Tuesday 16 June 2015

උප්පැන්නේ බුද්ධාගම? - Religion has nothing to do with your birth!


උප්පැන්නේ කොටුවක ලියා තිබෙන නිසා තමන් බුද්ධාගමේ ය කියා කීපදෙනෙකු ම සඳහන් කර තිබෙනු මා සිංහල බ්ලොග් ලෝකයේ විවිධ තැන්වල දී ද ෆේස්බුක් අවකාශයේ දී ද දැක ඇත.

ඒ විකාරය ලියූ අය තමන් ගේ උප්පැන්න සහතික ගැන කිසිදු අදහසක් නැති අය බව පෙනේ.

ඕනෑම පුද්ගලයෙකු ගේ ආගම යනු ඒ පුද්ගලයා ගේ පුද්ගලික අදහස් ගොන්නක් නිරූපණය කරන්නකි. එය පවතින අච්චුවකට අනිවාර්යෙන් අයිති විය යුතු නැති අතර ආගම යනු උපතේ දී නොලැබෙන, පසුව නිසි අවබෝධයෙන් යුතුව තම තමන් විසින් ම සාක්ෂාත් කරගත යුතු දෙයකි.

උප්පැන්න සහතිකයේ ළමයා ගේ නම, පියා ගේ නම, මවගේ නම, පියාගේ තත්වය නොහොත් වෘත්තිය, මුත්තා ලංකාවේ උපන්නේ ද යන වග ආදී විවිධ කරුණු සටහන් වී ඇතත්, ළමයා ගේ ආගම යනුවෙන් කොටුවක් නැත්තේ ඒ නිසා ය.

උප්පැන්නේ සඳහන් කරුණුවලින් අපට පසුව වෙනස් කරගත හැකිවන්නේ ළමයා ගේ නම පමණි. සූරියආරච්චි ගේ කරුණාවතී ලෙස උප්පැන්නය අනුව නම ලැබී තිබුණු මගේ නැන්දා පසු කලෙක එය කරුණා සූරියආරච්චි ලෙස වෙනස් කර ගත්තාය. මේ බව මට හොඳින් මතකයේ ඇත්තේ ඒ සම්බන්ධ කටයුත්තක් සඳහා ඇය රජයේ කාර්්‍යාලයකට ගිය දිනයක කුඩා දරුවෙකු වූ මා ද කැටුව ගිය බැවිනි.

ඒ හේතුව නිසා පසුගිය දිනවල විවිධ මාධ්‍යවලින් කරුණා යැයි කියමින් විනයාගමූර්ති මුරලිදරන් නම් දේශපාළුවා ගැන නිතරම සඳහන් කෙරෙද්දී මට නැන්දාව නිරතුරු සිහිවිය.

එලෙස තමන් ගේ නම වෙනස් කර ගත්තද, යම් කිසි තැනක දී ඔබ මීට පෙර හැඳින්වුණු වෙනත් නම් මොනවාදැයි ඔබෙන් අසනු ලැබුවහොත්, අතීීතය එළි කරන්නට සිදුවේ.

ළමයාගේ ආගම යන්න උප්පැන්නයේ ලියවී තිබුණා නම්, තමන් නිර්ආගමිකයින් ලෙස සලකන්නට කැමති සුජීව කොකාවල වැනි බොහෝ දෙනෙකුට ඒ සඳහා දිවුරුම් පෙත්සම් දී රජයේ කාර්යාලවල රස්තියාදු වීමටද සිදුවෙනු ඇත. ආගම යනු ජනවර්ගය හෝ පුරවැසිබව හෝ වැනි උපතෙන් ලැබෙන හෝ උප්පැන්න සහතිකයේ ලියවෙන හෝ කරුණක් නොවී ඇත්තේ ඒ නිර්ආගමිකයින් ගේ වාසනාවටය.

ආගම වෙනස් කිරීමට විරුද්ධව නීති සම්පානය කිරීම සඳහා යෝජනාවක් පසුගිය සමයේ පාර්ලිමේන්තුවට ද ඉදිරිපත් වූ බව මගේ මතකයයි. මෑත කාලයේ දී ජෝන් අමරතුංග මැර ඇමතිට විරුද්ධව ගෙන ආ විශ්වාසභංග යෝජනාව සහ රනිල් වික්‍රමසිංහ අකමැතිට ගෙන ආ විශ්වාසභංග යෝජනාව මෙන්ම ඒ ආගම්මාරු කිරීම පිළිබඳව වූ යෝජනාවට ද සිදු වූ දෙයක් දැන් දැනගන්නට නැත. ඒ යෝජනාව ගෙනා අයද සිතා ඉන්නට ඇත්තේ, ආගම යනු උප්පැන්නයේ ලියා තිබෙන දෙයක් ය, එනිසා, ආගම වෙනස් කිරීම යනු නීති මගින් පාලනය කළ හැකි දෙයක් ය යනුවෙන් විය යුතුය!

නමුත්, අපේ ආගම යන්න උපතේ දී අපට ලැබෙන දෙයක් ය යනුවෙන් කීමේ නම් ලොකු සත්‍යයක් ඇත. ඒ, අප ඕනෑම අයෙකු මුලින් ම තම ආගම කියා හඳුනා ගන්නේ තමන් ගේ දෙමව්පියන් ගේ ආගම නිසා ය.

කවදා මුලින් කළේ දැයි නොදන්නා මුත්, කුඩා කල සිටම තිසරණ සරණ යෑම සහ පන්සිල් සමාදන් වීම කරන්නට මට සිදුවූයේ මගේ දෙමව්පියන් බෞද්ධයින් වුණු නිසා ය.

මා තුන්වෙනි ශ්‍රේණියේ ඉගෙන ගනිද්දී, සතියකට වරක් පමණ පැවැත්වෙන උදෑසන රැස්වීමේ දී පන්සිල් ගැනීමට මා යොමු කෙරුණේ ද දෙමව්පියන් බෞද්ධයින් නිසා ය. පාසල අවසානයේ "යෝවද තම්පව රෝමනු ජේසු, ජේසුගෙ අම්මට බාගෙට පිස්සූ!" යනුවෙන් ගාථා පද කියන්නට මට සිදුවූයේ ද ඒ නිසා ම ය.

නමුත්, තුන්වෙනි ශ්‍රේණියේ සිට විෂයයක් ලෙසින් බුද්ධාගම ඉගෙනීමට මට සිදුවූයේ, දෙමව්පියන් බුූද්ධාගම්කාරයින් වූවාටත් වඩා, ආගම යන විෂයය වෙනුවෙන් මා ගිය කණිෂ්ඨ පාසලේ ඉගැන්වුණේ බුද්ධාගම පමණක් වූ නිසා බව කිව යුතුය.

පසු කලෙක අප ප්‍රාග්-වෘත්තීය විෂයයන් හදාරන්නට පටන් ගත් සමයේ අපට ලබා දුන්නා සේ, වඩුවැඩ, ලෝහ වැඩ, මැටි වැඩ යනාදී විකල්පයන් ආගම නම් විෂයය සඳහා කණිෂ්ඨ පාසලේ දී නොතිබුණි. එසේ තිබුණේ වුවද, මට තෝරා ගන්නට වෙන්නේ බුද්ධාගම බවට කිසිදු සැකයක් නැත.

මෙහිදී සඳහන් කළ යුතු අනෙක් වැදගත් කාරණය වන්නේ මගේ පන්තියේ සිටි එකම කතෝලික සිසුවා ද අප සමගම බුද්ධාගම උගත් බවයි. වාර විභාගවලට ද උත්තර ලියා සමත් වූ බවයි.

අපේ ගමට ආසන්නයේ ම විෂයයක් ලෙසින් ක්‍රිස්තියානි ආගම උගන්වන පාසලක් තිබුණේ නම් ඒ බොල්ලතේ රෝමානු කතෝලික විද්‍යාලය විය යුතුය. මගේ පියා ද කලක් එහි සේවය කළේ ය.

ඒ අනුව සලකා බලන විය මගේ තුනේ පන්තියේ කතෝලික මිතුරාට විකල්ප දෙකක් තිබුණි. පළමු විකල්පය වූයේ ගමේ පාසලේම රැඳී සිටිමින් බුද්ධාගම ඉගෙනීමයි. දෙවෙනි විකල්පය වූයේ දිනපතා බොල්ලතේ පාසලට යෑමයි!

කණිෂ්ඨ විද්‍යාලයෙන් සමත්ව අප ලොකු ඉස්කෝලේ හයේ පන්තියට ගිය පසු නම්, කතෝලික සිසුන් සඳහා තමන් ගේ ආගම සාමාන්‍ය පෙළ විභාගය දක්වා අවශ්‍ය පරිදි ඉගෙන ගැනීමට ගුරු පහසුකම් සලසා තිබුණේ යැයි සිතමි.

එසේම, පසු කලෙක උසස් පෙළ හැදෑරීම සඳහා නිවසෙන් බැහැර ප්‍රදේශයක නගරයක මහා විද්‍යාලයකට ඇතුළත් වීමට පෙර මගේ බිරිඳ තමන් ඉගෙනුම ලැබූ කතෝලික කන්‍යාරාමයේ දී බුද්ධාගම සාමාන්‍ය පෙළ විෂයය සඳහා ඉගෙන ගෙන ඇත.

