මා කුඩා කාලයේ සිට ප්‍රිය කළේ උදාසන පාතරසය සඳහා පාන් අනුභව කිරීමටයි. රසට හැපෙන කෙට්ටු හුරුබුහුටි රෝස් පාන්, රෝස් ගේ වැඩිමහල් සොයුරිය තැටි පාන් සහ තරබාරු අක්කා අච්චු පාන් කමින් සිටි මගේ ලෝකයට ප්ලාස්ටික් කවරවල බහා ලු ප්‍රීමා පාන් වැඩියේ අනූව දශකයේ මුල හරියේ දී මා ප්‍රාදේශීය සභාවක සිට මහ නගර සභා බල ප්‍රදේශයක පදිංචියට ගිය පසුයි.
ප්‍රීමා නමැති ඒ මැටි පහන් වර්ගය මට වරක් කෑ පමණින් එපා විය. නමුත් හන්දියේ බේකරියේ බක්කරේලා අවුරුදු නිවාඩුවට ගමේ යන සතියක පමණ කාලය තුල නම් මට ප්‍රීමා සරණං ගච්ඡාමි හැර අන් සරණක් නොතිබුණි.
එසේ ලංකාවේ දී විවිධාකාරයේ ශ්‍රී ලාංකික තිරුවාණා ගල් රසවිඳිමින් සිට ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය කළ මට දක්නට ලැබුණේ ප්‍රීමාකාරයේ නීරස පෙනුමැති පාන් මිස වෙනත් පාන්වර්ගයක් මෙහි නැති බවයි. කඩේ පිලේ දක්නට ලැබුණු හැම පාන් වර්ගයක්ම පෙති කපා ප්ලාස්ටික් බෑග්වල අසුරා තිබුණි.
රෝස් පාන්, අච්චු පාන්, තැටි පාන් සොයා හඬා වැටුණු මගේ පන්සීයක් රස නහරවලට යන්තම් හෝ සහනයක් ලැබුණේ, මා නතර වී සිටි කාර්නගී නම් ගමේ ග්‍රීක් එළවලූ කඩයේ පමණක් විකිණීමට තිබුණු රාත්තලේ පාන් වර්ගයකිනි. ප්‍රීමා පාන් ගෙඩිය මෙන් ප්ලාස්ටික් දවටනයකින් වැසී තිබුණ ද, රසයෙන් මේ පාන් ප්‍රීමා ට වඩා තරමක් ඉදිරියෙන් සිටියෙන් මට යාන්තමට හෝ උදැසන කුස පුරවා ගන්නට හැකිවිය. නමුත්, ඒ පෙරදා පරිදි පරිප්පු, අල හොඳි හෝ මා ප්‍රියතම කිරි මාලු සමග නොවේ. නිකම්ම නිකං මෙඩෝ ලී මාගරින් සහ ස්ට්‍රෝබෙරි ජෑම් සමගය. ඒ මදිවාට, මේ පාන් කෑමට නම් මුලින් ටෝස්ටරටක දමා කර කර ගත යුතු ද විය!
මේ සමගම, බේකර්ස් ඩිලයිට් නම් සුවිශේෂී පාන් කඩ ද, සුවිශේෂී වෙළඳ සලකුණැති පාන් වර්ග ද කඩපොලේ දකින්නට තිබුණු නමුත්, ක්‍රය ශක්තිය පිළිබඳ ප්‍රශ්නය නිසා ද, ඒ පාන් සියල්ලම පොලිතීන් බැග්වල අසුරා ඇති නිසා ප්‍රීමා සිහි කරවූ නිසාද, ඒවා අත්හදා බැලීමට නොසිතුණෙන්, ග්‍රීක් කඩේ පාන් ගෙඩියෙන් ඔබ්බට ගිය ලංකාවේ පාන්වල රසය නම් තවදුරටත් මට තවත් ගව් ගණනක් දුරවිය.
