Wednesday, 4 May 2016

ලොකු වෙනසක් අත ළඟ! - Coming colour no good guys!


මගේ වෘත්තිය දිවියේ විශාල වෙනසක් ළඟදීම සිදුවීමට නියමිතයි.

මේ පිළිබඳව මා කලක සිට දැන සිටියද, දැන් දැන් ඒ වෙනසට පසු ඇතිවිය හැකි ප්‍රතිවිපාක පිළිබඳව වඩාත් හොඳින් දැනෙමින් පවතී!

මෙය සේවායෝජකයාගේ වෙනසක් නොවේ. තනතුරේ වෙනසක් ද නොවේ. කළමනාකරුගේ වෙනසක් ද නොවේ. නිකම්ම නිකන්, කාර්යාලය පිහිටි ස්ථානයේ වෙනසක් පමණි. නමුත් මෙය සැම අතින් ම විශාල වෙනසකි.

මැයි මස 16 දින සිට අපේ කාර්යාලය වෙනත් ස්ථානයකට ගෙන යෑමට නියමිතයි.

මගේ වත්මන් ගම වන සුන්දර ග්ලෙන්මෝ පාර්ක් හි සිට මා ළඟම දුම්රිය ස්ථානයට මෝටර් රථයෙන් ගොස් එතැන් සිට සිඩ්නි නගරයේ මගේ කාර්යාලය පිහිටි ප්‍රදේශයට දුම්රියෙන් ගමන් කරන බව කලකට පෙර රසිකොලොජියේ ලිව්වෙමි. ඒ ගමන සඳහා මට පැය එකහමාරක් පමණ වැයවේ. එනම් දිනකට පැය තුනක් මා මහ මග ය!

එය දිගු කාලයකි.

නමුත් ඒ පැය එකහමාරේ එක් ගමනකින් පැයකටත් වඩා ගත වෙන්නේ දුම්රිය මැදිරියක සුව පහසු ආසනයක් මත නිසා, එක්කෝ පොතක් පත්තරයක් කියවන්නටත්, නැතිනම් ලැප්ටොප් යන්ත්‍රය දිග හැරගෙන බ්ලොග් ලිපියක් ලියන්නටත්, නැතිනම් ජංගම දුරකථනයෙන් ඊ-මේල් කියවන්නට හෝ වත්පොතේ සැරිසරන්නටත්, එසේත් නැතිනම් හොඳ හැටි නිදාගන්නටත් මට අවස්ථාව ලැබේ.

සාමන්‍යයෙන් මම උදෑසන ගමනේ දී බොහෝ විට පරිගණකයේ ලිපි ලියමි. නැතිනම් පොතක් බලමි. රාත්‍රී දිගු නින්දෙන් අවදි වී පැයක්වත් ගත වී නැති නිසා, නිදිමතක් නම් නොදැනේ.

හවස ගමනේ දී නම්, පොතක් දිග හැරිය විගස නිදිමත ඒම වැළැක්විය නොහැක. එනිසා, මා බොහෝවිට කරන්නේ පොත් දිග නොහැර ම නිදා ගැනීමයි. නැතිනම් ජංගම දුරකථනයෙන් වත්පොතේ සැරීමයි.

අද මේ සවස් වරුවේ නම් මා කරන්නේ මේ ලිපිය ලිවීමයි!

ඇත්තටම, මා දුම්රියේ ගත කරන ඒ කාලය මට සැම අතින්ම විශාල වශයෙන් ප්‍රයෝජනවත් කාලයකි. එහි කිසිදු නාස්තියක් මට නම් නැත!

මා මුලින් සඳහන් කළ පරිදි, මැයි මස තුන්වෙනි සතියේ සිට අපේ කාර්යාලය දැනට එය පිහිටි උතුරු සිඩ්නි ප්‍රදේශයේ සිට ගෙන යනු ලබන්නේ පැරමටා නම් නගරයට ය.

පැරමටා යනු, මගේ නිවස පිහිටි ග්ලෙන්මෝ පාර්ක් ගම්මානයට, උතුරු සිඩ්නි ප්‍රදේශයට වඩා ළඟින් පිහිටි උප නගරයකි.

