Sunday 2 January 2022

කොළඹ කුලපති කේස් එක සහ විරෝධය පෑම ගැන මගේ ඩොලර් මිලියන් දෙක - Colombo University Protest December 2021


නොබෝදා පැවැති කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයේ දී උපාධිලාභීන් සමහර දෙනෙකු විශ්වවිද්‍යාලයේ අලුතෙන් පත් කෙරුණු උපකුලපති මුරුත්තෙට්ටුවේ ආනන්දගෙන් උපාධි සහතිකය ලබාගැනීමට ප්‍රතික්ෂේප කරණ උපාධි ප්‍රධාන උත්සවේ වීඩියෝ දර්ශන නැරඹූ අය අතර ඒ පිළිබඳ දක්වන අදහස්වලින් සෑහෙන බෙදීමක් පෙනෙන්නට තිබේ.

මෙහිදී මා නිරීක්ෂණය කළ එක් කරුණක් නම් පොදුවේ අපට වටහාගත හැකි පරිදි මුරුත්තෙට්ටුවේ ආනන්ද නමැත්තා කිසිසේත් ම නුසුදුසු එම තනතුර සඳහා ඔහුව පත් කළ ජනාධිපති ගෝඨාභයට සහය දක්වන බයියන් පිරිස උපාධිධාරීන් විසින් කළ එම විරෝධය හෙළා දකින අතර සාමාන්‍යයෙන් ප්‍රගතිශීලී අදහස් දරන කිහිපදෙනෙකු ද විවිධ හේතූන් නිසා එම ක්‍රියාව වැරදි යැයි පැවසීමයි.

මා දන්නා එක් මිතුරෙකු ෆේස්බුක් අවකාශයේ සටහනක් තබමින් එසේ පවසා ඇත්තේ, සමහර විට ඔහුගේ විශ්වවිද්‍යාල සම්ප්‍රදාය පිළිබඳ ඇති ගෞරවය නිසා, සම්ප්‍රදාය කැඩීමෙන් සිදුවෙතැයි ඔහු සිතන අගෞරවය, නොඑසේ නම් උපාධි ප්‍රදානෝත්සවයේ දී විරෝධය පෑමෙන් විශ්වවිද්‍යාලයට සිදුවෙතැයි ඔහු සිතන අගෞරවය, එසේ විරෝධය දැක්වීමට වඩා වැදගත් යැයි සලකන නිසා යැයි මට සිතුණි.

අවුරුදු විසි දෙකකටත් වඩා දිගු කාලයක් තිස්සේ, කොළඹ විශ්වවිද්‍යාලය ද ඇතුළුව, විශ්වවිද්‍යාල රාශියක රස්තියාදු වී ඇති මගේ මේ පිළිබඳ අදහස ද කොහේ හෝ තැනක සටහන් කර තැබිය යුතු යැයි මට සිතුණි.

මගේ අවංක අදහස ඉතා කෙටියෙන් මුලින් ලිව්වොත්, උපාධිධාරීන් විසින් කරන ලද එම විරෝධය අඩංගු වීඩියෝ දෙක තුනක් නැරඹූ මට කිව හැක්කේ ඒ ඉතා සාමකාමී විරෝධය දැක්වීම මෙවැනි අවස්ථාවකට ඉතා උචිත බවයි.

ඊට අමතරව එවැනි විරෝධයක් කිරීමට සුදුසුම අවස්ථාව එය වූ නිසා එසේ නොකර සිටියා නම් සිදුවන්නේ සිදුවීමට නියමිතව තිබුණේ මීට වඩා මීට වඩා විශාල වරදක් සහ නොසලකා හැරීමක් බවයි.

