Saturday 4 March 2017

පියා ගේ විවාහය ගැන ලෙලුම් රත්නායක කියන කතාවෙන් මතුවෙන ලාංකික අමනකම - Love? WTF is that?


වික්ටර් රත්නායක ගේ කණිටු පුත් ලෙලුම් රත්නායක අද සයිබර් අවකාශයට මුදා හැර ඇති වීඩියෝව නරඹන අවස්ථාවේ එහි කියවුණු යම් යම් කරුණු පිළිබඳව සිත තරමක් හෝ හැඟුම් බර වුණ ද, ඔහු කී එක්තරා අමන කතාවක් නිසා මගේ මුවට නැගුණේ සිනාවකි.

ඒ අමනකම අදත් ලංකාවේ කීප දෙනෙකු හෝ පෙළෙන අමනකමක් බව වැටහීම සිනහව අතරින් දුකක් ද ජනිත කළේ ය.

නෑ, නෑ, මේ ඔබ සිතන අමනකම නොවේ. මේ වෙන එකකි.

ඒ ගැන කියන්නට පෙර මුලින් ම මෙයට අදාළ කරුණක් කිව යුතුයි.

සැත්තෑ පස් වියැති වැන්දඹු වික්ටර් රත්නායක වයස තිස් තුනක කාන්තාවක් හා විවාහ වීම යනු මේ වසරේ ලංකාව තදින් ම හෙල්ලූ සිද්ධිය බව පැහැදිලි ය.

ඒ ගැන මා මීට කලින් ලියූ ලිපියේ කෙටියෙන් කතා කළේ, වික්ටර් ගේ විවාහය නිසා ඉස්මතු වෙන විවාහක පිරිමින් ගේ ප්‍රශ්නය බවයි.

මේ ගැන මා ලියූ අදහස කියවා සමහරු අසා තිබුණේ අර සුපුරුදු ප්‍රශ්නය ම යි. එනම්, "හා උඹේ දුවක් ඔය වයසෙදී නාකි මිනිහෙකු හා කසාද බැන්ඳොත් උඹ ඔහොම කියයි ද?" යන්නයි. එසේ අසන අයට තියෙන්නේ ලෙලුම් රත්නායකටත් එහා ගිය ප්‍රශ්නයක් බව කිව යුතු නැත. ඔවුන් හිතන්නේ වැඩිවියට පත් ගැහැනුන් සහ පිරිමින් තමන් ගේ පුද්ගලික කටයුතු කළ යුත්තේ තම කැමැත්ත පරිදි නොව පවුලේ අයට අවශ්‍ය විදියට බවයි!

දැන් ලෙලුම් රත්නායක ගේ වීඩියෝ පණිවිඩය දෙස අවධානය යොමු කළහොත්, එහි දී ඔහු දෙතුන් විටක් ම තම පියා ගේ ආදරය දිනාගත් තරුණිය පිළිබඳව කියන කතාව මතක ද?

ලෙලුම්ට අනුව, වයස හැත්තෑ පහේ වික්ටර් රත්නායකට මේ වයස තිස්තුනේ තරුණිය විසින් වශී ගුරුකමක් කර, ඔහු ගේ සිත වශී කරගෙන ඇත!

ලෙලුම් ඒ කියන්නේ වසර පනහකටත් වඩා කාලයක් තුළ දහසක් පෙම් ගී ගැයූ වික්ටර් රත්නායකට ඇත්තට ම නැවතත් කාන්තාවකට ආදරය කිරීම් හැකියාවක් නැත, මේ ආදරය ඉනාවක් කැවීම, වශී ගුරුකමක් කිරීම වැනි බ්ලැක් මැජික් එකක් නිසා ඇතිවුණු කෘතිම එකකි යන්නයි.

ඊටත් වඩා ඔක්කාරය ඇති කරවන කාරණය නම්, ලෙලුම් රත්නායක වැනි තරුණයෙකු මේ ඉනා, වශී ගුරුකම් වැනි දේ විශ්වාස කරනවා ය යන්නයි.

වසර සීයකට පෙර, බහුතර ලාංකික ජනතාව අතර අවිද්‍යාව රජ කළ සමයේ තරුණයෙකු මෙසේ සිතුවා නම් එක අතකට කම් නැති යැයි සිතිය හැක.

නමුත් මේ අද, 2017 දී?

අවාසනාව නම් ලෙලුම් රත්නායක මෙහි දී තනි වී නැති වීමයි.

එනම්, මේ ආකාරයේ "බ්ලැක් මැජික්" තිබේ යැයි විශ්වාස කරන බයියෝ තවත් රටේ එමට සිටිති යන කාරණයයි.

පසුගිය කාලයේ මහ බයියා විසින් වශී බෝල කරකවමින්, රට ආපස්සට ගෙන ගිය ආකාරය පිළිබඳව මෙය ඉතා හොඳ උදාහරණයක් බව කිව හැක.

ලෙලුම් රත්නායක ගේ වීඩියෝ ප්‍රකාශයේ අඩංගු වූ ඊළඟ විහිළුව කුමක්දැයි දන්නවා නේද?

තම පියා මේ ඉනාවෙන් බේරා ගන්නට ආගමික වශයෙන් කටයුතු කරන ලෙසත්, යාඥා කරන ලෙසත්, බෝධි පූජා පවත්වන ලෙසත් ඔහු අපෙන් ඉල්ලා සිටී!

අම්මෝ, මට කලන්තේ වගෙයි.

සින්දුවක්වත් අහලා බලමු!