මේ වෙනසට අනුව, මා දිනකට දුම්රියේ ගත කරන කාලය දැන් පැය දෙකයි විනාඩි විස්සේ සිට පැයක් දක්වා අඩු වෙනු ඇත. එනම්, මගේ දුම්රිය ගමන එක් වරකට විනාඩි තිහක් දක්වා සීමා වෙනු ඇත!

දුම්රියට නැග, හරිබරි ගැසී වාඩි වී, ලැප්ටොප් යන්ත්‍රය දිග හැර වැඩ පටන් ගෙන, ලියන්නට ඇති දේ සිතේ ගලපා ගෙන, තවත් සුලු මොහොතකින් ම, මට පරිගණකය වසා දැමීමට සිදුවෙනු ඇති බව පෙනේ.

ඊටත් වඩා දරුණු ප්‍රශ්නයක් වනු ඇත්තේ, හවස් වරුවේ පැරමටා නැවතුමෙන් දුම්රියට ගොඩවුණු පසු, එතැන් සිට ගමනාන්තයට දක්වා පරිගණකයේ වැඩ කරමින් ගමන් කළ හැකි ආකාරයේ අසුනක් සැමවිටම මට ලැබේද යන්නයි.

ඒ අනුව මා එක් දිනකට දුම්රියේ ලේඛන කටයුතුවල යෙදෙන කාලය අඩ පැයකටත් වඩා සීමාවීමට ඉඩ ඇත.

මගේ බ්ලොග් ලිවීම තරමක් හෝ අඩපණ වෙනු ඇති බව පෙනේ.

එනිසා, දවසේ මා අතරමග ගෙවන කාලය විශාල වශයෙන් අඩු වුණද, දොළොස් වසරක් තිස්සේ ගමේ සිට රටේ ප්‍රධාන නගරය දක්වා සතියේ දිනවල නිතිපතා ගිය ගමන මෙලෙස සීමාවීම ගැන මගේ සිතේ ඇති වන්නේ ලොකු දුකකි.

බලමු, බලමු!

-රසිකොලොජිස්ට්

ප/ලි:
කාර්යාලයේ තැන් මාරුව නිසා පුද්ගලිකව මට ඇති වන වෙනස එය පමණක් වුවද, පොදුවේ මගේ කාර්යාලයේ සියලු දෙනාට ඊටත් වඩා විශාල වෙනස්කම්වලට භාජනය වීමට සිදුවෙනු ඇත.

ඒ විස්තරය ලිවීම පසුවට කල් තබමි.

මගේ ගමනාන්ත දුම්රිය නැවතුම දැන් අත ළඟය.

43 comments:

  1. මගේ ගමනාන්ත දුම්රිය නැවතුම දැන් අත ළඟය........

    මුදල් ම පසුපස හඹා ගියාම, පියුස් එක හබස් ගලා ගියොත් වෙන්නේ කොහෙවත් යන අයට සාංගික කල කෑමවෙලක් කන්න දෙන එක පමණය

    ReplyDelete
    Replies
    1. කකාට දැන් ලියන්න දේවල් නැති නිසා මංපොර කතා ලියයි. කෙල්ලෝ බලලා යයි.

      Delete
    2. සිරාවට

      Delete
  2. කොමෙන්ටුවක් දාන්න කලින් මං මේ මොහොතක් කල්පනා කරේ.......ඒකත් එකටම ඇයි රසිකයියට ගෙදර ගිහිං බොග ලියන්න ඇහැකිනෙ.ඒත් ආයෙම කල්පනා කරේ..එහෙනං අනිවාර්යෙන්ම නෝන මහත්තයගෙන් බර බරේවත් ඇතිනෙ කියල....ඇත්තටම එහෙමද රසිකයියෙ

    ReplyDelete
    Replies
    1. බ්ලොග් කියන්නේ ජීවිතය නොවේ. විනෝදාංශයක් පමණි.

      මා මෙතෙක් කළේ දුම්රියේ ගත කරන කාලයෙන් ප්‍රයෝජනයක් ගැනීමයි.

