Wednesday 31 May 2017

ගංවතුරේ හොඳ පැත්තක් - Excellent by products of flood disaster


"හැම කළු වලාකුළක ම රිදී රේඛාවක් තිබේ!" යැයි කියමනක් ඇත. ඉන් අදහස් කෙරෙන්නේ, කෙතරම් නරක දෙයකින් වුව, යම් ආකාරයක හොඳ ප්‍රතිඵලයක් ලැබිය හැකි බවයි.

"පර්සි මහෙන්ද්‍ර රාජපක්‍ෂ නැවත දේශපාලනයට පැමිණියොත් හොඳය!" කියා 2015 අප්‍රියෙල් මාසයේ දී ම, එනම් ජනාධිපති ඡන්දයෙන් ඔහු පැරදී පලා ගොස් මාස තුනක් ගත වෙන්නටත් පෙර, සටහනක් ලියා පළ කළේ ද, මේ කරුණ ම, එනම් කළු වලාවේ ඇති රිදී රේඛාව මා දුටු, නිසා ය.

සිය ගණනක් ජීවිත අකාලයේ නැතිවීම පිළිබඳවත්, දේපල හානි නිසා ජීවත්වෙන අයට සිදුවෙන පාඩු සහ අපහසුතා ගැනත් දුක් වෙන අතරතුර, මා මේ ගංවතුර ව්‍යවසනය නිසා ඇති වී තිබෙන යහපත් අතුරුඵල ලෙස දකින්නේ මේවා ය.

1. කේන්දරකාර හොරුන් ගේ පුකත්වය හෙළිදරව් වීම


2. මිත්‍යාදෘෂ්ඨික දෙයියන් අදහන බයියන් ගේ ඉච්ඡාභංගත්වයට සිනාවිමට හැකිවීම


3. දේශපාලුවන් ගේ සැබෑ ජනතාවට සේවය කිරීමේ අභිලාෂය හෙළිදරව් වීම


එක් පින්තූරයකින් වචන දහසක් පැවසෙයි යන්න සත්‍යයක් නිසා, වැඩිදුර නොලියමි.

-රසිකොලොජිස්ට්

ප/ලි
අවාසනාවට මෙන්, මීට වසර දෙක හමාරකට පෙර මා සිඩ්නි නගරයේ දී දුටුවේ මීට වඩා වෙනස් තත්වයකි. එනම්, අනතුරු අතරේ තවදුරටත් දෙයියංට ස්තුති කිරීමයි!
https://rasikalogy.blogspot.com/2014/12/sydney-siege-and-our-greatest-weakness.html


(images: facebook, Mirror, Divaina and http://www-evasion.imag.fr/~Fabrice.Neyret/gallery/color_and_light/silverlining/catalog.html)

17 comments:

  1. රසික,
    පු* කුණුහරුපයක් නොවෙන තැනක හු** කුණුහරුපයක් වෙන්නේ කොහොමද? මේ වචන දෙකම එකම සන්දර්භයක් ඇතුලේ (උදා- සාමාන්‍යයෙන් පවුලේ අය අතර කතා කරද්දී) පාවිච්චි වෙන්නේ නැ නේද? දෙකම ශරීරයේ වැදගක් පද්දති වල කොටස් වලට කියන ග්‍රාම්‍ය යයි සම්මත වචන. රසිකට පු* හොද වෙලා හු** නරක් වෙන්නෙ කොහෙමද?

    ReplyDelete
    Replies
    1. පුක යනු කුණුහරුපයක් නොවේ. මේ පිළිබඳව ගාල්ලේ උසාවියේ ද තර්ක කෙරුණු බව පුවත්පත්වලින් කියවීමි. පහත සටහන කියවන්න.

      https://rasikalogy.blogspot.com/2017/04/welcome-back-gadfly.html

      ඉංග්ලිෂ් භාෂාවේ ද arse යන්න අසභ්‍ය ලෙස සැළකෙන්නේ නැත. නමුත් c--- යන්න අසභ්‍ය ලෙස සැළකේ!