-රසිකොලොජිස්ට්

ප/ලි:
මා මීට පෙර ලියූ ලිපියට පාර මෙසේ ය:

වික්ටර් රත්නායක ගේ විවාහයෙන් හෙළිවෙන පිරිමින් ගේ කඳුළු නොපෙනෙන දුක! - Secret men's business :: https://rasikalogy.blogspot.com/2017/03/secret-mens-business.html

(image: https://www.facebook.com/photo.php?fbid=128251634358516&set=a.128251717691841.1073741826.100015210405009)

95 comments:

  1. ලෝකෙ තියන ලොකුම වශීය
    “ ආදරේ......“
    හරියට කරොත්
    මල් හතයි
    වැරදුනොත් නම්
    ගස් තමයි
    ඒ නිසා කරන වශියක් හරියට කරන්න.

    වශී....වශී.....දකුණෙ වශී.......
    උඩුයටිකුරු කරන වශී.......
    නාකි වසඟ කරන වශී...........
    කෑවොතින් දකුණෙ වශී......
    පිස්සු වැටෙන කෙල්ල “වශී“
    මම දකුණෙ වුනාට තාම බැරි වුනා නේ හරියට වශියක් වත් කර ගන්න.........

    වශී පාඨමාලවක් සොයා ගන්නෝනි........


    ReplyDelete
  2. අයියෝ ඕක මොකද්ද, දේදුන්න හදන්නෙ සක්කර දෙයියාය කියල මගෙත් එක්ක පැටලුනානෙ හාදයෙක් මූණු පොතේදි.

    ReplyDelete
    Replies
    1. https://m.facebook.com/notifications.php?more#!/groups/163664483799957?view=permalink&id=694998017333265&fs=2
      Please see comments of Sagara David.

      Delete
    2. හැක, හැක, වීරවංශවාදියෙක් නේද?

      Delete
  3. ලොකුම අමනකම තමයි ඒ ප්‍රකාශය අස්සෙ චූං පාං කාරයෙක් කරන ශබ්ද දූෂණය!

    ReplyDelete
    Replies
    1. ඉනා දාපු කිඹුල බනිස්වලට මාර ඉල්ලුමක් ඇති ඒ පැත්තේ!

      Delete
  4. Mawathag okama sithuna, oya washee gurukama nisa kathawa bolwee giya.

    ReplyDelete
    Replies
    1. තංගල්ලේ ප්‍රබල වශී ගුරුකම්......!!!

      Delete
  5. ලෙලුම් අද සිය පියාගේ විවාහය පිළිනොගැනීමෙන් වගේම වශීකර්ම..ඉනා...වැනි මතයන් ගෙනැවිත් තමන් සිය පියාට වඩා පරම්පරා කීපයක් පසුපසින් ඉන්නෙක් බව ඔප්පු කළා..
    ලෙලුම් ලාට මෙතන ඇත්තේ දේපළ ප්‍රශ්නයක් මිස වෙන යමක් නෙවෙයි..ඒත් මොට්ට සමාජෙට ඔය සිතුවිලි ආකර්ෂණීය වෙනවා..

    ReplyDelete
    Replies
    1. හරියට හරි කොච්චියො. උගෙ කතාවෙන් ඒක අලියට පනිනව. තාත්තගෙ බැංකුවෙ සල්ලිවලට කෙලවෙයි කියල බයවෙලා. අනිත් එක ලිංගික කුහක කම. අනිත් නාකිඩයල් ලාබාල කෙල්ලො එක්ක ගියහම ඉරිසියා ව පොඩ්ඩක් ශේප් කරගන්න පුලුවං ඒත් තාත්ත මටත් වඩා බාල කෙල්ලෙක් ගෙනාවහම ..?

      Delete
    2. ඒ එක්කම සමාජයේ මතයට ඇති බයත් බලපානවා ඇති අනිවා!

      Delete
    3. නාකි විසේ ගෙටත් උසේ කිවුවලු

      Delete
  6. මම නම් හිතන්නෙ ඔය වශීය කවල ඇත්තෙ අර චූන් පාන් කාරය කිඹුල බනිස් එකක් ඇතුලට දාල වෙන්න ඇති. ඒ නිසා ලෙලුම් ගෙ ගෙදර ලඟට ඇවිල්ලා ඔය video clip එක කරද්දී ඒක disturb වෙන්න music දැම්මෙ.........නැද්ද මං අහන්නෙ

    ReplyDelete
    Replies
    1. ඉනා දාපු කිඹුල බනිස්වලට මාර ඉල්ලුමක් ඇති ඒ පැත්තේ!

      Delete
  7. මම නම් හිතන්නෙ ඔය වශීය කවල ඇත්තෙ අර චූන් පාන් කාරය කිඹුල බනිස් එකක් ඇතුලට දාල වෙන්න ඇති. ඒ නිසා ලෙලුම් ගෙ ගෙදර ලඟට ඇවිල්ලා ඔය video clip එක කරද්දී ඒක disturb වෙන්න music දැම්මෙ.........නැද්ද මං අහන්නෙ

    ReplyDelete
    Replies
    1. මට නං ඉනා දාලා නොතිබුනත් රෝස් පාං එකක් කන්න දෙනවා නම් ඒ ඇති!

