Friday 2 September 2016

මේ කෑම වේලාවයි! - All you can eat


ඕස්ට්‍රේලියන් ෆෙඩරල් ඡන්දයේ ප්‍රතිඵල එනතුරු සිටින කාලයේ දී සිහියට ආ පැරණි සිතුවිල්ලක් අනුව මා ලියූ දිගු ලිපියක මුල් කොටස "මගේ දෙයියා සහ උඹේ දෙයියා" ලෙසින් කඩා පළ කළෙමි. එහි දෙබලකින් විහිදෙන එක් අත්තක පුරුක "ගංගොඩවිල සෝම සහ දෙයියෝ" නමින් පසුව පළ විය.

ඒ අත්තේ රිකිලි කිහිපය අද පළ කරන්නට සිටිය ද, එය මදක් කල් දැමීමට සිදු වේ.

ඒ වෙනුවට මෙන්න පොඩි තරගයක්.

මේ පහත පෙනෙන්නේ මේ සතියේ දින දෙකක මගේ දිවා ආහාරයයි. මේ ආහාර ගැන ලිපියක් මා කලින් දිනක රසිකොලොජියේ පළ කර ඇති අතර, මේ ඡායාරූප ද ෆේස්බුක් හි දින දෙකකට කලින් පළ කළෙමි.

මේ ඡායාරූප දෙකේ ඇති වෙනස්කම් මොනවා ද?



මෙය මගේ අත බලා මා මැරෙන දිනය ගැන කියන්නැයි මා කළ අභියෝගය තරම් දරුණු එකක් නොවෙතැයි සිතමි.

සති අන්තයේ පොඩි විවේකයක් ගන්නෙමි. ඒ ගැන කලකට ඉහත නාඳුනන පාඨකයෙකු විසින් අනාවැකියක් ද පවසා තිබුණි.

ජයවේවා!

-රසිකොලොජිස්ට්

ප/ලි:
මා පෙර දිනක ලෝවැඩ සඟරාවෙන් සහ ධම්මපදයෙන් කවි කිහිපයක් උපුටා දැක්වුයෙමි. මෙන්න තවත් හොඳ කවියක්.

සියපත සුවඳ ම ය
කුඩ මසු පිළී ගඳ ම ය
දෙකට එක දිය ම ය
හොඳට නරකට දෙකට කට ම ය


(image: http://www.newhealthadvisor.com/)

47 comments:

  1. ඔබ කන බොන දෙය දැනගත්තා කියා අපට ඇති වැඩක් නැතිය. හරවත් දෙයක් ලියන්න. ලියන්න නිදහස තිබූ පලියට මෙවැනි දේ ලිවීම උගත් මහතෙක් වන ඔබට තරම් නොවේය.

    ඔබගේ ලිවීමේ කොලිටිය ටික ටික බැසගෙන යනවා පෙනේ, ඒ ගැන සැලකිලිමත් වන්න.

    ReplyDelete
    Replies
    1. ඔයි පෙන්නල තියන විදිහට කාල බීල ශක්තිය හදාගෙන ඉමු නිවාඩුව අහවරවෙලා එනකොට, සටනට.

      Delete
    2. දැන් කකාගේ බහින කලාව ඇවිත්.

      Delete
    3. //ඔබගේ ලිවීමේ කොලිටිය ටික ටික බැසගෙන යනවා පෙනේ, ඒ ගැන සැලකිලිමත් වන්න.//

      කකා, agreed with ළපටියා on this one. It's not too late to recover, I hope.

      Delete
    4. ළපටියා,

      ඔබේ ප්‍රතිචාරයට මගේ අවංක ස්තුතිය පිරිනමමි.

      නමුත් මගේ බ්ලොගයේ පලවෙන දේ ගැන නම් මීට වඩා වෙනසක් කළ නොහැක. මන්ද යත් ඔබ ද හොඳාකාරව දන්නා සේ, බ්ලොගයක් යනු වෙබ් මාධ්‍යයේ පළ කෙරෙන පුද්ගලික සටහන් නිසා ය.

