Saturday 6 June 2015

බයියන් ගේ මානසිකත්වය හෙවත් කුණුම කුණු කතාවක් - Rubbish must be garbaged


පසුගිය දා නිවාඩු පාඩුවේ නිවසේ ගත කළ දිනයක උදෑසන මා ජිවත්වෙන ගමේ පොඩ්ඩක් කරක්-ගැසුවේ ව්‍යායාමය පිණිසයි.

අපේ ගමේ වාහන යනෙන මාර්ග දෙපස ද, කුඩා ජලාශ සහ වන රොදවල් අසලින් ද, පයින් ගමන් කරන්නන් ගේ සහ බයිසිකල්වලින් යන්නන් සඳහා මාවත් සකසා ඇත. මේවා සාදන්නට ඇත්තේ පැරණි ගොවිපළක් කොටස්වලට කඩා මේ ගම ගොඩ නැගූ ඉඩම් සමාගම වුවද, ඒවා අද නඩත්තු කෙරෙන්නේ අප ගෙවන වරිපනම් මුදලින් අපේ ගම අයිති නගර සභාව විසිනි.

එහි දී ගත් ඡායාරූප කිහිපයක් ඇවිදින අතරතුරම ෆේස්බුක් ජාලයේ පළ කළෙමි.

මේ ප්‍රදේශ අමුතුවෙන් පිරිසිදු කිරීමක් කෙරෙනවා මා දැක නැති වුවද කැළි-කසළින් තොරව පිරිසිදුව තිබෙනවා ඒ ඡායාරූපවලින් හොඳින් පෙනුණි.

මේ ඡායාරූපවලට අදාළව ෆේස්බුක්හි පැවති කෙටි අදහස් හුමාරුවක දී, ලංකාවේ කොළඹ නගරය අවට පිහිටවා ආරක්‍ෂක හමුදාවල සේවයෙන් නඩත්තු කරන්නට යෙදුණා යැයි කියවුණු ඇවිදින මංතීරුවල අද තත්වය ගැන තොරතුරු හෙළිවුණි. එහි දී දැන ගන්නට ලැබුණේ ඒ නොමිලේ සැපයුණු නඩත්තු කටයුතු දැන් සිදු නොවන බැවින් ඒ පෙදෙස් ක්‍රමයෙන් ජරාජීර්ණ වී ඇති බවයි.

මෙයට හේතුව ගෝටා නම් චරිතයක් දැන් සේවයේ නොමැති කම බවද කියවිණි.

මට වැටහුණු පරිදි මේ තත්වය සම්බන්ධයෙන් සමහරුන් ගේ අදහස කෙටියෙන් මෙසේය.

  1. අපට යන යන තැන රිසි රිසි ලෙස කැළිකසළ විසි කිරීමේ නිදහස තිබිය යුතුය.
  2. තවත් පිරිසක් තම රාජකාරියේ කොටසක් ලෙස ඒ කුණු ඉවත් කළ යුතුය.
  3. ඒ පිරිසිදු කිරීමේ සේවාව නොමිලයේ සැපයිය යුතුය. එනම්, ඒ සඳහා ආරක්‍ෂක හමුදා තම කොස් කොටන කඩු යොදා ගත යුතුය.
  4. අපට ඒ පිරිසිදු කිරීම් සම්බන්ධව ප්‍රජා වගකීමක් දැරීමට හෝ මූල්‍යමය සම්මාදමක් කිරීමට හෝ නොහැකිය.
  5. ගෝටා නමැති චරිතය නැවත කරළියට ගෙන ආ විට සියල්ල ඉටුවෙනු ඇත.

මගේ අවසාන නිගමනය වූයේ, මේ ගෝඨා ගැන මැසිවිලි නගන අයට සිදු වී ඇත්තේ ඔවුන් ගේ බුද්ධිය වසා ගෙන බයි-කම ඉස්මතු වීම බවයි.

මෙය ඉතා කනගාටුදායක තත්වයක් බව අමුතුවෙන් කිව යුතුව නැත.

කලකට පෙර බුද්ධිය වසා ගෙන ජාත්‍යාලය පෙරට ගත් දස දහස් ගණනක පිරිසක ගේ ජීවිත නිරපරාදේ විනාශ වී යනු අපි දුටුවෙමු.

වාසනාවට මෙන් බුද්ධිය වසාගෙන බයි-කම මතු වූ විට ඒ ආකාරයේ විනාශයක් නම් සිදු නොවෙනු ඇත.

අවසාන වශයෙන් කිව යුත්තේ කුණු කන්දල් තිබිය යුත්තේ කුණු බක්කියේ ම බවයි!

-රසිකොලොජිස්ට්

ප/ලි:
ඉදිරි සතියේ කුණු කතා කීපයක් ලිවීමට අදහස් කරමි. මේ සම්බන්ධයෙන් සජ්ජාගේ පඩංගුව බ්ලොගයේ පළ වූ බොක්කෙන් ම ලියන ලද අපූරු ලිපියකට පාර මෙන්න.
http://padanguwa.blogspot.com/2015/05/blog-post_14.html

98 comments:

  1. අංක තුන සහ පහ සමඟ එකඟ නොවන අය බොහෝදෙනෙක්ද ඉතුරු කරුණු තුන ගැන ඔය කණ්ඩායම සමඟ එකඟ වීම වඩාත් කණගාටුදායකය.

    ReplyDelete
  2. ඕක බයියන්ගේ චින්තනය විදියට පියවරක් ඉස්සරහට ආවේ මේ ලගදි. නැත්නම් ඔය වගකීමක් නැති කම ලංකාවට අනන්‍ය ලක්ෂණයක් විදියට අපේ ගොඩක් අයට ඉස්සර ඉදන්ම තියෙනවා. නගර සභාවෙන් ඇවිත් ඕප් කරලා යනකන් දවල් 10 ට 12 ටත් දැල්වෙන වීදි පහන් තියෙන්නේ ඒකනේ.

    ReplyDelete
    Replies
    1. හැබැයි ඒ සිතන විදිය අනුව අනුව නම්, නගර සභාව දැමූ ලයිට් එක ඔවුන් ම ඕෆ් කරන්නාක් සේ, අපේ කුණු අප ම ඉවත් කළ යුතුයි නේද?

      Delete
    2. එතකොට කුණු දාන්න නියම තැන වෙච්චි කුණු බක්කියට දැම්ම කුණු අස් කරන්නේ තොගේ බාප්පොච්චි වෙන්නැති. මෙහෙමත් පරගැති වහලෙක්. ලංකාවේ යමක් උනොත් මුන්ට ඉවසන්න බෑ. මුන්ට ඕන ලංකාව හැමදාම පහත් කිය කිය මුන්ගේ උසස්කම කියවගන්න. හීනමානය තමයි.

      Delete
  3. එන පොට හොද නැත, මෛත්‍රී නිවාස වල ඩෙංගු පරීක්ෂාව සදහා හමුදා නිළධාරීන් යොදවාගෙන ඇත.

    ReplyDelete
    Replies
    1. මං මුලින් දැක්කේ මන්ත්‍රී නිවාස කියා යි!

      Delete
  4. "අවසාන වශයෙන් කිව යුත්තේ කුණු කන්දල් තිබිය යුත්තේ කුණු බක්කියේ ම බවයි!"

    මේක වෙන්න චින්තන විප්ලවයක් වෙන්න ඕන. අපේ කස්ටියේ චින්තනේ වෙන්නෙ. නීති දමා දඩ ගසා අපිව පාලනය කරපියව් කියන එක තමයි. අර පොරක් කිවුවෙ ඉස්සර බුලත් කෙල හැහුවත් පොලෝසියෙන් දඩ ගැහුව දැන් නෑ කියල හිටං. තමන්ගෙ වගකීම් සම්බන්ධයෙන් තියෙන ගැටලුව කුනු වලට එහා ගිය දෙයක්. එතුල කුනු පුස්නෙ ඇවිල්ල හිටං එක් කාරනයක් විතරයි.