ටික දිනකින්ම මා දැන ගත්තේ මේ සෑම පාන් ගෙඩියක් ම පොලිතීින් ආවරණයක ලා ඇත්තේ සනීපාරක්‍ෂාව පිළිබඳ ඕස්ට්‍රේලියානු නීති රීති නිසා බවයි. එසේ ආවරණය නොකරන ලද පාන් වර්ග ලෙස තිබුණේ කුඩා බ්‍රෙඩ් රෝල්ස් වර්ග සහ දිගැටි පාන් විශේෂයක් පමණි. ඒවා ද අප අතට ලැබෙන්නේ අතින් නොව අඬුවකින් අල්ලා කෙලින්ම බෑගයක් තුළට බහා ලූ පසුවයි.
වසර දෙකකට පමණ පසු අප ග්‍රීක් කඩේ පිහිටි ගමෙන් වෙනත් ප්‍රදේශයක පදිංචියට ගිය හෙයින් නිවස අසල නගරයේ තිබූ "සේෆ්වේ" සහ "කෝල්ස්" වැනි සුපිරි ග්‍රොසරිහල්වල විකුණන්නට තිබූ "ටිප්ටොප්", "වොන්ඩර් වයිට්" වැනි පොලීතින් කොලිටියේ පාන් මිලට ගැනීමට අපට සිදුවිය.
පෙනුම කෙසේ වෙතත්, මේ පාන් වර්ග අපේ ප්‍රීමා කොලිටියට වඩා ඉතා හොඳ බව රස බැලූ විට මට වැටහිණි. සමහර විට මේ වන විට අපේ දිවේ රස පිරික්සුම් පද්ධතිය පරිසරයට අනුව හැඩ ගැසී තියෙන්නට ඇත.
මෙයින් තවත් වසර කිහිපයකට පසු කාලයක දී, පරණ පුරුදු ලාංකික පාන් රසයට බොහෝ සමාන රස වින්දනයක් ඇති පාන් විශේෂයක් මට ඕස්ටේ්‍රලියාවේ දී රස විඳින්නට ලැබුණි.
එහි වෙළඳ නාමය වූයේ "හෙල්ගාස්" ය.
හෙල්ගාස් මුලින්ම රූපවාහිනියේ ප්‍රචාරණය කෙරුණු වෙළඳ දැන්වීම අර ඉස්සර ලංකාවේ දී අප දුටු "තුල්ටෙක්ස්" හෝ "සන්ලයිට්" දැන්වීමක් සේ දැනුදු මගේ මතකයේ ඇත.
ගුවන් යානයක ගමන් කරන පිරිසකි. ගුවන් සේවිකාවක කෑම බෙදමින් එන්නීය. එක් මිනිසෙක් ඒ කෑම ප්‍රතික්‍ෂේප කර "මගේ සැන්ඩ්විච් එක මට හොඳයි!" යැයි පවසයි.මුලින්ම හෙල්ගාස් පාන් රස විඳි දිනයේ ම මට එහි ලංකාවේ පාන්වලට ඇති සමීපබව වැටහිණි. "ට්‍රැඩිෂනල් වයිට්, හෝල්මීල්, ලයිට් රයි, ට්වෙල්ව් සීඩ්ස්" යනාදී වර්ග කිහිපයකින්ම වෙළඳ පොලට එන හෙල්ගාස් පාන්වලින් මා කැමතිම වූයේ "ට්‍රැඩිෂනල් වයිට්" වර්ගයටයි.
විෂ්මිත වූ මුහුණකින් යුතුව පහත් වී ඒ සැන්ඩ්විච් එක දෙස බලන ගුවන් සේවිකාව පසුව අසන්නේ "ඔය පාන් වර්ගය හෙල්ගාස් ද?" කියායි.
"නැචුරලි!" මිනිසා සිනා සෙමින් පිළිතුරු දෙයි.
මේ සොයා ගැනීම කෙතරම් ප්‍රීතිමත් එකක් වුවද, දිනපතා හෙල්ගාස් කෑම නම් තරමක ප්‍රශ්ණයක් විය. එය හේතුව නම්, කඩපොලේ ඇති "ටිප්ටොප්", "වොන්ඩර් වයිට්" වැනි සාමාන්‍ය ලේබල් පාන් වර්ගවලට වඩා "හෙල්ගාස්" පාන් දෙගුණයක් තරමටම මිල ඉහල වීමයි. අද වන විට "හෙල්ගාස්" පාන් ගෙඩියක (ග්‍රෑම් 700) සාමාන්‍ය විකුණුම් මිළ ඩොලර් තුනයි ශත පනහක් පමණ වේ. දැනට මාස කිහිපයකට පෙර මේ පාන් ගෙඩියක සාමාන්‍ය විකුණුම් මිළ ඩොලර් හතරයි පනහක් පමණ විය.
