Friday 11 November 2016

ඉස්කෝලේ ගිය කාලේ තවත් කතාවක් - How to draw an umbrella


හෝඩියේ පන්තියේ දී ගල්ලෑල්ලක අඳින ලද මිනිස් බල්ලෙකු සහ බලු මිනිසෙකු ගැන ලියවුණු ලිපියේ මා සඳහන් කළ අත්දැකීම ලැබූ කාලයේ මගේ වයස අවුරුදු පහමාරක් පමණ විය.

ඒ ලිපියට මා ලද ඇතැම් ප්‍රතිචාරවල ලියවී තිබුණු ආකාරයට, වයස අවුරුදු පහක් යනු බලි රූප චිත්‍ර අඳින, අකුරු හකුරු සේ ලියන ළමා කාලයක් යැයි සමහරු නොදැනුවත්කම නිසා දෝ සිතන බව පෙනුණි.

එවැනි නොදැනුවත්කමකට හේතුව, සමහර විට ස්මරණ ශක්තියේ අඩුවක් නිසා, තමා ගේ ජීවිතයේ ඒ කුඩා කාලය මේ වන විට අමතක වී ගොස් තිබීම විය හැක. එසේ නොමැතිනම්, ඒ ලිපියේ සඳහන් සිදුවීම සත්‍යයක් නොව, මා කළ නිර්මාණයකැයි පුන පුනා තර්කයේ නිරතවෙන අය ගේ ළමා කාලය මගේ ළමා කාලය තරම් සාර්ථක ඒවා නොවන්නට ඇත.

කෙසේ වෙතත්, ඒ බලු මිනිස් රූපවල ඓතිහාසික පසුබිම ගැන ද මම පසුව ලියුවෙමි. ලියූ තවත් කථාවක් පළ කරන්නට ද ඇත.

එදා හෝඩියේ පන්තියේ දී අප අකුරු ලීවේ, චිත්‍ර ඇන්දේ ගල්ලෑල්ල නම්, මෙකල ඇති "අයි-පෑඩ්" යනාදී ඉලෙක්ට්‍රොනික මෙවලමේ මුල් අදියරේ උපකරනක් මත, ගල්කූර නමැති, මෙකල "ස්ටයිලස්" නමින් හැඳින්වෙන මෙවලමේ මුල් අදියරේ, උපකරනයෙනි. ඉලෙක්ට්‍රොනික පෑඩයක් මත ස්ටයිලසයකින් රේඛා චිත්‍රයක් ඇඳීම පහසු වැඩකි. නිසි උපදෙස් ලද විට, එවැනි චිත්‍ර අපට එකල ගල්ලෑලි මත ගල්කූරෙන් ඇඳිය හැකි විය.

හෝඩියේ පන්තියේ සිත්තරාවිය කථාවේ මා කීවේ ද එවැනි චිත්‍ර පාඩමක් ගැනයි.

කාගෙන් උගත්තේ දැයි අද මට අමතකමුත්, මා එකල ආශාවෙන් ඇඳි තවත් එක් චිත්‍රයක් වූයේ කුඩයකි. රේඛා කිහිපයක් මගින් සරලව ඒ චිත්‍රය අඳින්නේ මෙසේ ය.

මුලින් ම අර්ධ වෘත්තයක් ඇඳ එය කොටස් කිහිපයකට බෙදෙන ලෙස චාප කිහිපයක් අඳින්න.


දැන් ඒ චාප යනු කුඩයේ නන ලෙස සලකා, කුඩ රෙද්ද අඳින්න.


ඊළඟට, කුඩයේ මිට ඇතුළු අනෙකුත් කොටස් ඇඳ සම්පූර්ණ කරගන්න.


එදා ගල්ලෑල්ලේ ගල්කූරෙන් අඳින විට කළ නොහැකි වුව ද, අද පෑඩයක් මත, ස්ටයිලසයකින් අඳින විට හෝ මා මෙහි දී කළ ආකාරයට පරිගණක තිරය මත මූසිකයක් ආධාරයෙන් අඳින විට දී හෝ ඔබට අවශ්‍ය නම් මේ කළු කුඩය, පාට පාට කුඩයක් බවට පත් කර ගත හැක!