      Delete
  8. ඒ පුතාල දෙන්නගේ වයසෙදි මමත් ඔයවගේ හිතුවා. වශී ගුරුකම් විශ්වාස නොකලත් මම හිතුවේ වල්කම කියලා. නමුත් හැට පැනපු මට දැන්නම් ඒගැන වරදක් කියන්න බහැ. මගේ පුතාලා මට ඉතාමත් හිතවත්ව ලඟින් ඉන්න නිසා මේවගේ දෙයක් කරන්න හිතෙන්නේ නැතත්, බිරියගේ ආදරය නැතිවනවිට පාළුව තනිකම ඉතා තදින් දැනෙනවා. දරුවන් ඈත් උනාම මම ජීවත්වන බටහිර රටවල නම් දරුවන්ම බලකරනවා තාත්ත හෝ අම්මා තනියම නම් තව විවාහයක් කරගන්න, මොකද එයාලට දෙමාපියන් ගැන බලන්න අපහසු නිසා. මම දන්නා වයස 76 ක මහතෙක් තම දරුවන්ගේ ආශීර්වාදය ඇතුව මීට වසර 10කට පමණ කලින් විවාහ උනා. ඔවන් දැනටත් බොහෝ සතුටෙන් ඉන්නවා.
    මගේ ප්‍රියතම ගායකයා වන වික්ටර් රත්නායකට වාසනාවන්ත යුග දිවියක් පතනවා.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මං පොඩි කාලේ හිතුවේ හතලිහ කියන්නේ වයසට ගිහින් කියලයි. දැන් මතක් වෙන කොටත් හිනා. ඒ අනුව හැත්තෑ පහත් වයසක් ද අයියේ කියලා ගෑල්ළමයි කියන්න ඉඩ තියෙනවා!

      Delete
  9. Paul McCartney ගේ බිරිඳ වූ ලින්ඩා පිළිකාවකින් මිය ගිය පසු ඔහු යලිත් වරක් විවහා විය​. එහෙත් එය ඔහුගේ රසිකයන්ට ප්‍රශ්නයක් නොවීය​. නමුත් වික්ටර් රත්නායක තම බිරිඳ මිය ගිය පසු යලි කසාද බැඳීම වික්ටර් රත්නායක ගේ බොහෝ රසිකයන්ට ප්‍රශ්නයක් වී තිබේ.

    ReplyDelete
    Replies
    1. වසර 1943 උපන් මික් ජැගර්ට දාව 2016 දී ළමයෙකු ඉපදුනා නේද? මව (Melanie Hamrick) ගේ වයස විසි නමයයි!

      Delete
  10. වික්ටර්ගේ සහ ලෙලුම්ගේ ප්‍රශ්නය ගන බොග් එක පිට එක ලියමින් ඔබ ප්‍රදර්ශනය කරන්නේද අමන කමයි.

    ReplyDelete
    Replies
    1. hodda hamadaama bora wanne natha...

      Delete
    2. ඇනෝ,

      ඔබට රිදුනේ මේ වාක්‍යට නේද?

      /* පසුගිය කාලයේ මහ බයියා විසින් වශී බෝල කරකවමින්, රට ආපස්සට ගෙන ගිය ආකාරය පිළිබඳව මෙය ඉතා හොඳ උදාහරණයක් බව කිව හැක. */


      Delete
    3. දී කිරට ලොකු පුතාත් සාක්කි!

      Delete
  11. අපේ රටේ මිනිස්සුන්ගේ පටු මානසිකත්වය ...වික්ටර් කියන්නෙ කවදාවත් වයසට නොගිය හඬක් ඇති තාරුණ්‍යයට කතා කල කෙනෙක්...ඉතින් මනුස්සයෙක්ට තමන්ගේ හැඟීම් අනුව ඇයි ආදරය කරන්න බැරි....

    ReplyDelete
    Replies
    1. ඒ පටු මානසිකත්වයට වඩා දරුණු යි මේ වශී ගුරුකම් විස්වාස කිරීම සහ පවුල් කඩා ඉහිරවන්නට බෝධි පූජා තබන්නට යැයි කීම!

      Delete
  12. කවුද දන්නෑ ගුරු ජී

    ReplyDelete
    Replies
    1. වශී බෝල හදපු කෙනා වෙන්න ඇති. මේ මනමාලිත් තංගල්ලේ බැංකුවක හිටියා කියනවා නේ!

      Delete
  13. මේක නීත්‍යානුකූල විවාහයක්. අනික් උන්ට ඇති රුදාව මොකද? අනික උන් දෙන්නා ගොඩක් උන්ට වඩා හොඳට ඉන්නවා ඇති.

    කාරණය ගැන ව්ක්ටර්ගේ පුතාගේ සයිබර් අවකාශයේ හැසිරීම හරි උනත් වැරදි උනත් ගැටළුවක් නැ. මොකද පවුලේ දෙයක්නේ.

    ඒත් කාගේහරි අතිශය පෞද්ගලික කාරණාවක් ගැන මෙච්චර සිංදු හොය හොයා අමුණමින් පෝස්ට් දෙක තුන ලියන එකාට තියෙන්නේ ලොකුම ලොකු මානසික ප්‍ර‍ශ්නයක්. උන්ට ප්‍ර‍සිද්ධ කරන්න අවශය නැති නිසානේ සද්ද නැතුව කර ගත්තේ.

    රසිකට ඕන මේකට පුළුවන් තරම්ම ප්‍ර‍සිද්ධියක් දීලා කුණු ආතල් එකක් ගන්න. සමහරවිට මේ එළියට එන්නේ ලිංගික අසහනයක් වෙන්න පුළුවන්.

    අර ලැකාන්ලා සෙට් එකද කොහෙද කියන විදියට රසිකගේ මහා අනිකා වික්ටර් රත්නායක වෙන්න ප්‍ර‍ළුවන්. වික්ටර් ගැන මෙච්චරම පුකේ අමාරුවක් රසිකට තියෙන්නේ ඒ ඇරියස් එක වෙන්න ඇති. නිකන් අහන්නේ. නෝන ඔයාට වඩා ගොඩක් වැඩිමල් නේ? වැඩ පිළිවෙන හරියට යන්නෙත් නැතුව ඇති නේ. ගොනෙක් ගහන්නත් මොකක්ද වගේ ඇති නේ. කොච්චර වෙස්ටන් වෙන්න ගියත් තාම අැතුලෙන් පරකන්දෙණියේ උපාසක බයියානේ.

