Thursday 10 August 2017

මොන රෙද්දක් ද මන්දා? - Shut eyes, shut mouth, shut or!


මගේ බ්ලොග් ලිවීමේ වැදගත් සන්ධිස්ථානයක් වූ ලිපි 500 කඩ ඉම පසුවුනේ පසුගිය සතියේ සිකුරාදා ය.

එදින වන විට බ්ලොගය අරඹා ගතවී තිබුණේ දින 1012 ක් පමණි. එනම් සෑම දෙදිනකට ම වරක් මා ලිපියක් ලියා පළ කර ඇත.

මගේ වාර්තාව දැක කවුරු ඇස් වහගත්තා ද, කට වහගත්තා ද (සහ ගිය සතියේ මුල්වරට මා උගත් පරිදි - තෑන්ක්ස් සුජීව කොකාවල) හෝ වහගත්තාදැයි නොදනිමි. මා දන්නේ එදින සිට අද වෙන විට සතියක පමණ මට සාපේක්‍ෂව දිගු කලක් ගත වී ඇතත් රසිකොලොජි බ්ලොගයේ කිසිවක් පළ නොවූ බව පමණි.

ඇත්තට ම කියනවා නම් අගෝස්තු මාසයේ මේ දක්වා පළ වී ඇත්තේ ලිපි දෙකෝ ම දෙකකි.

මොන රෙද්දක් ද මන්දා?

මෙය රයිටර්ස් බ්ලොක් එකක් හෙවත් ලේඛකයින්ට වැළදෙනවා යැයි කියනු ලබන භයංකාර රෝගය නම් නොවේ. මම සන්නස සඟරාවේ මගේ කොලමට මාසික ලිපිය සකසා යැව්වෙමි.

ඒ අතරතුරේ කවියක් ද ලියා වෙනත් සඟරාවකට යැවීමි. වෙනත් අයෙකුගේ ලිපියක් සංස්කරණය කළ අතර, ළඟඳී පළවීමට යන පොතක් සඳහා තවත් ලිපියක් ලියමින් සිටිමි.
එසේනම්, ඇත්තට ම සිදුවූයේ මොන රෙද්දක් ද?

රසිකොලොජිය ලියන්නට සාමාන්‍යයෙන් මා පාවිච්චි කරන, සතියේ දිනවල දුම්රිය ගමනට ගතවෙන කාලය, මේ සති දෙක තුනේ පෙර කී ආකාරයේ වෙනත් ලේඛන වැඩවලට යොදන්නට සිදුවීම එක් හේතුවකි.

ඒ වෙනත් ලේඛන කටයුතුවලට සාමාන්‍යයෙන් ගත කරන නිවසේ ඉන්නා විවේක කාලය, මගේ තවත් විනෝදාංශයක් වූ නාට්‍යය වැඩ කටයුතු සඳහා ගත කරන්නට සිදුවීම ඒ හේතුවට හේතුවයි.

කල් වේලා ඇතුව රසිකොලොජිය සඳහා කෙටුම්පත් කළ ලිපි කිහිපයක් ම තිබුණ ද, ඒවා පණ ගස්සා ගැනීමට හිත නොදීම අනෙක් හේතුවයි.

ඒ මොන රෙද්ද වුණත්, අවසාන ප්‍රතිථලය වුණේ, රසිකොලොජි බ්ලොගයේ කිසිවක් පළ නොවීමයි.

එසේ වූ නමුත් දැන් අඩ පැයකට පමණ පෙර, කාර්යාලයේ වැඩ අවසන්ව බ්ලොග් රෝලට ගොඩවුණු වෙලේ ඇස ගැටී මා කියවූ "මොන (සෙද්ද/මගුල/රෙද්ද)ක් ද?" යන මැයෙන් ලියවුණු ලිපි කිහිපය නිසා ගලා යන රැල්ලට මට ද එක්වන්නට සිතුණි.

මේ රැල්ල ඇරඹූ කල්‍යාණ මිත්‍රයාටත්, රැල්ලට අසු වූ ඉයන් සහ හැලපේටත් කිය වූ සැමටත් ජයවේවා.

මගේ "මොන රෙද්දක් ද මන්දා?" සටහන දැන් අවසන් ය.