විශ්වවිද්‍යාලයේ ගෞරවය කෙළෙසෙනවා නම් එය සිදු වූයේ පෙරකී විරෝධය නිසා නොවේ. එකී විරෝධයට බඳුන් වූ පුද්ගලයාව එම තනතුරට පත් කළ නිසා ය. එය දිගු කළහොත්, එම පුද්ගලයා එම තනතුරට පත් කළ පුද්ගලයාව, රටේ ජනාධිපතිවරයා ලෙස පත් කළ මොහොතේ, ඔහුට ඡන්දය දුන් පිරිස එකල නොදැන සිටියත්, අගෞරවය සිදුවීමේ මූලික පෙරනිමිත්ත සෑදුනි.

නුසුදුසු පුද්ගලයෙකුව තනතුරකට පත් කළ විට, එවැන්නන් නිසි පරිදි කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කළ නොහැක. එනිසා දැන හෝ නොදැන මෙම වරද, එනම් විශ්වවිද්‍යාලෙට අගෞරව කිරීම, මූලිකවම කර ඇත්තේ හැටනම ලක්ෂයක් වූ බයියන් පිරිසයි.

මුරුත්තෙට්ටුවේ ආනන්ද ගේ ද වරදක් නැත. මගේ මතකයට අනුව ඇත්තටම සිදුවූයේ දිගු කලක් තිස්සේ බයියෙකු වී සිටි මුරුත්තෙට්ටුවේ ආනන්ද එක්වරම ජනාධිපති, අගමැති ඇතුළු රොත්ත බුරුත්තම විවේචනය කරන්නට පටන් ගත් අතර ඔහුගේ කට වැසීමට පිරිකරක් ලෙස මෙම කුලපති තනතුර ප්‍රදානය කරන ලද බවයි. අල්ලසක් සේ පෙනුණත් එය දානයක් නිසා ප්‍රතික්ෂේප කිරීමට කරුණක් මුරුත්තෙට්ටුවේ ආනන්දට තිබෙන්නට නැත.

මෙම පත්වීම සිදු කළ අවස්ථාවේ දී (3 නොවැම්බර් 2021) මා පවසා සිටියේ මෙයයි
මගේ අත්දැකීම් අනුව නම් විශ්වවිද්‍යාලයක කුලපතිකම යනු පරිපාලනයට සෘජු සම්බන්ධතාවයක් නැති ceremonial තනතුරකි. මා ලංකාවේ විශ්වවිද්‍යාල දෙකකින් උපාධි ලබා වෙනත් විශ්වවිද්‍යාල දෙකක සේවය කර ඇති නමුත් ඉන් කිසිවක කුලපතිව සිටියේ කවුදැයි එකල දැන සිටියේ නැත. දැන ගැනීමට අවශ්‍යතාවක් ඇති වූයේද නැත. එනිසා යම් විශ්වවිද්‍යාලයක කුලපති ලෙස මිගෙට්ටුවත්තේ ගුණානන්ද සිටිය ද, මුරුත්තෙට්ටුවේ ආනන්ද සිටිය ද, කිරිබත්ගොඩ ඤාණානන්ද සිටිය ද ලොකු වෙනසක් නැත. ඇති එකම වෙනස නම්, ආනන්ද හෝ ඤාණානන්ද ඔය තනතුරට පත් කළ විට අපිට පොඩි ආතල් එකක් ගැනීමට හැකිවීමයි.
නමුත් මෙවැනි තනතුරක් සඳහා පත් කළ යුත්තේ අඩුවශයෙන් උපාධි මට්ටමේ හෝ සුදුසුකම්ක් සපුරා ඇති පුද්ගලයෙකු බව අමුතුවෙන් කිව යුතු නැත.

උපාධි ප්‍රදානෝත්සවයේදී නුසුදුසු කුලපති අතින් තම උපාධි සංකේතය ලබා ගැනීම ප්‍රතික්ෂේප කිරීමෙන් විරෝධය පෑ උපාධිධාරීන් පිරිසටත්, එම විරෝධය එලෙස සංවිධානය කළ පිරිසටත් මගේ ප්‍රණාමය පුද කරමි.

