Wednesday 25 August 2021

සිසිල මාසික ඉලෙක්ට්‍රොනික සඟරාව - Sisila monthly electronic magazine



මේ 2021 වසරේ මුල් කාලයේ සිට පෙරුම් පුරා අලුත් වැඩකට අත ගැසුවෙමි. අලුත් කිව්වාට අරුම පුදුම අලුත් නව නිර්මාණයක් නොවේ.

පැරණි නොවන පැරණි දේ පැරණි තාක්‍ෂණයකින් ම ඉදිරිපත් කිරීමකි.

මා තනියම කරන වැඩක් ද නොවේ. බොහෝ දෙනෙකුගේ සම්මාදමෙන් සහ මගේ සංස්කරණ මහන්සියෙන් කෙරෙන අලුත් සඟරාවක් දියත් කිරීමකි.

සඟරාවේ නම "සිසිල" වේ.

එය මා විසින් යෝජනා කර අනුමත කරගත් නමකි. එහි අරුත වන්නේ සිනුවර සිංහල යන්නයි.

සිනුවර යනු සිඩ්නි නුවර හැඳින්වෙන කාව්‍යමය නාමය බව දන්නෝ දනිති.

සිසිල සඟරාව පළවෙන්නේ ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදයේ වාර ප්‍රකාශනයක් ලෙස ය.

සඟරාවේ සංස්කාරක ලෙස මේ වසරේ කටයුතු කරන්නේ රසික සූරියආරච්චි වන මම වෙමි.

පළවෙනවා යැයි කීවද මෙය මුද්‍රණය වෙන සඟරාවක් නොව ඊ-මේල් මාර්ගයෙන් බෙදා හැරෙන සඟරාවකි.

විවිධ මාතෘකා යටතේ ලියවුණු ලිපි, සටහන් මෙන්ම කවි, කෙටිකතා මෙන්ම කොටස් වශයෙන් පළවෙන නවකතාවක් ද සිසිල සඟරාවට අඩංගුවේ.

ඔබේ පිටපත සඳහා පහත ලිපිනයට පණිවිඩයක් යවන්න.

sisila.sangarawa@gmail.com

සැප්තැම්බර් මස සිට ලොව පුරා බෙදා හැරෙන සිසිල සඟරාවේ ඔබේ නිර්මාණ ද පළ කළ හැක. ඒවා ද ඉහත ලිපිනයට එවන්න.

ස්තුතියි.

රසික සූරියආරච්චි
සංස්කාරක, සිසිල මාසික සඟරාව

(image: )

17 comments:

  1. මගේ සුබ පැතුම් පිළිගන්න

    ReplyDelete
  2. අලුත් වෑයමට සුපැතුම්!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි, පිටපතක් ඕනි නම් sisila.sangarawa@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න.

      Delete
  3. ඔත්තුවට ස්තුතියි, රසික. දිගු ගමනකට සුබ පැතුම්!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.

      පිටපතක් ඕනි නම් sisila.sangarawa@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න.

      Delete
  4. Electronic සඟරාව කිව්වම මම හිතුවේ Electronic ගැන සඟරාවක් කියල .. රසික කවද්ද ඒවා ගැන ලිව්වේ කියල බලන්න මේ ආවේ ... හෙහ් හෙහ් ... සුබ පැතුම් ..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. හිතුණොත් බැරි කමක් නෑ, හරිය?

      සිසිල පිටපතක් ඕනි නම් sisila.sangarawa@gmail.com ලිපිනයට ඊ-මේලයක් එවන්න.

      Delete
  5. සිංහල බ්ලොග් අඩවි ගැන රූපණ අන්තරජාල රූපවාහිනිය වෙනුවෙන් කෙටි වැඩසටහනක් කරන්න අදහස් කරනවා. ලංකාවේ මුල්ම සිංහල බ්ලොග් අඩවිය. මේ වනවිට සිංහල බ්ලොග් අඩවි කීයක් විතර තියෙනවාද ? සිංහල බ්ලොග් සින්ඩිකේටර් වල නම් වගේ ඔබ දන්නා විස්තර තියෙනවා නම් ඉක්මණින් මට කියන්න පුළුවන්ද..... අනුරුද්ධ වැලිගමගේ ....අහස් ගව්වෙන් එහා ලෝකය බ්ලොග් අඩවිය ..... anuruddhawe@yahoo.com . https://rupane.com/

    ReplyDelete
  6. රසික, කැනඩාවේ ඉන්නා මටත් ඊට නිර්මාණ එකතු කරන්න පුළුවන්ද ? පිටපත සදහා ඊ මේල් එකක් එවන්නම්.

    ReplyDelete
    Replies
    1. ඊ-මේලය ලැබුණා. සඟරාවේ පිටපතක් එවා ඇති. කියවූ පසු හැකිනම් ප්‍රතිචාරයක් ලබා දෙන්න. ස්තුතියි.

      ඔබටද නිර්මාණ එවන්න හැකියි. සතුටෙන් බාර ගනිමු.

      Delete
  7. සුබ පැතුම් ඔබේ ප්‍රයෝජනයට.මාවත් එකතු කර ගන්න. ඔත්තුව දුන්නේ අනුරුද්ධ වැලිගම. අළුත් යමක් කරන්න හිතන ඔබලාට ස්තූතියි..

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.