Thursday 17 November 2016

අමරදේව, නන්දා මාලනී, වික්ටර් රත්නායක සහ රසික ඔබ! (හැම දෙනාගේ ම කියවීම පිණිස නොවේ) - WARNING: Not for general consumption


ඉංග්ලිෂ් භාෂාවෙන් සර් කියන්නේ මහත්මයා යන්නටයි. සැවොම එකිනෙකා "මේට්" වශයෙන් හෝ මුල් නමින් අමතන ඉගලිටේරියන් සමාජයක් ඇති ඕස්ට්‍රේලියාවේ දී වුව, සේවා සපයන ස්ථානයකට ගිය හෝ දුරකථනයෙන් එවැනි සේවාවකට ඇමතූ හෝ ඒ වැනි අවස්ථාවලදී මේ සර් පදයෙන් අමතනු අසා ගත හැකි ය.

ලංකාවේ දී බොහෝ විට සර් කියා අමතන්නේ පාසල් සිසුන් විසින් තම ගුරුවරුන්ට බව අපි දනිමු. ගුරුවරුන් අතර ද එකිනෙකා ඇමතීමට ද සර් යන පදය භාවිතා කෙරෙනු මා අසා ඇත.

ඊට අමතරව, සේවා ස්ථානවල, සේවා සැපයෙන ආයතනවල, දුරකථනයෙන් පාරිභෝගික කටයුතු සඳහා කතා කරද්දී වැනි අවස්ථාවලදී සර් වචනය භාවිතා වේ.

මීට මාසය කිහිපයකට පෙර නන්දා මාලනී සහ වික්ටර් රත්නායක ගේ ද්වි පුද්ගල සංගීත ප්‍රසංගයක් සිනුවර දී පැවැත්වුණු අතර, ඉතා කණගාටුවෙන් වුව ද, මට එයට සහභාගීවීමට සිදුවිය.

ඒ ප්‍රසංගයේ දී නන්දා මාලනී, අමරදේව පිළිබඳව සඳහන් කළ දෙතුන් වතාවේ දී ම ඔහු හැඳින්වූයේ "අමරදේව සර්" යනුවෙනි. මීට පෙර නන්දා මාලනී ගේ සංගීත ප්‍රසංග නැරඹීමට මා ගිය තෙවතාවේ දී ම (2000, 2005 සහ 2010) ඇය අමරදේව පිළිබඳව සඳහන් කළේ "අමරදේව සර්" යනුවෙන් බව මගේ මතකයයි.

නමුත්, ඉහත ප්‍රසංගයේ දී මෙන් ම, 2005 දී ද, වික්ටර් රත්නායක විසින් අමරදේව පිළිබඳව කතා කළේ ඔහුව "අමරදේව සූරීන්" ලෙස හඳුන්වමිනි.

නන්දා මාලනී ගේ "අමරදේව සර්" හැඳින්වීම, මා හඳුනා ගත්නේ, ඇය අමරදේව ගුරු තනතුරෙහි ලා සැලකීමක් ලෙසයි. එනම්, මෙහි දී සර් යන වචනය භාවිතා වෙන්නේ එහි මූලාශ්‍ර ඉංග්ලිෂ් තේරුම වන මහත්මයා යන අරතෙන් නොව ගුරුවරයා යන සිංග්ලිෂ් අරුතෙන් බවයි.

පාසල් දැරියක ලෙස ගුවන් විදුලියේ ළමා වැඩ සටහන්වල ගීත ගායනා කිරීමට පැමිණි නන්දා මාලනීගේ ගායන කුසලතාව ඔප් නංවා ගැනීමට, එවක ගුවන් විදුලියේ වාද්‍ය මණ්ඩල ප්‍රධානියා වූ අමරදේව විවිධ අවස්ථා උදා කර දුන් අයුරුත්, අවසානයේ අමරදේව විසින් සංගීත අධ්‍යක්‍ෂණය කළ රන්මුතුදූව චිත්‍රපටයේ පසුබිම් ගීත ගායනා කිරීමට තෝරා ගත් අයුරුත් නන්දා මාලනී විසින් විවිධ අවස්ථාවල කෘතවේදීව සඳහන් කර තිබන අයුරු මම කියවා ඇත්තෙමි.

එසේම, නන්දා මාලනී යනු අමරදේව ගේ ගුරු කුලයට අයත් ගායිකාවක් බව තවත් ස්ථිර කෙරෙන උදාහරණයක් ද ඇත.

එය නම්, අන් ගායක ගායිකාවන්ට සාපේක්‍ෂව අමරදේව සහ නන්දා මාලනී දෙදෙනා සංගීත ප්‍රසංගවලදී ශ්‍රාවකයින් අමතන ආකාරයයි.

මා කිහිප විටක් අසා ඇති පරිදි වික්ටර් රත්නායක සාමාන්‍යයෙන් සංගීත ප්‍රසංගවලදී ශ්‍රාවකයින් අමතන්නේ "රසික රසිකාවියන්" කියා ය.

"නංගිලා, මල්ලිලා, නැන්දලා, මාමලා" යනාදී වශයෙන් තමන් ගේ සනුහරයට ගී ගයන අය හැර අන් බොහෝ ගායක ගායිකාවන් ද භාවිතා කරන්නේ මේ "රසික රසිකාවියන්" යන යෙදුම යි.

