Wednesday 6 January 2016

සුබ ගමන් මිතුර - Adios Ananda Liyanage


මා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබූ දෙවන වසර, විශ්ව විද්‍යාලයේ ද රටේ ද විවිධ හැලහැප්පීම්වලින් බහුල වූ කාලයක් විය.

එකල පැවති එක් ශිෂ්‍ය ප්‍රශ්නයක් විසඳා ගැනීමට මාරාන්තික උපවාසයක් ද පැවැත්වුණි. අරඹා දින පහකට පමණ පසුව අවසන් වූ මේ උපවාසය සහ ඒ හා සම්බන්ධ තවත් කරුණු කිහිපයක් ගැන සිය "තෝරාගත් මතකයන්" කිහිපයක් හෙන්රි වර්ණකුලසූරිය විසින් පසුගිය දිනක තම නොකී කතා බ්ලොගයේ ද ලියා තිබුණි.

එදා ඒ උපවාසයට සහභාගී වුණු මගේ බැචෙකු වූ ආනන්ද ලියනගේ අද අකාලයේ සිය අවසන් ගමන යයි.

උපවාසයේ යෙදීමේ වරදට ආනන්ද ලියනගේ ගේ ශිෂ්‍යභාවය අහෝසි කරනු ලැබීය. ඒ සමගම ශිෂ්‍ය සභාව ද තහනම් කර සියලුම ශිෂ්‍ය නියෝජිතයින් ගේ ද ශිෂ්‍යභාවය අහෝසි කරන ලද නිසා, පේරාදෙණිය විශ්ව විද්‍යාලයට උදා වුණේ අඳුරු සමයකි.

මේ මා ඒ ගැන, ඒ කාලයේ ලියූ සටහනකි.

උපවාසයේ වීරයින් සමරමු!

අයුක්තිය ලොව කිරුළ දරණ සඳ
අසාධාරණය සැම තැනම විය
වැළලුණු සාධාරණය වෙනුවෙන්
යුක්තිය සත්‍යය වෙනුවෙන්
අප වෙනුවෙන්

නොබියව නොපැකිල
විහිළුවකටවත් කිසිවෙකු නොසිතන
තීරණයක් ගෙන
ඔබ උන්නා
දින ගණනාවක් එක සේ නොසැලී
ඉන්ද්‍ර ඛීලයක් සේ

හමන සුළඟ ඔබ වෙහෙසන්නට ඇති
වැටුණු වැස්ස ඔබ රිදවන්නට ඇති
දැඩිවූ හිරුගෙ රුදු කිරණ කැරලි ඔබ
මඩවන්නට ඇති

ඒ සේරම දේ ඉවසා සිටියත්
හිස්වූ කුසෙන් නැගෙන සා ගින්දර
ඔබ නොමරාමෙන් මරවන්නට ඇති

ඒ කිසිලෙසකින්
නොසැලී නොපැකිල
තිර අදිටනකින් සිතේ ධෛර්්‍යයෙන්
ඔබ වෙනුවෙන් නොව
අප වෙනුවෙන්
ඒ දුක් ගින්දර ඔබ උහුලන්නට ඇති

කුරිරු ලෝකයේ නෙළුම් පිපී නැත
සාධාරණයේ හිරු පායා නැත
අප වෙනුවෙන් සටනට වැදි ඔබ අද
අප අතරේ නැත

අදත් එදා මෙන්
මහවැලි ජලකඳ සරසවි භූමිය
දෙකට ඉරාගෙන ගලා බසිනවා
තෙත්වුණු ඇස් ඇති හන්තානේ කඳු
අනුකම්පාවෙන් බලා සිටිනවා
ඔබ නැති පාළුව ලොවට කියාගෙන
වෙනදා සීතල මිහිදුම් නලරැළි
උණුසුම් සැඩ සුළඟක්ව හමනවා
මැලවුණු මල්පෙති බිමට ඬැටෙනා
යුක්තිය සත්‍යය නිදියන සොහොනේ
සැමරැම් කොත මත
කපුටන් වවුලන් වසුරු හෙලනවා

අසාධාරණයෙ අඳුර බිඳින්නට
හිරු පායන තෙක් සිටි කාලය ඇති
බලහත්කාරෙන් හෝ හිරු පුබුදා
හෙට මුළු ලෝකය එළිය කළ යුතුය


(1984)

මෙහි අවසන් පද කිහිපය ගැන වැඩි විස්තර පසුගිය දා මා රාවය පුවත්පතට ලියූ ලිපියේ සඳහන් කළෙමි.