    ReplyDelete
    Replies
    1. X - Porter,

      //නීති දමා දඩ ගසා අපිව පාලනය කරපියව් කියන එක තමයි//

      චින්තන විප්ලවය ආරම්බ කල යුත්තේ නීති දමා දඩ ගසා තමයි,
      ඕස්ට්‍රේලියාවේ නම් මම දන්නේ නෑ නමුත් බ්‍රිතානයේ නම් ගෙදර බල්ලෙක් ඇති කරනවා නම්, බල්ලා සමග ඇවිදීමට යනවිට බෑගයක්
      ගෙනයායුතු වෙනවා, එනම් බල්ලාගේ බලු බෙට්ට දැමීමට.

      පාර අපවිත්‍ර කර අසුඋනොත් ලොකු දඩයක් ගෙවීමට සිදුවනවා. මේ ලෙස පුරුදුවූ මිනිසුන් සිටින විට ඉබේම පිරිසිදු පරිසරයක් ඇති වනවා.

      මේ ගැන ජපානයේ සිටින මගේ මිතුරකු පැවසුවේ " මචන් ජපානයට ගිය හැටියේම චොක්ලට් එකක් කෑවත් කොලය සාක්කුවේ දමාගන්නව නමුත් ලංකාවට පැමිණි මුල් දින කීපයේ සොයන්ක්රියව මෙපුරුද්ද දින කීපයක් පැවතුනත්, අපේ කට්ටිය සමග සිටිවිට ඉබේම කොලය බිම දමනවා :"

      Delete
    2. @ X - Porter

      /* අවසාන වශයෙන් කිව යුත්තේ කුණු කන්දල් තිබිය යුත්තේ කුණු බක්කියේ ම බවයි! */

      එයින් මා අදහස් කළේ ජනවාරියේ කුණු බක්කියට ගිය අය ගැනයි!

      Delete
    3. @ lankikasithuwili

      ඕස්ට්‍රේලියාවේ බලු බෙටි ගැන මා ලියූ මේ ලිපිය කියවන්න.
      http://rasikalogy.blogspot.com.au/2014/11/avoid-at-all-costs.html

      ඔබ සඳහන් කර ඇති ටොෆි කොළ ගැන මා ඊලඟ ලිපියෙන් අදහස් දක්වන්නම්!

      Delete
    4. This comment has been removed by the author.

      Delete
    5. @ lankikasithuwili6 June 2015 at 18:42

      නෑ.. අධ්‍යාපනයෙන් සහ තමන්ගේ වගකීම් සම්බන්ධයෙන් තියෙන දැනුවත් භාවයෙන්. සත්තු පාලනය කොරනව වගේ කෙවිටෙන් මිනිහව පාලනය කොරන්න ඕන්නැනේ. දැනුවත්බව වර්ධනය වුනාම මේ කුනු විතරක් නෙමෙයි මෙකී එකී නොකී ඔක්කොම කුනු ලස්සනට බැහැරවෙයි.

      Delete
    6. @ රසිකොලොජිස්ට් - Rasikologist6 June 2015 at 19:47

      ආහ්.... ඒකත්තෙහෙමෙයි.........?

      හෙනං පල්ලෙහෑං කිවුවගේ බල්ලො බැඳල ඉතරක් මදි. කුනු, බක්කියේම දිගටම තිබ්බොත් කුනුවෙලා ගඳ ගහන්න පටං ගන්නව. ඉක්මනට ප්‍රතිචක්‍රීයකොරනයවත් කොරල දාන්න ඕන හිටං.....

      Delete
    7. X - Porter7 June 2015 at 16:29,

      උපුල් ශාන්ත සන්නස්ගල මහතා මෙපිලිබද කදිම උදාහරණයක් ලබාදේ.
      වෙලාව ඉතුරු කරගැනීමට විනාඩි 5ට පසු බලන්න
      https://www.youtube.com/watch?v=Q25Iz-J9NXQ

      Delete
    8. සන්නස්ගලගේ කතාව ගැන-

      එහෙම ක්‍රමයක් මෙහේ ඕස්ටේ‍ර්ලියාවේ නම් නැත.

      වේග සීමාවට වැඩියෙන් යන වාහන අල්ලන්නේ එක්කෝ ට්‍රැෆීක් පොලීස්කාරයින් ය. නැතිනම් ස්පීඩ් කැමරා මගිනි.

      වාහනයේ ඇති eTag භාවිතා වෙන්නේ මුදල් අයකරන අධිවේගී පාරවල්වල මුදල් ගෙවීමට නතර නොවී කෙලින්ම යාමේ පහසුව සඳහාය.

      Delete
  5. අයිසෙ රසික, මාත් මේ දවස්වල හැන්දෑවෙ පැයක් විතර ඇවිදිනවා

    ReplyDelete
    Replies
    1. I say, මා නම් ඇවිදින්නේ දිවා ආහාර වේලාවේයි. හැන්දෑවේ දුම්රියේ නිවස බලා ඒමට ඇත.

      Delete
    2. I say,කාපු ගමන් ඇවිදින්න එපා , සෞඛ්‍යයට හොඳ නෑ

      Delete
    3. කළාමැදිරියා නම් සෞඛ්‍ය ගැන හරියට හිතනවා වගේ

      Delete
  6. අපේ මාරයා අයියටත් හොඳටම මළ පැනලා තියෙන්නෙ මේ දවස් වල ඔය කොළඹ පිරිසිදුව තබා නොගන්න සීන් කෝන් එක ගැන. මොකද අපේ මාරයා අයියා උපන්දා ඉඳලා හැදුනෙ වැඩුනේ සිංගප්පූරුව, ඩුබායි වගේ කුණු ඇබින්දක් වත් හොයා ගන්න බැරි බත් එක බිම දාලා කන්න පුළුවන් තරම් පිරිසිදු තැන් වලයි. ඉතින් කොළඹ නගරයේ පාරවල් අපිරිසිදු වෙලා තියෙනවා දකිනකොට මාරයා අයියාට මළ පනින එක අහන්නත් දෙයක්ද? අනික අපේ ආරක්ෂක හමුදාවේ රණවිරු අයියලාගෙන් රටට අවශ්‍ය දේශප්‍රේමී මෙහෙවර වන රාජපක්ෂ උතුමාණන්ගේ පවුලට සේවය කිරීම නොගන්න එක ගැනත් මාරයා අයියාට කණගාටුයිලු. පහුගිය දහසක අපේ මාරයා අයියා කොළඹ ගිහිල්ලා රෙන්ඩ බර හැදිලා බේරෙ වැව අයිනෙ කාරිය කොළාම ඒක සුද්ද කරන්නවත් කුරුළු හමුදාවෙ සාජන් කෙනෙක් වත් හිටියෙ නැතිලු. මේකද යකෝ යහපාලනය කියන්නෙ? අපේ මාරයා අයියා මහින්ද අගමැති කරන්න දිවා රෑ නොබලා වෙහෙසෙන්නේ ඒකයි. අපේ දුමී අයියාත් සෑහෙන සහයෝගයක් දෙනවා ඒකට.

    ReplyDelete
    Replies
    1. දුමී කිව්වේ මොන දුමීද? කට ගද ගහන බ්ලොක් එක ලියන පොරද?

