Wednesday 13 November 2019

ජනාධිපති ඡන්දයේ දී මගේ ඡන්දය හිමිවන්නේ කාටද? - My vote, my wish


මේ ලිපියට අවශ්‍ය නම් ජනාධිපති ඡන්දයේ දී ඔබ ඡන්දය දිය යුත්තේ කාටද? යන මාතෘකාව ද යෙදිය හැක. ඒත්, මා ඇත්තටම කියන්නට යන්නේ මගේ මතය මිස, නිරපේක්‍ෂ මතයක් නොවන නිසා මේ යොදා ඇති මාතෘකාව එලෙස ම තබමි.

වැඩි විස්තර කතා කිරීමට පෙර මෙන්න මා ලියා පළ කර ඇති, අද මාතෘකාවට අදාළ, වෙනත් රසිකොලොජි ලිපි කිහිපයක්.

1. මා 2015 අගෝස්තු දාහත්වෙනි දින ලංකාවට ආවොත් ඡන්දය දෙන්නේ කොයි ආකාරයටද? - How not to vote
http://rasikalogy.blogspot.com/2015/08/how-not-to-vote.html


2. එක්සත් ජාතික පෙරමුණට හෝ නිදහස් සන්ධානයට හෝ ඡන්දය (2015 අගෝස්තු) නොදීම බැරි අයට උපදෙසක් - Please, please, please...!!!
http://rasikalogy.blogspot.com/2015/08/please-please-please.html


3. ප්‍රතිගාමී ධනපති පක්‍ෂයකට විලිලැජ්ජාව නොතකා ඡන්දය දූනිමි - My shameful and regrettable behaviour at the 1999 presidential election
http://rasikalogy.blogspot.com/2015/08/my-shameful-and-regrettable-behaviour.html


4. ඡන්ද කාලේ (2015) ඡන්ද කතා - What else is there to talk about?
https://rasikalogy.blogspot.com/2015/08/what-else-is-there-to-talk-about.html


5. මා නොවන මම සහ මගේ ඡන්දය - Why I would still vote for the JVP in 2018
https://rasikalogy.blogspot.com/2018/02/why-i-would-still-vote-for-jvp-in-2018.html


දැන් මෙන්න ප්‍රශ්නයට කෙළින් ම පිළිතුර.

මෙවර ජනාධිපති ඡන්දයේ දී මගේ ඡන්දය හිමිවෙන්නේ ජාතික ජන බලවේගයේ අපේක්‍ෂක අනුර කුමාර දිසානායකට යි.

කුඩා කල සිටම දේශපාලනය උනන්දුක් දැක්වූ, අදත් දේශපාලනව සක්‍රීයව සිටින, මගේ ම දේශපාලන මතයක් ඇති, නිරතුරු දේශපාලන මාතෘකා ගැන අදහස් පළ කරන අයෙකු ලෙස, මට 1984 පමණ කාලයේ සිට ම, ජාතික ජන බලවේගයේ අපේක්‍ෂක අනුර කුමාර දිසානායක නියෝජනය කරන ජනතා විමුක්ති පෙරමුණ සමග විවිධ ප්‍රශ්න තිබී ඇත. දැනුදු තිබේ.

ඒ ප්‍රශ්න බොහොමයක් ලංකාවේ ජාතික ප්‍රශ්නය පිළිබඳව ඔවුන් දිගු කාලයක් තිස්සේ දැරූ ප්‍රතිගාමීත්වයට සම්බන්ධ ඒවා ය. ඊට අමතරව ඔවුන් 1986 දෙසැම්බරයේ දී දයා පතිරණ මරා දමමින් ඇරඹූ මිනීමරු දේශපාලනය ද මට පිළිකුල් ය. ඊළඟට 2010 දී හිටපු ආමිකාරයෙකු බලයට ගෙනෙන්නට කළ කඩේ යෑම ද මට අප්‍රසන්න විය.

එසේ නම්, මෙවර ජනාධිපති ඡන්දයේ දී ජාතික ජන බලවේගයේ අපේක්‍ෂක, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකට මගේ ඡන්දය හිමිවන්නේ ඇයි?

මුලින් ම මෙන්න මගේ ඡන්දය ඉදිරිපත් වී සිටින අනෙකුත් අපේක්‍ෂකයින්ට හිමි නොවීමට හේතු.

දක්‍ෂිණාංශික පක්‍ෂවලට ඡන්දය දීමට නම් මගේ කිසිදු කැමැත්තක් නැත.

ඒ කෙසේ වෙතත්, එක් දක්‍ෂිණාංශික පක්‍ෂ කණ්ඩායමක් නියෝජනය කරන හිටපු ආමිකාර ගෝටාබය රාජපක්‍ෂ බලයට පත්වීම යනු ලංකාවේ පුරවැසි නිදහසේ අවසානය යැයි මම සිතමි.