-රසිකොලොජිස්ට්

ප/ලි:
පින්තූරයේ දැක්වෙන්නේ අපේ නිවසේ වැවෙමින් තිබුණු ගස්ලබු ගස් දෙකට සිදුවී ඇති නස්පැත්තියයි.

31 comments:

  1. හැහ්.. රැල්ලට හරි කමක් නෑ බ්ලොග් රෝල අප්ඩේට් වෙනවනම්.. රසිකලොජිය අප්ඩේට් වෙන්නේ නෑ කියන්නේ නම් සීරියස් ඉශූ එකක්.. අර දින ගාන 112 නෙවෙයි මගෙ හිතේ 1012 හරි 1112 වගේ වෙන්නෝනි.. ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. බ්ලොග් පෝස්ට් දාන්නෙ කොහොමද බන් රටේ මිනිස්සු ඉන්නෙ පුදුමාකාර විදිහට කලකිරීමෙන්, එහෙන් රටේ ආර්ථිකය කඩා වැටිලා, බිස්නන්ස් ඔපොචුනිටීස්/ ජොබ්ස් අඩුවෙලා, බෝනස්/ ඉන්ක්‍රිමන්ට් කපලා. මෙහෙන් දූෂිත දේසපාලුවන්ගේ හිරිකිත හොරකම් නිසා ටීවී රේඩියෝ එෆ්බී බලන්නත් අප්පිරියයි.

      අපිත් ඡන්දෙ දීලා පත්කරගත්තු යහපාලන ආණ්ඩුවට පක්ෂව පෝස්ට් එකක් දැම්මොත් බලන එවුන් ඇවිත් අමු තිත්ත කුණුහබ්බෙන් බැනල කමෙන්ට් දානවා හෙලුවෙන් කඩේ යන්න එපා කියල. අනික් පැත්තෙන් සරසා කුමාර මල්ලෙ පොල් එකේ ආණ්ඩුවේ රෙදි හෝදනවා කියල මඩ ගහනවා.

      අනික් අතට ආණ්ඩුව විවේචනය කරල පෝස්ට් එකක් දැම්මොත් අපේ නම් ගම රස්සාව විස්තර හොයල අතේ පැලවෙන කෙබර ගලපල "ලංකා-ඊ-නිව්ස්" මඩ වෙබ් අඩවියේ මඩ ගහල ගහල චරිතය ඝාතනය කරල රස්සාවත් නැතිකරල දානව අජිත් ධර්මකීර්තිලා ඇතුළු නෙළුම් යායේ කැපුවත් කොළ යූ එන්පී කට්ටිය.

      ඉතින් කොහොමෙයි බන් පෝස්ට් දාන්නේ, ආච්චිගේ ඇටේ තමයි.

      Delete
    2. නැව ටයිටැනික් වන්නේ
      රසිකලොජි ඉන්නේ
      නැව මුහුද මැද ගිලුනේ
      රසිකලොජි මැරුණේ

      Delete
  2. ආසිරි රෝහලේ දත් ජොස්තර ‘කුමාරයා‘ තරුණියකගේ දත් බලන ගමන් ලිංගික අතවර කරලා

    (ලංකා ඊ නිව්ස් -2017.අගෝ.04, පෙ.ව‍‍‍‍‍.8.15) කොළඹ ප්‍රකට පුද්ගලික රෝහලක් වන ආසිරි පුද්ගලික රෝහලෙන් දන්ත ප්‍රතිකාර ලබා ගැනීමට ගිය තරුණියකට දන්ත ප්‍රතිකාර කරන අතරතුරදී දත් ජොස්තරයා විසින් ඇයගේ ශරීරය නොමනා ලෙස අත පත ගාමින් ලිංගික අතවරයක් කළා යැයි බලධාරීන් වෙත පැමිණිලි කර තිබේ.

    මෙම පාහර ක්‍රියාව කරන ලද දත් ජොස්තරයා නමින් කුමාර කළුආරච්චි නමැත්තෙකි. (සේයාරුවේ දැක්වේ) අතවරයට පත් තරුණියගේ ඥාතිවරියක වන ප්‍රියන්ති ජයසිංහ මහත්මිය විසින් ආසිරි පුද්ගලික රෝහලේ අධ්‍යක්‍ෂකවරයාටද , ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයටද, ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ද, මේ සම්බන්ධයෙන් ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. (එම පැමිණිල්ලේ පිටපතක් ලංකා ඊ නිව්ස් වෙත එවා ඇති අතර එය මෙහි දැක්වේ.)