ඒම දුකකි,
යාම දුකකි,
ඒම, යාම අතර දුකකි!

ආනන්ද ලියනගේ, මිතුර ඔබට සුබ ගමන්!

-රසිකොලොජිස්ට්

26 comments:

  1. අකාලයේ ඇදවැටුණු සටන් සගයාට සුබ ගමන්.සම්පූර්ණ කවි පන්තිය අදයි කියෙව්වේ. "ඔබ නොමරාමෙන් මරවන්නට ඇති"පේලියේ "මෙන්" කියන පදය නැත්නම් වඩා හොඳයි කියල හිතුන.
    "අදත් එදා මෙන්... පදයේ සිට අවසානය දක්වා ඇති රමණීයයි . ජවිපෙ ඔබට එරෙහි වූ හේතුව මෙයින් ඉතා හොඳට පැහැදිලියි. ලඟදි ලියපු කවි පන්තියකුත් පලකරන්න. දැන් හොඳට මුහුකුරා ගිහින්නේ?..කපිල වස්තු

    ReplyDelete
  2. එඩිතර වීර පුද්ගලයන්ගේ ආයුශ කෙටිය.

    ReplyDelete
  3. සුභ ගමන් ආනන්ද සොයුරාට!

    ReplyDelete
  4. යාලුවට සුභ ගමන්............

    ReplyDelete
  5. සුභ ගමන් ආනන්ද මහත්මයා !!!

    ReplyDelete
  6. සදා මතකයේ ...

    ReplyDelete
  7. රසික කවියෙන් ලැබූ කම්පනය සමග ආනන්ද ගේ වියෝව හද තෙත් කරන සුලුය් ...

    ReplyDelete
  8. සුභ රාත්‍රියක් !

    ReplyDelete
  9. අකාලයේ... කාලයක් තියනවද දැන් මිනිස්සුන්ට මැරෙන්න... දන්න ගොඩක් හොඳ අය කලින්ම යනවා..

    ReplyDelete
  10. මිතුරාට සුභ ගමන්. රසික රාවයට ලියනව් අකියල දැනම් හිටියේ නැහැ. යශෝධාගේ ඒවා නම් දැක්ක. සුභ පැතුම්.

    ReplyDelete
  11. ඔහුට සුබ ගමන්.

    ReplyDelete
  12. Dear friend and my batcha Liyane, may you attain nibbana in your universal cycle of life! I repent that I coudnt attend for the funeral as I was informed late. Your early departure and reasons for the same is still a mystery to me - Batcha frm Handapangoda

    ReplyDelete
  13. ආනන්දගෙ වියෝවෙන් මා කම්පනයට පත් වුණා. වසර ගණනාවකින් ඔහු ගැන තොරතුරක් ලැබුණේ නැහැ. අසනීපෙන් උන්න බවක් දැනන් උන්නේත් නැහැ.
    ආනන්දට සුබ ගමන් ......!

    ReplyDelete
  14. Ananda uncle,obata niwan sepa labewa.......!!!!!

    ReplyDelete
  15. ආනන්ද සහොදරයා අවසන් රැකියාව කළේ මා සමඟය.ඒ 2013- 2014 කාලයේය.එකල මම හසලක හඳුන්ගමුව මාර්ගය ඉදිකිරීම් ව්‍යාපෘතියේ ව්‍යාපෘති කළමනාකරු වශයෙන් සේවය කළෙමි.මාර්ග සංවර්ධන අධිකාරියට අයත් වූ මෙම B ශ්‍රේණියේ මාර්ගය කිමි 30 ක මිනිපේ යෝදඇලේ Bunt එක මත ඉදිවූ මාර්ගයකි.