      මට අවශ්‍ය නම් මා තුන් වේලට කන දේ ගැන දවස් තුන්සිය හැට පහේ ම ලිවිය හැක. එය ඔබට වැදගත් නොවීම යනු මට ලීවීමෙන් ලැබෙන මූලික සතුටට අමතරව ලැබිය හැකි මාජිනල් බෝනස් සතුටක් අහිමීවීම පමණි.

      මේ පෝස්ටුව ඔබට රිසි නොවුණේ නම් ඒ පිළිබඳ මගේ කනගාටුව පිළිගන්න.

      මා මීට පෙර ලියූ රසිකොලොජී ලිපි තුන්සිය තිස් නමයෙන් කිහිපයක් හෝ ඔබට රිසි ඒවා වූයේ යැයි සිතමි.

      සමහරවිට මා ඉදිරියේ පළ කිරීමට අදහස් කරන ලිපි අතරින් කිහිපයක් හෝ ඔබට රිසි ඒවා වෙනු ඇැයි ද සිතමි.

      නැවතත් ස්තුතියි.



      Delete
    5. අර හිරිපිටිය අන්කල් කියනවා වාගේ කියන්නම්කො, "රසික පුතේ, ඔය පුතා ලියන එව්වගෙ කොලිටිය වැඩි කරගත්තා කියා මගෙ දුව දෙන්ඩද?".

      නැත, ඔබගේ කොලිටිය දිනෙන් දින පැයෙන පැය තප්පරයෙන් තප්පරය වැඩිකරගැනීමෙන් මට ඇතිවන කිසිම වාසියක් නැතිය, හොඳින් ලිවිය හැකි ලේඛකයෙක් වන ඔබගේ කොලිටිය වැඩිකරගැනීම ඔබගේ යහපත පිණිසම විතරය.

      බ්ලොග් ලෝකය යනු තමන්ට රිස්ස රිසි සේ ලිවිය හැකි මාධ්‍යයක් යන මතයේ නොසිට, ඔබෙන් අපට යමක් ගතහැකි මට්ටමේ, ඔබට හා අපට (ගනු දෙනු) යමක් ලැබෙන විදිහකට ඔබගේ ලේඛණ කලාව පාවිච්චි කලානම හොඳ බව පමණයි මම කියා සිටියේ. මගේ අදහස් දැක්වීම ඔබ බාරගන්නා ආකාරය ඔබර රිසි ලෙස කල හැකිය.

      Delete
    6. මා ටික ටික ලොකු ළමයෙකු වෙන විට, නිරතුරු ලියා ලබන සතත අභ්‍යාසය නිසා මගේ ලිවීමේ කොලිටිය වැඩි වේ යැයි සිතමි.

      ස්තුතියි!

      Delete
  2. ගෑරුප්පුව තියලා තියෙන ආකාරය ;-)

    ReplyDelete
    Replies
    1. ඒකත් එක වෙනසක්, හිතා මතාමයි කළේ!

      Delete
  3. කෑම ගැන කිව්වොත් කෑම ටික පිඟානේ තියල තියෙන ආකාරයේ වෙනස්කම් මිසක කෑම ජාතිවල කිසිම වෙනසක් නෑ. එක පිඟානක් රසිකට අනික මාතලන්ට. හොඳයි හොඳයි එහෙමනෙ වැඩ කරන්න ඕනෑ.

    ReplyDelete
    Replies
    1. මේ මගේ දින දෙකක දිවා ආහාරයයි!

      Delete
  4. //මේ "ඡායාරූප" දෙකේ ඇති වෙනස්කම් මොනවා ද?// අනන්ත සංඛ්‍යාවක් ඇත!

    ReplyDelete
    Replies
    1. අනන්තය යනු නිශ්චිත සංඛ්‍යාවක් නොවේ. සංකල්පයක් පමණි.

      Delete
  5. දැක්කම දුකයි.. :) බඩ පිරෙන්න බත් ටිකක් කාල ඇවිත් කොමෙන්ට් කරන්නම් ;)

    ReplyDelete
    Replies
    1. සතියක් විතර ගෙවිලත් තාම බඩගිනේනේ වගෙයි?