-රසික සූරියආරච්චි

ප/ලි:
මේ ලිපිය ලියුවේ 2021 දෙසැම්බර් 21 වෙනිදා ය. හේතු කිහිපයක් නිසා එය නිසි පරිදි පළ කිරීම අතපසු විය. දිනය වෙනස් නොකර එලෙසම පළ කරමි.

(image: https://www.bbc.com/tamil/sri_lanka/2016/02/160201_mahinda_vihara)

5 comments:

  1. නොසුදුස්සන් හැමදාමත් පත් කරලා
    රට දැන් බල්ලටම ගිහිල්ල ඇත වැටිලා
    ඒ ටික කළේ අපි පුරවැසි වාහේලා
    ඒකයි අපට කෙළවන්නේ හිටු කියලා

    ReplyDelete
  2. මචන් රසිකලොජිස්ට්,

    //මුරුත්තෙට්ටුවේ ආනන්ද ගේ ද වරදක් නැත. මගේ මතකයට අනුව ඇත්තටම සිදුවූයේ දිගු කලක් තිස්සේ බයියෙකු වී සිටි මුරුත්තෙට්ටුවේ ආනන්ද එක්වරම ජනාධිපති, අගමැති ඇතුළු රොත්ත බුරුත්තම විවේචනය කරන්නට පටන් ගත් අතර ඔහුගේ කට වැසීමට පිරිකරක් ලෙස මෙම කුලපති තනතුර ප්‍රදානය කරන ලද බවයි. අල්ලසක් සේ පෙනුණත් එය දානයක් නිසා ප්‍රතික්ෂේප කිරීමට කරුණක් මුරුත්තෙට්ටුවේ ආනන්දට තිබෙන්නට නැත.
    //

    මේක නම් හිලේරියස් ඕයි, පට්ට. මුරුත්තෙට්ටු හොර ගනගෙඩියට තට්ටේට අත මිට මොලවලා තදින් හොඳ සද්දෙට ටොක්කක් ඇනලා මේ පෝස්ට් එක (විශේශයෙන් මේ quoted කොටස) පෙන්නන්න පුළුවන් නම් සෑහෙන්න වටිනවා, මූණ කජු ලෙල්ල වගේ වෙයි ඕයි, හොර ගණගෙඩියගේ.

    ඒ වගේම කොළඹ හිටපු අගරදගුරු අතිඋතුම් දේවධර්මාචාර්ය ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණෝ කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති ධුරය හෙබවූ සමයේ පැවති වැදගත් සම්ප්‍රදායන් මේ හොර ගණ හැතිකරය විසින් වනසන අයුරු ඉතාම ශෝචනීයයි.

    අති උතුම් ෆ‍්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමන්ගේද ගෞරවයට පත්වෙමින් ජාත්‍යන්තර කීර්තියට පත් ඔස්වල්ඩ් ගෝමිස් හිටපු කොළඹ සරසවි කුලපති වූ ආච්බිශොප් (අගරදගුරු) හිමිපාණන් වහන්සේ ලංකා සමාජය තුළද දැඩි පිළිගැනීමකට සහ ගෞරවයකට ලක් වූ අතර හිටපු ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා පවා මේ බව ප්‍රසිද්ධියේ ප‍්‍රකාශ කළේ විශ‍්‍රාමික අගරදගුරු අති උතුම් ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන්ගේ රදගුරු අභිෂේකයේ ස්වර්ණ ජයන්තිය නිමිත්තෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ සංවිධානය කර තිබු උත්සවයට එක්වෙමින්. ජාති, ආගම් භේදයකින් තොරව සියලු ජනතාවට සෙනෙහබර වෙමින් හිටපු කොළඹ සරසවියේ කුලපති අති උතුම් ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන් වහන්සේ ආගමික සහ සාමාජයීය වශයෙන් ඉටුකරන පුළුල් මෙහෙවර ද මෙහිදී හෑල්ලුවට ලක් වන්නේ මෙවැනි හොර ගණයින් උන්වහන්සේගේ ළඟින් වත් තියන්න බැරි තරමට අජූත නිසයි.

