Friday 23 January 2015

පෙට්‍රල් මිල සහ මහා බොරුව - A litre of petrol for less than a dollar : Oh what a feeling!


ඛනිජ තෙල් යනු රත්තරන් මෙන් පොළොවෙන් හාරා ගන්නා දෙයකි. තෙල්වලට කළු රත්තරන් කියා අන්වර්ථනාමයක් ද ඇත. ඉන් ඉඟි කෙරෙන්නේ ඛනිජ තෙල්වල ඇති ආර්ථිකමය වටිනාකමයි. ඒ නිසාම, අද පවතින ජාත්‍යන්තර අර්බුද බොහොමයකට ඛනිජ තෙල් එක් සාධකයක් වී ඇති බව නොරහසකි.

ලංකාව සම්බන්ධයෙන් නම් ඛනිජ තෙල් දේශපාලන වශයෙන් බලපාන්නට පටන් ගත්තේ 1974 දී පමණ තෙල් අපනයනය කරන රටවල් ඔපෙක් සංවිධානය අරඹා, එතෙක් ඇංග්ලෝ-ඇමරිකන් කොම්පැනිවල ග්‍රහණයට අසුව තිබුණු ලෝක ඛනිජ තෙල් වෙළඳ පොළට සෘජුව බලපෑම් කරන්නට පටන් ගත් කාලයේ දී ය. ලෝක තෙල් මිල ඉහළ ගියේය. සංවෘත ආර්ථික ප්‍රතිපත්තිවල අතරමංව, ආහාර අර්බුදයකට මුහුණ දී සිටි ලංකාව ඛනිජ තෙල් මිල ඉහළ යාම ඉතා දරුණු ලෙස බලපෑවේය.

මට මතක හැටියට ඔපෙක් සංවිධානයෙන් යම් සහනයක් ලබා ගන්නට පෙත්සමක් ඉදිරිපත් කරන්නට රජයේ අනුග්‍රහයෙන් වැඩ පිළිවෙළක් ඇරඹිණි.

"ඔය පෙත්සම යැව්වාම ඒක උන් පස්ස පැත්ත පිහදාන්න ගනීවි!" යැයි අපේ වැඩිහිටියෝ අවඥාවෙන් පැවසූහ.

මට හොඳින් මතක ඇති පරිදි 1994 මැතිවරණ සමයේ දී, එනම්, ශ්‍රීලනිපය ප්‍රමුඛ පක්‍ෂ කිහිපයක එකතුවෙන් සැදුණු පොදු පෙරමුණ 1977 සිට ඒ දක්වා බලයේ සිටි එජාප-තොණ්ඩමාන් රජය රට කාගෙන කාගෙන කාගෙන යමින් සිටි තැන සිට අපට කාගෙන කාගෙන කාගෙන යන්නට බලය දෙන්නැයි ඉල්ලන කාලයේ දී, රටේ පෙට්‍රල් ලීටරයක මිල වූයේ රුපියල් තිස් පහකි.

එවකට ශ්‍රීලනිපයේ භාණ්ඩාගාරික වූ කඩුවෙල මන්ත්‍රී කිංස්ලි වික්‍රමරත්න වැනි අය දේශපාලන වේදිකාවල පවසා සිටියේ සපුගස්කන්දේ තෙල් පිරිපහදුවේ පෙට්‍රල් ලීටරයක් හදන්නට යන්නේ රුපියල් දාසයක් පමණක් බවත්, එනිසා පෙට්‍රල් ලීටරයක් රුපියල් විස්සකට විකිණීමට හැකිබවත්ය.

මෙය ඇසූ අපේ ඇන්ටී කෙනෙක් පොදු පෙරමුණට ඡන්දය දී, ඇගේ C-90 එකට ඒ රුපියල් විස්සේ පැට්‍රල් ගහන්නට අද වෙනතුරුත් බලා සිටී!

විපක්‍ෂයේ සිට කජු කනවා මෙන් රටේ ප්‍රශ්න විසඳන දේශපාලුවන් එවැනි ජනප්‍රිය ප්‍රකාශ කරන විට හිතාමතාම නොකියන හෝ මෝඩකම නිසා නොදන්නා කරාණය නම්, රට කරවීමට බදු අවශ්‍ය බවයි.