ළමා කාලයේ මෙවැනි චිත්‍රයක් ඇඳීමට හැකිවීම යනු උස් මහත් වූ විට රටේ ලෝකේ ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියෙකු වීමේ පෙර නිමිත්තක් ලෙස වරදවා වටහා ගත යුතුව නැත.

අතීතයේ අප දැක ඇති කුමන දෙයක් වුව ද චිත්‍රයට නැගුවත්, අපට කළ නොහැකි දෙයක් වනුයේ අනාගතය චිත්‍රයට නැගීමයි.

එදා මට මුහුදු වෙරළක දර්ශනයක් සහ චීත්ත මෝස්තරයක් යන චිත්‍ර ඇඳීමට ඉගැන්වූ ගෑල්ළමයා අද විශේෂඥ වෛද්‍යවරියකි.

ඇගෙන් ඉගෙන ගෙන හෝ හැකි පමණින් චිත්‍ර ඇඳි මම, උදේ සවස දුම්රියේ යනෙන විට පරිගණකයක අකුරක් දෙකක් කොටා බ්ලොග් ලියනා අර්ධකාලීන බ්ලොග්කරුවෙක් මි. එසේ ම, කාර්යාලයක පුටුවක වාඩිවී භගන්දරා මල් වවමින්, පරිගණක තිරයකට අනිමිසලෝචන පූජා පවත්වන පූර්ණකාලීන මැවිසුරුවෙක් මි.

-රසිකොලොජිස්ට්

(image: http://www.objectlessons.org/childhood-and-games-victorians/school-slate--pencil-victorian-original/s67/a1016/)

22 comments:

  1. 1973 එක වසරේදී කපිල ජාසිංහත් අනුර කුමාරසිරිත් මා සමග උරණව ගෝරියට ආහ​. ටිකිරි නමුත් මොවුන් පහර දීමට පැමිනෙන ලීලාව දුටු මා වහාම අනුර කුමාරසිරිව තල්ලු කලෙමි. ඔහු සීසෝව අසලදී ඇද වැටුනේය​. කපිල ජාසිංහ ශරීර ප්‍රමාණයෙන් කුඩා අයෙකි. එම නිසා මම ඔහුට පා පහරක් දී පන්තියට දුව ගියෙමි. පන්තියේ අබේකෝන් ටීච සිටියාය​. මම අඞමින් කපිල ජාසිංහත් අනුර කුමාරසිරිත් මට සෙල්ලම් පිට්ටනියේදී පහර දුන් බව කීවෙමි. අබේකෝන් ටීච මොවුන් දෙදෙනා ගෙන්වා එක් අයෙකුගේ අත්ලට අඩි රූල් පාර බැගින් දුන්නේය​. මම කඳුළු අතරින් ඔවුන් දෙස බලමින් සිනාසුනෙමි. අනුර කුමාරසිරි වර්තමානයේ ඩුබායි හි විධායක රැකියාවක් කරයි.

    ReplyDelete
    Replies
    1. මං නං කවදාකවත් මා ගිය පාසල් තුනේ දී ම, ළමුන් සමග රණ්ඩුවකට පැටලී ගහගෙන නෑ.

      රණ්ඩු වෙලා ගහගෙන තියෙන්නේ ගෙදර දී මල්ලිලා දෙන්නා එක්ක විතරයි!

      Delete
    2. අර නළලේ තියන කැළල කොටු පනින්න ගිහින් ගුටි කාපු එකක් නේද

      Delete
    3. මට නම් එහෙම කැළලක් පේන්නේ නෑ. ඔබට පේනවා නම් ඒ "බඹා කෙටූ කැළල" විය යුතුයි!