    මීට ඉහතදීද දන්ත වෛද්‍ය කුමාර කළුආරච්චි විසින් තරුණ රෝගී කාන්තාවන්ට විවිධ අතවර සිදු කොට තිබෙන බවට වාර්තා වී ඇත​. මෙම පුද්ගලයාගේ නොමනා ක්‍රියා කලාපය නිසා ඔහුගේ වෛවාහික බිරිඳද මොහුව අතහැර දමා විදේශ ගතවී තිබේ.

    ලංකාවේ කෙතරම් වෛද්‍යවරුන්ගේ හිඟයක් පැවැතියද, මෙවැනි පාහර ජොස්තර නීචයන්ගේ වෛද්‍ය බලපත්‍ර අහෝසි කර, මොවුන්ට උගැන්වීමට මහජනතාව විසින් වියදම් කරන ලද බදු මුදල්ද මොවුන්ගෙන් අයකර, වෘත්තියෙන් පන්නා දමා වෛද්‍ය වෘත්තියේ උත්තම භාවය ආරක්ෂා කර ගැනීමට බලධාරීන් කටයුතු කළ යුතුය.

    ReplyDelete
  3. මොන සෙද්දක් ද?

    ReplyDelete
  4. ගෙදර ලස්සනට හැදී ගෙන එන ගස්ලබු ගහේ කොළ ටික ඔක්කොම වඳුරෝ කාලා දානවා තාප්පේ උඩ ඉඳන් "මොන රෙද්දක් ද මන්දා?".

    ReplyDelete
    Replies
    1. අඩු වශයෙන් වඳුරන්ගේ හරි බඩ පිරෙනවා නේ!

      Delete
  5. කන ගස්ලබු ගසක් ඇති හින්දා
    මොන ලිපියක්ද කියා බැලු හින්දා
    දින ගනන් මෙහි ලියා ඇති හින්දා
    මොන සෙද්දක්ද හිතෙනව අනෙ මන්දා....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. අමු ගස්ලබු හොඳයි අබ අච්චාරුවට
      ඉඳුණට පසුව පළතුරකිය එය අපට
      කන්නට හැකිලු දළු මැල්ලුම හොඳ රසට
      ඒ සැම සිහින සුන්විය වින්ටර් පවට!

      Delete
  6. රසික, මෙම පුවත ගැන ඔබගේ අදහස කුමක්ද? අනෙකුත් බ්ලොග්කරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වල උදවියට පහත් අන්දමින් අපහාස කෙරු අයෙක් නේද මෙහි සදහන් ජෝස්තරවරයා?

    ...

    ආසිරි රෝහලේ දත් ජොස්තර ‘කුමාරයා‘ තරුණියකගේ දත් බලන ගමන් ලිංගික අතවර කරලා

    (ලංකා ඊ නිව්ස් -2017.අගෝ.04, පෙ.ව‍‍‍‍‍.8.15) කොළඹ ප්‍රකට පුද්ගලික රෝහලක් වන ආසිරි පුද්ගලික රෝහලෙන් දන්ත ප්‍රතිකාර ලබා ගැනීමට ගිය තරුණියකට දන්ත ප්‍රතිකාර කරන අතරතුරදී දත් ජොස්තරයා විසින් ඇයගේ ශරීරය නොමනා ලෙස අත පත ගාමින් ලිංගික අතවරයක් කළා යැයි බලධාරීන් වෙත පැමිණිලි කර තිබේ.

    මෙම පාහර ක්‍රියාව කරන ලද දත් ජොස්තරයා නමින් කුමාර කළුආරච්චි නමැත්තෙකි. (සේයාරුවේ දැක්වේ) අතවරයට පත් තරුණියගේ ඥාතිවරියක වන ප්‍රියන්ති ජයසිංහ මහත්මිය විසින් ආසිරි පුද්ගලික රෝහලේ අධ්‍යක්‍ෂකවරයාටද , ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයටද, ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ද, මේ සම්බන්ධයෙන් ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. (එම පැමිණිල්ලේ පිටපතක් ලංකා ඊ නිව්ස් වෙත එවා ඇති අතර එය මෙහි දැක්වේ.)

