට දෙයක් නැති නිසා. කෙසේ වෙතත් ඔබේ බ්ලොග් අඩවියේ අනෙකෙකු වසුරු හෙලයි නම් එය දුගඳ හමන්නට පෙර පිරිසිඳු කිරීමත් එහි පැමිණෙන්නන්ට ප්‍රියමනාප ලෙස පවත්වා ගැනීමත් ඔබේම කාරියක් කියායි මම හිතන්නේ.

      මා සිතන හැටියට බ්ලොග් කරුවන් යනු උගතුන් වීම හෝ නොවීම අදාල වන්නේ නැහැ. වැදගත් වන්නේ බොහෝමයක් බ්ලොග් කරුවන් සිතනා මිනිසුන් වීමයි. එය දුර්ලභ කාරනයක්. අන්න ඒ සිතනා මිනිසුන් ගේ එකතුවක් වුනු බ්ලොග් ලෝකය අවශේශ මිනිසුන්ට දිය යුතු පනිවුඩය කුමක්දැයි සිහියෙන් සිටිය යුතු නොවේද?

      Delete
  7. ඔය තිබෙන්නේ ඔබ කුඩා කාලයේ ඇන්දේ යයි ඔබට දැන් මතක රූපය නේද? අර ඇනෝ කෙනෙක් ලියලා තිබ්බා කුඩා ලමයෙකුට ඔයතරම් හොඳින් බෑ කියලා. ඔරිජිනල් එක ඕකට වඩා දුර්වල විය හැකිද?

    ReplyDelete
    Replies
    1. මා මුල් ලිපියේ කීවේත් මෙයයි.

      "මම ගල්ලෑල්ලේ එක පැත්තක ගල්කූරෙන් චිත්‍රයක් ඇන්දෙමි. ඒ බලූ හිසක් සහිත මිනිසෙකි. ඒ චිත්‍රයේ අද මගේ ප්‍රතිනිර්මාණය මෙසේ ය."

      "ගල්ලෑල්ලේ අනිත් පැත්තේ මම වෙනත් චිත්‍රයක් ඇන්දෙමි. ඒ මිනිස් හිසක් සහිත බල්ලෙකි. ඒ දෙවෙනි චිත්‍රයේ මගේ අද ප්‍රතිනිර්මාණය මෙසේ ය."

      http://rasikalogy.blogspot.com/2016/09/i-cannot-believe-i-did-this.html

      මේ රූප මා ඇන්ද බවට මගේ මතකය ප්‍රබලයි. නමුත් ඒ චිත්‍ර නිවසට යනතුරු හෝ රැඳුනේ නෑ, අපට ඇත්තේ එක ගල්ලෑල්ලක් පමණක් නිසා.

      අද නම්, ඒ චිත්‍ර අම්මලා තාත්තලාගේ මොබයිල්වල සටහන් වී ෆේස්බුකිය හරහා බෙදා හැරෙනු නිසැකයි!

      Delete
    2. නිසි උපදෙස් සහිතව ඒ දිනවල අප පියකරු චිත්‍ර ඇන්දා, මේවා රේඛා චිත්‍ර.
      http://rasikalogy.blogspot.com/2016/04/written-in-heart.html

      Delete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.