අනෙක් දක්‍ෂිණාංශික පක්‍ෂ කණ්ඩායමේ සජිත් ප්‍රේමදාස යනු රටක නායකත්වයට සුදුසු පරිචයක් ඇති අයෙකු නොවේ. ඔහු තමන් ගේ ඡන්ද ව්‍යාපාරය තුළ කළ කී දේ අතරින් වැදගත්කමක් ඇත්තේ කාන්තා සනීපාරක්‍ෂක තුවා පිළිබඳ කළ ප්‍රකාශය පමණි.

වාමාංශික පක්‍ෂ කණ්ඩායම් ගැන සලකා බලන කළ, සමාජ සමානතා පක්‍ෂය කෙරෙහි එදා සිට අද දක්වාම විවේචනාත්මක (එහි සාමාජිකයින්ගේ පොදු චර්යාව ගැන) සහයෝගයක් ඇතත්, ඔවුන්ට ඡන්දය දීමෙන් ඔවුන්ට හෝ සිදුවන කිසිදු යහපතක් නැත. ඇත්තටම එවැනි පක්‍ෂයක් ඡන්දය ඉල්ලන්නේ ඇයි දැයි මට නොතේරේ.

පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය ගැන ද කිව හැක්කේ එය ම ය. හොඳ පොරවල් එහි සිටිති, නමුත් පක්‍ෂයේ බොහෝ දෙනාගේ කතා බහ වෛරයෙන් කරන ඒවා බව මට පෙනී ගොස් ඇත.

ශ්‍රී ලංකා සමාජවාදී පක්‍ෂයේ අපේක්‍ෂිකාව, අජන්තා පෙරේරා, පිළිබඳ යම් ප්‍රසාදයක් ඇතත්, මගේ වටිනා ඡන්දය ඇය වෙනුවෙන් නාස්ති කරගත යුතු නැති යැයි සිතේ.

වාමාංශික හෝ දක්‍ෂිණාංශික හෝ නොවන අපේක්‍ෂකයින් අතරින් වෘත්තිකයින් ගේ නියෝජිතයා ලෙස ඉදිරිපත් වී සිටින මහේෂ් සේනානායක යනු හිටපු ආමිකාරයෙකි. ඔහු මගේ සමකාලීන පාසල් සගයෙකු වීම, ගම්සභා ඡන්දයක දී වැදගත් වීමට ඉඩ ඇත ද, මෙහි දී වැදගත් නැත.

අනෙකුත් අපේක්‍ෂකයින් පිළිබඳව නම්, වචන නාස්ති කර ගත යුතු නැත.

යම් කිසි ලෙසකින් මට මනාප සලකුණු කරමින් ඡන්දය දෙන්නට සිතී ජාතික ජන බලවේගයේ අපේක්‍ෂක, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකට මගේ පළමු මනාපය දුන්නොතින් දෙවන මනාපය අජන්තා පෙරේරාට ද, තෙවෙනි මනාපය දුමින්ද නාගමුවට ද දිය හැකි නමුත්, සුළුතර පක්‍ෂවලට එවැනි මනාප අනවශ්‍ය බව මා 1982 දී සිට දන්නා කාරණයකි.

දැන් මෙන්න ජාතික ජන බලවේගයේ අපේක්‍ෂක, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකට මා ඡන්දය දෙන්නට තීරණය කිරීමට පැහැදිලි හේතු කිහිපයක්.

ජාතික ජන බලවේගයේ බොහෝ ප්‍රතිපත්ති සමග මට එකඟ විය හැක.

මේ කණ්ඩායම හා එක්ව ඡන්ද ව්‍යාපාරයේ වැඩ කරන අය පිළිබඳව මට ඇත්තේ ප්‍රසාදයකි.

අනුර කුමාර දිසානායක යනු උගත්, දැනුමැති පුද්ගලයෙකු බව ඔහු 2010 දී (ප්‍රථම සහ) අවසන්වරට සිඩ්නි නගරයට පැමිණි අවස්ථාවේ දී කළ කතාවෙන් මට පැහැදිලි විය. මා ඔහුගෙන් ඇසූ ප්‍රශ්න ද්වයට ම ලැබුණු පිළිතුරු සාර්ථක යැයි කිව නොහැකි වුව ද, දේශපාලන පක්‍ෂයක සාමාජිකයෙකුගෙන් පක්‍ෂයේ මතයට අමතරව යමක් බලාපොරොත්තු විය නොහැක. (එයට සාපේක්‍ෂව, 2012 දී ප්‍රේමකුමාර් ගුණරත්නම් පැවැත්වූ ප්‍රසිද්ධ දේශනයක් අවසානයේ දී මා ඇසූ ප්‍රශ්නයට ඔහු දුන් පිළිතුර බුද්ධිමත් එකක් වූ බව සඳහන් කළ යුතු ය).