"හෙල්ගාස්" පාන් පිළිබඳ රස රහසක් මීළඟ කොටසින්!
ඒ සමගම ඔබ "තාංගීක" යන වචනය මීට පෙර අසා නොමැති නම්, එහි අර්ථ දැක්වීම ද හෙට බලාපොරොත්තු වන්න!
-රසිකොලොජිස්ට්
(image: http://www.shellethics.com/diet-food/vegan-bread/)
මගෙත් තේරීම හෙල්ගාස් :
ReplyDeleteසැන්විච් වලට හොඳයි.
බේකර්ස් ඩිලයිට් වල ඉස්සහරහ ඩිස්ප්ලේ එක සරසන්න උදේ පාන්දර ඉඳන් ඔවුන් නානාප්‍රකාර බේකරි කෑම වර්ග හදලා දානවා. හවස වහනකොට ඒවගෙන් 80% වත් විකිණිලා නැහැ. ඒ අපතේ දාන ඒවටත් එක්ක හරියන්න විකිනෙන ආහාර වලට මිල නියම කරනවා. කඩේ සරසන්න හදන කෑමවලටත් එක්ක මුදල් දීල එතනින් ආහාර ගැනීම මෝඩ ක්‍රියාවක් බවයි මගේ හැඟීම. අක්කගෙන් ඇහුවොත් එයා කියයි එතන තියෙන්නේ wastage of resources සහ loss of productivity එකක් කියල. Marking up their products to compensate for the losses due to their poor management and store handling practices.
එන්නේ කවදා ද හෙල්ගා දකින්නට?
Deleteපාන් ....අනේ අපිට පාන්මය .....අපිනම් තවම කන්නේ "සේෆ්වේ" සහ "කෝල්ස්" වැනි සුපිරි ග්‍රොසරිහල්වල විකුණන්නට තිබූ $ 0.85 පාන්ය .නැතිව $ 3.50 හෙල්ගා ගේ පාන් නම් නොවේය
Deleteලංකාවේ දුප්පතා ගේ පාන්වලට් කිචෝක් පාර දාලා අපි කන් පානුත් ලංකාවේ මුදලින් රුපියල් 350 විතර කියන්නට නේද ඔය තටබන්නේ දුප්පතාගේ බදඩකට පිචන් කරන්න එපා දොරේ දැන් සල්ලි හම්බවුනා කියලා .ඔයාලත් 90 දශකයේ කෑවේ සේෆ්වේ" සහ "කෝල්ස්"පාන් නේද
@ Anonymous 13 February 2015 at 14:47
Deleteඇනෝනිමස් ක්වීන්ස්ලන්ත මිතුර,
මුලින් ලිපිය හොඳින් කියවන මෙන් කරුණාවෙන් ඉල්ලමි. මෙහි මුල් ලිපිය සන්නස සඟරාවේ ජනවාරි කලාපයේ පලවිය.
ඔබ මෙහි මුල් කොටස කියවූයේ නම් මගේ අරමුණ නිසද පරිදි වටහා ගත හැකිය.
මෙන්න අද ලිපියෙන් උපුටා ගත් කොටස් කීපයක්.
/*
1. කාර්නගී නම් ගමේ ග්‍රීක් එළවලූ කඩයේ පමණක් විකිණීමට තිබුණු රාත්තලේ පාන් වර්ගයකිනි.
2. බේකර්ස් ඩිලයිට් නම් සුවිශේෂී පාන් කඩ ද, සුවිශේෂී වෙළඳ සලකුණැති පාන් වර්ග ද කඩපොලේ දකින්නට තිබුණු නමුත්, ක්‍රය ශක්තිය පිළිබඳ ප්‍රශ්නය නිසා ද,
3. නිවස අසල නගරයේ තිබූ "සේෆ්වේ" සහ "කෝල්ස්" වැනි සුපිරි ග්‍රොසරිහල්වල විකුණන්නට තිබූ "ටිප්ටොප්", "වොන්ඩර් වයිට්" වැනි පොලීතින් කොලිටියේ .... */
ඔබේ දැන ගැනීම පිණිස - "ක්‍රය ශක්තිය අඩුකම" යනු මිළට ගැනීමේ හැකියාවේ අඩුවයි, එනම් මුදල් හිඟකමයි. මෙය හතේ පන්තියේ වචනයකි.