    ReplyDelete
    Replies
    1. ඔබට කැමැති දෙයක් ඔබ සිතා ගන්න.

      මේ පුද්ගලික අවුල තුළ ඇති සමාජ ප්‍රශ්ණ මතුකර සාකච්ඡා කරන්නයි මං උත්සාහ කළේ.

      වශී ගුරුකම් ගැණ කතාව සහ විවාහයක් කඩාකප්පල් කරන්න බෝධිපූජා තබන්න යැයි කීම මට අනුව නම් ලොකු අවුලක්!

      Delete
    2. ඒ සමගම නොදැනුවත්කම නිසා ඔබ කරන අමන ප්‍රකාශ ගැන මගේ කණගාටුව පිළිගන්න. ඉක්මන් සුවය පතමි!

      Delete
  14. ඉනාවක් කවල හරි, වශී බෝලයක් මිරිකලා හරි ඒ මනුස්සයට අවසාන කාලයේ සතුටින් ගෙවන්න අවශ්‍යතාවයක් නැත්ද ?

    වික්ටර් ගේ කසාදය ලංකාවේ බෞද්ධ කල්චර් එකට ගැලපෙන්නේ නෑ කියන අය ඒ මනුස්සය කෑවද බිව්වද අනිත් අවශ්‍යතා හරිද කියල ඩේලි බලනවද ?

    හරි බූදලේට ආවේ කියමුකෝ.

    මේ වටේ උන්ට අමාරුව තියෙන්නේ උන්ගේ බූදලේට කෙලින්න ආව වගේ :D

    ReplyDelete
    Replies
    1. සල්ලි ප්‍රශ්නය හැම දේකම යටින් ඇති.

      ඒ සමගම, මේ වශී ගුරුකම් සහ බෝධි පූජා ගැන කියන කතා අජුවයි!

      Delete
  15. අමරදේව ගියා වික්ටර් ආවා .දැන් ඇති නේද

    ReplyDelete
  16. සමහරු කියයි නාකි වෙසේ ගෙටත් උසේ කියලා..
    තවත් එවුන් කියයි බුදලේට කෙල හලනවා කියලා..
    තවත් වුන් කියයි ඒ මනුස්සයා ගේ අවසන් කාලය ගැන හොයන්න බලන්න කවුරු හරි එපාය කියලා ..
    අන්තිමට කට්ටිය කියයි ..ඒක එයාගේ කැමැත්ත ..ඇයි ඔයාට අප්සෙට් ද කියලා

    ReplyDelete
    Replies
    1. මේ ලිපිය ඒ ගැන නොවෙයි.

      මුලිකවම වශී ගුරුකම සහ බෝධි පූජා ගැනයි!

      Delete
  17. මට හිතිච්ච කරුණු දෙකම ඔය ලියල තියෙන්නෙ යසට! :)

    ReplyDelete
  18. වික්ටර් මේ කාන්තාවට අවරුදු 9ක් ප්‍රේම කරලා.කවුරුත් ඒ ගැන කතා කලේ නෑ. ජනප්‍රියත්වය අඩු උනෙත් නෑ.අපි මොනවා කිව්වත් මිනිස්සු තමන් ප්‍රිය මනාප දේ ගැන සංවේදියි. එක තමයි ලෝක ස්වභාවය. මට කියන්න තියෙන්නේ "ඉතිරි ටිකත් ඒ විදියටම හිටියනම් වික්ටර්" කියලයි.

    ReplyDelete
    Replies
    1. මමත් ඔබට එකඟ යි. ඔබ ගේ අදහස සුහද යි. මනුස්සකමින් යුක්ත යි.

      Delete
    2. මං හිතන්නේ පුතාලාගේ බලවත් විරෝධය නිසා කළකිරුණු වික්ටර්ට හිතෙන්න ඇති ඒ අනියම් බිරිදඳට නීත්‍යානුකූල තත්වය ලබා දෙන්න!

      Delete
  19. වික්ටර්ගේ සහ ලෙලුම්ගේ ප්‍රශ්නය ගන බොග් එක පිට එක ලියමින් ඔබ ප්‍රදර්ශනය කරන්නේද අමන කමයි. (2)

    ReplyDelete
    Replies
    1. ඔබට කැමැති දෙයක් ඔබ සිතා ගන්න.

      මේ පුද්ගලික අවුල තුළ ඇති සමාජ ප්‍රශ්ණ මතුකර සාකච්ඡා කරන්නයි මං උත්සාහ කළේ.

      වශී ගුරුකම් ගැන කතාව සහ විවාහයක් කඩාකප්පල් කරන්න බෝධිපූජා තබන්න යැයි කීම මට අනුව නම් ලොකු අවුලක්!

      Delete
  20. I dont think they have any issue in him getting married, their issue is that he got married to a gold digger.. it breaks child heart to see his parent not spending time with them, whether young or old children need their parents, victor seems to have stayed with his daughter before moving out with the gold digger. when you grow old bitches dont matter spending time with your children matter, as a father i would not want a cent of my money to be owned by low life bitch who only comes after me for my money, id rather spend it on my children who were born becz of me. when victor grows further old and becomes more weak and dependant on some one else to look after him see if this bitch stays with him if she has sucked away all his money, once this bitch eats aways his money its his children who will have to take care of him ,and im sure they will. he like a fool is spending his fortune on a woman who is only after his money, how can u imagine that a 33 year old woman sleeping witha 75 year old man for any other reason, my worry is after she sucks all the money out unsuspecting children will have to take care of him. since its gonna happen eventually why give his fortune to the bitch

    ReplyDelete
    Replies
    1. I dont tthink thse low life bitches would actually care for a 75 year old man if his not rich and famous, lets see how many bitches are willing to take care of poor old granpa's who are pennyless

      Delete
    2. මේ ලිපිය ඒ ගැන නොවෙයි.