-රසිකොලොජිස්ට්

(image: http://www.defence.lk/)

87 comments:

  1. රසික ලියා අර්ධ සත්‍යක්. ඇත්තම කතාව, උප්පැන්න සහතිකයේ ආගම 'හයිඩ්' වෙලා තියන බව. දරුවෙකුට උප්පැන්නය ඉල්ලුම් කිරීමේදී පිරවියයුතු විස්තර ගොඩේ ආගමත් එක අංකයක්. නමුත් උප්පැන්න සහතිකයට එද්දි ආගම හැලෙනව. වෙන්නෙ ඒකයි. නෛතික කාරණයක් සඳහා කෙනෙකුගේ ආගම නිවැරදිව හොයාගන්න ඕන නම් හොයාගන්න පුළුවන් අර කඩදාසි කෑල්ලෙන්.

    ReplyDelete
    Replies
    1. රාජ්, අර කියපු ඉල්ලුම්පතේ ආගම කොටුව හිස්ව තබන්න පුළුවන්ද? ඔන්ලයින් තියන උප්පැන්න ඉල්ලුම් පත්තර දෙකක් ම එහෙම තැනැක් නෑ, ජනගහණ දත්තවලට තොරතුරු ගන්න වෙනත් ෆෝම් එකක් වෙන්න බැරිද? එය එවැනි සංගණන ෆෝම් එකක් නම් ඒකේ තොරතුරු පරීක්ෂාකිරීම ethically වැරදියි නේද?

      Delete
    2. මේ කියන්නෙ ළමයෙක් ඉපදිලා උප්පැන්න සහතිකයක් හැදීමට රෙජිස්ට්‍රාර්ගෙන් ගන්න ෆෝම් එක ගැන.
      ඒකෙ පැහැදිලිවම ආගම අහල තියනව. ඒක පුරවල දුන්නම එයින් හදාගන්න උප්පැන්න සහතිකයේ තමයි ආගම නැත්තෙ. අරක පුරවද්දි හිස්ව තබන්න පුළුවන්ද කියල නං බැලුවෙ නෑ.

      ඔන්ලයින් කරන්න පුළුවන්ද මේක? මම නං දැකල නෑ?

      Delete
  2. ඇත්තටම ඔය ආගම මොකක්ද කියල ෆෝම් වල අහල තියෙන එකේ වැදගත්කම මොකක්ද? කතා කරන භාශාව වගේ දෙයක් නම් තව කමක් නෑ අදහස් හුවමාරු කර ගන්නවත් පහසුවෙන්න..

    ReplyDelete
  3. "යෝවද තම්පව රෝමනු ජේසු, ජේසුගෙ අම්මට බාගෙට පිස්සූ!"
    like
    but I love Jesus for his humble beginings

    ReplyDelete
    Replies
    1. එයාට නෙවී පිස්සු ..., කොමත් පිස්සෝ කියන්නේ අනිත් අයට පිස්සු කියලනේ, ඒම නැත්තං කන්‍යාවිට බබා හම්බුනා කියාවිද? අර අපේ එක්කෙනත් අලි හොඬෙන් ආව කියන්නෙ, පිස්සු නොහැදේවිද?

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. යෝවද තම්පව රෝමනු ජේසු......“ කියන ගාතා තුන "ඉස්කෝලෙ ඇරෙනකොට කියන්නෙ ඇයි කියල කියවල බලන්න.

      Delete
  4. යෝවද තම්පව රෝමනු ජේසු, /// මට මතක විදියට ඕක ජේසු කියල නෙවෙයි එන්නෙ චීසූ හරි වෙන මොකක් හරි නේහ්.. අර පොඩි කාලෙ කික් එකට විකෘතියක් කලාට

    ආගම ගැන බුකි කාරයොත් එක්ක කතා කරනවට වඩා හොදයි වදුරන්ට ඉංග්‍රීසි කියල දෙනව

    උප්පැනන ට විතරක් බෞද්ධ කියල උං මාත් දැකල තියේ ඒක නිකං ට්‍රෙන්ඩ් එකක් වගේ වෙලා

    ReplyDelete
    Replies
    1. http://aagiyakatha.blogspot.com/2010/05/blog-post_29.html

      Delete
    2. //ආගම ගැන බුකි කාරයොත් එක්ක කතා කරනවට වඩා හොදයි වදුරන්ට ඉංග්‍රීසි කියල දෙනව// මේ වැකියේ “ආගම ගැන“ යන්න වෙනුවට “මොනම දෙයක්වත් ගැන“ යනුවෙන් වෙනස් කරානම් හොඳයි කියා මට හිතෙනවා මහේෂ්

      Delete
    3. එහෙම කියන්න එපා ආගම ගැන කරන සංවාදවලින් විනෝදයක් ලබන්න බැරිද
      එළහරක් මීහරක් ඇනගන්නව බලන් ඉන්නව වගෙ.

      Delete
    4. එක ආගමක් ඇත්ත කියන්නෙ අනෙක් ආගම් බොරුයි කියන එකද?

      Delete
    5. Mahesh Rathnayaka 16 June 2015 at 13:09

      යො වදතං පවරො මනුජෙසු
      සක්කමුණි භගවා කත කිච්චො
      පාරගතො බල විරිය සමංගි
      තං සුගතං සරණත්ථමු පෙමි

      මෙහි "මනුජෙසු" = මනුජ + සු ප්‍රත්‍ය (විභක්තී) එක්වීමෙන්, එනම් මිනිසකු ලෙස උපන් අයෙක් යන්නයි.

      (සැ.යු. මෙහි සැබෑ පාලි වදන් වලනම් හල් කරද්දී අකුරු බැඳ ලිවිය යුතුයි. උදා: සක්ක (ශාක්‍ය )/ සරණත්ථමු ආදී තැන් වලදී.)

      Delete
  5. /මෙහිදී සඳහන් කළ යුතු අනෙක් වැදගත් කාරණය වන්නේ මගේ පන්තියේ සිටි එකම කතෝලික සිසුවා ද අප සමගම බුද්ධාගම උගත් බවයි. වාර විභාගවලට ද උත්තර ලියා සමත් වූ බවයි. /

    මම වගේ ළමයෙක් , අපේ පන්තියේ හිටපු මුසල්මානුවටයි මටයි ඉගෙන ගන්න තිබුනෙ බුද්ධාගම විතරයි. උප්පත්තියෙන් ලේබල් නොවිච්ච නිසා ආසාවෙන් ඉගෙන ගත්ත. නිකම්ම දෙයක් හම්බවෙච්චි අයට අගයක් නැතිවට මටනම් බුද්ධාගමේ ගතයුතු ගොඩක් දේ තිබෙනව.
    /"යෝවද තම්පව රෝමනු ජේසු, ජේසුගෙ අම්මට බාගෙට පිස්සූ!" /
    මරිය තුමී ඉන්දියාවෙ මෙහෙනින් වහන්සේලා හිටපු ආරාමෙක නේවාසිකව ඉගෙන ගත්තලු, මම හිතන්නෙ ඒ කාලෙ තට්ටෙට අව්ව සැරට වැදිල වෙන්න ඇති බාගෙට පිස්සු හැදෙන්න ඇත්තෙ.

    ReplyDelete
    Replies
    1. අනේ රසික මේ කතාවෙන් කතෝලිකයන්ගෙ හිත රිදෙනව . බෞද්ධයෙක් වුන මටත් මේ වාක්‍ය අවුල් වගෙ. ඒ අය මරියතුමීට විශාල ගෞරවයකින් සළකනවා. මේක ඉවත් කළොත් හොද නැද්ද

      Delete
    2. 58 ලක්ෂයක් බයියන්ගෙත් හිත රිදෙන්න පුළුවන් උන්ගෙ අප්පොච්චිගෙ කසාද ගෑනි කතෝලික නිසා. අනේ ඒ හන්දා ඒක අයින් කරමු.

      Delete
    3. /අනේ රසික මේ කතාවෙන් කතෝලිකයන්ගෙ හිත රිදෙනව ./
      ඇනෝ මගේනම් හිත රිදීමක් උනේ නෑ. මේ පොඩි කාලෙ තාලෙට නිකම් කියපු දෙයක්නෙ.

      /58 ලක්ෂයක් බයියන්ගෙත් හිත රිදෙන්න පුළුවන් උන්ගෙ අප්පොච්චිගෙ කසාද ගෑනි කතෝලික නිසා. අනේ ඒ හන්දා ඒක අයින් කරමු./
      උන්දැටවත් බැරිඋනානෙ සුමනදාස ගොයියගෙන් අප්පොච්චිව බේරගන්න. දැන්වත් " මේක තමයි මෙයා දෙවියන් වහන්සේ අපට දුන් ත්‍යාගය " කියල හිත සනසන්න. එදත් ,අදත් උන්දැ ඕනෙම දේවාලෙක රිංගයි අප්පච්චිව ආයෙ රජ කරන්න.

      Delete
  6. උප්පැන්නයේ ආගමක් දක්වන්නේ නොමැතිව දීර්ඝ කාලීන යහපතක් සාක්ෂාත් කරගනිමින් දියුණු වූ කිසිත් රටක් ලොව නැත. අප පෙනී සිටින සහ ආරක්ෂා කරගන්නට නිරතුරැ වෙහෙසෙන්නා වූ “නිදහස” යනු කුමක්දැයි නොදන්නා මුග්ධත්වය නිසාම ඊට “වල්බූරැ නිදහස” යැයි අවඥා කරන්නටත් ඔවුන්ට නිදහස ලැබෙන බවත් එසේ කරනවුන් නොදනිති. එවැන්නෝ මේ පොත් පරිශීලනයට වඩා රිසි වනුයේ අනුන් ජීවත්විය යුත්තේ කෙසේදැයි කියා අනුන්ට සැලසුම් ගැසීම පිණිස නොහොත් ඉටුවෙනවාය කියන අරමුණු කිසිත් ඉටු නොවන බව යළි යළිත් ඔප්පු කර ඇති සැලසුම් සඳහාම තව දුරටත් කාලය නාස්තියටයි.