    ඇත්තටම ඔය හොර ගණ හැත්ත තමයි ලංකාවට වෙලා තියෙන හෙනේ. ඇයි අර නාන ක්ෂාර වාචාලයා එක රටක් එක නීතියක් හදන නන්දසේනගේ අටමගලෙට පත්කළෑ? මීට වඩා ගොන් වැඩක් ඒක නම්.

    තැරිදාර පුන්නක්කු අමු මීහරක් කාලකන්නි බයියෙක් වුණත් කොන්දක් තියෙන දේශපාලකයෙක් වෙච්ච අධිකරණ අමාත්‍ය අලි සබ්රි තමන්ට තවදුරටත් අධිකරණ අමාත්‍ය ධුරයේ කටයුතු කිරීමට නොහැකි බව පවසා ඇත. ඔහු මේ බව සඳහන් කර ඇත්තේ මුස්ලිම් ආගමික නායකයන් සහ මවුලවිවරුන් සමඟ පැවති සාකච්ඡාවකින් පසුවයි.

    ‘එක රටක් එක නීතියක්’ වෙනුවෙන් ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපති ධුරය සඳහා ගල, ගොඩ අත්තේ ඥාන ක්ෂාර නමැති චීවරධාරිය පත් කිරීමෙන් පසු ඒ පිලිබද සාකච්ඡා කිරීම සඳහා මෙම ආගමික නායකයන් අමාත්‍යවරයා හමුවී තිබිණි. සබ්රිද මෙම පත් කිරීම සම්බන්ධයෙන් රජයට විරෝධය පළ කර ඇති අතර ඔහුගේ මතය වී ඇත්තේ අදාළ පත්වීම සෑම ජන වර්ගයකටම සාධාරණ ලෙස ක්‍රියා කිරීමට බාධාවක් වනු ඇති බවයි.

    ReplyDelete
  3. එම කාර්ය සාධක බලකාය මේ ආකාරයෙන්ම ක්‍රියාත්මක වන්නේ නම් තමන්ට අමාත්‍යධූරයේ තවදුරටත් කටයුතු කිරීමට නොහැකි වනු ඇති බව ද ඔහු ජනපති නන්දසේනගේ මූණටම කියලා. හැබැයි අනෙක් පැත්තෙන් කොළඹ විශ්ව විද්‍යාලය යනු ලංකාවේ සාපේක්ෂව අසාධාරණ ලෙස වරප්‍රසාද ලබන විශ්වවිද්‍යාලයක්. එම ව්‍යුහාත්මක වරප්‍රසාද එහි අධිරාජ්‍යවාදී ආරම්භයට සහ කොළඹ ප්‍රභූ පැලැන්තියට පින් සිදු වන්නට ලබා ගත් දෑ මිස කිසිදු සාධාරණ හේතුවකින් ලද ඒවා නොවේ. එම අසාධාරණ වරප්‍රසාද නොතිබෙන්නට එහි වෙනත් කිසිදු විශේෂත්වයක් නැත. කොළඹ විශ්ව විද්‍යාලය යනු ලංකාවේ සමාජ විෂමතාවයේ හොඳම නිදසුනකි. යටත්විජිත සිලෝනයේ ව්‍යුහාත්මක ජාතිවාදයේ අපුල සිහිවටනයකි. ලංකාවේ පාසල් අතර විෂමතාවය ගැන කතා කරන කට්ටිය ඔය කොළඹ විශ්වවිද්‍යාලයේ අයියලා තමන් ලබන අසාධාරණ වරප්‍රසාද ගැන කතා කරන්නේ නැත. තමන් ගැන අලිවන්සෙන් හිතන් ඉන්න එහි උගත් උන්ගේ අහංකාර පම්පෝරි සහගත දුක්ගැනවිලිවල සත පහක වටිනාකමක් නැහැ නේද?

