මගේ සිතට එන, මට වැදගත් යැයි සිතෙන, ඕනෑම දෙයක් රසිකොලොජියේ පළවෙනු ඇත.
Whatever I see fit.
eMail: rasikologist@gmail.com
Thursday, 24 December 2015
කොළඹ විශ්වවිද්‍යාලයේ පැවති නයි-මුගටි සටනක්! - JVP vs Independent Students
මා මේ ලියාගෙන යන්නේ අතීත සිදුවීම් කිහිපක් පිළිබඳව මගේ මතකයයි. රාවය පුවත් පතේ පළවූ මෙහි මුල් කොටස මෙතැනින් කියවන්න.
අද පළවෙන්නේ දෙවෙනි කොටසයි. කැමැත්තෝ කියවත්වා.
වසා දමා තිබූ පේරාදෙණිය විශ්වවිද්‍යාලය නැවත ආරම්භ වන විට පෙර කී කූප‍්‍රකට පොලිස් ස්ථානය රජය විසින් ඉවත් කර ගෙන තිබුණි. අබේසේකර සොයුරා මරා දැමූ දින රාති‍්‍රයේ ඉබේම වාගේ ඇරඹුණු ශිෂ්‍ය කි‍්‍රයාකාරී කමිටුව (අප මෙය ඇක්ෂන් කමිටී හෙවත් ඒ.සී. කියා හැඳින්වූ අතර අනෙක් බොහෝ විශ්වවිද්‍යාලවල එය ප‍්‍රසිද්ධ වූයේ ඇක්ෂන් එක කියා ය) විශ්වවිද්‍යාල පාලන අධිකාරිය සමග යම් සුහදතාවයක් ද ඇති කර ගනිමින් 1983 ජූලියේ සිට තහනම් කර දමා තිබූ මහා ශිෂ්‍ය සභාවේ අඩුව පිරිමැසී ය.
මේ පේරාදෙණිය ශිෂ්‍ය ක‍්‍රියාකාරී කමිටුවේ නියෝජිතයෙකු ලෙස අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ රැුස්වීමට සහභාගී වෙන්නට මට නැවත සිදුවූයේ 1984 වසරේ අග භාගයේ දී ය.
පේරාදෙණියේ සිට කොළඹ බලා අප කළ බස් ගමනේ දී කියවීම පිණිස මා රුසියානු පොතක සිංහල පරිවර්තනයක් වූ "සමාජවාදය නම් කුමක්ද?" නම් පොත රැගෙන ගියෙමි. මේ පොත මා කියවීම පිණිස ඉල්ලා ගෙන තිබුණේ කෘෂි විද්‍යා ශිෂ්‍ය සුමිත් නාකන්දලගෙනි. කොළඹ රාජගිරියේ ආයුර්වේද ශිෂ්‍ය නේවාසිකාගාරයේ පැවති මේ රැස්වීමට පොලිසියෙන් කඩා වැදීමක් සිදු වේ යැයි ඇතිවුණු සැකයක් නිසා අපට හදිසියේ රැස්වීම අවසාන කරන්නට සිදුවිය. මා ආපසු පේරාදෙණිය බලා ගියේ "සමාජවාදය නම් කුමක්ද?" කෘතිය රාජගිරියේ අමතක කර දමා ය.
ශිෂ්‍ය සභා වෙනුවට උප කුලපති ගේ සභාපතිත්වයෙන් යුතු ශිෂ්‍ය සම්බන්ධතා කමිටු ද, උප කුලපති පත් කිරීම ආචාර්වරුන්ගේ ඡුන්දයෙන් නොව උසස් අධ්‍යාපන ඇමති විසින් සිදු කිරීම ද නීතිගත කරන උසස් අධ්‍යාපන සංශෝධන පනත 1985 ජනවාරියේ රජයෙන් සම්මත කෙරිණි. මෙයට විරුද්ධව අවිශිබම මගින් විශ්වවිද්‍යාල පුරාත්, රට පුරාත්, මහා විරෝධතා ව්‍යාපාරයක් දියත් කරන ලදී.
මේ කාලයේ දී පැවැත්වුණු අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ මා සහභාගී වුණු රැස්වීම්වල දී විටින් විට දයා පතිරණ මට හමුවිය. මා කොළඹ අමතක දමා ආ "සමාජවාදය නම් කුමක්ද?" නම් පොතේ පිටපත ඔහු ළඟ ඇති බවත්, ඔහු ගේ නේවාසිකාගාරයට පැමිණ එය ලබාගත හැකි බවත් දයා පතිරණ ඒ මුල් වාරයේ දී ම මට පැවසීය. පොත කියවා හෝ සමාජවාදය යමක් ඉගෙන ගත්තාදැයි ඔහුට මා සරදමක් කළ ද අවාසනාවකට මෙන් එය ආපසු ලබාගැනීමට මට ඉඩක් නොලැබුණි!
කෙසේ වෙතත් ඒ අවිශිබම රැස්වීම්වල දී දයා පතිරණ හා කතා බහ කරන්නටත්, ඔහු ගේ දේශපාලය කුමක් දැයි තරමක් දුරට හෝ වටහා ගන්නටත් මට හැකිවිය.
දයා පතිරණ නායකත්වය දුන් කොළඹ විශ්වවිද්‍යාලයේ ස්වාධීන ශිෂ්‍ය සංගමය, ජනතා විමුක්ති පෙරමුණ ට සම්බන්ධ වූ සමාජවාදී ශිෂ්‍ය සංගමයෙන් කරුණු කිහිපයක් නිසා වෙනස් වූ බව මට පෙනුණි.