    ReplyDelete
    Replies
    1. ජගත් පතිරණද?

      Delete
    2. අරුණී ෂපීරෝ ගේ ලියුමකින් කොටසක් මද වෙනස්කමක් සහිතව.

      Delete
  7. ආගම කන්නයැ.. නිර්ආගමික කියන්නේ බොරු කියල අර අතුල සිරිවර්ධන කියල බ්ලොග් ලියන කෙනා කිව්වා.. හැක්

    ReplyDelete
    Replies
    1. ඇස් තියෙන මිනිහෙකුට ඕනැ නම් පුළුවන් අන්ධයෙකුගෙ අත්දැකීම ලබන්න ඇස් දෙක වහගෙන. හැබැයි අනෙක් අතට උපන්දා ඉඳන් අන්ධයෙකුට බෑ පෙනීම තියෙන කෙනෙක්ගෙ අත්දැකීම ලබන්න. පෙනීම කියන්නෙ මොකද්ද ජාති අන්ධයෙකුට වැටහීමක් නැහැ.

      ඒ වගේම තම නිර්-ආගමිකයකුට පුළුවනි ආගමිකයකුගේ අත්දැකීම විඳින්න අවශ්‍ය නම්. ඒත් ආගමිකයකුට නිර්-ආගමික වීම කියන්නෙ මොකද්ද කියලා වැටහීමක් නැහැ. අතුල සිරිවර්ධන කියන්නෙත් ඒ වගේ අන්ධයෙක්.

      Delete
    2. නිරාගමිකයෙකුට බෑ ආගමිකයෙකුගෙ අත්දැකීම් ලබන්න. එහෙම වුනොත් එයා තවදුරටත් නිරාගමිකයෙක් නොවෙයි.බොරුවට භක්තියක් ඇතිකරගන්න බෑ. නිරාගමිකයන් කියන්නෙත් එක්තරා ආගමිකයන් පිරිසක්

      Delete
    3. /නිරාගමිකයන් කියන්නෙත් එක්තරා ආගමිකයන් පිරිසක්./

      TV එකක් ඔෆ් කළාමත් එක චැනල් එකක් වගේ. නේද...?

      Delete
    4. නිරාගමික කියන්නේ ආගමක් කියල කිය කිය යන්නේ ( ලංකාවේ නම්) තමන්ගේ ආගම තමයි සිරාම ආගම කියල හිතන් ඉන්න මොඩර්නිස්ට් සිංහල බෞද්ධයෝ ( අයි ඇම් බුඩිස්ට් ඇන්ඩ් ප්‍රවුඩ් ඔෆ් නතිං ) හා නලිනිස්ටා පාර්ශ්වය
      හැබැයි ඕකටත් ආභාශය එන්නෙ ඇමරිකාවේ ක්‍රිස්තියානි ආගමික අන්තවාදීන්ගෙන් - අයියෝ සල්ලි :D

      Delete
  8. රසික මට පොඩි ගැටළුවක් තිබෙනවා.යේසුගෙ අම්ම ගැන කියපු කතාවෙන් කතෝලික අයගෙ සිත් රිදෙන්න බැරි නෑ නේද
    ඒක අයින් කළොත් හොද නැද්ද

    ReplyDelete
    Replies
    1. අපි ඉවත් නොකර බැලන්ස් කරමු,

      Delete
    2. ඕක අද කතාවක්වත් රහසක්වත් නොවෙයි. අපි පොඩි කාලේ ඉඳලාම ලංකාවේ කියන එකක්

      Delete
  9. මිනිස්සුන්ට ආගමක් ඕනද....?

    ReplyDelete
    Replies
    1. ආගම කියන්නේ විශ්වාසයක් නම් ...නිර් ආගමිකත්වයත් ආගමක්

      Delete
    2. /ආගම කියන්නේ විශ්වාසයක් නම් ...නිර් ආගමිකත්වයත් ආගමක්/

      TV එකක් ඔෆ් කළාමත් එක චැනල් එකක් වගේ. නේද...?

      Delete
    3. //ආගම කියන්නේ විශ්වාසයක් නම් ...නිර් ආගමිකත්වයත් ආගමක්///

      නිරාගමික කියන්නේ ආගමක් කියල කිය කිය යන්නේ ( ලංකාවේ නම්) තමන්ගේ ආගම තමයි සිරාම ආගම කියල හිතන් ඉන්න මොඩර්නිස්ට් සිංහල බෞද්ධයෝ ( අයි ඇම් බුඩිස්ට් ඇන්ඩ් ප්‍රවුඩ් ඔෆ් නතිං ) හා නලිනිස්ටා පාර්ශ්වය
      හැබැයි ඕකටත් ආභාශය එන්නෙ ඇමරිකාවේ ක්‍රිස්තියානි ආගමික අන්තවාදීන්ගෙන් - අයියෝ සල්ලි :D

      Delete
    4. /ආගම කියන්නේ විශ්වාසයක් නම් ...නිර් ආගමිකත්වයත් ආගමක්/

      //TV එකක් ඔෆ් කළාමත් එක චැනල් එකක් වගේ. නේද...?//

      ආගමක් කියන සංකල්පය දැනිලාවත් නැත්තම් TV එක ඔෆ් කල වගේ තමයි නමුත් ආගම් සංකල්පය දැනුන මනුස්සයෙකුට නිර් ආගමිකත්වය කියන්නේ රූප නැති CHANNEL (ඩොට් ඩොට් තියන) එකක් තමයි

      Delete
  10. මට ආගමක් නැහැ කියන එකත්, අලුත්ම ලස්සන වෛවර්ණ පච්චයක් තමන්ගේ පුක ප්‍රදේශයේ කොටාගත් ගෑණු කෙනෙක්, එය පෙන්වීම සඳහාම වැඩිපුරම බිකිනියෙන් සැරසීම වගේ වැඩක්.

    ආගම් කියන්නේ, අදහන, භක්තිය නිසා ඇත්ත බොරු නොවිමසා පසුපස යන, ඒ ආගමේ නීති නිසා අකමැත්තෙන් හෝ අනිවාර්යයෙන් බැඳී සිටින, බැම්මක්.

    ඒ අතින් බලන කල, කිසිවකු සඳහා වෙන් නොකළ, ඕනෙම කෙනෙකුට නිදහසේ කරුණු විමසිය හැකි. අවශ්‍යනම් පිළිගත හැකි, අනවශ්‍යනම් බැහැර කළහැකි, තම තම නැණ පමණින් දතයුතු, ඇදහීම්, යැදීම් වලින් තොර, තම විමුක්තිය උදාකරගනීමේ වගකීම ඇත්තේ තමන් අතමය යන්න පැහැදිලි කරදෙන, බෞද්ධ දර්ශණය, කොතරම් අගනේද?

    ReplyDelete
    Replies
    1. අනේ කොච්චර ඇත්තක්ද!

      නිරාගමිකයොනෙ show-offs කරන්නෙ.
      අර හුණුගාපු ගඩොල් ගොඩවල් වලට පලතුරු ටොන් ගණන් පූජා කරලා,
      අඩි සිය ගණන් උස ගල් පරුවත පරිසරයට ඉතුරු නොකර තමන් අදහන එකාගෙ රූප කපලා,
      ගහක මලක් හැදෙන්න දෙන්නෙ නැතුව ඒක කඩාගෙන ගිහින් වෙන කොහේහරි තියලා,
      කණක් ඇහෙන්න දෙන්නෙ නැතුව ලවුඩ්ස්පීකර් දාගෙන තමන් අදහන එකා කියපු මොකක් හරි මඟුලක් ෆුල් වොලියුම් දාලා ශබ්ද දූෂණය කරලා,
      අහිංසාවාදියෙක් කියන එකෙක් අදහන ගමන් තුවක්කු කර ගහගෙන ගිහින් මිනී මරලා,
      තරුණ කාලෙ රස්සාවට කුලියට මිනී මරලා නාකි වෙලා දත් වැටිච්චි දාට මොකක් හරි ධර්මයක් දේශනා කරලා
      මේ ඔක්කෝම show--offs කරන්නෙ නිරාගමිකයො නේද?

      පරම සත්‍යය වූ ආගම අදහන ආගමිකයො නම් මේ මොන show-off එකක් වත් කරන්නෙ නෑ. ඒ අය හරීම හොඳ ළමයි ටිකක්.

      Delete
    2. රසික ලොජිතුමා ලංකාවේ තියන සැල්වෝසන් ආමි එක ඔය ආගමික දෙයකට සම්බන්දයි නේද ? එකේ නිලතල දරන අය එතකොට මොන ආගමේද ඒගොල්ලෝ සිංහලද දෙමළද ඒ අයත් රණවිරුවෝද ඒගොල්ලෝ බ්ලොග් ලියනවද

      Delete
    3. විචා,
      //ආගම් කියන්නේ, අදහන, භක්තිය නිසා ඇත්ත බොරු නොවිමසා පසුපස යන, ඒ ආගමේ නීති නිසා අකමැත්තෙන් හෝ අනිවාර්යයෙන් බැඳී සිටින, බැම්මක්.//

      නීති කෙසේ වෙතත් (බුද්ධාගමත් ඇතුළුව) කොයි ආගමත් යන්නෙ ශ්‍රද්ධාව මුල් කරගෙන. ශ්‍රද්ධාවෙන් මෙපිට පැවැත්මක් කිසිදු ආගමකට නෑ.