      මුලිකවම වශී ගුරුකම සහ බෝධි පූජා ගැනයි!

      Delete
  21. මටත් හැත්ත තුනක්. මොකද කරන්නේ කියල හිතන්නේ.

    ReplyDelete
    Replies
    1. ටෞකාපන්

      Delete
    2. නිමල්

      අවශ්‍යතා අනුව ඔබට කැමති දෙයක් කිරීමට ඔබට නිදහස ඇත.

      Delete
  22. " එනම්, මේ ආකාරයේ "බ්ලැක් මැජික්" තිබේ යැයි විශ්වාස කරන බයියෝ තවත් රටේ එමට සිටිති යන කාරණයයි. පසුගිය කාලයේ මහ බයියා විසින් වශී බෝල කරකවමින්, රට ආපස්සට ගෙන ගිය ආකාරය පිළිබඳව මෙය ඉතා හොඳ උදාහරණයක් බව කිව හැක. " - මෙ සේ කියන ඔබ මේ ප්‍රශ්නය දකින්නේ දේශපාලන ඇසකින් බව පැහැදිලි ය. අනුන් ගේ ජීවිත නිරාවරණ කරමින් ඔබ කරන නීච දේශපාලනය පිළිකුල් කරමි.

    ReplyDelete
    Replies
    1. ඔබත් බයියෙකු ද?
      මහ බයියාගේ වශී බෝලයට රැවටුණ අයෙකු ද?

      ඒ කෙසේ වෙතත්, ගුප්ත විද්‍යා මිත්‍යාවලට පසුගිය වනචර දශකය තුළ රට විශාල ලෙස ගොදුරු වුණු බව සත්‍යයක්!

      Delete
  23. There are very old men who have courtships with young women onty to satisfy urges (in Sri Lanka not US) but will never marry or give her rightful place. So are people saying it's okay to just do everything else but not marry? Why people don't Shame that sort of acts? There are so many harrasments we go through in buses and trains on the roads why People don't Shame such acts and just cling to petty things like this? Now is Victor ratnayake your moral example? Are you guys doing everything looking up to him?

    ReplyDelete
    Replies
    1. මේ ලිපිය පුද්ගලිකව වික්ටර් ගැන නොවේ.

      ආදරය වෙනුවට වශී ගුරුකම විශ්වාස කරන අය ගැනත්, බෝධි පූජාවලින් විවාහ කැඩීමට සිතන අය ගැනත් ය!

      Delete
  24. Rasika what the hell are you doing here? Is this the thing what we expected from matured and educated person like you? Let them solve their personal issues. Do not try to give unnecessary publicity on someones personal matters. Come on man !!! Please stop these disgusting writings and behave like a grown up man !!!

    ReplyDelete
    Replies
    1. Well.said

      +++++++++++++++++++

      What a disgusting gossip blog is this? Such a freaky blogger with cheap mindset.

      Delete
    2. Anonymous 5 March 2017 at 16:14

      මචං, මේ ලිපිය උඹ කියෙව්වාද කියා මට සැකයි.

      කියෙව්වා නම් මේ ලිපිය පුද්ගලිකව වික්ටර් ගැන නොවෙන බවත් ආදරය වෙනුවට වශී ගුරුකම විශ්වාස කරන අය ගැනත්, බෝධි පූජාවලින් විවාහ කැඩීමට සිතන අය ගැනත් බව උඹට තේරෙන්න ඕනෑ!!

      Delete
    3. @ Anonymous 5 March 2017 at 17:56

      ස්තුතියි, නැවත එන්න!

      Delete
  25. පහු ගිය පොස්ට් එකේ සමහර කෙමෙන්ට් වලට උත්තර දීලා නැහැ....තරහා නැතුව හැකිනම් හැම කෙමෙන්ට් එකකටම පිළිතුරු දෙන්න

    ReplyDelete
    Replies
    1. සති අන්තයේ මුලින් බිසි වුණා. පසුව වෙලාව හොයා ගත්තා.

      Delete
  26. අනියම් සම්බන්දය තියන කාලේ ඒ ගැනු කෙනා වික්ටර්ගේ අවස්තා ඉටු කරානම් ඒ ගැනු කෙනාට වික්ටරේගේ හොර ගැනී කියන අවමානය නොදී ඔහු කරේ හොද වැඩක් .....

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත.

      නමුත් නැවතත් කියනවානම්, මේ ලිපිය ඒ ගැන නොව මුලිකවම වශී ගුරුකම සහ බෝධි පූජා ගැනයි!

      Delete
  27. "එනම්, මේ ආකාරයේ "බ්ලැක් මැජික්" තිබේ යැයි විශ්වාස කරන බයියෝ තවත් රටේ එමට සිටිති යන කාරණයයි. පසුගිය කාලයේ මහ බයියා විසින් වශී බෝල කරකවමින්, රට ආපස්සට ගෙන ගිය ආකාරය පිළිබඳව මෙය ඉතා හොඳ උදාහරණයක් බව කිව හැක." = Like this you are attaching personal lives of people exposing their privacy . What a shame. You are playing politics on hearts of sensitive people.
    On the other hand, erasing this type of comments is a weakness of yours.

    ReplyDelete
    Replies
    1. ඔබත් බයියෙකු ද?

      මහ බයියාගේ වශී බෝලයට රැවටුණ අයෙකු ද?

      ඒ කෙසේ වෙතත්, ගුප්ත විද්‍යා මිත්‍යාවලට පසුගිය වනචර දශකය තුළ රට විශාල ලෙස ගොදුරු වුණු බව සත්‍යයක්!