      Delete
  6. මටනම් මේ දවස් වල දකින කෑම පිගන් දැක්කම එපා වෙනව. ගූ ගොඩවල් වගේමයි පේන්නෙ

    ReplyDelete
  7. ඔයා කන ඒවයේ වෙනස් කං හොය හොය කාලේ කන්න අපට වෙලාවක් ඇතිය??? හැක් හැක්..

    මේ දවස් වල ලෝවැඩ සඟරාව කියවන එක හොදයි කියල මටත් හිතුනා..

    ReplyDelete
    Replies
    1. මෙළෙවට පමණක් නොව පරලොවටත් වැඩක් කර ගන්න!

      ඇතත් නැතත් පරලොව සුදනෙනි මහත
      හළොත් යෙහෙකි පව්කම් නොතබාම සිත
      නැතොත් එපරලොව ඉන් වෙන අවැඩ නැත
      ඇතොත් නැතැයි පව් කළ හට වෙයි විපත!

      Delete
  8. අර සෝම හිමිගේ පෝස්ට් එකට ඌණ පූරණයක් (ඉදිරියට පළ කරනවා යැයි කියූ) දැම්මේ නම් මීට වඩා ගොඩක් රසවත් වනු ඇත -

    ReplyDelete
  9. කෙනෙක් පහුගිය දවස් වල, මහා ලොකුවට ජාතිය අමතල තිබ්බට කොමෙන්ට්ස් කියවනකොට පේනවා ඒ උත්තමය අනේ මේ ඉල්ලගේනනේ කාලා තියෙන්නේ කියල. අනේ සංසාරේ. ඔහොම යමු කතන්දර ජයවේව

    ReplyDelete
  10. /මේ ඡායාරූප දෙකේ ඇති වෙනස්කම් මොනවා ද?/

    පළවැනි එක නූගත්, සීය හාමුගෙ බක් ෆියට් එකේ ගියායින් පස්සෙ කාර් එකක ගිහින් නැති, පොඩ්ඩ බැරි වෙනකොට මල පනින කුණුහරුප කියවන, වල්ගෙ පාග ගත්තු ටුවරිස් ගයිඩ් කෙනෙක්ගෙ කෑම වේල වගේ. දෙවැනි එක උගත් බුද්ධිමත් සියල්ල උපේක්ෂාවෙන් ඉවසන මහත්මා මැවිසුරුවෙකුගේ කෑම වේල වගේ.

    ReplyDelete
    Replies
    1. this is your comment as ano

      Delete
    2. ඒ කෑම පිඟන් දෙකම මා විසින් එක ළඟ දින දෙකක අනුභව කරන ලද ඒවා ය. කෑම ද්‍රව්‍යය එක සේ ය, වෙනස් කම් ඇත්තේ ඉතා ටිකකි!

      Delete
  11. මේකේ අහල තියෙන දේ කාටවත් තේරෙන්නේ නැහැ. මොකක්ද මේකෙන් බලාපොරොත්තු වෙන්නේ? පිඟාන වෙනස්, ගරුප්පුව තියල තියෙන විදිය වෙනස් වගේ උත්තරයක් නෙමෙයිද?

    ReplyDelete
    Replies
    1. මේ ඡායාරූප මා ෆෙස්බුක් සඳහා ගත් ඒවා. මා සතියේ දින පහෙන් අඩු වශයෙන් සිව් දිනයක කන්නේ මේ ආකාරයේ සෞඛ්‍යය සම්පන්න යැයි සැළකෙන එක වාගේ කෑමයි!

      ඉස්සර රිවිරැස නම් පුවත් පතේ තිබුණු ගුරු-ගෝල චිත්‍ර තරගය සිහිවී පළ කරන්නට යෙදුණි!

      Delete
  12. බියොන්ඩ් ෆ්‍රේම් හැක් කළේ කවුද ළඟදීම ඔප්පු වනු ඇත.