      නිවසට ගිය පසු වෙනත් විනෝදාංශ, ව්‍යායාම කිරීම, නිදා ගැනීම වැනි දේ ඇත. මා නිවසට යන විට ප්‍රමාද වෙන නිසා, නිවසේ වැඩකටයුතුවලට මගේ දායකත්වය මේ දිනවල අවම වී ඇත.

      බිරිඳගෙන් බ්ලොග්කරණයට උදව් මිස බර බරයක් නැත.

      Delete
  3. කවුරු හරි බර බරේ දාද්දි ලිපි ලියන එක ලේසි නැහැ. අත්දැකීමෙන් කියන්නෙ ;)

    ReplyDelete
  4. ඒකෙත් හැටි නේද..ඒත් ඉතින් ඉක්මනට වැඩට ගිහින් ඉක්මනට ගෙදර එන්න පුළුවන් වෙන එක කොච්චර ලොකු දෙයක් ද..

    ReplyDelete
    Replies
    1. දැන් සාමාන්‍යයෙන් ඔෆීසියට නමයයි කාලට යන මට 16 දා සිට අටගමාරට යෑමට හැකි වෙනු ඇත!

      Delete
    2. හෑ "නමයයි කාලට????" යකෝ උඹලගෙ බොසානම් දෙයියෙක් බන් කකෝ. ඒකට දුප්පත් අහිංසක අපි. ලංකාවෙ අපි හම්බු කොරන තුට්ටු දෙක හම්බුකොරන්න උදේ 5.00 ට නැගිටලා 6.00 ට බස් එක අරන් ආයෙ කෝචියෙත් ගිහින් ආයෙ බස් එකක් අරන් සෙනග අස්සෙ තෙරපිල දාඩිය පෙරාගෙන කට්ට කාල 7.30 ට වැඩට යන්න ඕනෙ. ඕෆ් වෙන්නෙ හවස 6.00 ට. සමහර දාට 7-8 වෙනකම් වැඩ. ගෙදර යද්දි අඩුම ගානෙ 8.00 වත් වෙනව. බෝට්ටුවෙන් වත් ඔසී එන්න ඕනෙ. අනේ රසික ප්ලීස් ඔසී එන්න ක්‍රමයක් කියාදෙන්න.

      Delete
    3. වාංග මචන් වාංග ඊයෙත් 12 අවා. ඇවිල්ලා රසිකගේ නම කියන්න කිසි අවුලක් නැ කෙලින්ම ඇතුලේ ඇඩ්රස් එක ඉල්ලගෙන කොච්චියෙන් යන්න. අවුලක් නම් රේල්ලුවේ ගාඩ් ගෙන් අහන්න මෙතුමා අවුරුදු 12 ක් උදේ හවස කොච්චි ගමන් නිසා මෙයාව හොඳට දන්නවා

      Delete
    4. ඕස්ටේ‍ර්ලියාවට පැමිණීමට වීසා ගත හැකි එක ක්‍රමයක් මේ පහත ලිපියට යොදා ඇති ඡායාරූපයේ දැක්වේ.
      http://rasikalogy.blogspot.com/2016/05/drought-stricken-australia.html
      ;-)

      Delete
    5. ඇනෝ ගේ දැන ගැනීම පිණිස-

      මා සේවය කරන ප්‍රාන්ත රජයේ ආයතනයේ සේවය සඳහා ඇත්තේ නම්‍යශීලී හෝරාවන් (flexible hours) ය.

      උදෑසන 7:30 සිට 9:30 දක්වා වේලාවක සේවය ඇරඹිය හැකි අතර සවස 3:30 සිට 6:00 දක්වා ඕනෑම වේලාවක සේවය අවසාන කළ හැක. සතියකට පැය 35 ක් සේවා ස්ථානයේ (හෝ විකල්ප ස්ථානයක සිට, අවශ්‍ය උපකරණ ඇතොත් තම නිවසේ සිට ද සේවය කළ හැක) සේවය කළ යුතුයි.

      මගේ සාමාන්‍ය දුම්රියේ ගිය විට කාර්යාලයට 9:15 ට 9:20ට ගිය හැක. සවස මා පිටවෙන්නේ 6:00 ටය. නිවසට ලඟාවෙන විට 7:30 පසුවේ.

