Thursday 5 September 2019

පොත් වට්ටම් ප්‍රශ්නය පිළිබඳව මගේ සත පහ - Consumer rights and anti-competitive behaviour


ලංකාවේ සාහිත්‍ය මාසය නිසා සිංහල සාහිත්‍යකාමීහු පිබිදෙමින් සිටිති. මකුළු දැල් බැඳෙමින් තිබුණු මගේ රසිකොලොජි බ්ලොගය ද නැවත පණ ගැහුණේ මේ සාහිත්‍ය මාසය නිසාම ය.

මේ දිනවල සමාජජාලාවල පැතිර යන උණුසුම් පුවතක් නම් ප‌ොත් ප්‍රකාශකයින්ගේ සංගමය නම් සංවිධානය මගින් තමන්ගේ ප්‍රකාශන සඳහා ලබාදෙන උපරිම වට්ටම සියයට විස්සක් බව තීරණය කර එය ක්‍රියාත්මක කිරීම සහ එම සංගමයේ සාමාජිකයින් නොවන විශේෂයෙන්ම අන්තර්ජාලය හරහා පොත් විකුණන වෙළඳුන්ට ද 20% ට වඩා වට්ටම් පාරිභෝගිකයින්ට ලබා දීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කිරීමයි.

පොත් ප්‍රකාශකයින් තමන් විසින් ප්‍රකාශනය කරන පොත් සඳහා සිල්ලර මිල නියම කරන්නේ තමන්ම බැවිනුත් සඳහා වට්ටම් ලබා දෙන නොදෙන බව සහ වට්ටම් ප්‍රමාණය තීරණය කරන්නේ ද තමන් ද බැවිනුත් මේ වට්ටම් යනු කෘතිම දෙයක් බව පැහැදිලිය.

එසේම, මගේ අදහස නම් වැඩි වට්ටමක් යනු ප්‍රෝඩාවක් බවයි එනම් සෑම පොතකම මිල රුපියල් දහදාහකට නියම කළහොත් ඔවුනට පාරිභෝගිකයින්ට 95% ක වට්ටමක් දිය හැක.

කෙසේ වෙතත්, පොත් ප්‍රකාශන සංගමයේ සාමාජිකයින් විසින් මේ ක්‍රියාත්මකවන්නේ කතිපයාධිකාරයක (oligopoly) ආකාරයට බවත් එය පාරිභෝගික ආරක්ෂක පනත සහ වෙළඳ නීතිවලට අනුව තරඟකාරී-විරෝධී (anti-competitive) නීති විරෝධී කටයුත්තක් බවත් නිසැකවම කිව හැක. එපමණක් නොව ඔවුන් විසින් තමන් නියම කරන මිලට භාණ්ඩ විකුණන ලෙස පොත් ප්‍රකාශකයින් නොවන වෙනත් වෙළඳුන්ට කරන බලපෑම ද නීති විරෝධී එකක් වේ

මගේ යෝජනාව නම් පාරිභෝගිකයින් ලෙස අප මේ පිළිබඳව සාධාරණ වෙළඳ කොමිසමට සහ වෙනත් පාරිභෝගිකයින්ගේ අයිතිවාසිකම් පෙනී වෙනුවෙන් පෙනී සිටින ආයතනවලට පැමිණිලි කළ යුතු බවයි.

එසේම ධනවාදී වෙළෙඳපොළ නිසි පරිදි ක්‍රියාත්මක වීමට නම් ඒකාධිකාරීත්වය (monopoly) ද්වි අධිකාරීත්වය (duopoly) සහ පෙර සඳහන් කළ කතිපයාධිකාරීත්වය (oligopoly) නොමැතිව වෙළෙන්දන් අතර හොඳ තරගයක් තිබිය යුතු වන අතර ඒ සමගම පාරිභෝගිකයින් සහේතුක (rational) ආකාරයට තීරණ ගත යුතුයි. ඒ සඳහා ඔවුන්ට වෙළෙඳපොළ තත්ත්වයන් පිළිබඳව තොරතුරු නිසි පරිදි ලැබී තිබිය යුතුයි.

සාධාරණ වෙළෙඳ කොමිසම සහ තවත් රජයේ ආයතන පිහිටා තිබෙන්නේ මේ සියලු කටයුතු අධීක්ෂණය කිරීම සඳහා ය.

මෙහිදී ඉතාම වැදගත් කාරණය වන්නේ මා පෙර සඳහන් කළ පරිදි පාරිභෝගිකයින් විසින් සහේතුකව තීරණ ගැනීමයි. යම්කිසි වෙළෙන්දෙකු හෝ වෙළද සංගමයක් විසින් පාරිභෝගිකයින්ට නොමනා අන්දමින් සලකන විට ඔවුන් තවදුරටත් වෙළඳාම කරනවද යන්න පිළිබඳව පාරිභෝගිකයින්ට විශාල බලපෑමක් කළ හැකියි.

