Friday 12 May 2017

450. ඉඳිආප්ප ගෑරුප්පුවෙන් කෑවෙමි - String hoppers from Toongabie



ඉතිං අපට පාං ද කියා අසන්නට එපා!

මේ පාන් නොව ඉඳිආප්ප කෑමකි.

සිඩ්නි බටහිර තදාසන්න ප්‍රදේශවල වෙසෙන අයට ඉඳිආප්ප, ආප්ප, කොත්තු, පිට්ටු, රොටී යනාදිය ද, ලංකාවේ ක්‍රමයට සාදන ලද බත් මාළුපිනි යනාදිය ද ලබා ගැනීමට අවශ්‍ය නම්, ඒ සඳහා යා යුතු හොඳම නගරය ටූන්ගැබී යැයි සිතමි.

මගේ නිවස පිහිටා ඇති ග්ලේන්මෝ පාර්ක් නම් සුන්දර ගම්මානයේ සිට ටූන්ගැබී කඩමණ්ඩියට දුර කිලෝමීටර් 30 ක් පමණ වෙතත්, සිඩ්නි සිට බටහිරට දිවෙන අධිවේගී මාර්ගය ද භාවිතා කළ හැකි නිසා ඒ දුර සති අන්තයේ දිනවල අඩ පැයකින් පමණ තරණය කළ හැක.

මා සම්බන්ධ වී ඇති නාට්‍ය වැඩමුළුවක් සහ වෙනත් කලාබර වැඩ නිසා මේ දිනවලට මසකට වරක් හෝ දෙකක් ටූන්ගැබී යාමට මට සිදුවේ. එයට හේතුව ඒ නගරයේ පිහිටා ඇති ප්‍රජා මධ්‍යස්ථානයේ ඇති ශාලා අපේ කර්තව්‍යයන් සඳහා නගර සභාවට මුදල් ගෙවා වෙන්කර ගෙන භාවිතා කරන නිසා ය.

අපේ කටයුතුවලට සහභාගීවන සිනුවර විවිධ තදාසන්න ප්‍රදේශවල වෙසෙන අයට ටූන්ටැබී හොඳ මධ්‍යම ස්ථානයකි.

දඹුලු ගිය විට තලගොයෙකු දඩයම් කරනවා සේ, ටූන්ගැබී යන සෑම දිනකට පාහේ මම එහි කඩවීදියේ පිහිටා ඇති ආපන ශාලාවකින් කඩයප්පම් මිලට ගන්නෙමි.

ටූන්ගැබී කඩවීදියේ පිහිටා ඇති ශ්‍රී ලාංකික ආපනශාලා ප්‍රමාණය මේ වන විට පහක් දක්වා ඉහළ ගොස් ඇත.

පිට්ටු, රොටී, කොත්තු කෙසේ වෙතත් මා නම් සැම දින ම පාහේ මිලට ගන්නේ ඉඳිආප්පයි.

කලකට පෙර ඕස්ටේ‍ර්ලියානු ශත විසි පහක් පමණ වූ මේ ඉඳිආප්පයක මිල දැන් ශත හතළිහ දක්වා ඉහළ ගොස් ඇත.

නමුත් මේවා, සුළඟට විසිවෙන ආකාරයේ තුනී කුඩා ඒවා නොවේ.

එක ඉඳිආප්පයක ප්‍රමාණයෙන් බත් කන පිඟානක් තරම් වේ. ඉඳිආප්ප තුනක් කෑ විට මට නම් ප්‍රමාණවත් ය. ඉඳිආප්ප සමග ඒවා කෑමට පොල් සම්බෝලද, කිරි (අඩු) හොද්දක් ද ලැබේ.

ගිය ඉරිදා නිවසට ගෙනා ඉඳිආප්පවලින් තුනක්, කෑම පෙට්ටියකට දමා, පොල් සම්බෝල, පරිප්පු සහ මස් කරියක් සමග සඳුදා ඔෆීසියට ගෙන ගියෙමි.

එසේ ගෙන ගිය ඉඳිආප්ප මා අනුභව කළේ පිහියකින් කපා ගෑරුප්පුවකිනි.



චීන ආපන ශාලාවකදී චොප්ස්ටික් හෝ ගෑරුප්පුවක් හෝ උපයෝගී කරගෙන නූඩ්ල්ස් කනවාට වඩා ගෑරුප්පුවකින් ඉඳිආප්ප කෑම පහසු බව මට ස්ථිරවම කිව හැක.



කනවානම් ඉඩිආප්පම් කාපම්!

-රසිකොලොජිස්ට්

29 comments:

  1. ඉඳි අප්ප අතින් කනකොට තමයි රහ. මගේ බිරින්දෑ ට අටින කනකොට රහයි කියල ඉඳි ආප්ප සහ බත් අතින් කන්න පුරුදු කරලා තිබ්බේ. එක පාරක් ලන්ඩන් වල පාටියකට ගිය වෙලේ මෙයා අතින් කනවා එතැන හිටිය එකෙක් දිගට හරහට ෆොටෝ ගහන්න ගත්තා. අපි දෙන්නටම පොඩ්ඩක් අප්සෙට් intrusion එකට. ඇහුවම කිව්වේ සුදු අයෙක් ඉඳි ආප්ප අතින් කනවා දැකල නැහැ කියල. ඊට පස්සේ එයා අතින් කෑම නවත්තල ආපහු ගෑරුප්පුවට බැස්ස එදා ඉඳන්. මම හිතන්නේ ගොඩක් ලංකාවට එන සංචාරකයෝ ඉඳි ආප්ප අතින් කනවා කියල. ඔෆිස් එකේ කරන්න බැරි බව ඇත්ත.