      Delete
  2. සිහල බොදුනුවන්ගේ බැති හැඟුමට සවන් යොමා
    ජාතිකවාදී මහින්ද ගරු මැතිඳාගේ ආශිර්වාදයද ලබා
    තිස්තුන් කෝටියක් සම්‍යක් දෘෂ්ටික දෙවිඳුන් එකතු වෙලා
    තිසරණ බෙලෙන් ට්‍රම්ප් පුතා ලොව දිනා අබිසෙස් කළා

    රට දැය ගැන හිතැති මහින්ද ගරු මැතිඳු වාගේමයි ට්‍රම්ප් පුතා
    ගෝඨාභය ගරු මැතිඳු වාගේ නිර්භීත සිංහයෙකි ට්‍රම්ප් පුතා
    විමල් වීරවංශ ගරු මැතිඳු වාගේ ඔහුගෙත් කට සැරය ඉතා
    අපෙත් ආයු ගෙන ලොව දිගු කල් වැජඹෙන්න අදරැති ට්‍රම්ප් පුතා

    නැති මුත් ප්‍රතාපවත් උඩු රැවුල ඔහු එඩිතර කේසර සිංහ රාජයෙකි
    ගැහැනියට ලොව උරුම නියම තැන කියාදුන් සැබෑ පිරිමියෙකි
    අප ගෝඨාභය මැතිඳා මෙන්ම පෞරුෂයෙන් පිරි මහ ඉන්ද්‍රකීලයකී
    සිංහල බොදුනුවන්ගේ පුදටම නිසි මහ සක්විති රාජයෙකී

    ගෝඨාභය මැතිදා මතු මේ පින් බිම යළි රජ කරන දිනේ
    රම්ප් පුතාගේ ආශිර්වාදයයි ඔහුටත් නිබඳව පිහිට වුණේ
    අමරදේව ජාතියේ ගාන්ධර්වයා මළවුන්ගෙන් යළි නැඟිට ගෙනේ
    ගෝඨාභය මැතිදාට ජය පතා ගීත ගයනු මට මැවී පෙනේ

    මීට, කුමාර දිප්පිටිය මයා
    ගරු ලේකම්,
    තරුණ බෞද්ධ සංගමය,
    කොතලාවලපුර
    රත්මලාන.

    ReplyDelete
    Replies
    1. ඇයි කොරියා වේ සිටින රුචිර ජාතිවාදී පුතා ගැන ලියලා නැත්තේ?

      Delete
    2. රසික පුතේ, කොරියාවේ ඉන්නා රුචිර ජාතිකවාදී පුතා ගැන විමසීම ගැන බොහොම පින්.

      රුචිර ජාතිකවාදී පුතා කොරියාවේ හිඳ සිහල බොදු සසුන රැකීම පිණිසත් ගෝඨාභය ගරු මැතිඳා අනාගත ශ්‍රී ලංකාවේ ජනාධිපති කිරීම පිණිසත් වාමවාදී ගල්කන්දේ ධම්මානද වැනි සුනඛයින් සමඟ නිබඳ ගැටෙමින් කොරියාවේ සිටම නොමඳ මෙහෙයක් ඉටු කරමින් සිටියි. ගෝඨාභය ගරු මැතිඳා නාථ දෙවිඳුන්ගේ බලයෙන් රටේ නායකත්වයට පැමිණි පසුව ඔහුට සේවය කිරීම පිණිස ඔහු මෙරටට පමිණෙනු ඇත. එතෙක් ඔහු ඔහුගේ තනි සටන කොරියාවේ සෝල් නුවර සිට සිය බ්ලොග් හා ෆේස්බුක් ඔස්සේ කරනු ඇත.

      එවැනි පුතකු හැම අප්පච්චී කෙනෙකුටම මහා සම්පතකි.

      මීට, කුමාර දිප්පිටිය මයා
      ගරු ලේකම්,
      තරුණ බෞද්ධ සංගමය,
      කොතලාවලපුර
      රත්මලාන.

      Delete
    3. ජාතිවාදී රුචිරට කොරියාවේ ම සදාකල් ඉන්න ලැබේවායි ඉත සිතින් පතමි!