      Delete
    4. ඇනෝගෙ තර්කය වැරදියි.ඇනෝ කියන්නෙ බෞද්ධයන්ට යුද්ධ කරන්න බෑ . සතුරෙක් මරන්න ආවොත් මරනානුස්මෘතිය වැඩිය යුතුයි කියල. බිහාර්ප්‍රාන්තය ( ඉස්සර විහාර් ) අල්ලගන්න භක්තියාර් ඛල්ජිට අවශ්‍ය වුනේ සෙබලු 200 ලු. ඇනෝලට ඕන ඒ වගෙ බෞද්ධ සමාජයක්. එතකොට ලේසිනෙ.විප්ලව හරි වෙනම රාජ්‍ය හරි ඕන එකක්.ඇනෝලගෙ මට්ටම් ඇනෝමට්ටම්

      මිහිදු හිමියන් බුද්ධගම ගෙනල්ල රජුට යෝජනා කළේ නෑ රාජ්‍ය විසුරුවාහරින්න කියල.
      විචාරක කියන්නෙ නිවන් මාර්ගයේ යන කෙනෙක් නොවෙයි.ඔහු සාමාන්‍ය ගිහියෙක්. ඔහුගෙ රැකියාව නිසා විශාල පිරිසකගෙ ජීවිත ආරක්ෂා වුනා මොකද ත්‍රස්තවාදය අවසන් කල නිසා. ත්‍රස්තවාදීන් යුද්ධකරන්න ආවම මරනානුස්මෘතිය වැඩුවනම් අද රටක් නෑ. නාලන්දා වික්‍රමශිලාවල හාමුදුරුවරු කළා වගෙ.
      ඒ ගැන මම කතාකරන්නෙ නෑ.

      Delete
    5. @ Anonymous 16 June 2015 at 15:37

      //අර හුණුගාපු ගඩොල් ගොඩවල් වලට පලතුරු ටොන් ගණන් පූජා කරලා,
      අඩි සිය ගණන් උස ගල් පරුවත පරිසරයට ඉතුරු නොකර තමන් අදහන එකාගෙ රූප කපලා,
      ගහක මලක් හැදෙන්න දෙන්නෙ නැතුව ඒක කඩාගෙන ගිහින් වෙන කොහේහරි තියලා,
      කණක් ඇහෙන්න දෙන්නෙ නැතුව ලවුඩ්ස්පීකර් දාගෙන තමන් අදහන එකා කියපු මොකක් හරි මඟුලක් ෆුල් වොලියුම් දාලා ශබ්ද දූෂණය කරලා,
      අහිංසාවාදියෙක් කියන එකෙක් අදහන ගමන් තුවක්කු කර ගහගෙන ගිහින් මිනී මරලා,
      තරුණ කාලෙ රස්සාවට කුලියට මිනී මරලා නාකි වෙලා දත් වැටිච්චි දාට මොකක් හරි ධර්මයක් දේශනා කරලා
      මේ ඔක්කෝම show--offs කරන්නෙ නිරාගමිකයො නේද?//

      ඉතාම හොඳින් පෙන්නලා තියනවා තමා බුද්ධ ඇදහිලි මිසක් බෞද්ධ දර්ශණය ගැන කිසිදු අවබෝධයක් නොමැත්තකු බව. ඒ නිසා තමා මේ සංවාදයෙන් අසමත්.

      @ Anonymous 16 June 2015 at 17:51
      කොල්ලෝ මම පැහැදිලිවම මීට ඉස්සෙල්ලත් කිව්වනේ මගෙන් කමෙන්ට් පාරක් කාපු එකෙකුට ඒ වේදනාව ජීවිතය පුරාම තියනවා කියලා. දැන් ඉතිං බල්ලා තමන්ගේ තුවාල ලෙවකනවා වගේ ලෙව කක ඉන්න එකයි ඇත්තේ. නිකං සවුත්තු වෙන්නේ නැතුව.

      @ රාජ්16 June 2015 at 18:27
      හරියට හරි රාජ්, ශ්‍රද්ධාව නිසා දර්ශණය හා අවබෝධය උපදිනවා. භක්තිය නිසා ඇදහිල්ල යදිල්ල උපදිනවා. ශ්‍රද්ධාව සහ භක්තිය කියන්නේ දෙකක්.

      Delete
    6. අනේ විචා අන්කල්, අපට ඔය එයාගෙ දර්ශනයයි මෙයාගෙ දර්ශනයයි හැම එක ගැනම අවබෝධයක් තියෙනවා. තනගෙ වාසියට ඒවා උස්සාගෙන යන තක්කඩි ගැනත් අවබෝධයක් තියෙනවා. ඔයා තුවක්කු ගැන දැනගෙන හිටියට, මිනී මරන හැටි ගැන දැනගෙන හිටියට හිතන්න එපා ලෝකෙ හැමදේම ඔයා දන්නවා කියලා. දර්ශන ගැන කතා කරන්න ගියාම ඔයා ඉන්නෙ මොන්ටිසෝරියේ. ඔයා වගේ අපි තරුණ කාලේ මිනී මරලා දැන් ඒ පව් හෝද ගන්න පන්සල් යන සත්තු නෙවෙයි. අපි අපිව රවටා ගන්නෙ නැහැ ඔයාලා වගේ.

      Delete
    7. /ඇනෝගෙ තර්කය වැරදියි.ඇනෝ කියන්නෙ බෞද්ධයන්ට යුද්ධ කරන්න බෑ . සතුරෙක් මරන්න ආවොත් මරනානුස්මෘතිය වැඩිය යුතුයි කියල./

      අර ගෞතම බුද්ධ කියන එක්කෙනාගෙ බුද්ධාගමේ නම් කියල තියෙන්නෙ තමන් මරන්න එන කෙනෙකුටත් මෛත්‍රී කරන්න කියලා. ඔය ගොල්ල අදහන්නෙ එයාගෙ බුද්ධාගම නොවෙන නිසා වෙනස් ඇති. ඔය ගොල්ල අදහන එකා කියලා ඇති ගහපියව් මරාපියව් කොටපියව් කියලා.

      Delete
    8. /ඒ නිසා තමා මේ සංවාදයෙන් අසමත්. /

      දැන් සංවාදයේ කොටස්කරුවකු වන තමාද මා අසමත් කියලා තීරණය කරන්නේ? තමා හිතන් ඉන්නේ තමා තාම ඉන්නේ හමුදාවෙ මහ නිලයක කියලද?

      Delete
    9. @ Anonymous17 June 2015 at 13:35

      @ Anonymous17 June 2015 at 13:43

      තමාලා දෙදෙනාම ප්‍රස්තුතයට අදාලව කරුණු නොදක්වමින් වාචාලකම් දෙඩවීමෙන් පෙනීයන්නේ මොලය නොමේරූ, අද්දැකීම් නැති, ලාමකයන් බවයි. ලාමකයන් සමග අපට සංවාද හෝ විවාද පැවැත්විය නොහැකිය.

      Delete
    10. තමාගේ ඊනියා සංවාදයේත් බුද්ධ දර්ශනය මාරයි කියන එක හැරුණු විට වෙන ගත යුතු දෙයක් නැත. තමා විතරක් නොව තමා වැනි බොහෝදෙනක් තමන් අදහන ආගම්/දර්ශනයන් මාරයි කියාද ලෝකයේ පරම සත්‍ය ඒවා හා ඒවා පමණක් කියාද සිතති. ඇෆ්ඝනිස්ථානයේ ඉස්ලාම් භක්තිකටකුගෙන් ඇසූ විටත් ඉස්ලාම් දර්ශනය මාරයි කියයි. පෘතුගාලයේ කතෝලිකයකුගෙන් ඇසූ විටත් කතෝලික දර්ශනය මාරයි කියයි. ඔවුන්ගේ හා බෞද්ධ දර්ශනය මාරයි කියන තමාගේ වෙනසක් නැත. ඔක්කෝම එක බෝට්ටුවේය. තමාට සත්‍යාබවබෝධයට තව බොහෝ කල් ගතවනු ඇතැයි සිතේ.

      Delete
    11. දැන් තමන්ට ආගමක් නෑ, තියෙන්නෙ දර්ශනයක් විතරයි කියන විචාරක අප්පු මොකද නිර්-ආගමිකයො ගැන ඔච්චර ඔරොප්පු?

      Delete
    12. appu kiyana wachane boho thanwala liyanne kakaa hewath rasika. rasika neda me ano gahanne wichaa maamaata

      Delete
    13. http://belajarcak.blogspot.com/2011/08/cara-melacak-lokasi-komentar-anonymous.html

      Delete
    14. රටේ වෙනසක් කරන්න පොළිසියට, හමුදාවට බැඳෙන්නවත්, පාර්ලිමේන්තුවට යන්නවත් අවශ්‍ය නැහැ... පොඞ්ඩක් විතර හිතේ කරුණාව තියේනම්, ආදරය, සෙනෙහස කියන වචන වල තේරුම දන්නවනම් හොඳටම ඇති...

