මගේ සිතට එන, මට වැදගත් යැයි සිතෙන, ඕනෑම දෙයක් රසිකොලොජියේ පළවෙනු ඇත.
Whatever I see fit.
eMail: rasikologist@gmail.com
Thursday, 15 September 2016
පොප්ලින් ජංගි කොටේ - From Grade one to grade three
මා වසර පහක් පාසල් ගිය කණිෂ්ඨ විද්‍යාලයේ සිසු සිසුවියනට නියමිත වූ පාසල් නිල ඇඳුමක් නොවුණි. එයට හේතුව එක්කෝ මේ පාසල කොළඹ සිට සැතපුම් පහළොවක පමණ දුරකින් පිහිටියේ වුව ද එය ගම්බද ඉතා කුඩා පාසලක් පමණක් වූ හෙයින් අධ්‍යාපන අමාත්‍යංශයේ චක්‍ර ලේඛනවලට අසු නොවුණු නිසා විය හැක. නැතිනම් එකල කණිෂ්ඨ විද්‍යාලවලට නිල ඇඳුම් නියම කිරීමක් කිසිසේත් ම නොතිබුණු නිසා විය හැක.
ඒ කුමක් වුවත් අප පාසලේ සිසු සිසුවියන් පාසලට ඇන්දේ සාමාන්‍යයෙන් වෙනත් ගමන් බිමන් සඳහා අඳින ඇඳුම් පැළඳුම් බව, ඒ සඳහා සාධක ද සහිතව මගේ මතකයේ රැඳී ඇත.
පළමුවෙනි ශ්‍රේණියේ දී මා පාසලට ඇන්දේ පාට පොප්ලින් රෙදිවලින් නිමවූ කමිස සහ කලිසම් ය. මේ සමහර කමිසවල අත් නොතිබුණු අතර ඒවා මසා තිබුණේ අපේ අම්මලා ගේ බ්ලවුස් පතරොම් අනුසාරයෙනි. කමිස කොලර ද රවුම් හැඩයෙන් යුක්ත විය. ඒ සමගම සමහර කමිසවල බොත්තම් පේළිය හෝ බොත්තම් කිහිපය හෝ තිබුණේ කමිසයේ පිටුපසිනි. සාක්කු නම් එකක් නොව දෙකක් ම විය. නමුත් ඒවා තිබුණේ ද කමිසයේ දෙපස කෙළවර හරියේ ය.
එපමණක් නොවේ. මේ කමිස සමහර ඒවා සමනළයින් සහ මල් වැනි සුන්දර චිත්‍ර ඇප්ලික් කොට මසා හැඩ දමා තිබුණි.
කමිස සමග ගැලපෙන පරිදි කලිසම් ද මසා තිබුණේ එම පොප්ලින් රෙදි වර්ගයෙන් ම ය. ඒවායේ ප්‍රධානම ලක්ෂණය වූයේ ඉණ වටා ගිය ඉලාස්ටික් පටියයි. මීට අමතරව මේ කලිසම් සඳහා භාවිතා කළ පතරොම්වල පසුබිම හේතුවෙන් දෝ මේවායේ කිසිදු ආකාරයක සාක්කු යොදා නොතිබුණි.
ඉලාස්ටික් කලිසම් ඇඳීමේ ඇති වාසිය නම් පාසලේ විවේක කාලයේ දී මුත්‍රා කිරීම සඳහා වැසිකිළි පෙළ පිටුපසට ගිය විට (වැසිකිළි ඇතුළට ගියේ ගැහැණු ළමුන් පමණි) බොත්තම් ගැලවීම, ආපසු දැමීම වැනි භාරදූර වැඩ කිරීමට අප වැනි අවුරුදු පහේ කොල්ලන්ට සිදු නොවීමයි.
පාවහන් ලෙස මා පැළදුවේ එක්කෝ බාටා සෙරෙප්පු හෝ නැතිනම් පටි සපත්තු යුගලකි. මේස් දැමීමට සිදුවන නිසා සපත්තු පිළිබඳව අප කිසිවෙකුගේ වැඩි ප්‍රසාදයක් නොතිබුණි. මට මතක ආකාරයට ඉඳහිට ඇතමෙක් පාවහන් කිසිවක් නොමැතිව ද පාසලට පැමිණියහ.
අපේ පන්තිවල සිටි ගැහැණු ළමෝ බොහෝ දෙනෙකු පාසලට ඇන්දේ චීත්ත රෙදිවලින් මැසූ ගවුම් ය. ගුරුවරින් ගේ දරුවන් හෝ එවැනි පවුල්වල ගැහැණු ළමෝ වර්ණවත් කෘතිම රෙද්දෙන් මසා, විවිධ කැටයම් දමා අලංකාර කරණ ලද ගවුම් ඇන්දාහ. මේ බොහොමයක් ගවුම් එකල කොට්ට උර යැයි හැඳින්වුණු විලාසිතා වේ විය.