    මා කාර්‍යාලයේ සේවය කළ එක් දිනක අපූර්ව සිදුවීමකට මුහුණ දීමට සිදුවිය.මෙම මාර්ගයේ කිමී 10 කොටසක් W & K සමාගමට උප කොන්ත්‍රාත්තුවක් ලබා දී තිබුන අතර එම සමාගමෙි අයිතිකරු දුරකථනයෙන් මට පවසා සිටියේ ඔහුගේ ව්‍යාපෘති කළමනාකරු සමඟ මා හමුවීමට පැමිණෙන බවයි.
    පැයකට පසුව දෙදෙනෙකු කාමරයට ඇතුළු විය.පුදුමයකි! ඔහුගේ ව්‍යාපෘති කළමනාකරු වූයේ ආනන්ද සහෝදරයාය.පුදුමයෙන් මෙන් මා දෙස බැලු ඔහු " ආ මල්ලි උඹද මෙතන ඉන්නේ " කියමින් වාඩිවිය.

    මා පුදුමයට පත්වීමට හේතුව වූයේ චීන සමාගමක ප්‍රධාන ඉංජිනේරුවරයා ලෙස ත්‍රිකුණාමලය මූතූර් මාර්ගයේ වැඩ කළ ඔහු උප කොන්ත්‍රාත් සමාගමට එකතුවූයේ ඇයි යන්නය.
    පසුව දැනගන්නට ලැබුනේ ඔහු අසනීපවීම නිසා කාලයක් ගෙදර සිටින විට එම සමාගමේ අයිතිකරුගේ දැඩි ඉල්ලීම නිසාම මෙහි ආ බවය.

    Contract agreement අත්සන් කර අවශ්‍ය ලිය කියවිලි ලබා ගැනීමෙන් අනතුරුව ඔහු මෙසේ පැවසීය.
    "මල්ලි අපි යමුද චුට්ටක් දවල්ට කාලා එන්න".ඔහුගේ ඉල්ලීමට එකගවී එක්තරා සුපිරි හෝටලයක් වෙත ගියේ දිවා ආහාරය සඳහායි.

    පොඩි Shot එකක් ගහලම කමු නේදැයි මගෙන් විමසූවත් දවල්ට මත්පැන් බොන පුරුද්දක් මා තුළ නොවූ නිසා මම එය ප්‍රතික්ෂේප කලෙන් ඔහු එක Shot එකක් ගෙන කෑම කන්නට එකතුවිය.

    සමාගමෙි අයිතිකරු මගෙන් ඉල්ලාසිටියේ ඔහුට මත්පැන් නොදෙන පොරොන්දුව මත ඔහු රැගෙන ආ නිසා Party වලට ආරාධනා නොකරන ලෙසයි.ඒ නිසා මා එහි සිටි අවුරුද්දක කාලය තුල එක් වතාවකදී පමණක් මම ඔහු සමඟ මත්පැන් සාදයක⁣ට එකතු විය.
    නමුත් ඔහු තනියම බීම නැවත්වූයේ නැත.එය ඔහුගේ අවසානයට හේතුවූවා යයි මම සිතමි.

    ඔහු ත්‍රිකුණාමලය මූතූර් මාර්ගයේ වැඩ කරන අවධියේ මම ත්‍රිකුණාමලය ,කුච්චවේලි මාර්ග ව්‍යාපෘතියක ව්‍යාපෘති කළමනාකරු ලෙස සේවය කළේය.දිනක් ඔහු හමුවීමට ඔහුගේ නවාතැනට ගියෙමි.එදින ඔහුගේ බිරිඳ චාන්දනී ද පැමිණි සිටි අතර මත්පැන් සාදයක්ද විය.සාදයට අවශ්‍ය මස් කිසිවක් නොතිබුණු නිසා ඔහු පිටව ගොස් ආපසු පැමිණියේ මස් ලැබුන බව පවසමිනි.එදින පෝය දිනයක් බැවින් මස් කඩ වසා තිබුණි.පසුව දැනගන්නට ලැබුනේ ඔහු ඉබ්බෙක් මරා මස් රැගෙන ආ බවයි.ඔහු ඒ බව පවසා සිටියේ අප කෑම කා අවසන් වූ පසුවය.