පොත් ප්‍රකාශන සංගමයේ කතිපයාධිකාරී ක්‍රියාකාරීත්වය ගැනත් වෙනත් වෙළඳුන්ට කරන බලපෑම් පිළිබඳව පාරිභෝගිකයින් වශයෙන් අප සාධාරණ වෙළඳ කොමිසමට පැමිණිලි කළ යුතු යයි මම නැවතත් යෝජනා කරමි.

ලංකාවේ සේවය කළ සමයේ පාරිභෝගිකයින් විසින් කරනු ලැබූ එවැනි නීති විරෝධී ක්‍රියා පිළිබඳව ඔවුන් විසින් නිසි පරීක්ෂණ පැවැත්වූ බව ඒ සමහර කටයුතු වලට උපදේශකයෙකු ලෙස සහභාගි වූ මම හොඳින් දනිමි.

-රසිකොලොජිස්ට්

(image: https://blog.ipleaders.in/anti-competitive-agreements/)

11 comments:

  1. මෙහෙම ගියොත් නම් පොත් ප්‍රකාශක සංගමය බිඳ වැටෙනවා ඒකාන්තයි!

    ReplyDelete
    Replies
    1. අවමංගලාධාර සංගමයේ සිට පොත් ප්‍රකාශකින්ගේ සංගමය දක්වා සංගම් පිහිටුවා ගන්නේ ඒවායේ සාමාජියකින්ට වාසි ලබා ගන්නයි.

      වාසි අඩු වැඩි කම අනුව සංගම්වල පැවතීම තිරණය වෙනු ඇත!

      Delete
  2. සංගමයට විතරක් නෙවෙයි, කඩදාසි ඇතුළු පොත් ප්‍රකාශනයට බලපාන අමුද්‍රව්‍යවල බදු වැඩිකිරීම ගැනත් පාඨකයන් එකමුතු වෙලා හඩක් නඟන්න ඕන. පොත්වල මිල ඉහළයාමට මේ බදු බරත් බලපානවා.

    ReplyDelete
    Replies
    1. පොත් ප්‍රදර්ශනය ගැන පෙර පැවති උනන්දුව දැන් කොහොමත් අඩුයි. විශාල පිරිසක් ආවත් ඒ බහුතරය වාර්ෂික විනෝද චාරිකාවක් වගේ ඇවිත් යනවා. පොත් ගන්නෙ අඩු පිරිසක්.

      Delete
    2. පොත් ප්‍රදර්ශනයේ තවත් ප්‍රයෝජනයක් නම් සයිබර් හිතවතුන් මුණ ගැසීමට හැකි වීමයි.

      Delete
    3. මටත් ඇත්තටම තියෙන ලොකුම වැදගත්කම ඒක... හිතවතුන් රැසක් එකම බිමක හමුවෙනවා. සමහර අය හමුවෙන්නෙ අවුරුද්දටම එකපාරයි. ඒ මෙතැන. තවත් අය ජීවිතේටම එක පාරයි. අපි වගේ සයිබර් හිතවත්තු සැබෑ ලෝකයේ හමුවන තැනත් එතැන... ඒ වගේ අත්දැකීම් රැසයි...

      Delete
  3. සම්මානනීය සමහර නවකතා කියවගෙන යන්නවත් බැරි තරම්. නවකතාද කියලත් සැකයි.

    ReplyDelete
  4. "විශේෂයෙන්ම අන්තර්ජාලය හරහා පොත් විකුණන වෙළඳුන්ට ද 20% ට වඩා වට්ටම් පාරිභෝගිකයින්ට ලබා දීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කිරීමයි" මෙය ප්‍රායෝගිකව කල හැකි ද? එම තහනම් නියෝගයන් ට පටහැනිව ක්‍රියා කරන්නන්ට විරුද්දව සංගමයට කල හැක්කේ කුමක්ද?

    ReplyDelete
  5. ඉතින් කාලෝ සර් ඔබ පරිස්සමට යන්න.. ආයෙ මෙහෙ එන්න එපා. මමත් දවසක ඔබ ඉන්න තැනට එන්නම්.!!!-සමන් අතාවුදහෙට්ටි-

    ReplyDelete
  6. මෙතැන ප්‍රශ්නයක් තිබෙනවා තමයි . වට්ටම් කියන්නේ වෙලඳාමේ දී උපක්‍රමයක් විතරයිනේ. වෙලඳාම සඳහා බලපෑම් කිරීම ඇමෙරිකා එක්සත් ජනපද ආණ්ඩුවේ සිට චීනය දක්වාම කරන එකක් නේ

    ReplyDelete
  7. තමන්ගේ සාමාජිකයින් නොවන අයට එසේ නිති පැනවීමට ඔවුන්ට අධිකාරී බලයක් නොමැති බවවත් වැටෙහෙන් නැති මන්ද බුද්ධික නිලධාරී මණ්ඩලයක් ද එකේ ඉන්නේ?

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.