      Delete
    2. දුමී අයියට මොකුත් කියන්න එපා. දුමී අයියා තමයි එමිරේට්ස් වලට සිස්ටම් ලියන්නෙ. ලංකාවෙ කවුරුත් තවම එහෙම ගෞරවයක් ලබාගෙන නැහැ.

      Delete
    3. මෙවැනි ප්‍රතිචාර අනවශ්‍ය බව කරුණාවෙන් දන්වමි!

      Delete
    4. පළ ඇති රුකට ගල් වදිනු මිස පළ හට නොගන්න රුකට ගල් නොවදිනු ඇත....!

      එමිරට්ස් වල දුමී අයියා වැඩ පෙන්වා ඇත. ඒ සඳහා ලිඛිත සාක්ෂි සහ පැසසුම්ද සමග.

      දුමී අයියා එමිරේට්ස් වලින් අස් වී දැන් අවුරුදු 7ක් වෙනවාය. දැන් ඊටත් වඩා ලොකු ලොකු වැඩ කරනවාය....!

      අනුන්ට ඊරියා නොකර තමන් ගොඩ යන විදිහක් සොයා බැළුවානම් බයි, ටොයි බලපෑමක් නැතිව තනියෙන් නැගී සිටිය හැක...!

      අවසාන වශයෙන් දුමී අයියා සාඩම්බර බයියෙකි....! සිංහල බෞද්ධයෙකි !

      Delete
    5. දුමියා ++++++++++++++++

      Delete
  7. ආත්ම විශ්වාසයක් නැතිකම

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ ඒක බයිකමට වඩා වෙනස් දෙයක් ද?

      Delete
  8. බයියා කියන වචනය කරළියට ආවෙ ළඟදි වුනත් ඕකනම් බයි මානසිකත්වයම තමයි.
    අනේ කූඹින්නේ
    තොපටත් රජෙක් ඉන්නේ
    මහරජෙක් උන්නේ
    කවුද දැන් අපෙ අරින්නේ
    කියල කියාගෙනම ඉන්නෙ ඒකයි. ඒක ස්වභාවිකයි.
    වියගහ නැති වුනාම හරකට කෙළින් යන්න බෑ පාර පුරා දුවනවා.

    ReplyDelete
    Replies
    1. සෙක්කුවේ බැඳපු ගොන්නු සෙක්කුවෙන් ලෙහෙව්වත් ගහක් වටේ කැරකෙනවා ලු!

      අර මෛත්‍රීපාල සිරිසේන කියපු වහල්ලු කතාවත් ඒ හා සමානයි නේද?

      Delete
    2. දැන් ඉන්න හරක් කෙලින් යන හැටි පේනව. උන්නම් හරක් ම තමයි. වහල්කම නම් හොඳට පේනවා රටේ ජනාධිපති කම ලැබිලත් හොරගොල්ලේ කක්කුස්සි හෝදන එකෙන්. ඒ වගේ වහල්ලු ටිකක් තමා උන් තමන්ගේ ජාතියේ අනික් උන්ට වඩා උසස් අමුතු සෙට් එකක් ඒත් සුද්දො තරම් හොඳ නෑ සුද්දො තමා සුපිරි කියලා වැඳගෙන ඉන්නේ. රැජිණ පුක පිහදපු අත අල්ලපු එකත් වාසනාවක් කියලා හිතන නායකයෝ ඉන්නකොට ඉතින් එක අතකට මේ වගෙ උන් ගැන කවර කතාද?

      Delete
  9. 'ඉදිරි සතියේ කුණු කතා කීපයක් ලිවීමට අදහස් කරමි. මේ සම්බන්ධයෙන් සජ්ජාගේ පඩංගුව බ්ලොගයේ පළ වූ බොක්කෙන් ම ලියන ලද අපූරු ලිපියකට පාර මෙන්න.'

    අපෝ කකා මූ නං මහා පිස්සෙක් නේ. ඌ මං පොර ජාතකෙන් හතර අතේ නෙලනවා ඇරෙන්න වෙන මොනාද ඔකේ ලියන්නේ. මානසික ලෙඩෙක් ඔය. අනුකම්පා කරමු මිනිහට අපි.

    ReplyDelete
    Replies
    1. කරුණාකර පුද්ගල අපහාස නොකරන්න.

      Delete
  10. Plz කකා..!! මට මේක English වලට හරවා දෙන්න... ලොකු හදිස්සියක් මගේ facebook ගිණුම disable වී ඇත.

    ....

    මට කිසිවිටෙක facebook අඩවියට වංචා කිරීමට අවශ්‍ය නැත. ඒ නිසා මා සත්‍ය පවසන්නම්. ඇත්තටම මා සතුව Tharindu Hansaka Jayawardhana නමින් facebook ගිණුමක් ඇති අතර එයා මගේ සත්‍ය ගිණුම බව පිළිගැනීමට කැමතියි. නමුත් මා මෙම Thrindu Roxx ගිණුම ආරම්භ කලේ කිසිවිටක facebook ජාලය නොමග යැවීම සදහා නොවේ. මෙම ගිණුම තුල මා සිදු කලේ මගේ ආදරවන්තිය හා මා පිළිබඳ සමරු සටහන් ලිවීම පමණි. එයටද මට හේතුවක් ඇත.

    මන්ද මගේ පියා මගේ facebook ගිණුම සමහර අවස්ථාවලදී පරික්ෂ කර බලයි. මන්ද අපේ රටේ (Sri Lanka) අනුව අවු.18 අඩු අය ළමුන් වෙන නිසාවෙනි. ඉතින් මා මගේ ආදරවන්තිය පිලිබඳ තවම මගේ පව්ලේ උදවිය සදහා පවසා නැත. ඒ නිසා මට මගේ සත්‍ය facebook ගිණුම තුල මෙම සමරු සටහන් තැබීම සිදුකල නොහැකිය. එම නිසයි මා මෙම නව ගිණුම ආරම්භ කලේ.

    මා සිතනවා facebook කාර්යමණ්ඩලයට අපගේ ගිණුම් තුල ඇති සියලු දෑ පරික්ෂ කල හැකියි කියා. ඉතින් ඔබලා පිරිස මගේ මෙම disable වූ Tharindu Roxx ගිණුමේ ඇත්තේ මොනවාද කියා පරික්ෂ කර බලන්න. එවිට ඔබටම තේරෙනු ඇත මා සිදුකර ඇත්තේ මගේ ආදරවන්තිය හා මා පිළිබඳ සමරු සටහන් ලිවීම පමණක් බව.

    මා කිසිවිටෙක facebook ජාලයේ අන් මිතුරන් නොමග යවා නැත. එය මට සාක්ෂි සහිතව ඔප්පු කල හැක. එයට හොදම නිදසුනනම් මා හට friend request විශාල ලෙස පැමිණියත් මා එකක්වත් accept කර නැත. එයට හේතුව මට කිසිවිටෙක facebook ජාලයේ අන් මිතුරන් නොමග යැවීමට අවශ්‍ය නොවීමයි. ( මා accept කර ඇත්තේ මගේ සත්‍ය facebook ගිණුම පමනි.) මට අවශ්‍ය වුයේ මගේ ආදරවන්තිය හා මා පිළිබඳ සමරු සටහන් ලිවීම පමණකි.

    ඉතින් මා facebook Terms and Conditions වලට පටහැනිව ක්‍රියා කර ඇති බව මා පිලිගන්නවා. නමුත් මට අවශ්‍යයි මෙම facebook ගිණුම සක්‍රිය කර ගනිමට. මන්ද එතුල ඇති අපගේ සටහන් වල කිසිදු copy එකක් මා සතුව නැත. මට මෙම ගිණුම දිර්ගකාලිනව සක්‍රිය කරගැනීමට අවශ්‍ය නැත. අඩුම වශයෙන් සතියක කාලයක් සදහා මෙම ගිණුම සක්‍රිය කරදෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා. මන්ද ඒ මගේ ආදරවන්තිය හා මා පිළිබඳ ඇති සමරු සටහන් මා හට copy කර ගැනීමට අවශ්‍ය නිසාවෙනි.