මා මේ දිනවල (2015) කන පාන් පිළිබඳව හතරවෙනි කොටසින් (ලබන සඳුදා) කියවන්න.
නොකන්න හේතුව මේක වෙන්න ඇති.
Deleteමෙහෙ ඉන්න ලංකාවේ සමහර අය දාන්නේ නයිකි , බොන්නේ බ්ලැක් ලේබල් කන්නේ සත 85 පාන්.
අපි නම් බොන්නේ ඩිල්මා ප්‍රිමියම් ය!
Deleteපෙන විදියට ඔස්ට්‍රේලියාවට ඇවිත් ලංකික බේකරියක් දැම්මොත් හොඳට බිස්නස් කරන්න පුළුවන් වෙයි. සුද්දොත් රෝස් පාන් කන්න පෝලිමේ ඒවි.
ReplyDeleteදැන් ප්‍රමාදයි. මෙහේ කඩවල්වල මාලු පාන් සහ රෝස් පාන් තියෙනවා.
Delete'ඇබට්ස් විලේජ් බේකරි' පාන් ජාතිත් හොඳයි... හෙල්ගාස් එකේ ගනන්ම තමයි... :)
ReplyDeleteඑසේය, මේ කෑල්ල මගේ හෙට කතාවේ ස්පොයිලර් එකකි!
Deleteඅපෝ රසික මෙල්බර්න් වල නම් රෝස් පාන්,අච්චු පාන්,තැටි පාන්,කිඹුලා බනිස් ඇතුලු සේරම තියනව.අර ම්කසිට ඕන්නම් සිඩ්නිවල බේකරියක් දාගන්න කියන්න.
ReplyDeleteHAA MACHAN.
Deleteමකසි දැන් මකසි නොවෙයි මකලා!
Deleteඅපේ බ්ලොග් දර්ශකයටත් මේක ඇතුල් කරන්න අමතක කරන්න එපා. ඵතින් දර්ශකට වෙත පිවිස අපට ඔබේ බ්ලොග් ලින්ක් එක එවන්න.
ReplyDeleteblogdharshakaya.blogspot.com
/* අපට ඔබේ බ්ලොග් ලින්ක් එක එවන්න.*/
DeleteWhat? ලින්ක් එක නැති නම් ඔබ මෙහි ආවේ කොහොමද? සුදු වෑන් එකකින් පැහැර ගෙන ඇස් බැඳ ගෙනවිත් මෙතන අතහැරියාද?
අනේ මන්දා!
අපිටනං ඉතිං 60 පාන් තමයි. ගාන අඩුකරනවයි කිව්වට මෙහේනං තාම අඩුවෙලා නෑ.
ReplyDeleteග්‍රෑම් ගානවත් අඩුවෙලා නැද්ද?
DeleteAAYE ARAWA GANA LIYANNE NADDA?
ReplyDeleteABOVE COMMENT IS NOT MINE. (CAP. ANO)
Deleteමට නම් ක්‍රස්ටි වියෙනා පාන් ගෙඩිය අල්ලලා ගියේය.
ReplyDeletePane di Casa කාලා නැද්ද? හැම තැනම තියෙනවා. Aldi එකේ එක හොඳයි!
Deleteලංකාවෙත් ඔය කුරක්කන් පිටි, මුං පිටි වගේ දේවල් යන්තමින් කලවම් කරපු පාන් හැදුවොත්, මංතීරු වල දුවන මධ්‍යම පාන්තිකයන්ට හොඳ විකල්පයක් වේවි.
ReplyDeleteරසික 2015 වෙනසට මෙන්න මේවත් කලවම් කරපු පාන් කන්න. මේවා මධ්‍යම පංතියට හදන සුළු ධනේශ්වර විකල්පයන්.