    මෙම සිදුවීම් පවසන්නේ ඔහුට අපහාස කිරීමට නොවේ.ඔහුගේ දුර්වලතා නිසා ඔහුට ඔහුගේ අවසානය ලඟාවූ බව පැවසීමටය.ඒ නිසා ඔහු තුළ තිබූ මානසික ගුණාංග පසුකාලීනව යටපත් වී ඔහු බේබද්දෙකු ලෙස හංවඩු ගැසීමය.ඉතාම දක්ෂ බුද්ධිමත් නිර්මාණශීලී ඉංජිනේරුවරයෙක් වූ ඔහුගේ වෘත්තිය සහ ජීවිතය අවසන් වුවත් ඔහු තවමත් අපිට ආනන්ද අය්යාය.ඔහුට දෙවි මිනිස් සැප කෙළවර අමා මහ නිවන් සැප ලැබේවා

    ReplyDelete
  16. ආනන්ද සහොදරයා අවසන් රැකියාව කළේ මා සමඟය.ඒ 2013- 2014 කාලයේය.එකල මම හසලක හඳුන්ගමුව මාර්ගය ඉදිකිරීම් ව්‍යාපෘතියේ ව්‍යාපෘති කළමනාකරු වශයෙන් සේවය කළෙමි.මාර්ග සංවර්ධන අධිකාරියට අයත් වූ මෙම B ශ්‍රේණියේ මාර්ගය කිමි 30 ක මිනිපේ යෝදඇලේ Bunt එක මත ඉදිවූ මාර්ගයකි.

    මා කාර්‍යාලයේ සේවය කළ එක් දිනක අපූර්ව සිදුවීමකට මුහුණ දීමට සිදුවිය.මෙම මාර්ගයේ කිමී 10 කොටසක් W & K සමාගමට උප කොන්ත්‍රාත්තුවක් ලබා දී තිබුන අතර එම සමාගමෙි අයිතිකරු දුරකථනයෙන් මට පවසා සිටියේ ඔහුගේ ව්‍යාපෘති කළමනාකරු සමඟ මා හමුවීමට පැමිණෙන බවයි.
    පැයකට පසුව දෙදෙනෙකු කාමරයට ඇතුළු විය.පුදුමයකි! ඔහුගේ ව්‍යාපෘති කළමනාකරු වූයේ ආනන්ද සහෝදරයාය.පුදුමයෙන් මෙන් මා දෙස බැලු ඔහු " ආ මල්ලි උඹද මෙතන ඉන්නේ " කියමින් වාඩිවිය.

    මා පුදුමයට පත්වීමට හේතුව වූයේ චීන සමාගමක ප්‍රධාන ඉංජිනේරුවරයා ලෙස ත්‍රිකුණාමලය මූතූර් මාර්ගයේ වැඩ කළ ඔහු උප කොන්ත්‍රාත් සමාගමට එකතුවූයේ ඇයි යන්නය.
    පසුව දැනගන්නට ලැබුනේ ඔහු අසනීපවීම නිසා කාලයක් ගෙදර සිටින විට එම සමාගමේ අයිතිකරුගේ දැඩි ඉල්ලීම නිසාම මෙහි ආ බවය.

    Contract agreement අත්සන් කර අවශ්‍ය ලිය කියවිලි ලබා ගැනීමෙන් අනතුරුව ඔහු මෙසේ පැවසීය.
    "මල්ලි අපි යමුද චුට්ටක් දවල්ට කාලා එන්න".ඔහුගේ ඉල්ලීමට එකගවී එක්තරා සුපිරි හෝටලයක් වෙත ගියේ දිවා ආහාරය සඳහායි.

    පොඩි Shot එකක් ගහලම කමු නේදැයි මගෙන් විමසූවත් දවල්ට මත්පැන් බොන පුරුද්දක් මා තුළ නොවූ නිසා මම එය ප්‍රතික්ෂේප කලෙන් ඔහු එක Shot එකක් ගෙන කෑම කන්නට එකතුවිය.