      රුපියල් වගේ ද වොන්?

      Delete
  3. අපිනං ගල්කූරු ගල්ලෑලි පාවිච්චි කළේ මොන්ටිසෝරියෙදි විතරයි මට මතක හැටියට.
    පාට හුණුකූරු වලින් ඕනනං ගල්ලෑල්ලෙ ඇඳපු එක උනත් කලර් කරන්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. දැන් ඉතිං රවි-රනිල් දෙන පෑඩ් එකේ ම ෂඩ් වර්ණයෙන් අඳින්න බැරියැ?

      Delete
  4. ගල්ලෑලි, අපේ කාලෙ වෙද්දි නං අභාවයට ගිහිල්ල තිබුනෙ. හැබැයි ගල්ලෑලි ගල්කූරු කෑලි නං ගෙදර තිබුන. තාත්තලා බාප්පලා පාවිච්චි කරපු.

    ReplyDelete
    Replies
    1. ගල්ලෑලි, ගල්කූරු හරියට පාවිච්චි කරනවා කියන්නේ කෑල්ලක්වත් ඉතුරු වෙන්නේ නෑ!

      Delete
  5. චිත්‍ර නම් ඇති තරම් ඇඳ රටට දැයට හිතකාමී සර්ව සම්පුරන මිනිසෙකු බිහිකිරිමෙ හිනය දකින්නේ ගුරුවරු පමණක් වෙන්න ඇති

    ReplyDelete
    Replies
    1. මගේ මල්ලී නම් දැන් පාසලේ චිත්‍ර උගන්නවා, අහලා බලන්නම් පොර ගේ ගුරු අරමුණු!

      Delete
  6. මම ඉස්සර ආසාවෙන ඇඳපු චිත්‍ර දෙකක් තිබුණා... එකක් තමයි හිතුමතේ කොලේ පුරා තනි පැන්සල් ඉරක් වංගු දාගෙන ඇඳගෙන ඇඳගෙන ගිහින් ඉන්පස්ස් හැදෙන කෑලි විවිධ පාටෙන් පාට කරපු එක....
    අනික කොළේ මැදින් හරි තනි ඉරක් ඇඳලා උඩ රතු පාටිනුත් යට කළු පාටිනුත් පාට කරලා බංකුවකුයි පොල් ගහකුයි ඇඳලා තනි ඉරට උඩින් ඉර බහින හැටි ඇඳලා හැන්දෑවේ මුහුදු වෙරලක් කියලා නම් කරපු එක.
    ඔය චිත්‍ර දෙක හැර වෙනත් චිත්‍ර මං ඇඳලා නෑ ප්‍රයිමරියෙන් පස්සෙ

    ReplyDelete
    Replies
    1. මේ චිත්‍ර දෙක සමානයි මට හෝඩියේ පන්තියේ සිත්තරාවිය කියා දුන්නු චීත්ත මෝස්තරයක් සහ මුහුදු වෙරළක දර්ශනයක් චිත්‍ර දෙකට.

      http://rasikalogy.blogspot.com/2016/04/written-in-heart.html

      එකම වෙනස එදා අපි ඇන්දේ කළු-සුදු රේඛා චිත්‍ර.

      Delete
  7. @රසික පුතේ,

    අපේ කොරියාවෙ ඉන්නා රුචිර ජාතිකවාදී පුතා ට්‍රම්ප් පුතාගේ ජයග්‍රහණය ගැන සතුට පළ කොට ඊ-මේලයක් එවා තිබේ. පුතාගේ චිත්තප්‍රීතිය පිණිස එය මෙසේ පළ කරමි.

    මීට, කුමාර දිප්පිටිය මයා
    ගරු ලේකම්,
    තරුණ බෞද්ධ සංගමය,
    කොතලාවලපුර
    රත්මලාන.


