Wednesday 12 November 2014

පියෙහි විප්පයෝගෝ දුක්ඛෝ - Death did us apart!


අහෝ දුකකි!

Medion all-in-one PC පරිගනක කුමරිය ගේ වියෝවෙන් තැවෙන මගේ හදවතේ බුර බුරා නැගෙන දුක් කඳුළු ගංගාවයි මේ.

ඉරට දුකයි ඉර ගිරවිය මිය යෑම
සඳට දුකයි සඳ සාවිය මිය යෑම
හිතට දුකයි පරිගනකය මිය යෑම
කියනු මැනවි දුක උහුලන්නද කෝම?

හන්දියෙ කඩේ සිට මට ඉඟිබිඟි පැවා
හත් සියයක් දී කැන්දා ගෙන ආවා
මැදින් මහේ සිට මගෙ දුක සැප බැලුවා
මොකද වුනේ මගෙ සිත වාවනු බැරුවා!

ඕල් ඉන් වන් ය, එහි වින්ඩෝස් එයිට් ය
ඇප් හැම තැන ය, කිසි අඩුවක් නැතේ ය
මාස හතක් කරදුන් වැඩ බොහෝ ය
අයියෝ මගේ අත කැඩුණා වගේ ය!

පටන් ගත් තැනම බ්ලොග් එක පාලු වෙලා
හිතන් හිටපු වැඩ සේරම අවුල්වෙලා
වොරන්ටියෙන් එනතුරු ඔබ අළුත් වෙලා
හුල්ලමින් ඉන්නෙමි මම බකන්නිලා

තිබුණත් තවත් හමගිය ලැප්ටොප් නිවසේ
මගෙ හිත ගියේ ඔබ වෙතමයි හැම දවසේ
ඔබ නැති තැන ලියන්නෙම් දෝ මා කෙලෙසේ
යලි ඉපදිලා එනතුරු ඉන්නම් දුකසේ!


මේ වගට දුකෙන් තැවෙන,

-රසිකොලොජිස්ට් (http://rasikalogy.blogspot.com/)


(http://www.itechnews.net/2013/04/15/medion-akoya-p2004-23-6-inch-all-in-one-pc/)

44 comments:

  1. කාකට මොකක් වෙලාද මං හිතං හිටියෙ ඇනෝල තමා කාකගෙ බොලොග් එකේ විකාර කරන්නෙ කියල කාකත් ඒම නෙ කාකා...
    විකාරයි

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    2. @මැලේ නිසාද ලියන්නෙ නැත්තෙ, කෙන්ජි?

      Delete
    3. මේ බ්ලොගය ලියන රසිකොලොජි වන මා මුලින්ම කීවේ මෙයයි.

      /* මගේ සිතට එන, මට වැදගත් යැයි සිතෙන, ඕනෑම දෙයක් රසිකොලොජියේ පළවෙනු ඇත.
      Whatever I see fit. */

      Delete
  2. 700ක් කියන්නේ රුපියල්න් අසුදාහක් ද?
    තව ටිකක් දලා අයිමැක් එකක්ම ගන්න තිබුනා...

    ReplyDelete
    Replies
    1. මා ගෙව්වේ 699 කි. මේ හා සමාන එකක් සඳහා ඒ මුදල ඟෙන් දෙගුණයකටත් වඩා වැයවේ.

      Delete
  3. හඬන්නෙ ඇයි රසිකලොජී කරන්න රෙපයාරේ
    පෙරන්නෙ ඇයි හොටු කී බෝඩ් එකත් ෂෝට් වෙයිනේ

    ReplyDelete
    Replies
    1. වොරන්ටියෙන් එනතුරු ඇය අළුත් වෙලා
      හුල්ලමින් ඉන්නෙමි මම බකන්නිලා

      Delete
  4. ඕල් ඉන් වන් කුමාරියෝ ඔහොම තමයි.. ෂුවර් නෑ. හමගිය කුමාරිගෙ අගේ තේරෙන්නෙ අලුත් කුමාරියෝ පිස්සු කෙලිනකොට :-)

    ReplyDelete
  5. බජට් ඉස්පීච් එකේදි මහින්දතුමා සාගර පළන්සූරියගේ කියලා කවි දෙකක් කියලා දැම්මා. පළමුවැනි කවිය නම් ලස්සනයි. දෙවැනි කවිය අජූවයි. මාත්‍රා වැරදියි. එළිවැට නෑ. පස්සෙ බලනකොට ඒක සාගර පළන්සූරියගේ කවියක් නෙවෙයි. මහ රජතුමාණන්ට වැරදිලා.

    රසියාගෙ කවිත් ඒ වගේමයි.

    ReplyDelete
    Replies
    1. මගේ කවි මගේ ය. සාගර ගේ හෝ ගංගා ගේ හෝ නොවේ!

      Delete
  6. අනිත්‍යතාව නොදන්නා රසිකොලොජිස්ට්... හැක්

    ReplyDelete
    Replies
    1. මිලියනකට එකක් කැඩෙනවා නං අපිට ලැබෙන්නේ ඒ මැෂිමය.

      Delete
    2. හපොයි කරුමේ.. හැක්

      Delete
  7. දුකේ බෑ අප්පා. එයාගේ ලග්නෙට නරකයි කියලා මම දැක්කත් එක්ක. :P

    ReplyDelete
    Replies
    1. මට මේ දවස්වල වෙනදා වගේමයි, උදේට රවී, රූට චන්ද්‍රා ලබනවා.

      Delete
  8. අඬන්න එපා. කුමාරියක් ගන්න.