      රටේ කිසිම නායකයෙක් මාව දන්නේ නැහැ... ඒත් ගම් වල මිනිස්සු දහස් ගානකගේ හිතේ මං ඉන්නවා... පාරවල්වල, ලයිට් කණු වල මගේ පෝස්ටර් ගහලා නැති වුනත්, කිසිදා නොමැකෙන්න මේ මිනිස්සුන්ගේ හදවතේ මං ඉන්නවා...

      ඔබත් ඒ විදිහේ කෙනෙක් වෙන්න...

      Delete
    15. මගෙන් කමෙන්ට් පාරක් කාපු එකෙකුට ඒ වේදනාව ජීවිතය පුරාම තියනවා කියලා.

      මේ ලොක්කෝ ඔහේ හිතාගෙන ඉන්නේ එහෙමද, ඔහෙගෙන් මොන මගුලක් ගැන අපි ඇසුවද ? අයිසේ තමුසේ සැල්වෙසෝන් එකට ද බැඳුනේ නැතිනම් , ආමි එකට ද බැඳුණේ . පැන්සෝන් ගියාට අමතක ද පැන්සෝන් ගියත් තමුන්ට වඩා ඉහළ නිලයකට සැලුට් ගහන්න ඕන විත්තිය .

      ලාමකයන් සමග අපට සංවාද හෝ විවාද පැවැත්විය නොහැකිය.
      ඇයි ලාමක් ටින් ටින් ලාට බයද? නැතිනම් පරදියි කියලා ලැජ්ජද? එහෙම නැතිනම් ????????

      Delete
    16. නිවැරදිව අනිත් අයට කරදරයක් නොවී ජීවත් වෙන්න පුළුවන් නම් හොඳයි

      මොනා ද මේ කතා මනා

      Delete
    17. @ Anonymous17 June 2015 at 22:11

      //මේ ලොක්කෝ ඔහේ හිතාගෙන ඉන්නේ එහෙමද, ඔහෙගෙන් මොන මගුලක් ගැන අපි ඇසුවද ? අයිසේ තමුසේ සැල්වෙසෝන් එකට ද බැඳුනේ නැතිනම් , ආමි එකට ද බැඳුණේ . පැන්සෝන් ගියාට අමතක ද පැන්සෝන් ගියත් තමුන්ට වඩා ඉහළ නිලයකට සැලුට් ගහන්න ඕන විත්තිය//.

      ඉස්සෙල්ලා ඉංග්‍රීසි හදාගනින් සොක්කෝ. ඉංග්‍රීසි වචන සිංහලෙන් හරියට ලියන්න ඉගෙන ගනින් සොක්කෝ.

      හමුදාව ගැන මෙලෝ හසරක් නොදන්නා සොක්කෝ. කොහොමද විශ්‍රාම ගිය කෙනෙක් තමන්ට වඩා ඉහළ කෙනෙකුට සෙලියුට් ගහන්නේ? එහෙම කරන්න තමන් නිළ ඇඳුමක් ඇඳලා ඉන්න ඕනේ. මොලේ ගූ පිරිලා නම් ඒවා ඉවත්කරගැනීම යෙහෙකි සොක්කෝ

      Delete
    18. සොක්කා......විචාරක තුමා මාර ෆන් එකක් දීලා තියනවා අර ඇනොට අලුත් නමක් කියලා.
      හික් හික් .........සොක්කා

      Delete
    19. මාරයි ලොක්කා [වයසට ගිය පැන්සොන් කාරයෙක් නිසා] නැතිව බොස් කියලාහිතන්නෙපා
      ඔයා ලොක්කා මන් සොක්කා ...... විචාරක තුමා මාර ෆන් එකක් දීලා තියනවා අර ඇනොට

      සන්තොසයි ලොක්කා හැbබැයි ඉතින්" සැර් "කියලා කියන්න ඕනේ නේද ? පැසෝන් ගියත් ඉහල නිලයට .සැල්වෙසෝන් ආමි එක නම් සැලියුට් ගහනවා පැන්සොන් ගියත් නිල ඇඳුම නැතිවුනත් ලොක්කත් එහෙම ගහනවද? එහෙම නේද ලොක්කා......

      Mr, how many languages can you speak and write? English and sinhalese? What about the other languages? Can you understand? German, French, Italian? Mr, that is modern world not old 19th century world. bye ..bye.... man

      Delete
  11. අපේ ඉස්කෝලෙ බුද්ධාගම ඇරෙන්න වෙනත් ආගමක් ඉගැන්නුවේ නැති නිසා කතෝලික ළමයින්ටත් බුද්ධාගම ඉගෙන ගන්නට සිද්දවුනා.ඔවුන් විභාග වලින්ද ඉහල ලකුණු ලැබුවා.

    ReplyDelete
    Replies
    1. පන්තියෙන්ම බුද්ධාගමට වැඩිම ලකුනු තිබ්බෙ මටයි , මුස්ලිම් එකාටයි. ඒකට හේතුවක් උනේ අළුත් දෙයක් නිසා දෙපාරක් තුන් පාරක් පාඩම් කිරීම.

      Delete
  12. ආගම අබිං නෙමෙයි ආගම කුඩු... ගැහුවොත් ගැහුව... සදා සොත්තියි.....

    ආගම කියන්නෙ අතිශය පෞද්ගලික කාරනයක් (නිකං ස්වයං වින්දනයෙ යෙදෙනව වගේ... හෙහ්...හෙහ්...) ඕනම කෙනෙක්ට තමං කැමති ආගමක් ඇදහීමට වගේම නො ඇදහීමටත් අයිතියක් තියෙනව. අදහන උන් ඕන ලබ්බක් අනුන්ට වාතයක් නොවී අදගන්න ඕන. තමංගෙ හැරමිටිය තමන්ට ඕන විදිහට වනාගන්න අයිතියයි නිදහසයි තිබ්බට ඒක අනිත් එකාගෙ නහය ගාවිං සීමා වෙනව. ව්‍යවස්තාවෙන් ආගම ඉවත් කරල කැමති කෙනෙකුට කැමති ආගමක් ඇදහීමේ නිදස දෙන්න ඕන. රාජ්්‍ය කිසිම ආගමකට ප්‍රමුඛත්වය දීමෙන් වලකින්න ඕන. මේ හිංගලබවුද්ද දේසෙ ඕව ඉතිං හඳේ තමයි... හෙහ්...හෙහ්...

    ReplyDelete
  13. මට අපිට උගන්නන බුද්ධාගම ගැන හිනා ගියෙ පුන්චි සන්දියෙමයි. අර සිදුහත් කුමාරය උපං ගමං නෙලුම් මල් උඩ ඇවිද්ද කතාවට.... මං අපේ හාමුදුරුවොංගෙං ඇහුව.. හාම්මුදුරුවනේ... හරක් පැටවුං එළු පැටවුං උපං ගමං ඇවිදිනව දැක්කට (එහා ගෙදර එලු පට්ටියකුයි හරක් පට්ටියකුයි තිබ්බ) මිනිස්සුනං උපං ගමං ඇවිදිනව අහල නෑනෙ කියල. උන්දැ කිවුවෙ ඒ මිනිස්සු මේ සිදුහත් කුමාරය කියල. ඕ ඔච්චරයි... හෙහ්...හෙහ්.....

    ReplyDelete
    Replies
    1. යේස්, මහින්ද රජ්ජුරුව වගේ

      Delete
    2. පුදුමයක්. ආගම් ගැන සංශයවාදී ලෙස කුඩා කළ සිටම සිතූ මට ඔය කාරනේ මීටර් වුනේ නැහැ. ඇත්තටම ඔය ගැන කතා කරන අය එක වචනෙන් නිරුත්තර වෙනව. ඒ මිනිස්සු අර සිදුහත් කුමාරය කියල.
      ජාතක කතා නම් බෞද්ධ දර්ශනය වගෙ ගැඹුරු දහමක අහලකවත් වද්ද ගන්න ඕන නැහැ.
      මට හිතෙන්නෙ බුදුන් හින්දු ආත්මවාදය එක්ක හින්දු පුනරුත්පත්තිය ( පුනර්භව වචන හරඹයත් එක්කම ) ප්‍රතික්ෂේප කළා.
      උන් වහන්සෙ නිවන දේශනා කළේ ජීවත්වන්නවුන් උදෙසායි.

      Delete
    3. සාමාන්‍යයෙන් බෞද්ධාගමිකයින්ට මේ ප්‍රශ්න වලට රෙඩිමේඩ් උත්තර තියෙනවා. [වරහන් ඇතුළෙ බලන්න.]

      1. සිදුහත් කුමාරයා ඉපදුණු ගමන් ඇවිද්දෙ කොහොමද? [ඒ සිදුහත් කුමාරයානෙ.]

      2. එහෙනම් බුදුහාමුදුරුවො වසර අසූවෙන් පිරිනිවන් පෑවෙ ඇයි? [අපෝ, වසර කල්පයක් වුණත් ඉන්න තිබුණා, නමුත් බුදු කෙනෙක් කියන්නෙත් සමාන්‍ය මිනිහෙක් කියල පෙන්නනයි ඒක කළේ.]

      3. දිවිය ලෝක තියෙන්නෙ කොහේද? [ඇයි පිට සක්වල ජීවීන් ඉන්න බැරිද? අපි නොදන්න දේවල් ගැන කතා කරන එක වැරදියි.]

      4. එහෙම නම් සර්වබලධාරී දෙවියන් වහන්සේත් ඉන්න පුළුවන්නෙ. [දැන් එහෙම නෙවෙයි කියල ඩාවින් කියල තියෙනවනෙ. ඒ නිසා ඒක වෙන්න බෑ.]