    ReplyDelete
  13. උඩ එකේ 30 වෙනුවට යට ඒකේ තියෙන්නෙ 31 නෙ.

    ReplyDelete
  14. උඩ එකට අවුරුදු 2000කුත් දවස් 1ට පස්සේ තමයි යට එක අරන් තියෙන්නේ

    ReplyDelete
  15. First One has white bread taost, the second one has wholemeal toast.
    Mundeer

    ReplyDelete
    Replies
    1. හොඳ නිරීක්‍ෂණයක්!
      නමුත් දෙකම හෝල්මීල් තමයි.

      Delete
  16. Helga's multigrain vs abbot's whole grain!

    ReplyDelete
    Replies
    1. ඔබ හරි, හැබැයි දෙකම හෝල්මීල්!

      Delete
  17. කොහොමද කෑම ? අති විශිස්ටයි රසික....

    ReplyDelete
  18. I feel sorry for the recent behavior of the Sinhalese blogger called මාතලන්, aka Priyantha Hewage. He is a creative individual. He also touches points that many others does not. He had a good audience. Nearly after 10 years in Blogging he is about to reach the 2 million hits mark. He should be proud of his achievements. What he does now only will lead to his unpopularity. Now I do not think anybody will be eager to award him for blogging. He has ruined most what he achieved during the last few days. If මාතලන් is intelligent he should realize it and stop this behavior. We all behave irrational at some times. So I am sure his readers will accept his apologies if he offers one. He should also apologies from the other bloggers whom he has hurt. Then we can call that unfortunate period over.

    I wait for a response from මාතලන්.

    ReplyDelete
    Replies
    1. මගේ සාතිශය සංවේගය!

      Delete
    2. I had some respect for him until i saw him blasting some guy in filth on his blog, he is a looser he showed his true colors that day, i commented saying mathalan do not do this as u never know who are ur audience and his response was to abuse me in filth saying i am an accomplice of that guy, i realized who he is and his true colors, such a pathetic looser

      Delete
  19. දරුවනේ, අපේ බෑණන්ඩියව දවසකින් දෙකකින් දැක්කෙ නැහැ. ඊට කලියෙන් නම් ගංජා ගහලා පිස්සෙක් වගේ කුණුහරුප කියව කියවා හිටියා. දැන් ඔය කොහේ හරි පත බෑවිලා ඇති. ඔහෙලා වැරදිලාවත් දැක්කොත් හෙම බෙල්ලෙන් අල්ලලා වතුර බාල්දියක ඔබලා, සිහිය ආවයින් පස්සෙ ගෙදර එක්ක එන්ඩ ඕනැ කොලුවනේ. දුව බලාගෙන ඉන්නවා ඌ එනකල්.

    ReplyDelete
  20. "මනෝ පුබ්බංගමා ධම්මා – මනෝ සෙට්ඨා මනෝමයා
    මනසා චේ පදුට්ඨේන – භාසති වා කරෝති වා
    තතෝ නං දුක්ඛමන්වේති – චක්කං‘ව වහතෝ පදං ජීවිතයේ හැම දේකටම සිතයි මුල්වෙන්නේ. සිතම තමයි ශ්‍රේෂ්ඨ වෙන්නේ. සිතින්මයි හටගන්නේ. යම් හෙයකින් සිත නරක් කරගෙන යමක් කිව්වොත් හරි යමක් කෙරුවොත් හරි ඒකෙන් ලැබෙන දුක් විපාක ඔහුගේ පස්සෙන් ලුහුබඳිනවා. කරත්තේ බැඳලා ඉන්න ගොනාගේ පස්සෙන් එන රෝදය වගෙයි.
    (ජේතවනාරාමයේදී චක්ඛුපාල තෙරුන් අරභයා වදාළ ගාථාවකි ෴)"

    උපුටාගැනීම - http://darshanadharmasena.blogspot.com/p/blog-page_28.html

    ReplyDelete
    Replies
    1. ධම්ම පදයේ අප දැනගත් මුල්ම කවිය!

      Delete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.