      Delete
  2. තව රිදී රේඛා තිබුනා.හදිසි අපදා අවස්ථාවල සමාජ මාධ්‍යවල ක්‍රියාකාරිත්වය ගැන එහෙම සතුටු වෙන්න පුළුවන් තත්වයක් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව්, ඒ බව පසුගිය වසරේ කැළණි ගංවතුරේදීත් අප දුටුවා නේ!

      Delete
  3. මෙන්න මෙහෙම දේවලුත් වෙලා තියෙනවා!

    Pakistan PM cancels trip to UN because of floods
    http://www.seattletimes.com/nation-world/pakistan-pm-cancels-trip-to-un-because-of-floods/

    David Cameron cancels Middle East visit to lead flooding response
    https://www.theguardian.com/environment/2014/feb/11/david-cameron-cancels-middle-east-visit-flooding-military

    Thai PM cancels US trip amid flood crisis
    http://www.independent.co.uk/news/world/asia/thai-pm-cancels-us-trip-amid-flood-crisis-6258939.html

    ReplyDelete
  4. සෝක් රස කතා

    බාබයිගා මහ යකින්න
    වංගෙඩියට පයෙන්ඇන්න
    වකු‍ටු පයෙන් බිම ඇන ඇන
    ගුවනෙ අ පියාඹයි සතොසින

    ReplyDelete
    Replies
    1. මේ කට්ටිය දැන් යන්නේ පහුගිය අවුරුදු දෙකේ ලැබුණු frequent flyer points පාවිච්චි කරලා විය යුතුයි!

      Delete
  5. ඩොබ්ලර් රේඩාර් එකක් ගෙනල්ල 2011 ගොංගල කන්දෙ හයි කරන්න ගියා. ඒහෙම අරං යනකොට ඒක ඩොං පටෝං ගාල වැටිල සොරි උනා..ඒතකොට බුවා මහින්ද අමරවීර..ඒකට ගිය වියදම ලක්ශ 3500 වැඩී. නෙදර්ලන්ත්යෙන් නයක් අරං පාදුක්කෙ පිහිටවපු සැටලයිට් මද්‍යස්තානෙ එකෙ වියදම බිලියන 2.7. ඒ නය අපි තාම ගෙවනව. ඒත් ඒ වියදමේන් ලැබිච්ච ප්‍රථිපලයක් නෑ. මහින්ද අමරවීර පුල් ආතල් එකේ ඉන්නව.. ඒ වෝකි ටෝකි ඒ සංදිවෙදන යන්ත්‍රසූත්‍ර පල් වෙනව.... සෝ සොරි... මෙන්න මුංගේ වැඩ...ආපදාව වෙච්චවෙලාවෙ ආපදාකලමනා කරන මධ්‍යස්තානෙ ඇමතිඅයයි නිලධාරීයි ලංකාවෙත්නෑ... හයියෝ සල්ලි...

    ReplyDelete
    Replies
    1. ඉකොනො ඉතුරු ටික හොඳට පැහැදිලිකරල තිබ්බ.. ඉවත් වෙන්න කිවුවට කොහාටද යන්නෙ..???? දේශපාලන ප්‍රශ්නයක් නෙමෙයි. මේක ජාතික ප්‍රතිපත්තියේ ප්ර්ශ්නයක්. මේක සංවේදී ප්‍රශ්නයක්... රජය අපිට ටැක්ස් ගහං සල්ලි හොයනව. මේ වගේ ආපදා අවස්ථා වලදිත් මහජනතාව තමංගෙ සල්ලි වියදං කරං ආධාර කරනව.. අන්තිමේදි බලපුවම අපිම තමයි පරිප්පු කාලතියෙන්නෙ... උන් උන්ගෙ සාක්කු පුරෝ ගන්නව.. අපි ටැක්ස් ගෙවල ඊට අමතරව ආපදාතත්වයට ආධාරත් කොරල පුකේ ටිංකිරි ගාවගන්නව. මේ පාරත් මහජනතාවගෙ ආධාරය 90% . රජයෙන් කොරපු කෙංගෙඩිය මොකද්ද..?