      5. ඩාවින් කියපු විදිහට පුනර්භවය වෙන්නත් බෑ නේද? [බටහිර විද්‍යාවෙ ඔක්කෝම විශ්වාස කරන්න එපා. අද කියන දේ හෙට වෙනස් වෙනවා.]

      දීපල්ලකො උත්තර ඉතින්!

      Delete
    4. බුද්දාගම අනික් ආගම්වලට සාපෙක්ෂව සිරා බව ඇත්තය - එහෙත් එයත් ආගමකි - බුදුන් දේශනා කළ මාර්ගය අවිශ්වාසය හුස්මක් ඉහළට රුවාගෙන රඳවා සිටීමේ තත්ත්වයට පත්වේ suspense of disbelief

      Delete
    5. /බුද්දාගම අනික් ආගම්වලට සාපෙක්ෂව සිරා බව ඇත්තය./

      ආගමක් හැටියට සලකනකොට බුද්ධාගමත් එකයි, කතෝලික ආගමත් එකයි, ඉස්ලාම් ආගමත් එකයි. කතෝලිකයො පල්ලියේත්, ඉස්ලාමිකයො මුස්ලිම් පල්ලියේත් කරන දේ හා බෞද්ධයො පන්සලේ බුදුගෙයි කරන දේ අතර ලොකු වෙනසක් නෑ. එතනත් පිළිම, සංකේත වලට වඳිනවා. මෙතැනත් පිළිම සංකේත වලට වඳිනවා. එතැනත් නොතේරෙන බාසාවකින් වැල් වටාරම් ටිකක් කියවනවා. මෙතැනත් ඒකම කරනවා.

      ජීවන දර්ශනයක් හැටියට ගත්තා වුණත් බෞද්ධ දර්ශනය හා ඉස්ලාම් දර්ශනය එකම මට්ටමේ කියන්න පුළුවන්. මේ දර්ශන දෙකම ජීවිතය ගෙනියන්න යම් උපදෙස් මාලාවක් දෙනවා. උදාහරණයක් හැටියට බෞද්ධ දර්ශනය වගේම ඉස්ලාම් දර්ශනයත් ණය ගන්න එකට විරුද්ධයි. මත්පැන් වලට විරුද්ධයි. අනෙක් බොහෝ දේ සම්බන්ධයෙන් සමානකම් තියෙනවා.

      වෙනසක් තියෙනවා නම් තියෙන්නෙ ආගමිකයින් ආගම අදහන ආකාරයේ මිස පොත් වල තියෙන ධර්මයේ නෙවෙයි.

      Delete
    6. Anonymous17 June 2015 at 17:36
      උඹ නම් උපන් ගොනෙක්. 'බෞද්ධ දර්ශණය' ආගමක් නෙවෙයි. ඒක ආගමක් කරගත්තේ මිනිස්සු. අනික් ආගම්වල යැදීම් ඇදහීම් තියනවා. බෞද්ධ දර්ශණයේ තියෙන්නේ අධිෂ්ඨාන කිරීම්, අනුගමනය කිරීම්, පිළිපැදීම්.

      Delete
    7. අනේ බෞද්ධ මී හරකෝ, තෝ හිතාගෙන ඉන්නවා තොගේ ආගම අනෙක් ආගම් වලින් වෙනස් කියලා. අනෙක් ආගම් අදහන මිනිස්සුත් එහෙමම හිතාගෙන ඉන්නවා තොපි ඔක්කෝම එකයි. එක වගේ ගොන්නු.

      Delete
  14. ආගමත් ටිකක් දේශපාලන පක්ෂයවගේ මට. පොඩි කාලෙ ලොකු අයගේ අදහස් වලින් ආභාෂයක් එනවා. ලොකුවීගෙන එනකොට ඒකෙ අඩු පාඩු පේනවා. පසුව අනිත් ඒවා ගැනත් දැනගන්නවා. හැම එකේම හොඳ හා අඩුපාඩු පේනවා. වැඩියෙන් හොඳ එක මොකක්ද කියල හොයනවා.
    පක්ෂය හා ආගමේ දර්ශනය මොනවවුනත් ඒවගෙ ඉන්න දේශපාලුවන්/පූජකයින් හා පාක්ශිකයින්/ අදහන්නන් නිසා පක්ශ හා ආගම් එපා වෙනවා.
    අන්තිමටම එක පක්ශයකට හෝ ආගමක පිලිගත් ප්‍රතිපත්ති හෝ දර්ශනය නොව මටම හොඳයි කියල හිතෙන අදහස් ගොන්නක් එනවා. එතකොට නිර්(සාම්ප්‍රදායික)ආගමික හා නිර්(පිලිගත්)පාක්ෂිකයෙක් වෙනවා.

    ReplyDelete
  15. මගේ ආගම මේකයි කිය කියා අනිත් අයට ඇහෙන්න අඬබෙර ගහන්නෙ නැතුව, තමන්ගෙ ආගමට අනුකූලව නිවැරදිව අනිත් අයට කරදරයක් නොවී ජීවත් වෙන්න පුළුවන් නම් හොඳයි.

    ReplyDelete
  16. රටවල් තුනකින් නිකුත් කරපු උප්පැන්න සහතික සසඳලා බැලුවාම වෙනමම සටහනක් ලියන්න තරම් කරුණු තියෙනවා. ලංකාවේ ඉපදුනු මගේ උප්පැන්න සහතිකේ පියාගේ රක්ෂාව තියෙනවා, ඒත් වයස නැහැ. මවගේ වයස තියෙනවා රැකියාව නැහැ. මම හිතන්නේ ඔය සහතිකය සැලසුම් කළ කාලයේ වැදගත් වෙන්න ඇත්තේ පියාගේ රක්ෂාව සහ මවගේ වයස. (තවමත් ඒක ගොඩක්ම වෙනස් වෙලා නෑනේ.) තව තියෙනවා ජාතිය ඇතුළු විස්තර ගොඩක්. ඇමරිකාවේ උප්පැන්න සහතිකයක (ප්‍රාන්තය අනුව වෙනස් විය හැකියි) තියෙන්නේ නම, ස්ත්‍රී/පුරුෂ භාවය, පියාගේ සහ මවගේ නම්, උපන් දිනය, ස්ථානය සහ වෙලාව පමණයි. එංගලන්තයේදීනම් ඕකට පියාගේ සහ මවගේ රැකියාත් එකතු වෙනවා. ඒකේ වැදගත්කම මම දන්නේ නෑ. මම අහල තියෙන විදිහට ඉන්දියාවේ උප්පැන්න සහතික වල කුලයත් සඳහන් වෙනවා. ආගම, ජාතිය හෝ කුලය උප්පැන්න සහතිකයේ සඳහන් වීම තුළ එක අතකින් ඒ දේවල් වෙනස් කර ගැනීමට තරමක බාධාවක් වන අතරම වෙනත් කෙනෙකුට ඒ ගැන විමසීමට (සහ ඒ මත පදනම්ව වෙනස් කමක් කෙරීමට) අවකාශයක් සලසනවා. මගේ නිවස අසල ජීවත් වුනා දෙමළ වාසගමක් (පියාගේ නම) සහ සිංහල නමක් ඇති දරුවන් සිටින පවුලක්. මේ පවුලේ දරුවන්ට වගේම අම්මටත් දෙමල වචනයක්වත් බැහැ. පියාට පමණක් දෙමළ කතා කළ හැකියි. උප්පැන්නේ මෙන්ම හතර වරිගේම දෙමළ වුන මේ අය සංස්කෘතිකව හැම අතින්ම සිංහල බෞද්ධයෝ. දහම් පාසලුත් දිගටම ගිහින් වැඩිමල් දරුවා පස්සේ හමුදාවට බැඳුනා. යුද්ධයෙන් ජීවිතය අහිමි නොවූවානම් බොහෝ විට දැනට සිංහල තරුණියක හා විවාහ වී ඇතැයි මා සිතන ඔහුගේ දරුවනුත් උප්පැන්නේ දෙමළ විය යුතුයි.

    ReplyDelete
    Replies
    1. උප්පැන්න සහතිකේ සැළසුම් කළ කාලයේ මවට රැකියාවක් නැහැ බොහෝ විට. ඒ නිසා ඒක ඇතුළත් නොවන්න ඇති.
      උප්පැන්න සහතිකයකට ජාතිය, කුලය (මා ඇතුළු සමහරු නොසළකා හරින නමුත්), උපන් දිනය, ස්ථානය ආදිය ඇතුළත් වන්නේ ඒවා වෙනස් නොවන නිසයි. ආගම වෙනස් විය හැකි නිසා එය උප්පැන්න සහතිකයට ඇතුළත් වීමේ තේරුමක් නැහැ.
      දරුවා උපදින විට මවගේ වයස කීයද කියන එකේ වැදගත්කමක් තියනවා. පියාගෙ වයස අදාළ වන්නෙ නැහැ.

      Delete
  17. හරය විමසා බලා ආගමක් ඇදහිය යුතුය. අද නම් බුද්ධාගමත් එක එක විදියට වෙනස් කරලනෙ මුදලාලිලා විසින්. මුලින්ම තමන්ගේ ආගමේ වක්තෘවරයා දේශනා කරපු පිරිසිදු ආගමමද තියෙන්නෙ කියල බලන්න ඕනේ. ඒත් ඒක හරිම අමාරුයි

    ReplyDelete
  18. ආගම කියන්නේ විශ්වාසයක් නේ , මෙය ලේඛන ගත කිරීමෙන් තම විශ්වාසය වෙනස් කර නොහැකි බව කියා පෑම කෙතරම් ගෝත්‍රික ද ? ආගම , ජාතිය වගේ දේවල් උප්පැන්නට මොකටද ? හැබැයි රසික , උප්පැන්නේ සිංහලබෞද්ධ කියලා නැත්නම් නිවන් දැකීම නම් බොරු , කියලයි පන්සලේ හාමුදුරුවෝ කිව්වේ ..