      Delete
  5. අඩුපාඩ වෙතොත් "රසිකයන්" ට මිස "රසිකට" නොවේ

    ReplyDelete
    Replies
    1. වරදක් කළත් සිතකින් නොවේ!

      Delete
  6. සමහරවිට ඔෆිස් එකට ඉක්මනට ගිහින් එහෙදි ලියන්න පුලුවන් වෙයි :-D

    ReplyDelete
    Replies
    1. ඔෆීසියේ සිදු වීමට නියමිත වෙනස්කම් ඊළඟ ලිපියෙන්!

      Delete
  7. ගෙදර ගොස් ලැප්ටොප් එක දිගහැරි විට "අනේ හැබෑට ඔෆිස් එකෙත් පැය ගානක් ඕකෙ ගිලිලා ඉඳලා ගෙදර ආවමත් ඔය බම්බුවේම එල්ලෙන්නද හදන්නේ..." රසිකටත් මේ තත්වය පොදුයි වගේ. පරණ කෝච්චියේම ගිහින් අයෙත් පැරමටා වලට වෙනත් දුම්රියක ආවහම හරිනේ.

    ReplyDelete
    Replies
    1. එකම කෝච්චිය තමයි.

      දැනුත් දිනපතා උදේ හවස අලුත් ඔෆීසිය තියෙන තැන පහු කරගෙන තමයි එන්නේ යන්නේ.

      මැප් එක බලන්න. කළුතර ඉඳන් කොළඹ එන කෙනෙක් හෙට සිට මොරටුවෙන් බහිනවා වගේ!

      Delete
  8. කෙටි ලිපි වඩාත් අර්ථවත්ව ලියන්න කාලය කළමනාකරණය කර ගැනීමට ලැබේවා. අලුත් තැන ඔෆිස් ජිවිතේ රසවත් හා පහසු වේවා!

    ReplyDelete
    Replies
    1. දෙන දෙවියෝ ගෙදරටම ගෙනත් දෙනවා.දැන් ඉදිරියේදී ට්‍රාන්ස්පෝට් වියදමෙන් 1/2 ක් ඉතුරුයි ඊළඟ සම්මාන උළෙලේට එම මුදල බොහෝ ප්‍රයෝජන වෙවී

      Delete
    2. ස්තුතියි කළ්‍යාණ. එය එසේම වේවා!

      Delete
    3. දුම්රිය ටිකට් පතක මිල අඩුවෙන්නේ සියයට විසි පහක් පමණක් බව හිතවත් ඇනෝ මිතුරාට කණගාටුවෙන් දන්වමි!

      Check it out:
      http://www.sydneytrains.info/tickets/fare_calculator.htm

      Delete
    4. ඒ කියන්නෙ වියදමෙන් කාලක් නෙ. ඒකත් ඇති වෙලාවෙ හැටියට.

      Delete
  9. ගමන් වෙහෙස අඩුවන එකම හොඳ වාසියක් නෙ.. කකාට ලියන්න වෙලාව වෙනත් ක්‍රමයකට ලැබෙයි.. පැය 24 වෙනස් උනේ නෑ නෙ.
    ජයවේවා..!!

    ReplyDelete
  10. වෙනස
    ලංකාවේ නං කෝච්චියේ යනව කියන්නෙ සීට් එක ගන්න පොරකෑම, හිටගෙන යෑම, ඉඳගත්තත් මිනිස්සු ගොඩක් හා ඝෝෂාව මැද්දේ හිරවීම, අසහනය, දාඩිය, කෙළවරක් නැති මහන්සිය තමයි
    ලංකාව අකාර්යක්ෂම හා අසාර්ථක ජාතියක් වෙන්න ප්‍රධාන හේතුවක් තමයි මේ ප්‍රවාහනයේ අවුල...
    ප්‍රවාහනයට ගතවෙන කාලය වැඩි වෙන තරමට සතුටු වෙනවා දැක්ක පළවෙනියා රසික තමයි....
    එයා ලංකාවේ නොවීම ගැන කිසිසේත්ම පුදුම වෙන්න දෙයක් නැහැ

    ReplyDelete
    Replies
    1. ඒ වගේම, මේ ප්‍රවාහනයේ අවුලත් ලංකාව අකාර්යක්ෂම හා අසාර්ථක ජාතියක් වීමයි!