    මා අසා තිබෙනවා facebook අයිතිකරු Mark Zuckerberg මහතා සතුව ඔහුගේ සුරතලාගේ නමින්ද facebook ගිණුමක් ඇති බව. එම නිසා මා මෙලෙස තවත් facebook ගිණුමක් විවුර්ත කිරීම සම්බන්දව වැඩිදුර නොසිතු බව සංවේගයෙන් යුතුව දැනුම් දිමට කැමතියි. එසේම මා හොදින් දන්නවා facebook කාර්යමණ්ඩලය machines සමග වැඩ කරන පිරිසක් බව ( Computers අදිය සමග) නමුත් මා සිතනවා ඔබ සියලු දෙනාටම හැගීම් ඇති බව, ආදරය හදුනන බව, ඉතින් මට මේ නැතිවීමට යන්නේ මගේ ආදරය සම්බන්ද සමරු සටහන්. ඉතින් මට මාගේ මෙම සමරු සටහන් නැවත ලබා ගැනීමට අවශ්‍යව ඇත. ඉතින් ඒ සඳහා මට අඩුම සතියක කාලයක්වත් මගේ Tharindu Roxx ගිණුම සක්‍රිය කර දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. මේ ප්‍රශ්නය දෙස මානුෂිකව බලන ලෙස ඉල්ලා සිටිමි.

    දීර්ග විස්තරයක් පල කිරීම සම්බන්දව කණගාටුව පල කරන නමුත් මෙය සත්‍ය විස්තරක් බව ප්‍රකාශ කර සිටිමි.

    ReplyDelete
    Replies
    1. I never do not want to cheat site facebook. So I tell the truth. Actually I have known Tharindu Hansaka Jayawardhana facebook account and he wants to admit that my real account. But I is not never to mislead the network facebook account Roxx started this Thrindu. I only write a commemorative place in this account of my lover and I did. I have reason I admire.

      For my father, my facebook account looks sometimes tested. For our country (Sri Lanka), according to those children less than 18 years is due. So I said no to those still on my boo my impending. So I may be modified to add this memorial in my actual facebook account. That is why I started this new account.

      I think that can be tested in all the staff in our facebook accounts. So you see who has been checking out what my account Roxx Tharindu the disable. And I have done that only to write notes to yourself forecast souvenir of my fiancée and me.

      I never facebook friends misleading other network has not been sent. I can prove it with evidence. The best example I can not accept one, I come as a friend request. Because I would never want to mislead the ramp others facebook friends network. (I accept the fact that my facebook account only.) I want my lover and I was just about to write a memorial.

      So I accept that I have been contrary to facebook Terms and Conditions. But I want to let the active facebook account. Because I do not have a copy unequivocally that our record of no. I do not want to enable this account dairagakaālainava. Please call remedied this account as at least a week enabled. For me and my boo the commemorative notes because I want to copy.

      I have heard the owner of facebook Mark Zuckerberg has said that his pet name facebook account. Therefore, I would like to be informed Funeral is unaware that connection with more unexpected way to open another facebook account. I also know that facebook enable staff with machines that work group (with etc Computers), but I think that you all have emotions, love known that, so I do not go, my love connection commemorate. So I need to get back to my notes this commemoration. So for the period of one week then I kindly requested to activate my account Tharindu Roxx. The question I asked to look at humanely.

      Published apologies in connection with the published description, but I have long said that this is the true description.

      Delete
    2. තව මොන බාසා වලටද හරවලා ඕනැ?

      Delete
    3. බොහොම ස්තුතියි මේක ඉංග්‍රීසි වලට හරවලා දුන්නට. මම මේ මොකද කරන්නේ කියලා කල්පනා කර කර හිටියේ. මේක ඊමේල් කරන්නම් ෆේස්බුක් එකට. ස්තුතියි නැවතත් ඉක්මනින් මේක පරිවර්තනය කරලා දුන්නට.

      Delete
    4. ඉහත දී ඇති ගුගල් ට්‍රාන්ස්ලේටර් එකෙන් ගත් විසුලු පරිවර්තනයට වඩා දහස්වරක් හොඳ පරිවර්තනයක් මේ ස්ථානයේ ලබා දී ඇත.
      http://www.elakiri.lk/forum/showthread.php?p=18459343

      Delete
    5. දැන් මේක තාත්තා බැලුවොත් කොටඋඩ නේද ?

      Delete
  11. කාර් එකේ ගියත් ව්‍යායාම ලැබෙනවද රසික?

    ReplyDelete
    Replies
    1. කාර් එකට නම් ව්‍යායාම ලැබේ!

      Delete
  12. රසික දැන් ලංකාවෙ මිනිස්සු කුණු නියමිත විදිහට කුණු බක්කිවලට දමනව , හැබැයි බක්කිවල පියන් හොදනැත් හින්ද දඩාවතේ යන බල්ලො ආපහු කුණු හැමතැනම අරන් යනව.

    ReplyDelete
    Replies
    1. 'බල්ලොත් එක්ක බෑ'

      Delete
    2. 'බල්ලොත් එක්ක බෑ'

      Delete
  13. This comment has been removed by the author.

    ReplyDelete
  14. අයියෝ..හැම මනුස්සයෙක්ම තමන් ක්‍රණු බැහැරකරන එක ක්‍රමාණුකුලව කරනව නම් පිරිසිදු කරන්න අමුතුවෙන් වියදම් කරන්න ඕනද?එහෙම බලනකොට ටොයියොයි බයියොයි දෙගොලලොම වැරදියි

    ReplyDelete
    Replies
    1. වයි චින්තනය යනු මේ අපිරිසිදුකම ගෝටා නම් චරිතයක් නොමැති නිසා සිදුවන බව කියමින් ඇඬීමයි.

      Delete
    2. මම දැක්ක පහුගිය කාලෙ සුජීව කොකාවල මහත්තයත් ඔය කොළඹ අපිරිසිදු කතාව කියල තිබ්බ - ඒ මහත්තය නම් බයි චින්තනයක් ඇති අ‍යෙක් නෙවේ - ගෝඨා ඕන කියල කිව්වෙත් නෑ -
      ඉතිං රසික මේ වගේ මධ්‍යස්ථ විචාරකයො කියන දේවල් ගැන මො‍කෝ කියන්නේ ? 
      ( මගේ පුද්ගලික අදහස නම් කොළඹ ලස්සන කළේ ගෝඨා බවයි - ) 

      ප.ලි - බයියෙක් නොවෙමි

      Delete
  15. කුණු එකතු වෙන්නේ කුණු වලටම කියනවනේ.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත!
      කුණු ගොඩවල් කුණු ගොඩටම නොදා උදාකර ගත් හැකි ප්‍රගමනයක් නැත!

      Delete
  16. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. එය මේ දක්වා වචනයක් නොවුණත් මට අළුතින් වචනයක් සාදන්නට බාධාවක් නැහැ!

      Delete
  17. බයියා කියා කියන්නේ බත්ගම නැමති කුලයට අයත් මිනිසුන් ටයි.... කුල මල බේද ඇද මිනිසුන් ට අපහාස කිරීම හොඳද?

