Sunday 20 November 2016

තේරෙන නොතේරෙන තේරවිල්ලක් (කුණුහරුපයක් නම් නොවේ!) - Can you solve this riddle?


පීටර් ගිබන්ස් යනු මා සමග එක ම ආයතනයේ, එක ම ඩිවිෂනයේ, එක ම දෙපාර්තමෙන්තුවේ, එක ම අංශයේ සේවය කරන මිතුරෙකි. මීට මාස හතකට කලින් අප දෙදෙනා සිටියේ කිලෝමීටර් තිහකට වඩා දුරින් පිහිටි කාර්යාල දෙකක ය. පසුගිය මැයි මාසයේ ඇති වූ සුවිශේෂී වෙනසට පසු දැන් අපේ දෙපාර්තමේන්තුවේ සියලු දෙනාම එකම කාර්යාලයකට වාර්තා කරමු.

එදා පීටර් සහ මා දිවා ආහාරය ගැනීමට අපේ "වැඩට-ඉඩ" සැලසුම සහිත කාර්යාලයේ කුස්සි කෑල්ලට ගියේ එකට ය. මේසය වටා බංකුවල වාඩිවුණු අපි සුපුරුදු පරිදි දිවා ආහාරය අඹරන්නට පටන් ගත්තෙමු.

අඹරන, ගිලින අතර මා කළේ, මේසය මත තිබුණු "සිඩ්නි මෝනිං හෙරල්ඩ්" පුවත් පතේ පිටු පෙරළමින් එහි තිබෙන රූප නැරඹීමයි. පීටර් තම කාර්යාල ජංගම දුරකථනය මත ඔහු ගේ පුද්ගලික ජංගම දුරකථනය ඇලයට තබා යම් කිසි පුවත් අඩවියක් පිරික්සන්නට පටන් ගත්තේ ය.

එක් ජංගම දුරකථනයක් මට තැබූ තවත් ජංගම දුරකථනයක් දුටු මට සිහි වුණේ අප කුඩා කාලයේ ඉගෙන ගත් තේරවිල්ලකි.

"පීටර්, කැන් යූ සොල්ව් දිස් රිඩ්ල්"" මම පීටර් ගිබන්ස්ගෙන් ඇසුවෙමි, "එ ෆෘට් ඔන් එ ට්‍රී, එ ට්‍රී ඔන් එ ෆෘට්!"

මා කුඩා කාලයේ අසා පුරුදු ඒ "ගහක් උඩ ගෙඩියක්, ගෙඩියක් උඩ ගහක්" තේරවිල්ල පීටර් පෙර අසා නොතිබුණි.

තේරවිලි යනු අප කුඩා කාලයේ අපේ වැඩිහිටියන්ගෙන් ඉගෙන ගත් ඉතා අපූරු භාෂා ප්‍රයෝග විශේෂයකි.

ඒ අතර පද පෙරළි සහිත "බුදු කුටිය" වැනි තුන් තේරවිලි ද, "දෙකොන දේශනාවට මඩුව මත්වෙලා" වැනි හය තේරවිලි ද ඇත.

මුලින් කියූ "ගහක් උඩ ගෙඩියක්, ගෙඩියක් උඩ ගහක්" ආකාරයේ විවිධ සැඟවුණු අරුත් ඇති කියමන් ද ඇත.

මේ පහත දැක්වෙන්නේ ද තේරවිල්ලකි. මෙය මා කලින් අසා ඇති එකක් නොව, වෙනත් අනාගතයේ පළවීමට නියමිත බ්ලොග් ලිපියක හැඳින්වීම ලියද්දී මගේ සිතට ආ මගේ ම අදහසකි. එසේම මෙය කුණුහරුපයක් නම් නොවේ.

මෙන්න විසඳන්න.
  • මේවා ගැහැනුන්ට මෙන් ම පිරිමින්ට ද තිබේ.
  • ගැහැනුන් ගේ ඒවා පිරිමින් ගේ ඒවාට වඩා අනිවාර්යෙන් ම ලොකු ය. අඩු වශයෙන් මා දැක ඇති ගැහැනුන් ගේ ඒවා මගේ එකට වඩා ලොකු ය.
  • සාමාන්‍යයෙන් ගැහැනුන්ට මේවා එකකට වඩා ඇත. පිරිමින්ට බොහෝ විට ඇත්තේ මේවා එකකි.
  • ගැහැනුන් ගේ ඒවා විවිධ ප්‍රමාණයෙන්, විවිධ වර්ණයෙන් තිබේ. සෑම පිරිමියෙකු ගේ ම එක බොහෝ විට අන් පිරිමියෙකු ගේ එක සමාන ය. එසේ ම ඒවා බොහෝ විට එකම වර්ණයේ ය. නැතහොත් ඉතා සමාන වර්ණයන් ය.
මේ කියන්නේ කුමක් ගැන ද?