ලෝකයේ බහුතරයක් රටවල පෙට්‍රල්, ඩීසල් වැනි භාණඩ සඳහා සුවිශේෂී බද්දක් අය කෙරේ. සාමාන්‍ය තත්වයන් යටතේ මේ බද්දෙන් ලැබෙන මුදල් යෙදවෙන්නේ පෙට්‍රල්, ඩීසල් යොදවා ධාවනය කරන වාහන යනෙන මහාමාර්ගවල නඩත්තු කටයුතු කිරීමටයි.

මා ජීවත්වෙන ඕස්ට්‍රේලියාවේ මේ බද්ද ලීටරයට ශත 38 ක් පමණ වේ.

ඕස්ට්‍රේලියාව තම ඛනිජ තෙල් අවශ්‍යතාවයෙන් සෑහෙන ප්‍රමාණයක් දේශියව නිපදවා ගත්තද, රටේ පෙට්‍රල් මිල තීරණය වන්නේ මූලිකවම සිංගප්පුරු තෙල් දර්ශකය අනුවය. (ඒ දර්ශකය ලෝකයේ ඛනිජ තෙල් ඉල්ලුම හා සැපයුම මත නීර්ණය වන්නකි). ඊට අමතරව, ඕස්ට්‍රේලියානු ඩොලරයේ සාපේක්‍ෂ වටිනාකම, දේශිය වෙළඳ පොළේ ඉල්ලුම, වෙළඳ ලාභාංශ සහ රජයේ බදු අනුව මෝටර් රථ පදවන්නන් පෙට්‍රල් ෂෙඩ් එකේ දී ගෙවන මිල තීරණය වේ.

පෙර කී ලිටරයට ශත 38 ක ඛනිජ තෙල් බද්දට අමතරව ඒ මත 10% ක පොදු වෙළඳ බද්ද ද පැනවේ!

ලංකාවේ දී රජයෙන් නියම කරන එකම මිලට පෙට්‍රල් මිලට ගැනීමට පුරුදු වී සිටි මට, ඕස්ට්‍රේලියාවේ දී අළුත් අත්දැකීම් කිහිපයට මුහුණ දෙන්නට සිදුවිය.

කාරයෙන් බැස තමන්ම පෙට්‍රල් ගසා ගැනීම ඉන් එකකි.

එක් එක් පෙට්‍රල් ෂෙඩ්වල මිල එකිනෙකින් මද වශයෙන් වෙනස් වීම තවත් එකකි.

ඊට වඩා සුවිශේෂි වෙනසක් වූයේ එකම පෙට්‍රල් ෂෙඩ් එකේ වුවද, සතියේ දින අතර මිල වෙනස් වීමයි. සාමාන්‍යයෙන් අඟගරුවාදා හෝ බදදා දින දක්නට ලැබෙන අවම මිල සහ සෙනසුරාදා සහ ඉරිදා පවතින උපරිම මිල අතර සමහර විට වෙනස ශත දහයක් හෝ ඊටත් වඩා වැඩිය.

ඊට අමතරව, රජයේ බදු එලෙසම පැවතුනද, ජාත්‍යන්තර වෙළඳ පොළ අනුව සිංගප්පුරු මිල දර්ශකය ඉහළ පහළ යාමත් සමගද, ඕස්ට්‍රේලියානු ඩොලරයේ සාපේක්‍ෂ අඩුවැඩි වීම් අනුවද සිදුවන පෙට්‍රල් මිලේ ඉහළ පහළ යාම් ද මට අළුත් අත්දැකීමක් විය.

මා මෙහි පැමිණි කාලයේ පෙට්‍රල් ලීටරයක් ශත 80 ක් පමණක් වුවද, පෙරකී විවිධ සාධක අනුව මිල ඉහළ පහළ ගොස්, පසුගිය වසර තුළ මා පෙට්‍රල් ලීටරයක් සඳහා ඩොලර් 1.60 හෝ ඊටත් වඩා ගෙවූ අවස්ථා ද තිබුණි.