    ReplyDelete
    Replies
    1. ස රස - බයියා යන වචනය දේශපාලනයට ගෙනාවේ ඔබ අදහන වඳින පුදන මහින්ද රාජපක්‍ෂ බව ඔබ නොදන්නවා යැයි මට විශ්වාස කරන්න බෑ.

      https://youtu.be/3bxUob60GI0

      Delete
    2. මෙන්න බයියන් සඳහන් කරමින් ගැන මා ලියූ ලිපි

      1. මහින්ද රාජපක්‍ෂ කෙරෙහි ඇති අන්ධ භක්තියෙන් තවමත් දුක් විඳින අපේ අංකල්ලා ගේ සහ ඇන්ටිලා - They deserve our sympathy!
      http://rasikalogy.blogspot.com/2015/01/they-deserve-our-sympathy.html

      2. රාජපක්සවාදීන් ගැන ගණිතමය විග්‍රහයක් - A mathematical analysis of Rajapaksites
      http://rasikalogy.blogspot.com/2015/03/mathematical-analysis-of-rajapaksites.html

      3. පර්සි මහේන්ද්‍ර රාජපක්‍ෂ ආපහු දේශපාලනයට ආවොත් හොඳය - Come back, baby, come back!
      http://rasikalogy.blogspot.com/2015/04/come-back-baby-come-back.html

      4. සිංහල කලාකරුවන් පිරිසක් නලාකරුවන් වීම නිසා අපට ඇතිවෙන වාසි! - Artistes and Artists Vs Henchmen
      http://rasikalogy.blogspot.com/2015/04/artistes-and-artists-vs-henchmen.html

      5. මහා ටොයි-බයි වියවුලට විසඳුම මෙන්න - Toyiya Vs Bayiya
      http://rasikalogy.blogspot.com/2015/03/toyiya-vs-bayiya.html

      6. බයියන් යනු කට්ට කයිරාටික කපටියන් ද නැතිනම් ගණිතය බැරි අමනයින් ද? - Having fools as your friends will make you a fool as well?
      http://rasikalogy.blogspot.com/2015/04/having-fools-as-your-friends-will-make.html

      7. අපේ ආච්චී සහ වාසුදේව නානායක්කාර - Verbal incontinence
      http://rasikalogy.blogspot.com/2015/05/verbal-incontinence.html

      8. තානාපති සේවයේ හොඳ හොඳ සෙල්ලම් - All them kings men (and women)!
      http://rasikalogy.blogspot.com/2015/01/all-them-kings-men-and-women.html

      9. ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් තිසර සමරසිංහ ගේ නිරුවත, පුකත්වය සහ තගරි හෙළිවේ..! - Sri Lankan High Commissioner in Australia threatens a local journalist
      http://rasikalogy.blogspot.com/2015/02/sri-lankan-high-commissioner-in.html

      Delete
    3. //ස රස - බයියා යන වචනය දේශපාලනයට ගෙනාවේ ඔබ අදහන වඳින පුදන මහින්ද රාජපක්‍ෂ බව ඔබ නොදන්නවා යැයි මට විශ්වාස කරන්න බෑ.//

      මහින්ද තියා මහින්දගේ මුත්තා කීවත්, බයියා කියන්නේ බත්ගම හෝ සරලව කියනවා නම් පදු යන කුලයට අයිති ජන කොට්ටාශයටයි...

      නිවැරදි දේ කරන්න... බයියා යන පදය නොයොදන්න.... මහින්ද කීවා කියා එය ම කරනවානම් ඔබ මටත් වඩා මහින්දවාදියෙකු බව පිලිගන්න...

      Delete
    4. අවංකවම මා එවැන්නක් දැන සිටියේ නෑ.

      පදු සහ පද්දා යන වචන නම් අසා සිටිනවා, ඒ නඟින් දේශපාලන ලිපි ලියූ බ්ලොග්කරුවෙකු ද සිටි බවත් මතකයි.

      ඒ මොනවා වුනත්, 2014 අයවැය කතාව අවසානයේ දී ඔබේ නායක මහින්ද රාජපක්‍ෂ කියූ ඒ වාක්‍යයෙන් පසු ලංකාවේ දේශපාලන කතිකාවත තුළ බයියන් යනුවෙන් හැඳින්වෙන්නේ ම.රා. වාදීන් බව දැන් වෙනස් කළ නොහැකි සත්‍යයක්.

      එක වචනයකට, තේරුම් කීපයක් තිබිය හැකියි. එනිසා, ඔබ වැනි බයියන් සඳහා බයියන් යන වචනය ම මා දිගින් දිගට ම යොදා ගැනීමට අදහස් කරනවා.

      ස්තුතියි.

      Delete
    5. ඌව සහ නැගෙනහිර ගොවි ජනපද බිහි කිරීමට පෙර තිබු හුදකලා සිංහල කුඩා ගම්මාන වල ජීවත්වූ අය හැදින්වුයේ ද බයියන් කියයි, ඔවුන් වෙල්ලස්ස සටනින් පලා ගොස් බයේ සැගවුන අයගෙන් පැවතෙන්නන් නිසා බයියන් කියා කීවාලු. බයට පැනල ගිය බයියනුත් , ස රස කියන නම්බුකාර බයියනුත්, හැර "ගම් බයියන්" කියා තවත් වර්ගයක්ද ගැනද කියැවේ. මහින්ද කුමන වර්ගයේද?

      Delete
    6. //එක වචනයකට, තේරුම් කීපයක් තිබිය හැකියි. එනිසා, ඔබ වැනි බයියන් සඳහා බයියන් යන වචනය ම මා දිගින් දිගට ම යොදා ගැනීමට අදහස් කරනවා. //

      මා බයියෙක් නොවේ...

      මා ගොවිගම ය..... ඔබ?????

      Delete
    7. මම මහරගම ..............ඇයි අවුල්ද ?

      Delete
    8. සර සර ගාලා මරාගේ ගූ කන්නා අදත් නානවා.

      Delete
    9. ස රස මේ ප්‍රදර්ශනය කරන්නේ නියම බයියන් ගේ නියම මානසිකත්වය නේද?

      Delete
    10. සරසට දෙන්න ආපු උත්තරේ රසික දීල.
      නූතන බයි වංශය පටන් ගන්නෙ 2014 අයවැය දිනයෙන්. ඒක අලුත් බයි වංශයක්.

      // මා ගොවිගම ය..... ඔබ?????//
      නියම බයියෙකු බව යලි ඔප්පු කලාට ස්තුතියි.

      Delete
    11. //රසිකොලොජිස්ට් - Rasikologist7 June 2015 at 15:44

      රාජ්7 June 2015 at 17:20//

      උත්තරය තේරුනෙමි.... හිත රිදුනා නම් සමාවන්න

      Delete
    12. සා රස,

      මේ ගං කබර කතාව කිසි තේරුමක් නැති තර්කයකි. සාමාන්‍යයෙන් ගම්බද සිංහල ගැමියන් යුධ ජයෙන් පසුව රාජපක්ෂලාට දැඩි පක්ෂපාතීත්වයක් දැක්වීම නිසා විරුද්ධවාදීන් මෙම වදන පාවිච්චිකලත් මමනම් නූගත් ගැමියන් හෙළා දැකීම තරයේ ප්‍රතික්ෂේප කරමි.
      කෙසේ නමුදු පසුගිය රාජපක්ෂ රජය මගින් ගැමි සිරිත් විරිත් උත්කර්ෂයට නංවමින් එම ගැමියන් දේශප්‍රේමී මායාවකින් මුලාකොට ගෙනගිය අශීලාචාර අසාධාරණ දූෂිත පාලන තන්ත්‍රය අපගේ දැඩි පිළිකුලට හේතුවිය. වත්මන් රජයේද මෙවන් හිරිකිත බොරුකාර කපටි තක්කඩි පුද්ගලයන් රැසක් සිටින්නේ විපක්ෂයට අභියෝග කිරීමට මෙනි.