      Delete
    2. සමාජ-ආර්ථිකය කියන්නේ සංකීර්ණ ශ්‍රිතයක්. එක විචල්‍යයක් විතරක් අරගෙන සංසන්දනය කරන්න බෑ!

      Delete
  11. මමත් දවසට පැය දෙකක් කෝච්චියෙ.. එද්දි පැයයි, යද්දි පැයයි. අනේ ඉතින් මෙහෙම නිස්කලංකෙ යන්න නම් කවදා ලැබෙයිද මන්දා..

    හවසට වාඩි වීමේ අවස්ථාව තියෙනවා. පොත් කියවන්න පුංචි ඉඩක් හදාගත්තැකි. ඒත් හරිම අමාරුයි. තදබදය වැඩියි...

    ReplyDelete
    Replies
    1. මාත් අවුරුදු හතරක් ම වගේ ගනේමුල්ලේ සිට මරදානට දුම්රියේ ගියා පාසල් යන කාලයේ! කඳානෙන්, ජාඇලෙන් ආ ජෝර්ජ් මිල්ටන්, නිහාල් ජයමහ, හිමාද්‍රි අල්විස් තාමත් ඒ පැතිවලම ඇති සමහරවිට!

      Delete
  12. අවුරුදු දෙකකින් විතර කෝච්චියේ ගිහින් නැහැ.රසිකත් මමත් ඇතුළු අපේ ගොඩක් දෙනා වගේ ඔෆිස් එකේ ඉඳන් ලියන්න කියන්න ගත්තානම් හරි වගේ.

    ReplyDelete
    Replies
    1. ඔෆීසියේ සතියකට ගත කෙරෙන පැය ගනනේ වෙනසක් වෙන්නේ නෑ. ගමනෙන් ඉතුරු වෙන කාලය නිවසේ තමයි!

      Delete
  13. කමින් කලර්ස් නො ගුඩ් ...ඒ කියන්නේ කෙල්ල ගෙට ගනින් කියලද? :D

    ReplyDelete
    Replies
    1. මාමාට කැමැත්තක් කරන්න මාමේ!

      Delete
  14. හි හී, මොන විදිහට කියන්න හැදුවත් රසික ඕක පළමු ලෝකයේ ප්‍රශ්නයක් නේද? තමන්ගේ ගෙදරට කිට්ටුවෙන් වැඩ කරන්න බැරිව ලතැවෙන කොපමණ දෙනා මේ ලෝකයේ ඉන්නවද?

    නිවාඩු ගිය දවස් වලත් "අඩපණ" නොවුණ ඔබේ ලිවීම, කෝච්චි ගමන අඩුවීම නිසා අඩු වනු ඇතැයි මා නම් සිතන්නේ නැහැ. බලමු! බලමු! :D

    ReplyDelete
    Replies
    1. ගමන් කාලය අඩුවීම ගැන නම් ඉතා සතුටුයි, මට සතියකට පැය 75ක් ඒ කියන්නේ වැඩකරන දවසක් ම ඉතුරු වෙනවා. නමුත් ලිවීමට ඇති කාලය අඩුවීම ගැනයි දුක!

      Delete
  15. ඒ කියන්නේ ලගට එනවා, නියමයි.

    ReplyDelete
  16. ඒකට අවුලක් නෑ. පරක්කු වෙලා ගෙදරින් පිට වෙලා, කෝච්චියේ ගිහිං, හවසත් වැඩ ඇරිලා කලින් ගෙදර එන්න පුළුවන් නේ.