ශ්‍රී ලංකාව අද වැටී ඇති අගාධයෙන් ගොඩ නැගීමට නම්, ඒ සඳහා ශක්‍යතාවය ඇති එකම කණ්ඩායම ජාතික ජන බලවේගය යැයි මම අවංකව ම සිතමි. යූඇම්පී හෝ සිරිලංකා හෝ උංට අවශ්‍ය එක රැළක් රට කාගෙන කාගෙන කාගෙන ගොස් නවත්වන තැන සිට රට කාගෙන කාගෙන යන්නට තමන්ගේ රැළට බලය ලබා ගැනීම පමණි.

මා බලාපොරොත්තුවෙන ඡන්ද ප්‍රතිඵලය මෙසේ ය.

අනුර කුමාර දිසානායක = 35%
සජිත් ප්‍රේමදාස රණසිංහ = 33%
නන්දසේන ගෝටාබය රාජපක්‍ෂ = 31%

ජාතික ජනබලවේගයට ජයවේවා.

-රසික සූරියආරච්චි

ප/ලි:
මෙන්න මා ඡන්දය දීම ගැන කලින් ලියූ සටහන් කිහිපයකට සබැඳි නැවතත්.

1. මා 2015 අගෝස්තු දාහත්වෙනි දින ලංකාවට ආවොත් ඡන්දය දෙන්නේ කොයි ආකාරයටද? - How not to vote
http://rasikalogy.blogspot.com/2015/08/how-not-to-vote.html


2. එක්සත් ජාතික පෙරමුණට හෝ නිදහස් සන්ධානයට හෝ ඡන්දය (2015 අගෝස්තු) නොදීම බැරි අයට උපදෙසක් - Please, please, please...!!!
http://rasikalogy.blogspot.com/2015/08/please-please-please.html


3. ප්‍රතිගාමී ධනපති පක්‍ෂයකට විලිලැජ්ජාව නොතකා ඡන්දය දූනිමි - My shameful and regrettable behaviour at the 1999 presidential election
http://rasikalogy.blogspot.com/2015/08/my-shameful-and-regrettable-behaviour.html


4. ඡන්ද කාලේ (2015) ඡන්ද කතා - What else is there to talk about?
https://rasikalogy.blogspot.com/2015/08/what-else-is-there-to-talk-about.html


5. මා නොවන මම සහ මගේ ඡන්දය - Why I would still vote for the JVP in 2018
https://rasikalogy.blogspot.com/2018/02/why-i-would-still-vote-for-jvp-in-2018.html


20 comments:

  1. මම හැමදාම ඡන්දේ දුන්නේ අඩුවෙන්ම නරක එකාට. ඒ තියරියට අනුව මේ පාර දෙන්න හිතන් ඉන්නේ අනුරට.

    ReplyDelete
    Replies
    1. ඒකත් හොඳ තියරිය.
      එහෙනම් සිල් රකින සීලරතන හොඳ නැති ද? 😃

      Delete
  2. .මගේ ගණනය අනුව ගෝඨා ට ලක්ශ 59.5 අඩුම වශයෙනුත්, සජිත්ට ලක්ශ 53 කුත්, අනුර ලක්ශ 5 කුත් පමණ මෙවර ගත හැකි යැයි විශ්වාස කරනවා..

    ඒ අනුව ගොඨා අඩුම 50.6% ප්‍රතිශතයක් සජිත් 45% ක් හා අනුර 4% ක් පමන ලබා ගනි වී යැයි සිතිය හැකියි.

    ReplyDelete
  3. රට ජාතිය ⁣බේරගන්න තියෙන අන්තිම අවස්ථාව කියල බිම පෙරලි පෙරලි පස්කකා යටිගිරියෙන් බෙරිහං දෙන, ඇමරිකාව, ඕස්ට්‍රේලියාව වගේ රටවල ඉඳං දේශප්‍රේමී , රොම්බ දේශප්‍රේමීන් කවුරුවත්අනුර කුමාර දිනවන්න ඡන්දෙ දෙන්න ලංකාවට එන්නෙ නැති බව දන්නවා

    රසික සූරියආරච්චි රටට ආදරේ නම්ඕස්ට්‍රේලියාවට පුක දීලා දනින් වැටිලා ආගමත් මාරු කරන් බල්ලෙක් වගේ ඕස්ට්‍රේලියාව පුරවැසිභාවය ගනීද?

    ReplyDelete
  4. මගේ ඡන්දය දෙන්නෙත් අනුර කුමාර දිසානායකටයි. හැමදාමත් මා ඡන්දය පාවිච්චි කර ඇත්තේ 'නරක අඩුම කෙනා වෙනුවෙනි.' උදය වගේ.