      Delete
    2. /* erasing this type of comments */

      පිස්සුද ඇත්තටම? මං කවදද එහෙම කළේ?
      මීට පෙර මා ඔබ ගේ කිසිදු ප්‍රත්චාරයක් දැක ඇති බවට කිසි මතකයක් නෑ!

      Delete
  28. මාලුවාගේ ඇඟේ මැක්කා නැත, යම් හෙයකින් මැක්කා සිටියහොත් !! මැක්කා වනාහි.........

    ReplyDelete
    Replies
    1. ගුප්ත විද්‍යා මිත්‍යාවලට පසුගිය වනචර දශකය තුළ රට විශාල ලෙස ගොදුරු වුණු බව සත්‍යයක්!

      Delete
  29. ලාබාල කෙලියෙක්ට, 75ක මිනිහෙක් ගැන ආලයක් හෝ රාගයක් එන්නෙ නෑ. ආවොත් ඒක යම් අසාමාන්‍ය දෙයක්. හැබැයි 75ක් ගියත් පිරිමියෙක්ට නම් ලාබාල කෙල්ලෙක් ගැන ආලයක් රාගයක් එන්නෙ තාමත් අර ටෙස්ටස්ටොරෝන් හොඳින් වැඩ කරන නිසා වෙන්න ඇති. කොහොම වෙතත් ඔය ලාබාල කෙල්ල නම් සුග ඩැඩී කෙනෙක් හොයාගෙන ගොඩ ගියා. වික්ටර්ගෙ ළමයි දුක් වෙන්නෙ දේපල ටික නැති වෙනවට කියලා ඕන කෙනෙක්ට තේරෙනවා. හැබැයි මේ වික්ටර් ලංකාව වගේ පසුගාමී රටක හැසිරෙන විධිය ඉගෙන ගත්තානම් මෙච්චර නෝන්ඩි වෙන්නෙ නෑ. අර බයිලාවකුත් තියෙන්නෙ "මස් කන්නට ඕනෙ වුණොත් කඩෙන් කන්නෙ අපි, හරකෙක් මරවාගෙන මස් කන්නෙ නෑ අපී" කියලා... වික්ටර් හත්පොලේ ගාගෙන ඉවරයි...

    ReplyDelete
    Replies
    1. රොබර්ට්,

      ඔබේ කතාව හරි වෙන්න ඉඩ තියෙනවා. නමුත්, සැකයේ වාසිය ඒ කාන්තතාවට දිය යුතුයි.

      නමුත් නැවතත් කියනවානම්, මේ ලිපිය ඒ ගැන නොව මුලිකවම වශී ගුරුකම සහ බෝධි පූජා ගැනයි!

      පවුලේ ප්‍රශ්න නිසාම අනියම් වැඩේ ලීගල් කරන්න වික්ටර්ට හිතෙන්න ඇති.

      Delete
  30. මචන් රසික අනුන්ගේ කුණු වලින් ගොඩ යන්න දගලන්න එපා අනික උබේ බ්ලොග් එක ගමේ ගෑණු කුණු කතාවෙන ලිද ලග සංගමයක් කර ගන්න එපා . තව වසර විස්සකින් හෝ තිහකින් උබෙත් තියෙන ඕනෑ එපා කම් වලට උබේ වයිෆ්ට සප් එක දෙන්න අමාරු වුනොත් උබටත් උබේ දුවට පුතාට වඩා බාල වෙන වයිෆ් කෙනෙක් සෙට් වුනොත් ඒක උබේ පර්සනල් දෙයක් වෙනවා මිසක් පට්ට ටෝල්ක්ස් දීපු රසික පොඩි කැල්ලක් ඉස්සුවා වගේ ගොන් පොස්ට් දානවට උබවත් උබේ අලුත් වයිෆ් වත් කැමති වෙන්නේ නැහැ නේද ?? අනික උබලා වගේ ගොන් අලවලට තේරෙන්නේ නැති ගැබුරු ප්‍රශ්නයක් අද සමාජයේ නලියමින් තියෙනවා ඒක තමයි අද හුගක් තරුණියන් හොයන්නේ කඩවසම් තමන්ගේ වයසේ තරුණ ආදරවන්තයෙක්ට වඩා තමන්ට වඩා වසර 8ක් හෝ 10ක් වුනත් වැඩි සමාජයේ ස්ථාර්වයක් තියෙන ස්වාමි පුරුෂයෙක් මම මේක දැකපු ට්‍රෙන්ඩ් එකක් ඉස්සර කැම්පස් වල කපල්ස් මැරී කරන රේට් එක දැන් රේට් එකත් එක්ක බලද්දී හුගක් අඩුයි අනික වයස 20-22
    ගැණු ළමයි හුග දෙනෙක් දැන් මැරි කරන්නේ 29-31 අතර සමාජ ස්ථාවරයක් තියෙන පිරිමි . අද ලාංකීය සමාජයේ 20-25 පිරිමි බහුතරයක් 35-45 ඇන්ටි පාරවල් වලින් හෝ තමන්ගේ වයසේ මැරී කරපු පරණ පෙම්වතියගෙන් එහෙම නැත්නම් පාසල් උසස් අධ්‍යාපන යෙහෙළියන්ගෙන් තම ලිංගික සම්බන්දකම් සපුරා ගන්නා අතර හුගක් දෙනා මැරී කරන්නම කියලා අදහසින් ගැනු ළමයෙක් හොයන්නේ 29 වගේ පස්සේ . මේ තමයි මචන් සමාජ විශ්ලේෂණ වෙන්න ඕනේ අද තිබෙන ආර්ථික විෂමතවත් එක්ක තරුණ සුන්දර ගෑනු ළමයි ආදරය පැත්තක තියලා තමන්ගේ අනාගත සුරක්ෂිත තාවය සහ සැප පහසු දිවියක් සොයන්නා සේම තරුණ පිරිමින් තමාගේ ස්තවරත්ය්ව ලගා වෙනකන් ලිංගික ඇසුරු වලට පමණක් සීමාවී වයස අවුරුදු 30 දී පමණ 20-22 වගේ තරුණියක් විවාහ කර ගන්නවා . හොයල බලපන් 2016 වයස අවුරුදු 26ට අඩු පිරිමි කොච්චර අඩුවෙන්ද විවාහ ලියාපදිංචි වෙලා ඉන්නේ කියලා. මේ වගේ වැදගත් දෙයක් කියන්න ලියන්න උබේ පුංචි මොලේට තේරෙන්නේ නැතිනම් ගෙදර තියෙන වයලින් එක ටුයුං කරපන් නැත්නම් කටයි පුකයි වහගෙන නිදා ගනින්.