    මීට ඉහතදීද දන්ත වෛද්‍ය කුමාර කළුආරච්චි විසින් තරුණ රෝගී කාන්තාවන්ට විවිධ අතවර සිදු කොට තිබෙන බවට වාර්තා වී ඇත​. මෙම පුද්ගලයාගේ නොමනා ක්‍රියා කලාපය නිසා ඔහුගේ වෛවාහික බිරිඳද මොහුව අතහැර දමා විදේශ ගතවී තිබේ.

    ලංකාවේ කෙතරම් වෛද්‍යවරුන්ගේ හිඟයක් පැවැතියද, මෙවැනි පාහර ජොස්තර නීචයන්ගේ වෛද්‍ය බලපත්‍ර අහෝසි කර, මොවුන්ට උගැන්වීමට මහජනතාව විසින් වියදම් කරන ලද බදු මුදල්ද මොවුන්ගෙන් අයකර, වෘත්තියෙන් පන්නා දමා වෛද්‍ය වෘත්තියේ උත්තම භාවය ආරක්ෂා කර ගැනීමට බලධාරීන් කටයුතු කළ යුතුය.

    ReplyDelete
    Replies
    1. අපේ සත පහක සම්මාදමක් නොතිබුණාට දොස්තර ලිංගික අතවරආච්චි ගේ මේ අතවර වල බජට් එක අපිට ඕනා.

      Delete
  7. මේකනං චීත්ත රෙද්දක්ද කොහෙද. හැක්..

    ReplyDelete
    Replies
    1. @vn~n#wQ, e~w~, k#mwQ nm| @p`rv`@gn nQq` gn~n h#kQ wrmt @l`kOyQ!

      Delete
    2. වෙන්නැති, ඒත්, කැමති නම් පොරවාගෙන නිදා ගන්න හැකි තරමට ලොකුයි!

      (@vn~n#wQ, e~w~, k#mwQ nm| @p`rv`@gn nQq` gn~n h#kQ wrmt @l`kOyQ!)

      Delete
  8. තව සෙද්දෙ පෝස්ට් එකක්

    ReplyDelete
  9. ඕව මොනවද මම පළ කරන්නෙ මාසයකට එක ලිපියක් පමණි
    මේ මාතෘකාව දුටු විට ස්ටැන්ලි කුබ්රික්ගේ අවසාන චිත්‍රපටය මතක් විය

    ReplyDelete
    Replies
    1. ඒ කිඩ්මන්-කෲස් මූවි එක මට මිස් වුණා!

      Delete
  10. සෙද්ද හොඳයි වගේ
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. කලකට හොඳයි කලකට විස වෙනවාලු!

      Delete
  11. ශතක පහට සුභ පැතුම්. තවත්ශතක පහකට ඔබටත් කෝච්චියටත් ආසිරි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.
      කෝච්චි ගමන දිනකට පැය එකහමාරකින් වැඩිවෙන තැනක රැකියාවකට අයැදුම්පතක් යොමු කළ මුත් එය සාර්ථක නැති බව පෙනේ.
      ලැබුණා නම්, බ්ලොගය තරමක් ඝොඩ ගත ගැකි වෙනු ඇත!

      Delete
  12. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  13. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  14. ඇලෙක්ස් ඩිලාජ්16 August 2017 at 16:06

    හිතවත් රසික

    ඔබට හා රාජපක්ෂ විරෝධී අනෙකුත් බ්ලොග් කරුවන්ට කිසියම් බ්ලොග් කරුවෙක් විසින් පුද්ගලික මට්ටමින් පසුගිය කාලයේ පහර දුන් බව මම දනිමිත එසේ වුවත් ඉහතින් ඇති ජුගුපුස්සාජනක පුද්ගලික තොරතුරු අඩංගු කොමෙන්ටු නම් ඔබේ බ්ලොගයේ තබා ගැනීමට තරම් නොවේ -

    ReplyDelete
    Replies
    1. ඔබ හරි L.

      මේ දිනවල බ්ලොග් එක අයාලේ යනවා වෙනත් වැඩ කටයුතු නිසා. මේ ලිපිය පළ කර සතියක් විතර ගතවුණා!

      එය ඉවත් කර දමන්නම්.

      Delete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.