    ගරු ජාතිකවාදී අප්පච්චි වෙතටයි,

    හෙළ බොදු ඇමෙරිකන් දේසයේ පැවැත්වූ ජනාධිපතිවරණයෙන් අර හිලරි කියන අවජාතක වේස ගෑනි පරදවා අපේ ජාතිකවාදී ට්‍රම්ප් අන්කල්ම ජයග්‍රහණය කිරීම අප්පුච්චාට මහාර්ඝ පුවතක් බව දන්නවා. ජැකා අන්කල්ට අනුව බුදුරජානන් වහන්සේගේ ශාක්‍ය පරපුරෙන්ම පැවත එන ට්‍රම්ප් අන්කල් බලයට පත්වීම සකල ලෝක වාසී බෞද්ධයින්ට මහා සතුටුයි.

    ට්‍රම්ප් අන්කල් බලයට ආවත් නැතත් ඔය වේස ගෑනු බලයට එනවාට මම දැඩිව විරුද්ද බව අප්පච්චි දන්නවා නේද? ගෑනුන්ට උරුම කුස්සියයි. හෙළ බොදු සංස්කෘතිය අනුව උන්ට වෙන මොකෝවත් උරුම නෑ. අනාගතයේ මම කසාද බැඳපු දවසක උනත් අප්පච්චි ඒක අකුරටම පිළිපදිනවා. සිංගල් ඉන්කම් එකකින් ඉන්න කොයි තරම් අමාරු වුණත් ගෑනිව රස්සාවට යවලා හම්බ කරන් කන්න ධීර වීර සිංහලයකු හැටියට මට පුළුවන් කමක් නැහැ. මගේ ගෑනි ඉන්න ඕනෑ ළමයින් බලාගෙන උයා පිහාගෙන ගෙදරයි. ඒකයි අප්පච්චි හෙළ බොදු සංස්කෘතිය. මම දිවි පුදා ඒ සංස්කෘතිය රකිනවා රකිනවා මයි.

    අප්පච්චි ඇත්තටම ඔය රටේ ඉන්න පුත්තලම් බූරුවන්ට මොළේ කොලොපන්නද? මුළු ලෝකේම ජාතිකවාදී ආණ්ඩු වලින් ගේම ඉල්ලපු වේස ගෑනියෙන් පැරදිලා බෝ පැලයක් වගේ ඉන්න නිව්ට්ටල් ට්‍රම්ප් අන්කල් දින්නාම දැන් යහපාලන බයිලා කියවනවා. ශාන්තිවාදී නිව්ට්ටල් ට්‍රම්ප් අන්කල් යටතේ මුළු ලෝකයේම සාමය ඇති වී ලෝකයටම ශාන්තියක් උදාවෙන බව මට ඉරහඳ වගේ විශ්වාසයි.

    අම්මාවයි නංගිලාවයි මතක් කළා කියන්න.

    අපච්චීටත් පවුලේ සැමටත් මහින්ද මැතිඳාගේ හා ගෝඨාභය මැතිඳාගේ සරණයි.

    ආදරණීය පුතා,

    රුචිර ජාතිකවාදී දිප්පිටිය
    සෝල්, කොරියාව

    ReplyDelete
    Replies
    1. ජාතිවාදී රුචිරට කොරියාවේ ම සදාකල් ඉන්න ලැබේවායි ඉත සිතින් පතමි!

      රුපියල් වගේ ද වොන්?

      Delete
  8. 98 ඉපදුනේ... ගල් ලෑලි, ගල් කූරු භාවිතා කරලා අත්දැකීම් නන් නෑ... ලිපියට ස්තූතියි ...

    ReplyDelete
    Replies
    1. කමක් නෑ, ටැබ් එකක, ස්ටයිලස් එකකින් රූප අඳින්නට ලැබෙයි නේ!

      Delete
  9. මෙච්චර හොඳට කුඩ අඳින්න පුළුවන් ක්‍රමයක්.

    ReplyDelete
    Replies
    1. පාට කුඩ,
      පරණ කුඩ
      පට්ට කුඩ
      පංචායුධ කුඩ

      ඕනෑ කුඩයක් මේ විදියට අඳින්න පුළුවනි!

      Delete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.