නමුත්, අමරදේව මෙන් ම නන්දා මාලිනී ද මෙහි දී භාවිතා කරන්නේ "රසික ඔබ" යනුවෙනි. මෙහිදී "රසික" යන වචනය ඔවුන් යොදා ගන්නේ නිර්ලිංගික එනම් ජෙන්ඩර් නියුට්‍රල් ආකාරයට බව පෙනේ.

නමුත් නමින් රසික වන මට, ඇගේ ඒ "රසික ඔබ" යන කියමන ඇසෙන්නේ, දැනෙන්නේ මට ම කෙරෙන ඇමතුමක් ලෙස ය.

මා සහභාගී වූ නන්දා මාලනී ගේ පෙර ප්‍රසංගයවල දී ඇය "රසික ඔබ" යැයි පවසනු ඇසී එය මතකයේ රැඳී තිබුණු හෙයින් මම 2010 ප්‍රසංගයේ දී, මා හඳුනන කිහිප දෙනෙකුට, ඔන්න අද නන්දා මාලනී මා වෙනුවෙන් ගීතයක් ගයනවා යැයි පැවසීමි.

එය ඒ ලෙසම සිදුවිය.

ඇය දෙතුන් විඩක් ම "ඊළඟ ගීතය මා තෝරා ගත්තේ රසික ඔබ වෙනුවෙන්" යැයි කියා ගී ගැයුවා ය.

එපමණක් නොව මෙවර 2016 ප්‍රසංගයේ දී, "මීළඟ ගීතය ගායනා කිරීමේදී මා හා එක්වන ලෙස රසික ඔබෙන් මා ආදරයෙන් ඉල්ලා සිටිනවා" යැයි කී වෙලේ, "අන්න රසික ඔයාට කතා කරනවා!" යැයි අවට සිටි කිහිප දෙනෙකු මට කී නිසා මට අසුනෙන් නැගිට වේදිකාවට යන්නට ද මොහොතකට සිතුණි.

නමුත්, අමරදේව ගේ ප්‍රසංගයක දී (2005) සිදුවූයේ ඊට හාත්පසින්ම වෙනස් දෙයකි.

"පීනමුකෝ කළු ගඟේ" නම් ගීතය ගයන්නට පෙර ඒ ගැන යාන් හෑල්ලක් කියන්නට පටන් ගත් අමරදේව, එය ඇරඹුවේ මෙසේ කියමිනි.

"රසික ඔබට මතක ඇති වර්ෂ 1945 දී කොළඹ විශ්ව විද්‍යාලයේ පැවැත්වුණා ස්වර මේලා නම් සංගීත ප්‍රසංගයක්. ඒ සඳහා තමයි මා මුලින් ම...."

මගේ සැබෑ වයස අමරදේව නිසා හෙළි වූයේ එලෙස ය.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මා මුලින් ම කී පරිදි, මේ සටහන හැම දෙනාගේ ම කියවීම පිණිස නොවේ.

මා ලියා ඇති මේ පොදුවේ නොවැදගත් යැයි පෙනෙන කාරණා නිවැරදිව තේරුම් ගැනීමට හැක්කේ තවත් රසික නමැත්තෙකුට ම පමණක් යැයි සිතමි.

(images: various sources)

41 comments:

  1. දැන් තමයි නන්දා මාලිනීට අමරදේව සර් වෙන්නෙ. අසූ ගණන් වල දෙන්නා එකට කළ ශ්‍රවන ආරාධනා ප්‍රසංගයේ මොකද්දෝ පලහිලව්වක් නිසා (හෝ වෙනත් කාරණයක් නිසා - හරියටම මතක නැහැ.) දෙන්නා දෙපැත්තට වී කතා නොකර එකිනෙකාට මඩ ගසා ගනිමින් හිටියා කාලයක්. අවුරුදු ගාණක් කතා නොකර ඉඳලා පස්සෙ යාළු කළේ ගුණදාස ලියනගේ - කල්පනා පස් වස් සමරු උත්සවයේ ගීතය වෙනුවෙන්. කොහොම වුණත් ඒ කාලෙ මට මතකයි නන්දා මාලිනීගෙ ඔය දැන් තියෙන "ගුරු ගෞව්‍රවයෙන්" සීයෙන් එකක් වත් තිබුණෙ නෑ.

    ReplyDelete
    Replies
    1. හද්ද නාකි පොරක් වගේ.... රසිකගෙ මල්ලිද මන්දා... :)

      Delete
    2. මං නන්දා මාලනී ගේ සත්‍යයේ ගීතය නරඹා තියෙනවා 1982 දී විතර. එහිදී කෙසේ වෙතත්, මා නරඹා ඇති අන් සියළු ප්‍රසංගවලදී ඇය අමරදේව සර්ට ගැණ සඳහන් කළා, විශේෂයෙන් මට මතකයි ගලන ගඟකි ජීවිතේ ගයන්නට කලින්.

      මේ දෙන්නාම ඉස්සර සමසමාජකාරයෝ නේද?

      ෂෝ එකක් නිසා අමනාප වුණා නම් ඉතිං සල්ලි බෙදා ගන්න බැරුව විය යුතුයි!

      Delete
  2. Replies
    1. ආයිබෝ වේවා මහ රජාණෙනි කියන කොට රාජ්ට කොහොම හැඟීමක් එනවා ඇතිද?