මේක නම් සුළු නෑ
Deletehttp://www.dailymail.co.uk/femail/food/article-2878904/World-s-loaf-goes-sale-family-bakery-Spain-250mg-GOLD-dust.html
ඕවා මොනාද ප්‍රා? "ජිවිතේ වෙනස් කර ගන්න" ඕනේ නම්
Deleteමේ කනක කිරි/Golden milk දිනපතා හවසට බොන්න.
රයිගම,
Deleteඒවා සැලඩ්වලට දාලා කනවා. ලඟදී තමයි පටන් ගත්තේ. හැබැයි එතිකල් නෑ කියලා අපේ ළමයි වලි. මොකද ඒවා වැවෙන පැතිවල අයට කන්න බෑ මෙහේ ඉල්ලුම හින්දා මිළ වැඩි වෙලා නිසා කියලා.
හා! හා!! දරුවන් සොයන්නේ "Ethical Nutrients" නේද? හැබැයි ඔතන සැබෑ කතාව, එයාල ඔය ඉදිරිපත් කරන තර්කයේ අනික් පැත්ත. එයට පිළිතුරු ලියුවොත් මේක දිග සටහනක් වේවි.
Deleteඅනේ අපිට අපේ බක්කරෙගේ පාන් හොඳයි.ඔය හෙල්ගාස් පාන් තීත්තයිය කියන්නේ :D
ReplyDeleteමිදිත් තිත්ත ලෝකේ පාන් තිත්ත වෙන එක අහන්නත් දෙයක්ද?
Deleteහෙල්ගා හොඳයි. ඇත්තටම රසයි. :D
ReplyDeleteමේ මොනවා කියනවාද?
Deleteහැමදාම එකම ජාතියේ පාන් වර්ගයක් තමයි අර ගන්නේ එත් එකේ නම කවදාවත් බලල නෑ........... පුළුවන් උනොත් අද බලන්න ඕනා
ReplyDeleteමැලේසියාවෙත් තියෙනවාද මාතර හෝටල් සහ බේකරි?
Delete//සමහර විට මේ වන විට අපේ දිවේ රස පිරික්සුම් පද්ධතිය පරිසරයට අනුව හැඩ ගැසී තියෙන්නට ඇත.//
ReplyDeleteසම්පූර්ණ ඇත්ත කතන්දර මහත්තයෝ. අපි ඔබාමාගේ (ඒ දවස් වල බුෂ් මහත්තයාගේ) රටට ආව කාලේ කඩවල් වල තිබුන කිසිම කෑමක් මෙලෝ රහක් නෑ. හැම පැණි රස බේකරි කෑමකටම කුරුඳු කුඩු දාල. අනික මුන්ගේ කුරුඳු අපේ කුරුඳු වගේ නෙමෙයි, වෙන ප්‍රභේදයක්. හත් අට අවුරුද්දක් ගෙවුනට පස්සේ දැන් බලන්න ඕනේ. ඕනෙම කෑමක් අපුලක් නැතුව ගිල දාන්න පුළුවන්.
ඔහේ නැතෙයි ෆ්‍රෙන්ච් බ්‍රෙඩ්, ඉතාලි බ්‍රෙඩ් එහෙම? එව්වා නම් අපේ අච්චු පාන් රසම තමා. පරිප්පු, සම්බෝල කිරි මාළු ඕනේ එකක් එකක්ක කෑ හැකි. ඒ මදිවට ඔහේ ඕනා තරම් ලංකාවේ බක්කරේලත් නැතුවය? අපිට නම් ඒ හැටි පිනක් නැතුවා. බක්කරේ කෙනෙක් තියා ලංකාවේ උපන් ප්‍රාණ කාරයෙක් දකින්නේ බොහොම කලාතුරකින්ය.
මාත් මේ කියන්න ආවේ මේකම තමා. ෆ්‍රෙන්ච් පාන්, බැගට් එහෙම පරිප්පු, පොල් සම්බලක් එක්ක කන්න මරු. ඕනේ නම් ටිකක් ලොකු කුට්ටි වලට කපලා ටික වෙලාවල් අවන් එකේ දාලා ගන්න
Deleteපාර දිගේ කොහේද ඉන්නේ?
පාර දිගේ, ඇයි ඔබ නොලියන්නේ? මාත් කියවන්නට දේවල් සොයමින් ඉන්නා විට, ඔබේ මේ පාර දිගේ ගිහිං ඔබේ බ්ලොගයට ගොඩ වුණා. අර රොටි කතාවට වගේම මිරිස් තුනපහ කතාවටත් මා විශේෂයෙන් කැමතියි.