-රසිකොලොජිස්ට්

ප/ලි:
පිළිතුර සහ මුලින් කී ලිපිය තව දින දෙක තුනකින් පමණ පළ කරමි.

දෙවසරක් තිස්සේ දින දෙකකට වරක් බැගින් රසිකොලොජියේ ලිපි 366 ක් පළ කළ මගේ මේ ඇරඹුණු තුන්වෙනි වසර සඳහා ඉලක්කය ලිපි එකසිය විස්සක් පමණි!

23 comments:

  1. Replies
    1. ඔබ නිවැරදියි, ඒක ගැන තමයි මං ඔය තේරවිල්ල හැදුවේ. අප බොහෝ දෙනෙකු කියන්නේ පර්ස් එක කියායි!

      Delete
    2. සගය රසිකය,

      මේ හුදු හෙලුවෙන නම් "පුරිස පයිය" වේ.

      - මයුරවිල මි.

      Delete
  2. හරි හරි.... මුදල් පසුම්බිය. එෙහම නැත්තං හැඹිලිය.......!

    ReplyDelete
    Replies
    1. ඔබ නිවැරදියි, නමුත් අප බොහෝ දෙනෙකු කියන්නේ පර්ස් එක කියායි!

      Delete
  3. මූ වැඩ කරන්නේ ගිබන්ලා එක්ක. මෙන්න ගිබන්.


    https://en.wikipedia.org/wiki/Gibbon

    මුගේ පවුලේ නෑදෑයෝ වෙන්නැති

    ReplyDelete
  4. රසික ඔයා කොහොමද ඔස්ටෙිලියාවට ආවේ
    අපිට බැරිදි ඔස්ටේලියා ඒන්න
    ඇපල් කඩන්ටවත් බැරිද
    සිරාවටම අහන්නේ මට දැන් මේ ලක්කාව කුණු තිත්තයි
    උත්තරයක් ඔි්නෙමයි ඇ.............

    ReplyDelete
    Replies
    1. මා ඕස්ටේ‍ර්ලියාවට ආවේ සංක්‍රමණිකයෙකු ලෙස ස්ථිර පදිංචි වීසාවකට අයැදුම් කර එය ලබා ගෙනයි.

      මෙන්න විස්තර මෙතැනින් ලබා ගන්න.
      http://www.australia.gov.au/information-and-services/immigration-and-visas

      Delete
  5. ඇනෝල විතරද මංදා දැන් බ්ලොග් කියවන්නේ.. කොච්චරවත් ඇනෝ කමෙන්ට්මයි..

    ReplyDelete
    Replies
    1. ඇනෝනිමස් කියන්නේ කියවීම නොවේ ප්‍රතිචාර දැක්වීම නේ!

      Delete
  6. යාලුව තේරවිල්ල තේරුවද?

    ReplyDelete
    Replies
    1. නෑ, අහලා තිබුණේ නෑ, මං කියලා දුන්නා!

      මේ පලාතේ කොහොමටත් අන්නාසි වැවෙන්නේ නෑ, ඒවා එන්නේ කිලෝමීටත් 2,000 දුර උතුරු ක්වීන්ස්ලන්තයේ ඝර්ම කාලාපීය ප්‍රදේශවලිනුයි!

      Delete
  7. මෙන්න මේ වසරේ මෙලෝ රහක් නැති බ්ලොග් ලියන්නා සම්මානය...

    රසික හරිච්චන්ද්‍ර සූරියාරච්චි හෙවත් කතන්දර කාරයා හෙවත් කකා...

    ReplyDelete
    Replies
    1. මීටත් වඩා තවත් නීරස ලිපි ඉස්සරහට එනවා!

      Delete
  8. තුන් වෙනි හෝඩුවාව නැත්නම් කොන්ඩය වෙන්නත් පුලුවන්

    ReplyDelete
  9. පර්ස් එක නැත්නම් ලේන්සුව විය යුතුයි.

    ReplyDelete
    Replies
    1. පර්ස් එක ගැනයි මා ලියුවේ!

      පිරිමි ලේන්සු ලොකුයි නේද?

      Delete
  10. /අඩු වශයෙන් මා දැක ඇති ගැහැනුන් ගේ ඒවා මගේ එකට වඩා ලොකු ය./

    හසන්ත මහත්තයෝ මෙන්න ............!

    ReplyDelete
    Replies
    1. ඇත්තටම සූරියප්පෙරුමට මොකද වුනේ?

      Delete
  11. ඔය කිහිප දෙනෙක් දීලා තියෙන උත්තරය හරිද කියලා බලමුකෝ රසිකගෙන්ම.

    ReplyDelete
    Replies
    1. පර්ස් එක ගැනයි මා ලියුවේ!

      Delete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.