    සමාගමෙි අයිතිකරු මගෙන් ඉල්ලාසිටියේ ඔහුට මත්පැන් නොදෙන පොරොන්දුව මත ඔහු රැගෙන ආ නිසා Party වලට ආරාධනා නොකරන ලෙසයි.ඒ නිසා මා එහි සිටි අවුරුද්දක කාලය තුල එක් වතාවකදී පමණක් මම ඔහු සමඟ මත්පැන් සාදයක⁣ට එකතු විය.
    නමුත් ඔහු තනියම බීම නැවත්වූයේ නැත.එය ඔහුගේ අවසානයට හේතුවූවා යයි මම සිතමි.

    ඔහු ත්‍රිකුණාමලය මූතූර් මාර්ගයේ වැඩ කරන අවධියේ මම ත්‍රිකුණාමලය ,කුච්චවේලි මාර්ග ව්‍යාපෘතියක ව්‍යාපෘති කළමනාකරු ලෙස සේවය කළේය.දිනක් ඔහු හමුවීමට ඔහුගේ නවාතැනට ගියෙමි.එදින ඔහුගේ බිරිඳ චාන්දනී ද පැමිණි සිටි අතර මත්පැන් සාදයක්ද විය.සාදයට අවශ්‍ය මස් කිසිවක් නොතිබුණු නිසා ඔහු පිටව ගොස් ආපසු පැමිණියේ මස් ලැබුන බව පවසමිනි.එදින පෝය දිනයක් බැවින් මස් කඩ වසා තිබුණි.පසුව දැනගන්නට ලැබුනේ ඔහු ඉබ්බෙක් මරා මස් රැගෙන ආ බවයි.ඔහු ඒ බව පවසා සිටියේ අප කෑම කා අවසන් වූ පසුවය.

    මෙම සිදුවීම් පවසන්නේ ඔහුට අපහාස කිරීමට නොවේ.ඔහුගේ දුර්වලතා නිසා ඔහුට ඔහුගේ අවසානය ලඟාවූ බව පැවසීමටය.ඒ නිසා ඔහු තුළ තිබූ මානසික ගුණාංග පසුකාලීනව යටපත් වී ඔහු බේබද්දෙකු ලෙස හංවඩු ගැසීමය.ඉතාම දක්ෂ බුද්ධිමත් නිර්මාණශීලී ඉංජිනේරුවරයෙක් වූ ඔහුගේ වෘත්තිය සහ ජීවිතය අවසන් වුවත් ඔහු තවමත් අපිට ආනන්ද අය්යාය.ඔහුට දෙවි මිනිස් සැප කෙළවර අමා මහ නිවන් සැප ලැබේවා

    ReplyDelete
  17. ආනන්ද සහොදරයා අවසන් රැකියාව කළේ මා සමඟය.ඒ 2013- 2014 කාලයේය.එකල මම හසලක හඳුන්ගමුව මාර්ගය ඉදිකිරීම් ව්‍යාපෘතියේ ව්‍යාපෘති කළමනාකරු වශයෙන් සේවය කළෙමි.මාර්ග සංවර්ධන අධිකාරියට අයත් වූ මෙම B ශ්‍රේණියේ මාර්ගය කිමි 30 ක මිනිපේ යෝදඇලේ Bunt එක මත ඉදිවූ මාර්ගයකි.

    මා කාර්‍යාලයේ සේවය කළ එක් දිනක අපූර්ව සිදුවීමකට මුහුණ දීමට සිදුවිය.මෙම මාර්ගයේ කිමී 10 කොටසක් W & K සමාගමට උප කොන්ත්‍රාත්තුවක් ලබා දී තිබුන අතර එම සමාගමෙි අයිතිකරු දුරකථනයෙන් මට පවසා සිටියේ ඔහුගේ ව්‍යාපෘති කළමනාකරු සමඟ මා හමුවීමට පැමිණෙන බවයි.
    පැයකට පසුව දෙදෙනෙකු කාමරයට ඇතුළු විය.පුදුමයකි! ඔහුගේ ව්‍යාපෘති කළමනාකරු වූයේ ආනන්ද සහෝදරයාය.පුදුමයෙන් මෙන් මා දෙස බැලු ඔහු " ආ මල්ලි උඹද මෙතන ඉන්නේ " කියමින් වාඩිවිය.