සමාජවාදී ශිෂ්‍ය සංගමය මුළු රට පුරා ව්‍යාප්ත වී තිබුණු අතර ස්වාධීනයෝ කොළඹ විශ්වවිද්‍යාලයට පමණක් සීමා වූ කුඩා කණ්ඩායමක් වූහ. එසේ වූව ද, සමහර විට එ නිසාම, නයි-මුගටි සටනින් කොළඹ දී එවකට ජයගත්තෝ මුගටියෝ වූහ.
මේ නයි-මුගටි වෛරයට පාදක වූ මූලික දේශපාලන වෙනස් කම වූයේ මේ දෙපිරිස ජනවාර්ගික ප‍්‍රශ්නය සහ උතුරේ සටන පිළිබඳ දැක්වූ ප‍්‍රතිවිරුද්ධ අන්ත දෙකේ මතවාදයන් විය.
ස්වාධීන කණ්ඩායම දෙමළ ජනතාවගේ ස්වයංනීර්ණ අයිතිය වෙනුවෙන් පෙනී සිටි දේශපාලන ප‍්‍රවාහය නියෝජනය කළේ ය. ජ.වි.පෙ. මතවාදය මීට ඉඳුරාම වෙනස් එකක් විය. ශිෂ්‍ය දේශපාලනයට මෙය කෙළින් ම සම්බන්ධ ප‍්‍රශ්නයක් නොවූයෙන් බොහෝ පොදු කරුණු අරභයා යම්තාක් දුරකට එකට වැඩ කිරීම මේ දෙපිරිසට ප‍්‍රශ්නයක් නොතිබුණුමුත් රටේ සෑම සංසිද්ධියකටම කෙළින් ම හෝ වක‍්‍රාකාරව හෝ බලපෑ උතුරේ යුද්ධය නිසා ඒ දේශපාලන වෙනස්කම විටින් විට ඉස්මතු විය.
තුන්වෙනි කොටස: ජවිපෙට අජීර්ණය හැදෙන කවියක් - What an irony! :: https://rasikalogy.blogspot.com/2015/12/what-irony.html.
-රසිකොලොජිස්ට්
(image: http://www.cmb.ac.lk/index.php/university-of-colombo/)
Subscribe to:
Post Comments (Atom)
අද මං රසිකයෝ එක.
ReplyDeleteවැදගත් ලිපියක්.
ලිපියකින් දෙවෙනි කොටසයි මේ!
Deleteකාලකන්නි පක්ෂ නිසා නැති උන වටිනා ජීවිත...
ReplyDeleteනැවත එවැනි සමයක් නො ඒවා!
Deleteරසික,
Deleteප්‍රර්ථනා ව හොද උනත් වැඩ සිද්ධ වනේ පෙර වගේ මයි
මොකක්ද මන්දා මේක දැන් ආරච්චිලගේ මෙගා ටෙලියක් වගේ.
ReplyDeleteසුජීව ප්‍රසන්න "ආරච්චී" ගේ "වර්ෂා" හෝ "උතුම් පැතුම්" සිහිවෙනවා ද?
Deleteමං අන්තරේට ගියේ දුමින්ද නාගමුව සහ උදුල් ප්‍රේමරත්න යුගේ... හැබැයි මම ගියපු ඒ මීටින් වලින් මට නිරීක්ෂණ හැර වෙනත් වැදගත් යමක් ලබාගන්නට හැකියාව ලැබුන් නෑ..කතාන්දර කාරයා ඒ අතින් බොහෝ වාසනාවන්තයි..
ReplyDeleteබොහෝවිට දුමින්ද නාගමුව උදුල් වගේ අයගේ දේශපාලනය ලාමකයි.. නමුත් අවාසනාවට උදුල් ලාට දුමින්දලාට විරුද්ධ මහා බලවේගයක් අද වෙනතුරුත් නෑ.. ශිෂ්‍යයින් න්‍යායික, මතවාදී පුළුල් දැක්මක් වෙනුවට පාරිභෝගික ඉල්ලීම් පිටුපස්සෙ දුවන නිතරම වැටුප් ඉල්ලන මාක්ස් ගේ පොත් වල ඉන්න සාම්ප්‍රදායික කම්කරුවන් වාගේ.. වෙලා..
සමහර විට ලෝකයේ ඇතිවෙච්චි ධනවාදී සමාජවාදී කදවුරු වල වෙනසත් එක්ක දැන් දැන් සමාජවාදී සහ එක්රැස්වීමේ සහ ඒ ආශ්‍රිත බලය යම් කිසි අවමානයකට සහ ඈතකට ගිහින්ද මන්දා...
දැන් නම් කොළඹ කැම්පස් එක හරිම හොඳයි.. ළමයි වුණත් හරිම පොලිටිකල්. වැඩක් කිව්වොත් පටන්ගන්නෙම බණක් පිරිතක් ඕගනයිස් කරලා.. පහුගිය අවුරුද්දක යූනියන් එක නියෝජනය කළ දේශපාලන විද්‍යා විශේෂවේදියෙක් කැම්පස්වල වුන්ට දේශපාලනය තහනම් කොරන්න ඕනෙ කියලා මරාගෙන මැරෙන ෆයිට් එකක් දුන්නා.. කැම්පස් එක පන්සලක් වගේ.. සිල් සුවඳේ බෑ...
ReplyDelete