පමා වී ඇරඹුණු අපේ තැස්මේනියානු සංචාරය කෝවිඩ් රෝග ලක්ෂණ නිසා සීමාවිය. පසු දිනයේ දියණිය ද, තවත් දින එකක්, දෙකක් නොව තුනක් ම විශේෂ මධ්‍යස්ථානයක වෙන් වී සිටි පුතා සහ මා, ඊළඟ දිනයේ දී මෙඩි-හොටේලයක් වෙත ගෙන යන ලදී.
අද එතැන් සිට.
දෙසැම්බර් 27 වැනිදා දිනයේ ඉතුරු කොටස
උතුරු තැස්මේනියාවේ මුහුදුබඩ ඩෙවන්පෝට් නම් නගරයේ පිහිටි, මේ දිනවල කෝවිඩ් වැළඳීමේ ශක්‍යතාවක් ඇති අය සඳහා වූ කොරන්ටීන් නේවාසික හෝටලයක් බවට පරිවර්තනය කර ඇති සන්රයිස් මොටේලයේ සිට පුතා සහ මා රැගත් රෝගීන් ප්‍රවාහනය කරන ඇම්බියුලන්ස් රථයට අපේ අලුත් නවාතැන වූ ලොන්සෙස්ටන් නගරයේ පිහිටි මෙඩි-හෝටලයට පැමිණීමට පැය එකහමාරක් පමණ ගත විය.
එම රථයේ ඇම්බෝලා හෙවත් ඇම්බියුලන්ස් ඔෆිසර්ස්ලා දෙදෙනෙකු සිටි අතර එයින් කාන්තාව රිය පැදවූවා ය.
ලතින් හෝඩියේ අකුරු දාහතරකින් යුත් අපේ වාසගම (Suriyaarachchi) කියවීම ඔවුන් විස්මයට ලක් කළ දෙයක් වූ අතර මම මගේ සුපුරුදු ස්වොර්ෂෙනෙගර් (Schwarzenegger) විහිළුව නොකළෙමි.
මෙඩි-හෝටල භූමියේ දී හෙදියක් විසින් අපව පිළිගත්තා ය. පුතාටත් මටත් වෙනම කාමර ලැබුණි.
මෙය ද කෝච් හවුස් හෝටේල් නමින් දිගු කලක සිට පවත්වාගෙන ආ සංචාරකයින් නවාතැන් ගන්නා තැනකි. මේ වන විට එය තැස්මේනියානුවන් නොවන කෝවිඩ් ආසාදිතයින් රඳවා තබා ගන්නා වෛද්‍ය මධ්‍යස්ථානයක් බවට තාවකාලිකව පත් කර තිබේ.
මෙම ස්ථානයට පැමිණි විගස අපට දැකගන්නට ලැබුණේ, මීට පෙර අප නැවතී සිටි මධ්‍යස්ථානයේ මෙන්ම මෙහි සේවය කරන සියලු දෙනා ම සම්පූර්ණ ආරක්ෂක ඇඳුම් පැළඳුමෙන් සැරසී සිටින බවයි. එසේම ඒ මොහොතේ ඔවුන් කිහිප දෙනෙකු අපට දැක ගන්නට ලැබුණ ද, ඉන් පසු ඔවුන්ව දැකගන්නට ලැබුණේ දවස් කිහිපයකට පසු අප මෙම මධ්‍යස්ථානයෙන් පිට වී යන මොහොතේ දී පමණි.
අප මෙහි රැදී සිටින කාලයේ අපට කිසිසේත්ම කාමරයෙන් එළියට නොඑන ලෙස තරයේ අවවාද කර තිබුණි. සැපයුම් රැගෙන එන අයෙකු දොරට තට්ටු කළ පසු අප දොර ඇරිය යුත්තේ ද විනාඩි දෙකකට පසුව බව කියවුණි.
මගේ කාමරය මෙවැනි අවස්ථාවක සඳහා බොහෝ දුරට අංග සම්පූර්ණ එකක් විය. කොටින් ම එහි තිබුණු කුඩා (bar fridge) ශීතකරණයට සහ මයික්‍රෝවේව් උදුනට අමතරව අලුතෙන් ම එකතු කළ බව පෙනුණු දෙවෙනි ශීතකරණයක් ද විය. වායුසමන/තාපකය ද අලුත් ම අලුත් එකකි.