    ReplyDelete
    Replies
    1. මට තියෙන පොසි එකක් තමයි අතින් කෑවාම සබන් දාලා අත හෝදන්න ඕනෑ එක. ඔෆීසියේ කුස්සියේ අත සෝදන දියර හෝ සබන් නෑ. තියෙන්නේ ඩිෂ් වොෂින් ඒවා විතරයි. අතින් කන්න එක හේතුවක් ඒක.

      දැන් සැන්ඩ්විච් හෙම ගෙනිච්චාම කන්නේ අතින් නේ.

      Delete
    2. Enter your reply...අපිටත් සමහර දවස්වලට සබන් නැති වෙනව. ඉතිං කැන්ටිමේ තියන විම් කැටේ පිහිට තමයි

      Delete
  2. තම්බපු හාල්පිටි වලින් හැදු ඉඳිආප්ප නේද?

    ReplyDelete
    Replies
    1. හරියට හරි!

      පාන්පිටිවලින් හදපු සුදු පාට ඒවාත් තියෙනවා. වැඩි වෙළදාමක් නෑ ඒවට.

      Delete
  3. ඉඳිඅප්පම්.. ඕන වෙලාවක ඕන විදිහකට ඕන දෙයක් එක්ක කන්න පුළුවන් සුපිරි කෑමක්.
    ඉඳිආප්ප කොත්තුවත් නියමයි.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. කොත්තුවල ප්‍රශ්ණේ තමයි තෙල් වැඩි එක!

      Delete
  4. gaareppuwen indi appa kana eka maha loku deyakda. api trinity koleegiye innakota kaawema gaareppuwen. saturday sunday athin kanawa rasa nisa.

    ReplyDelete
    Replies
    1. කිසිම ලොකු දෙයක් නෑ.

      බ්ලොග් එකක් ලියන නිසා ෆොරෝ එකක් ගත්තා. මේ දිනවල දවසට දෙපාරක් පෝස්ට් පළ කරන නිසා විනාඩි තිහක් ගත කර ලියා පළ කළා.

      Delete
  5. In The RCC hostel, it is common thing to eat string hoppers with fork & knife by the students on board.

    ReplyDelete
    Replies
    1. හා මචං.

      අර සයින්ෆෙල්ඩ් එපිසෝඩ් එකක ජෝර්ජ් කොස්ටැන්සා මාර්ස් බාර් එකක් පිහියෙන් කපා ගෑරුප්පුවෙන් කනවා දැක්කාද?

      Delete
  6. මිරිසට උයපු හුරුල්ලෝ හොද්දයි පොල් සම්බලුයි තමා ඉදිආප්ප කන්න මම ආසම මාළුපිණි දෙක. හැබැයි ඒකත් අතින් හොදට පොඩිකරලා කෑවාම තමා රස. විශේෂයෙන්ම හාල්පිටි ඉදිආප්ප

    ReplyDelete
    Replies
    1. බොරැල්ලේ කඩේකින් කුකුල් මස් එක්ක කාපු දවසක් සහ අතුරුගිරියේ කඩේකින් හාල්මැස්සන් හොදි එක්ක කාපු දවසක් මට තාම මතකයි.

      Delete
  7. හැඳි ගෑරුප්පු මටනන් ප්‍රිය බවක් නැතී
    ඉඳි ආප්ප කෑමට නිති ප්‍රියක් ඇතී
    හොදි සමගින්ම ඇනුවිට රස දෙගුණ වෙතී
    කදි මට ඇඟිලි ලෙවකෑ විට රසයි නිතී......

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. නැති වුව ප්‍රියක් හරඹෙට ගෑරුප්පු හැඳී
      ඇති වුණි පෙර රසය කන විට ආප්ප ඉඳී
      වෙති රස දෙගුණ ඇනුවිට සමගින් ම හොඳී
      නිති රස බලන්නෙමි සැම සති අන්තෙක දී

      Delete
  8. කිරි හොද්දක්... තක්කාලි හොද්දක් එක්ක තමයි සින්බෑඩ් ඉඳිඅප්පන් කන්නේ.... හැබැයි ඔය මොකටවත් වැඩිය කොච්චි මිරිස් සම්බල් එකක් එක්ක අමුවෙන්ම කන්න තියේ නම් ශෝක්.....

    ReplyDelete
    Replies
    1. මිරිස් රස නැති කිරී හොදි එක්ක විතරක් නම් වැඩක් නෑ. සම්බෝල ඕනෑමයි!

      Delete
  9. Rooty hill වල ලයනල් අයියගෙ ඉදිඅාප්ප එකත් එල.

    ReplyDelete
    Replies
    1. පන්සල් හෝ කෙලිවිල් පැත්තේ හෝ දිවා වේලාවක ගියොත් තමයි ඒ කඩේ ළඟින් යැවෙන්නේ.

      Delete
  10. Rooty hill වල ලයනල් අයියගෙ ඉදිඅාප්ප එකත් එල.

    ReplyDelete
    Replies
    1. ඒ කඩේ ප්‍රසිද්ධ කැරකෙන ආප්ප මැෂිමට නේද?

      Delete
    2. ආප්ප මැශින් නම් ඔස්ට්‍රෙිලියාවේ එමට ඇති :D

      Delete
  11. මමත් ආස කැමක් ඉදිආප්ප කියන්නේ.කිරි හොදි,පොල් සම්බෝල,මිරිස් මාලු එක්ක නියමයි හොඳට අනාගෙන කනකොට.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.