මා පාසලට ගිය මුල් වසර දෙක තුළ ඉහත සඳහන් ආකාරයට පොප්ලින් කමිස සහ කලිසම් ඇඳීමට එක හේතුවක් වූයේ සම්මත කමිස සහ කලිසම් සහිත පාසල් නිල ඇඳුමක් නියමව නොතිබුණු නිසා ම නොව මගේ මවට මෙන්ම පියාට ද නිවසේදී ම රෙදි කපා ඇඳුම් මසා ගැනීමේ දැනුමත්, ඒ සඳහා අවශ්‍ය සිංගර් මහන මැෂිමකුත් ද තිබුණු හෙයිනි.
මේ පහසුකම් තම නිවෙස්වල නොතිබුණු ඇතැම් පිරිමි ළමුන්, ඒ කාලයේදී ම ටවුමේ ටේලර් සාප්පුවෙන් මසා ගත් නිවරදිව අත් සහ සාක්කුවලින් යුතු වූ කමිසද, පොප්ලින් රෙදිවලින් නොව කලිසම් රෙදිවලින් මැසූ බොත්තම් සහ සාක්කු සහිත කලිසම් ද ඇන්දාහ.
සම්මත මෝස්තරයේ කමිස සහ කලිසම් ඇඳි ඒ සමහර සිසුන්ගෙන් "රසිකයා ජංගි අඳිනවා, බ්ලවුස් අඳිනවා" යැයි සරදම් ද මට විටෙක එල්ල විය. එසේ වුවද, ඒ සරදම් බස් ඉවසා සිටිනවා මිස, ඒ බව දෙමව්පියන්ට පවසා වෙනත් ඇඳුම් අවශ්‍යයැයි ඉල්ලීම් කිරීමට මම කිසිදා නොපෙළඹුණෙමි.
වාසනාවකට මෙන් මා පාසලේ තුන්වෙනි ශ්‍රේණියට පා තබත් ම, ගල්ලෑල්ල සහ ගල්කූරේ සිට අභ්‍යාස පොත සහ පැන්සල දක්වා උසසවීම් ලැබුවා සේම මට පොප්ලින් ජංගියේ සිට ටසෝ හෝ ඩ්‍රිල් වැනි නමකින් හැඳින්වු නියම ප්‍රමිතියේ කලිසම් රෙද්දෙන් ටවුමේ ටේලර් විසින් මැසූ කලිසම් දක්වා ද උසස්වීමක් ලැබුණි.
මා පාසලට අඳින කමිස ද නියම ප්‍රමිතියට මැසූ සුදු කමිස දක්වා වෙනස් විය.
මේ ලිපියේ යොදා ඇත්තේ මා පස්වෙනි ශ්‍රේනියේ සිටිය දී ගන්නා ලද ඡායාරූපයකි.
බලු මිනිසෙකු සහ මිනිස් බල්ලෙකු ගේ රේඛා චිත්‍ර ගල්ලෑල්ලේ ඇඳ මගේ නිහඬ විරෝධය පෙන්වීමට තුඩු දුන් හෝඩියේ පන්තියේ ගුරුවරිය ගේ ක්‍රියාව ගැන ඊළඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න!
-රසිකොලොජිස්ට්
Labels:
අතීතකාමය,
ගමේ කතා,
මගේ ළමා දිවිය
Subscribe to:
Post Comments (Atom)
රසික සාහිත්‍ය මාසෙට ලියන ලිපි පෙළ මෙදා අමතක උනාද?
ReplyDeleteඇයි ඉල්ලං කන්නද හදන්නෙ? බලපං උඹ කරපු වැඩෙන් රසිකට හිතුනොත් කයි කතන්දර එහෙම කියන්න මම උඹට හොඳ පාඩමක් උගන්නනව.
Deleteහැලපේ,
Deleteඇත්තටම කියනවා නම්, මං හිතාගෙන හිටියේ බ්ලොගර්ස්ලාගේ පොත් ගැනවත් ලියන්න අඩු ගානේ. නමුත් ඒ එකක්වත් හරියට කරන්නට කාලයක් තාම ලැබුණේ නැ!
@ රාජ්-
Deleteමෙන්න මං රසිකොලොජියේ මුල් සැප්තැම්බරයේ දී ලියූ සාහිත්‍යයට සම්බන්ධ ලිපි!
1. කුරුලු හදවතේ හිලක් - Hole in the heart
2. කතෘ අත්සන් කළ පොත් ඔබ ළඟ තිබේද? - Autographed books
3. අහවල් පොත ලිවීම සහ පොත පෙරළීම පිළිිබඳ මගේ කතාව - Such is Life
4. අටේ පන්තියේ ළමයා ලියූ පොත් පිංච - Write a book, make a child and plant a tree!
5. වෙන්ඩ බ්ලොග්කරුවෙකු විසින් හස්තද්වාරයෙන් පළ කළ පොත් - Sweet eighteen....!!!
6. ස්වයං ඝාතක පොත් පිට කවර නිර්මාණය - You may judge these books by their covers...!!!