    ReplyDelete
    Replies
    1. Agree with you mate.

      Superb & brilliant analysis. You got it perfectly. I think further research should be done be social scientists of local universities in Sri Lanka. Now most of the Sinhalese bloggers are becoming clowns or political washing machines. Therefore, I humbly request you to start your own blog or FB page. We will come & join to any kind of rational discussions mate. So could you please mate? Kindly consider my proposal. Cheers !

      Delete
    2. @ Anonymous 6 March 2017 at 04:30

      උඹේ නිරීක්‍ෂණ සහ විශ්ලේශනය නිවැරදි විය යුතුයි. නමුත් ඒ ජෙනරල් තත්වය සමගම එක්සෙප්ෂන් තියෙන්න හැකියි නේ. මේ ඒ වගේ බෙල් කර්ව් එකේ එක කොනක්.

      කෙසේ වෙතත් මචං, මේ ලිපිය උඹ කියෙව්වාද කියා මට සැකයි.

      කියෙව්වා නම් මේ ලිපිය පුද්ගලිකව වික්ටර් ගැන නොවෙන බවත් ආදරය වෙනුවට වශී ගුරුකම විශ්වාස කරන අය ගැනත්, බෝධි පූජාවලින් විවාහ කැඩීමට සිතන අය ගැනත් බව උඹට තේරෙන්න ඕනෑ!!

      Delete
  31. THIS BLOG IS A GOSSIP

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.

      ජයවේවා.

      නැවත එන්න!!

      Delete
  32. //එනම්, මේ ආකාරයේ "බ්ලැක් මැජික්" තිබේ යැයි විශ්වාස කරන බයියෝ තවත් රටේ එමට සිටිති යන කාරණයයි.//

    නාත දෙය්යො ගෑවිලා නැද්ද?

    ReplyDelete
    Replies
    1. Pra,

      නාත දෙයියෝ සාම්පල් ඇනලයිස් කරලා, නිගමන දෙනවා මිස, විසඳුම් සොයලා ප්‍රශ්නය නිරාකරණය කරන්නේ නෑ නේද?

      I mean, වකුගඩු ලෙඩ නැති වී ගියෝ හෝ අඩුවුනේ හෝ නෑ නේ?

      Delete
  33. මේ පින්තූරඑයේ ඉන්න කාන්තාව (ඇය නම්) ප්‍රිය මනාප බවක් පළ වෙනවා - අමුතු වශීයක් නෙවේ - වික්ටර්ට ඇය ගැන සිතක් පහළ වන්න ඇති - ඉතුරු ටික දේපළ පිළිබඳ ගැටළුවක් විය හැක - ඇය ගෝල්ඩ් ඩිගර් කෙනෙක් ද කියන්න දන්නේ නැහැ- හැබැයි ඔය බ්ලොග්වල පට්ට රැඩිකල් ටෝක් දෙන අය සැබෑවටම තමන්ට ජීවන අත්දැකීම්වලට මුහුණ දීමට වුවිටත් ඔය රැඩිකල් බවම දක්වනවාද යන්න සැක සහිතයි - මම ළඟදී බුකියේ දැක්ක කතාවක් “ප්‍රශ්නය තමන්ගේ නොවන තාක් කල් ඒ පිළිබඳව දාර්ශනික විය හැක“ 
    සමාජ ජාල හා බ්ලොග් වල ඕවර් ද ටොප් රැඩිකල් පොරවල් ගැන ඕල්වේස් සස්පිෂස්

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්නය තමන්ගේ නොවන තාක් කල් ඒ පිළිබඳව දාර්ශනික විය හැක කියන කතාව අනාගතයේ දී ඔප්පු වෙන්න ඉඩක් තිබුණාට ඒ තවමත් සිදුනොවුණු දෙයක් උපයෝගී කරගෙන අද යමෙකු පළ කරන මතයක් නිශ්ප්‍රභා කරන්න බෑ නේ.

      මේ තත්වය මා දැක තියෙනවා සමකාමීන්ගේ අයිතිවාසිකම් ගැන කතා කරනකොටත් හොමෝෆෝබික් අය ඝෙන එනවා!