පසුගිය කාලයේ චීනයේ සහ ජපානයේ ඉල්ලුම අඩුවීම, ඇමරිකා එක්සත් ජනපදය තම සංචිත පුරවා අවසන් වීම සහ ඉරානය, ඉරාකය වැනි රටවල නිෂ්පාදනය වැඩිවීම යන විවිධ හේතු නිසා ලෝක බොර තෙල් මිල අතිශය විශාල වශයෙන් අඩුවුණද, ඒ හා සමාන්තරව මෙන් ඕස්ට්‍රේලියානු ඩොලරයේ වටිනාකමද අඩුවුණු නිසා, අප ගෙවන මිල පහළ වැටුණේ ඉතා හෙමින්ය.

ඉතින් හරියටම දශකයකට පමණ පසු පසුගිය සතියේ ඩොලරයකට අඩු මිලකට පෙට්‍රල් මිලට ගැනීමට ලැබීම මට විශාල සතුටක් ගෙන දුනි.

නමුත්, මේ මිල පහළ යාම දේශපාලුවන්ට ස්තුති කිරීමට අපට අවශ්‍ය නැත.

ඒ මක්නිසාද යත්, පෙට්‍රල් මිල යනු රජයෙන් පාලනය කෙරෙන කෘතිම අගයක් නොවන නිසාත්, එදා ලීටරයක් ඩොලර් 1.60 කට මා මිලට ගනිද්දී ගෙවු ශත 38 පෙට්‍රල් බද්ද ද, ඊට උඩින් ගෙවු 10% පොදු වෙළඳ බද්ද ද, අද ශත 99 ට ලීටරයක් ගනිද්දීත් මා පෙර සේ ම ගෙවන බැවිනි. ඇත්ත වශයෙන්ම වී ඇත්තේ පසුගිය වසරේ රජයෙන් සිදුකළ වෙනසකට අනුව ශත 38 පෙට්‍රල් බද්ද තව දුරටත් නොවෙනස්ව නොපැවතී ජිවන වියදම් දර්ශකය අනුව වෙනස් වෙන්නට පටන් ගැනීමයි!

-රසිකොලොජිස්ට්

42 comments:

  1. එහෙ සහ මෙහෙ...
    වෙනස් කතාවක් වෙනව නේද එතකොට

    ReplyDelete
    Replies
    1. දේශය, දීපය, කුලය, මව වෙනස් තමයි, නමුත් පෙට්‍රල් පෙට්‍රල්මයි!

      Delete
  2. //අප ගෙවන පහළ වැටුණේ ඉතා හෙමින්ය.//
    පොඩි ටයිපින් මිස්ටේක් එකක්

    ReplyDelete
  3. මොකක්ද කියන්න හදන්නෙ කියල තේරුම් ගන්න කිහිප සැරයක් කියවන්න වුනා.

    කතාව හරි ඕස්ට්‍රේලියන් ක්‍රමය අනුව.
    ලංකාවෙ තියෙන්නෙ වෙනත් අවුලක් නෙව. බොරතෙල් ඉහල යනකොට මිල ඉහල දානව. පහල යද්දි පහල දාන්නෙ නෑ. අවුල ඒකයි. ඒ වගේම ඕස්ට්‍රේලියාවෙ ක්‍රමේට නිශ්චිත බද්දක් අයවෙන ක්‍රමයකුත් මෙහේ නෑ. තෙල් මිල කියන්නෙ ලෙහෙසියෙන් බදු මුදල් උපයාගැනීමේ උපාය මාර්ගයක් විදියට මෙහේ පාවිච්චි වෙනව.

    මේ තත්වය යටතේ තමයි තෙල් මිල කීයක් හරි අඩුවුනාම ඒකට ඇමතිට/ආණ්ඩුවට/ජනාධිපතිට පින් දෙන්නෙ.
    අපි හරි වෙනස් ජාතියක්නෙ රසික.

    ReplyDelete
    Replies
    1. ඔය දෙනවාය කියන මිල සූත්‍රය ඒ සියල්ල පැහැදිළි කරනු ඇත.

      හැබැයි ප්‍රශ්ණය නම්, අඩු කළ මිල නීර්ණය කළ හැටි හෝ, ලීටරයක මිලෙන් කොපමණ නිශ්පාදනයට, බෙදාහැරීමට වැයවෛ්ද, ලාභාංශ සස බදු කොපමණද යන්න දැන්ම ම නොකියා ඉන්නේ ඇයි ද යන්නයි!