    ReplyDelete
    Replies
    1. මෙයා ගේ වොරන්ටිය තාමත් වලංගුයි.

      වොරන්ටියෙන් එනතුරු ඇය අළුත් වෙලා
      හුල්ලමින් ඉන්නෙමි මම බකන්නිලා

      Delete
  9. පැරා මොඩරේෂන් අයින් කරලා තියෙන්නේ. ගිහින් සපෝට් එකක් දෙන්න. කකා පැරාගේ සයිට් එක නැගල යන හින්ද තමා මේක පටන් ගත්තේ.

    පැරා දිනවමු. කකා පරදවමු

    ReplyDelete
  10. හය්යෝ රසික මොනවද මේ කියන කතා
    දෙය්යෝ කොහෙද නොකැඩෙන පරිගනක සදා
    බය්යෝ තමයි පිළිගන්නෙ ඔවැනි කතා
    කය්යෝ නෙමෙයි ලියහන් හොඳ රසැති කතා

    ReplyDelete
    Replies
    1. ලියන්නට කතා නම් ඇත අපරිමිත
      කොටන්නේ ඒත් අහවල් එකෙද මිත?
      අළුත් පණ ලැබෙන්නට නියමිතව ඇත
      එතෙක් බලා ඉමි සඟවා කඳුළු නෙත!

      Delete
  11. ඇල්ඩිලා වොරන්ටිය දෙනවනෙ මොකටද අඬන්නෙ?

    ReplyDelete
    Replies
    1. මේක ශෝකප්‍රකාශයක්. ඒවා අපේ සිරිත්!

      Delete
  12. කොරන්ට දෙයක් නෑනේ.. මාරු වෙන්ට තමා වෙන්නේ... දුක තමා..

    ReplyDelete
  13. කැඩෙන්නට ගත්තෙ වීනේ අඩු බඩුවක්ද
    චීනේ බඩු ඔහේ වැහි වැහලා නේද
    වොරන්ටියට අලුතෙන් බඩුවක් දෙයිද
    මමත් පරිප්පුව කෑවා මතකයිද

    ReplyDelete
    Replies
    1. ඔසී රටේ ෆැක්ටේරියෙ නම චයිනා
      එහේ හදන බඩු හොඳ කොලිටිය තියෙනා
      එකක් දෙකක් ඉඳහිට සෙනසුරු ලබනා
      වොරන්ටියෙන් සාදනු ඇත හොඳ ලෙසිනා

      Delete
  14. එයා එනකම් අත පාවිච්චි කරන්න. එයාලා මෙයාලා නිසා අත පාවිච්චි වෙන්නෙම නැහැනේ දැන්....ඔය වගේ කාලෙට තමයි අතේ අගේ.

    ReplyDelete
    Replies
    1. ටයිප් කරලා ස්කෑන් කරන්නද කියන්නේ, අරූ?

      Delete
    2. අතින් ලියලා ස්කෑන් කරත් මොකෝ චේන්ජ් එකකට :D

      Delete
    3. අපට නම් කම්පියුටර් නැති නිසා හැමදාම අත තමයි පාවිච්චි කරන්නේ. රසියාත් ඉඳලා හිටලා වත් කරලා බලන්න. ඒකත් නරකම නැහැ.

      Delete
  15. tired of writing balu beti, goma beti

    ReplyDelete
  16. ඔක්කොම එකට තියෙයිද්දී ඔහොම තමයි

    ReplyDelete
    Replies
    1. ඇත්ත! මේකේ වරද ඩිස්ප්ලේ එකේ විතරයි.

      HDMI කේබල් එකෙන් ටීවී එකට හයි කරලා තමයි බැකප් කර ගත්තේ වොරන්ටි රෙපයාර් එකට යවන්න කලින්.

      Delete
  17. බුදු බණ, අනිත්‍යය බොරුවක් කරමින්නේ
    වොරන්ටියක් ඇත, නැත ඇය මියයන්නේ
    හිටියට වඩා පොෂ් වී ඇය යළි එන්නේ
    එළිවෙන කොට හොඳ හොඳ කෙළි පෙන්වන්නේ

    ReplyDelete
    Replies
    1. බුදු බණ අනිත්‍යය බොරුවක් කරන්නට
      හැකිවෙද ටෙකාලට යලි පණ දෙවන්නට
      අළුතින් මූණ සහ හදවත දැමූ විට
      පුනරුත්පත්තියකි එය පෙර පින ලෙසට!

      Delete
  18. සල්ලි සල්ලි කියල බලන්නේ නැතිව ගන්නකො TOSHIBA එකක් හරි HP එකක් හරි
    https://www.jbhifi.com.au/computers-tablets/desktops/hp/hp-20-2001a-19-all-in-one-desktop/491718/

    ReplyDelete
    Replies
    1. අපෝ ඒක AMD අඟල් 19 එකක්. මගේ මීඩියෝන් එක අඟල් විසි දෙකේ Intel එකක්!

      Delete
  19. When you go for ALDI, it is much expected. But you have warranty and in a way it is good. when the second one goes down in another 4 months make sure you update the invoice :)

    ReplyDelete
  20. පැරා මොඩරේෂන් අයින් කරලා තියෙන්නේ. ගිහින් සපෝට් එකක් දෙන්න. කකා පැරාගේ සයිට් එක නැගල යන හින්ද තමා මේක පටන් ගත්තේ.

    පැරා දිනවමු. කකා පරදවමු

    ReplyDelete
  21. හපොයි දෙයියනේ.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.