      Delete
  34. බාළ වියේ සිටම දරුවන් මේ මිත්‍යාවෙන් ගලවා ගත්තම හරි. ඒකට හොඳම අඩිතාලම ආගම් පිස්සුවෙන් ඈත් කිරීම. මා එසේ කොට මගේ දරුවාට මිත්‍යාවෙන් ඈත් කිරීම ගැන බොහෝ සෙයින් සතුටු වෙනවා.
    මේ ප්‍රශ්නෙදි වික්ටර්ට පාරාවළල්ලක් වෙන්නෙ ඔහුම දරුවන්ව මිත්‍යාවේ ගිල්ලීමයි. වශී බන්ධන, බෝධි පූජා වැනි ප්‍රාථමික මිත්‍යාවන් වල දරුවන් සිරකොට තැබන්නට ඇත්තේ ඔහුමයි.
    අනෙක අවුරුදු ගණනාවක් එකට වාසය කරද්දි නොතිබූ ඇම්ම විවාහ වූ පසු මතුවෙන්නේ දේපිළ තන්හාවට.
    හැබැයි සමාජයේ අය උඩ පනින්නෙ ලිංගික කුහකකමට. ව්‍යස 50-60 වත් වුණා නං ඔච්චර සදාචාරෙ ගැන කෑගහන්නෙ නෑ. ඒත් හම්මෝ වයස 30 කියද්දි .......

    ReplyDelete
    Replies
    1. පියෙකු ලෙස ඔබ ඔබේ යුතුකම ඉටු කර ඇත. මගේ තාත්තා ද, අප තිදෙනා මිත්‍යාවෙන් මුදා ගැනීමට සැමවිටම කටයුතු කළා.

      මට නම් පරිසරය වෙනස් නිසා එය ප්‍රශ්නයක්වත් නොවෙයි.

      /* මේ ප්‍රශ්නෙදි වික්ටර්ට පාරාවළල්ලක් වෙන්නෙ ඔහුම දරුවන්ව මිත්‍යාවේ ගිල්ලීමයි. වශී බන්ධන, බෝධි පූජා වැනි ප්‍රාථමික මිත්‍යාවන් වල දරුවන් සිරකොට තැබන්නට ඇත්තේ ඔහුමයි. */

      ඇනේ මන්දා හෙන්රි, මේ අර රත්රරං කෙණ්ඩියේ සිංහ තෙල් වගේ මිනිස්කම ගැන කියූ පියා සහ පුතාලා නේද?

      Delete
    2. ///////මා එසේ කොට මගේ දරුවාට මිත්‍යාවෙන් ඈත් කිරීම ගැන බොහෝ සෙයින් සතුටු වෙනවා/////////////////

      +++++++++++++++++.
      අපිව මිත්‍යාවෙන් මුදවාගත්තාට දෙමව්පියන්ට ස්තූති වන්ත වෙන්නෙමු!!

      Delete
  35. හිඟන කුහකයෙක් වශයෙන් අප එයට විරුද්ධයි! 😂😭
    සල්ලි තියන හැම නාකියම තරුණ කෙල්ලො බඳින්න ගත්තම දුප්පත් අපට කොහොම වෙයිද? 😜😝
    අපි කුහකයො තමයි.. අපිට ඕනෙ නම් අපි කුහකයො වෙනව!.. ඒක අපේ පෞද්ගලික දෙයක්!!! අපි නීතියෙන් වරදක් කරල තියනව නම් පොලිසි යන්න, නඩු දාන්න!!! 😆😉

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත සල්ලිකාර වයසක අය තරුණියන්ව විවාහ කරගන්න පටන් ගත්තාම තරුණ දුප්පත් කොල්ලන්ට යන කල මොකක්ද නේද?

      වෙනත් වත්කම් උපයෝගී කර ගන්න වෙනවා!

      Delete
  36. මම රස විදින්නේ විකටර්ගේ ගීත විතරයි.විකටර් ගේ පුද්ගලික ජීවිතය අදාල නැහැ.මෙතන රසික මතු කරන වශී ගුරුකම් ගැන කිව්වොත් "වශී ගුරුකම්" කියන ව්‍යපාරයට නොමිලේ හොඳ ප්‍රචාරණයක් තමයි ලෙලුම්ලා දෙන්නේ.ඉරිදා ලංකාදීප පත්තරේ එක පිටුවක් පිරෙන්න නුවර පැත්තේ "වශී කරුවන්ගේ"දැන්වීම් දාලා තියෙනවා.අනිත් අතට වශී ගුරුකම් වලින් ආදරය දිනා ගන්න පුළුවන් නම් වික්ටර්ගේ ගීත වල වටිනාකමත් ශුන්‍යයි.

    ReplyDelete
    Replies
    1. ඕක සමහර සමාජවලත් තියෙනවා නේද? චිත්‍රපටවල ආදර සම්බන්ධතා පිරිලා. නමුත්, සමාජයේ අති බහුතරය විවාහ වෙන්නේ දෑවැදි සමග ප්‍රපෝසල්වලින්!

      Delete
  37. කරන්න දෙයක් නැහැ රසික. රටම මිථ්‍යාවෙන් ඔඩු දුවලා. අද මිනිස්සුන්ගේ කසාද, දික්කාසාද වලටත් වශී සහ පූජා අංක එක වෙලා. වික්ටර් තව කී කාලයක් ජීවත් වෙයිද...ඒත් මේ මිත්‍යාව සදාකල් පවතියි. කරුමේ..

    ReplyDelete
    Replies
    1. ඔව් අරුණ!

      ඒ සමගම මට මේ ප්‍රතිචාර කියවද්දී ඇතිවුණු ප්‍රශ්ණයක් තමයි, මේ වශී ගුරුකම්වලට සහ බෝධිපූජාවලින් පවුල් කැඩීමට විරුද්ධව මා ලියා ඇති මේ ලිපිය ගැන මට බැන වැදී ඇති අය ඉන්නේ කොයි තරම් කනගාටුදායක තැනක ද කියන එක!

      Delete
  38. Nath Ranasinghe8 March 2017 at 07:27

    මේ ලිපියට ගැලපෙන ගීතය මෝහෙන් මුළා වෙලා ගීතයයි

    ReplyDelete
  39. නරලොව හොල්මන්

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.