      Delete
  3. ඇයි අර කණගාටුවෙන් සහභාගි උනේ

    ReplyDelete
    Replies
    1. ඇයි එතැන තියෙන හයිපර් ලින්ක් එක දැක්කේ නැද්ද?

      ඒ විස්තර පෙර කතාවක ලියා තියෙනවා. ඒ කතාව මෙතැනට සබ්බන්ධ කරලා තියෙනවා හයිපර් ලින්ක් එකකින්.

      Delete
    2. හයිපර්ලින්ක් එකක් කියන්නේ මොකද්ද?

      Delete
    3. @ Anonymous17 November 2016 at 15:21

      හයිපර්ලින්ක් කියන්නේ රසිකයා උගේ මංපොරත්වය පෙන්නන මන පහත උපක්‍රමයක්.

      Delete
    4. @ Anonymous 17 November 2016 at 15:21

      හයිපර්ලින්ක් එකක් කියන්නේ- වෙබ් පිටු දෙකක් එකට සම්බන්ධ කරන ලින්ක් එකකටයි. එක් පිටුවක වචනයක් හෝ චනග වැලකට වෙනත් පිටුවක ලිපිනය ඈඳීම මෙයින් අදහස් කෙරෙනවා. වචන වෙනුවට පින්තූරයක් හෝ පින්තූරයක කොටස් භාවිතා කරන්නත් පුලුවනි!

      පහත ඇති හයිපර්ලින්ක් දෙක හරහා වැඩි විස්තර දැන ගන්නට හැකියි.

      1. https://en.wikipedia.org/wiki/Hyperlink

      2. http://www.w3schools.com/TAgs/tag_a.asp

      Delete
    5. ඔය w3schools කියන්නෙ අජිත් පැරකුම් ගේ බ්ලොග් එකද?

      Delete
    6. අනුන්ට හයිපර් ලින්ක් දෙද්දි ටාගට් බ්ලෑන්ක් එක්ක දෙන්න.

      Delete
    7. ටාගට් බ්ලෑන්ක් කියන්නෙ මොකද්ද රසික?

      Delete
    8. ටාගට් බ්ලැන්ක් කියා සකසා, අලුත් පිටුව වෙනම ටැබක (හෝ කවුළුවක) විවෘත කිරීමට නරකම අදහසක් නොවේ. නමුත් අවශ්‍යම නෑ. ලිපියේ ඉතුරු ටික කියවන්නට අවශ්‍ය අය කොහෙමාටත් ආපසු විත් කියවාවි!

      Delete
    9. මීයගෙ මැද කැරකැවෙන එක එබුවාම කොහොමත් වෙන එකකින් බලන්න පුළුවන්.

      Delete
  4. ඕක "රසික ඔබ..." නෙවෙයි "රසීක් ඔබ..." වුණා වෙන්න බැරිද? ඉස්ලාම් අන්තවාදියොත් ගීත අහනවා ඇතිනේ...

    ReplyDelete
    Replies
    1. බිස්මිල්ලාහ්-ඉර්-රහ්මාන්-ඉර්-රහීම්

      සුළු ජාතිකයන් යැයි අන්ත ජාතිවාදී සිංහල අන්තවාදීන් විසින් කොන් කර අපහාස කරනු ලැබූ සමාජයන් විශේෂයෙන් මුස්ලිම් සමාජය දැන් යම් ආකාරයක සැනසුම් සුසුම් හෙළමින් සිටින අවදියයි. ඒ අවුරුදූ 09ක් පුරාවට රාජ්‍ය බලයේ අනුහසින් ජාතිවාදි ත්‍රස්තවාදය රට පුරා පෝෂණය කරමින් ගමන් කළා වූ අතලොස්සක් වූ අන්තවාදි සංවිධාන වල පීඩනයෙන් යම් තරමක හෝ ගැලවීමක් ඔවුන්ට ලැබී ඇති බැවිනි. මෙම පශ්චාත් වකවානුවේ සිතන්නට කාලය කාටත් පැමිණ ඇත. එදා එම අන්තවාදි සංවිධාන රට පුරා ගෙන ගිය මතවාදය වුයේ "අප සිංහලයා වෙනුවෙන් පෙනී සිටිනවා" යන්නයි. එසේ නම් අද ඔවුන් නිදි ඇයි? සිංහලයාගේ ප්‍රශ්න විසඳී අවසන්ද? නොඑසේ නම් සිංහලයා වෙනුවෙන් පෙනී සිටිමින් තම මඩිය තර කර ගන්නට රාජ්‍ය බලය ඔවුන් සතුව නොමැතිද? විචාර බුද්ධියෙන් සිතා බලන්නට කාලය පැමිණ ඇත.

      එසේම සන්සුන් මනසින් සිතිය යුතු තවත් වැදගත් කාරණාවක් ගැන කාගේ කාගේත් බුද්ධිය අවදි කරලීම පිණිස මෙය ලියන්නට සිත්විය. එකී අන්ත ජාතිවාදී සිංහල අන්තවාදි සංවිධාන තම මතය රට තුළ ගොඩ නගන්නට භාවිතා කළ න්‍ය‍ාය වූයේ ගොබෙල්ස් න්‍යාය හෙවත් එක බොරුවක් දහපාරක් පවසා එය ජන මනස තුළ සත්‍යයැයි මතයක් ගොඩ නැගීමයි. එසේ ඔවුන් ගොඩ නැගූ එක් ප්‍රබල මතයක් වූයේ "ඉස්ලාමීය අන්තවාදය" නමැති පට්ටපල් බොරුවයි.