7. ඕස්ට්‍රේලියානු සිංහල බ්ලොග්කරුවෝ - Sinhala bloggers domiciled in Australia
8. ආගන්තුක චමත්කාරය යනු කුමක්ද නොහොත් හෙන්රි වර්ණකුලසූරිය ගේ විල්ලරවාඩිය - Henry Warnakulasuriya's Villarawadiya
9. W3Lanka අජිත් පැරකුම් ජයසිංහ ගේ "ශාස්තෲ" නවකතාව ගැන පසුවදනක් - HBD2U APJ
දොස්තරට වඳින ගාථා පන්තිය....
ReplyDeleteගිරාන ග්‍රන්ථ කිරියංච - පරිශීලේන සාගරං
නළාය දීඝ උරේකත්වා - වචනේන මධුරං සුඛං
කුළේසු අග්ග බ්‍රාහ්මණෝ - චැනලේන විපුලං ඵලං
යේ සත්ත මහා කර්තව්‍ය - වෛද්‍යාචාර නමෝ නමං
රචනංච පෙත්ත පැණියං - ඖෂධේන සමාගමෝ
බලේන යේන විදේසන්තු - ත්‍යාග ලාභෝ මහත් ඵලං
වෛද්‍ය විද්‍යා අධ්‍යාපනං - පෞද්ගලිකංච වාරණං
තං පුග්ගලික රෝගශාලා - මහප්ඵල මාහම් සුඛං
මහාය ටෝක දේසයන්තු - අහං ජනතා වාදිතං
දාරක අග්ග පාඨශාලා - නදේත වැඩ වජ්ජනං
මුඛාසන්න මැක්ක යන්තෝ - සබ්බතේ වැඩ වජ්ජනං
බලේන යේන දීප භූතං - වෛද්‍යාචාර නමෝ නමං.....
හොඳා.. හොඳා.. වැඳ වැඳ හිටපන්..
Deleteඅද මොකද තවම ඇනෝ කමෙන්ට් අඩු? රසික බිසි වත්ද?
ReplyDeleteකමිස කලිසම් ගැන මාත් එකක් දානව. ඒ නිසා මොකුත් නොකිය මාරුවෙනව
ReplyDelete!!
ReplyDeleteරසිකයා ජංගි අදිනවා යැයි මාත් මේ කියන කං විස්වාස නොකලෙමි.. සිරාවටම අන්විස්වාසබල්.. හැක්..
ReplyDeleteඈ මයෙ රසික පුතේ,
ReplyDeleteඋඹලත් ඒ කාලෙ ජංගියට යටින් මොනවත් ඇන්දැයි? අපේ කාලෙනං දිය ලණුවයි හිරට අමුඩෙයි. එකනෙ මයෙ පුතේ මං අදටත් මේ වයසෙදිත් වේලිච්ච දෙල්කොල හිල් වෙන්න බඩදිය බාන්නෙ. ඒ කාලේ ඔය පොඩොස්සියො යටට මොනව අන්දැයි මයෙ පුතේ ?
මටත් අර නොසන්ඩාලයො කියන කවියක් ඇහිල තියනව.
"මගෙ රත්තරං හෙලේනා
ඇඳපන් ජංගි වෙලෝනා"
ඒ කොයි ජංගි ද මයේ පුතේ ?
- මං මේ කිරිඅප්පු මු(_)ත්ත
මයෙ පුතේ,
ReplyDeleteඅර දෙ අංසෙට පුඩු තියෙන "පැණි අමුඩත්" ඒ කාලෙ තිබ්බැයි? අම්මප මං දවසක් ඕක කුඹුරට මැහි තෙල් ගහන්න නාහෙට බැඳගෙන උන විනම්බෑසියක්!
- ආයිත් මං මේ කිරිඅප්පු මු(_)ත්ත
අනේ රසික පොඩි කාලෙ හරි ලස්සනයි. අපේ බෑනා පොඩි කාලෙත් මේ වගේම පොටෝ එකක් තිබුණා මතකයි එයාගෙ සීයා හාමුගෙ බක්පියට් එක උඩ නැඟලා. හැබැයි ඒ පොටෝ එකේ බෑනා ඉන්නේ යටට ජංගියක් වත් අඳින්නේ නැතුව. මං උගේ හඳහන බලපු මුල දවෙමයි දැන ගත්තේ බෑනා පොඩිය ලජ්ජාවක් කියලා එකක දෙන්නෙ නැති එකෙක් කියලා. රසිකලා වගේ ඉගෙන ගන්නත් බැරි වුණානෙ අපේ බෑනාට...
ReplyDeleteඅපි ඉස්කෝලෙ යන කාලෙ වෙනකොට ටීචර්ට ඉතුරුවෙලා තිබුනෙ ලංකට් අඳින්න පුරුදු කරන්න විතරයි..
ReplyDeleteජයවේවා..!!
ඒ ගමේ ඉස්කෝලෙ “ගල හිටියාව“ නිසා..
ReplyDeleteගල පේන්න ෂෝට් ගහං හිටං හිටියට කමක් නෑ.... :D