      Delete
  4. //මේ මිල පහළ යාම දේශපාලුවන්ට ස්තුති කිරීමට අපට අවශ්‍ය නැත.// කිසිම ගෝ එකක් නෑ . FB එකේ බනින්ඩවත් එකෙක් නැතිව යනවනෙ.

    ReplyDelete
    Replies
    1. මෙහේ දේශපාලුවෝත් කුණු බැනුම් අහනවා! හැබැයි උන් ඒවා අහලා හැදෙනවා.

      Delete
  5. රසික...................

    ඔහේ රජයත් පෙරලලා දාමුද????

    ReplyDelete
    Replies
    1. මෙහෙ මධ්‍යම රජයේ කාලය වසර තුනයි. ප්‍රාන්තවල වසර හතරයි.

      ඒවාත් කාලෙන් කාලෙට වෙනස් නෙවා.

      පෙරලෙන ගලේ පාසි බැදෙන්නේ ටිකයි!

      Delete
  6. //මේ මිල පහළ යාම දේශපාලුවන්ට ස්තුති කිරීමට අපට අවශ්‍ය නැත.//
    මේ වතාවෙදි ස්තුති කරන්න සිද්ද වුනේ මෙච්චර කල් අධික බද්දක් අය කරමින් සිටි නිසාය.
    කළ යුතු දේ නොකරන එකාට සාපේක්ෂව කළ යුතු දේ කරන එකා හොඳ නිසා ස්තුති කරන්නට සිදු වී ඇත. ලංකාවේ හැටි එහෙමය. ලියුම් වෙලාවට ගෙනත් දෙන තැපැල් පියුන්ට, බස් එක හෝල්ට් එකේ නවත්තන බස් ඩ්‍රැයිවර්ට, ඉතුරු සල්ලි දෙන කොන්දොස්තරට, හොරා අල්ලන පොලිස් කාරයාට, මේ ආදී වශයෙන් කළ යුතු දේ කරන හැම එකාටම ස්තුති කළ යුතුව පවතියි.
    මේ ලෝකෙන් උතුම් රට වූ ශ්‍රී ලංකාවයි.

    ReplyDelete
    Replies
    1. මෙහේ පිළිවෙල තමයි හැම දෙනාටම හැම විටම ස්තුති කරන එක. හැබැයි මෙතන ඔබ හරි!

      ලංකාවේ වෙලා තියෙන්නේ සාමාන්‍යය සුවිශේෂයට පත්වීමයි!

      Delete
  7. පොඩි කාළේ අපේ ආච්චි නිවන් පුරේ ගැන කියන්නෙත් ඔය වගේ කතා.. අපි ඉන්නේ තාම නිවනට ගොඩාක් මෙහායින්.. ළෝකයේ සුපිරි රටකුයි.. ණය නිසා මැද මාවතට පැමිනි රටකුයි සංසන්දනය කරන්න එපා..

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ දීපය වෙනස්, නමුත් කාලය එකයි නේ!

      Delete
  8. //මේ ආදී වශයෙන් කළ යුතු දේ කරන හැම එකාටම ස්තුති කළ යුතුව පවතියි.
    මේ ලෝකෙන් උතුම් රට වූ ශ්‍රී ලංකාවයි.//

    it seems you have never lived outside Sri Lanka :D

    ReplyDelete
    Replies
    1. පුද්ගලයෙක් තවකෙකුට ස්තුති කිරීම සහ සාමාන්‍යය සුවිශේෂටය නංවා කළ ගුණ සැලකීම අපේක්‍ෂා කිරීම දෙකක්!

      Delete
  9. රස්සාව නැති උන මහින්දගේ නෑයෙක්23 January 2015 at 15:59

    මොකද්ද අප්පා මේකේ තේරුම?

    මොකද්ද මෙතන වෙච්ච බොරුව. ලෝකයේ පෙට්‍රල් මිල කාලෙන් කාලේට උච්චාවචනය වෙන එක ඇත්ත. මේ වෙද්දි මිල අඩු වෙලා තියන බවත් ඇත්ත. ඉතින් චම්පික මහත්තය කිව්වාද එහෙම කළේ එයා කියලා? මහින්ද ලොක්කා මෙහෙම වැඩක් කළානම් කියයි තමයි ඔපෙක් එකටත් මැදමුලන පාර්ට් එකක් දාලා ලෝකේ පෙට්‍රල් මිල අඩු කළේ එයා කියල.