      "අරාබි වසන්තයක්" ගැන පට්ටපල් බොරු පවසමින් ඉස්ලාමිය අන්තවාදය මේ රට ආක්‍රමණය කොට ඇතැයි බොරු බියක් ඇති කරවමින් ඔවුන් පෙන්නූ උදාහරණ වුයේ මුස්ලිම් පුද්ගලයෙකු රැවුල තබා තිබීම, පිරිමින් ජුබ්බාව නම් වූ ඇඳූම ඇඳීම, මුස්ලිම් කාන්තාවන් ඔවුන්ට අභිමත වූ හිජාබ් නිකාබ් ඇඳීම, ආගමික ඇදහීම උදෙසාම නිර්මාණය වු මස්ජිද් නිර්මාණය, මුස්ලිම්වරයෙකු තමන්ට අභිමත වූ ආහාර ගැනීම සඳහා භාවිතා කළ හරාම් හලාල් විවේචනය මෙකී නොකී දහසක් දේවල් වල සත්‍ය සඟවා මුසාවාදය දෙසා බසා සමාජය අවුලෙන් අවුලට පත් කරන්නට ඔවුන් කටයුතු කරනු ලැබීය.

      කවරක්ද මේ අන්තවාදය? හෙට දිනයේ තවත් සේනාවක් මේ රට ගිනි තබන්නට පෙර සිතා බලමුද සිහි බුද්ධියෙන් යුතුව. ඉස්ලාමීය අන්තවාදය නිර්වචනය කිරීම පිණිස එකී බල සේනාවන් රටට පැවසු නිදසුන්වලට සමාන නිදසුන් මා මෙලෙසින් පහතින් දක්වන්නේ කාටත් අපහාස හෝ උපහාස කිරීම පිණිස නොව සත්‍ය වටහා දීම පිණිසත් එකී අන්තවාදි සංවිධානවල යටි අරමුණු ඔබට පහදා දීම පිණිසත්ය.

      Cont'd...

      Delete
    2. Cont'd..

      බෞද්ධ භික්ෂුවක් යනු ගිහියෙකුට වඩා වස්ත්‍රයෙන් චාරිත්‍රවලින් පිළිවෙත් වලින් නීති රීති වලින් වෙනස් චරිතයකි. උන් වහන්සේලා අඳිනු ලබන්නේ කහ පාට සිවුරකි (බොහෝ දූරට). එසේම හිස මුඩු කර ඇත. උන් වහන්සේලා දන් වළඳනු ලබන වේලාවක් ඇත. උන්වහන්සේලාට ආවාහ විවාහ විය නොහැක. උන්වහන්සේලාට කාන්තාවන් අසලින් වාඩි විය නොහැක. අප භික්ෂුණින් වහන්සේලා දෙසට අවධානය යොමු කළ විටද මෙකී සත්‍යයම පිළිබිඹු වේ. කාන්තාවන්ගේ ලස්සනට ආභරණයක් වූ කේශ කළඹ භික්ෂුණී වහන්සේලාට අහිමිය. ලස්සන ඇඳූම් ආයිත්තම් වෙනුවට හිමි ව ඇත්තේ කහ සිවුරකි.

      කල්පනා කරමුද? සාමාන්‍ය පුද්ගලයාගෙන් භික්ෂුව හා භික්ෂුණිය වෙනස්ය. ඒ කවරක් නිසාද? මුස්ලිම් සමාජය අන් ප්‍රජාවගෙන් වෙනස්ව රැවුල තැබූ නිසාම මුස්ලිම් කාන්තාවන් කළු පාට හිජාබය පැළඳි නිසාම මුස්ලිම් සමාජයට ආවේණික වූ ආහාර ක්‍රමවේදය නිසාම ඔවුන් අපට ජාතිවාදී සිංහල කාලකණ්ණින් විසින් ලබා දූන් නිර්වචනය "ඉස්ලාමිය අන්තවාදය"යි. එසේ නම් සාමාන්‍ය පුද්ගලයාගෙන් වෙනස්ව අසාමාන්‍ය ජීවන චරිතයකට හිමිකම් කියන භික්ෂුවක් සහ භික්ෂුණියකගේ ජීවිතයත් බෞද්ධ අන්තවාදයේ පිළිබිඹුවක්ද?

      අප එසේ නොකියමු. ඔවුන් මුස්ලිම් ප්‍රජාවට එසේ ඇඟිල්ල දිගු කළේ නම් ඔවුන් වෙත දිගු වී ඇති ඇඟිලි හතර පවසන්නේ එය නොවේද? නොඑසේ නම් භික්ෂුවකගේ භික්ෂුණියකගේ ජීවන රටාව සම්බන්ධයෙන් ඔවුන්ට පවතින්නේ වෙනත් නිර්වචනයක් නම් එකී නිර්වචනය ඉස්ලාමිකයාට අදාළ නොවන්නේ මක් නිසාද? කන්න ඕන වන විට කබරගොයා තලගොයා කිරීම ආගමික කාරණාවකදී කෙතරම් දූරට පිළි ගත හැකිද?

      Cont'd...

      Delete
    3. Cont'd...