Deleteරසික මහත්තයා: සමාවෙන්න මම මෙතන පොඩි පෙට්ටි කඩයක් දාගන්නවා වගේ නම්.
Deleteඇනෝ: මම ඉන්නේ පොඩි බුෂ් මහත්තයා පැන්ෂන් අරන් දැන් පදිංචි වෙලා ඉන්න ටවුමට කිට්ටු ටවුමක.
රයිගම්: පේනවනේ උත්තරයක් දෙන්න ගියපු වෙලාව. ඕක එක හේතුවක්. මම ලියන දේවල් කියවන්න කවුරුත් ඉන්නවද කියල විචිකිච්චාවකුත් තියනවා. ඒ ඔක්කොටම වැඩිය ලොකුයි කම්මැලි කම. එත් මේ රයිගම් ගේ කොමෙන්ට් එක දැක්කහම පොඩි ගතියක් ආව. බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. බෝම ඉස්තුතියි වටිනා වචන වලට!
මෙහෙත් ඉතින් ජාති කීයක පාන් ජාති නම් තියෙනවද.. සමහර එවුවා තියෙනවා කන්න ඉතින් යකඩින් දත් දාන්න ඕන.. ඒ තරම් හයියයි..
ReplyDeleteඅපිට හෙල්ගා නෑ.. අපිට හොද මුලීනෝ බියන්කෝ තමයි..
රෝස් පාන්, අච්චු පාන්, තැටි පාන් සොයා හඬා වැටුණු මගේ පන්සීයක් රස නහරවලට යන්තම් හෝ සහනයක් ලැබුණේ, මා නතර වී සිටි කාර්නගී නම් ගමේ ග්‍රීක් එළවලූ කඩයේ පමණක් විකිණීමට තිබුණු රාත්තලේ පාන් වර්ගයකිනි.
ReplyDeleteඑක්කෝ ගියා නම් එහේ ඉන්න ඕන. නැත්නම් මෙහේ ඉන්න ඕන. එක හිතක් නැති, දිවිය ළෝකේ ගියත් අපායට එන්න කැමති, දේශේ හැටියට වාසේ නොදන්න මේ වගේ මහත්වරු නෝනාවරුන්ගේ අඳෝනාව හැම දාම තියෙයි.
මේ අවුල තියෙන්නේ පිටරටක් උන්නත්, කුණු කරවල බත් පොල් සම්බෝල කන, බෝ ගහක් හිටවගෙන, පන්සලක් හදාගෙන ළමා සාරි, සරොම් ගහගෙන දහ පාසල් යන. වෙන රටවල් වල උන්ට අපේ රටේ ගෝත්‍රික ගති පුරුදු කරන්න යන අයට.
ඔය රටවල ගිහින් ගල් යුගේ වැද්දෝ වගේ ජීවත් වෙන, පොල් සම්බලුයි, කුණු කරවලයි බතුයි ගිලින, බෝ ගහක් ඉඳගෙන හාන්දුරුවෙක් ගෙනත් ගස් ගල් වල වඳින, වැද්දන්ට නම් මේවා කියෙව්වම ඉමෝෂනල් ගති එනවා ඇති.
Since it'll take a long time for me to type this in Sinhala keyboard I'll type in english.
ReplyDeleteI'm not sure what's your issue with expats, but most people (including me) migrate for better job opportunities. That doesn't mean you can change your taste palate and forget the food you grew up with. Your choice of food is a personal matter. Just because you are in another country doesn't mean you must change your diet.
පිටරටක් උන්නත්, කුණු කරවල බත් පොල් සම්බෝල කන, බෝ ගහක් හිටවගෙන, පන්සලක් හදාගෙන ළමා සාරි, සරොම් ගහගෙන දහ පාසල් යන. වෙන රටවල් වල උන්ට අපේ රටේ ගෝත්‍රික ගති පුරුදු කරන්න යන එවුන්ට කොහොම කිව්වත් තේරෙන්නේ නැහැ නේ මාතලන් ක්‍රමයට පොෂ් වෙන විදිය
Delete