    මෙතන එහෙම ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නේ. Fixed price එකක් තියෙන්නේ. අඩු වුනත් අපෙන් ගන්න ගාන අඩු වෙන්නෙ නැහැ. ඒ කියන්නේ තෙල් මිල අඩුවෙන කාලේට ආණ්ඩුව කොළේ වහලා වැඩිපුර බදු ගහනව කියන එක. ඒක නිසා තමයි අඩු කළේ. ළගදිම මිල සූත්‍රයක් ගෙනාවම මේක මීට වඩා විනිවිද පෙනෙන විදිහට කරන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. බොරුව තමයි ඇත්ත තත්වය තවමත් හෙළි නොකිරීම හෝ ප්‍රසිද්ධියේ පිළි නොගැනීම. බදු අඩු කරනවා කිව්වාට ඇත්තටම වෙලා තියෙන්නේ නිෂ්පාදන වියදම/ආනයනික වියදම (CIF) අඩුවීම නේද?

      Delete
  10. A litre of petrol for under a dollar, oh yes, what a feeling!

    රසික ඉංග්‍රීසි ඉගෙන ගෙන තියෙන්නෙත් ඉන්දික ඉගෙනගත්තු ඉස්කෝලෙන්ම බව පේනවා. ඉංග්‍රීසියෙ prepositions දෙකක් එකට යොදන සිරිතක් නෑ. මෙය පහත එක් ආකාරයකට නිවැරදි විය යුතුයි.

    1. A litre of petrol under a dollar, oh yes, what a feeling!

    2. A litre of petrol for a dollar, oh yes, what a feeling!

    3. A litre of petrol for less than a dollar, oh yes, what a feeling!

    ReplyDelete
    Replies
    1. 3. A litre of petrol less than a dollar, oh yes, what a feeling! විය යුතුයි.

      Delete
    2. ඔබ කියු වරද නිවැරදි කළා, ස්තුතියි!

      ඒ සමගම මා කලින් වැරදීමකින් ලියා තිබුණු oh yes, what a feeling! යන්නද Oh what a feeling! යනුවෙන් නිවැරදි කළා. එය කාර් සමාගමක වෙළඳ පාඨයක්.

      මේ ලිපියම පළ කළාට පසුව මා සුබස සේවය භාවිතා කර මුලින් ලියා තිබුණු
      ඛණිජ,
      ඉහළ,
      මිළ
      වැනි වැරදි සිංහල පද රාශියක් නිවැරදි කළ බව ද සතුටෙන් දන්වමි.

      "අන්වර්ථනාමයක්" යන වචනයේ ද අක්‍ෂර වින්‍යාසය වැරදි බව සුබස සේවය කියයි!

      සුබස සේවය: http://subasa.ambitiouslemon.com/spellerweb.py

      Delete
    3. කෙසේ වෙතත් for under a dollar යන්නේ ප්‍රායෝගික දෝශයක් නොමැති බව ද පවසමි.

      "වහරනු සෙරෙන් සපයා" යන්න අසා නැද්ද?

      Delete
    4. දියුණු භාෂාවක ලක්ෂණයක් වන්නේ හැකිතාක් අඩු වචන සංඛ්‍යාවකින් අදහසක් ප්‍රකාශ කිරීමේ පුළුවන්කමයි. එකම අදහසක් ප්‍රකාශනයට වැඩි වචන සංඛ්‍යාවක් යොදා ගැනීමෙන් වන්නේ ජී. එල්. පීරිස් කරනවාක් බඳු භාෂා දූෂණයකි.

      “In the overall context of the current strident emphasis on good governance, I expressed deep regret that I was subjected to this harassment without any semblance of justification,” Prof. Peiris said.

      - See more at: http://www.dailymirror.lk/61925/er-alleged-coup#sthash.aO5gQ6gk.dpuf

      Delete
    5. දැන් for less than a dollar කියනවාට වඩා for under a dollar කියන විට වචන ප්‍රමාණය අඩුයි නේද?