      මධ්‍යස්ථ බෞද්ධ ජනයා ඉහත භික්ෂුවගේ සහ භික්ෂුණියකගේ ජීවන රටාව සම්බන්ධයෙන් ලබා දෙන පිළිතුර වන්නේ "අපගේ ශාස්තෘන් වූ ගෞතම බුදූ රජාණන් වහන්සේ පෙන්වා දූන් මග උන් වහන්සේලා අනුගමනය කරමින් සිටියි" යන්න නම් ඔවුන් හා අප 100% ක් එකඟ වන අතර එකී න්‍යායම තවත් ජාතියකට ආදේශ කරන්නට ඔබ තව දූරටත් මැලි වන්නේ ඇයිදැයි ඔබෙන් අසන්නටද අප කැමැත්තෙමු. ඉස්ලාමිකයා තම අභිමත පරිදි රැවුල තබන්නේද ඉස්ලාමීය කාන්තාව තම අභිමතය පරිදි හිජාබ් අඳින්නේද වෙනත් නීති රෙගුලාසිවලට යටත්ව මුස්ලිම් ජාතිකයා ක්‍රියාත්මක වන්නේද ඒ ඔවුන්ගේ ශාස්තෘන් වහන්සේ ඔවුන් ට පෙන්වා දූන් ජීවන රටාවට අනුවයි. ඔබගේ ශාස්තෘන් වහන්සේ ඔබට පෙන්වා දූන් ජීවන රටාව පිළිපදින්නට ඔබට ඇති අයිතිය තවත් ප්‍රජාවකට අහිමි කිරිම කෙතරම් දූරට සාධාරණද? ඒ සඳහා වෙනම නිර්වචනයක් සමාජ ගත කිරීම කෙතරම් දූරට යුක්ති සහගතද?

      දැන් අන්තවාදය යනු කුමක් දැයි මදක් විමසා බලමු. එක් පුද්ගලයෙකුගේ හෝ එක් ප්‍රජාවකගේ හෝ එක් ජාතියකගේ හෝ ක්‍රියා කලාපය තුලින් තවත් පුද්ගලයෙකුගේ හෝ තවත් ප්‍රජාවකගේ හෝ තවත් ජාතියකගේ අයිතිවාසිකම් උල්ලංඝණය වන්නේ නම් එය අන්තවාදය ලෙසින් අපට අර්ථ දැක්විය හැක. සැමට ජීවත් වීමට ඇති අයිතිය නිෂ්ප්‍රභ කරමින් තමන් පමණක් ජීවත් විය යුතු යැයි සිතීම තුළම අන්තවාදය පැන නගී.

      අභියෝග කොට විමසන්නෙමු. මුස්ලිම් ජාතිකයෙකු රැවුල තැබීමෙන්, තම ආගමික වතාවන් ඉටු කිරීම සඳහා ශුද්ධ වූ අල් මස්ජිද් නිර්මාණය කිරීමෙන්, මුස්ලිම් කාන්තාව තමන්ට අභිමත ඇඳූම් ඇඳීමෙන්, මුස්ලිම්වරුන්ට ආවේණික ආහාර පිළිවෙත් නිසාවෙන් අනෙක් පුද්ගලයාගේ හෝ ප්‍රජාවගේ හෝ ජාතියකගේ හෝ උල්ලංඝණය වන අයිතිවාසිකම් කවරේද? නොඑසේ නම් ඉස්ලාමයේ වෙනත් යම් නීතියකින් හෝ තවත් පුද්ගලයෙකුගේ, ප්‍රජාවගේ යම් අයිතිවාසිකමක් කඩ වන්නේද? එසේ නම් ඒ නීතිය කුමක්ද? නිකම් කටමැත දෙඩවීම හෝ කොමෙන්ට්ස් පළ කිරීම පසෙකලා සාක්ෂි සාධක සහිතව එය නිරූපණය කරන ලෙස ද අභියෝග කරමු. තත්වය එලෙස පවතිද්දී තම පටු ලාභ අරමුණු තකා සත්‍ය වසන් කොට අසත්‍ය වපුරා "ඉසලාමීය අන්තවාදයක්" කියමින් නන් දොඩවමින් ලෝකයේ තබා මේ මුලු මහත් සක්වලවත් නොමැති පිස්සු විකාරයක් ගැන කතා කිරීම කෙසේ නම් අනුමත කළ හැකිද?

      තව දූරටත් කතා කළ යුතුමය. සත්‍ය වශයෙන්ම අන්තවාදී වූයේ කවුරුන්ද? මේ රට අයිති සිංහලයාට පමණක් යැයි පවසමින් ද අන් සියළු ජාතින් මේ රටින් පිට විය යුතු යැයි ද පවසමින් මේ රටේ ජීවත් වන ශ්‍රී ලාංකික මුස්ලිම් ජනතාවගේ ජීවත් වීමේ අයිතිය උල්ලංඝණය කිරීම නොවේද අන්තවාදය?

      මේ රටේ මුස්ලිම් කාන්තාවට තම අභිමතය පරිදි තම වස්ත්‍ර ඇඳීමට සෑම ආකාරයෙන්ම අයිතිය පවතිද්දී එය තහනම් කළ යුතු යැයි හඩ නගා ඔවුන්ට වස්ත්‍ර ඇඳීමට ඇති අයිතිය උල්ලංඝණය කිරීම නොවේද අන්තවාදය?