    ඔය කොළඹ සරසවියේ කොළඹ හතේ භූමිය සහ ගොඩනැගිලිවල ඉඳලා හැම දෙයක්ම අසාධාරණ ලෙස ලද වරප්‍රසාද තමයි. එහි යටත්විජිත ප්‍රභූ ඉතිහාසය නිසා ලබා ගත් දේවල්. එදා සිට අද දක්වා ලැබෙන හැම දෙයක්ම ලැබෙන්නේ ඒ නිසා තමයි. නැතිව ඕකේ උපාධිධාරීන් සහ ආචාර්ය මණ්ඩලය රටටම අවශ්‍ය පරිදි පර්යේෂණ සංවර්ධන මගින් රටේ ආර්ථිකය දියුණුවට කර්මාන්ත නව තාක්ෂණය හා කාර්යක්ෂමතාව දියුණු කරන්න නව නිපැයුම් සහ ක්‍රමවේද හඳුන්වා දී එමගින් උපයා ගත් මගුලක් නිසා නෙවෙයිනේ. මම හිතන්නේ විශ්ව විද්‍යාල සුදු අලි නොකර තමන්ගේ මානව සම්පත් කළමණාකරණය කර ආදායම් උපයාගෙන ඒ හරහා අවශ්‍ය සංවර්ධනය ලබා ගත යුතුයි. ආණ්ඩු වලින් පිනට මහජන මුදලින් යැපෙමින් පිටවන උපාධිධාරීන් බහුතරයක් රජයේ පින් පඩි රැකියා වලට තල්ලු කරනවා නම් රජයේ අවශ්‍යතාවය මත පිනට පත් කරන උපකුලපති වරුන් බාරගන්න බැරි ඇයි? මට පැහැදිලිව කරුණු කාරණා සහිතව ඔප්පු කරල කියපන් බලන්න.

    කුලපති කියන්නේ නිකන් ගරු තනතුරක්නේ බන්, උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වීම හැර වෙන ලොකු දෙයක් කරන්න පුළුවන් ද? නමට වෙබ් සයිට් එකේ චාන්සලර් කියලා ෆොටෝ එක දාල තියෙන එක විතරයි තව ඕන නම් උපාධි පාඨමාලා සහතික වල අත්සන එකතු කිරීම කරාවි.

    ඒ නිසා ඕකට සිංහල ජාතිවාදයේ න්යායාචාර්ය අනාථ නාථ නලීන් ද සිල්වා ආචාර්ය උනනැහේ කොළඹ කුලපති ගත්තා නම් ඔච්චර කේස් එකක් වෙන එකක් නැහැ කියලා මම හිතනවා ඉතින්. මියන්මාර් තානාපති තනතුර දාල ඇවිත් ඉන්න එකේ හොඳයි නේද වැඩේ? හැබැයි දැන් මුරුත්තෙට්ටු උන්නාන්සෙ නිසා ඒකටම හරියන්න පේරා වලට අතන මෙතන රතන උන්නාන්සෙ වගේ ගෝතයෙක්, අනෙක් ඒවට කොටුවේ කුණුහබ්බ පොඩ්ඩ, ඉත්තෑ වහන්සේ, සහ නාන ක්ෂාර වගේ සෙට් එකක් ඉන්නවා දැන් ඊළඟට පත් කිරීමට, මැදමුලන පවුල-රැකේ ආණ්ඩුව හැම දෙයක්ම කොලොප්පමට අරගෙන ද මන්දා.

    ReplyDelete
  4. ඔය කොළඹ එකේ තමයි අර මම වරක් ලිව ලිංගික අපයෝජන කරලා ලකුණු දෙන මහාචාරියා හිටියෙත්. ඒ දවස් වල මම ඕක ලිවම මට මතකයි රසික කියල තිබුන එහෙම දේවල් ගැන දැනගෙන් හිටියේ නැහැ කියල.
    විරෝධය පාන එක විශ්ව විද්‍යාල ප්‍රජාවගේ අයිතියක්. වෙන අවුලක් නැහැ. ලංකාවේ ඕක විතරය දේශපාලන පත්වීම් වලට තියෙන්නේ

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.