      කෙසේ නමුත් බහුතර දැන-උගත්කම අඩු පිරිසක් පසුගිය රජය ගැන තවමත් විශ්වාසය තබා සිටිති. කෙසේ වුවත් මීට සම්පූර්ණ ප්‍රතිවිරුද්ධවූවන්ද මට හමුවී තිබේ. උදා:- අප වත්තේ ගස් කප්පාදු කිරීමට පැමිණෙන වියපත් පුද්ගලයාට හරිහැටි සිංහල ලියාගැනීමටවත් නොහැක. නමුත් හේ පසුගිය මැතිවරණයේදී හංසයා දිනවීමට කැපවී ක්‍රියා කළේය. මා හොඳින් දන්නා මුස්ලිම් තරුණියක් දේශපාලනය ගැන මෙලෝ මගුලක් නොදන්නා අතර සිය පියා කියූ නිසා "අන්සයාට" ඡන්දය දෙන බව කීය. මෙබඳු සිංහල කතුන්ද බොහෝය.

      මම දැනට විදෙස්ගතව සිටින ඉතා සංකීර්ණ තාක්ෂණික විෂයයකින් ආචාර්ය උපාධි ලබාසිටින මිතුරෙක් සමග කතාබහ කළෙමි. පසුගියවර දැඩිව හංසයා දිනවීමට මුහුණුපොතේ කෑගැසූ හෙතෙම නැවතත් රාජපක්ෂලාට ඡන්දය දීමට සිතෙන බව කීවිට මම දැඩිලෙස මවිත වුණෙමි. ඔහු හංසයාට ඡන්දය දී තිබෙන්නේ හෙළ උරුමය කෙරෙහි විස්වාසයෙනි. දැන් ඔහු දැඩිව කලකිරී ඇති අතර මා ඔහුට පැරණි අශීලාචාර පාලනය ඊට විසඳුම නොවන බව දැඩිලෙස අවධාරණය කළෙමි. නමුත් ඇත්තටම විකල්පය කොහිද? මට දැන් සියලු දෙස්පලුවෝ එපාවී සිටින අතර මුන්ගේ විගඩම් බැලීමෙන් මගේ ලෙය කෝප වී පිත ඇවිස්සෙනු ඇත. අප දැන් කළයුත්තේ කුමක්ද?

      Delete
    13. සරසයා ගැලෙව්වා නේද කලිසම මෙතනත් !!!!

      Delete
    14. පීචං සාරස මහින්ද බයියන් වෙනුවෙන් ..............

      Delete
    15. Anonymous7 June 2015 at 19:26

      මෙහි කතාකර තිබෙන්නේ බයියන් පිලිබඳව මිසක් ගංකබරයින් ගැන නොවේ. ගංකබරයින් යනු වෙනත් පිරිසකි.

      ඇත්තටම සිදු වුණේ මහින්ද රාජපක්ෂ සරම අඳින ගැමියෙක් මෙන් පෙන්වා ගැමියකු මෙන් වෙස්වලාගෙන සිටියත් ඔහු වෙස්වලාගත් නාගරිකයකු බව හෙලිදරවු වීමයි. රාජපක්ෂලා ඇත්තටම "බයියා" යන්නෙහි ඩෙෆිනිශන් එක නොදැන එය යොදාගත්තා. එය පමණක් නොව හොඳින් ගැමි සිරිත් විරිත් දන්නා විද්වතෙක් මරාගෙන් සැබෑගැමි සිරිත් විරිත් ගැන ප්‍රශ්න කලොත් ඔහුගේ මෙම නිරුවත හෙළිවනු නිසැකයි.

      ඊලඟට අපි ගං කබරු ගැන කතාකරමු. ගං කබරයින් කියන්නේ රාජපක්ෂපාතීන් නෙවෙයි. දේශපාලනය, ආර්ථික, සමාජ කාරණා ගැන සත පහක දැනීමක් නැති මෙලො හසරක් නැති උන් ටිකක්. ඩෙෆින්ෂන් එක තමා ගැමි, නූගත්, සිංහල, බොද්ධ.

      මේකුන්ව මැනිපියුලේට් කරන එක හරිම සිම්පල් වැඩක්. 1983 ඇල්ලේ ගුණවංශ, සිරිල් මැතිව්ලාගේ වගේම 2009 රාජපක්ෂලාත් කරේ මුන්ව මැනිපියුලේට් කරන එක. මුන්ව එක පක්ෂෙක කියලා වෙන් කරන්න බෑ. රනිල්, මහින්දලා ඩීල් දා ගත්දී මුන් ගම් වල මරා ගන්නවා, පක්ෂ බේදෙට.

      ලංකාවේ අමාරුවෙන් බලය අල්පු හැම තක්කඩියම - බණ්ඩාරනායක, ජේ ආර්, මහින්ද, හැම එකෙක්ම, මුන්ව මැනිපියුලේට් කරලා තමා එතෙන්ට ආවේ. පංච මහා බලවේග, ධර්මිෂ්ඨ සමාජය, මහින්දයාගේ 'අපේ කම', මේ හැම 'ගිමික්' එකක්ම ගෙනාවේ මුන් ව ෆෝම් කරලා ලාබෙට චන්ද ටික මංකොල්ල කන්න.

      'සා රස' ගේ සමරිසි ඉස්කොලේ ලොල්ලො (රනිල් ප්‍රම්‍රඛ) සෙට් එකට 'ලෙජිටිමේට් විදියට' මේ රටේ බලයට එන්න බැරි හේතුව වෙන්නෙත්, පොරවල්ලා ගං කබරයින්ගේ සිතුම් පැතුම් අඳුරන්නේ නැති වීමයි. සා රසලාගේ ඉස්කොලේ කටිටියගේ දේශපාලනයත් සෙක්ස් ලයිෆ් වගේ තමා - ලෙජිටිමේට් නෑ.

      ඊළඟට, ලංකාවේ මේ දක්වා හැම වින්නැහියකම මුල වෙන්නෙත් මේ ගං කබරයින්. 1956, 1971, 1983-2009, 1988/89, 2014, මේ හැම එකකම. හැබැයි, මේ හැම එකකින්ම නන්නතාර වෙන සමාජ පන්තියත් ගං කබරයින්මයි. උදාහරණයක් විදියට, 83-09 දෙමළ ජාතිවාදී කෝළහළයේදි මැරුණේම ගමේ කොල්ලො. යෝෂිතලා නෙවෙයි.

      තවත් දෙයක් තියෙනවා, 71,89 ඇරෙන්න, අනිත් හැම අවස්ථාවක් පිටුපස්සෙන්ම කහ සිවුරක් තියෙනවා (හේන්පිටගෙදර ඤාණසීහ, ඇල්ලේ ගුණවංශ, ඥානසාර). ඒකට හේතුව, ගං කබරයින්ගේ න්‍යායාචාර්ය වෙන්නේ ගමේ පන්සලේ සාදු. පොරවල්නට ඊට වඩා ලොකු ඹ්ඩර් එකක් නෑ. බණ්ඩාරනායක, මහින්ද මේකත් හොඳටම දැනන් හිටියා.

      කවදා හරි අනගාරික ධර්මපාලතුමා වගේ කෙනෙක් ආපහු ඉපදිලා, අර හිට්ලර් කරා වගේ ගං කබරයින්ව ගෑස් කරලා 'ජෙනොසයිඩ්' කරනකන් (අඩුම වශයෙන් මතවාදමය විදියට වත්), මේ රටට ගොඩ යාමක් නෑ.