      සෑම පුද්ගලයෙකුටම ආගම ඇදහීමට ඇති අයිතිය ව්‍යවස්ථාවෙන්ද තහවුරු කර තිබියදි එකී අයිතින් පවා උල්ලංඝණය කරමින් නිර්ලජ්ජිත ලෙස එකී සාමකාමී ඉස්ලාමීය දේවස්ථාන විනාශ කරමින් ඔවුන්ට ආගම ඇදහීමට පවතින අයිතිය නැති කිරීම නොවේද අන්තවාදය?

      රැවුල විවේචනය කරමින් මුස්ලිම් පුරුෂයන්ගේ ඇඳූම් ද විවේචනය කරමින් නැති වසන්තයක් ගැන පවසා ලොව මුලා කරමින් ඔවුන්ට අනවශ්‍ය වූ භය භීතිය ඇති කිරීම නොවේද අන්තවාදය?

      මුස්ලිම් ව්‍යාපාරිකයන් බිය වද්දා, බොරු කූට කුමන්ත්‍රණ තුළින් ඔවුන්ගේ ව්‍යාපාර අඩපණ කර දමා, එතනින් නොනැවති විනාශ කරද දමා ඔවුන්ට තමන්ට අභිමත පරිදි තමන් ඉපදූනු රටේ ව්‍යාපාර කිරීමට ඇති අයිතිය නැති කිරීම නොවේද අන්තවාදය?

      සමස්තයක් ලෙස මේක අපේ රට උඹලට ඕනේ විදියට නොවේ අපට ඕනේ විදියට ජීවත් වෙයල්ලා යැයි පවසමින් තවත් ප්‍රජාවක් මත ආධිපත්‍ය පැතිරවීම නොවේ ද අන්තවාදය?

      බුද්ධියෙන් සිතන්නට ඔබට ආරාධනා කරමින් අවධාරණයෙන් යුතුව පවසන්නෙමු. ඔවුන් අපට පැවසුවා සේ පිරිසක් කළ ඉහත සියළු ක්‍රියාදාමයන් බුද්ධාගම මත පටවා බෞද්ධ ආගම අන්තවාදී ත්‍රස්තවාදී පරපීඩක මිනීමස්කන කාලකණ්ණි ආගමක් ලෙස පවසන්නට තරම් අප ම්ලේච්ඡ නොවෙමු. එකී ක්‍රියා දාමයන් බෞද්ධාගම අනුමත නොකරන බවද අප දනිමු. බෞද්ධ ආගම තම පැවැත්ම වෙනුවෙන් තමන්ට ඇවැසි ලෙස යොදා ගනිමින් පිරිසක් කළ එම ක්‍රියාවන් හෙළා දැකිය යුත්තේ ජාති පදනමේ සිට නොව මනුෂ්‍යයන් සහ ආගමට සත්‍ය වශයෙන්ම ආදරය කරන ගෞරව කරන පිරිස් වශයෙන් බවද ලියා තබමු.

      ආගමේ නාමයෙන් තවත් පිරිසකගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් අන්තවාදය වපුරන සියළු දනන්ට විරුද්ධ අප ජීවිත පරිත්‍යාගයෙන් නැගී සිටිමු. එසේම එකී අන්තවාදයන් ක්‍රියාත්මක කරන පුද්ගලයන් හෝ සංවිධාන වලට එරෙහිව අප නැගී සිට අප ජීවිත පරිත්‍යාගයෙන් ඔවුන්ව සම්පූර්ණයෙන්ම මර්දනය කොට නිහඬ කර දැමිය යුතු විනා ඔවුන් ඔවුන්ගේ අන්තවාදය පතුරුවන්නට පලිහක් කොට ගත් ආගමට අපහාස කිරීම දැන්වත් නවතමු.

      මගේ ආගමට මෙන්ම අනිකුත් ආගම් වලටද අප ගරු කරමු.

      අල්ලාහ්-ඕ-අක්බර්

      අබ්දුල් ඝෆූර් මුහම්ම්ද් නෆ්Zසාන්

      Delete
    4. ඝෆුර් නොවෙයි හරි ගපූර් නේද?

      Delete
    5. @ අබ්දුල් ඝෆූර් මුහම්ම්ද් නෆ්Zසාන්

      ඔයාඝේ ෆුඛ ලොඛුධ

      Delete
    6. හැලපයියේ,

      ගපූර් නෙවෙයි ඝෆූර් විය යුතුයි. ලංකාවෙ ඉන්න දකුණු ඉන්දීය දෙමළ මුස්ලිම්වරු සහ මැලේ අයත් මේ නම ලියන්නෙ වැරදියට. අරාබි බසින් ඒය අබ්ද්-අල් ඝෆ්ෆුර් [عبد الغفور] (ඝෆර්/ඝෆූර් - මහා සමාවදෙන්නා, එනම් අල් කුර්-ආන් (කුරානයට) අනුව සර්වබලධාරී අල්ලාහ් ) ලෙස නම්වන අතරම සර්වබලධාරී අල්ලාහ් ගේ සේවකයා යන අරුත් දෙයි.

      Delete
    7. @ ඔයාඝේ ෆුඛ ලොඛුධ

      හම් දිල් දේ පුඛෙ සනම්

      Delete
    8. ගෆූර් කිවාම තාම මතක් වෙන්නේ කොළඹ කැරළි මර්ධන පොලිස් කණ්ඩායමේ සිටි වධකයෙකු වැන්නාවයි!