      Delete
    2. ඒ හොරුම තමයි තාමත් ඉන්නෙ .. ඒ කාලෙ ආපදාකලමනාකරන ඇමතියා මහින්ද අමරවීර.. පොර දැං පක්ෂ මහලේකම් නඩුත් හාමුදුරුවංගෙ බඩුත් හාමුදුරුවන්ංගේ

      Delete
    3. පසුගිය දුර්දාන්ත රාජපක්ෂ පාලනය එක්ක සසදල මේ ආන්ඩුව සීයට සීයක් හරි කියා කියන්නෙ නෑ. නමුත් කලින් ආන්ඩු වලට සාපේක්ෂව හොදම ආන්ඩුව. ලංකාව වගෙ පසුගාමී ගෝත්‍රිකයන්ට මේක ගැලපෙන්නෙ නැති එකයි අවුල්.

      පසුගිය දුර්දාන්ත රාජපක්ෂ පාලනය එක්ක සසදල මේක තේරුම් ගන්න පුලුවන්. නීතියක් නැති රාජාන්ඩුවක් එක්ක සසදන්න බැරිද. ප්‍රශ්න තියනව තමයි. ඒත් ඒ ප්‍රශ්න වලත් කොනක ඉන්නෙ පසුගිය රජයෙ ශේෂයන්.

      යහපාලන ආණ්ඩුවට අංශබාගේ යැයි කියන්නේ මෝඩ බයියන්ය. ඒ හොරා කෑමට තිබූ චාන්ස් නැති වූ තරහවට මිස වෙන කිසි හේතුවකට නොවේය.මේ කස්ටිය කියන්නේ යහපාලනේ ගංවතුරිනුත් ෆේල් කියලාය. රනිල් ලොක්කා ඇමෙරිකාවේ ගිය එකත්, ආපදා ඇමති රටේ නැති එකත් ලොකුවට උලුප්පනවාය. වැඩේ හරියට කරනවා නම් කවුරු කොහේ හිටියාම මක්වෙනවාද?

      රටේ නායකයින් හා ඇමති මණ්ඩලය ඉන්නේ මඩේ බැහැගෙන බැරි වැඩ කරන්න නොවේ. ඔවුන් සිටින්නේ වැඩ කල හැකි, කලයුතු මිනිසුන්ගෙන් වැඩ ගැනීමට හා ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් සැපයිමට රාජ්‍ය යාන්ත්‍රණය මෙහෙයවීමටයි.

      ඒ නිසා කෝ සිරිසේන, කෝ රනිලා, කෝ අහවල් ඇමතියා කියමින් පෝස්ට් හදමින් මෝඩ බයියන් කාලේ කන්නේ නැතුව, ආපදා ඇති තැන්වලට ගිහිල්ලා පුලුවන් උදව්වක් කරන්න, නැතිනම් නෙළුම් යායේ අපි වගේ ආධාර ටිකක් එකතු කරන්න.

      Delete
    4. ඔබ දෙදෙනාට ම ස්තුතියි.

      ලංකාවට වඩාත් අවශ්‍ය ආපදා කළමනාකරණයට වඩා ආපදා පෙර සූදානම (disaster preparedness) යි. මා ඒ ගැන අද ලිපියක් පළ කරනවා.

      Delete
  6. මට නම් ඕක පේන්නේ හරියට අර බොරදියේ මාළු බානවා වගේ කියල. සුනාමි අවහම සමහර මුස්ලිම් මිනිස්සු කිව්වේ හරියට ආගම අදහන්නේ නැති නිසා දෙවියෝ කෝප වෙලා කියල. ඒකත් ගොන්කමක්. එකට හිඉනවෙන්න කියල දෙයියෝ කෝ කියල කියන එකත් තේරුමක් නැති දෙයක්. මිනිසුන්ටම තේරෙනවා දෙයියෝ නැහැ කියල. නමුත් ආපදාවකදී මැරෙන්න යද්දී "අනේ දෙයියනේ" කියල තමයි කියන්නේ. මේ අහිංසක මිනිස්සු පව්.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.