    අපි ඉස්කෝලේ යන කාලේ වෙනකොට , අර රෝමානු ජේසු ගේ අම්මට හොඳටම පිස්සු ...

    ReplyDelete
  19. රසික පොඩි පුරස්නයක්

    රසිකලා බොල්ලත කියන්නේ අර කඳාන - ගණේමුල්ල පාරේ ‍බොල්ලත ගැනද නැතිනං වෙනත් බොල්ලතක්ද ?

    ReplyDelete
    Replies
    1. කඳාන - ගණේමුල්ල පාරේ ‍(266) බොල්ලත

      Delete
  20. "යෝවද තම්පව රෝමනු ජේසු, ජේසුගෙ අම්මට බාගෙට පිස්සූ!"

    ඔය ගාථාව මෙහෙමයි රසික මල්ලි;

    යො වදතං පවරො මනුජෙසු
    සක්කමුණි භගවා කත කිච්චො
    පාරගතො බල විරිය සමංගි
    තං සුගතං සරණත්ථමු පෙමි

    මෙහි "මනුජෙසු" = මනුජ + සු ප්‍රත්‍ය (විභක්තී) එක්වීමෙන්, එනම් මිනිසකු ලෙස උපන් අයෙක් යන්නයි. එමෙන්ම එය උසුරුවිය යුත්තේ "මනුජේසු" යනුවෙන්. පාලියෙහි එ/ ඔ ස්වර නැති අතර ඇත්තේ ඒ/ ඕ ස්වරාක්ෂරයි. ලියන්නේ "එවං" ලෙස වුවත් උසුරුවන්නේ "ඒවං" ලෙසටයි.

    (සැ.යු. මෙහි සැබෑ පාලි වදන් වලනම් හල් කරද්දී අකුරු බැඳ ලිවිය යුතුයි. උදා: සක්ක (ශාක්‍ය)/ සරණත්ථමු ආදී තැන් වලදී). කෙසේ වෙතත් බැඳි අකුරු ලිවිය හැකි මෘදුකාංගයක් මා දන්නේ නැහැ. රසික දන්නවානම් කියාදෙන්න ප්ලීස්.

    ReplyDelete
    Replies
    1. කෙලින්ම ලියන බැරි වේවි මොකද යුනිකෝඩ් හදලා තියෙන විදිහ නිසා, හැබැයි කැරුක්ටර් ස්පේසින් අඩු කරලා බැඳි අකුරු විදියට පේන්න ෆෝමැට් කරගත හැකි වේවි.

      Delete
    2. වර්ඩ් එකේදි නම් බැඳි අකුරු දෙක අතරට ෂීෆ්ට් කරල බැක් ස්ලෑෂ් එක ගහපුවහම අකුරු දෙක බැඳෙනවා. මේකෙදි හරියන්නෙ නෑ.

      Delete
    3. බුද‍්ධං සරණං ගච‍්ඡාමි
      වැඩේ හරි

      Delete
  21. උප්පැන්නෙන් ආගම වැදගත් නැහැ කියල හලල දාපු මෝඩයින්ට තේරෙන්නේ නැති එක දෙයක් තියෙනවා.
    කවදහරි ඒ ළමයට උප්පැන්නේ තිබෙන ආගම අනුව හැසිරිලා එය තමන්ගේ ආගම බවට පත් කරගන්න පුළුවන් බව.
    එසේ වීමේ සම්භාවිතාව ගොඩක් වැඩියි.

    නමුත් උප්පැන්නේ මොන බිජ්ජකටද පියාගේ නම දාන්නේ.
    ලෝකේ ඉපදෙන ළමයින්ගෙන් 30% කට ආසන්න සංඛ්‍යාවක තාත්තලා උප්පැන්නේ නම තියෙන මනුස්සයා නෙමෙයි.
    නමුත් ඒ ළමයි බහුතරයක් ඒ ඒ මිනිස්සුන්ට තාත්තය කියල කිව්වට, ඒ මිනිස්සුත් අර දරුවා තමන්ගේය කියල පිළිගෙන පුතා/දුව කියා කීවත් ඒ ළමයාගේ නියම තාත්තල වෙන්න ඒ මිනිස්සුන්ට කවදාවත් බැහැ.
    එමෙන්ම අවජාතක කියන නාමය පවා එන්නේ ඔය නිසා නොවේද.

    කෙනෙක් හෝ ගොනෙක් තර්ක කරන්න පුළුවන් "ළමයාට පියෙකු වශයෙන් කළයුතු යුතුකම් ඉටු කරනවානම් හදා වඩා ගන්නවානම් ඔහු තමයි පියා, ඔහුගේ නම උප්පැන්නේ තිබීය යුතුයි" කියල. එය පියා කියන චරිතයේ එක කොටසක් පමණයි. ඒ දරුවන්ට ජීවය දී ඇත්තේ වෙන මිනිසුන්.
    එය හරියට හේතුපල වාදය වගේ දෙයක්.

    70% ක් පමණ ඇත්ත විය හැකි පියාගේ නම උප්පැන්නේ ලියල තියෙන එක ගැටළුවක් නැහැ කියල හිතන්න හොඳයි.
    ආගම කියන එකට බුද්ධාගම තියෙන එක නරකයි කියල අහක් කරන්න හොඳයි.

    ඕක කරපු එවුන් ඔක්කොටම කලින් DNA චෙක් කරලා තමුන්ගේ ගෙදර ඉන්න ළමයින්ගේ නියම පියාගේ නම් එහෙමත් උප්පැන්නෙට දා ගන්න උනන්දු වෙනවනම් වඩා සුදුසුයි.
    තමුන්ටත් තැනක් අවශ්‍යනම් "හදා වඩා ගත් පියා" වගේ කොටසකුත් එක්කාසු කර ගත්තහම වඩා හොඳයි.

    ReplyDelete
  22. සියළු දෙනාටම ස්තුතියි, හැම ප්‍රතිචාරයකටම ප්‍රති පිළිතුරු දෙන්න නම් වෙලාවක් නෑ.

    ලබන සතිය වෙනකල් පෝස්ට් ලියලා ඔටෝ පබ්ලිෂ් වෙන්න සෙට් කරලයි තියෙන්නේ.

    අපි බිසි, හරිය?

    ReplyDelete
  23. මේ කොමෙන්ට් කියවනවිට එක දෙයක් පැහැදිලියි. ඉතාම නරුමවාදීව සිතන පිරිසක් හෝ පුද්ගලයෙක් සිය අදහස් පළ කිරීමටවෙන තැනක් නැතිනිසා මෙහි අදහස් පළකර තෘප්තියක් ලබන බවයි. ඔවුන්ගේ මනදොල සංසිදුවා ගැනීමට ඉඩ දී රසික කරන්නේ මහා පින්කමකි.

    ReplyDelete
    Replies
    1. මගේ අදහසත් එයමයි.

      මේ සමහර කමෙන්ට්කරුවන්ට තම අදහස් ප්‍රකාශ කිරීමට ලැබීම එක්තරා ආකාරයක තෙරපියකි. මෙය අද සායනයක් වැනිය!

      Delete
  24. විචාරක ගැන අනෝ කෙනෙක් දමා තිබූ කොමෙන්ටුවක් දැක මට මේ සිතිවිලි පහළ විය. විචාරක සහ කල්‍යාන මිත්‍ර යනු විශ්‍රාමික හමුදා නිළධාරීන්ය.ඔවුන්ගේ සේවය ඇගයෙන්නේ ජාතික කදවුර තුලය. එහෙත් මේ දෙදෙනාම සිටින්නේ විජාතික කදවුරේය. විජාතික කදවුරේදී ඔවුහු රණවිරුවෝ නොව මිනීමරුවෝය. ඔවුන්ට විජාතික කදවුරට එක්වීමට පුද්ගලික හේතු තිබෙන්නට ඇත. විචාරකගේ පත්වීම ගනනාවක්ම ඔහුගේ ආසනයේ ශ්‍රීලනිප මන්ත්‍රී විසින් කපා හැර තිබිනි. එය කෙනෙකුට යම් පක්ෂයකට වෛරකිරීමට ප්‍රමාණවත් හේතුවකි. එතනදී මොවුහු සාධාරණය.

    විජාතික කදවුරේ ආගම් නො අදහන අය බලවත්ය. ඊ නිව්ස් වෙබ් අඩවියේ රතන හාමුදුරුවන් ට දැන් අපහාස කරන හැටි බලන්න. පොටෝෂොප් වලින් නිර්මාණය කරන පෝස්ටර් බලන්න. ඊයේ නිර්වස්ත්‍ර රුවකට එහිමියන්ගේ හිස බද්ධ කර තිබිණි.නමුත් ජාතික කදවුරේ අය රතන හා සෝභිත හිමිවරුන් තමන් හැරදමා විජාතික කදවුරට ගියද අපහාස නොකළහ.ඊට හේතුව ඔවුහු බෞද්ධයන් වීමය.