    මායාගේත්, ඔබගේත් දෙන්නාගේම ගණනය කිරීම් නං ඉතින්..... මොකටද මටත් හිතාගන්න බැරිව ඉන්දදී බයිලා කියන්නේ. තව දවස් 4න් පෙනෙයිනේ!

    ReplyDelete
  5. මගේ අදහස අනුව අනුර කුමාර මහත්තයා ජන්ද කෝටි එක හමාරකුත්, සජිත් ජන්ද දෙකකුත්, ගෝටාභය ජන්ද එක හමාරකුත් ලබා ගන්න බව සිතිය හැකියි.

    ReplyDelete
  6. My prediction: Gota 48%, Sajith 40% Anura 8% Mahesh 2% Others 2%. Gota will win on the second count.

    ReplyDelete
  7. මගේ පළමුවෙනි තේරීම වෙලා තිබ්බේ ජාතික ජනබලවේගයේ අපේක්ෂකයා,දෙවැනි තේරීම වෙලා තිබ්බේ සජිත්.එත් රසික කිව්ව සජිත්ගේ වැදගත්ම ප්‍රකාශය නිසා දැන් මගේ පළමු මනාපය ඔහුට.

    ReplyDelete
  8. ජයවේවා , මට චන්දයක් තියනවද දන්නේ නැහැ.

    ReplyDelete
  9. කෙරවලපිටියේ සිට ගෑස් පටවන් එන ලොරි වලට කෙලින්ම දකුණු ලක බලා යෑමට හැකිවන පරිදි කඩවත කෙරවලපිටිය අධික වේගී මාර්ගයක් සාදා ව්වෘත කෙරු අතිගරු අගමැතිතුමාට ගෑස් පටවන් එන ලොරි එලවන රියදුරන්ගේ ආචාරය. දැන් බලන්න ගෑස් පටවන් එන ලොරි කඩවත හුවමාරුව හරහා ගිනිකාගෙන දකුණු ලක දෙස යන උජාරුව. මහත්තයා අගමැතිතුමාගේ ආණ්ඩුවටද ජන්දේ?

    ReplyDelete
  10. අකුදි සහෝදරයා ජයගන්න එක සිදු නොවිය යුතු දෙයක්.

    සජිත් ගැන කතා නොකළ යුතු තරම්.


    ReplyDelete
  11. බුද්ධාගමද හැර දමමින් ක්‍රිස්තියානි බයිබලය උඩ දිවුරමින් ඇමරිකානුවෙකු වූ ගෝඨාභය රාජපක්ෂ වෙනුවට දුප්පතාගේ දුක දන්නා සජිත් ප්‍රේමදාස ජනපති කරවමු. ඇමරිකන් පුරවැසි බිරිඳක් සිටින, ඇමරිකන් පුරවැසි පුතෙක් සිටිනා ඇමරිකන් පුරවැසි ගෝඨාභය රාජපක්ෂ මිනීමරුවා පරදවමු.

    ReplyDelete
  12. ඔබතුමා ඔය අපේක්ෂා කරනවා යයි කියන ප්‍රතිඵලය මොන නිර්ණායක යටතේ අනුමාන/පුරෝකථනය කරන්නේ ද? මොන ක්‍රමවේදයක් ඔස්සේ ගොස් ඒ ප්‍රතිඵලය ලබා ගත්තාදැයි කරුණාකර කියන්න පුළුවන් ද ?

    ReplyDelete
    Replies
    1. මා නම් කරන්නේ මුලින් බලාපොරොත්තුවක් ඇති කර ගන්නවා. ඊළමට ඒ සඳහා වැඩ කරනවා. බලාපොරොත්තුවක් ඇති කර ගැනීම සඳහා ඔබ පවසන නිර්ණායක යනාදිය අවශ්‍ය නැත!

      මෙය පුරෝඛතනයක් හෝ අනුමානයක් නොවේ. මා අපේක්‍ෂා කරන ප්‍රතිපලයයි.

      Delete
  13. සෑම වචනයක් පාසාම එකඟය්, සොයුර!
    ඒත් ... අනේ අපි කවදාක ඇවිදිමුද ඒ සඳේ ??

    ReplyDelete
  14. ජාතික ජන බලවේගයේ බොහෝ ප්‍රතිපත්ති සමග මටත් එකඟ විය හැකි වුවත් ඔබම කියන තාලෙට දිනන්නට කිසි ලෙසකින්වත් නොහැකි ජා-ජ-බ ට ඔබේ වටිනා ඡන්දය දී එය නාස්ති කරගත යුතු නැති යැයි සිතේ.

    ReplyDelete
  15. ගොයිගම සිංහල බෞද්ධයෙක් ද? නැත්නං බත්ගම සිංහල බෞද්ධයෙක් ද?

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.