එක අඩුවක් වූයේ ඇඳි පුටුවක් නොමැති වීමයි. එවැන්නක් මෙවැනි හෝටල් කාමරයක් අනිවාර්යෙන්ම තිබිය යුතු වුවත්, එය වෙනත් වැඩක් සඳහා ගෙන ගොස් ඇති බව පෙනුණි.
මා නිරීක්ෂණය කළ සුවිශේෂී දෙයක් වූයේ රූපවාහිනියේ දුරස්ථ පාලකය, ලංකාවේ සමහරු කරන්නාක් මෙන්, පොලිතීන්වලින් වසා සකසා තිබීමයි. එයට හේතුව ආසාදිතයින් කාමරය අතැර ගිය පසු සියලු දේ ජීවානුහරණය කිරීම පහසු වීම බව මට ක්ෂණයකින් වැටහී ගියේ ය.
අප කලින් සිටි මධ්‍යස්ථානයේ දී මෙන් ම මෙහි දී ද, ඇඳුම් පිරිසිදු කිරීම සඳහා ලොන්ඩරි සේවයක් සැපයි යුතු වුවත්, ඒ පිළිබඳ කිසිදු සටහනක් විස්තර පත්‍රිකාවේ නොවුණි. කාමරයේ තිබූ ප්ලාස්ටික් බාල්දියේ සහ එහි තුළ් සැඟවී තිබුණු කුඩා ප්‍රමාණයේ රෙදි සෝදන කුඩු පැකට් දෙක මා දුටුවේ ඉන් පසුව ය.
මා කාමරයට පැමිණ ටික මොහොතකට පසු ලොන්සෙස්ටන් රෝහලේ වෛද්‍ය රෙජිස්ටර්වරියක මගේ දුරකථනයට කතා කර රෝග ලක්ෂණ පිළිබඳ සාමාන්‍ය ප්‍රශ්න කිහිපයක් අසා පිළිතුරු ලබා ගත්තා ය. එහි දී තීරණය කෙරුණේ මා කාමරයේ තනිව සිටීමට තැබීමට සුදුසු ද එසේ නොමැතිනම් රෝහලට ඇතුළත් කළ යුතු අයෙකු ද යන්න බව මට වැටහුණි.
ඉන්පසු මෙම ස්ථානයේ පැය විසිහතර පුරාම පවත්වාගෙන යන හෙද සේවයේ හෙදියක මට කතා කර විස්තර විමාසුවා ය. කාමරයේ තිබුණු ඩිජිටල් උෂ්ණත්වමානයකින් සහ ඔක්සිජන් ප්‍රමාණය සහ හෘද ස්පන්දනය මනින උපකරණයෙන් අවශ්‍ය මැනුම් කර හෙදියට ලබා දුන්නෙමි. ඒ මිනුම් සාමාන්‍ය ප්‍රමාණයෙන් විය. උණක් නැත. ඔක්සිජන් ප්‍රතිශතය ද සියයට අනූ හතක් පමණ තිබුණි.
අද උදේ කලින් නවාතැනේ සිටියදී, පැය දෙකක් පමණ සිසිල සඟරාවේ සංස්කරණ කටයුතු කරන්නට හැකිවීම සතුටට කාරණයක් විය. උදේ වරුවේ පුෂ්පා සූරියආරච්චි ලියන චාරිකා සටහන් වොයිස් ටයිප් කළ හැකිවිය. එසේම, පාලිත ගනේවත්ත ගේ අඬහැරය ලිපිය ද, කරු කහටපිටිය ගේ සුභාවිත ගීතය ද සංස්කරණය අවසන් කළෙමි.
බීතල ගේ අකුරු අහුරු ලිපියේ මෙවර පළවෙන්නේ අපූරු කෙටිකතාවකි. විදෙස් පසුබිමක් සහිතව ලියා ඇති එය පරිවර්තනයක් යැයි කියා යමෙකු රැවටීමට ද හැකි තරම් නිසා මෙය "රුසියානු ජාතික ගත්කරු රුවිනියොෆ් බැල්සෝරියස් ගේ Heart Strings කෙටිකතාවේ සිංහල පරිවර්තනය" ලෙස පළ කරමු ද කියා රචකයාට ලියා යැව්වෙමි.