      ජීඇල් ගේ කතාව නම් සිහි කරන්නේ Yes Minister හි සහ Yes Prime Minister හි ප්‍රධාන චරිතයක් වූ සර් හම්ප්‍රි ඇපල්බිවයි.

      http://en.wikipedia.org/wiki/Humphrey_Appleby

      Delete
    6. අනේබං රසික වැ‍රැද්ද හදා ගෙන කට වහගෙන හිටපං, පන්ඩිත කතා කියවන්නේ නැතුව....

      Delete
    7. හා මචං!

      හැබැයි for under one dollar කියන එකේ ප්‍රායෝගික වරදක් නෑ!

      Delete
  11. අපේ රටේ ඛනිජ තෙල් නිපදවන්නේ නැති නිසා, මිල සූත්‍රය ජාත්‍යන්තර වෙළඳපොල දිහා බලාගෙන තමයි, හදන්න වෙන්නේ. අපි බලමු ඔය හදන්න යන මිල සූත්‍රය අනුව, විවෘත වෙළඳපොලේ බොරතෙල් මිළ ඉහල පහල යාම මත, බදු නැතුව සැකසෙන මිල ක්‍රමයක් එයිද කියලා.

    ReplyDelete
    Replies
    1. මිළ සූත්‍රය එනතුරු උනන්දුවෙන් බලා සිටිමි!

      Delete
  12. අනේ මන්ද......
    ජෙට් චොපර් වලට ගහන සුපර් ඒවට .....
    ගෙවන්නෙ පිය තුමා.....
    හුචක්කු ඔලට ගහන ඒවා ගැන නොදනී....

    ReplyDelete
  13. කියවද්දි පාවෙලා ගිහින් ඕස්ට්‍රේලියාව පැත්තට වැටුනා. කොමෙන්ට් ටික කියවගෙන යද්දි ආපහු ඇදගෙන ඇවිත් පරන සිපෙට්කෝ ශෙඩ් එකක් ගාව අතඇරියා. මොහොකටවත් හරි හමන් ප්‍රතිපත්තියක් නැති රටේ කවුරු කොහොම හරි කීයක් හරි අඩු කරල දුන්නම හුරේ දානව ඇරෙන්න වෙන ඒ ගැන කතා කරන්න දේකුත් නෑ ඉතින්.

    ReplyDelete
    Replies
    1. සර්ව බලධාරී දේශපාලුවන්!
      අපි කුක්කෝ!

      Delete
  14. මිල සූත්‍රයක් එනවා කියනවානේ.පොඩ්ඩක් බලමු.මෙහේ ආණ්ඩුව නම් තෙල් වලින් දිව්වා ඔපෙක් එකටත් වඩා හොඳට.

    ReplyDelete
    Replies
    1. මිළ සූත්‍රය එනතුරු උනන්දුවෙන් බලා සිටිමි!

      Delete
  15. ඉතාම වැදගත් ලිපියක්. තෙල් මිල අඩුවුනා කියල හුරේ දාන අය මේ පැත්ත හිතන්නෙම නෑ.මේ අහිමිවෙන මුදල කොහොම හොයාගන්නවද කියල පැහැදිලි නෑ.මට නම් පේන්නෙ මාස තුනේ මැජික් වගෙ.
    හොරාකාපුව ඉතිරි වෙලා ඒවගෙන් සහන දෙනව කියල කියන එක නම් මෝඩ කතාවක්.
    සංවර්ධන වැඩ නවත්තල ඒ සල්ලිවලින් සහන දෙනව කියනවනම් ඒක තර්කානුකූලයි.

    ReplyDelete
  16. Replies
    1. ඒ ගැන අදාල ලිපියේ සඳහන්ව ඇත. නැවත කියවන්න!

      Delete
  17. R Premadasa organised the petition.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.
      ඇත්තටම මට මේ ගැන සැකයක් තිබුණා. මොකද මට මතක තිබුණේ අපේ වැඩිහිටියෝ කීවේ ඔය පෙත්සම ගැන කියන කොට අයතුල්ලා කොමෙයිනිවත් ආදරයෙන් මතක් කළා ඒ දවස්වල.

      පොර බලයට ආවේ 1979 දී නේ. ඒ කියන්නේ පේමදාස අගමැති කාලේ!

      Delete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.