      Delete
    9. (ලංකා ඊ නිව්ස්- 2015.ජූලි.21, ප.ව.7.30) පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ ‍හෙවත් මැදමූලන මරා යනු මිනීමරු මෘගයෙක් බව ලංකා ඊ නිව්ස් නොයෙක් වර කියා ඇති නමුත් ඒ බව ඔහු විසින්ම ඔප්පු කරන වීඩියෝවක් දැන් නිකුත් වී තිබේ.
      අද අකුරැස්සේ පැවැති ප්‍රචාරක රැලියකට සහභාගී වීමට පැමිණී මැදමූලනේ මරා එහි සිටි තමන්ගේම පාක්ෂිකයෙකුට අත මිට මොලවා පහර දෙන්නට පැන්නේ තම නියම තිරිසන් ස්වරූපය ලෝකයටම පෙන්වමිනි.

      මේ මෘගයා මුලින්ම මිනිසෙකුට පහර දෙනවා අප දුටුවේ 1972 දී හෝ 1973 දී බොරැල්ල ඕවල් ක්‍රීඩාංගනයේ පැවැති තර්ස්ටන් - ඉසිපතන වාර්ෂික ක්‍රිකට් තරඟය නැරඹීමට මැදමූලන මරා ආදි සිසුවෙකු ලෙස පැමිණ සිටි අවස්ථාවකදී ය. එකල ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ මැදමූලනේ මරා බීමතින් පහර දුන්නේ නිල ඇඳුමින් සිටි පොලිසියේ ප්‍රසිද්ධ නිලධාරියෙකු වූ ඉන්ස්පෙක්ටර් ගෆූර් නමැති නිලධාරියාටය. ඔහු බිම ඇදගෙන වැටුනේය. ඉන් කලකට පසුව මැදමූලනේ මරා ජනාධිපති වීමෙන් පසුව පොලිස්පති වූ මහින්ද බාලසූරිය ඇතුළු අප්‍රමාණ මිනිසුන්ට පහර දුන්නේ අරලිය ගහ මැදුරේදීමය. පහර දුන්නා පමණක් නොව අතොරක් නැති රටේ අහිංසක මිනිසුන් සුදු වෑන් වලින් පැහැරගෙන ගොස් මරා දැම්මේය.

      Delete
    10. කොළඹ කැරළි මර්ධන පොලිස් කණ්ඩායමේ ගෆූර් (in 1983)

      http://www.lankaweb.com/news/items/wp-content/uploads/2016/07/dharman18071603.jpg

      Delete
    11. පොලිස් පරීක්ෂක ගෆූර් කියන්නේ දක්ෂ අවංක කැපවීමෙන් වැඩකර දැඩි විනයක් ඇතිකිරීමට කැපවූ නීතිගරුක නිලධාරියෙක්. මැදමුලන පල් හොරා වැනි අපරාධකරුවන් ඔහුව "වධකයකු" ලෙස බොරුවට හංවඩු ගැසුවේ උන්ගේ තිබුණු තරහ වෛරය නිසයි. එමෙන්ම සිංහල බෞද්ධ අන්තවාදී ජාතිවාදී ජඩයින් විසින් මෙම මතය ප්‍රවර්ධනය කර මුස්ලිම්වරුනට විරුද්ධව අවියක් ලෙස භාවිතා කලා.

      Delete
    12. ස්තූතියි රසික. ශ්‍රී ලංකාවේ කුප්‍රකට ප්‍රධානතම වාර්ගික සංහාරයක් වූ 1983 කළු ජූලියේ සිට 2009 දක්වා පමණක් මියගිය නිරායුධ අහිංසක දමිළ මුස්ලිම් පුරවැසියන්ගේ ගණන 3,000,000 (මිලියන තුනකට නොඅඩු*) බව අපක්‍ෂපාතීව විශ්ව විද්‍යාල මගින් සිදු කළ සංගණනයන් වලින් හෙළදරවු වූ බව බොහෝ දෙනෙක් ඉතාම පහත් සහ අවස්ථාවාදී ලෙස අමතක කර තිබේ. (අ)මානුෂික මෙහෙයුම නැමැති මහා ජනඝාතක සංහාරයෙහි අවසන් දිනයේදී පමණක් 75,000 ක් මිය ගියත් ඒ සියල්ල සිංහල ජාතිවාදී පාහරයින් විසින් (ඒවා ජීපීඑස් තාක්‍ෂණය මගින් ලබා ගත් ඡායාරූප මගින් මළ සිරුරු ගණන් කොට ඉතාම පැහැදිලිව තහවුරු කළ දත්ත වේ.*) යට ගසා බලෙන්ම අමතක කර දමනු ලබා ඇත. ප‍්‍රභාකරන් යටතේ පැවති කොටි සංවිධනය සමග වූ සටන් වලදී ආක්‍රමණික මෙහෙයුම්වල යෙදුනු හමුදා සොල්ලාදුවන් 9,000 කට ආසන්න ගණනක් වෙඩි වැදී මිය යන ලදැයි හමුදාව විසින් කියනු ලැබේ. (සමස්ත යුද්ධයේදී සිංහල ලේ පිපාසිත පාලකයින් මරා දමන ලද 3,000,000 සසඳන්න....*) කුරිරු රාජපක්‍ෂ පාලනය විසින් දින 3ක් තුළ මරා දමන ලද ගනණ 160,000 කට වැඩි යැයි සමහර වාර්තා වලින් කියැවේ... අවසන් (අ)මානුෂික මෙහෙයුමේදී මිය ගිය ගණන 35 වසරකදී ප‍්‍රභාකරන් විසින් සිදු කරන ලදැයි කියන ඊනියා ඝාතන වලට සැසැඳීමේදී පවා කවරෙකු වඩා හොඳම ඝාතකයාදැයි පැහැදිලිව බලාගත හැක... අනාගතය මිනීමරු මෘග රාජපක්‍ෂ හෝ ඔහුගේ හෙංචයියන් සමස්ත ලෝකයේම මානව සංහතියට එරෙහි වූ අතිභයානක අපරාධ කරුවන් ලෙස නිසැකවම සඳහන් වනු ඇත... චීනයට සහ ඉන්දියාවට ලංකාවේ ආර්ථිකය පාවාදුන්, ලංකාවේ අමිල සම්පත් අති විශාල ප‍්‍රමාණයක් කුණු කොල්ලයට විකුණූ ඊනියා දේශපේ‍්‍රමී කාලකණ්ණි රාජපක්ෂ රජය ගැන අනාගතය ප‍්‍රශස්ති නොකියනු ඇත... එදා මොල්ලිගොඩට, දොන් ජුවන් ධර්මපාලට දුන් ගර්හාව ඉතිහාසය විසින් පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ ‍හෙවත් මැදමූලන මිනීමරු මෘගයාටද ලබා දෙනු ඇත...