    බෞද්ධයන්ට යුද්ධ නොකර මරනානුස්මෘතිය වඩන ලෙස පවසන ඇනෝලා ඒ කතාව කොටින්ට කීවේ නැත.ඇනෝලා මේ කියන්නේ බෞද්ධයන් ගැන ඇති වෛරය නිසාය. ඔවුන්ට සිංහල බෞද්ධයන් විනාශ කිරීමට අවශ්ය වෙයි. එය ඔවුන්ගේ ස්වාමීන්ගේ අවශ්‍යතාවය විය හැක.

    හරිශ්චන්ද්‍ර විජේතුංග මහතා සමග සංවාදශීලී වූ අන්‍යාගමික මාධ්‍යවේදී මහතෙක් මට සිහිවෙයි. ඔහු සංවාදය පුරාම හර්සිශ්චන්ද්‍ර මාහ්තා බයි එකට ගත්තේය. ඔහුගේ තර්කයද බෞද්ධයන්ට යුද්ධ කළ නොහැකිබවයි. හරිශ්චන්ද්‍ර මහතා ඊට නියම පිළිතුරක් නොදුන්නත් අසන්නෙක් අපූරු කතාවක් කළේය.

    බෞද්ධනට යුද්ධ කිරීම අකැපනම් අනෙක් ආගම් වල ( නිවේදකයාගේ ආගම ටාගට් කර ) යුද්ධ කැපද කියා ඇසීය. ඒ ප්‍රශ්නයෙන් නිවේදකයා නොකවුට් විය.

    මේ අන්‍යාගමිකයන් සේම ඉහත ඇනෝලා ( ඔවුහු ආගම් විරෝධී මාක්ස්වාදීන් විය හැක ) ලෙනින්ලා මා ඕලා කළ අපරාධ ගැන මුනිවත රකියි.

    ReplyDelete
  25. ආගම තමන්ට උපතින් ලැබෙන දෙයක් කියන එක ඇත්ත.. ඒත් ළමයි දෙමවුපියන් දිහා බලද්දී ඔවුන් ආගම ගැන තකන්නේ නැත්නම් ආගම හෑල්ලු කරලා කතාබහ කරනවානම් ඒ දරුවෝ උනත් යම් දවසක හැසිරෙන්නේ ඒ ව්දිහටමයි.. ආගම උපතින් ලැබුනා උනත් නැති උනත් දැනුම් තේරුම් එද්දී ඒ ගැන අවබෝදයෙන් කටයුතු කරන එකයි වැදගත්..

    ReplyDelete
  26. Aagama gana katha karanawata wediya hondai wanduranta engirisi ugannana eka. Patta talk eka :)

    ReplyDelete
  27. සෝඩා බෝතලේ වතුර උනාමයි අපි සෙට් වෙන්නේ. මේ කතාවේ මූලික හරය හෙවත් ආගම ලියකියවිලිවල සටහන් වීම ගැන කිව්වොත්;

    ආගම විවිධ ලියවිලි වල සටහන් වෙනවා. එහෙම සටහන් වෙන එකක් තමා අර රාජ් කියන ළමයෙකුගේ උප්පත්ති ලියාපදිංචිය. එතැනදී ආගමක් දාන්නේ මව්පියන්. එය උප්පැන්නෙට ගියත් නැතත් ලංකාවේ සම්මුති අනුව ආගම පුද්ගලයාට වෙනස් කල හැකියි.

    නීතියක් හදන්න ගියේ ආගම වෙනස් කිරීම වලකන්න නොවේ. "අයතා ලෙස" ආගම වෙනස් කරවීම වලකන්න. මේක තරමක් සාධාරන තර්කයක්. ලංකාවේ සමහර ආගම් ප්‍රචාරක කල්ලි ඉන්නවා රස්සා නැති මිනිසුන්ට තම ශ්‍රාවක ප්‍රජාවේ ඉන්න සල්ලිකාරයින් ලවා රස්සා දීලා ආගමට හරවා ගන්න. එහෙම සමහර කල්ලි වල ආගමේ සහබාගිත්වය නැවතුනොත් රස්සාවෙන් එලියට දැමෙන තර්ජනය අප්‍රකාෂිතව තියෙනවා. මීට අමතරව මූල්‍ය හා වෙනත් වාසි වලට ආගම්වලට හරවා ගැනීම කෙරෙනවා. ඒ සඳහා විදේශීය ආයතන යහමින් මුදල් වියදම් කරනවා. සමහර පලවෙනි ලෝකේ රටවල් ආගමික මත පැතිරවීම අතින් තුන්වෙනි ලෝකෙටත් වඩා චාටර්. මේවගේ ආගමික සමාගම් වල ලාංකීය ඒජන්ත වරුන් [පාස්ටර් වගේ නම් යොදාගන්න] වාර්ෂික ව විදෙස් ගත වී මුදල් රැගෙන එනවා ඒ වැඩේට. ලෝකේ හැම රටකම "මිලදී ගත්ත" භක්තිකයින් ගනන එයාල ගනිනවා. ඒ රටත් "අල්ල ගන්න" [හෙවත් තමන්ගේ ආගමික රාමුවට කොල්ල කා ගන්න ] දවස අනුමාන කෙරෙනවා. ලංකාවේ නිරිතදිග වෙරළ තීරයේ සමහර පළාත් වල සුලබ දෙයක් මේ.

    හැබැයි අර අයතා ලෙස ආගමට හරවන එක වලකන නීති හදාපු පිරිසත් ආගමික වලිප්පු කාරයින් නිසාත්, ඇත්තෙන්ම යතා අයතා අතර ඉරක් ගහන්න ලෙහෙසි නැති නිසාත් ඒ වැඩේ කෙරුනේ නැහැ.

    ආගම ලියකියවිලිවල සටහන් වීම ගැන කතාවට ආවොත්; ආගම අවශ්‍ය වන ලියවිල්ලක් තමා ජන සංගණන කොලේ. මෙතැනදී ටැන්සානියාව වගේ දියුණු රටක් නොවන නිසා [ආගම සම්බන්ධයෙන් ටැන්සානියාව සැහෙන්න දියුණුයි. සමසේ පැතිරී ආගම් තුනක් තියෙන නිසා ඔවුන් කිසිම සංගණන වාර්තාවක ආගම දෙන්නේ නැහැ. රටේ වැඩියෙන් ඉන්නේ කවුද කියලා කවුරුත් දන්නේ නැහැ. ආගමික සහජීවනය වෙනුවෙන් තමා එහෙම කරන්නේ] ලංකාවට ආගම් වල සංයුතිය වැදගත් දත්තයක්.

    මට ඒ ගැන අවුලක් නැහැ. හැබැයි ඒ කොටුවට "ආගමක් නැති" කියන එක දාගන්න පුලුවන්නම් ඒ ඇති. එක්කෝ ආගම කියන එක ඉස්සරහ "ඇත" "නැත" දාලා "ඇත" කට්ටියට වෙනම කොටුවක් දෙන්න ඕනේ. නැතිනම් ගෙඩිය පිටින් හිස්තැනක් දෙන්න ඕනේ. අඩුමගානේ ආගම් ලිස්ට් එකේ "ආගමක් නැත" කියන එක තිබ්බනම් තාර්කිකව තරමක් අවුල් වුනත් ඒක කමක් නැහැ. එහෙත් මුන් දෙන්නේ "වෙනත්" කියන ඔප්ෂන් එක.

    2001 සංගණනයට ආපු බුවාව විනාඩි දහයක් විතර මැඩෙව්වා ඔය ගැන. 2011 දී නම් මට ඒ හැටි වෙලාවක් තිබ්බේ නැහැ. කෙසේ වෙතත් මම "වෙනත්" ඔප්ෂන් එකට වඩා කැමතියි "බෞද්ධ" කියන්න මොකද වෙනත් කියන්නේ ඉතින් ආයිත් ආගමක් තියෙන බව නේ. එහෙමනම් කුඩාකාලයේ හැදුනු වැඩුණු එකම තෝරන එක හොඳයි.

    ආගම කියන්නේ උපතේදී උප්පැන්නෙට මව්පියන් දාපු කුඩාකාලයේ දෙන මොළ සේදුමක්. මකරෝයි සුරන්ගනාවොයි එක්ක අපේ මනසට ඇතුළු වුනාට මකරු සුරංගනාවෝ එක්ක ආපහු යන්නේ නැහැ. ඒ අනුව ආගම ගැන කතා කරන බොහෝ දෙනා හිටි ගමන් වයස 5-6 ගානට යනවා.

    මේ දවස්සල් සිඩ්නි වල හොට් ම සීන් එක පින්වත් අප ස්වාමින් ගේ අලුත් බුද්ධාගම. එයාලා නම් ඉන්නේ තවත් තට්ටුවක් එහා.

    ReplyDelete
  28. ආගමික වෙනවා කියන්නෙ
    තමන්ගෙ ජීවිතේ ප්‍රශ්න විසඳා ගන්න
    ශාස්තෘවරයෙකුගෙ දහම පිළිගැනීමයි.
    ඒ ක්‍රම අනුගමනය කරන අය ඉතාම අඩුයි.
    නමට ආගමික වෙන අය
    ආගමක් නැති අය එක්ක සසඳලා
    ආගම් ගැන තීරණ ගන්න බැහැ.

    ආගමක් ගැන හරියට දන්නෙ
    ආගමක් පිළිපැදපු කෙනෙක් විතරයි.
    පිටින් බලන අය කියන දේ
    හිතලු විතරයි.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.