      Delete
  18. මුදුන වූ කුණු
    රටකි පිවිතුරු
    මෙවැනි විසිතුරු
    පෙනේද මිතුර තරු

    ReplyDelete
    Replies
    1. ලෝකෙන් උතුම් රට ලංකාවයි, ලංකාවයි සිරි ලංකාවයි!

      Delete
    2. පෙරදිග මුතු ඇටයයි මේ ලෝකේ .......... /////// ඕවා තමයි රසිකොලොජි අපිට තියෙන්නේ

      Delete
  19. හිතන කට්ටියට තමයි අරවගේ නීති අවශ්ය වෙන්නෙ.සින්ගප්පුරුව වගේ රටවල් තද නීති මගින් මේ වැඩේ කරනවා.ඉතින් ඒ රටවල් හොඳින් ක්‍රියාත්මක වෙනව.මේ නීති නැතත් බහුතර යුරෝපීය රටවල්,ඇමරිකාව ,ඕස්ට්‍රෙලියාව වගේ රටවල ජනතාව තම යුතුකම හැකි උපරිමයෙන් කරනවා.(හැබැයි අර වගෙ 100%ක් නොවේ)***කලින් පොස්ටුවේ බලු කතාව-අපේ ලන්කාවෙ බල්ලන්ට ඕන තැනක කක්ක කරන්න චු කරන්න නිදහස තියෙනව. ඒ වගේම, උන්ට ගල්පාර දෙන්න, පොලුපාර දෙන්න අපිටත් නිදහස තියෙනව,මේවයි එහෙම බෑනෙ. ස්තූතියි.[රන්ජන්-ඩුසල්ඩොර්ෆ්]

    ReplyDelete
    Replies
    1. ඔය වගේ දේවල්වලට නීති දාන කොට පගා ඉල්ලමකුත් පෑදෙයි නේද?

      Delete
  20. අයිතිවාසිකම්,යුතුකම් කියල දෙකෙන් යුතු කම් කියන එක හිතන්නෙ නැති අයට තමයි අරවගේ තද නීති අවශ්‍ය...මේටික මගේ කොමෙන්ට් එකේ මුලට එන්න ඕන. ඒක මිස් වෙලා.[රන්ජන්]

    ReplyDelete
    Replies
    1. යුතුකම් කිරීම තමන්ගේ වගකීම බව නොසිතීම!

      Delete
  21. මමත් දැන් ව්‍යයාමෙට නිතර පුස් සයිකලයක් පදිනවාය (විදුලි මෝටරයක් සවිකළ )

    ReplyDelete
  22. මේ නිමිත්ත ගැනම අපේ අජිත් පැරකුම් පෝස්ට් එකක් දැම්මා දින කීපයකට පෙර. මමත් රසික සහ අජිත් සමග 100ට 100ක් එකඟයි. නමුත් මොනවා කරන්නද අපේ බය්යෝ තාම රජවරු පස්සේ පස්වාන් දහසකට බුදුවෙන්න කියාගෙන දනින් වැටිලා.

    ReplyDelete
    Replies
    1. කුණු පුරුදු වුණු එවුන්ට කුණු නැතුවම බෑ!

      Delete
  23. මිනිස්සු තමන්ගේ යුතුකම් හරියට කරනවනම් මේ කිසිම දෙයක් ගැන මැසිවිලි නගන්න ඕන වෙන්නේ නැහැ. ඒත් එහෙම නොවී එක එක පැත්තට බෝලේ පාස් වෙන එකයි වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. බෝල පාස් කිරීම කියන්නේ ජාතික ක්‍රීඩාව නේද?

      Delete
  24. අන්තිම කෑල්ල බොහෝ රසවත්..

    සහතික ඇත්ත.. කුණු එකතු විය යුත්තේ කුණු ගොඩටමය...

    ReplyDelete
    Replies
    1. අතීතයේ කුණු බක්කියට ගිය කුණු එළෙසම තබමු!

      Delete
  25. ලංකාවේ ඉන්න කාලයේ තමනුත් තැන තැන කුණු ඩම්ප් කල ආකාරය ගැන පැහැදිලි කරමින් මේ සටහනට පිළිතුර රසිකම ඊ ළඟ ලිපියේ ලියා තිබේ. රසික කලක් නොසිටි නිසා සමහරවිට නොදන්නවා වුනාට ලංකාවේ තාමත් ඉන්නේ රසික ඒ කාලේ කළාක් මෙන් ඉඩ තියෙන තැනක කුණු දමා යන මිනිස්සුය. එමෙන්ම රසික දැන් හොඳ ළමයෙකු වූ පරිදි බොහෝ මිනිසුන් කුණු නිසි තැන දමන්නට පුරුදු වන්නේ රසික මෙන්ම වෙනත් රටකට ගිය පසුවයි. ව්‍යතිරේක සුළු ගණනක් ඇති මුත් සෙසු සියල්ල මේ තත්වයෙන් දුරස් වී නැත.

    එමෙන්ම ලංකාවේ නගරසබා කසල ශෝධක සිට උන්ගේ වැඩ බලන්නන් ආදී සියල්ලන් ද සැකසී ඇත්තේ එම තත්වයට සරිලන මානසිකත්වයකිනි. එය ඕස්ට්‍රේලියාවේ ජන ඝනත්වයෙන් අඩු, නගරාලන්කාරය වෙනුවෙන් අත දිග හැර වැය කරන නගරයක සේවක පිරිසේ කොලිටිය සමග සැසඳිය නොහැක.

    මේ දිනවල ප්‍රචලිත බයි-ටොයි අර්බුදය ට පිටින් රසිකගේ මේ සටහනට දෙන්නට ඇති හොඳම පිළිතුර හා ප්‍රති උදාහරණය රසිකගේම එම දෙවන සටහනයි. ලාංකිකයා තවමත් තවමත් ඒ කාලේ රසික මෙන් කුණු තැන තැන ඩම්ප් කරන නිසා, උන්ගේ කසල ශෝධකයාත් මීට සමගාමී හැසිරීමක් දෙන නිසා, නගර අලංකරණයට රසිකලාගේ දිහාවේ කෙරෙන ක්‍රමවේද තවම භාවිතා කල නොහැක. ඒ නිසා කෙනෙක් ඊට වෙනස් ක්‍රමයකින් වැඩේ කළේනම් ඒ ගැන ඇගයීමක් කිරීම නිහතමානි කමකි. ඊට ඔහුගේ දේශපාලන ව්‍යාපෘතියට සහය දෙන්න අවශ්‍ය නැත. මිනිහා මොකා වුනත් යමක් කල බව ඇක්නොලේජ් කිරීමක් පමණි.

    ReplyDelete
    Replies
    1. ඒ සටහන අපේ ගමට අල්ලපු ගමේ සිටින හොඳ ළමයෙකුගෙනි!

      Delete
  26. බක්කියට දැමූ කුණු නැවත එළියට ඇද ගැනීම බයියන්ගේ ආසාවයි. ඔවුහු ක්‍රියාවෙන් ඌරන්, බල්ලන්, කබරයන් හා කපුටන්ට සමාන වෙති.

    ReplyDelete
  27. රසිකට දේශපාලන ලිපි ඇලජික් කිව්වා නේද? මේ රසිකම ඒවා ලියන්නේ ඇයි දැන්?

    ReplyDelete
    Replies
    1. මා කියුවේ මෙයයි!
      http://rasikalogy.blogspot.com/2015/05/anything-better-to-do-on-this-sunday.html
      "මා නිරතුරු කියවන බ්ලොග් අතර සහමුලින් ම දේශපාලනය ගැන ලියවෙන ඒවා තිබුණ ද, ඒ ලිපි මා කියවන්නේ බොහෝ විට කැමැත්තකින් නොව, මහා අපුලකින් පිරුණු සිතකින් යුතුවයි. දේශපාලනය යනු එතරම්ම කුණු ගොඩක් බව මා නොකීවාට ඔබ හොඳින් දනී."