    මා පුදුමයට පත්වීමට හේතුව වූයේ චීන සමාගමක ප්‍රධාන ඉංජිනේරුවරයා ලෙස ත්‍රිකුණාමලය මූතූර් මාර්ගයේ වැඩ කළ ඔහු උප කොන්ත්‍රාත් සමාගමට එකතුවූයේ ඇයි යන්නය.
    පසුව දැනගන්නට ලැබුනේ ඔහු අසනීපවීම නිසා කාලයක් ගෙදර සිටින විට එම සමාගමේ අයිතිකරුගේ දැඩි ඉල්ලීම නිසාම මෙහි ආ බවය.

    Contract agreement අත්සන් කර අවශ්‍ය ලිය කියවිලි ලබා ගැනීමෙන් අනතුරුව ඔහු මෙසේ පැවසීය.
    "මල්ලි අපි යමුද චුට්ටක් දවල්ට කාලා එන්න".ඔහුගේ ඉල්ලීමට එකගවී එක්තරා සුපිරි හෝටලයක් වෙත ගියේ දිවා ආහාරය සඳහායි.

    පොඩි Shot එකක් ගහලම කමු නේදැයි මගෙන් විමසූවත් දවල්ට මත්පැන් බොන පුරුද්දක් මා තුළ නොවූ නිසා මම එය ප්‍රතික්ෂේප කලෙන් ඔහු එක Shot එකක් ගෙන කෑම කන්නට එකතුවිය.

    සමාගමෙි අයිතිකරු මගෙන් ඉල්ලාසිටියේ ඔහුට මත්පැන් නොදෙන පොරොන්දුව මත ඔහු රැගෙන ආ නිසා Party වලට ආරාධනා නොකරන ලෙසයි.ඒ නිසා මා එහි සිටි අවුරුද්දක කාලය තුල එක් වතාවකදී පමණක් මම ඔහු සමඟ මත්පැන් සාදයක⁣ට එකතු විය.
    නමුත් ඔහු තනියම බීම නැවත්වූයේ නැත.එය ඔහුගේ අවසානයට හේතුවූවා යයි මම සිතමි.

    ඔහු ත්‍රිකුණාමලය මූතූර් මාර්ගයේ වැඩ කරන අවධියේ මම ත්‍රිකුණාමලය ,කුච්චවේලි මාර්ග ව්‍යාපෘතියක ව්‍යාපෘති කළමනාකරු ලෙස සේවය කළේය.දිනක් ඔහු හමුවීමට ඔහුගේ නවාතැනට ගියෙමි.එදින ඔහුගේ බිරිඳ චාන්දනී ද පැමිණි සිටි අතර මත්පැන් සාදයක්ද විය.සාදයට අවශ්‍ය මස් කිසිවක් නොතිබුණු නිසා ඔහු පිටව ගොස් ආපසු පැමිණියේ මස් ලැබුන බව පවසමිනි.එදින පෝය දිනයක් බැවින් මස් කඩ වසා තිබුණි.පසුව දැනගන්නට ලැබුනේ ඔහු ඉබ්බෙක් මරා මස් රැගෙන ආ බවයි.ඔහු ඒ බව පවසා සිටියේ අප කෑම කා අවසන් වූ පසුවය.

    මෙම සිදුවීම් පවසන්නේ ඔහුට අපහාස කිරීමට නොවේ.ඔහුගේ දුර්වලතා නිසා ඔහුට ඔහුගේ අවසානය ලඟාවූ බව පැවසීමටය.ඒ නිසා ඔහු තුළ තිබූ මානසික ගුණාංග පසුකාලීනව යටපත් වී ඔහු බේබද්දෙකු ලෙස හංවඩු ගැසීමය.ඉතාම දක්ෂ බුද්ධිමත් නිර්මාණශීලී ඉංජිනේරුවරයෙක් වූ ඔහුගේ වෘත්තිය සහ ජීවිතය අවසන් වුවත් ඔහු තවමත් අපිට ආනන්ද අය්යාය.ඔහුට දෙවි මිනිස් සැප කෙළවර අමා මහ නිවන් සැප ලැබේවා

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.