පවතින රෝගී තත්වය නිසා, මට ලැබෙන ලිපි කෙසේ හෝ පෙර පරිදිම සංස්කරණය කර, සිසිල සඟරාවේ ජනවාරි කලාපයට ඇතුළත් කරන්නටත්, ප්‍රමාද වෙන තීරු ලිපි පිළිබඳ අමුතුවෙන් සොයා නොබලන්නටත් සිතා ගත්තෙමි.
බිරිඳගේ දුරකථන ඇමතුමට ද පිළිතුරු සපයා රාත්‍රී එකට පමණ නිදා ගන්නට ගියෙමි.
පසුවදා සිට විස්තරය මේ ලිපි මාලාවේ දහවෙනි කොටසෙන් කියවන්න:
https://rasikalogy.blogspot.com/2022/01/life-continues-in-medi-hotel.html
- රසික සූරියආරච්චි
මුල් කොටස් සඳහා සබැඳි:
1. රසික සූරියආරච්චි ගේ ඔමික්‍රොන් දිනපොත - My Omicron diary
https://rasikalogy.blogspot.com/2022/01/my-omicron-diary.html
2. මගේ ඔමික්‍රොන් සංචාරය තව දුරටත් - There's a first time for everything
https://rasikalogy.blogspot.com/2022/01/theres-first-time-for-everything.html
3. ඔමික්‍රොන් උදාවීම - Oh, yeah, at last!!!
https://rasikalogy.blogspot.com/2022/01/oh-yeah-at-last.html
4. ඔමික්‍රොන් සමයේ මුල් දවස - It is already here among us
https://rasikalogy.blogspot.com/2022/01/it-is-already-here-among-us.html
5. නිරෝධායන සමය ඇරඹෙයි - In isolation
https://rasikalogy.blogspot.com/2022/01/in-isolation.html
6. ඇන්ටිජන් පරීක්ෂණයෙන් පසු - Living in a five metre room
https://rasikalogy.blogspot.com/2022/01/living-in-five-metre-room.html
7. නුඹ නාඩං, නුඹ නාඩං හෙවත් පීසීආර් පරීක්ෂණයේ ප්‍රතිඵල ආ දා - Oh, what a feeling
https://rasikalogy.blogspot.com/2022/01/oh-what-feeling.html
8. අවසානයේ මෙඩි-හෝටලයට ආවෙමු - Medi-Hotel, at last!
https://rasikalogy.blogspot.com/2022/01/medi-hotel-at-last.html
(image: )
දැන් හොඳින් නේද
ReplyDeleteඔව් මේ දෙසැම්බර් 27 කතාව නේ
Deleteලෙඩ ආවත් ඇඟට
ReplyDeleteයන්තම්වත් තිබේ නම් පණ
සිසිලෙන් සිසිල ගෙන
වෙර ලබනවා වාගෙය!
වෙලාවකට සිසිලෙන් රත් වෙනවා!
Deleteවිනාඩි දෙකක් මොක්ක්ද අර මනුස්සය දොර ගාව හිටගෙන කරන්නෙ.
ReplyDeleteමං හිතන්නේ හෝටලේ එක තට්ටුවක එක පෙලට කාමර පහක් තියෙනවා. කෑම යනාදිය රැගෙන එන සේවකයා විනාඩි දෙකක් ඇතුළත ඒ කාමර පහේ බඩු දොර අසල ඇති ටීපෝව මත නියා නික්ම යා යුතුයි. එවිට මුණ ගැසීමක් නැත.
Deleteකොරිඩෝරයේ ඒ අතට සහ ආපසු මේ අතට යන්න එන්නත් තියෙනවා නේ
හ්ම්...
ReplyDeleteහා
Deleteමන් නිදාගන්න කලින් youtube එකට ගිහින් dopamine hit එකක් ලබාගන්න එක ඇඩික්ට් වෙලා මම /_ \ . දැන් නිදාගන්න කලින් කරන්නේ මොනා හරි කියවන එක . සිසිල කියවන්නෙත් නිදාගන්න කලින් (^◕.◕^)
ReplyDelete