      Delete
  28. Once I saw a foreign tourist picking up garbage on top of Sigiriya. He also picked up all the candy wrappers left by local kids. Unfortunately, local tourists (including the parents) didn't appreciate our assets as much as the foreigner did.

    ReplyDelete
    Replies
    1. ඒ ගැන නම් කියලා වැඩක් නෑ!

      Delete
  29. රසිකගේ බයි අජීර්ණය ගැන මුකුත් කියන්න බෑ.... තම තමන්ගේ දේශපාලනය වෙනුවෙන් පෙනී සිටීම හා එය සාධාරණීකරණය කිරීම අපි හැමෝගෙම අයිතියක්.

    පේන විදිහට සහ කියෝපු විදිහට, රසික සමහර විට අලි පරපුරෙන් පැවත එන අලියෙක්. අවුරුදු ගාණකට පසු අලියාට 'පින්' බලෙන් හොඬවැල වනන්න සහ ජරාව ටිකක් කන්න ලැබිච්ච අවස්ථාව ලත් තැනම ලොප් වෙනු දැක බයි භීතිකාව වැලඳී හතර අතේ බයියන්ට නෙලීම සඳහා සරම කැහැපට ගහගත්තා වෙන්න පුළුවන්....

    ඒත් ඉතින් කැන්ගරුවෙකු වන රසික ලංකාවට ආවත් ලංකාවෙ ඉන්න වීසා හම්බවෙන්නේ මාසෙකට විතරයි නේද ? තමන් කැමතිම ෆුට් බෝල් ටීම් එකට හුරේ දාන ගමන් ප්‍රතිවිරුද්ධ ෆුට් බෝල් ටීම් එකට මඩ ගහන එකට වඩා දෙයක් මම රසිකගේ ලියවිලි වල දකින්නේ නෑ...

    ReplyDelete
    Replies
    1. පළමු ඡේදය ගැන මා ඔබ සමග එකඟයි. බයියොත් ඉන්න ඕනෑ තමයි!

      අනිත් කොටස් ගැන කියන්න තියෙන්නේ මේකයි.

      මං දුමී ගැන දන්නේ ඔබ බ්ලොග් එකේ කියා ඇති දේ පමණයි. රැකියා කටයුතු, විදසේ කටයුතු, සංගතත කටයුතුවලට අමතරව මට විශේෂයෙන්ම මතක දේ තමයි මුල් දරුවා ඉපදුණු දා ඔබ ලැබූ කාර් අත්දැකීම. එය මා ද දැක ඇති බියකරු සිහිනයක් නිසා විශේෂයෙන්ම මතක හිටියා.

      මා ගැන විස්තර මා මේ බ්ලොගයේ ලියා තිබුණාට ඔබ ඒ සියල්ල දැන සිටි යුතු නෑ. කෙසේ වෙතත් අවශ්‍ය නම් කියවන්න මෙන්න විස්තර ටිකක්.

      1. මං පොඩි කාලේ ඡන්දයක් ගැන විස්තරයක්.
      http://rasikalogy.blogspot.com/2014/12/i-was-unper-once.html

      නමුත් මං ජීවිතේට යූඇම්පීයට ඡන්දේ දීලා නෑ. දෙන්න අදහසකුත් නෑ.

      2. මං බයියෙකු ද ටොයියෙකු ද?
      http://rasikalogy.blogspot.com/2015/03/toyiya-vs-bayiya.html

      3. මගේ පුරවැසිකම ගැන
      http://rasikalogy.blogspot.com/2015/02/killing-goose-laying-golden-eggs.html

      වෙලාවක් ඇතිනම් මෙවාත් කියවන්න.

      4. මහින්ද රාජපක්‍ෂ කෙරෙහි ඇති අන්ධ භක්තියෙන් තවමත් දුක් විඳින අපේ අංකල්ලා ගේ සහ ඇන්ටිලා - They deserve our sympathy!
      http://rasikalogy.blogspot.com/2015/01/they-deserve-our-sympathy.html

      5. රාජපක්සවාදීන් ගැන ගණිතමය විග්‍රහයක් - A mathematical analysis of Rajapaksites
      http://rasikalogy.blogspot.com/2015/03/mathematical-analysis-of-rajapaksites.html

      6. පර්සි මහේන්ද්‍ර රාජපක්‍ෂ ආපහු දේශපාලනයට ආවොත් හොඳය - Come back, baby, come back!
      http://rasikalogy.blogspot.com/2015/04/come-back-baby-come-back.html

      Delete
    2. මේක ලියන එකාගේ මොලයේ ඇත්තේ කුණුය. ඌට යමක් පිළිවෙලකට තිබෙන විට එය පෙනෙන්නේ රුවිතෙටය. සමහර විට ලංකාව කුණුගොඩක් වී තිබීමෙන් ඌ ජීවත් වන රට ලංකාවට වඩා ඉහල යැයි කීමට හැකි වන නිසා විය හැක. මෙය පිටරට ගොස් ලංකාවට ගරහන අයගේ ලක්ෂණයකි. නීතියක් ගෙනාවත් එය පෙන්න්නේ පගා චාන්ස් එකක් ලෙසය. කුණු ටික අස් කරත් එය පෙනෙන්නේ කුණු දැමීමට අයිතියක් ලෙසය. නමුත් මේවා ඒ රටවල කරන විට උන්ට ඉමහත් චූන් එකකි. නියම වහල් කම යනු මෙයයි. කුණු යනු මිනිසුන් තැන තැන දමා යන කුණු පමණක් නොවෙයි. ස්වාභාවිකව ගස් කොළන් වලින් වැටෙන අපද්‍රව්‍ය, සමහර විට සතෙක් විසින් බක්කියකින් අදින ලද කුණු ආදියත් විය හැක. කුණු බක්කි පිරී ඉතිරී ගොස් තැන තැන කුණු විසිර ගියත් අස් නොකර ඉන්නද කියන්නේ. ඔලුවෙන් හිටගෙන මේවා ගැන හිතන් උන් එක්ක කතා කරල වැඩක් නැත. උන් හැමදාම දෙයක් දකින්නේ වැරදියටය. අනුන්ට ගැතිකම් කරමින් තමන්ගේ එවුන්ව ගැරහීමේ රෝගයට බෙහෙතක් නැත.

      Delete
  30. ඕක පැත ගානක් තියෙන කතාවක්..ගේල් පේස් එක සහ කොල්ලුපිටිය පැත්තෙ හදපු ඒව නම් මම දැක්කා අවුලක් නෑ..අවුලක් තියෙන කිහිප තැනක් ඇති..සමහර විට ඒ පිංතුර ගහන අය අතුගාන්න කලිං පිංතුර ගහලාත් ඇති..
    බඩ බහින්න ඔය ටැක් වල දුවන අය බොහෝවිට එන්නෙ සැප වාහන වලින්..මට පෙනෙන විදියට ඔවුන් මුදල් ඇති අය. ඒ අයගෙන් රුපියල් පනහක් දවසට අයකරගත්තා කියල ඔවුන්ට පාඩුවක් වෙන්නෙ නෑ... ඕකට හමුදාව යොදවන එක වැරදියි.. හමුදාව එහෙමනම් ඒ හමුදා රාජකාරිවලින් නිදහස් කරලා ඒ ඒ දේවල් වලට වෙනමම පත් කරන්න ඕනි..

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.