    ReplyDelete
  17. කෝච්චියේ හවසට යන නින්ද තරම් සැප නින්දක් අදත් විඳින්න බැරිවුනා ලංකාවෙන් ආවයින් පස්සේ.. ආතර් සී ක්ලාක් මහතා ලියපු විද්‍යා ප්‍රභන්ධ වල තිය ශිශිර තාරකනින්ද ගැන මුලික කන්සෙප්ට් එක එන්න ඇත්තේ ඔය විදිහට කෝච්චියක නින්දට පුරුදු වෙලාද කියල මට සැකයක් හිතෙනවා. මොකද ඒ නින්ද හරිම අරුම පුදුම නින්දක්.. රසිකට නැවතත් බ්ලොග් කරණයට විවේකය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා..

    ReplyDelete
  18. කාලය නිසිපරිදි කළමනාකරණය කරන ඔබ ගැන මට ඇත්තේ සතුටකි. ඒ සතුට දැනෙනා සැනින්ම දුකක්ද හිතට ජනිත වෙයි. ඒ ඔබ ගැන නොවේ ඔබට වඩා දස සහස් ගණනින් මහ මඟ මේ අවස්තාව වෙන විටත් රස්තියාදු වන ශ්‍රී ලාංකික මහා ජනයා පිලිබඳවය. වසරෙන් වැඩි කාලයක් උතුරු කුරු දිවයිනේ වෙසෙන ඔබට කාලය නිසි පරිදි කළමනාකරණය කරගන්නට හැකියාව ලැබෙන්නේ ඔබ ගෙවනා බදු මුදලට නිසි වටිනාකමක් ලැබෙන නිසා යයි හඟිමි.
    එහෙත් ලංකාව වැනි රටක කලට වෙලාවට රැකියාවට ගොස් පුරුදු නැති අපට (කොතරම් වෙලාවට රැකියාවට යන්නට උවමනා තිබුනත් ප්‍රවාහන ගැටළු ඊට හරහට සිටියි. ) මේ ගැන සිතිමත් තරහව දනවන සුළුය. මෙයට හේතුව ඔබේ බදු මුදල් මධ්‍යම රජයෙන් ප්‍රයෝජන ගන්නා විට අපේ බදුමුදල් වියදම් වන්නේ කුමකටදැයි අපවත් නොදන්නා බැවිනි. රජුන් පෙරලා රජුන් තැනුවෙමු. පත්වුණු රජුන් ගේ සරල බව දැක ඉදිරියට තවුතිසාව පහලවන්න්නේ යයි සිතුවෙමු. අපගේ හිතන්නට වියදම් වූ පැට්‍රල් අපරාදේ ය. රට වෙනසක් වී හෝ ජනයාගේ චින්තාව වෙනසක් වී හෝ නැති. අපි පෙර පරිදිම අනුන්ගේ ඇස්වල ඇති පොල් කෙඳි සොයමින් සිටිමු.
    කාලෙකට පස්සේ බ්ලොග් ටිකක් කියෙව්වා.
    ස්තුති රසික. (:

    ReplyDelete
    Replies
    1. යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ දැනෙනවා නම් සමාවෙන්න. මොකද මම ලියපු කොමෙන්ට් එක මම ම ආපහු කියෙව්වාම මට එහෙම දැනුණා. :D :D

      Delete
  19. [[ඊටත් වඩා දරුණු ප්‍රශ්නයක් වනු ඇත්තේ, හවස් වරුවේ පැරමටා නැවතුමෙන් දුම්රියට ගොඩවුණු පසු, එතැන් සිට ගමනාන්තයට දක්වා පරිගණකයේ වැඩ කරමින් ගමන් කළ හැකි ආකාරයේ අසුනක් සැමවිටම මට ලැබේද යන්නයි.]]


    නගරාන්තර දුම්රිය වල සීට් තියෙයි ගානට පහට වැඩ ඉවර වෙනවානම් අවුලක් වෙන එකක් නැහැ.

    හැබැයි නගරාන්තර දුම්රියේ රසිකට වී 15-20 ට වඩා ලැබෙන්නේ නැහැ.

    මටනම් කියන්න තියෙන්නේ ඔෆිසිය ගෙදර ළඟට ඒම නිබ්බුතපද වලට ඇතුළු කල යුතු බවයි.

    මෙවන් තැනෙක ඔෆිසියක් ලද ඔබ සැබවින්ම නිවුනා වේ.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.