      Delete
    13. This comment has been removed by a blog administrator.

      Delete
    14. Dear Rasika
      Why ur comments on this are filled with this much vulgar words & extreme hatred? I thought you are not a racist. You just comment as a non-racist while commenting by name but under anonymous vail, extreme racist??? Why this much double standards? Could you please explain?

      Delete
    15. Anonymous 18 November 2016 at 19:28
      Anonymous 18 November 2016 at 20:05

      යන අවජාතකයන් වෙතය,

      එදා මොල්ලිගොඩට, දොන් ජුවන් ධර්මපාලට දුන් ගර්හාව ඉතිහාසය විසින් තොපට නිසැකවම ලබා දෙනු ඇත.

      Delete
    16. Why them? It is crystel clear that it belongs to you Mr. Rasika, isn't it?

      Delete
  5. අපේ නමින් තියෙන්නේ "මනෝ"ගහන්න විතරයි.

    ReplyDelete
  6. වික්ටරුත් රසිකට සින්දු කියනවා අහලා නැත්ද? ඇයි ස ප්‍රසංගය පටන් ගන්නෙ රසිකටත් කතාකරලනෙ... :-)

    සම්බුද්ධ සද්ධර්ම අනුහසින්
    ගෝවින්ද ශ්‍රී ස්කන්ධ ශාන්තියෙන්
    කමලාසනාරූඪ සරස්වතී ආශිර්වාදයෙන්
    රසික ඔබ මිලනයෙන්
    ආනන්ද ජනක වූ මේ සොඳුරු රාත්‍රී යාමයේ
    සුවහසක් සවන් යුග
    ප්‍රීතියෙන් උදම් වේවා....
    ප්‍රීතියෙන් උදම් වේවා.......!

    ReplyDelete
    Replies
    1. ස ප්‍රසංගය කිසි දිනෙක නරඹා නෑ. මේ කැල්ල තිේ‍රනවා මතකයි මා ලඟ තියෙන ස - ඩබල් සීඩී සෙට් එකේ ආරම්භයේ!

      හැබැයි 2004 සහ 2016 ප්‍රසංග දෙකේ දී ම, වික්ටර් මට විතරක් නොවෙයි අනිත් රසිකලාටත්, රසිකාලාටත් කතා කළා!

      එහෙනම්, මේ ගීතය ලියූ පද රචකයා අමරදේවගේ ගෝලයෙකු විය යුතුයි!

      Delete
  7. රසික ටම කියල සින්දු කියපු ගයක ගායිකාවෝ ඉන්න එක කොච්චර ලොකු දෙයක්ද ඉතින්. හේ හේ

    ReplyDelete
  8. අයිස්ලන්තය ඔස්ට්‍රේලියාවටත් වඩා egalitarian මං හිතන්නෙ

    http://www.icenews.is/2016/01/29/a-nation-on-a-first-name-bases-the-icelandic-naming-system-explained/#axzz4QKU6X1VR

    ReplyDelete
  9. රසික කියන වචනයේ ස්ත්‍රී ලිංගික පදය රසිකා නේ. රසිකාව කියන්න පුළුවන්. ඒත් රසිකාවි කියනකොට ස්ත්‍රී ලිංගිකත්වය ඩබල් වෙනවා.

    බාලිකාවියන් කියනකොට වගේ.

    ReplyDelete
  10. රසික ඔබට මගේ ස්තූතිය කියනකොට බලන්න ආපු අනිත් එවුන්ට මල පනිනවා ඇති නේද......

    ReplyDelete
  11. රසික ඔබ මේ විදිහටම අර නාථ දෙයියන්ගේ රිසෙප්ටර්ගේ පෙර බවය ගැනත් ලියන්නේ නම් බොහෝ කෘතඥ වෙමි

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.